Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තලේබාන් වධකයන්ගේ කාන්තා හිංසනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තලේබාන් වධකයන්ගේ කාන්තා හිංසනය

තලේබාන් වධකයන්ගේ කාන්තා හිංසනය

ආදරය විසින් මිනිසුන්ට සහ ගැහැනුන්ට බොහෝ දේ ලබා දෙන අතර බොහෝ දේ අහිමි කරයි. කාන්තාවන්ට ඉතාම අන්තරාදායක තැනක් බවට පත්ව තිබෙන ඇෆ්ගනිස්ථානයේදී ආදරය විසින් විසි දෙහැවිරිදි තරුණියකට ජීවිතය අහිමි කරන ලද්දේය. නජීබා නමැති ඇය ප්‍රේම ත්‍රිකෝණයකට මැදි විය. ඇෆ්ගනිස්ථානයේ එක් තලේබාන් අණදෙන නිලධාරියකු සමඟ ඇය විවාහ වී සිටි අතර, (මෙය බලහත්කාරයෙන් කරන ලද යෝජිත විවාහයකි.) ඔහු බඳුම තවත් අණ දෙන නිලධාරියකු සමඟ ඇය ප්‍රේමයෙන් බැඳී සිටියාය. අවසානයේදී මේ ගැහැනිය හිමි විය යුත්තේ කාටද යන්න ගැන යුද ප්‍රධානීන් දෙදෙනා අතර ආරවුලක් ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යැමේ වරදට නජිබාට මරණය හිමි විය යුතු බව ඇගේ සැමියා විසින් තීරණය කරනු ලැබීමය. මේ අතර නජිබා තමාට හිමි නොවන්නේ නම් ඇය ඇගේ සැමියාට ද හිමි නොවිය යුතු බව තීරණය කළ ඇගේ කාලකන්නි පෙම්වතා ද මේ මරණ දණ්ඩනයට එකඟ විය. මේ අනුව පසුගියදා තලේබාන්වරුන්ගේ ජංගම උසාවියක් මගින් පවත්වන ලද කෙටි නඩු විභාගයකින් පසු නජිබාට වෙඩි තබා මරණ ලදී. ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ ෂින්වාරි නමැති ගම්මානයේදී පසුගියදා මේ වෙඩි තැබීම සිදු කරන ලද්දේ සිය ගණනක ජනයා මැද ප්‍රසිද්ධියේ ය. නජීබාට වෙඩි තබන ලද්දේ බෑවුමක් වැනි ස්ථානයකදී ය. එහි ඇය හිඳුවා තබන ලදී. ඇයට වෙඩි තැබීම නැරඹීම සඳහා එකී බෑවුම වටකර ගත් කඳු පර්වත මත මිනිස්සු රැස්ව සිටියහ. නජිබාට වෙඩි තැබීමත් සමඟ රැස්ව සිටි සියලු දෙනා ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත්හ. ලොවට රහසේ, ෂින්වාරි ගමේ ජනතාවට පමණක් පෙනෙන පරිදි කෙරුණ මේ ඝාතනයේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප දැන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඇමරිකාවේ සහ නේටෝ සංවිධානයේ විශාල සාම හමුදාවක් ඇෆ්ගනිස්ථානයේ සිටිති. එහෙත් මෙබඳු භීෂණ ක්‍රියා වැළැක්වීමට නොහැකි එම සාම හමුදාව යුරෝපයේ තිරිඟු කෙත්වලට කඩා පනින කුරුලු රෑන් පළවා හැරීමට යෙදවීනම් වඩාත් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබා ගැනිමට හැකියාව තිබුණ බව කිව යුතුය.

නජීබා ඝාතනය කෙරෙන්නේ පසුගිය මාසයේ අග කොටසේදී ය. ඝාතකයා විසින් ඇයට මුලින් තබන ලද වෙඩි පහරවල ඉලක්කය වැරදිණ. ඉන් පසු තබන ලද වෙඩිල්ල ඇගේ හිස සිදුරු කරගෙන ගිය අතර ඇය මහ පොළොව මත වැටුණු පසු ඔහු දිගින් දිගටම ඇගේ සිරුරට වෙඩි තැබීය. පර්වාන් පළාතේ ආණ්ඩුකාරයා වන අබ්දුල් බසීර් සලන්ගි කියන ආකාරයට නජීබා මරා දැමිය යුතු බව ඇගේ පෙම්වතා සහ සැමියා තීරණය කළේ ඇය නිසා තම තමන් අතර ආරවුලක් හටගෙන ඒ මගින් තලේබාන් සංවිධානයේ ප්‍රධානීන්ට සිද්ධිය ආරංචිවීම වළක්වනු පිණිසය. සිද්ධියෙන් පසුව තලේබාන් සංවිධානය විසින් නජිබාගේ සැමියා සහ පෙම්වතා යන දෙදෙනාම ඝාතනය කෙරුණු බව දැන ගන්නට තිබේ. එහෙත් එය තලේබාන් සංවිධානයේ ක්‍රියා කලාපය කෙරෙහි බටහිර ලෝකයේ අප්‍රසාදය තවදුරටත් පැතිර යැම වැළැක්වීම සඳහා ගෙතූ බොරු ආරංචියක් බව ද කියනු ලැබේ. ඉතාම ෙ€දනීය සිද්ධිය වන්නේ මරණයට ලක් වූ මොහොතේ නජිබා ගැබිනියක වීමය. දරුවාගේ පීතෘත්වය භාර ගැනීමට ඇගේ කාලකන්නි පෙම්වතා මෙන්ම දුෂ්ඨ සැමියා ද සූදානම් වූයේ නැත. මේ අතර තලේබාන් සංවිධානය ප්‍රකාශයක් මගින් කියා සිටින්නේ නජිබා ඝාතනය එම සංවිධානයේ තීරණයක් නොව ඇගේ පවුලේ අය විසින් කරවන ලද්දක් බව ය.

සෝවියට් සංගමය බලයේ පැවැති කාලයේදී එරට රූකඩ රාජ්‍යයක්ව පැවැති ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් හමුදා පාලනය සෝවියට් සංගමය බිඳ වැටීමත් සමගම අනාථ භාවයට පත් විය.ඒ සමගම සාම්ප්‍රදායික අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වූ තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගෙන ප්රචණ්ඩ පාලනයක් පවත්වාගෙන ගියේය. මේ අතර ඔසාමා බින් ලාදින් සෙවීමේ කාර්යයේ කොටසක් ලෙස ඇෆ්ගනිස්ථානයට හමුදා යෑවූ ඇමරිකාව එහි සිටි තලේබාන් ආණ්ඩුවත් එහි ප්‍රධානියා වූ මොහොමඩ් ඔමාර් නමැති මුල්ලාවරයාත් පළවා හැර තමන්ට හිතවත් මිනිසකු වූ හමීඩ් කර්සායි බලයට ගෙනාවේය. මොහොමඩ් ඕමාර් නමැති මුල්ලාවරයා මෝටර් සයිකලයක පිටුපස ආසනයෙහි නැගී පාකිස්තානයට පලා ගිය බව කියනු ලැබේ. එක ඇසක් පමණක් ඇති මුල්ලාවරයා ඇල්ලීමට ඇමරිකන් ආණ්ඩුව විශාල මෙහෙයුමක් දියත් කර තිබේ. මේ අතර ඇෆ්ගනිස්ථානයේ පිටිසර පලාත් තවමත් තලේබාන් සංවිධානය යටතේ පවතී.

තලේබාන් සංවිධානය මුල්වරට ඇෆ්ගනිස්ථානයේ බලයට එන්නේ 1996 දී ය. ඉන් පසු පාසල් යැම සහ අකුරු උගෙනීම කාන්තාවන්ට තහනම් කළ එම සංවිධානය රටේ සියලු කාන්තාවන් හිසේ සිට පාදාන්තය තෙක් ආවරණය වන ඇඳුම ඇඳිය යුතු බව නියෝග කළේය. ඒවාට අවනත නොවන අය මරා දමන ලදී. මේ අතර 1999 නොවැම්බර් 17 වැනිදා කාබුල් නුවර ක්‍රීඩාංගණයකදී ප්‍රසිද්ධියේ කාන්තාවකට වෙඩි තබා මරන ලදී. මෙසේ මරණයට පත් වූයේ සමීනා (Zarmeena) නමැති මැදිවියේ කාන්තාවකි. දරුවන් සත්දෙනකුගේ මවක වූ ඇය කළ වරද ගැහුනු සොඬකු සහ බේබද්දකු වන සිය සැමියා ඝාතනය කිරීමය. සැමියාගෙන් තම තරුණ දියණියන්ට ද අතවර සිදුවිය හැකි යෑයි සිතුනු බැවින් ඔහු නිදා සිටියදී හිසට මිටියකින් ගසා මරන ලදී. කාබුල් නගරයේ ප්‍රධානතම ක්‍රීඩාංගණයේදී ඇය මරනු පිණිස ගෙනෙන ලද්දේ තලේබාන් පොලිසිsයේ කොස්තාපල්වරියන් දෙදෙනෙකු විසිනි. පිටිය මැද වාඩි කෙරුණ ඇයගේ හිසට වෙඩි තුනක් තබන ලදී.

තලේබාන්වරුන් කියන්නේ ඔවුන් අනුගමනය කරන ආගමික සම්ප්රදාය සුපිරිසිදු ඉස්ලාමය බවය. මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ කල්හි මියගිය අයගේ පවුලේ උදවියට ඝාතකයා ප්‍රසිද්ධියේ මැරීමට තලේබාන් නීතිය යටතේ ඉඩ ඇත. කාමයෙහි වරදවා හැසිරීමේ සිද්ධිවලදී කාන්තාවට පමණක් ප්‍රසිද්ධියේ ගල් ගසා මරනු ලැබේ. සොරුන්ගේ අත් කපන අතර, සෙසු වැරදිවලට ප්‍රසිද්ධියේ කස පහර දෙනු ලැබේ.

සමිනා ඝාතනය කරන විට ඇගේ දරුවන් හත්දෙනා ද ඇගේ සැමියාගේ පවුලේ අය ද ක්‍රීඩාංගණයට කැඳවා තිබිණි. ඒ අතර සමීනාට සමාව දීමට තමන් සූදානම් බව ඇගේ සැමියාගේ පවුලේ සාමාජිකයෝ තලේබාන් ප්‍රධානීන්ට දැන්වූහ. ඉස්ලාමීය නීතිය යටතේ එම සමාව දීම කළ හැකිය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ තලේබාන් සංවිධානය මේ මරණ දඬුවම පිළිබඳව විශාල ප්‍රචාරයක් දී ඇති බැවින් දැනටමත් දහස් ගණනක් ක්‍රීඩාංගණයට රැස්ව සිටින බවත් එම ජනයා හරවා යෑවීමට නොහැකි බවත් කීහ. සමීනාට වෙඩි තබන ලද්දේ ඉන් පසුවය.

කාන්තාවන් සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයේ නීති පද්ධතිය

* අට හැවිරිදි වියට පත් වූ වහාම ගැහැනු දරුවන් පිරිමින්ගෙන් වෙන් කරනු ලැබේ. සහෝදරයන්, ලේ නෑයන්, සැමියා හෝ පියා සමඟ හැර අන් පිරිමින් සමඟÊකතා කිරීම ඔවුන්ට තහනම් ය.

* කාන්තවන්ට අඩි උස සපත්තු පැළඳීම තහනම්ය. එසේම සෙසු පිරිමින්ට ඇසෙන පරිදි පියවර නගා ඇවිදීම තහනම් ය.

* කාන්තාවන් හඬනඟා කතා කිරීම තහනම් ය. එසේම අමුත්තන්ට ඇසෙන පරිදි කතා කිරිම ද තහනම් ය.

* නිවාසවල ජනෙල් අඳුරුපැහැ කළ යුතුය. පිටස්තරයන්ට නිවෙස් තුළ සිටින කාන්තාවන් පෙනෙන පරිදි වීදුරු යෙදීම තහනම් ය.

* පින්තූරවල පෙනී සිටීම කාන්තාවන්ට තහනම් ය.

* කාන්තා පින්තූරයක් පුවත්පතක පළ වුවොත් එම කාන්තාවට බරපතළ දඬුවම් විඳීමට සිදු වේ.

* කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක් කාන්තාවන්ට වෙන් කිරීම තහනම් ය. "කාන්තා විවේකාගාරය, කාන්තා අංශය යන දැන්වීම් පුවරු සවි කිරීම තහනම් ය.

* සඳළුතලවලින් එබී බැලීම හෝ පාරේ යන අයට පෙනෙන ලෙස එහි සිටීම තහනම් ය.

* රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි මාධ්‍ය ආයතනවල සේවය කිරීම තහනම් ය.

* අවුරුදු 8 ඉක්මවූ දැරියන් පාසල් යැම තහනම් ය.

(en.wikipedia.org/wiki/Taliban Treatment of women)

(www.raw.org/murder-w.htm)

අනුර සොලමන්ස්

[QUOTE="somadasa, post: 13081217, member: 220773"] [b]තලේබාන් වධකයන්ගේ කාන්තා හිංසනය[/b] [SIZE=4][COLOR=#003300]තලේබාන් වධකයන්ගේ කාන්තා හිංසනය[/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.divaina.com/2012/07/22/thaleban.jpg[/IMG]ආදරය විසින් මිනිසුන්ට සහ ගැහැනුන්ට බොහෝ දේ ලබා දෙන අතර බොහෝ දේ අහිමි කරයි. කාන්තාවන්ට ඉතාම අන්තරාදායක තැනක් බවට පත්ව තිබෙන ඇෆ්ගනිස්ථානයේදී ආදරය විසින් විසි දෙහැවිරිදි තරුණියකට ජීවිතය අහිමි කරන ලද්දේය. නජීබා නමැති ඇය ප්‍රේම ත්‍රිකෝණයකට මැදි විය. ඇෆ්ගනිස්ථානයේ එක් තලේබාන් අණදෙන නිලධාරියකු සමඟ ඇය විවාහ වී සිටි අතර, (මෙය බලහත්කාරයෙන් කරන ලද යෝජිත විවාහයකි.) ඔහු බඳුම තවත් අණ දෙන නිලධාරියකු සමඟ ඇය ප්‍රේමයෙන් බැඳී සිටියාය. අවසානයේදී මේ ගැහැනිය හිමි විය යුත්තේ කාටද යන්න ගැන යුද ප්‍රධානීන් දෙදෙනා අතර ආරවුලක් ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යැමේ වරදට නජිබාට මරණය හිමි විය යුතු බව ඇගේ සැමියා විසින් තීරණය කරනු ලැබීමය. මේ අතර නජිබා තමාට හිමි නොවන්නේ නම් ඇය ඇගේ සැමියාට ද හිමි නොවිය යුතු බව තීරණය කළ ඇගේ කාලකන්නි පෙම්වතා ද මේ මරණ දණ්ඩනයට එකඟ විය. මේ අනුව පසුගියදා තලේබාන්වරුන්ගේ ජංගම උසාවියක් මගින් පවත්වන ලද කෙටි නඩු විභාගයකින් පසු නජිබාට වෙඩි තබා මරණ ලදී. ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ ෂින්වාරි නමැති ගම්මානයේදී පසුගියදා මේ වෙඩි තැබීම සිදු කරන ලද්දේ සිය ගණනක ජනයා මැද ප්‍රසිද්ධියේ ය. නජීබාට වෙඩි තබන ලද්දේ බෑවුමක් වැනි ස්ථානයකදී ය. එහි ඇය හිඳුවා තබන ලදී. ඇයට වෙඩි තැබීම නැරඹීම සඳහා එකී බෑවුම වටකර ගත් කඳු පර්වත මත මිනිස්සු රැස්ව සිටියහ. නජිබාට වෙඩි තැබීමත් සමඟ රැස්ව සිටි සියලු දෙනා ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත්හ. ලොවට රහසේ, ෂින්වාරි ගමේ ජනතාවට පමණක් පෙනෙන පරිදි කෙරුණ මේ ඝාතනයේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප දැන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඇමරිකාවේ සහ නේටෝ සංවිධානයේ විශාල සාම හමුදාවක් ඇෆ්ගනිස්ථානයේ සිටිති. එහෙත් මෙබඳු භීෂණ ක්‍රියා වැළැක්වීමට නොහැකි එම සාම හමුදාව යුරෝපයේ තිරිඟු කෙත්වලට කඩා පනින කුරුලු රෑන් පළවා හැරීමට යෙදවීනම් වඩාත් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබා ගැනිමට හැකියාව තිබුණ බව කිව යුතුය. නජීබා ඝාතනය කෙරෙන්නේ පසුගිය මාසයේ අග කොටසේදී ය. ඝාතකයා විසින් ඇයට මුලින් තබන ලද වෙඩි පහරවල ඉලක්කය වැරදිණ. ඉන් පසු තබන ලද වෙඩිල්ල ඇගේ හිස සිදුරු කරගෙන ගිය අතර ඇය මහ පොළොව මත වැටුණු පසු ඔහු දිගින් දිගටම ඇගේ සිරුරට වෙඩි තැබීය. පර්වාන් පළාතේ ආණ්ඩුකාරයා වන අබ්දුල් බසීර් සලන්ගි කියන ආකාරයට නජීබා මරා දැමිය යුතු බව ඇගේ පෙම්වතා සහ සැමියා තීරණය කළේ ඇය නිසා තම තමන් අතර ආරවුලක් හටගෙන ඒ මගින් තලේබාන් සංවිධානයේ ප්‍රධානීන්ට සිද්ධිය ආරංචිවීම වළක්වනු පිණිසය. සිද්ධියෙන් පසුව තලේබාන් සංවිධානය විසින් නජිබාගේ සැමියා සහ පෙම්වතා යන දෙදෙනාම ඝාතනය කෙරුණු බව දැන ගන්නට තිබේ. එහෙත් එය තලේබාන් සංවිධානයේ ක්‍රියා කලාපය කෙරෙහි බටහිර ලෝකයේ අප්‍රසාදය තවදුරටත් පැතිර යැම වැළැක්වීම සඳහා ගෙතූ බොරු ආරංචියක් බව ද කියනු ලැබේ. ඉතාම ෙ€දනීය සිද්ධිය වන්නේ මරණයට ලක් වූ මොහොතේ නජිබා ගැබිනියක වීමය. දරුවාගේ පීතෘත්වය භාර ගැනීමට ඇගේ කාලකන්නි පෙම්වතා මෙන්ම දුෂ්ඨ සැමියා ද සූදානම් වූයේ නැත. මේ අතර තලේබාන් සංවිධානය ප්‍රකාශයක් මගින් කියා සිටින්නේ නජිබා ඝාතනය එම සංවිධානයේ තීරණයක් නොව ඇගේ පවුලේ අය විසින් කරවන ලද්දක් බව ය. සෝවියට් සංගමය බලයේ පැවැති කාලයේදී එරට රූකඩ රාජ්‍යයක්ව පැවැති ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් හමුදා පාලනය සෝවියට් සංගමය බිඳ වැටීමත් සමගම අනාථ භාවයට පත් විය.ඒ සමගම සාම්ප්‍රදායික අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වූ තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගෙන ප්රචණ්ඩ පාලනයක් පවත්වාගෙන ගියේය. මේ අතර ඔසාමා බින් ලාදින් සෙවීමේ කාර්යයේ කොටසක් ලෙස ඇෆ්ගනිස්ථානයට හමුදා යෑවූ ඇමරිකාව එහි සිටි තලේබාන් ආණ්ඩුවත් එහි ප්‍රධානියා වූ මොහොමඩ් ඔමාර් නමැති මුල්ලාවරයාත් පළවා හැර තමන්ට හිතවත් මිනිසකු වූ හමීඩ් කර්සායි බලයට ගෙනාවේය. මොහොමඩ් ඕමාර් නමැති මුල්ලාවරයා මෝටර් සයිකලයක පිටුපස ආසනයෙහි නැගී පාකිස්තානයට පලා ගිය බව කියනු ලැබේ. එක ඇසක් පමණක් ඇති මුල්ලාවරයා ඇල්ලීමට ඇමරිකන් ආණ්ඩුව විශාල මෙහෙයුමක් දියත් කර තිබේ. මේ අතර ඇෆ්ගනිස්ථානයේ පිටිසර පලාත් තවමත් තලේබාන් සංවිධානය යටතේ පවතී. තලේබාන් සංවිධානය මුල්වරට ඇෆ්ගනිස්ථානයේ බලයට එන්නේ 1996 දී ය. ඉන් පසු පාසල් යැම සහ අකුරු උගෙනීම කාන්තාවන්ට තහනම් කළ එම සංවිධානය රටේ සියලු කාන්තාවන් හිසේ සිට පාදාන්තය තෙක් ආවරණය වන ඇඳුම ඇඳිය යුතු බව නියෝග කළේය. ඒවාට අවනත නොවන අය මරා දමන ලදී. මේ අතර 1999 නොවැම්බර් 17 වැනිදා කාබුල් නුවර ක්‍රීඩාංගණයකදී ප්‍රසිද්ධියේ කාන්තාවකට වෙඩි තබා මරන ලදී. මෙසේ මරණයට පත් වූයේ සමීනා (Zarmeena) නමැති මැදිවියේ කාන්තාවකි. දරුවන් සත්දෙනකුගේ මවක වූ ඇය කළ වරද ගැහුනු සොඬකු සහ බේබද්දකු වන සිය සැමියා ඝාතනය කිරීමය. සැමියාගෙන් තම තරුණ දියණියන්ට ද අතවර සිදුවිය හැකි යෑයි සිතුනු බැවින් ඔහු නිදා සිටියදී හිසට මිටියකින් ගසා මරන ලදී. කාබුල් නගරයේ ප්‍රධානතම ක්‍රීඩාංගණයේදී ඇය මරනු පිණිස ගෙනෙන ලද්දේ තලේබාන් පොලිසිsයේ කොස්තාපල්වරියන් දෙදෙනෙකු විසිනි. පිටිය මැද වාඩි කෙරුණ ඇයගේ හිසට වෙඩි තුනක් තබන ලදී. තලේබාන්වරුන් කියන්නේ ඔවුන් අනුගමනය කරන ආගමික සම්ප්රදාය සුපිරිසිදු ඉස්ලාමය බවය. මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ කල්හි මියගිය අයගේ පවුලේ උදවියට ඝාතකයා ප්‍රසිද්ධියේ මැරීමට තලේබාන් නීතිය යටතේ ඉඩ ඇත. කාමයෙහි වරදවා හැසිරීමේ සිද්ධිවලදී කාන්තාවට පමණක් ප්‍රසිද්ධියේ ගල් ගසා මරනු ලැබේ. සොරුන්ගේ අත් කපන අතර, සෙසු වැරදිවලට ප්‍රසිද්ධියේ කස පහර දෙනු ලැබේ. සමිනා ඝාතනය කරන විට ඇගේ දරුවන් හත්දෙනා ද ඇගේ සැමියාගේ පවුලේ අය ද ක්‍රීඩාංගණයට කැඳවා තිබිණි. ඒ අතර සමීනාට සමාව දීමට තමන් සූදානම් බව ඇගේ සැමියාගේ පවුලේ සාමාජිකයෝ තලේබාන් ප්‍රධානීන්ට දැන්වූහ. ඉස්ලාමීය නීතිය යටතේ එම සමාව දීම කළ හැකිය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ තලේබාන් සංවිධානය මේ මරණ දඬුවම පිළිබඳව විශාල ප්‍රචාරයක් දී ඇති බැවින් දැනටමත් දහස් ගණනක් ක්‍රීඩාංගණයට රැස්ව සිටින බවත් එම ජනයා හරවා යෑවීමට නොහැකි බවත් කීහ. සමීනාට වෙඩි තබන ලද්දේ ඉන් පසුවය. කාන්තාවන් සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයේ නීති පද්ධතිය * අට හැවිරිදි වියට පත් වූ වහාම ගැහැනු දරුවන් පිරිමින්ගෙන් වෙන් කරනු ලැබේ. සහෝදරයන්, ලේ නෑයන්, සැමියා හෝ පියා සමඟ හැර අන් පිරිමින් සමඟÊකතා කිරීම ඔවුන්ට තහනම් ය. * කාන්තවන්ට අඩි උස සපත්තු පැළඳීම තහනම්ය. එසේම සෙසු පිරිමින්ට ඇසෙන පරිදි පියවර නගා ඇවිදීම තහනම් ය. * කාන්තාවන් හඬනඟා කතා කිරීම තහනම් ය. එසේම අමුත්තන්ට ඇසෙන පරිදි කතා කිරිම ද තහනම් ය. * නිවාසවල ජනෙල් අඳුරුපැහැ කළ යුතුය. පිටස්තරයන්ට නිවෙස් තුළ සිටින කාන්තාවන් පෙනෙන පරිදි වීදුරු යෙදීම තහනම් ය. * පින්තූරවල පෙනී සිටීම කාන්තාවන්ට තහනම් ය. * කාන්තා පින්තූරයක් පුවත්පතක පළ වුවොත් එම කාන්තාවට බරපතළ දඬුවම් විඳීමට සිදු වේ. * කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක් කාන්තාවන්ට වෙන් කිරීම තහනම් ය. "කාන්තා විවේකාගාරය, කාන්තා අංශය යන දැන්වීම් පුවරු සවි කිරීම තහනම් ය. * සඳළුතලවලින් එබී බැලීම හෝ පාරේ යන අයට පෙනෙන ලෙස එහි සිටීම තහනම් ය. * රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි මාධ්‍ය ආයතනවල සේවය කිරීම තහනම් ය. * අවුරුදු 8 ඉක්මවූ දැරියන් පාසල් යැම තහනම් ය. (en.wikipedia.org/wiki/Taliban Treatment of women) ([url]www.raw.org/murder-w.htm[/url]) අනුර සොලමන්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom