Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තායිලන්තයේ ක්‍රා ඇල සහ හම්බන්තොට වරාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තායිලන්තයේ ක්‍රා ඇල සහ හම්බන්තොට වරාය

ස්පාඤ්ඤයේ ඉයුඩොක්සස් සහ පෘතුගාලයේ වස්කො ද ගාමාගේ සිට ඉන්දියාව සොයා යුරෝපයෙන් පැමිණි නැව් වලට ඉන්දියාවට ලඟා වීමට අප්‍රිකානු මහද්වීපය වටා යාත්‍රා කිරීමට සිදු විය. මේ සඳහා ගත වන කාලය සහ වැය වන ධනය යුරෝපය සහ ආසියාව අතර වෙළඳාමට තිබුණු දැවැන්තම බාධකය විය. ඊට විසඳුමක් ලෙස 1859 දී මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද යා කරමින් සූවස් ඇල ඉදි කරන ලදී. එය දිගින් කිලෝ මීටර් 193ක් විය. එබැවින් යුරෝපය සහ ආසියාව අතර වෙළඳාම මෙන්ම ගමනාගමනය ද නොසිතූ අයුරින් දියුණු විය.

නාවික ගමනේ මී ළඟ පෙරලිය වූයේ සූවස් ඇලයි. ඇමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර ප්‍රාන්ත අතර නාවික ගමනාගමනය ඇති කරමින් පැනමා ඇල ඉදි කිරීම සඳහා ඇමෙරිකාව විසින් කොලොම්බියාව ආක්‍රමණය කර පැනමාව නමින් නැවුම් රටක් ලෝක සිතියමට එක් කළ අයුරු 2015.10.29 දින ප්‍රදීපයෙන් විස්තර කලෙමු. 1903 දී ඉදි වුණු පැනමා ඇල හේතුවෙන් දකුණු ඇමෙරිකාව වටා ගමන් කළ නැව් කිලෝ මීටර් 77ක් පමණක් ඇල දිගේ ගමන් කිරීමෙන් පැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරයට පැමිණීමට හැකි වී ඇත.

චීනයට අවශ්‍ය ඛණිජ තෙල් වලින් 80%ක් මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය ආනයන ද චීනයට ලඟා වෙන්නේ ඉතාම පටු සමුද්‍ර තීරුවක් වන මලක්කා සමුද්‍ර සන්ධිය හරහාය. අප්‍රිකාවෙන් සහ අරාබියෙන් මිළ දී ගන්නා ඛණිජ තෙල් පුරවා ගත් නැව් මලක්කා සමුද්‍ර සන්ධිය නමැති කුඩා බිම් තීරුව හරහා ගමන් කර සිංගප්පූරුව වරායට ලඟා වීමෙන් අනතුරුව චීනයට පැමිණේ. මලක්කා සමුද්‍ර සන්ධිය දෙපස තිබෙන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුවයි. මෙම රටවල් තුනම චීනය දකින්නේ ඇමෙරිකානු හිතවාදි රටවල් ලෙසයි. ඇමෙරිකාව සහ චීනය අතර ගැටුමක් ඇති වුවහොත් මෙම රටවලට චීනයට පැමිණෙන තෙල් නැව් අවහිර කළ හැකි බවත් ඒ හේතුවෙන්ම චීනය ඇද වැටෙනු ඇති බවත් චීන විශ්වාසයයි. එය ජාතික ආරක්ෂාවට තිබෙන ලොකුම තර්ජනය ලෙස චීනය සලකයි. හිටපු චීන ජනාධිපති හු ජින්ටාඔ විසින් “මලක්කා දෙගිඩියාව“ ලෙස හැඳින්වූයේ චීන ආණ්ඩුව වෙලා ගත් මෙම බියයි.

මලක්කා දෙගිඩියාවට අපූරු විසඳුමක් ද තිබේ. ඒ තායිලන්ත ක්‍රා ඇල ව්‍යාපෘතියයි. අන්දමන් මුහුද සහ දකුණු චීන මුහුද යා කරමින් තායිලන්තයේ ක්‍රා නම් පටු බිම් තීරුව හරහා සූවස් වැනි ඇලක් නිර්මාණය කිරීම ක්‍රා ඇල ව්‍යාපෘතියයි. මෙම ඇල ඉදි කිරීමෙන් චීනයට, ජපානයට සහ පිලිපීනයට යන නැව් ගමන කිලෝ මීටර් 1,200කින් කෙටි වනු ඇත.

තායි ආණ්ඩුව විසින් ක්‍රා ඇල ව්‍යාපෘතිය මුලින්ම යෝජනා කලේ 1677 තරම් ඈතකය. ඒ සූවස් ඇල ඉදි කිරීමට ද ප්‍රථමය. නමුත් තාක්ෂණයේ දුර්වලතා මෙන්ම අධික වියදම ද හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක නොවිණි. ඉන්පසු බ්‍රිතාන්‍ය ද ක්‍රා ඇල ඉදි කිරීමට සූදානම් වූ නමුත් පසුව අත් හරින ලදී. මෙම යෝජනාව යලිත් මතු වූයේ චිනයට ඇති වුණු මලක්කා දෙගිඩියාව හේතුවෙනි.

චීනය විසින් ක්‍රා ඇල ඉදි කිරීම පිලිබඳ ශක්‍යතා වාර්තාවක් සකසමින් සිටින බව 2005 දී වාර්තා කලේ “ද වොෂිංටන් ටයිම්ස්“ පුවත්පතයි. නමුත් චීනයට මෙම ඇල ඉදි කිරීම පිලිබඳ ද දෙගිඩියාවක් ඇති වී තිබිණි. ඒ මෙම ඇල ඉදි කිරීමෙන් සිංගප්පූරුව මුහුණ දෙන ශෝචනීය තත්වයයි. සිංගප්පූරු ජාතික ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සිංගප්පූරු වරායයි. මෙම වරායට පැමිණෙන නැව් වලින් 90%ක්ම චීනයට ජපානයට කොරියාවට තායිවානයට සහ පිලිපීනයට යන හෝ එම රටවලින් එන නැව්ය. එබැවින් ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරුවට අත් වන්නේ සූවස් ඇල ඉදි කිරීමෙන් සුබ පැතීමේ තුඩුව වරායට අත් වූ ඉරණමයි. සුබ පැතීමේ තුඩුව වරාය යනු ලොව පැවැති කාර්ය බහුලම වරායකි. යුරෝපයේ සිට පැමිණෙන නැව් මෙන්ම යුරෝපය බලා යන නැව් ද ආහාර, තෙල් සහ ඉන්ධන සැපයීම් සඳහා නවත්වන්නේ මෙම වරායේය. එමෙන්ම නැවියන් මාරු වීම සිදු වන්නේ ද මෙම වරායේ දීය. නමුත් සූවස් ඇල ඉදි කිරීමෙන් පසු යුරෝපීය සහ ආසියානු නැව් අප්‍රිකාව වටා ගමන් කිරීම නැවතිණි. ඒ සමගම සුබ පැතීමේ තුඩුව වරාය ද නැව් නොඑන කාර්ය බහුල නොවන වරායක් බවට පත් විය. ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරු වරායට ද අත් වන්නේ සුබ පැතීමේ තුඩුව වරායට අත් වුණු ඉරණමයි.

චීන ජාතිකයින් පාලනය කරන ලොව රටවල් තුනක් තිබේ. ඒ චීනය, සිංගප්පූරුව සහ තායිවානයයි. තායිවානය ස්වාධීන රටක් ලෙස චීනය පිලි නොගන්නා බැවින් තානාපති සබඳතා තිබෙන්නේ සිංගප්පූරුව සමග පමණි. එබැවින් ක්‍රා ඇල ඉදි කර සිංගප්පූරුව රිදවීමට චීනය කැමති නොවීය.

අවාසනාවකට සිංගප්පූරුව නම් චීනය රිදවීම ප්‍රශ්නයක් කර ගෙන නොතිබිණි. දකුණු චීන දූපත් වල අයිතිය පිලිබඳ අර්බූදයේ දී සිංගප්පූරුව විසින් කළ ප්‍රකාශ අනවශ්‍ය ලෙස චීනය කෝප ගැන්වීමක් ලෙස සිංගප්පූරුවේම විදේශ විත්ති විචාරකයින් හඳුන්වා තිබිණි. 2016 අගෝස්තු දෙවන දින සිංගප්පූරු අගමැතිට ඇමෙරිකානු ජනාධිපති විසින් ලබා දුන් රාත්‍රි භෝජන සංග්‍රහයේ දී ආසියානු පැසිපික් කලාපයේ බල තුලනය සඳහා ඇමෙරිකානු මැදිහත්වීමක් අවශ්‍ය බව පමණක් නොව ඔබාමා ඇමෙරිකාවේ පළමු පැසිපික් ජනාධිපති බව ද සිංගප්පූරු අගමැති පැවසීය. මෙය චීනය කෝප ගැන් වූ බව ඊට චීනය ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් “සිංගප්පූරුව ඇමෙරිකානු ඉත්තෙකු වුවහොත් ඇමෙරිකාව සහ චීනය අතර අතරමැදියා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අහිමි කර ගන්නවා“ යැයි පැවසීමෙන් පැහැදිලිය.

2016 සැප්තැම්බර් මාසයේ දී වෙනුසුවේලා හි පැවැත්වුණු නොබැඳි රාජ්‍ය නායක සමුළුවේ දී දකුණු චීන මුහුදේ දූපත් පිලිබඳ විශේෂ ප්‍රකාශයක් සම්මත කර ගන්නා ලදී. සිංගප්පූරු මාධ්‍ය මෙන්ම චීන මාධ්‍ය ද වාර්තා කලේ එකී යෝජනාව ආසියාන් සංවිධානයේ ඉදිරිපත් කළත් ඒ පිටුපස සිටියේ සිංගප්පූරුව බවයි. මීට අමතරව ඇමෙරිකානු යුද ගුවන් යානා සිංගප්පූරු ගුවන් තොටුපලේ නැවැත්වීමට අවස්ථාව ලබා දීම චීනයේ පෑරුණු තුවාලයට ඇඟිල්ලෙන් ඇනීමක් විය.

චීනය සිංගප්පූරුවට රිදවීමට සිතුවේ අපූරු ක්රමයකය. ඒ සිංගප්පූරුව විනාශ කෙරෙන ක්‍රා ඇල ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙනි. අමෙරිකානු ඩොලර් බිලියන 18ක් වැය කර වසර දහයක දී මෙම ඇල ඉදි කිරීමට තායි සහ චීන සමාගම් දෙකක් ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම ගිවිසුම පිලිබඳ මාධ්‍ය වාර්තා කළ විට තායිලන්තයේ චීන තානාපති පැවසුවේ තමන් ඇල ඉදි කිරීමට තීරණය කරන්නේ එය බලපාන සියළුම රටවල් සමග සාකච්ඡා කර බවයි. කෙසේ වෙතත් ක්‍රා ඇල නුදුරු අනාගතයේ දී යථාර්ථයක් වනු ඇත. කෙසේ වෙතත් සමහර විචාරකයින් පවසන්නේ චීනය ක්‍රා ගිවිසුම අත්සන් කලේ පසුගිය මැයි මාසයේ දී බවත් ඒ බව හෙලි වීමෙන් පසු සිංගප්පූරුව චීන විරෝධි ස්ථාවරයකට තල්ලු වුණු බවත්ය.

මුලින් සඳහන් කළ පරිදි ක්‍රා ඇල ඉදි කිරීමෙන් පසු සිංගප්පූරු වරායේ වැදගත්කම අතුරුදහන් වනු ඇත. එම ස්ථානය ගනු ඇත්තේ නව මුහුදු මාර්ගයේ හරි මැද පිහිටි හම්බන්තොට වරායයි. ඒ අනුව චීන තෙල් නැව් ගමන් කරන මාර්ගයේ තිබෙන මෙන්ම ආසියාවේ වැදගත්ම වරාය බවට හම්බන්තොට පත් වනු ඇත. වත්මන් ආණ්ඩුව වසර 99කට චීනයට බදු දීමට යන්නේ අනාගත ආසියාවේ වැදගත්ම වරාය බව මෙම ප්රවණතා අධ්‍යනය නොකළ වත්මන් ආණ්ඩුව නොදන්නවා විය හැක. තවත් වසර 99කින් වැදගත් සිදුවීම් දෙකක් ලොව සිදු වේ. පළමු සිදුවීම වන්නේ ඇමෙරිකාව පරදා ලොව ආර්ථික සහ යුද සුපිරි බලවතා බවට චීනය පත්වීමයි. දෙවන සිදුවීම වන්නේ හම්බන්තොට වරාය ආසියාවේ වැදගත්ම වරාය මෙන්ම චීනයට වැදගත්ම වරාය බවට ද පත්වීමයි. ඒ පසුබිම තුල චීනය හම්බන්තොට අත්හැර යෑමට අකැමැති වනු ඇත. එසේම ලොව සුපිරි බලවතා බලහත්කාරයෙන් ඉවත් කිරීමට ද අපට හැකියාවක් නොමැති වනු ඇත. එය ඉන්දියාව සහ ඇමෙරිකාවේ කිපීමට ද හේතු විය හැකි ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් මෙන්ම ලේ විලක් ද බවට පත්වීම නම් වැලැක්වීමට නොහැකි වනු ඇත. “Do not catch anything what you cannot throw away“ හෙවත් “අත්හැරීමට නොහැකි කිසිවක් අල්ලා ගනු එපා“ යනුවෙන් ඇති ඉංග්‍රීසි කියමන ලංකාවට වඩාත් අදාළ යැයි මට සිතේ.

https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154869753804253/?type=3&hc_ref=NEWSFEED

[QUOTE="chaturanga836, post: 21129198, member: 544536"] [b]තායිලන්තයේ ක්‍රා ඇල සහ හම්බන්තොට වරාය[/b] [SIZE="5"]ස්පාඤ්ඤයේ ඉයුඩොක්සස් සහ පෘතුගාලයේ වස්කො ද ගාමාගේ සිට ඉන්දියාව සොයා යුරෝපයෙන් පැමිණි නැව් වලට ඉන්දියාවට ලඟා වීමට අප්‍රිකානු මහද්වීපය වටා යාත්‍රා කිරීමට සිදු විය. මේ සඳහා ගත වන කාලය සහ වැය වන ධනය යුරෝපය සහ ආසියාව අතර වෙළඳාමට තිබුණු දැවැන්තම බාධකය විය. ඊට විසඳුමක් ලෙස 1859 දී මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද යා කරමින් සූවස් ඇල ඉදි කරන ලදී. එය දිගින් කිලෝ මීටර් 193ක් විය. එබැවින් යුරෝපය සහ ආසියාව අතර වෙළඳාම මෙන්ම ගමනාගමනය ද නොසිතූ අයුරින් දියුණු විය. නාවික ගමනේ මී ළඟ පෙරලිය වූයේ සූවස් ඇලයි. ඇමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර ප්‍රාන්ත අතර නාවික ගමනාගමනය ඇති කරමින් පැනමා ඇල ඉදි කිරීම සඳහා ඇමෙරිකාව විසින් කොලොම්බියාව ආක්‍රමණය කර පැනමාව නමින් නැවුම් රටක් ලෝක සිතියමට එක් කළ අයුරු 2015.10.29 දින ප්‍රදීපයෙන් විස්තර කලෙමු. 1903 දී ඉදි වුණු පැනමා ඇල හේතුවෙන් දකුණු ඇමෙරිකාව වටා ගමන් කළ නැව් කිලෝ මීටර් 77ක් පමණක් ඇල දිගේ ගමන් කිරීමෙන් පැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරයට පැමිණීමට හැකි වී ඇත. චීනයට අවශ්‍ය ඛණිජ තෙල් වලින් 80%ක් මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය ආනයන ද චීනයට ලඟා වෙන්නේ ඉතාම පටු සමුද්‍ර තීරුවක් වන මලක්කා සමුද්‍ර සන්ධිය හරහාය. අප්‍රිකාවෙන් සහ අරාබියෙන් මිළ දී ගන්නා ඛණිජ තෙල් පුරවා ගත් නැව් මලක්කා සමුද්‍ර සන්ධිය නමැති කුඩා බිම් තීරුව හරහා ගමන් කර සිංගප්පූරුව වරායට ලඟා වීමෙන් අනතුරුව චීනයට පැමිණේ. මලක්කා සමුද්‍ර සන්ධිය දෙපස තිබෙන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුවයි. මෙම රටවල් තුනම චීනය දකින්නේ ඇමෙරිකානු හිතවාදි රටවල් ලෙසයි. ඇමෙරිකාව සහ චීනය අතර ගැටුමක් ඇති වුවහොත් මෙම රටවලට චීනයට පැමිණෙන තෙල් නැව් අවහිර කළ හැකි බවත් ඒ හේතුවෙන්ම චීනය ඇද වැටෙනු ඇති බවත් චීන විශ්වාසයයි. එය ජාතික ආරක්ෂාවට තිබෙන ලොකුම තර්ජනය ලෙස චීනය සලකයි. හිටපු චීන ජනාධිපති හු ජින්ටාඔ විසින් “මලක්කා දෙගිඩියාව“ ලෙස හැඳින්වූයේ චීන ආණ්ඩුව වෙලා ගත් මෙම බියයි. මලක්කා දෙගිඩියාවට අපූරු විසඳුමක් ද තිබේ. ඒ තායිලන්ත ක්‍රා ඇල ව්‍යාපෘතියයි. අන්දමන් මුහුද සහ දකුණු චීන මුහුද යා කරමින් තායිලන්තයේ ක්‍රා නම් පටු බිම් තීරුව හරහා සූවස් වැනි ඇලක් නිර්මාණය කිරීම ක්‍රා ඇල ව්‍යාපෘතියයි. මෙම ඇල ඉදි කිරීමෙන් චීනයට, ජපානයට සහ පිලිපීනයට යන නැව් ගමන කිලෝ මීටර් 1,200කින් කෙටි වනු ඇත. තායි ආණ්ඩුව විසින් ක්‍රා ඇල ව්‍යාපෘතිය මුලින්ම යෝජනා කලේ 1677 තරම් ඈතකය. ඒ සූවස් ඇල ඉදි කිරීමට ද ප්‍රථමය. නමුත් තාක්ෂණයේ දුර්වලතා මෙන්ම අධික වියදම ද හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක නොවිණි. ඉන්පසු බ්‍රිතාන්‍ය ද ක්‍රා ඇල ඉදි කිරීමට සූදානම් වූ නමුත් පසුව අත් හරින ලදී. මෙම යෝජනාව යලිත් මතු වූයේ චිනයට ඇති වුණු මලක්කා දෙගිඩියාව හේතුවෙනි. චීනය විසින් ක්‍රා ඇල ඉදි කිරීම පිලිබඳ ශක්‍යතා වාර්තාවක් සකසමින් සිටින බව 2005 දී වාර්තා කලේ “ද වොෂිංටන් ටයිම්ස්“ පුවත්පතයි. නමුත් චීනයට මෙම ඇල ඉදි කිරීම පිලිබඳ ද දෙගිඩියාවක් ඇති වී තිබිණි. ඒ මෙම ඇල ඉදි කිරීමෙන් සිංගප්පූරුව මුහුණ දෙන ශෝචනීය තත්වයයි. සිංගප්පූරු ජාතික ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සිංගප්පූරු වරායයි. මෙම වරායට පැමිණෙන නැව් වලින් 90%ක්ම චීනයට ජපානයට කොරියාවට තායිවානයට සහ පිලිපීනයට යන හෝ එම රටවලින් එන නැව්ය. එබැවින් ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරුවට අත් වන්නේ සූවස් ඇල ඉදි කිරීමෙන් සුබ පැතීමේ තුඩුව වරායට අත් වූ ඉරණමයි. සුබ පැතීමේ තුඩුව වරාය යනු ලොව පැවැති කාර්ය බහුලම වරායකි. යුරෝපයේ සිට පැමිණෙන නැව් මෙන්ම යුරෝපය බලා යන නැව් ද ආහාර, තෙල් සහ ඉන්ධන සැපයීම් සඳහා නවත්වන්නේ මෙම වරායේය. එමෙන්ම නැවියන් මාරු වීම සිදු වන්නේ ද මෙම වරායේ දීය. නමුත් සූවස් ඇල ඉදි කිරීමෙන් පසු යුරෝපීය සහ ආසියානු නැව් අප්‍රිකාව වටා ගමන් කිරීම නැවතිණි. ඒ සමගම සුබ පැතීමේ තුඩුව වරාය ද නැව් නොඑන කාර්ය බහුල නොවන වරායක් බවට පත් විය. ක්‍රා ඇල ඉදි වුවහොත් සිංගප්පූරු වරායට ද අත් වන්නේ සුබ පැතීමේ තුඩුව වරායට අත් වුණු ඉරණමයි. චීන ජාතිකයින් පාලනය කරන ලොව රටවල් තුනක් තිබේ. ඒ චීනය, සිංගප්පූරුව සහ තායිවානයයි. තායිවානය ස්වාධීන රටක් ලෙස චීනය පිලි නොගන්නා බැවින් තානාපති සබඳතා තිබෙන්නේ සිංගප්පූරුව සමග පමණි. එබැවින් ක්‍රා ඇල ඉදි කර සිංගප්පූරුව රිදවීමට චීනය කැමති නොවීය. අවාසනාවකට සිංගප්පූරුව නම් චීනය රිදවීම ප්‍රශ්නයක් කර ගෙන නොතිබිණි. දකුණු චීන දූපත් වල අයිතිය පිලිබඳ අර්බූදයේ දී සිංගප්පූරුව විසින් කළ ප්‍රකාශ අනවශ්‍ය ලෙස චීනය කෝප ගැන්වීමක් ලෙස සිංගප්පූරුවේම විදේශ විත්ති විචාරකයින් හඳුන්වා තිබිණි. 2016 අගෝස්තු දෙවන දින සිංගප්පූරු අගමැතිට ඇමෙරිකානු ජනාධිපති විසින් ලබා දුන් රාත්‍රි භෝජන සංග්‍රහයේ දී ආසියානු පැසිපික් කලාපයේ බල තුලනය සඳහා ඇමෙරිකානු මැදිහත්වීමක් අවශ්‍ය බව පමණක් නොව ඔබාමා ඇමෙරිකාවේ පළමු පැසිපික් ජනාධිපති බව ද සිංගප්පූරු අගමැති පැවසීය. මෙය චීනය කෝප ගැන් වූ බව ඊට චීනය ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් “සිංගප්පූරුව ඇමෙරිකානු ඉත්තෙකු වුවහොත් ඇමෙරිකාව සහ චීනය අතර අතරමැදියා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අහිමි කර ගන්නවා“ යැයි පැවසීමෙන් පැහැදිලිය. 2016 සැප්තැම්බර් මාසයේ දී වෙනුසුවේලා හි පැවැත්වුණු නොබැඳි රාජ්‍ය නායක සමුළුවේ දී දකුණු චීන මුහුදේ දූපත් පිලිබඳ විශේෂ ප්‍රකාශයක් සම්මත කර ගන්නා ලදී. සිංගප්පූරු මාධ්‍ය මෙන්ම චීන මාධ්‍ය ද වාර්තා කලේ එකී යෝජනාව ආසියාන් සංවිධානයේ ඉදිරිපත් කළත් ඒ පිටුපස සිටියේ සිංගප්පූරුව බවයි. මීට අමතරව ඇමෙරිකානු යුද ගුවන් යානා සිංගප්පූරු ගුවන් තොටුපලේ නැවැත්වීමට අවස්ථාව ලබා දීම චීනයේ පෑරුණු තුවාලයට ඇඟිල්ලෙන් ඇනීමක් විය. චීනය සිංගප්පූරුවට රිදවීමට සිතුවේ අපූරු ක්රමයකය. ඒ සිංගප්පූරුව විනාශ කෙරෙන ක්‍රා ඇල ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙනි. අමෙරිකානු ඩොලර් බිලියන 18ක් වැය කර වසර දහයක දී මෙම ඇල ඉදි කිරීමට තායි සහ චීන සමාගම් දෙකක් ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම ගිවිසුම පිලිබඳ මාධ්‍ය වාර්තා කළ විට තායිලන්තයේ චීන තානාපති පැවසුවේ තමන් ඇල ඉදි කිරීමට තීරණය කරන්නේ එය බලපාන සියළුම රටවල් සමග සාකච්ඡා කර බවයි. කෙසේ වෙතත් ක්‍රා ඇල නුදුරු අනාගතයේ දී යථාර්ථයක් වනු ඇත. කෙසේ වෙතත් සමහර විචාරකයින් පවසන්නේ චීනය ක්‍රා ගිවිසුම අත්සන් කලේ පසුගිය මැයි මාසයේ දී බවත් ඒ බව හෙලි වීමෙන් පසු සිංගප්පූරුව චීන විරෝධි ස්ථාවරයකට තල්ලු වුණු බවත්ය. මුලින් සඳහන් කළ පරිදි ක්‍රා ඇල ඉදි කිරීමෙන් පසු සිංගප්පූරු වරායේ වැදගත්කම අතුරුදහන් වනු ඇත. එම ස්ථානය ගනු ඇත්තේ නව මුහුදු මාර්ගයේ හරි මැද පිහිටි හම්බන්තොට වරායයි. ඒ අනුව චීන තෙල් නැව් ගමන් කරන මාර්ගයේ තිබෙන මෙන්ම ආසියාවේ වැදගත්ම වරාය බවට හම්බන්තොට පත් වනු ඇත. වත්මන් ආණ්ඩුව වසර 99කට චීනයට බදු දීමට යන්නේ අනාගත ආසියාවේ වැදගත්ම වරාය බව මෙම ප්රවණතා අධ්‍යනය නොකළ වත්මන් ආණ්ඩුව නොදන්නවා විය හැක. තවත් වසර 99කින් වැදගත් සිදුවීම් දෙකක් ලොව සිදු වේ. පළමු සිදුවීම වන්නේ ඇමෙරිකාව පරදා ලොව ආර්ථික සහ යුද සුපිරි බලවතා බවට චීනය පත්වීමයි. දෙවන සිදුවීම වන්නේ හම්බන්තොට වරාය ආසියාවේ වැදගත්ම වරාය මෙන්ම චීනයට වැදගත්ම වරාය බවට ද පත්වීමයි. ඒ පසුබිම තුල චීනය හම්බන්තොට අත්හැර යෑමට අකැමැති වනු ඇත. එසේම ලොව සුපිරි බලවතා බලහත්කාරයෙන් ඉවත් කිරීමට ද අපට හැකියාවක් නොමැති වනු ඇත. එය ඉන්දියාව සහ ඇමෙරිකාවේ කිපීමට ද හේතු විය හැකි ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් මෙන්ම ලේ විලක් ද බවට පත්වීම නම් වැලැක්වීමට නොහැකි වනු ඇත. “Do not catch anything what you cannot throw away“ හෙවත් “අත්හැරීමට නොහැකි කිසිවක් අල්ලා ගනු එපා“ යනුවෙන් ඇති ඉංග්‍රීසි කියමන ලංකාවට වඩාත් අදාළ යැයි මට සිතේ.[/SIZE] [URL="https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154869753804253/?type=3&hc_ref=NEWSFEED"]https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154869753804253/?type=3&hc_ref=NEWSFEED[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom