Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව ඔප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් ත්‍රිපිටකය ග්රන්තාරෑඪ කරණුලැබුවේ වලගම්බා රජු සමයේ බව නොදන්නා කෙනෙකු නොමැත. එහෙත්, එය සිදුවූයේ මාතලේ අලුවිහාරයේදීද නැතිනම් මායා රට, බෙලිගල් කෝරලයේ දහමුනු පත්තුවේ මාතුල ජනපදයේ (අත්තනගොඩ ග්‍රාමයේ) අලුලෙනේ දීද?

පූජාවලිය, සව්මෝහණ විනෝදනී, සද්ධර්මාලංකාරය, අස්ගිරි තල්පත, මහා බෝධිවංසය හා පපංචසූදනිය වැනි ග්රන්ථ වල ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කළ ස්ථානය සහ සහභාගී වූ තෙරැන් වහන්සේලා සංක්‍යාව සහ එය සිදුකළ ආකාරය පිළිබඳව කරැනු ඇතුලත්වන බව සොයා බලන්නෙකුට හමුවේ.

මෙරට ඉපැරණි ග්රන්තයන්හි මාතලේ අලු විහාරය යනුවෙන් සඳහන් කර නැත. සෑම තැනම සදහන්ව ඇත්තේ මාතුල අලුලෙණ කියාය. අප කවුරැත් අසා ඇත්තේ ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ ලෙනක සිට මිසක් විහාරයක සිට නොවේ.

500ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා ත්‍රිපිටකය ලිවීමට සහභාගීවූ බව මූලාස්රවල සඳහන්වේ. මෙම 500ක් තෙරැන් වහන්සේලාට "මාතලේ අලුවිහාරයේ ඇති ලෙණෙහි විහරණය කළහැකිද? එහි ප්‍රමාණය අ ඩි 30ක් දිග අඩි 10ක් පලල අඩි 10ක් උස ගල් කුටියක 500 දෙනෙකු සිටීමට හැකියාවක්නම් නැත. එහෙත් මාතුල ජනපදයේ අලුලෙණහි ප්‍රමාණය දිග අඩි 220ක් පලල අඩි 25ක් උස අඩි 56ක් සහිත ගල්ලෙණක 500 දෙනෙකු සිටීමට තරම් ප්රමාණවත්ය. මෙම ලෙණෙහි විශේෂත්වය නම් උදෑසන හිරැ පෑයූ වෙලාවේ සිට හිරැ බැසයන වෙලාව දක්වාම හොදින් ආලෝකය ලැබීමත් වාතාස්රය ලැබීමත්ය.

ත්‍රිපිටකය ග්රන්ථ කරණයේදී වලගම්බා රජුගේ නාමය සඳහන් කිරීමට හේතුවනම් මෙම මාතුල ප්‍රදේශය අවට වලගම්බා රජුගේ බොහෝ කරැණු කාරණා සම්බන්දව පවතින ප්රදේශයකි. ඉන්දීය ආක්‍රමණ මැඩපැවත්වීමට සේනාව සංවිධානය කිරීම, මගුල් කඩුව සහ ජය සක සඟවා තැබුවේ කෑගල්ල ප්රදේශයේය. මෙම කරැණු සලකා බැලීමේදී තහවුරැ වෙන්නේ මෙම ප්‍රදේශයේ වලගම්බා රජු වසර ගනනාවක් ජීවත් වූ බවයි. මතලේ අලුවිහාරයටනම් වලගම්බා රජු හා සම්බන්ද කම් ඉතා අල්පය. අනෙක් කරැණ නම් ත්‍රිපිටකය ග්‍රන්ථකරණයේ යෙදීමට විශාල වශයෙන් තල්පත් ලබාගැනීමට ඒ අවට ඇති තලගොඩ ග්‍රාමයෙන් තල්පත් ලබාගන්නට ඇත. අදටත් තල්ගස් එම ප්‍රදේශයේ දැකිය හැක.

මේ අනුව බැලීමේදී ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට පෙර 700ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා මංගලාරාමයට (වර්ථමාණ "පොල්ගහවෙල වට්ටාරම රජමහා විහාරය") රැස්ව සම්මේලනයක් පැවැත්වා එතෙක් එක් එක් තෙරැන් වහන්සේලා කටපාඩමින් පවත්වාගෙන ආ සුවාසුව දහසක් සිරි සද්ධර්මය තුල කටපාඩමින් පවත්වාගෙන ඒමේදී යම් යම් ධර්ම කොටස්වල වෙනස්කම් තිබේදැයි පරීක්ෂාකර ඇත්තේ වට්ටාරමේදීය. මෙම වට්ටාරමට අයත් විහාරස්ථාන 04 න් එකක් වන ගොඩපොල ග්‍රාමයේ පිහිටි ගල්ටැඹේ විහාරයේ එකල නායක හිමි වූ , කුන්ථීක්කුල මහා තිස්ස හිමියන් ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට මුල්වූ බව සඳහන්. වට්ටාරමේ සිට නැගෙනහිරින් සැතපුම් 4 පමන දුරින් පිහිටි , තෙරැන් වහන්සේලා 1000 පමන රැස්ව සිටිය හැකි අලුලෙණ පිහිටි ජනපදයේ ප්‍රධානියා වන "පරැමක අගිය" නැමැත්තාගේ ආරක්ෂාව සහ අනුග්‍රහය ඇතිව ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට සියලු විදිවිධාන සැකසීය. කි.පූ 103-77 වන කාලය වෙද්දී බැමිනිතියාය සාය නම් දරැණු නියන් තත්වයත් , සාගතයත්, ඉන්දීය ආක්රමණත් හමුවේ ඇතැම් තෙරැන් අපවත්විය ඇතැම් තෙරැණ් පලාගියහ. මේකරැණු හමුවේ ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ 500 පමන තෙරැන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි.

මාතුල ග්‍රාමයේ ලෙන් සංකීරණයෙන් ප්‍රධාන ලෙණෙහි සඳහන් ශිලා ලිපියේ "පරැමක ඉදි පුත පරැමක අගිය ශගශ" සඳහන් ඉන් කියැවෙන්නේ ප්රමුඛ ඉදි විසින් ප්රමුඛ අගියගේ ලෙණෙ මහා සංඝයාට දුන් බවයි. මෙම කරැණු කාරණා සලකා බැලීමේදී ත්‍රිපිටකය ග්රන්තාරෑඪ කරණ ලද්දේ මාතලේ අලුවිහාරයේ නොව, මාතුල ජනපදයේ අලුලෙනෙහිදී බව ඉතා පැහැදිලිය. මෙරට ඉතිහාසයේ සහ බෞද්ධ සංස්කෘතිය තුල සිදුවී තිබෙන තවත් බරපතල අතපසුවීමකි.

මෙම මාතුල ජනපදයේ අලුලෙණෙහි , 2005 වර්ශය වෙද්දී වැඩවාසය කළේ දිවෙල ජිනානන්ද හිමිපානන් වහන්සේය. එවක එක්තරා පුවත්පතක් සමග කරණ ලද සම්මුඛ සාකච්චාවක් ආසුරෙන් උන්වහන්සේගේ වචනයෙන්ම සිය කටහඬ අවදිකරමින් කරන ලද අවසන් ඉල්ලීම නම්.... මම මහණ වුණේ 1946 අවුරැද්දෙ. 1968 ජනවරි පලවෙනිද තමයි මම මේ ලෙණට ආවෙ. එදා ඉඳල මම මේ ලෙණ් විහාරය ගැන හොඳින් හැදෑරැවා. එතකොට මට දැනගන්න ලැබුන ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කරල තියෙන්නෙ මාතලේ නෙමෙයි කෑගල්ලෙ මාතුල ගමේ අලුලෙණේ බව. 1983 පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව දැනුවත් කලා පසුව පරීක්ෂා කරල, කැනීම් ආරම්ඹ කරා. අදින් වසර 40000 වඩා පැරණි ඇඹරැම් ගලක් ලැබුන. මෙවැනි බොහෝ පුරා වස්තු ලැබෙමින් පැවතුන අතරවාරයේ... හිටිගමන් කැනීම් නැවත්තුවා... කැනීම් නවත්තන්න තරම් හේතුව මොකද්ද කියල මම සොයල බැලුව. එතකොට මට දැනගන්න ලැබුනා, මාතලේ මහ දිසාපති කෑගල්ලෙ දිසාපතිට ලියුම් එවල තියෙනවා කෑගල්ලෙ අලුලෙණේ කැනීම් වහාම නවත්තන්න කියලා. එදා ඒ මාතලේ මහදිසාපතිට ඒ ලියුම් එවන්න කියල බලකරල තියෙන්නෙ අලුවිහාරේ කියන මන්ත්‍රී පරම්පරාවයි කියල මට සොයාගන්න පුලුවන් උනා....

ඒ වැඩෙන් ලොකු ඉතිහාස කතාවක් වැහිල ගියා. පරම්පරා කීපයක ලක්ෂ සංක්යාත බෞද්ධයන්ගේ අනවබෝදාත්මක අන්ද විස්වාසයට හේතුවුන මිසදුටු වැඩක්.....

සම්මුක සාකච්චාව අවසන්වී, මාද්‍ය වේදියා ආපසු පැමිනීමට සූදානම් වූ අවස්තාවේ...වයෝවෘද්ධ හාමුදුරැවෝ ඉතා අපහසුවෙන් මාධ්‍ය වේදියා වෙත පිවිස, මහත්තයෝ... මටත් දැන් හුඟක් වයසයි...මගෙන් පස්සේ මෙතන කවුරැ රැක බලාගනීවිද කියලා තමයි මට බය... ඇත්ත හෙළිකරන්න මම මගේ ජීවිත කාලෙම මහන්සි වුණා... ඒත් පලක් උනේ නෑ...පුලුවන් විදියකට මේ තැන ආරක්ෂා කරගන්න....ඒක තමයි මගේ එකම ඉල්ලීම...

[QUOTE="sj91, post: 24103426, member: 514405"] [IMG]https://scontent-frx5-1.xx.fbcdn.net/v/t1.0-9/42186151_472740833229474_8550365638122536960_n.jpg?_nc_cat=106&_nc_ht=scontent-frx5-1.xx&oh=491c6b05617f57351deafb88ff474772&oe=5CCBA846[/IMG] [COLOR="DarkRed"][SIZE="4"][B]උතුම් ත්‍රිපිටකය ග්රන්තාරෑඪ කරණුලැබුවේ වලගම්බා රජු සමයේ බව නොදන්නා කෙනෙකු නොමැත. එහෙත්, එය සිදුවූයේ මාතලේ අලුවිහාරයේදීද නැතිනම් මායා රට, බෙලිගල් කෝරලයේ දහමුනු පත්තුවේ මාතුල ජනපදයේ (අත්තනගොඩ ග්‍රාමයේ) අලුලෙනේ දීද? පූජාවලිය, සව්මෝහණ විනෝදනී, සද්ධර්මාලංකාරය, අස්ගිරි තල්පත, මහා බෝධිවංසය හා පපංචසූදනිය වැනි ග්රන්ථ වල ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කළ ස්ථානය සහ සහභාගී වූ තෙරැන් වහන්සේලා සංක්‍යාව සහ එය සිදුකළ ආකාරය පිළිබඳව කරැනු ඇතුලත්වන බව සොයා බලන්නෙකුට හමුවේ. මෙරට ඉපැරණි ග්රන්තයන්හි මාතලේ අලු විහාරය යනුවෙන් සඳහන් කර නැත. සෑම තැනම සදහන්ව ඇත්තේ මාතුල අලුලෙණ කියාය. අප කවුරැත් අසා ඇත්තේ ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ ලෙනක සිට මිසක් විහාරයක සිට නොවේ. 500ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා ත්‍රිපිටකය ලිවීමට සහභාගීවූ බව මූලාස්රවල සඳහන්වේ. මෙම 500ක් තෙරැන් වහන්සේලාට "මාතලේ අලුවිහාරයේ ඇති ලෙණෙහි විහරණය කළහැකිද? එහි ප්‍රමාණය අ ඩි 30ක් දිග අඩි 10ක් පලල අඩි 10ක් උස ගල් කුටියක 500 දෙනෙකු සිටීමට හැකියාවක්නම් නැත. එහෙත් මාතුල ජනපදයේ අලුලෙණහි ප්‍රමාණය දිග අඩි 220ක් පලල අඩි 25ක් උස අඩි 56ක් සහිත ගල්ලෙණක 500 දෙනෙකු සිටීමට තරම් ප්රමාණවත්ය. මෙම ලෙණෙහි විශේෂත්වය නම් උදෑසන හිරැ පෑයූ වෙලාවේ සිට හිරැ බැසයන වෙලාව දක්වාම හොදින් ආලෝකය ලැබීමත් වාතාස්රය ලැබීමත්ය. ත්‍රිපිටකය ග්රන්ථ කරණයේදී වලගම්බා රජුගේ නාමය සඳහන් කිරීමට හේතුවනම් මෙම මාතුල ප්‍රදේශය අවට වලගම්බා රජුගේ බොහෝ කරැණු කාරණා සම්බන්දව පවතින ප්රදේශයකි. ඉන්දීය ආක්‍රමණ මැඩපැවත්වීමට සේනාව සංවිධානය කිරීම, මගුල් කඩුව සහ ජය සක සඟවා තැබුවේ කෑගල්ල ප්රදේශයේය. මෙම කරැණු සලකා බැලීමේදී තහවුරැ වෙන්නේ මෙම ප්‍රදේශයේ වලගම්බා රජු වසර ගනනාවක් ජීවත් වූ බවයි. මතලේ අලුවිහාරයටනම් වලගම්බා රජු හා සම්බන්ද කම් ඉතා අල්පය. අනෙක් කරැණ නම් ත්‍රිපිටකය ග්‍රන්ථකරණයේ යෙදීමට විශාල වශයෙන් තල්පත් ලබාගැනීමට ඒ අවට ඇති තලගොඩ ග්‍රාමයෙන් තල්පත් ලබාගන්නට ඇත. අදටත් තල්ගස් එම ප්‍රදේශයේ දැකිය හැක. මේ අනුව බැලීමේදී ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට පෙර 700ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා මංගලාරාමයට (වර්ථමාණ "පොල්ගහවෙල වට්ටාරම රජමහා විහාරය") රැස්ව සම්මේලනයක් පැවැත්වා එතෙක් එක් එක් තෙරැන් වහන්සේලා කටපාඩමින් පවත්වාගෙන ආ සුවාසුව දහසක් සිරි සද්ධර්මය තුල කටපාඩමින් පවත්වාගෙන ඒමේදී යම් යම් ධර්ම කොටස්වල වෙනස්කම් තිබේදැයි පරීක්ෂාකර ඇත්තේ වට්ටාරමේදීය. මෙම වට්ටාරමට අයත් විහාරස්ථාන 04 න් එකක් වන ගොඩපොල ග්‍රාමයේ පිහිටි ගල්ටැඹේ විහාරයේ එකල නායක හිමි වූ , කුන්ථීක්කුල මහා තිස්ස හිමියන් ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට මුල්වූ බව සඳහන්. වට්ටාරමේ සිට නැගෙනහිරින් සැතපුම් 4 පමන දුරින් පිහිටි , තෙරැන් වහන්සේලා 1000 පමන රැස්ව සිටිය හැකි අලුලෙණ පිහිටි ජනපදයේ ප්‍රධානියා වන "පරැමක අගිය" නැමැත්තාගේ ආරක්ෂාව සහ අනුග්‍රහය ඇතිව ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට සියලු විදිවිධාන සැකසීය. කි.පූ 103-77 වන කාලය වෙද්දී බැමිනිතියාය සාය නම් දරැණු නියන් තත්වයත් , සාගතයත්, ඉන්දීය ආක්රමණත් හමුවේ ඇතැම් තෙරැන් අපවත්විය ඇතැම් තෙරැණ් පලාගියහ. මේකරැණු හමුවේ ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ 500 පමන තෙරැන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි. මාතුල ග්‍රාමයේ ලෙන් සංකීරණයෙන් ප්‍රධාන ලෙණෙහි සඳහන් ශිලා ලිපියේ "පරැමක ඉදි පුත පරැමක අගිය ශගශ" සඳහන් ඉන් කියැවෙන්නේ ප්රමුඛ ඉදි විසින් ප්රමුඛ අගියගේ ලෙණෙ මහා සංඝයාට දුන් බවයි. මෙම කරැණු කාරණා සලකා බැලීමේදී ත්‍රිපිටකය ග්රන්තාරෑඪ කරණ ලද්දේ මාතලේ අලුවිහාරයේ නොව, මාතුල ජනපදයේ අලුලෙනෙහිදී බව ඉතා පැහැදිලිය. මෙරට ඉතිහාසයේ සහ බෞද්ධ සංස්කෘතිය තුල සිදුවී තිබෙන තවත් බරපතල අතපසුවීමකි. මෙම මාතුල ජනපදයේ අලුලෙණෙහි , 2005 වර්ශය වෙද්දී වැඩවාසය කළේ දිවෙල ජිනානන්ද හිමිපානන් වහන්සේය. එවක එක්තරා පුවත්පතක් සමග කරණ ලද සම්මුඛ සාකච්චාවක් ආසුරෙන් උන්වහන්සේගේ වචනයෙන්ම සිය කටහඬ අවදිකරමින් කරන ලද අවසන් ඉල්ලීම නම්.... මම මහණ වුණේ 1946 අවුරැද්දෙ. 1968 ජනවරි පලවෙනිද තමයි මම මේ ලෙණට ආවෙ. එදා ඉඳල මම මේ ලෙණ් විහාරය ගැන හොඳින් හැදෑරැවා. එතකොට මට දැනගන්න ලැබුන ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කරල තියෙන්නෙ මාතලේ නෙමෙයි කෑගල්ලෙ මාතුල ගමේ අලුලෙණේ බව. 1983 පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව දැනුවත් කලා පසුව පරීක්ෂා කරල, කැනීම් ආරම්ඹ කරා. අදින් වසර 40000 වඩා පැරණි ඇඹරැම් ගලක් ලැබුන. මෙවැනි බොහෝ පුරා වස්තු ලැබෙමින් පැවතුන අතරවාරයේ... හිටිගමන් කැනීම් නැවත්තුවා... කැනීම් නවත්තන්න තරම් හේතුව මොකද්ද කියල මම සොයල බැලුව. එතකොට මට දැනගන්න ලැබුනා, මාතලේ මහ දිසාපති කෑගල්ලෙ දිසාපතිට ලියුම් එවල තියෙනවා කෑගල්ලෙ අලුලෙණේ කැනීම් වහාම නවත්තන්න කියලා. එදා ඒ මාතලේ මහදිසාපතිට ඒ ලියුම් එවන්න කියල බලකරල තියෙන්නෙ අලුවිහාරේ කියන මන්ත්‍රී පරම්පරාවයි කියල මට සොයාගන්න පුලුවන් උනා.... ඒ වැඩෙන් ලොකු ඉතිහාස කතාවක් වැහිල ගියා. පරම්පරා කීපයක ලක්ෂ සංක්යාත බෞද්ධයන්ගේ අනවබෝදාත්මක අන්ද විස්වාසයට හේතුවුන මිසදුටු වැඩක්..... සම්මුක සාකච්චාව අවසන්වී, මාද්‍ය වේදියා ආපසු පැමිනීමට සූදානම් වූ අවස්තාවේ...වයෝවෘද්ධ හාමුදුරැවෝ ඉතා අපහසුවෙන් මාධ්‍ය වේදියා වෙත පිවිස, මහත්තයෝ... මටත් දැන් හුඟක් වයසයි...මගෙන් පස්සේ මෙතන කවුරැ රැක බලාගනීවිද කියලා තමයි මට බය... ඇත්ත හෙළිකරන්න මම මගේ ජීවිත කාලෙම මහන්සි වුණා... ඒත් පලක් උනේ නෑ...පුලුවන් විදියකට මේ තැන ආරක්ෂා කරගන්න....ඒක තමයි මගේ එකම ඉල්ලීම...[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom