තායිලන්තයේ කුෂ් සමග එන මාලිමාවේ කුෂ්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මෙය උපුටාගැනිමකි:

    HG9qi0EbcAA1UkS



    සාමාන්‍යයෙන් කුඩු කේස් එකකට හරි බඩු කේස් එකකට හරි සමාජ විරෝධී කේස් එකකට කෙනෙක් මාට්ටු උනාම කවුරු හරි දේශපාලඥයෙක් එක්ක එකට ඉඳලා ගහන ෆොටෝ දාන එක බුකියෙ හරි සුලභ සිදුවීමක්..
    ඒ නිසා මම ඒක වැඩිය කෙයාර් කරන්නෙ නෑ.
    ඒ නිසා ඔය කටුනායක එයාර්පෝට් එකේදි හාමුදුරුවරු 22 ක් එක්ක තහනම් මත්ද්‍රව්‍ය අහුවෙච්ච එකේ ප්‍රධාන සැකකරු ජාතික ජන බලවේගයට උදව් කරා කියන මේ චායාරූපයත් මම පයිසෙකට මායිම් කරේ නෑ..

    මොකද ලංකාවෙ ඕනෑම පුද්ගලයෙක් දේශපාලඥයින් එක්ක ගත්ත ෆොටෝ තියෙනවා ඒත් ඊයෙ රෑ නිවුස් අහනකොට මගේ ඇස් උඩ ගියා.. මේ රටේ හාමුදුරුනමක් මත්ද්‍රව්‍ය සමග කටුනායක එයාර්පෝට් එකේදි අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙයලු..
    ආසන්න දිනයකදී මේ අයුරින්ම තවත් හාමුදුරුවරුන් 10 දෙනෙක් මෙහෙම ගිහින් ඇවිත් තියෙනවා..

    මෙච්චර කල් මේ රටේ නීතියක් තිබිලා තියෙනවා බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් රටින් පිට වෙනවා නම් මහහිමිවරුන්ගෙන් අනිවාර්යයෙන්ම අවසර ගත යුතුයි කියලා. මෙම චීවරධාරීන් පිරිස ඒ අවසරය අරගෙන නෑ.. ඒ ඇයි...?

    මහනාහිමිවරුන් ලිඛිත අවසරය ලබා ගැනීමෙ නීතිය මේ රජය ඉවත් කරලා..

    හදිසියේම මේ නීතිය ඉවත් කරේ ඇයි..?
    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙ කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න කියන්නෙ " එම අවසරය ලබා ගැනීමෙ ක්‍රමවේදය අත්හිටෙව්වෙ කෙටි කාලයකට" කියලා..

    දැන් තමයි අවස්ථා සම්බන්ධය ගලපන්න වෙන්නෙ.. හාමුදුරුවරුන් රටෙන් පිටවීමට මහනාහිමිවරුන්ගෙන් ලිඛිත අවසරය ගැනීමෙ නීතිය මේ රජයෙන් තාවකාලිකව ඉවත් කරනවා..
    ඒ කාලසීමාව ඇතුලේ හාමුදුරුවරු 22 ක් කුඩු එක්ක එයාර්පෝට් එකේදි මාට්ටු වෙනවා... ඒ හාමුදුරුවරු කණ්ඩායම මෙහෙයවපු ප්‍රධාන චීවරධාරියා මේ ආණ්ඩුව බලයට පත් කරන්න උදව් කරපු කෙනෙක්...

    මේ සියල්ලම එක්තරා කෙටි කාලසීමාවක් ඇතුළත සිද්ධ වෙන්නෙ කොහොමද..? සිදුවූයේ කුමක්ද...? සිදුවන්නේ කුමක්ද...? තීරණය කිරීම සබුද්ධික ඔබට බාරයි...

    නිලන්ත සත්සර ගමගේ


    HG98YisbAAAep1V

    ------ Post added on Apr 28, 2026 at 12:35 PM
     
    • Like
    Reactions: monson