Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව

ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව

නාවල ධම්මානන්ද හිමි

තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර සිදුකළ හැකි චෛත්‍ය තුන් වර්ගයකි.

1. ශාරීරික - චෛත්‍යය

2. පාරිභොගික - චෛත්‍යය

3. උද්දේසික - චෛත්‍යය

(කාලිඩ්ගබෝධි ජාතකය )

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැ පසු ශ්‍රී බුද්ධ ශරීරය ආදාහනය කිරීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා සහ එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදිකෙරුණු ස්තූප ශාරීරික චෛත්‍යයෝ ය. භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කළ සිවුරු - පාත්‍ර ආදිය සහ සම්බුද්ධත්වයට පත්වීමෙහි දී පිටදී වැඩහුන් ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ ද සමාපත්ති සුවයෙන් වැඩ හිඳ පරිභෝග කළ ස්ථාන ද, බුදුරජාණන් වහන්සේ ලොව පහල වූ ස්ථානය, සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, ප්‍රථමයෙන් දහම් දෙසූ ස්ථානය, පිරිනිවන් පා වදාළා වූ ස්ථානය යන සිවු මහා සංවේග ස්ථාන ද ශ්‍රී පාද ලාංඡන ද යන මේ සියල්ල පාරිභෝගික චෛත්‍යයෝ ය. ශාරීරික සහ පාරිභෝගික චෛත්‍ය නො වන, බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සංකේත ආදිය උද්දේසික - චෛත්‍යයෝ ය.

මෙම ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් ශාරීරික, චෛත්‍යයන් වහන්සේලා විද්‍යාමාන වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවය. (බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූ®න් හා නිය ධාතූන් වහන්සේලා තැන්පත් කොට තැනූ චෛත්‍යය කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි ම තිබුණු බව පෙනෙන්නට ඇතත් අට්ඨකථාවන්හි මෙසේ සඳහන් වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව ලැබුණු අස්ථි ධාතූන් වහන්සේලා ගැන සලකමිනි.) පාරිභෝගික, චෛත්‍යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි පටන් ම විද්‍යමාන වෙති. ඒ සඳහා තිබෙන හොඳ ම නිදසුන නම්, දඹදිව ජේතවන මහාවිහාරයෙහි තිබෙන ශ්‍රීමත් ආනන්ද බෝධීන් වහන්සේ යි. එම ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කළ ආකාරය සහ බුද්ධෝපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු රාජකීය බෝධි පූජා පුණ්‍යකර්මය පිළිබඳව පන්සිය පනස් ජාතක පොත් වහන්සේට අයත් කාලිංග බෝධි ජාතකයෙහි සඳහන් වේ. මෙලෙස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයන් වහන්සේලාට පුද සත්කාර කිරීම ආරම්භ වූයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි පටන්මය. ඒ අනුව ආනන්ද තෙරුන් වහන්සේගේ සංවිධානයෙන් සිදු කෙරුණු එම බෝධිපූජාව දශබලධාරීන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරුණු ඒකාන්ත බුද්ධපූජාවකි. එහෙත් අද ඇතැම් කෙනෙක් තම අනවබෝධය නිසා ලෞකික පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා දේවපූජාවක් හෝ ග්‍රහ අපල පූජාවක් වශයෙන් බෝධි පූජා සිදු කරති. එවිට එය නියම බුද්ධපූජාවක් වන්නේ නැත. එනිසා ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට පුද සත්කාර පවත්වන පින්වතුන් විසින් එය ජීවමාන බුදුරජාණන් වහන්සේට සිදු කරන උතුම් පූජාවක් වශයෙන් සලකා උසස්ම ගෞරවයෙන් මෙන්ම පිරිසුදුව සිදු කිරීමට ද උත්සාවත් විය යුතුය.

ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කිරීමට යන ගිහි පින්වතුන් විසින් පළමුව දිය නා පිරිසුදු වී සුදු වස්ත්‍රයෙන් සැරසීම වඩාත් සුදුසුය. ‘පිනකට යනවිට සුදු ඇඳපන්නේ’ යනු පැරණි ගැමි කියමනකි. එනිසා පින්කම්, වන්දනා -ගමන් සඳහා යන විට සුදු– වස්ත්‍රයෙන් සැරසීම ඉතාම උචිතය. පිළියෙල කරගන්නා පූජා භාණ්ඩ ද පිරිසුදුවම සකස් කර ගත යුතුය. අනතුරුව ත්‍රිවිධ චෛත්‍යයන් වෙත ගොස් ඒ අවට අපිරිසුදු වී තිබේ නම් සෑමළු - බෝමළු - විහාරමළු ඇමද පිරිසුදු කළ යුතුය. එසේ වත් පිළිවෙත් සිදු කරන පින්වතුන් විසින් සිනාසෙමින් කථා කරමින් ත්‍රිවිධ චෛත්‍යයන් අසල නො හැසිරිය යුතුය. එසේම පාවහන් පැළඳ, කුඩ ඉසලාගෙන සෑමළු - බෝමළුවල ගමන් නොකළ යුතුය. එය බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් බව අට්ඨකථාවන්හි සඳහන් වේ. එනිසා සෑමළු-බෝමළු ආදිය අමදින පින්වතුන් විසින් තමන් සමීපයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව සිහි තබාගෙන බුදුගුණ සිහි කරමින්ම ඇමදීම් ආදී වත්පිළිවෙත් කළ යුතුය.

ඇතැමුන් පිරිස් වශයෙන් සෑමළු- බෝමළු ආදියෙහි හිඳිමින් අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටිනු දක්නට ලැබේ’ එය නො මැනවි. ආහාර, ගිලන්පස ආදිය පූජා කරන බඳුන් ද ඉතා හොඳින් පිරිසුදු කරගත යුතුය. කුඩා ළමයින්ගේ ක්‍රීඩා භාණ්ඩ බඳු කුඩා පැන් බඳුන් (කෝප්ප), පාත්‍ර ආදිය නොගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට පරිහරණය කළහැකි තත්ත්වයේ ඉතා හොඳ බඳුන් ය, බුද්ධපූජාව සඳහා ගතයුත්තේ. බඳුන්වල බුද්ධපූජාව අසුරා පිරිසුදු වැසුම් වලින් ආවරණය කළ යුතුය. මල්, පහන්, සුවඳ දුම් ආදිය සකස් කර ගැනීමෙහිදීත් ගෞරවයෙන්ම එය සිදු කළ යුතුය. මල් වට්ටි, සුවඳ දුම් බඳුන් පහන්තැටි ආදිය අපිරිසුදුව තිබේ නම්, පළමුව ඒ සියල්ල පිරිසුදු කරගත යුතුය. මැලවුණු, තැළුණු මල් හැර හොඳ මල් පිළිවෙළකට මලසුන මත හෝ මල් වට්ටිවල තැන්පත් කර ගත යුතුය. අනතුරුව පහන් දල්වා ඉතා ගෞරවයෙන් ශබ්ද නඟා බුදුගුණ කියමින් (සජ්ඣායනා කරමින්) බුද්ධපූජාව ආසන මත තැන්පත් කොට දොහොත් මුදුන් තබා වැඳ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියෙහි වැඩසිටින සේකැ’යි සිතා ආදර ගෞරවයෙන් තෙරුවන් වන්දනා කළ යුතුය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු සධාතුක ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේට සිදු කරන සියලු වතාවත් සිදු කොට බුද්ධපූජාව පූජා කිරීම, ජීවමාන බුදුරජාණන් වහන්සේට දන්දීමක් හා සමාන බව මජ්ඣිම නිකාය අට්ඨකථාවේ දක්ඛිණාවිභංග සූත්‍ර වර්ණනාව අනුව පෙනේ. එහෙත් මේ පිළිබඳව නියමාකාරයෙන් නොදැනීම නිසා නො සැලකිල්ලෙන් තෙරුවන් වැඳීම හේතුවෙන් බොහෝදෙනකුට තමන්ට පහසුවෙන් සිදුකරගත හැකිව තිබෙන ඉතාම ආනිශංසදායක කුසල කර්මයක් මඟහැරී යනු දැකිය හැකිය.

තෙරුවන් වඳිනවිට සජ්ඣායනා කරනු ලබන ගාථා නිවැරදි උච්චාරණ සහිතව තේරුම් ද දැනගෙන ශබ්ද නඟා කීමෙන් වැඩි ආනිශංසයක් ලැබෙනු ඇත. තෙරුවන් ගුණ වචනයෙන් කීමද ආනිශංසදායක කුසලයකි. වන්දනා කර අවසන් වූ පසු ආහාර, ගිලන්පස බඳුන් පිරිසුදු කර සුදුසු පරිදි තැන්පත් කළ යුතුය. පූජනීය ස්ථාන අපිරිසුදු වන ලෙස හඳුන් කූ®රු පෙට්ටි, හිස් ගිනිපෙට්ටි, ගිනිකූ®රු, පහන් වැටි (තිර), ඇසුරුම්, කඩදාසි, පොලිතින් මලු ආදිය තැන් තැන්වල දැමීම වූ කලී පූජනීය ස්ථාන කෙලෙසීමකි. එයින් අකුසල් ද සිදුවිය හැකි බැවින් සෑම විටම අපද්‍රව්‍ය කසළ දමන බඳුන් තුළට දැමීමට අමතක නොකළ යුතුය.

ඡායාරූප ගැනීම

ඇතැම් කෙනෙක් තම නොදැනීම නිසා ත්‍රිවිධ චෛත්‍යයන්ට පිටුපස හරවා ඡායාරූප ගනිති. එය නො මැනවි. ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා සමීපයෙහි දී ඒ දෙසට තම පිටුපස හරවා අසුන් ගැනීම ද නො කළ යුතුය. ඡායාරූප ගන්නා විට පූජනීය ස්ථානවලට අගෞරවයක් නො වන ලෙස ත්‍රිවිධ චෛත්‍යයන්ට පිටු නො පා හෝ චෛත්‍ය මළු, බෝ මළු ආදියෙන් ඉවත් වී හෝ ඡායාරූප ගැනීම කළ යුතුය. එනිසා ලක්දිව හෝ ඉන්දියාව, බුරුමය, තායිලන්තය බඳු විදේශ රටක හෝ තිබෙන ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා වැඳීමට යන පින්වතුන් එය හුදු විනෝද ගමනක් නොව බුදුරජාණන් වහන්සේ දැකීමට යන උතුම් පූජනීය ගමනක් බව සලකා ගෙනම ගමනට සූදානම් විය යුතුය. මෙලෙස තෙරුවන් කෙරෙහි ඇතිකර ගත් බලවත් ගෞරවයෙන් යුතුව ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කර ගැනීමෙන් බලවත් කාමාවචර කුසලයක් සිදු කර ගත හැකිය.

තවද, ද්වේෂ සහගතව ත්‍රිවිධ චෛත්‍යයන් විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට ආනන්තර්ය (අනතුරු ජීවිතයෙහි නිරයෙහි විපාක විඳීමට සිදුවන) අකුසල කර්මයක් හා සමාන බලවත් අකුසලයක් සිදුවන බව මජ්ඣිම නිකාය, අට්ඨකතාවේ බහුධාතුක සූත්රවර්ණනාවෙහි සඳහන් වේ’ ඒ නිසා ත්‍රිවිධ චෛත්‍යයන්ට දැන දැන හානියක් වන ආකාරයට කටයුතු කිරීම කිසිසේත්ම නො කළ යුතු වන අතර ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා ඉදිකරවීමෙන්, ප්‍රතිසංස්කරණය කිරීමෙන්, රැක ගැනීමෙන් සහ වත් පිළිවෙත් කර පිරිසුදු කිරීමෙන් ස්වර්ග මෝක්ෂ සම්පත් ලබාගත හැකිවන බව ද වටහා ගත යුතුය. එනිසා ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා ගෞරවයෙන් වන්දනා කර ගනිමින් සසර ගමන කෙටි කර ගැනීමට නුවණැති සත්පුරුෂයෝ අදිටන් කර ගත යුතුය. ලක්දිව වනාහි සර්වඥධාතු මංජුසාවක් බඳුය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරක ධාතූ®න් වහන්සේලාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලක්දිව පිහිටි චෛත්‍යරාජයාණන් වහන්සේලා තුළ තැන්පත්ව ඇත. ද්‍රොණයක් පමණ වූ ශාරීරික ධාතූ®න් වහන්සේලා ද දළඳා වහන්සේලා දෙනමක් ද ලලාට ධාතූ®න් වහන්සේ දකුණු අකු ධාතූ®න් වහන්සේ ද කේශ ධාතූ®න් වහන්සේලා ආදි ශාරීරික, චෛත්‍යයන් වහන්සේලා ද, ජය ශ්‍රි මහාබෝධීන් වහන්සේ ප්‍රධාන පාරිභෝගික - චෛත්‍යයක් ද, උද්දේසික චෛත්‍යයන් ද ඇතුළු ලක්දිව පිහිටි ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට මෙන්ම මෙම විශ්වය තුළ පිහිටි සියලුම ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට සිත, කය, වචනය යන තිදොරින් අපගේ නමස්කාරය වේවා!

සාධු ! සාධු !! සාධු !!!

[QUOTE="Lewke, post: 16815126, member: 510552"] [b]ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව[/b] [SIZE=4] [B][SIZE=5]ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව [/SIZE][/B] [/SIZE] [SIZE=2]නාවල ධම්මානන්ද හිමි[/SIZE] [SIZE=4][I]තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර සිදුකළ හැකි චෛත්‍ය තුන් වර්ගයකි.[/I][/SIZE] [SIZE=4] 1. ශාරීරික - චෛත්‍යය 2. පාරිභොගික - චෛත්‍යය 3. උද්දේසික - චෛත්‍යය ([I]කාලිඩ්ගබෝධි ජාතකය )[/I][/SIZE] [SIZE=4]බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැ පසු ශ්‍රී බුද්ධ ශරීරය ආදාහනය කිරීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා සහ එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදිකෙරුණු ස්තූප ශාරීරික චෛත්‍යයෝ ය. භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කළ සිවුරු - පාත්‍ර ආදිය සහ සම්බුද්ධත්වයට පත්වීමෙහි දී පිටදී වැඩහුන් ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ ද සමාපත්ති සුවයෙන් වැඩ හිඳ පරිභෝග කළ ස්ථාන ද, බුදුරජාණන් වහන්සේ ලොව පහල වූ ස්ථානය, සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, ප්‍රථමයෙන් දහම් දෙසූ ස්ථානය, පිරිනිවන් පා වදාළා වූ ස්ථානය යන සිවු මහා සංවේග ස්ථාන ද ශ්‍රී පාද ලාංඡන ද යන මේ සියල්ල පාරිභෝගික චෛත්‍යයෝ ය. ශාරීරික සහ පාරිභෝගික චෛත්‍ය නො වන, බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සංකේත ආදිය උද්දේසික - චෛත්‍යයෝ ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් ශාරීරික, චෛත්‍යයන් වහන්සේලා විද්‍යාමාන වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවය. (බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූ®න් හා නිය ධාතූන් වහන්සේලා තැන්පත් කොට තැනූ චෛත්‍යය කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි ම තිබුණු බව පෙනෙන්නට ඇතත් අට්ඨකථාවන්හි මෙසේ සඳහන් වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව ලැබුණු අස්ථි ධාතූන් වහන්සේලා ගැන සලකමිනි.) පාරිභෝගික, චෛත්‍යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි පටන් ම විද්‍යමාන වෙති. ඒ සඳහා තිබෙන හොඳ ම නිදසුන නම්, දඹදිව ජේතවන මහාවිහාරයෙහි තිබෙන ශ්‍රීමත් ආනන්ද බෝධීන් වහන්සේ යි. එම ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කළ ආකාරය සහ බුද්ධෝපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු රාජකීය බෝධි පූජා පුණ්‍යකර්මය පිළිබඳව පන්සිය පනස් ජාතක පොත් වහන්සේට අයත් කාලිංග බෝධි ජාතකයෙහි සඳහන් වේ. මෙලෙස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයන් වහන්සේලාට පුද සත්කාර කිරීම ආරම්භ වූයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි පටන්මය. ඒ අනුව ආනන්ද තෙරුන් වහන්සේගේ සංවිධානයෙන් සිදු කෙරුණු එම බෝධිපූජාව දශබලධාරීන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරුණු ඒකාන්ත බුද්ධපූජාවකි. එහෙත් අද ඇතැම් කෙනෙක් තම අනවබෝධය නිසා ලෞකික පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා දේවපූජාවක් හෝ ග්‍රහ අපල පූජාවක් වශයෙන් බෝධි පූජා සිදු කරති. එවිට එය නියම බුද්ධපූජාවක් වන්නේ නැත. එනිසා ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට පුද සත්කාර පවත්වන පින්වතුන් විසින් එය ජීවමාන බුදුරජාණන් වහන්සේට සිදු කරන උතුම් පූජාවක් වශයෙන් සලකා උසස්ම ගෞරවයෙන් මෙන්ම පිරිසුදුව සිදු කිරීමට ද උත්සාවත් විය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කිරීමට යන ගිහි පින්වතුන් විසින් පළමුව දිය නා පිරිසුදු වී සුදු වස්ත්‍රයෙන් සැරසීම වඩාත් සුදුසුය. ‘පිනකට යනවිට සුදු ඇඳපන්නේ’ යනු පැරණි ගැමි කියමනකි. එනිසා පින්කම්, වන්දනා -ගමන් සඳහා යන විට සුදු– වස්ත්‍රයෙන් සැරසීම ඉතාම උචිතය. පිළියෙල කරගන්නා පූජා භාණ්ඩ ද පිරිසුදුවම සකස් කර ගත යුතුය. අනතුරුව ත්‍රිවිධ චෛත්‍යයන් වෙත ගොස් ඒ අවට අපිරිසුදු වී තිබේ නම් සෑමළු - බෝමළු - විහාරමළු ඇමද පිරිසුදු කළ යුතුය. එසේ වත් පිළිවෙත් සිදු කරන පින්වතුන් විසින් සිනාසෙමින් කථා කරමින් ත්‍රිවිධ චෛත්‍යයන් අසල නො හැසිරිය යුතුය. එසේම පාවහන් පැළඳ, කුඩ ඉසලාගෙන සෑමළු - බෝමළුවල ගමන් නොකළ යුතුය. එය බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් බව අට්ඨකථාවන්හි සඳහන් වේ. එනිසා සෑමළු-බෝමළු ආදිය අමදින පින්වතුන් විසින් තමන් සමීපයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව සිහි තබාගෙන බුදුගුණ සිහි කරමින්ම ඇමදීම් ආදී වත්පිළිවෙත් කළ යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඇතැමුන් පිරිස් වශයෙන් සෑමළු- බෝමළු ආදියෙහි හිඳිමින් අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටිනු දක්නට ලැබේ’ එය නො මැනවි. ආහාර, ගිලන්පස ආදිය පූජා කරන බඳුන් ද ඉතා හොඳින් පිරිසුදු කරගත යුතුය. කුඩා ළමයින්ගේ ක්‍රීඩා භාණ්ඩ බඳු කුඩා පැන් බඳුන් (කෝප්ප), පාත්‍ර ආදිය නොගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට පරිහරණය කළහැකි තත්ත්වයේ ඉතා හොඳ බඳුන් ය, බුද්ධපූජාව සඳහා ගතයුත්තේ. බඳුන්වල බුද්ධපූජාව අසුරා පිරිසුදු වැසුම් වලින් ආවරණය කළ යුතුය. මල්, පහන්, සුවඳ දුම් ආදිය සකස් කර ගැනීමෙහිදීත් ගෞරවයෙන්ම එය සිදු කළ යුතුය. මල් වට්ටි, සුවඳ දුම් බඳුන් පහන්තැටි ආදිය අපිරිසුදුව තිබේ නම්, පළමුව ඒ සියල්ල පිරිසුදු කරගත යුතුය. මැලවුණු, තැළුණු මල් හැර හොඳ මල් පිළිවෙළකට මලසුන මත හෝ මල් වට්ටිවල තැන්පත් කර ගත යුතුය. අනතුරුව පහන් දල්වා ඉතා ගෞරවයෙන් ශබ්ද නඟා බුදුගුණ කියමින් (සජ්ඣායනා කරමින්) බුද්ධපූජාව ආසන මත තැන්පත් කොට දොහොත් මුදුන් තබා වැඳ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියෙහි වැඩසිටින සේකැ’යි සිතා ආදර ගෞරවයෙන් තෙරුවන් වන්දනා කළ යුතුය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු සධාතුක ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේට සිදු කරන සියලු වතාවත් සිදු කොට බුද්ධපූජාව පූජා කිරීම, ජීවමාන බුදුරජාණන් වහන්සේට දන්දීමක් හා සමාන බව මජ්ඣිම නිකාය අට්ඨකථාවේ දක්ඛිණාවිභංග සූත්‍ර වර්ණනාව අනුව පෙනේ. එහෙත් මේ පිළිබඳව නියමාකාරයෙන් නොදැනීම නිසා නො සැලකිල්ලෙන් තෙරුවන් වැඳීම හේතුවෙන් බොහෝදෙනකුට තමන්ට පහසුවෙන් සිදුකරගත හැකිව තිබෙන ඉතාම ආනිශංසදායක කුසල කර්මයක් මඟහැරී යනු දැකිය හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තෙරුවන් වඳිනවිට සජ්ඣායනා කරනු ලබන ගාථා නිවැරදි උච්චාරණ සහිතව තේරුම් ද දැනගෙන ශබ්ද නඟා කීමෙන් වැඩි ආනිශංසයක් ලැබෙනු ඇත. තෙරුවන් ගුණ වචනයෙන් කීමද ආනිශංසදායක කුසලයකි. වන්දනා කර අවසන් වූ පසු ආහාර, ගිලන්පස බඳුන් පිරිසුදු කර සුදුසු පරිදි තැන්පත් කළ යුතුය. පූජනීය ස්ථාන අපිරිසුදු වන ලෙස හඳුන් කූ®රු පෙට්ටි, හිස් ගිනිපෙට්ටි, ගිනිකූ®රු, පහන් වැටි (තිර), ඇසුරුම්, කඩදාසි, පොලිතින් මලු ආදිය තැන් තැන්වල දැමීම වූ කලී පූජනීය ස්ථාන කෙලෙසීමකි. එයින් අකුසල් ද සිදුවිය හැකි බැවින් සෑම විටම අපද්‍රව්‍ය කසළ දමන බඳුන් තුළට දැමීමට අමතක නොකළ යුතුය.[/SIZE] [B][SIZE=4] ඡායාරූප ගැනීම[/SIZE][/B] [SIZE=4] ඇතැම් කෙනෙක් තම නොදැනීම නිසා ත්‍රිවිධ චෛත්‍යයන්ට පිටුපස හරවා ඡායාරූප ගනිති. එය නො මැනවි. ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා සමීපයෙහි දී ඒ දෙසට තම පිටුපස හරවා අසුන් ගැනීම ද නො කළ යුතුය. ඡායාරූප ගන්නා විට පූජනීය ස්ථානවලට අගෞරවයක් නො වන ලෙස ත්‍රිවිධ චෛත්‍යයන්ට පිටු නො පා හෝ චෛත්‍ය මළු, බෝ මළු ආදියෙන් ඉවත් වී හෝ ඡායාරූප ගැනීම කළ යුතුය. එනිසා ලක්දිව හෝ ඉන්දියාව, බුරුමය, තායිලන්තය බඳු විදේශ රටක හෝ තිබෙන ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා වැඳීමට යන පින්වතුන් එය හුදු විනෝද ගමනක් නොව බුදුරජාණන් වහන්සේ දැකීමට යන උතුම් පූජනීය ගමනක් බව සලකා ගෙනම ගමනට සූදානම් විය යුතුය. මෙලෙස තෙරුවන් කෙරෙහි ඇතිකර ගත් බලවත් ගෞරවයෙන් යුතුව ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කර ගැනීමෙන් බලවත් කාමාවචර කුසලයක් සිදු කර ගත හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තවද, ද්වේෂ සහගතව ත්‍රිවිධ චෛත්‍යයන් විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට ආනන්තර්ය (අනතුරු ජීවිතයෙහි නිරයෙහි විපාක විඳීමට සිදුවන) අකුසල කර්මයක් හා සමාන බලවත් අකුසලයක් සිදුවන බව මජ්ඣිම නිකාය, අට්ඨකතාවේ බහුධාතුක සූත්රවර්ණනාවෙහි සඳහන් වේ’ ඒ නිසා ත්‍රිවිධ චෛත්‍යයන්ට දැන දැන හානියක් වන ආකාරයට කටයුතු කිරීම කිසිසේත්ම නො කළ යුතු වන අතර ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා ඉදිකරවීමෙන්, ප්‍රතිසංස්කරණය කිරීමෙන්, රැක ගැනීමෙන් සහ වත් පිළිවෙත් කර පිරිසුදු කිරීමෙන් ස්වර්ග මෝක්ෂ සම්පත් ලබාගත හැකිවන බව ද වටහා ගත යුතුය. එනිසා ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා ගෞරවයෙන් වන්දනා කර ගනිමින් සසර ගමන කෙටි කර ගැනීමට නුවණැති සත්පුරුෂයෝ අදිටන් කර ගත යුතුය. ලක්දිව වනාහි සර්වඥධාතු මංජුසාවක් බඳුය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරක ධාතූ®න් වහන්සේලාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලක්දිව පිහිටි චෛත්‍යරාජයාණන් වහන්සේලා තුළ තැන්පත්ව ඇත. ද්‍රොණයක් පමණ වූ ශාරීරික ධාතූ®න් වහන්සේලා ද දළඳා වහන්සේලා දෙනමක් ද ලලාට ධාතූ®න් වහන්සේ දකුණු අකු ධාතූ®න් වහන්සේ ද කේශ ධාතූ®න් වහන්සේලා ආදි ශාරීරික, චෛත්‍යයන් වහන්සේලා ද, ජය ශ්‍රි මහාබෝධීන් වහන්සේ ප්‍රධාන පාරිභෝගික - චෛත්‍යයක් ද, උද්දේසික චෛත්‍යයන් ද ඇතුළු ලක්දිව පිහිටි ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට මෙන්ම මෙම විශ්වය තුළ පිහිටි සියලුම ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට සිත, කය, වචනය යන තිදොරින් අපගේ නමස්කාරය වේවා![/SIZE] [SIZE=4] සාධු ! සාධු !! සාධු !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom