Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ත්‍රිහේතුක උත්පත්තියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මාවබෝධය ලැබිය හැකි පුද්ගලයින්ගේ ස්වභාවය සහ ඔවුන් විසින් ගැඹුරු ධර්මය ශ්‍රවනය කරන මොහොත වන විට එය අවබෝධ කිරීම සඳහා පූර්වයෙන් සම්පාදනය කළ යුතු ධර්මයන් කොටසක් පවත්නා බව පසුගිය ලිපියෙහිදී සාකච්ඡා කරන ලදි. ජීවිතයේ ස්වභාවය නම් කර්මානුරූපීව සුදුසු භවයන්හි ප්රතිසන්ධිය ලැබීම ය. තමා කෙතරම් කැමති වුව ද එයට අනුරූපීව ජීවිතය පවත්නේ නොවේ. හේතු ප්රත්යයන්ට අනුසාරයෙන් හට ගෙන බිඳී යන ජීවිතය පිළිබඳ පාලනයක් තමන්ට නොවේ. ජීවිතය අනාත්මය යනුවෙන් හඳුන්වනුයේ එහෙයිනි. ඒ බව මේ ජීවිතය පිළිබඳ නුවණින් විමසීමෙන් වටහා ගත හැකිය. තමන් මේ මොහොතේ කෙතරම් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ලෝකය සමග වාද විවාද සිදු කළ ද මේ ජීවිතයේ ප්රතිසන්ධිය හෙවත් උපත සිදු වූයේ තමාගේ කැමැත්තට අනුව නොවන බව පැහැදිලි ය. කිසිවක් නොදැන අවිද්‍යාවෙන් යුක්තව මුලා බවට පැමිණ පූර්ව ජීවිතයෙහි මරණාසන්න අවස්ථාවෙහි ඉදිරිපත් වූ කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී යම් කිසිවකට අනුව කිසිවෙකුගේ බලපෑමෙන් තොරව හේතු ප්රත්යයන්ට අනුව මනුලොව ප්රතිසන්ධිය ලබා තිබේ. කෙතෙක් තර්ක කළ ද යථා ස්වභාවය මෙය වන්නේ ය. මෙවැනි වූ ජීවිතයක් ලැබූ අපි සියලු දෙනා වැඩී යම් වයසකට පත් වූ පසු විවිධ කරුණු ගෙන හැර දක්වමින් ජීවිතය හා ලෝකය පිළිබඳ මහත් වූ විශ්ලේෂණයන් තම තමන් විසින් ගොඩනගාගත් දැනුමට අනුව සිදු කරමින් ජීවත් වන්නෙමු. එහෙත් යථා ස්වභාවය කුමක් ද? අප සිතන දේ ඒ අයුරින් ම සිදු වේ ද? ප්රතිසන්ධිය හෙවත් උපත තීරණය කරනුයේ මරණාසන්න අවස්ථාවේ ඉදිරිපත් වන කර්මයට අනුව නම් යමෙකුට ධර්මාවබෝධය කළ හැකි ස්වභාවයක් නිර්මාණය වීමට එම ප්රතිසන්ධිය උපනිශ්‍රය වන්නේ කුමන අයුරින් ද යන කරුණු පිළිබඳ පැහැදිලි සහ ගැඹුරු අවබෝධයක් ඇති කරගත යුතු ය. සසර ස්වභාවය මදකට හෝ වැටහෙනුයේ එවන් ගැඹුරු අවබෝධයකින් යුතුව කල්පනා කරන්නවුන්ට ය. අනවබෝධයෙන් යුක්තව කොපමණ තර්ක කළ ද ඉන් සිදුවන යහපතක් නැත. එයින් කිසිවකුටත් යථාර්ථය අවබෝධ නොවේ. එසේ හෙයින් ප්‍රථමයෙන් කළ යුතු වන්නේ නිවැරදිව කරුණු තේරුම් ගැනීමට උත්සහ ගැනීම ය. එවිට තව දුරටත් තර්ක කිරීමට ගැටලුවක් ඉතිරි නොවනු ඇත.

ප්රතිසන්ධිය

ප්‍රඥාව දියුණු වීමට නම් ඊට අදාළ පිළිවෙත් මාර්ගයන් පූරණය කළ යුතු ය. එසේම මේ ජීවිතයේ දී ප්‍රඥාව දියුණු වීමට නම් එයට සුදුසු ප්‍රතිසන්ධියක් ලැබිය යුතු ය. ලොව දෙස විමසිල්ලෙන් බලන කල්හි සියලු දෙනාගේ ජීවිත එක හා සමාන නොවන බව පැහැදලි වේ. නව සත්තාවාස අතුරින් මනුෂ්‍යය ලෝකය හඳුන්වනුයේ නානත්ත කායා නානත්ත සංඥී යනුවෙනි. එයට හේතුව මෙහි ප්රතිසන්ධි ලබන මනුෂ්යයයෝ එක ම කර්මයකින් ප්රතිසන්ධි නොලබති. ප්රතිසන්ධි ලබන කර්මයන් ඔවුනොවුන්ට වෙනස් හෙයින් නානත්ත සංඥී නමින් දැක්වේ. එහි පවත්නා අනේක වූ ස්වභාවයන් හේතුවෙන් හටගන්නා රූපයන් ද එක හා සමාන නොවේ. නානත්ත කායා යනු එම ස්වභාවය විස්තර කිරීමකි. ප්රතිසන්ධි ලැබීමේදී කර්ම ප්‍රත්‍යයයෙන් හටගන්නා රූප කලාප තිහකි. කාය දසක, භාව දසක හා වත්ථු දසක යනුවෙන් හඳුන්වනුයේ එම රූප කලාපයන් ය. එසේ හෙයින් රූපය එක හා සමාන නොවේ. ඇතැම් විට සමාන වූ රූපයන් සහිත පුද්ගලයින් දක්නට ලැබුන ද එය බාහිර ස්වරූපයෙන් පමණි. එයත් සෑම විට ම එක හා සමාන නොවන බව දත යුතු ය.

ප්රතිසන්ධිය කර්මයට අනුසාරයෙන් ලැබෙන්නකි. ‘අභිධර්මාර්ථ සංග්‍රහය’ සහ ‘අත්ථසාලිනී අට්ඨකථාව’ පාදක කොටගෙන මෙම කරුණ ඉතා සියුම්ව විග්රහ කළ හැකි ය.

අහේතුක ප්රතිසන්ධි

මරණාසන්න කාලයෙහි අරමුණු වන කර්ම, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන එක් අරමුණක් පාදක කොටගෙන ඊළඟ භවයේ ප්රතිසන්ධිය ඇති කර යි. මෙහි දී දත යුතු ප්‍රධාන කරුණ නම් සත්ත්ව පුද්ගල භාවයක් මෙහි නොමැති බව ය. චිත්ත, චෛතසික, කර්ම ආදියේ බලපෑමක් පමණක් විද්‍යමාන වේ. ඉදිරිපත් වන කර්මයේ පවත්නා දුබල බව සහ ප්රබලත්වයට අනුව ලබන ප්රතිසන්ධිය තෙවැදෑරුම් වේ. අහේතුක ප්රතිසන්ධි, ද්විහේතුක ප්රතිසන්ධි, ත්‍රිහේතුක ප්රතිසන්ධි යනු එම තෙවැදැරුම් ප්රතිසන්ධීන් ය. මෙම කරුණු පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය. ඇතැම් විට මෙම කරුණ සමාජයේ විවාදාපන්නව පවතින කරුණකි. ඇතැමෙක් ත්රිහේතුකාදී ප්රතිසන්ධි ධර්මාවබෝධය හා සම්බන්ධයක් නොමැති බව පවසමින් ප්‍රතික්ෂේප කරන අතර තවත් පිරිසක් එය පිළිගනියි. මෙහිදී අප තේරුම් ගත යුතු කරුණ නම් ධර්ම ස්වභාවය අනුව ප්‍රතිසන්ධියේ ස්වභාවය ධර්මාවබෝධය විෂයෙහි ඒකාන්තයෙන් බලපවත්වන බව ය. මෙහි විග්රහ වන කරුණු මනා විමසීමකින් යුක්තව ම තේරුම් ගැනීමෙන් ඒ බව ප්‍රකට වේ.

අහේතුක ප්රතිසන්ධිය කොටස් දෙකකට බෙදේ. එනම් සුගති අහේතුක ප්රතිසන්ධිය හා දුර්ගති අහේතුක ප්රතිසන්ධිය වශයෙනි. මනුෂ්‍ය ලෝකයන් තුළ උපතින් ම අන්ධ, ගොළු, බිහිරි, මන්ද බුද්ධික, අංගවිකල ආදි විවිධ අඩුපාඩුකම් සහිතව ලබන ප්රතිසන්ධිය සුගති අහේතුක ප්රතිසන්ධිය වශයෙන් හැඳින්වේ. එවැනි ප්රතිසන්ධීන් ලබනුයේ සිදු කරන ලද දුර්වල කුසල කර්මයන්හි විපාක වශයෙනි. මෙහිදී අවබෝධ කළයුතු ප්‍රධාන කරුණ නම් සුගති අහේතුක ප්රතිසන්ධිය ලබා දුන් සිත පමණක් දුර්වල කුසලයකින් හටගත් එකක් වන බව ය. විවිධ දුර්වලතා ඇති කිරීම සඳහා වෙනත් කර්මයන්ගේ උපනිශ්‍රය ද ලැබෙන බව දත යුතු ය. එයට හේතුව නම් කුසලයෙන් අමිහිරි විපාක ලබා නොදෙන හෙයිනි. යමෙක් දුර්වල කුසල කර්මයේ විපාක හේතුකොටගෙන අන්ධ, ගොළු, බිහිරි, මන්දබුද්ධික ආදි දුර්වලතා හටගත්තේ යැයි පවසන්නේ නම් එය ධර්ම විරෝධි, ධර්ම න්‍යායයන්ට පටහැනි විග්‍රහයක් බව නුවණින්ම දත යුතු ය. කුසලයෙන් යහපත් විපාකයන් ම ජනිත කරන්නේ ය. තිරිසන්, ප්‍රේත, නිරයාදි දුර්ගති ලෝකයන් තුළ ලබන ප්රතිසන්ධිය දුගති අහේතුක ප්රතිසන්ධිය නම් වේ. දුර්ගති ලෝකයන් තුළ ප්රතිසන්ධිය ලබනුයේ අකුසල කර්මයේ විපාක වශයෙනි. තිරිසන් ලෝකයන් තුළ ප්‍රිය වූ මනා රූපයන්ගෙන් යුත් සත්ත්වයන් දක්නට ලැබේ. එවැනි රූපස්වභාවයන් බොහෝ විට ලැබෙනුයේ කුසල කර්ම උපනිශ්‍රය වීමෙන් බව දත යුතු ය. බෝසතුන් අකුසල කර්මයන් හේතුකොටගෙන මයුර ජාතියෙහි උපන් අවස්ථාවේ මනා වර්ණවත් වූ රූපයක් ලැබූයේ පූර්ව භවයන්හි සීලය මනාකොට ආරක්ෂා කළ නිසාවෙන් බව ජාතක පාලියෙන් හෙළි වේ.

ප්‍රකෘති චිත්තය

අහේතුක, ද්විහේතුක හා ත්‍රිහේතුක ප්රතිසන්ධි මනුෂ්‍ය ලෝකයන් තුළ විද්‍යමාන වේ. දිව්‍ය ලෝකයන්හි අහේතුක ප්රතිසන්ධි නැත. ද්විහේතුක ත්‍රිහේතුක ප්රතිසන්ධි ලැබීමට හේතු ඇත. එයට හේතුව අංග ප්‍රත්‍යයන්ගේ අඩුපාඩු සහිතව දෙවියන් නූපදින බැවිනි. බ්‍රහ්ම ලෝකයන්හි ත්‍රිහේතුක ප්රතිසන්ධි පමණක් විද්‍යමාන වේ.

ද්විහේතුක හා ත්‍රිහේතුක ප්රතිසන්ධිය ලැබූවන්ගේ ස්වරූපය බාහිර ලක්ෂණ මගින් වෙන් කොට හඳුනා ගත නොහැකි ය. ඔවුගේ ප්‍රඥාවේ ස්වරූපයෙහි වෙනස් කම් දක්නට ලැබේ. ත්‍රිහේතුක ප්රතිසන්ධිකයින් ජාති ප්‍රාඥයින් වශයෙන් හඳුන්ව යි. ඔවුනට උපතින් ම ඥානය පිහිටා තිබේ. මෙසේ ප්රතිසන්ධිය විවිධාකාර වශයෙන් බෙදීම කර්මයට අනුව සිදු වන්නකි. එය ද නිරවුල්ව අවබෝධ කරගත යුතු ය. ප්රතිසන්ධි අතුරින් ත්‍රිහේතුක ප්රතිසන්ධිකයා ම ධ්‍යාන මාර්ගඵල ආදී උත්තරීමනුෂ්‍ය ධර්ම ලැබීමේ සමත් බවක් දක්වයි. එහෙත් ත්‍රිහේතුක ප්රතිසන්ධිකයින් සියල්ලෝ ම එසේ සමත් වන බවක් එයින් ගම්‍ය නොවේ.

ත්‍රිහේතුක ප්රතිසන්ධි ලැබූ සත්ත්වයාගේ ප්රතිසන්ධිය සඳහා පාදක වූ කුසල කර්මය ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයකි. ප්රතිසන්ධිය මෙසේ ත්‍රිවිධාකාර වනුයේ ඒ සඳහා පාදක වූ කුසල කර්මයේ පවත්නා ප්‍රබල හා දුබල ස්වභාවය අනුව ය. කුසලය වනාහි විවිධ ප්රභේදයන් යටතේ විග්රහ කළ යුතු කරුණකි. ඒ පිළිබඳ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ. සිත භාවිත කළ ආකාරයට අනුව කර්මය ද වඩ වඩාත් නිවැරදිව සිදු කළ හැකි ය. සිතේ ස්වභාවය යම් තරමකින් හෝ දැන ගැනීමට අභිධර්මය පිළිබඳ දැනීම තිබිය යුතු ය. ප්රතිසන්ධිය සිත හා සම්බන්ධ වන්නක් බැවින් සිත පිළිබඳ මනා අවබෝධයක් ලබා මෙම කරුණු තේරුම් ගත යුතු ය. ලොව උපදින ඇතැම් පුද්ගලයන් හට ඇතැම් ගැඹුරු සහ සියුම් කරුණු ඉතා පහසුවෙන් අවබෝධ කළ හැකි ආකාරයේ තියුණු චිත්තයක් ලැබී ඇත. එසේ ම ඇතමුන්ට එය මධ්‍යම ප්‍රමාණයෙන් පවතී. තවත් පිරිසකට කෙතරම් කාලයක් එම කරුණු පැහැදිලි කළ ද කිසිවක් තේරුම්ගත නොහැකි වේ. සත්ත්වයාගේ ප්‍රකෘති චිත්තය දුබල වීමෙන් පැහැදිලි වූ සන්තානයක් නොමැති හෙයින් ගැඹුරු කරුණු අවබෝධ නොවේ. ප්‍රකෘති චිත්තය ලෙස හඳුන්වන ලද්දේ ප්රතිසන්ධිය සඳහා පාදක වූ චිත්තය යි. භවාංග සිත නමින් හඳුන්වනුයේ ද එම සිත ය. සෑම සිතක ම කෘත්‍යයක් හෙවත් කාර්යයක් ඇත. ප්රතිසන්ධි චිත්තයේ කෘත්‍යය අලුත් භවයක ඉපදීම ය.

භවංග චිත්තය

ප්රතිසන්ධි කෘත්‍යය සිදු කිරීමත් සමග එම චිත්තයේ කෘත්‍යය අවසන් වේ. උපන් භවය එතැනින් කෙළවර නොවී දිගින් දිගට පැවතීමට සිත් පරම්පරාව නොසිඳී පැවතිය යුතු ය. එසේ හෙයින් ප්රතිසන්ධිය සඳහා උපනිශ්‍රය වූ අරමුණ පාදක කොටගෙන නැවත නැවත අනතුරුව සිත් පහළ වේ. එම සිත භවංග චිත්තය යි. සත්ත්වයාගේ ප්‍රකෘති චිත්තය නමින් හැඳින්වෙන්නේ ද එම චිත්තය යි. භවාංග සිත පිළිබඳ තේරුම් ගැනීම සඳහා චිත්ත වීථි සහ චිත්තයේ කෘත්‍යය පිළිබඳ තේරුම් ගෙන තිබිය යුතු ය. එය තේරුම් ගැනීමට උත්සහ කළ යුතු ය. එම කරුණු පිළිබඳව ද ඉදිරි ලිපි මගින් සාකච්ඡා කරනු ලැබේ.

පිරිසිදු වූ සියුම් භවාංග චිත්තයක් නොමැති කල්හි සියුම් වූ ආරම්මණයන් භවංග චිත්තයේ නොගැටේ. එවිට එම අරමුණු පිළිබඳ දැන ගැනීමට හැකියාවක් නොමැත. ලොව තුළ කෙතරම් අරමුණු තිබුණේ ද එම අරමුණු භවංග චිත්තයේ ස්පර්ශ නොවුණේ නම් ඒ පිළිබඳ දැනීමක් ඇති නොවේ. ධර්මය තුළ පවත්නා සියුම් කරුණු කෙතරම් කාලයක් පැහැදිලි කර දුන්න ද ඇතමුන්ට ඒ පිළිබඳ කුඩා වූ හෝ අවබෝධයක් නොලැබෙන්නේ ඔවුන්ගේ භවංග චිත්තය දුර්වල වූ කුසල කර්මයක් පාදක කොට නිපන් හෙයිනි. ඇතමුන්ට ජීවිත කාලය ම උත්සහ කළ ද ධර්මයේ සියුම් ස්වභාවයන් අවබෝධ නොවන්නේ ද මේ හේතුවෙනි. ප්රතිසන්ධි ප්රභේදයන් පිළිබඳ අප අවධානය යොමු කළ යුත්තේ එය ගැඹුරු අවබෝධ ඥානයක් ලැබීමට ප්‍රබල ලෙස ම හේතු වන බැවින් ය.

[QUOTE="asliyanage, post: 25948610, member: 8764"] ධර්මාවබෝධය ලැබිය හැකි පුද්ගලයින්ගේ ස්වභාවය සහ ඔවුන් විසින් ගැඹුරු ධර්මය ශ්‍රවනය කරන මොහොත වන විට එය අවබෝධ කිරීම සඳහා පූර්වයෙන් සම්පාදනය කළ යුතු ධර්මයන් කොටසක් පවත්නා බව පසුගිය ලිපියෙහිදී සාකච්ඡා කරන ලදි. ජීවිතයේ ස්වභාවය නම් කර්මානුරූපීව සුදුසු භවයන්හි ප්රතිසන්ධිය ලැබීම ය. තමා කෙතරම් කැමති වුව ද එයට අනුරූපීව ජීවිතය පවත්නේ නොවේ. හේතු ප්රත්යයන්ට අනුසාරයෙන් හට ගෙන බිඳී යන ජීවිතය පිළිබඳ පාලනයක් තමන්ට නොවේ. ජීවිතය අනාත්මය යනුවෙන් හඳුන්වනුයේ එහෙයිනි. ඒ බව මේ ජීවිතය පිළිබඳ නුවණින් විමසීමෙන් වටහා ගත හැකිය. තමන් මේ මොහොතේ කෙතරම් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ලෝකය සමග වාද විවාද සිදු කළ ද මේ ජීවිතයේ ප්රතිසන්ධිය හෙවත් උපත සිදු වූයේ තමාගේ කැමැත්තට අනුව නොවන බව පැහැදිලි ය. කිසිවක් නොදැන අවිද්‍යාවෙන් යුක්තව මුලා බවට පැමිණ පූර්ව ජීවිතයෙහි මරණාසන්න අවස්ථාවෙහි ඉදිරිපත් වූ කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී යම් කිසිවකට අනුව කිසිවෙකුගේ බලපෑමෙන් තොරව හේතු ප්රත්යයන්ට අනුව මනුලොව ප්රතිසන්ධිය ලබා තිබේ. කෙතෙක් තර්ක කළ ද යථා ස්වභාවය මෙය වන්නේ ය. මෙවැනි වූ ජීවිතයක් ලැබූ අපි සියලු දෙනා වැඩී යම් වයසකට පත් වූ පසු විවිධ කරුණු ගෙන හැර දක්වමින් ජීවිතය හා ලෝකය පිළිබඳ මහත් වූ විශ්ලේෂණයන් තම තමන් විසින් ගොඩනගාගත් දැනුමට අනුව සිදු කරමින් ජීවත් වන්නෙමු. එහෙත් යථා ස්වභාවය කුමක් ද? අප සිතන දේ ඒ අයුරින් ම සිදු වේ ද? ප්රතිසන්ධිය හෙවත් උපත තීරණය කරනුයේ මරණාසන්න අවස්ථාවේ ඉදිරිපත් වන කර්මයට අනුව නම් යමෙකුට ධර්මාවබෝධය කළ හැකි ස්වභාවයක් නිර්මාණය වීමට එම ප්රතිසන්ධිය උපනිශ්‍රය වන්නේ කුමන අයුරින් ද යන කරුණු පිළිබඳ පැහැදිලි සහ ගැඹුරු අවබෝධයක් ඇති කරගත යුතු ය. සසර ස්වභාවය මදකට හෝ වැටහෙනුයේ එවන් ගැඹුරු අවබෝධයකින් යුතුව කල්පනා කරන්නවුන්ට ය. අනවබෝධයෙන් යුක්තව කොපමණ තර්ක කළ ද ඉන් සිදුවන යහපතක් නැත. එයින් කිසිවකුටත් යථාර්ථය අවබෝධ නොවේ. එසේ හෙයින් ප්‍රථමයෙන් කළ යුතු වන්නේ නිවැරදිව කරුණු තේරුම් ගැනීමට උත්සහ ගැනීම ය. එවිට තව දුරටත් තර්ක කිරීමට ගැටලුවක් ඉතිරි නොවනු ඇත. [B]ප්රතිසන්ධිය[/B] ප්‍රඥාව දියුණු වීමට නම් ඊට අදාළ පිළිවෙත් මාර්ගයන් පූරණය කළ යුතු ය. එසේම මේ ජීවිතයේ දී ප්‍රඥාව දියුණු වීමට නම් එයට සුදුසු ප්‍රතිසන්ධියක් ලැබිය යුතු ය. ලොව දෙස විමසිල්ලෙන් බලන කල්හි සියලු දෙනාගේ ජීවිත එක හා සමාන නොවන බව පැහැදලි වේ. නව සත්තාවාස අතුරින් මනුෂ්‍යය ලෝකය හඳුන්වනුයේ නානත්ත කායා නානත්ත සංඥී යනුවෙනි. එයට හේතුව මෙහි ප්රතිසන්ධි ලබන මනුෂ්යයයෝ එක ම කර්මයකින් ප්රතිසන්ධි නොලබති. ප්රතිසන්ධි ලබන කර්මයන් ඔවුනොවුන්ට වෙනස් හෙයින් නානත්ත සංඥී නමින් දැක්වේ. එහි පවත්නා අනේක වූ ස්වභාවයන් හේතුවෙන් හටගන්නා රූපයන් ද එක හා සමාන නොවේ. නානත්ත කායා යනු එම ස්වභාවය විස්තර කිරීමකි. ප්රතිසන්ධි ලැබීමේදී කර්ම ප්‍රත්‍යයයෙන් හටගන්නා රූප කලාප තිහකි. කාය දසක, භාව දසක හා වත්ථු දසක යනුවෙන් හඳුන්වනුයේ එම රූප කලාපයන් ය. එසේ හෙයින් රූපය එක හා සමාන නොවේ. ඇතැම් විට සමාන වූ රූපයන් සහිත පුද්ගලයින් දක්නට ලැබුන ද එය බාහිර ස්වරූපයෙන් පමණි. එයත් සෑම විට ම එක හා සමාන නොවන බව දත යුතු ය. ප්රතිසන්ධිය කර්මයට අනුසාරයෙන් ලැබෙන්නකි. ‘අභිධර්මාර්ථ සංග්‍රහය’ සහ ‘අත්ථසාලිනී අට්ඨකථාව’ පාදක කොටගෙන මෙම කරුණ ඉතා සියුම්ව විග්රහ කළ හැකි ය. [B]අහේතුක ප්රතිසන්ධි[/B] මරණාසන්න කාලයෙහි අරමුණු වන කර්ම, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන එක් අරමුණක් පාදක කොටගෙන ඊළඟ භවයේ ප්රතිසන්ධිය ඇති කර යි. මෙහි දී දත යුතු ප්‍රධාන කරුණ නම් සත්ත්ව පුද්ගල භාවයක් මෙහි නොමැති බව ය. චිත්ත, චෛතසික, කර්ම ආදියේ බලපෑමක් පමණක් විද්‍යමාන වේ. ඉදිරිපත් වන කර්මයේ පවත්නා දුබල බව සහ ප්රබලත්වයට අනුව ලබන ප්රතිසන්ධිය තෙවැදෑරුම් වේ. අහේතුක ප්රතිසන්ධි, ද්විහේතුක ප්රතිසන්ධි, ත්‍රිහේතුක ප්රතිසන්ධි යනු එම තෙවැදැරුම් ප්රතිසන්ධීන් ය. මෙම කරුණු පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය. ඇතැම් විට මෙම කරුණ සමාජයේ විවාදාපන්නව පවතින කරුණකි. ඇතැමෙක් ත්රිහේතුකාදී ප්රතිසන්ධි ධර්මාවබෝධය හා සම්බන්ධයක් නොමැති බව පවසමින් ප්‍රතික්ෂේප කරන අතර තවත් පිරිසක් එය පිළිගනියි. මෙහිදී අප තේරුම් ගත යුතු කරුණ නම් ධර්ම ස්වභාවය අනුව ප්‍රතිසන්ධියේ ස්වභාවය ධර්මාවබෝධය විෂයෙහි ඒකාන්තයෙන් බලපවත්වන බව ය. මෙහි විග්රහ වන කරුණු මනා විමසීමකින් යුක්තව ම තේරුම් ගැනීමෙන් ඒ බව ප්‍රකට වේ. අහේතුක ප්රතිසන්ධිය කොටස් දෙකකට බෙදේ. එනම් සුගති අහේතුක ප්රතිසන්ධිය හා දුර්ගති අහේතුක ප්රතිසන්ධිය වශයෙනි. මනුෂ්‍ය ලෝකයන් තුළ උපතින් ම අන්ධ, ගොළු, බිහිරි, මන්ද බුද්ධික, අංගවිකල ආදි විවිධ අඩුපාඩුකම් සහිතව ලබන ප්රතිසන්ධිය සුගති අහේතුක ප්රතිසන්ධිය වශයෙන් හැඳින්වේ. එවැනි ප්රතිසන්ධීන් ලබනුයේ සිදු කරන ලද දුර්වල කුසල කර්මයන්හි විපාක වශයෙනි. මෙහිදී අවබෝධ කළයුතු ප්‍රධාන කරුණ නම් සුගති අහේතුක ප්රතිසන්ධිය ලබා දුන් සිත පමණක් දුර්වල කුසලයකින් හටගත් එකක් වන බව ය. විවිධ දුර්වලතා ඇති කිරීම සඳහා වෙනත් කර්මයන්ගේ උපනිශ්‍රය ද ලැබෙන බව දත යුතු ය. එයට හේතුව නම් කුසලයෙන් අමිහිරි විපාක ලබා නොදෙන හෙයිනි. යමෙක් දුර්වල කුසල කර්මයේ විපාක හේතුකොටගෙන අන්ධ, ගොළු, බිහිරි, මන්දබුද්ධික ආදි දුර්වලතා හටගත්තේ යැයි පවසන්නේ නම් එය ධර්ම විරෝධි, ධර්ම න්‍යායයන්ට පටහැනි විග්‍රහයක් බව නුවණින්ම දත යුතු ය. කුසලයෙන් යහපත් විපාකයන් ම ජනිත කරන්නේ ය. තිරිසන්, ප්‍රේත, නිරයාදි දුර්ගති ලෝකයන් තුළ ලබන ප්රතිසන්ධිය දුගති අහේතුක ප්රතිසන්ධිය නම් වේ. දුර්ගති ලෝකයන් තුළ ප්රතිසන්ධිය ලබනුයේ අකුසල කර්මයේ විපාක වශයෙනි. තිරිසන් ලෝකයන් තුළ ප්‍රිය වූ මනා රූපයන්ගෙන් යුත් සත්ත්වයන් දක්නට ලැබේ. එවැනි රූපස්වභාවයන් බොහෝ විට ලැබෙනුයේ කුසල කර්ම උපනිශ්‍රය වීමෙන් බව දත යුතු ය. බෝසතුන් අකුසල කර්මයන් හේතුකොටගෙන මයුර ජාතියෙහි උපන් අවස්ථාවේ මනා වර්ණවත් වූ රූපයක් ලැබූයේ පූර්ව භවයන්හි සීලය මනාකොට ආරක්ෂා කළ නිසාවෙන් බව ජාතක පාලියෙන් හෙළි වේ. [B]ප්‍රකෘති චිත්තය[/B] අහේතුක, ද්විහේතුක හා ත්‍රිහේතුක ප්රතිසන්ධි මනුෂ්‍ය ලෝකයන් තුළ විද්‍යමාන වේ. දිව්‍ය ලෝකයන්හි අහේතුක ප්රතිසන්ධි නැත. ද්විහේතුක ත්‍රිහේතුක ප්රතිසන්ධි ලැබීමට හේතු ඇත. එයට හේතුව අංග ප්‍රත්‍යයන්ගේ අඩුපාඩු සහිතව දෙවියන් නූපදින බැවිනි. බ්‍රහ්ම ලෝකයන්හි ත්‍රිහේතුක ප්රතිසන්ධි පමණක් විද්‍යමාන වේ. ද්විහේතුක හා ත්‍රිහේතුක ප්රතිසන්ධිය ලැබූවන්ගේ ස්වරූපය බාහිර ලක්ෂණ මගින් වෙන් කොට හඳුනා ගත නොහැකි ය. ඔවුගේ ප්‍රඥාවේ ස්වරූපයෙහි වෙනස් කම් දක්නට ලැබේ. ත්‍රිහේතුක ප්රතිසන්ධිකයින් ජාති ප්‍රාඥයින් වශයෙන් හඳුන්ව යි. ඔවුනට උපතින් ම ඥානය පිහිටා තිබේ. මෙසේ ප්රතිසන්ධිය විවිධාකාර වශයෙන් බෙදීම කර්මයට අනුව සිදු වන්නකි. එය ද නිරවුල්ව අවබෝධ කරගත යුතු ය. ප්රතිසන්ධි අතුරින් ත්‍රිහේතුක ප්රතිසන්ධිකයා ම ධ්‍යාන මාර්ගඵල ආදී උත්තරීමනුෂ්‍ය ධර්ම ලැබීමේ සමත් බවක් දක්වයි. එහෙත් ත්‍රිහේතුක ප්රතිසන්ධිකයින් සියල්ලෝ ම එසේ සමත් වන බවක් එයින් ගම්‍ය නොවේ. ත්‍රිහේතුක ප්රතිසන්ධි ලැබූ සත්ත්වයාගේ ප්රතිසන්ධිය සඳහා පාදක වූ කුසල කර්මය ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයකි. ප්රතිසන්ධිය මෙසේ ත්‍රිවිධාකාර වනුයේ ඒ සඳහා පාදක වූ කුසල කර්මයේ පවත්නා ප්‍රබල හා දුබල ස්වභාවය අනුව ය. කුසලය වනාහි විවිධ ප්රභේදයන් යටතේ විග්රහ කළ යුතු කරුණකි. ඒ පිළිබඳ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ. සිත භාවිත කළ ආකාරයට අනුව කර්මය ද වඩ වඩාත් නිවැරදිව සිදු කළ හැකි ය. සිතේ ස්වභාවය යම් තරමකින් හෝ දැන ගැනීමට අභිධර්මය පිළිබඳ දැනීම තිබිය යුතු ය. ප්රතිසන්ධිය සිත හා සම්බන්ධ වන්නක් බැවින් සිත පිළිබඳ මනා අවබෝධයක් ලබා මෙම කරුණු තේරුම් ගත යුතු ය. ලොව උපදින ඇතැම් පුද්ගලයන් හට ඇතැම් ගැඹුරු සහ සියුම් කරුණු ඉතා පහසුවෙන් අවබෝධ කළ හැකි ආකාරයේ තියුණු චිත්තයක් ලැබී ඇත. එසේ ම ඇතමුන්ට එය මධ්‍යම ප්‍රමාණයෙන් පවතී. තවත් පිරිසකට කෙතරම් කාලයක් එම කරුණු පැහැදිලි කළ ද කිසිවක් තේරුම්ගත නොහැකි වේ. සත්ත්වයාගේ ප්‍රකෘති චිත්තය දුබල වීමෙන් පැහැදිලි වූ සන්තානයක් නොමැති හෙයින් ගැඹුරු කරුණු අවබෝධ නොවේ. ප්‍රකෘති චිත්තය ලෙස හඳුන්වන ලද්දේ ප්රතිසන්ධිය සඳහා පාදක වූ චිත්තය යි. භවාංග සිත නමින් හඳුන්වනුයේ ද එම සිත ය. සෑම සිතක ම කෘත්‍යයක් හෙවත් කාර්යයක් ඇත. ප්රතිසන්ධි චිත්තයේ කෘත්‍යය අලුත් භවයක ඉපදීම ය. [B]භවංග චිත්තය[/B] ප්රතිසන්ධි කෘත්‍යය සිදු කිරීමත් සමග එම චිත්තයේ කෘත්‍යය අවසන් වේ. උපන් භවය එතැනින් කෙළවර නොවී දිගින් දිගට පැවතීමට සිත් පරම්පරාව නොසිඳී පැවතිය යුතු ය. එසේ හෙයින් ප්රතිසන්ධිය සඳහා උපනිශ්‍රය වූ අරමුණ පාදක කොටගෙන නැවත නැවත අනතුරුව සිත් පහළ වේ. එම සිත භවංග චිත්තය යි. සත්ත්වයාගේ ප්‍රකෘති චිත්තය නමින් හැඳින්වෙන්නේ ද එම චිත්තය යි. භවාංග සිත පිළිබඳ තේරුම් ගැනීම සඳහා චිත්ත වීථි සහ චිත්තයේ කෘත්‍යය පිළිබඳ තේරුම් ගෙන තිබිය යුතු ය. එය තේරුම් ගැනීමට උත්සහ කළ යුතු ය. එම කරුණු පිළිබඳව ද ඉදිරි ලිපි මගින් සාකච්ඡා කරනු ලැබේ. පිරිසිදු වූ සියුම් භවාංග චිත්තයක් නොමැති කල්හි සියුම් වූ ආරම්මණයන් භවංග චිත්තයේ නොගැටේ. එවිට එම අරමුණු පිළිබඳ දැන ගැනීමට හැකියාවක් නොමැත. ලොව තුළ කෙතරම් අරමුණු තිබුණේ ද එම අරමුණු භවංග චිත්තයේ ස්පර්ශ නොවුණේ නම් ඒ පිළිබඳ දැනීමක් ඇති නොවේ. ධර්මය තුළ පවත්නා සියුම් කරුණු කෙතරම් කාලයක් පැහැදිලි කර දුන්න ද ඇතමුන්ට ඒ පිළිබඳ කුඩා වූ හෝ අවබෝධයක් නොලැබෙන්නේ ඔවුන්ගේ භවංග චිත්තය දුර්වල වූ කුසල කර්මයක් පාදක කොට නිපන් හෙයිනි. ඇතමුන්ට ජීවිත කාලය ම උත්සහ කළ ද ධර්මයේ සියුම් ස්වභාවයන් අවබෝධ නොවන්නේ ද මේ හේතුවෙනි. ප්රතිසන්ධි ප්රභේදයන් පිළිබඳ අප අවධානය යොමු කළ යුත්තේ එය ගැඹුරු අවබෝධ ඥානයක් ලැබීමට ප්‍රබල ලෙස ම හේතු වන බැවින් ය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom