Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තහඩු කෑලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චැනල් ෆෝ විමර්ශනයට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක පැමිණිලිකරුවන්, සාක්ෂිකරුවන් සහ විමර්ශකයන් ඇතුළු පිරිසකට එරෙහිව පෞද්ගලික අපරාධ නඩු පවරමින් අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (08) දැඩි ලෙස අවවාද කළා.

MediaLK සංස්කාරක, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ විශ්‍රාමික පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් ඇතුළු පිරිසකට එරෙහිව මෙම විශ්‍රාමික නිලධාරියා විසින් ගොනු කර තිබූ පෞද්ගලික අපරාධ නඩු 8ක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම පියවර ගෙන තිබුණා.

එම නඩු 8න් එකක සිතාසි නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර ඉතිරි නඩු 7ම පැමිණිලිකරු විසින්ම ඉල්ලා අස්කර ගනු ලැබුවා.

ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පළමු නඩුව කැඳවූ අවස්ථාවේදී, නීතිඥ නියෝජනයක් නොමැතිව පෙනී සිටි පැමිණිලිකාර ශාන්ත කුමාර ජයතිලක මහතා කියා සිටියේ වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 188, 189, 190, 191, 192, 198, 200 සහ 209 යන වගන්තිවල සඳහන් වැරදි ද, අධිකරණ අපහාස පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වැරදිද සිදුකර ඇති බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ඇති පදනම කුමක්ද යන්නයි.

අධිකරණ අපහාස පනත අනුව එවැනි නඩු කටයුතු පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රතිපාදන නොමැති බැවින්, සැකකරුවන්ට සිතාසි නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එසේම, අදාළ දිවුරුම් ප්‍රකාශ අත්සන් කර ඇති ස්ථානය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් නොවන බවත්, පැමිණිල්ල මඟින් සාධාරණ කරුණු ඉදිරිපත් කර නැති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා දණ්ඩ නීති සංග්‍රහය සහ ICCPR පනත යටතේ ද සිතාසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ඉවත දැමුවා.

ඉන් අනතුරුව කැඳවූ නඩුවේදී පැමිණිලිකරු කියා සිටියේ ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන මහත්වරුන් CID ලේඛන සොරකම් කර ළඟ තබාගෙන ඇති බවයි.

එහෙත් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් පමණක් ඉදිරිපත් කළ හැකි බව පැවසුවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බී/35882 නඩුවේ පැමිණිලිකරුවන්ට, සාක්ෂිකරුවන්ට, විමර්ශකයන්ට සහ පැමිණිල්ල මෙහෙයවන්නන්ට එරෙහිව පෞද්ගලික අපරාධ නඩු ගොනුකරමින් අධිකරණ බලය අවභාවිත කරමින් සිදුකරන ක්‍රියාදාමය අධිකරණයට නොවැටහෙන බව තමන් විශ්වාස කරන්නේදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, මීට පෙර මෙවැනිම පෞද්ගලික නඩුවක් ගොනු කර එය ප්‍රතික්ෂේප කළ පසු නැවත එවැනිම නඩු කිහිපයක් ගොනු කර ඇති බව පෙනී යන්නේයැයි සඳහන් කළා.

අධිකරණ බලය අවභාවිත කරමින්, අධිකරණයේ කාලය නාස්ති කරමින් මේ කරන්නේ බරපතළ වරදක් බව සඳහන් කළ අධිකරණය මෙම නඩුවට අදාළ ව කරුණු තහවුරු කරන ලෙසත්, ඉන්පසු තමන් සුදුසු නියෝගයක් ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

මහේස්ත්රාත්වරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු, අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලිකාර විශ්‍රාමික නිලධාරියා පියවර ගත්තා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට අදාළව ගොනු කර තිබූ වෙනත් පෞද්ගලික නඩුවක, මාධ්‍යවේදියාගේ සහ විශ්‍රාමික පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ ලිපින “නොදනී” ලෙස සටහන් කර තිබීම පිළිබඳවද අධිකරණයේ අවධානය යොමු වුණා.

ලිපින නොමැතිව සිතාසි බාර දෙන්නේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළා.

එම අවස්ථාවේදී අධිකරණ කටයුතු වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා අධිකරණ ශාලාවේ සිටින බව පැමිණිලිකරු විසින් පෙන්වා දෙනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, “තමුන් මේ මාධ්‍යවේදීන්ටත් පෞද්ගලික නඩු දාලද?” යනුවෙන්.

අධිකරණය විසින් කිසිවෙකුට සිතාසි නිකුත් කර නොමැති බැවින් වෙනත් රාජකාරියකට පැමිණ සිටින අයගෙන් ප්‍රශ්න කළ නොහැකි බවත්, අදාළ අපරාධය සිදුවූ අධිකරණ බල ප්‍රදේශය පැහැදිලි නැති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එහිදීද අධිකරණ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අවවාද ලැබූ පැමිණිලිකරු එම නඩුවද ඉල්ලා අස්කර ගත්තා.

හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ පොතක සඳහන් කරුණක් සාක්ෂියක් කර ගනිමින් ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනු කර තිබූ අනෙක් පෞද්ගලික නඩුවද නිසි අධිකරණ බල සීමාවක පවරා නොමැති බව පිළිගත් පැමිණිලිකරු, එය ඇතුළු ඉතිරි නඩු සියල්ලම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළා.

news19

[QUOTE="topkollek, post: 31501291, member: 510150"] [IMG]https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2026/07/tharindu-.jpg?resize=1024%2C576&ssl=1[/IMG] චැනල් ෆෝ විමර්ශනයට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක පැමිණිලිකරුවන්, සාක්ෂිකරුවන් සහ විමර්ශකයන් ඇතුළු පිරිසකට එරෙහිව පෞද්ගලික අපරාධ නඩු පවරමින් අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (08) දැඩි ලෙස අවවාද කළා. MediaLK සංස්කාරක, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ විශ්‍රාමික පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් ඇතුළු පිරිසකට එරෙහිව මෙම විශ්‍රාමික නිලධාරියා විසින් ගොනු කර තිබූ පෞද්ගලික අපරාධ නඩු 8ක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම පියවර ගෙන තිබුණා. [COLOR=rgb(184, 49, 47)]එම නඩු 8න් එකක සිතාසි නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර ඉතිරි නඩු 7ම පැමිණිලිකරු විසින්ම ඉල්ලා අස්කර ගනු ලැබුවා.[/COLOR] ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පළමු නඩුව කැඳවූ අවස්ථාවේදී, නීතිඥ නියෝජනයක් නොමැතිව පෙනී සිටි පැමිණිලිකාර ශාන්ත කුමාර ජයතිලක මහතා කියා සිටියේ වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 188, 189, 190, 191, 192, 198, 200 සහ 209 යන වගන්තිවල සඳහන් වැරදි ද, අධිකරණ අපහාස පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වැරදිද සිදුකර ඇති බවයි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ඇති පදනම කුමක්ද යන්නයි. අධිකරණ අපහාස පනත අනුව එවැනි නඩු කටයුතු පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රතිපාදන නොමැති බැවින්, සැකකරුවන්ට සිතාසි නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. එසේම, අදාළ දිවුරුම් ප්‍රකාශ අත්සන් කර ඇති ස්ථානය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් නොවන බවත්, පැමිණිල්ල මඟින් සාධාරණ කරුණු ඉදිරිපත් කර නැති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා දණ්ඩ නීති සංග්‍රහය සහ ICCPR පනත යටතේ ද සිතාසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ඉවත දැමුවා. ඉන් අනතුරුව කැඳවූ නඩුවේදී පැමිණිලිකරු කියා සිටියේ ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන මහත්වරුන් CID ලේඛන සොරකම් කර ළඟ තබාගෙන ඇති බවයි. එහෙත් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් පමණක් ඉදිරිපත් කළ හැකි බව පැවසුවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බී/35882 නඩුවේ පැමිණිලිකරුවන්ට, සාක්ෂිකරුවන්ට, විමර්ශකයන්ට සහ පැමිණිල්ල මෙහෙයවන්නන්ට එරෙහිව පෞද්ගලික අපරාධ නඩු ගොනුකරමින් අධිකරණ බලය අවභාවිත කරමින් සිදුකරන ක්‍රියාදාමය අධිකරණයට නොවැටහෙන බව තමන් විශ්වාස කරන්නේදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, මීට පෙර මෙවැනිම පෞද්ගලික නඩුවක් ගොනු කර එය ප්‍රතික්ෂේප කළ පසු නැවත එවැනිම නඩු කිහිපයක් ගොනු කර ඇති බව පෙනී යන්නේයැයි සඳහන් කළා. අධිකරණ බලය අවභාවිත කරමින්, අධිකරණයේ කාලය නාස්ති කරමින් මේ කරන්නේ බරපතළ වරදක් බව සඳහන් කළ අධිකරණය මෙම නඩුවට අදාළ ව කරුණු තහවුරු කරන ලෙසත්, ඉන්පසු තමන් සුදුසු නියෝගයක් ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. මහේස්ත්රාත්වරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු, අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලිකාර විශ්‍රාමික නිලධාරියා පියවර ගත්තා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට අදාළව ගොනු කර තිබූ වෙනත් පෞද්ගලික නඩුවක, මාධ්‍යවේදියාගේ සහ විශ්‍රාමික පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ ලිපින “නොදනී” ලෙස සටහන් කර තිබීම පිළිබඳවද අධිකරණයේ අවධානය යොමු වුණා. ලිපින නොමැතිව සිතාසි බාර දෙන්නේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළා. එම අවස්ථාවේදී අධිකරණ කටයුතු වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා අධිකරණ ශාලාවේ සිටින බව පැමිණිලිකරු විසින් පෙන්වා දෙනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, “තමුන් මේ මාධ්‍යවේදීන්ටත් පෞද්ගලික නඩු දාලද?” යනුවෙන්. අධිකරණය විසින් කිසිවෙකුට සිතාසි නිකුත් කර නොමැති බැවින් වෙනත් රාජකාරියකට පැමිණ සිටින අයගෙන් ප්‍රශ්න කළ නොහැකි බවත්, අදාළ අපරාධය සිදුවූ අධිකරණ බල ප්‍රදේශය පැහැදිලි නැති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා. එහිදීද අධිකරණ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අවවාද ලැබූ පැමිණිලිකරු එම නඩුවද ඉල්ලා අස්කර ගත්තා. හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ පොතක සඳහන් කරුණක් සාක්ෂියක් කර ගනිමින් ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනු කර තිබූ අනෙක් පෞද්ගලික නඩුවද නිසි අධිකරණ බල සීමාවක පවරා නොමැති බව පිළිගත් පැමිණිලිකරු, එය ඇතුළු ඉතිරි නඩු සියල්ලම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළා. news19 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom