Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාන අගයයන්ගේ විචලන ප්‍රස්ථාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාන අගයයන්ගේ විචලන ප්‍රස්ථාරය

හිස්ටග්‍රම් (Histogram) එහෙමත් නැතිනම් ජාලරේඛනය

http://sulakkhana.blogspot.com/2017/01/histogram.html

අද කියන්න යන්නේ හිස්ටග්‍රම් එක ගැන. අහල තියෙන අය වගේම අහලා නැති අයත් ඇති. ඒ කාටත් ප්‍රයෝජන වෙයි කියල හිතල මම තේරුම් ගත්තු මම උගනිපු හිස්ටග්‍රම් එක, එහි වැදගත්කම හා භාවිතය ගැන ටිකක් කියන්න හිතුනා.

මුලින්ම කතා කරමු මොකක්ද මේ හිස්ටග්‍රම් කියන්නේ කියල. හිස්ටග්‍රම් එක අර්ථ දක්වන්නේ නම් තාන අගයයන්ගේ (Tonal Values) විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. වෙන විදිහකින් කිව්වොත් පින්තූරයේ උපරිම දීප්තිය ඇති තැන සිට අවම දීප්තිය දක්වා පරාසය තුල එක් එක් දීප්ති විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. මේක දීප්තියත් එක්ක ගනුදෙනු කරන ප්‍රස්ථාරයක් වෙන්නේ ආරම්භය කලු සුදු ඡායාරූප වලින් පටන්ගත්තු නිසා විය යුතුයි. සාමාන්‍යයෙන් අපට හිස්ටග්‍රම් ප්‍රස්ථාර විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. Luminosity, RGB, Red, Green, Blue හා Colors කියන ප්‍රස්ථාර වර්ග කීපයම නවීන කැමරාවල වගේම පසුසංස්කරණ සඳහා භාවිතා කරන මෘදුකාංග වල දකින්න පුළුවන්. ඒ එක එකක් ගැන පසුව කතා කරමු. සෑම හිස්ටග්‍රම් ප්‍රස්ථාරයක්ම 0 - 255 දක්වා වූ පරාසයක විචලනය වන අතර අවම දීප්තිය එසේත් නැතිනම් කලු වර්ණය 0 අගයයෙනුත් උපරිම දීප්ත අගය වන සුදු වර්ණය 255 අගයයෙනුත් දක්වනු ලබන අතර ඉතිරි දීප්ති අගයයන් සියල්ල 0 - 255 දක්වා පරාසය තුල පිහිටවනු ලබනවා. හිස්ටග්‍රම් එකක සම්පූර්ණ තාන පරාසය (Tonal Range) 0 සිට 255 දක්වා අගයයන් පරාසය කොටස් තුනකට වෙන් කලාම 0 අගයෙන් පටන් ගන්න කොටස සෙවනැලි තාන පරාසය (Shadows) ලෙසත් 255 අගයෙන් අවසන් වල කොටස දීප්ත තාන පරාසය (Highlights) ලෙසත් මැද කොටස මධ්‍ය තාන පරාසය (Mid tones) ලෙසත් හඳුනා ගන්න පුළුවන්. තව දෙයක් තමයි සෑම විටම මේ හිස්ටග්‍රම් එක එකම ප්‍රමාණයක් තිබීම.එය කැමරාවේ හෝ පරිඝණකයේ හෝ වේවා එහි පරාස ප්‍රමාණය නියත අගයක්. යම් අවස්තාවක එකම තානයක් අනන්ත ප්‍රමාණයකින් ඡායාරූපයේ තියෙනවා උනත් එම තානයේ ප්‍රස්තාරික අගයේ උස උපරිම සීමාවකින් දක්වන ආකාරයෙන් එම අගය හැකිලිලා තමයි පෙන්වන්නේ.

දැන් බලමු මොකක්ද මේ හිස්ටග්‍රම් එකේ වැදගත්කම කියල. මුලින්ම කියන්න ඕන ඡායාරූප ශිල්පය ආරම්භ කරද්දී මෙක ගැන අවබෝධයක් ලැබෙන්නේ නෑ. ටික දවසක් යද්දී මේකෙ වැදගත්කම තේරෙනවා. ඒකට මුල්ම හේතුව තමයි අපේ කැමරාවල තියෙන දර්ශන තිරය නිවැරදි නොවීම. සාමාන්‍යයෙන් අපි දකින SLR කැමරා සියල්ලේම වගේ දර්ශන තිරයක් තියෙනවා. අපි පින්තූරයක් ගත්තාම සාමාන්‍යයෙන් කරන්නේ පින්තූරය දිහා බලල එක එක විදිහේ ප්රතිචාරයන් දක්වන එක. මේකට ඡායාරූපකරණයේ කියන වචනය Chimping කියන එක. ඒ කියන්නේ චිම්පන්සියෙක්ගේ ප්‍රතිචාර දැක්වීම කියන එක. නමුත් අපි හොඳම ඡායාරූපය ලෙස දකින දකින ඡායාරූපය පෙන්වන තිරය කොයි තරම් දුරට නිවැරදිද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. එකක් තමයි තිරයේ විශාලත්වය. තිරය කුඩා නිසා අපට අනාවරනයන්ගේ කුඩා පරාස දකින්න බැරි වෙන්න පුළුවන්. අනික තමයි ඒ ඒ තිරයන්නේ ධාරිතාවය අනුව අපට පෙන්වන්න පුළුවන් වර්ණ පරාසය සීමා සහිත වීම. තව දෙයක් තමයි අපි හොඳට අව්ව පායල තියෙන දවසක පින්තූරය අරන් බැලුවොත් කැමරාවේ තිරයට ආලෝකය වැටිල නිසා නිවාරදි අනාවරණයේ පින්තූරය තියෙනවාද කියල කියන්න අමාරු වෙනවා. මේක මට නම් අනන්ත වෙලා තියෙන වැඩක්. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි එහෙනම් අපට ඒ තිරය හරහා පින්තූරය පෙන්වන්නේ කියල. තිරය හරහා ගොඩක් විස්තර පෙන්වන්න පුළුවන්. නමුත් තිරය හරහා අපි ලබාගත්තු ඡායාරූපය පෙන්වන්න එකම හේතුව විදිහට මම නම් දකින්නේ නිවැරදි රාමු සැකැස්ම නිර්ණය කිරීමයි. ඡායාරූපයක් නිවැරදි අයුරින් තියෙනවාද බලන්න තියෙන ක්‍රමය තමයි අංශශෝධනය කල තිරයක් (calibrated display) තුලින් බලන එක. නවීන කැමරා නම් සම්බන්ධක රැහැනකින් පරිඝණකයට සවි කරල අපට ලබාගත් ඡායාරූපය එසැනින් බලාගැනීමේ අවස්තාව ලබා දීල තියෙනවා. නමුත් එය ඡායාරූපාගාරයක් තුලදී සාර්ථක වුනත් ඇවිදින කෙනෙකුට ඒක සාර්ථකව කරන්න අමාරුයි. අන්න ඒකට විසඳුම නම් හිස්ටග්‍රම් එක තමයි.

මතක තියාගන්න තමන්ගේ කැමරාව මොකක් වුනත් ඒකෙන් පේන හිස්ටග්‍රම් එක නම් එකම විදිහක්. එකම සැකසුම් වල කැමරා කීපයක් තියල එකම පින්තූරය ගත්තාම තිරයේ පෙන්වන ඡායාරූපය වෙනස් වෙන්න පුළුවන් නමුත් හිස්ටග්‍රම් එක නම් වෙනස් වෙන්නේ නෑ.

හිස්ටග්‍රම් එක අපට විස්තර ගොඩක් කියනවා. ඡායාරූපයේ අනාවරණය, වර්ණ වෙනස (contrast), තාන පරාසය ආදී තොරතුරු අපට හිස්ටග්‍රම් එකකින් පෙන්වනවා. ඡායාරූප සඳහා නිවරදි හිස්ටග්‍රම් එකක් කියල නැහැ. එයට හේතුව වෙන්නේ අපිට අවශ්‍ය අවසන් ප්‍රතිඵලය ඡායාරූපයේ හිස්ටග්‍රම් එක තීරණය වෙන නිසා. උදාහරණ විදිහට High key හා low Key ඡායාරූප දක්වන්න පුළුවන්.

හිස්ටග්‍රම් එකක් 0 කියන අගයේ වැඩි උසක් පෙන්වනවානම් හෝ 255 අගයේ වැඩි උසක් වපන්වනවා නම් අපි ඒකට කියන්නේ clip වෙනවා කියලයි. මෙන්න මේක නම් ඡායාරූපයක ග්රනාත්මක බව අඩු කරනවා. හිස්ටග්‍රම් එකක් clip වෙනවා කියන්නේ ඒ ඡායාරූපයේ යම් කොටසක් අධිඅනාවරණය උපරිම අගයට පත්වී තොරතුරු නොමැති වී බව හෝ මඳ අනාවරණය උපරිමයේ පැවත තොරතුරු විනාශ වී ඇත කියන එක. අන්න ඒ නිසා ඡායාරූපය ගන්න වෙලාවේදී හිතන්න ඕන අපි පින්තූරය ක්ලිප් වෙන්න නොදී ගන්නවා කියන එක. නමුත් මේක Low key හෝ High key කියන වර්ග දෙකේදී විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. කෙලවර උස ගොඩක්ම වැඩි නම් ඡායාරූපය ගැන තව හිතන්න වෙනවා කියන එක නම් මතක් කරන්න ඕන.

ඡායාරූපයක contrast එක කොයිතරම් හොඳයිද කියන එකත් අපිට මේ හිස්ටග්‍රම් එක පෙන්වනවා. contrast එක වැඩි නම් හොඳින් පැතිරුණු හිස්ටග්‍රම් එකක් දකින්න පුළුවන්. එකේ මැද තින කොටස උපරිමයේත් දෙපස ක්‍රමයෙන් අඩුවන ආකාරයෙනුත් සකස් වෙනවා. contrast එක අඩුයි නම් සීග්‍ර නැග්මක් සහිත හිස්ටග්‍රම් එකක් ලැබෙනවා.

ඡායාරූපය අන්තර්ජාලයෙනි

හිස්ටග්‍රම් එකක දීප්තිය Brightness හා contrast එක අතර වෙනස බලන්න පුළුවන් මේ පහලින් තියෙන පින්තූර පෙල උපයෝගී කරගෙන. පින්තූර වල තියෙන එක එක ගුණය අනුව හිස්ටග්‍රම් එක වෙනස් වෙනවා.

ඡායාරූපය අන්තර්ජාලයෙනි

ඡායාරූපය අන්තර්ජාලයෙනි

පින්තූර ගන්න අයට මේ ටික වැදගත් වෙයි. මූලික වශයෙන් හොඳ පින්තූර ටිකක් අරන් ඒවායේ හිස්ටග්‍රම් අධ්‍යයනය කරන්න. හොඳ ප්‍රසිද්ධ ඡායාරූප අන්තර්ජාලයෙන් බාගතකරන්න පුළුවන්. ඒ ඒ ශිල්පීන්ගේ පුද්ගලික වෙබ් අඩෙවි වලින් ඡායාරූප බාගත කරගන්නවා නම් හොඳයි. නැත්නම් flicker වගේ එකකින් හොඳ resolution එකක් තියෙන ඡායාරූප බාගත කරගන්න පුළුවන්.

මූලික වශයෙන් හිස්ටග්‍රම් ගැන කියන්න තියෙන්නේ මේ ටික තමයි. මොනවා හරි ගැටලු තියෙනවානම් ලිපියේ අවසානයට කමෙන්ට් එකක් හැටියට දාන්න. කමෙන්ට් කරන්න ඔයාලගේ google account එක හරි facebook account එක හරි භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අවකාශය සෑම ලිපියකම අවසානයේ දීල තියෙනවා.

හොඳ පින්තූර ගන්න . හිස්ටග්‍රම් එකට පුරුදු වෙන්න. පසුසංස්කරණයන් අවම කරන්න වගේම පසු සංස්කරණය පහසු කරගන්නත් මේ හිස්ටග්‍රම් ඔයාලට උදව් වේවි. ජය...!

ලිපිය දැම්මේ Sula (සුලා) @ 1/28/2017 08:34:00 pm

මම නම් අකුරක් වත් type කලේ නෑ

මෙතනින් copy paste තමා

http://sulakkhana.blogspot.com/2017/01/histogram.html

[QUOTE="Sri_Sampath, post: 21378325, member: 264139"] [b]තාන අගයයන්ගේ විචලන ප්‍රස්ථාරය[/b] [COLOR="Sienna"][SIZE="4"] හිස්ටග්‍රම් (Histogram) එහෙමත් නැතිනම් ජාලරේඛනය [IMG]http://4.bp.blogspot.com/-UKhiWk6Alow/WGu5IXsZbpI/AAAAAAAANJ4/FMQBGmJOvfABZl_nv0eIxPX6eM452H3KACK4B/s1600/Banner%2BNew%2Bcopy.png[/IMG] [url]http://sulakkhana.blogspot.com/2017/01/histogram.html[/url] අද කියන්න යන්නේ හිස්ටග්‍රම් එක ගැන. අහල තියෙන අය වගේම අහලා නැති අයත් ඇති. ඒ කාටත් ප්‍රයෝජන වෙයි කියල හිතල මම තේරුම් ගත්තු මම උගනිපු හිස්ටග්‍රම් එක, එහි වැදගත්කම හා භාවිතය ගැන ටිකක් කියන්න හිතුනා. මුලින්ම කතා කරමු මොකක්ද මේ හිස්ටග්‍රම් කියන්නේ කියල. හිස්ටග්‍රම් එක අර්ථ දක්වන්නේ නම් තාන අගයයන්ගේ (Tonal Values) විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. වෙන විදිහකින් කිව්වොත් පින්තූරයේ උපරිම දීප්තිය ඇති තැන සිට අවම දීප්තිය දක්වා පරාසය තුල එක් එක් දීප්ති විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. මේක දීප්තියත් එක්ක ගනුදෙනු කරන ප්‍රස්ථාරයක් වෙන්නේ ආරම්භය කලු සුදු ඡායාරූප වලින් පටන්ගත්තු නිසා විය යුතුයි. සාමාන්‍යයෙන් අපට හිස්ටග්‍රම් ප්‍රස්ථාර විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. Luminosity, RGB, Red, Green, Blue හා Colors කියන ප්‍රස්ථාර වර්ග කීපයම නවීන කැමරාවල වගේම පසුසංස්කරණ සඳහා භාවිතා කරන මෘදුකාංග වල දකින්න පුළුවන්. ඒ එක එකක් ගැන පසුව කතා කරමු. සෑම හිස්ටග්‍රම් ප්‍රස්ථාරයක්ම 0 - 255 දක්වා වූ පරාසයක විචලනය වන අතර අවම දීප්තිය එසේත් නැතිනම් කලු වර්ණය 0 අගයයෙනුත් උපරිම දීප්ත අගය වන සුදු වර්ණය 255 අගයයෙනුත් දක්වනු ලබන අතර ඉතිරි දීප්ති අගයයන් සියල්ල 0 - 255 දක්වා පරාසය තුල පිහිටවනු ලබනවා. හිස්ටග්‍රම් එකක සම්පූර්ණ තාන පරාසය (Tonal Range) 0 සිට 255 දක්වා අගයයන් පරාසය කොටස් තුනකට වෙන් කලාම 0 අගයෙන් පටන් ගන්න කොටස සෙවනැලි තාන පරාසය (Shadows) ලෙසත් 255 අගයෙන් අවසන් වල කොටස දීප්ත තාන පරාසය (Highlights) ලෙසත් මැද කොටස මධ්‍ය තාන පරාසය (Mid tones) ලෙසත් හඳුනා ගන්න පුළුවන්. තව දෙයක් තමයි සෑම විටම මේ හිස්ටග්‍රම් එක එකම ප්‍රමාණයක් තිබීම.එය කැමරාවේ හෝ පරිඝණකයේ හෝ වේවා එහි පරාස ප්‍රමාණය නියත අගයක්. යම් අවස්තාවක එකම තානයක් අනන්ත ප්‍රමාණයකින් ඡායාරූපයේ තියෙනවා උනත් එම තානයේ ප්‍රස්තාරික අගයේ උස උපරිම සීමාවකින් දක්වන ආකාරයෙන් එම අගය හැකිලිලා තමයි පෙන්වන්නේ. [IMG]https://3.bp.blogspot.com/-RViYcLfMEzQ/WIykMtNufZI/AAAAAAAANPQ/BlNlxSEwODAoGsm_LgTJelYbMSd3VxCdACLcB/s640/histogram-for-exposure.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-nnbW0vx2tV4/WIykjUAzgVI/AAAAAAAANPU/9wPzQ7CfcgM8_e7C0Z1S_Ti_zX5f-ycgwCLcB/s640/How_to_read_a_histogram_photography_cheat_sheet.jpg[/IMG] දැන් බලමු මොකක්ද මේ හිස්ටග්‍රම් එකේ වැදගත්කම කියල. මුලින්ම කියන්න ඕන ඡායාරූප ශිල්පය ආරම්භ කරද්දී මෙක ගැන අවබෝධයක් ලැබෙන්නේ නෑ. ටික දවසක් යද්දී මේකෙ වැදගත්කම තේරෙනවා. ඒකට මුල්ම හේතුව තමයි අපේ කැමරාවල තියෙන දර්ශන තිරය නිවැරදි නොවීම. සාමාන්‍යයෙන් අපි දකින SLR කැමරා සියල්ලේම වගේ දර්ශන තිරයක් තියෙනවා. අපි පින්තූරයක් ගත්තාම සාමාන්‍යයෙන් කරන්නේ පින්තූරය දිහා බලල එක එක විදිහේ ප්රතිචාරයන් දක්වන එක. මේකට ඡායාරූපකරණයේ කියන වචනය Chimping කියන එක. ඒ කියන්නේ චිම්පන්සියෙක්ගේ ප්‍රතිචාර දැක්වීම කියන එක. නමුත් අපි හොඳම ඡායාරූපය ලෙස දකින දකින ඡායාරූපය පෙන්වන තිරය කොයි තරම් දුරට නිවැරදිද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. එකක් තමයි තිරයේ විශාලත්වය. තිරය කුඩා නිසා අපට අනාවරනයන්ගේ කුඩා පරාස දකින්න බැරි වෙන්න පුළුවන්. අනික තමයි ඒ ඒ තිරයන්නේ ධාරිතාවය අනුව අපට පෙන්වන්න පුළුවන් වර්ණ පරාසය සීමා සහිත වීම. තව දෙයක් තමයි අපි හොඳට අව්ව පායල තියෙන දවසක පින්තූරය අරන් බැලුවොත් කැමරාවේ තිරයට ආලෝකය වැටිල නිසා නිවාරදි අනාවරණයේ පින්තූරය තියෙනවාද කියල කියන්න අමාරු වෙනවා. මේක මට නම් අනන්ත වෙලා තියෙන වැඩක්. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි එහෙනම් අපට ඒ තිරය හරහා පින්තූරය පෙන්වන්නේ කියල. තිරය හරහා ගොඩක් විස්තර පෙන්වන්න පුළුවන්. නමුත් තිරය හරහා අපි ලබාගත්තු ඡායාරූපය පෙන්වන්න එකම හේතුව විදිහට මම නම් දකින්නේ නිවැරදි රාමු සැකැස්ම නිර්ණය කිරීමයි. ඡායාරූපයක් නිවැරදි අයුරින් තියෙනවාද බලන්න තියෙන ක්‍රමය තමයි අංශශෝධනය කල තිරයක් (calibrated display) තුලින් බලන එක. නවීන කැමරා නම් සම්බන්ධක රැහැනකින් පරිඝණකයට සවි කරල අපට ලබාගත් ඡායාරූපය එසැනින් බලාගැනීමේ අවස්තාව ලබා දීල තියෙනවා. නමුත් එය ඡායාරූපාගාරයක් තුලදී සාර්ථක වුනත් ඇවිදින කෙනෙකුට ඒක සාර්ථකව කරන්න අමාරුයි. අන්න ඒකට විසඳුම නම් හිස්ටග්‍රම් එක තමයි. මතක තියාගන්න තමන්ගේ කැමරාව මොකක් වුනත් ඒකෙන් පේන හිස්ටග්‍රම් එක නම් එකම විදිහක්. එකම සැකසුම් වල කැමරා කීපයක් තියල එකම පින්තූරය ගත්තාම තිරයේ පෙන්වන ඡායාරූපය වෙනස් වෙන්න පුළුවන් නමුත් හිස්ටග්‍රම් එක නම් වෙනස් වෙන්නේ නෑ. [IMG]https://3.bp.blogspot.com/-NCCl4M8wHn8/WIyk1j0y1MI/AAAAAAAANPc/TcFty3X_Y9wz22Ya-1C9-h8qficaDWcwACLcB/s640/histogramexample.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-PDGuo1310Kc/WIyk1TnCf7I/AAAAAAAANPY/JFOsP4QOn1UuDVsdbbPcu-OR5ZYvC6nRACLcB/s400/histogrammeasureswithwords3.jpg[/IMG] හිස්ටග්‍රම් එක අපට විස්තර ගොඩක් කියනවා. ඡායාරූපයේ අනාවරණය, වර්ණ වෙනස (contrast), තාන පරාසය ආදී තොරතුරු අපට හිස්ටග්‍රම් එකකින් පෙන්වනවා. ඡායාරූප සඳහා නිවරදි හිස්ටග්‍රම් එකක් කියල නැහැ. එයට හේතුව වෙන්නේ අපිට අවශ්‍ය අවසන් ප්‍රතිඵලය ඡායාරූපයේ හිස්ටග්‍රම් එක තීරණය වෙන නිසා. උදාහරණ විදිහට High key හා low Key ඡායාරූප දක්වන්න පුළුවන්. [IMG]https://1.bp.blogspot.com/-K8Ky0Nf28Uk/WIyldjFjpzI/AAAAAAAANPk/5wMzpSo5WgAw1RHlcznTWpSOpdNBIAM0gCLcB/s640/photo-podcast-41-image.jpg[/IMG] හිස්ටග්‍රම් එකක් 0 කියන අගයේ වැඩි උසක් පෙන්වනවානම් හෝ 255 අගයේ වැඩි උසක් වපන්වනවා නම් අපි ඒකට කියන්නේ clip වෙනවා කියලයි. මෙන්න මේක නම් ඡායාරූපයක ග්රනාත්මක බව අඩු කරනවා. හිස්ටග්‍රම් එකක් clip වෙනවා කියන්නේ ඒ ඡායාරූපයේ යම් කොටසක් අධිඅනාවරණය උපරිම අගයට පත්වී තොරතුරු නොමැති වී බව හෝ මඳ අනාවරණය උපරිමයේ පැවත තොරතුරු විනාශ වී ඇත කියන එක. අන්න ඒ නිසා ඡායාරූපය ගන්න වෙලාවේදී හිතන්න ඕන අපි පින්තූරය ක්ලිප් වෙන්න නොදී ගන්නවා කියන එක. නමුත් මේක Low key හෝ High key කියන වර්ග දෙකේදී විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. කෙලවර උස ගොඩක්ම වැඩි නම් ඡායාරූපය ගැන තව හිතන්න වෙනවා කියන එක නම් මතක් කරන්න ඕන. [IMG]https://3.bp.blogspot.com/-05QaAKKtkVE/WIyna0nyC_I/AAAAAAAANP0/GaLrF3-IXwUg1c28C5vq_4QX09gbFTo4QCLcB/s400/lr-histogram-3.jpg[/IMG] ඡායාරූපයක contrast එක කොයිතරම් හොඳයිද කියන එකත් අපිට මේ හිස්ටග්‍රම් එක පෙන්වනවා. contrast එක වැඩි නම් හොඳින් පැතිරුණු හිස්ටග්‍රම් එකක් දකින්න පුළුවන්. එකේ මැද තින කොටස උපරිමයේත් දෙපස ක්‍රමයෙන් අඩුවන ආකාරයෙනුත් සකස් වෙනවා. contrast එක අඩුයි නම් සීග්‍ර නැග්මක් සහිත හිස්ටග්‍රම් එකක් ලැබෙනවා. ඡායාරූපය අන්තර්ජාලයෙනි හිස්ටග්‍රම් එකක දීප්තිය Brightness හා contrast එක අතර වෙනස බලන්න පුළුවන් මේ පහලින් තියෙන පින්තූර පෙල උපයෝගී කරගෙන. පින්තූර වල තියෙන එක එක ගුණය අනුව හිස්ටග්‍රම් එක වෙනස් වෙනවා. [IMG]https://4.bp.blogspot.com/-3_yGhqUT69g/WIyqlXj-DtI/AAAAAAAANQI/ylQGdiJWLMcckzReaVQdQBymKk3rzTCvQCLcB/s640/histogram-chart.jpg[/IMG] ඡායාරූපය අන්තර්ජාලයෙනි [IMG]https://3.bp.blogspot.com/-CeS56vJ112I/WIyrXKqG6BI/AAAAAAAANQQ/hfoJtn3Z-6EJAHPc8QVw07MRqRe5wZgfwCLcB/s640/Histogram-Diagram.png[/IMG] ඡායාරූපය අන්තර්ජාලයෙනි පින්තූර ගන්න අයට මේ ටික වැදගත් වෙයි. මූලික වශයෙන් හොඳ පින්තූර ටිකක් අරන් ඒවායේ හිස්ටග්‍රම් අධ්‍යයනය කරන්න. හොඳ ප්‍රසිද්ධ ඡායාරූප අන්තර්ජාලයෙන් බාගතකරන්න පුළුවන්. ඒ ඒ ශිල්පීන්ගේ පුද්ගලික වෙබ් අඩෙවි වලින් ඡායාරූප බාගත කරගන්නවා නම් හොඳයි. නැත්නම් flicker වගේ එකකින් හොඳ resolution එකක් තියෙන ඡායාරූප බාගත කරගන්න පුළුවන්. මූලික වශයෙන් හිස්ටග්‍රම් ගැන කියන්න තියෙන්නේ මේ ටික තමයි. මොනවා හරි ගැටලු තියෙනවානම් ලිපියේ අවසානයට කමෙන්ට් එකක් හැටියට දාන්න. කමෙන්ට් කරන්න ඔයාලගේ google account එක හරි facebook account එක හරි භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අවකාශය සෑම ලිපියකම අවසානයේ දීල තියෙනවා. හොඳ පින්තූර ගන්න . හිස්ටග්‍රම් එකට පුරුදු වෙන්න. පසුසංස්කරණයන් අවම කරන්න වගේම පසු සංස්කරණය පහසු කරගන්නත් මේ හිස්ටග්‍රම් ඔයාලට උදව් වේවි. ජය...! ලිපිය දැම්මේ Sula (සුලා) @ 1/28/2017 08:34:00 pm [/SIZE] [SIZE="6"]මම නම් අකුරක් වත් type කලේ නෑ මෙතනින් copy paste තමා :dull: [url]http://sulakkhana.blogspot.com/2017/01/histogram.html[/url][/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom