13
සරත් නොසිතූ වෙලාවක සුරවීර පැමිණියේ කලබලකාරී ස්වරූපයෙනි .
“මේ සරත් උඹ කියහන් අර වැඩේ කෙරෙනවද නැද්ද ..මගෙ ජොබ් එකටත් කෙලඋනා..උඹල කරන් නැත්තම් මම වෙන කවුරු හරි දම්මල හරි වැඩේ කරගන්නව..”
සරත් ට කේන්ති ගියත් ඉවසා සිටියේ සුරවීර තරහ කරගැනීමට සුදුසු පුද්ගලයකු නොවන නිසාය.තමාගේ රහස් බොහොමයක් ද සුරවීර දන්නා නිසා ඔහු හා ගනුදෙනු කලයුත්තේ පරිස්සම් සහිතව ය.
“හරි හරි සර් කලබල කරන්න එපා අපි බාරගත්තොත් වැඩක් කර ඇරල නෑනෙ..මටත් ඇති වෙලා තියෙන්නෙ ..අපි වැඩෙ කෙරෙන විදියක් බලමු”
“ඒකනෙ කියන්නෙ උබේ මල්ලි උඹ ටත් ගේමක් දීල තමයි පස්ස බලන්නෙ ..මම අද කිව්ව කියල ලියල තියාගනින්..හොඳින් හෝ නරකින් ඌ හොයාගෙන තියෙන දේවල් ටික දැනගෙන වෙන එකෙක් දාල කරගමු..පන්සලේ තියෙන පුස්කොල පොතේ තියෙනව වදුල තියෙන තැන..ඒක හොයාගත්තා කියන්නෙ වැඩේ ඉවරයි..වලව්වේ තැනක ඒ වදුඅල තියනව කියල තමයි කියන්නෙ”
“අපි බලමුකො සර් මේ සතිය ඇතුලත මන් මේක විසඳල දෙනව”
සුරවීර පිටව ගියපසු සරත් කල්පනාවක ගැලුනේ ඔහුගේ කතාව ගැන ය.සුරවීර හැසිරෙන්නේ කෙරුම්කාරයෙක් ලෙසිනි .ඔහුද මේ මෙහෙයුමෙන් ඉවත් කරන්න ට කාලය එලඹ ඇති සෙයකි.මොලෙන් මේ වැඩය කරන්නට නොගොසින් තමාගේ ක්‍රමයට මෙය කලානම දැන් දෙකින් එකක් විසඳී හමාරය .අරින්ද ගේ හොර ඇල්ලීමට යැවූ ඔත්තුකරුවන් දෙදෙනාත් තම රාජකාරිය හරියාකාරව ඉටු කලේ නැත.
අරින්ද වැටෙන්නට ගිය තාරුකා වත්තම් කරගත්තේ මහත් වෑයමකිනි.
“තාරු ...තාරු ...අනේ රත්තරං “
අරින්ද මහත් කලබලයෙන් ඇගේ හිස උකුලේ හොවාගෙන කෑ ගෑවේ තවමත් කම්පනයක ගැලී සිටි තාරුකා ගෙන් පිලිතුරක් නොවූ නිසාවෙනි.ඇතිවූ කලබලය ඇසී අප්පච්චි ඇතුලු පිරිස එම ස්තානයට දිව ආහ.
“කලබල වෙන්න එපා..”
ශාන්ත ලීලාවෙන් පැවසූ ධම්මප්රභ හිමි තම අත වූ පැන් කෙන්ඩියකින් පැන් බිඳ ක් ඇගේ මුහුණ මත හෙලුවේ ය.සිහිනයකි න් අවදි වූවාක් මෙන් තාරුකා තමා වටා සිටියවුන් දෙස බැලුවාය .
“අනේ සුදූ මොකද උනේ”
ලොකු හාමිනේ ඈ වෙත එබුනාය .
“කලන්තයක් ඇල්ලුව “
අරින්ද එසේ පැවසුවේ අන් අය අස්වැසීමට වුවත් තාරුකා නිකම්ම කලන්තය නොවූ වග තේරුම් ගත්තේය .
“අනේ සමාවෙන්න හාමුදුරුවනේ “
තාරුකා ට හැගුනේ තමා අතින් වරදක් වූවා වැනි හැගීමකි.ඒ සමගින් අරින්ද ගේ උකුල මත සිටින වග දැනී ඈ ලැජ්ජාව ට පත්වුණා ය.
“සමාවෙන්න නම් නෙවේ අයියට පින් දෙන්න තව ඩිංගෙන් ඔලුව වදිනව”
“හරියට මොකුත් කෑවෙත් නෑනෙ ඒ මදිවට ගිනි අව්ව කලන්ත නොවී තියේය”
පොඩිනා කියවාගෙන ගියේ කේන්තියෙනි .
“කට කට “
ලොකු අප්පො සැර කල නිසා ඈ නිහඬ වූවාය .තාරුකා අම්මා ට වාරු වී හිඳ ගත්තාය .
“දැන් කොහොමද “
අරින්ද ඒ දෑසට එබුනේ හිතේ පිරුණු පස්චාත්තාපයෙනි.මේ ගමන එන්නට මූලික හේතු කාරනාව තමාය.මේ අසරණීට යමක් වූවානම් යන්තම් එහා මෙහා වූයෙ නම් හිස ගලේ වදින්නට හොඳටම ඉඩතිබුණි.
“අමාරුවක් නෑ අරින්ද මට නින්ද ගියාවගේ විතරයි මතක දැන් නම් මොකුත් නෑ”
“අවසරයි අපේ හාමුදුරුවනේ අපි යන්නම් තාරුකා මෙහම තියන් ඉන්න බෑ”
“පුතා ආ කාරනාව කතා කරල ඉවර කරගන්නකො අපි දුවත් එක්ක ඉන්නම්”
ලොකු අප්පො කීවේ මෙතෙක් වෙලා රැකගෙන සිටි මුණිවත බිඳිමිනි.
“ඒක අවශ්‍ය නෑ අප්පච්චි ..පස්සෙ පුලුවන් “
අරින්ද ගෙ කලබලකාරී සිතුවිලි ධම්මප්රභ හිමියන් විනිවිඳ දැක්කේය.
“ඒක හරි ලොකු අප්පො ..අපි පසුවට ඒ ගැන කතා කරමු..සුදු හාමිනේ අක්කව එක්ක යන්න දැන්”
පිරිස නික්ම යෑමට ප්‍රතම ධම්මප්රභ හිමියන් සියලුදෙනාගේ අත්වල පිරිත් නූල් බැඳ ආශිර්වාද එක්කලේය.
අරින්ද හිමියන්ට නමස්කාර කොට නැගී සිටියේය.
“අවසරයි අපේ හාමුදුරුවනේ මම වෙන දවසක එන්නම් ඔබ වහන්සේ මුණ ගැහෙන්න”
“ඔව් අයියා අපි අනිවාර්යයෙන් ආයෙ මුණ ගැහෙයි..අක්කව තව හොඳින් බලාගන්න කලියෙන් වගේ පසුතැවිලි වෙන්න තියාගන්න එපා.තෙරුවන් සරණයි ”
ධම්මප්රභ හාමුදුරුවෝ කිව් කතාව හරි හැටි නොතේරුනත් අරින්ද හිස වනා එය පිළිගත්තේය.
තාරුකා අත්වාරුව ඉල්ලා ගත්තද හිස තෝන්තු වී ඇති සෙයකි.අරින්ද හාමුදුරුවන්ට සමුදී පිරිසට එකතු වුනේය .
“ඔය මොකද කරන්න හදන්නෙ”
“ඇයි අපි දැන් යන්ව කිව්ව නේද”
“අනේ මේ ආයෙ පාරක් පත බෑ වෙන්නෙ නැතිව ඉන්නවද පහලට එක්ක යනකල් “
“අපෝ සැර තරම්..”
“සැරයි තමයි..අප්පච්චි අම්මාව පොඩ්ඩක් බලන්න පඩි රත් වෙලා තියෙන්නෙ පරිස්සමෙන් “
ලොකු මැණිකේ අප්පෝ දෙස බැලුවේ දෙගිඩියාවෙනි අරින්ද ගේ ක්‍රියාකලාපය නිසා ඔහුට කේන්ති ගිහින් ඇති ද.නමුත් ලොකු අප්පො කට කොනකින් සිනාසෙමින් ඇගේ අතින් අල්ලා වාරු දුන්නාය .
“මොකෝ හිනා වෙන්නෙ”
“නෑ මේ කලකට පෙර එක්කෙනෙක් සිරීපාදෙ වන්දනා කලහැටි මතක් උනා”
“අනේ නිකා ඉන්න”
පිරිස පසුපසින් ආ පොඩිනා සියල්ල දෙස බලා උන්නේ මහත් සතුටිනි .වලව්වෙන් ගිලිහී තිබු සතුට නැවත ඒ වෙත ලගාවෙමින් ඇත.
12
අරින්ද පිරිස වලව්ව ට ගෙනවුත් අරලවන විට පහේ කණිසමට ආසන්නය .එන මගින් කෑම කා තේ පානය කල නිසා ගතේ වෙහෙස අඩුවී තිබේ.දවල් දවසේ සිදුවූ දේවල් ගැන නැවත කල්පනා කලයුතු වුවත් අරින්ද ඒ ගැන උනන්දු වූයේ නැත.තාරුකා පරණ පුරුදු සුවයට පැමිණ ඇති නිසා හිතට සතුටුය.
“දැන් හොඳයි නේද”
“හ්ම්ම්..මම නිසා ඔක්කොම අවුල් උනා නේද..”
“අම්මෝ ඒකනම් ඇත්ත සිනිදුවට බරට තිබුණා බිම තියන්න හිතුනෙ නෑ”
අරින්ද කිව් කතාව තේරුම් ගියේ මද වේල ගිය පසුවය.
“ඊය අනේ මහ නරකයි ..අයේ නම් වඩාගන්න දෙන්නෙ නෑ මම පයින්ම එනව”
“හා බලමුකො එන හැටි”
කෙසේ වෙතත් ඒ උණුහුමේ ගෙවුනු මතකය ඈ නැවත සිතින් ස්පර්ශ කර බැලුවාය .හිතේ ඇත්තේ නිසඟ සතුටකි.
“පුතා කෑම ටිකක් කාලම යන්න “
“බෑ අප්පච්චි ..පරක්කු උනා වාහනේ බාර දෙන්නත් ඕන”
“අනෙ දවසම මහන්සි වෙලානෙ ඉන්නෙ”
මැණිකේ ද කතාව ට එකතු වුණාය.
“බෑ අම්මා අයේ දවසක එන්නම් කාල යන්න”
අරින්ද දෙමාපියන් වැඳ යන්නට නැගිට්ටේ ය.
තාරුකා සෙමින් විත් බිත්ති කණුවට හේත්තු වුණාය
“මම ගිහින් එන්නම් සුදු හාමිනේ ..පරිස්සමෙන් ඉන්න..”
අඳුරෙ වැසුණු ඇගේ නලළත මත රහසින් හාදුවක් තබා ඔහු පිටවුණේ ය.
“බුදු සරණයි ..රත්තරං “
අරින්ද නවාතැන්පොළට ආවේ හිතේ දහසක් සිතුවිලි මැදිනි.තමා කරන්නෙ හ්වැරද්දකැයි විටෙක සිතේ.තමා මෙහි පැමිණි කාරනාව දැනගත් පසු තාරුකා කෙසේ හැසිරේවිදැයි සිතාගත නොහැක.ඈට තවදුරටත් බොරු කිරීමට හිත දෙන්නෙ නැත.ජීවිතේ වෙනස් වන්නට එක හොඳ හේතුවක් ඇතිය .ඈටද අනතුරක් නොවන ලෙස සරත්ගේ සිත මේ මෙහෙයුමෙන් ඉවත් කල යුතුය.අද දවසේ තමා පසුපස ආවේ කවුරුන්ද කියා සොයා ගත යුතුය.අරින්ද දුරකථන ඇමතුම් කීපයක් ගත්තේ අව්ශ්ය තොරතුරු ග්රහනය කරගන්නටය.ආරක්ෂක කැමරාවේ පැහැදිලිව සටහන් ව තිබූ යතුරු පැදි අංකය ව්‍යාජ එකක් වන්නට බොහෝ ඉඩ ඇතත් අරින්ද ඒ හෝඩුවාව ඔස්සේ ඉදිරියට ගියේය .මෙහි අවුත් ගොඩනගා ගත් මිතුරු සමාගම් කීපයක් ද තිබූ නිසා පැය කීපයක් ඇතුලත සාර්ථක තොරතුරක් ලබාගන්නට ඔහුට හැකිවිය.
ජානක තම මිතුරා සමඟ රෑ බෝ වනතුරු මදුවිත තොලගාමින් උන්නේ දවල් සිදුවූ ලැජ්ජාව නිසා හිත හදා ගන්නටය.සරත් අයියාගේ වැඩක් ලේසියෙන් නොලැබෙන නිසා ඒ ලැබුණු වැඩෙත් හරිහමන්වට කරගන්නට නොලැබීම බොන්නට ඕනෑ කාරනාව කි.ඔහු තම මිතුරාට කීවෙද එසේය.
“සරත් අයියා කියන්නෙ මචන් ජෙනුයින් පොරක් ආයෙ ඈ..දැං බලපං මේ කේස් එක උනත් මට දුන්නෙ හොඳට හොයල බලලා ...මගේ පාස් රෙකෝඩ්ස් හොඳ නිසා ගොඩ ගියෙ අම්මපා නැත්තම් මෙලහකටත් මට තියල...”
“ඔය කියන ඩෑල් එකත් වැඩකාරයෙක්ලු නේද ..”
“ඌ වැඩ්ඩා තමා ඒක්නෙ මේක මට බාර දුන්නෙ බන් හ හ හා “
අරින්ද වේලාව පැමිණෙන තුරු අවන්හලට පිටත් තැනක රැක සිටියේය.පාන්දර එකට පමණ ජානක සහ මිතුරා ඉන් පිටතට පැමිණි අතර යතුරු පැදියේ නැගී පිටත් වූහ.අරින්ද ජීප් රතයකින් ඔවුන් පසු පස්සේ ආවේ තම කාර්යයට ගැලපෙන තැනක් එන තුරුය.සැනෙකින් ඔවුන් දෙදෙනා ගේ මග හරස් කර නැවතූ ඔහු ජානක වෙත කඩා පැන්නේය.පෙරලෙන්නට ගිය බයික් එක වත්තම් කරගෙන උන් ජානක අරින්ද ගේ පා පහරින් මිතුරා ද සමග බිම ඇදන් වැටුනේය.
“තෝ කවුද හු....” ජානකට වදන සම්පූර්ණ කරගන්නට නොලැබුනේ ඔලුව දෙදරා ගිය පාපහර නිසාවෙනි.
එක පිට වැදුනු අත් හා පා පහරවල් වලින් බැට කෑ දෙදෙනා හෙම්බත්ව සිටියේය .ලේ පෙරමින් උන් ජානගේ කොලරයෙන් අල්ලා ඉහලට එසවූ අරින්ද කටහඩ අවදි කලේය .
“පරයා බලාගනින් මම කවුද කියල ඇස් ඇරල බලපන් ප... තෝ මොන ගෙවලයෙක්ද යකෝ මගෙ ඔත්තු බලන්න ආ...මගෙන් මැරුම් නොකා කියහන් කවුද උඹව එව්වෙ..”
“මොනවද අයියෙ මේ කියන්නෙ මොන ඔත්තුව ක් ද මොකුත් තේ.. තේරෙන් නෑ “
“ආ තේරුනා මදිද ..”
අරින්ද පිස්තෝල බඳින් හිසට පහරක් ගසා එය ජානක්ගේ හිසට තැබුවේය .
“හරි හරි අයියා ...මම කියන්ම් මම කියන්න ම්”
සිද්ධ් දාමය දෙස බලා සිටි ජානකගේ මිතුරා තුවක්කුව දුටු සැනින් එතැනින් පලා ගියේය.