කොහොම කොහොම හරි තාම වාහනේට තෙල් ලැබෙනවා නේද? පෝලිම විතරද දැක්කේ?......
පෝලිම්වල ඉන්නවා හැරෙන්න, අරගල කරන්න දැන් පණක් නැත්ද?
එහෙනම් මේ ලිපිය කියවන්න
හැමෝටම දෙයක් කියන්නම්, මේ අරගලයේ හිනාවෙන්න දෙයක් නෑ, විහිලුවට ගන්න දෙයක් නෑ, එක මනුස්සයෙක් අරගලේ වෙනුවෙන් දවස් ගානක් නිදි නැතුව මහන්සි වෙලා heart attack එකකින් මැරුණා, උඹලට දැනුනද?.
කොල්ලෝ දෙන්නෙක් වෙඩි තියලා මැරුණා, තව ICU එකේ පන අදිනවා. මැරුණේ නෑ මැරුවා. උඹලට දැනුනද?.
අද උද්ධමනය 74%ක් පමණ, උඹලට දැනෙනවද?
අහන්න කලින් කී දෙනෙක් මේකේ තේරුම දන්නවද?
උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව. අවුරුද්දක් යන්න කලින්, උඹේ පඩියෙන් පාන් ගෙඩි 10නම් ගන්න පුළුවන් එදාට මිනිස්සු කන්න නැතුව මැරෙනවා.
උඹලට මේ දවස් වල තෙල් එනවා, එන්නෙ කොහොමද හිතුවද, පෝලිම විතරද දැක්කේ, දාස් ගාණක් දිවි පුදලා රැකගත්ත *උතුරේ දූපත් ටික ඉන්දියාවට* දීලා ඒකෙන් අපි තෙල් ගේනවා, ආතල් නේද?
මේ රටේ භූගත ජලය විකුණන්න සැලසුම් හදලා ඉවරයි, *භූ ගත ජලය ටොන් ගණන් සෞදියට* පටවපුවම මතු පිට පොලවේ ජල ස්ථරය පහලට කිඳා බහිනවා, මතු පිට වේලෙනවා, කාන්තාරයක් වෙනවා, කන්න නැති වෙනවා, උඹලට දැනුන් නෑ නේද ,
උඹලා තවම හිතන්නේ පිස්සො ටිකක් පිස්සුවට අරගල කරනව කියලද, නෑ බං, ඒ හැම දේම තේරෙන, තමන්ට ජීවත් වෙන්න හැමදේම තියෙන උන් ටිකක් උඹලා වෙනුවෙන් සටන් කරනවා.
ඇහැරියන් දැන්වත්, කානිවල් එකක් නෑ, ඒ ශ්‍රී ලංකාවේ මල බෙර සද්දේ ඇහෙන්නේ, ඒ ඇහෙන්නේ කපුටු කාක් කාක් නෙවෙයි, ඒ ඇහෙන්නේ මල ගෙදර අන්තිම හොරණෑ සද්දේ.
අපි මේ රටේ හුස්ම බං
අපි ශ්‍රී ලංකාව
තේරුම් ගනින්
ඇහැරියන්
ඇඟිල්ල දික් කරන කරන පැත්තට ඉබාගාතේ දුවන් නැතුව අපි මේ කරන කැපවීම මොකක්ද තේරුම් ගනින්
අපි නිර්පාක්ෂික අරගලකරුවෝ
මේ අපේ අම්මා
මේ අපේ රට
අපිට වෙන රටක් නෑ
- උපුටාගැනීම අවසන් -
ආදරයේ අරගලයට ජය වේවා!