තායිවානයේ බලු අසූචි ලොතරැයිය .....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තායිවානයේ බලු අසූචි ලොතරැයිය .....

    තායිවානයේ තායිපේ නව නගරයේ වෙනස් ආකාරයේ ලොතරැයි දිනුම් ඇදීමක් පසුගියදා පැවැත්විනි.

    මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබුවේ සුරතල් සතුන්ගේ අසූචි මහාමාර්ග වලින් ඉවත්කිරීමට කටයුතු කළ පුද්ගලයන්ටයි. අසූචි සහිත එක් බෑගයක් සඳහා ඔවුන්ට ලොතරැයි ටිකට්පතක් බැගින් ලබාදී තිබුනි.

    මේ සඳහා සුදුසුකම් ලැබීමට පුද්ගලයන් 4,000ක් විසින් සුරතල් සතුන් විසින් මහමග දමා තිබෙන අසූචි සහිත බෑග 14,500ක් එකතු කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

    පසුගියදා සිදුවු දිනුම් ඇදීමෙන් ජය ගැනීමට 50 හැවිරිිදි කාන්තාවක් සමත් වී ඇති අතර, ඇයට ත්‍යාග වශයෙන් ඇමෙරිකානු ඩොලර් 2,200ක් වටිනා රත්රන් ලැබී ඇත. තවත් පුද්ගලයන් 85 දෙනෙකු ද රන් ඇතුළු සැනසිලි ත්‍යාග දිනා ඇත.

    අගෝස්තු මාසයේදී ආරම්භ වූ මෙම ලොතරැයි වැඩසටහන ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිත වූ නමුත්, එහි සාර්ථකත්වය හේතුවෙන් එහි කාල වකවානුව දෙසැම්බර් දක්වා දීර්ඝ කරන ලදී.

    මෙම ලොතරැයි වැඩසටහන හේතුවෙන් මෙම නුවර මහාමාර්ග වල ඇති සත්ත්ව අසූචි වලින් 50%ක් පමණ අඩු වී ඇතැයි බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

    කෙසේ වෙතත් සුරතල් සතුන්ගේ අසූචි වෙනුවට රත්රන් ලබාදීම තවදුරටත් සිදුකිරීමට අපහසු බව පවසන නාගරික නිලධාරීන්, සිය සුරතල් සතුන්ගේ අසූචි ඉවත් කිරීම නගරවැසියන් විසින් පුරුද්දක් කර ගනු ඇතැයි වැඩිදුරටත් බලාපොරොත්තු වෙයි.

    bugging-out.gif
    bugging-out.gif
    bugging-out.gif
    bugging-out.gif
    bugging-out.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔයා ඒ කාලේ ඉදලම කරලා තියෙන්නේ ලැට් ඉහපු එකනේ පින්කි :(
    ඒකත් කාගෙ හරි බඩ වියත රැකෙන වෘත්තියක් තමා සහෝ.. රිද්ද ගත්ත පලියට ඒ වෘත්තීන් වලට නිගා කරන්න එපා...:(
     

    Mozilla

    Well-known member
  • ඒකත් කාගෙ හරි බඩ වියත රැකෙන වෘත්තියක් තමා සහෝ.. රිද්ද ගත්ත පලියට ඒ වෘත්තීන් වලට නිගා කරන්න එපා...:(

    වටේ ගිහින් බඩ කර ගත්තේ වෘත්තීන් මාරු කරන නිසා නේද පින්කි නංගි? :(