Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2

තරුණයා බැස යන තැන දන්නා නිසා තාරුකා අවසන් වරට් ඔහු දෙස බැලුවාය .ඇස් ගැටුනේ නොසිතූ මොහොතකය.මූණේ යන්තමින් සිනාවක් හුවමාරු වුණි.ඊළඟ මොහොතේ ඈට ලැජ්ජා සිතුනි.බසයෙන් බැස ගත් පසුවත් ඔහු තමා දෙස බලනු තාරුකා දුටුවාය.මොකක්දෝ හුරුපුරුදු ගතියක් ඒ මුහුණේ ඇතැයි තාරුකා සිතූ වාර අනන්තය එනමුත් එය මේ යැයි කියා නිශ්චිත නැත.ආදරය වැනි සංවේදී කාරනාවක් මග හැර සිටින්නට හිතට දිරි ගත යුතුය.මේතාක් ජීවිතේ පිරිමියකු ගැන විශේෂත්වයක් දැනී නැත.ඒත් මේ පෞර්ෂය හමුවේ හිත එක තැනක තබා ගන්නට බැරිවී ඇත.සමහර විට මේ ආදරය වෙන්න ඇති ...

රටේ තිබූ වැඩවසම් ක්‍රමය බිඳ වැටී අවසන් ය.ප්‍රභූ පවුලක් ලෙස ගමේ වැජඹුණු සමයක් ඉතිහාසයේ ඇත.එනමුත් අද බොහෝ දෙනා වලව්ව දෙස බලන්නේවත් නැත.බීමට ඇබ්බැහි වූ අප්පච්චි ගේ නොහොබිනා ක්‍රියාකලාපය මීට මූලික හේතුවය.පවුලේ උරුමයෙන් ලද රබර් පොල් කුඹුරු ඉඩම් වලින් යැපෙනවා හැරෙන්නට පවුලට රජයෙන් ලැබෙන එකම ආදායම තාරුකා ගේ පඩිය පමණි .අම්මාද වරින් වර දියවැඩියා රෝගයෙන් පීඩා විඳින නිසා ගෙදර ඇත්තේ කරදරම පමණැයි තාරුකා සිතුවාය.පාසල් වේලාවට මේ කිසිවක් මතකයට නොයෙන නිසා හොඳය .

පාසලේ ගුරු මණ්ඩලය තුළ ද තාරුකා කෙරේ පැහැදීමක් තිබුණේ කැපවීමෙන් රාජකාරි කරන දක්ෂ ගුරුවරියක ලෙසය.තම උසස් පෙල පන්තියේ ප්‍රතිඵල ඉහල නැංවීමට කැපවී කටයුතු කල ඈ හට ඉහල උසස් පෙල ප්‍රතිඵල පෙන්වන්නට හැකි වූ අතර සියලුම සිසුන් අවම වශයෙන් සම්මාන සාමාර්ථ හෝ ලබා තිබූ අතර එක් දියණියක විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා තිබුණි.කාලයක් තිස්සේ බිඳ වැටී තිබූ පාසලේ කීර්තිය නැංවීමට තමාට හැකි වීම ගැන ඈ සතුටු වූවාය.ජයග්‍රහණය ලද සිසුන්ට තෑගි ලබා දීමට සිතුවේ අනෙක් ලමුන් දිරි ගන්වන්නට සිතාගෙනය .පාසල් වේලාවෙන් පසුව අවිස්සාවේල්ලට ගොස් එන්නට සිතුවේ ඒ සඳහාය.අම්මාගේ බේත් පංගුවත් නිවසේ කලමනාද මේ ගමන්ම මිලට ගන්නට සිතූ තාරුකා ත්‍රී රෝද රතයක නගරයට යන්නට සිතුවාය .

පාසල ඇරෙන වේලාව තෙක් අරින්ද දුරට වී බලා සිටියේ තාරුකා එන තුරුය.උදෑසන සිදුවූ දෙය නිසා හිතේ චකිතය මදක් දුරුව ගොසිනි.ගෑණු පිරිමි සිත් ආකර්ශනය වන්නට මහ ලොකු හේතු සාදක උවමනා නැත එක සිනා දලුවෙකින් ප්‍රේම ගින්න දැල්විය හැකිය.වෙනදා මෙන් බස් නැවතුම්පොළ වෙත නොයා තාරුකා ත්‍රී රෝද රතයට ගොඩවනු අරින්ද බලා උන්නේය.යතුරු පැදිය පණ ගන්වා ත්‍රී රෝද රිය පේන නොපෙනෙන මානයේ තබා ඔහු පසුපසින් ආවේය.තාරුකා වාහනයෙන් බසින තුරු ඉවසා සිටි අරින්ද යතුරු පැදිය නවතා ඈ ඇතුලු වූ පොත් කඩයට ගොඩ වුනේය .

තාරුකා සිතුවේ තම සිසුනට ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන පොත් කීපයක් මිළට ගන්නටය.

අත් වාරුවට බර වී ඈ පොත් තෝරන්නට වූවාය.ඒ රුව නෙත ගැටුනේ අහම්බෙනි .මේ තරම් ළඟින් ඔහුව දැක තිබුණේ නැත.ලගන්නා පිරිමිකමක් ඔහු තුළ ඇත.නන්දිතා ළඟ නොසිටියේ හොඳ වේලාවටය.ඈ සිටියානම් මොනවා හෝ කියනු ඇත.ඇත්තටම මේ අහඹු හමුවීමක්ද නැතිනම් මගේ පස්සෙන් පොත් කඩයට ආවාද.ඒත් එහෙම ආවානම් තමා වෙත එන්නට ඕනෑය.වට පිටාව ගැන කිසිදු තැකීමක් නැතිව පොත් තෝරමින් සිටින තරුණයා තමාව දකින්නේ නම් කියා ඈ සිතුවේ කෑදර සිතිනි.

නොසිතූ මොහොතක කවුරුන්දෝ ඇඟේ ගැටුනු නිසා ඈ බිම නොවැටී බේරුණේ අනූ නවයෙනි.ඒත් ඇගේ අත් වාරුව මහ හඩින් බිම වැටුණේ බොහෝ දෙනාගේ අවදානය ඈ වෙතට යොමු කරමිනි.

“ඔහ්..පරිස්සමෙන් “

ඔහු තමා අසලට ආවේ කෙසේදැයි දන්නේ නැත.අරින්ද පහත්වී ඇගේ අත්වාරුව අහුලා දුන්නේය .පොත් රාක්කයට බර දී උන් අත අනාරාදිතවම අල්ලා අත්වාරුව දරන්නට ඔහු උදව් කලේය.

“කවුදෝ හැප්පුණා ..ගොඩක් ස්තූතියි “

තාරුකා කෙලින් නොබලා කීවේ වැරදිකාරියක් ලෙසිනි.

“ඇයි තනියම ආවෙ යාලුව එක්ක එන්න තිබුණනෙ වැටුන නම් එහෙම”

“හැම දේටම යාලුවන්ට කරදර කරන්න බෑනෙ..මට පුලුවන් තනියම “

ඇගේ මුහුණ අඳුරු වනු අරින්ද දුටුවේය.

“සොරි මම ඔයා දුබලයෙක් කියල අදහස් කලා නෙවෙයි..මම අරින්ද “

“ඒකට කමක් නෑ ..මම තාරුකා “

ඈ කඳුළු අතරින් සිනාසුනාය.වෘත්තීය අරමුණු මොනවා උනත් ඒ සුන්දර සිනාවත අරින්දගේ සිත පැහැරගන්නට සමත් ය.

“මොනවද ටීච් කරන්නෙ “

අරින්ද ඒ ඇස් වලට එබුනේ ය

“මම ටීචිං කරනව කියල දන්නෙ කොහොමද ?”

“මට කුරුල්ලෙක් කීව”

“ඇත්තට ඕපාදූප කියවන කුරුල්ලොත් ඉන්නව නේද ?”

අද ඊයේ හමුවූ පිටස්තරයකු වුවත් තාරුකා ට දැනුනේ අරින්ද කාලයක සිට හඳුනන අයෙකු ලෙසිනි.සාමාන්‍යයෙන් නාඳුනන පිරිමින් හා කතාවට නොගියත් මේ සංවාදය නිම කරන්නට හිතෙන්නෙ නැත.

“යාලුව ආවෙ නැත්තෙ වෙලාවට”

“ඒ මොකෝ ..”

“මහ කටර් එකක් නේද මට අල්ලන්නෙ නෑ එයාව”

එයාව අල්ලන්න යන්න ඕනි නෑ තාරුකා නොකියා හිත යටින් සිනාසුනාය.

“මම කියන්නම් කො එයාට..”

හද පතුලටම විනිවිඳින ඒ නෙත් කැල්ම ඈ විඳගත්තාය.

“මොනව ගන්නද ආවෙ “

“මගෙ පංතියේ ළමයෙක් කැම්පස් සිලෙක්ට් වෙලා එයාට ගිෆ්ට් එකක් ගන්න ආවෙ”

“මම රිසර්ච් එකක් කරනව ඒකට ඕන පොත් වගයක් ගන්න ආවෙ..ඕන ඒව ගත්තද දැන්”

“ඔව් මේ ඇති”

ඈ තෝරාගත් පොත් ගොන්නද රැගෙන එන්නට හැරෙන විට අරින්ද ඒ පොත්මිටිය අතට ගෙන ඈ පසුපස්සේ ආවේය.

“මම නිසා කරදර උනා “

“යාලුවෙක් කරපු උදව්ව්වක් කියල හිතන්න”

“ගොඩක් පිං”

“ඉදිරියටත් පිංකම් කරගන්න බලාපොරොත්තු වෙනව”

ඔහුගේ කතාවට ඈ සිනා පෑවාය.හිතට අමුතු මිහිරක් ගලාවිත් තිබේ.මේ පෙර නොවිඳි රසයකි.

අරින්ද තව දුරටත් ඈ හා නොරැඳී එතැනින් පිටව ආවේය.තාරුකා ත්‍රී රෝද රතයේ ගොඩවී පිටව යන තුරු සිට ඔහු ආපසු නවාතැනට ආවේ කැළඹුණු සිතිනි.සිතුවාටත් වඩා කරන්නට ගිය කර්තව්‍යය සාර්ථක වුවත් හිතේ අවිවේකී ගතියකි.කොතරම් වැරදි වැඩ වලට සම්මාදම් වී ඇතත් හිතට අපුලක් දුකක් දැනී නැත.ඒත් තාරුකා රැවටීමට යොදාගෙන යන වැඩපිළිවෙළ නිසා හිතේ ඇත්තේ වරද කාරී හැඟීමකි.

කොළඹ ඉහළ පෙලේ ප්‍රභූන් යැයි කියාගන්නා නාකි සල්ලාලයන් හට මල් කැකුලු වන් තරුණියන් සැපයීම සරත් අයියාගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි.හද්ද පිටිසර ගම් වලින් අවුරුදු දාසය දාහත ඉක්මවූ කෙල්ලන් කොළඹ ට ගෙන ආවේ රැකියා ලබා දෙන බවට ලබා දුන් පොරොන්දු පත්‍ර මතය .අත්තිකාරම් ලෙසින් රැකියාව ලැබීමට පෙරාතුවම ලොකු මුදලක් පවුලට ලබා දෙන්නේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටය.මේ සඳහාම වෙන්වූ කාණ්ඩයක් සරත් යටතේ සිටි අතර මාතර මාරි අක්කා සහ කලු චමින්ද නම් ප්‍රසිද්ධ ගණිකා ව්‍යාපාර පවත්වා ගෙන ගිය අයවලුන්ට පසුව වැඩිම කෙල්ලන් සිටියේ සරත් සතුවය.මෙසේ ජයටම කෙරීගෙන ගිය ජාවාරම අතර ප්‍රවාහන කටයුතු බහුතරයක් සිදුකෙරුනේ අරින්ද අතිනි.අධි සුපෝගබෝගී බෙන්ස් බීඑම්ඩබ්ලිව් රත වලින් තරු හෝටල් වලට කෙල්ලන් සැපයීම සිදුකල අතර ඒ කිසිම දාක වත් තමාගේ හිත මෙලෙස චංචල නොවූ බව අරින්ද ට විශ්වාසය.

දුම්වැටියක් දල්වාගත් අරින්ද සඳලුතලයේ ඇදි පුටුවේ අසුන් ගත්තේ ගෙනා පොතක් කියවන්නට සිතාගෙනය.කරන්නට යන කටයුත්ත කිසිදු විටෙක සැකයක් ඇති නොවන ලෙස සිදුවිය යුතුය.මේ මෙහෙයුමට පිඹුරු පත් ඇන්දේ මාස ගනණකට පෙරාතුවය.සුරවීර විසින් කියූ තොරතුරු අනුව ඉදිරි සැලසුම් දියත් කෙරුනේ අරින්ද ගේ සෘජු දායකත්වයෙනි.මහාචාර්යවරයා කියන ආකාරයට තාරුකා ගේ පෙලපත පැවත එන්නේ හෙළ රජදවස පටන් ය.දිමියාවිට වලව්වේ විසූ රණශූර ප්‍රභූවරයකු වෙනුවෙන් සපරගමු දිසාවේ විසින් පිරිනැමුණු ධනස්කන්දයක් නිධන් කොට ඇතැයි ජනප්රවාදයේ පැවත එන අතර එම ධනය ආරක්ෂා කිරීමට බහිරවයන් හතර දෙනෙකු යොදවා සිටින බවත් නිධාන දොරටුව විවර කිරීමට ප්‍රභූ පවුලේ පිරිසිදු ලේ ඇති තුන්කුලුඳුල් දරුවකු අවශ්‍ය බවද කියැවේ .මේ පිළිබඳව සඳහන් නිදන් වදුලක් ඇති බවත් එය පවුලේ සාමාජිකයින් පමණක් දන්නා තැනෙක සඟවා ඇති බවත් සුරවීර සොයාගෙන තිබුණි .ඒ කෙසේ වෙතත් කටකතාවක් විශ්වාසයට ගෙන වැඩේට බැසීම තෙරුමක් රහිත බව අරින්ද පැවසූ විට සුරවීර විසින් පිටපත් කරගත් පුස්කොල පොතක විස්තර උඩඟු ලෙස ගෙන හැර පෑවේ ඒවා ලද විදිය නිවරදිව සඳහන් නොකරමිනි.තමාට අකරතැබ්බයක් සිදුවූයේ මේ අවසන් තහවුරු කිරීම ලැබුණාටත් පසුව බව සුරවීර මතින් මත් වූ සැඳෑවේ සඳහන් කලා අරින්ද ට මතකය.

කෙසේ වෙතත් සරත් ගේ බල කිරීමට කැමති වූවා මිසක මේ කටයුත්ත කෙරේ අරින්ද ගේ එතරම් උනන්දුවක් තිබුණේ නැත.නමුත් එම කර්තව්‍යය ට බැසගත් පසු එය කෙලවර දක්වා කරගෙන යාම අරින්ද ගේ පුරුද්දය.තමා නොදන්නා ක්ෂේස්ත්‍රයක් නම් ඔහු මුලින්ම කරන්නේ අදාල විෂය සම්බන්ද ව හැදෑරීමයි.මේ කාරනාවේදී ද මහජන පුස්තකාලයේ සහ මහාචාර්යවරයා ගේ උදව්වෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ පොත් පත් අතර දින ගනන් ඔහු ගත කර තිබුණේ ය.තාරුකා ගේ පවුලේ විස්තරාදිය ඒ අයටත් වඩා දන්නේ අරින්ද ය.අරින්ද කැපවීමෙන් මේ කටයුත්තේ යෙදෙන අයුරු බලා වඩාත් සතුටු වූයේ සරත් ය.මේ තාක් අත ගැසූ බොහොමයක් ගේම් තක්කෙටම ගොඩ දැම්මේ අරින්ද විසිනි.අතරින් පතර අසාර්ථක වූ අවස්ථා වලට හේතුව තමාගේ මුරන්ඩු කම වග සරත් දන්නේය.

“බලන්නකො සර් කොල්ල ඕක ගොඩ ඇදලම තමයි පස්ස බලන්නෙ”

“ඔව් අයිසෙ අපෙ කැම්පස් එකෙක්වත් මෙහෙම ගේමට බැහැල වැඩ කරනව මම දැකල නෑ..ඕන සප් එකක් මම දෙනව..”

අවශ්‍ය සියලුම දේ මිලදී ගත් පසු තාරුකා ත්‍රී රොද රතයෙන්ම නිවසට ආවාය.හිතේ ඇති පිබිදීමට හේතු දන්නේ තමන් පමණි.ඈ ත්‍රීරෝද රියෙන් බසින විටම අම්මා ආලින්දය ට ආවාය.

“මෙච්චර ඒව ගේන්න තිබුණා නම් ටිකිරි හරි කතා කරගන්න තිබුණා නෙ”

බර මලු ගෙතුලට ගනිමින් අම්මා කීවේ දුවගේ අපහසුකම් දන්නා නිසාවෙනි .

“දැන් ඒ මිනිස්සු අපේ උදව්වට එන්නේ නෑ අම්මා”

ගමන් වියදම් ගෙවා දැමූ ඈ අසුනකට බර වූයේ ගතේ වෙහෙස නිසාය.දවස තිස්සේ ඇවිද්ද නිසා කිහිලි කරුවට හිරවූ බාහුව ඇදුම් දෙන්නේය.ඈ වේදනාවට තම අත පිරිමැද ගත්තාය.ඒ රලු පිරිමි අතේ සවිය මතකයට ආවේ අනාරාදිතවය .මේ කතාව කාට හෝ කියන්නට උවමනා උනත් එහෙම කෙනෙක් යෙහෙළියක් ළඟ පාතක නැත.

“සුදු හාමිනා අද සංතෝසෙන් වගේ”

තේ බන්දේසියක් රැගෙන ආ පොඩිනා කීවේ තනිව සිනා සෙන තාරුකා දෙස බලමිනි.

“සංතොස නම් තමයි ඒත් මහන්සියි “

“ඉන්නකො මම වතුර ලිපේ තිව්ව මද රස්නෙන් නා ගත්තම හරියාවි”

“කෝ අම්ම අප්පච්චි “

“කොහේ හරි ගුබ්බෑයමක බොනව ඇති අද රබර් විකුණන දවසනෙ.”

“අනේ මන්ද දැනුම් තේරුම් තියෙන මිනිස්සු නිස්කාරනේ නාස්තිවෙන හැටි..අපි දරුවන්ට මොනා ඉගැන්නුවත් මොකටද අපේ ම මිනිස්සු හදා ගන්න බැරිව”

“එයාගෙ අම්ම අප්පටවත් හදන්න බැරි මිනිහ අපිට හදන්න පුලුවන් ද සුදු හාමිනේ”

අම්මා හිස් අහස දෙස බලාගෙන කියන්නේ බිඳුණු සිතිනි.ආරච්චි පවුලේ වැඩිමලා වූ අම්මා සහ දිමියාවිට වලව්වේ ලොකු අප්පොගේ විවාහය දින හතක් පුරා උජාරුවට කෙරුනු හැටි අද මතක ඇත්තේ පොඩිනාට පමණි.අම්මා ඒ අතීතය හිතා මතාම අමතක කරන්නට වෙර දරන වග ඈ දනී.අප්පච්චි නිසාත් තමාගේ රෝගී තත්ත්වය නිසාත් වඩාත් දුක් විඳින්නේ අම්මාය.

[QUOTE="chamathkara 295, post: 24257958, member: 477761"] [b]2[/b] තරුණයා බැස යන තැන දන්නා නිසා තාරුකා අවසන් වරට් ඔහු දෙස බැලුවාය .ඇස් ගැටුනේ නොසිතූ මොහොතකය.මූණේ යන්තමින් සිනාවක් හුවමාරු වුණි.ඊළඟ මොහොතේ ඈට ලැජ්ජා සිතුනි.බසයෙන් බැස ගත් පසුවත් ඔහු තමා දෙස බලනු තාරුකා දුටුවාය.මොකක්දෝ හුරුපුරුදු ගතියක් ඒ මුහුණේ ඇතැයි තාරුකා සිතූ වාර අනන්තය එනමුත් එය මේ යැයි කියා නිශ්චිත නැත.ආදරය වැනි සංවේදී කාරනාවක් මග හැර සිටින්නට හිතට දිරි ගත යුතුය.මේතාක් ජීවිතේ පිරිමියකු ගැන විශේෂත්වයක් දැනී නැත.ඒත් මේ පෞර්ෂය හමුවේ හිත එක තැනක තබා ගන්නට බැරිවී ඇත.සමහර විට මේ ආදරය වෙන්න ඇති ... රටේ තිබූ වැඩවසම් ක්‍රමය බිඳ වැටී අවසන් ය.ප්‍රභූ පවුලක් ලෙස ගමේ වැජඹුණු සමයක් ඉතිහාසයේ ඇත.එනමුත් අද බොහෝ දෙනා වලව්ව දෙස බලන්නේවත් නැත.බීමට ඇබ්බැහි වූ අප්පච්චි ගේ නොහොබිනා ක්‍රියාකලාපය මීට මූලික හේතුවය.පවුලේ උරුමයෙන් ලද රබර් පොල් කුඹුරු ඉඩම් වලින් යැපෙනවා හැරෙන්නට පවුලට රජයෙන් ලැබෙන එකම ආදායම තාරුකා ගේ පඩිය පමණි .අම්මාද වරින් වර දියවැඩියා රෝගයෙන් පීඩා විඳින නිසා ගෙදර ඇත්තේ කරදරම පමණැයි තාරුකා සිතුවාය.පාසල් වේලාවට මේ කිසිවක් මතකයට නොයෙන නිසා හොඳය . පාසලේ ගුරු මණ්ඩලය තුළ ද තාරුකා කෙරේ පැහැදීමක් තිබුණේ කැපවීමෙන් රාජකාරි කරන දක්ෂ ගුරුවරියක ලෙසය.තම උසස් පෙල පන්තියේ ප්‍රතිඵල ඉහල නැංවීමට කැපවී කටයුතු කල ඈ හට ඉහල උසස් පෙල ප්‍රතිඵල පෙන්වන්නට හැකි වූ අතර සියලුම සිසුන් අවම වශයෙන් සම්මාන සාමාර්ථ හෝ ලබා තිබූ අතර එක් දියණියක විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා තිබුණි.කාලයක් තිස්සේ බිඳ වැටී තිබූ පාසලේ කීර්තිය නැංවීමට තමාට හැකි වීම ගැන ඈ සතුටු වූවාය.ජයග්‍රහණය ලද සිසුන්ට තෑගි ලබා දීමට සිතුවේ අනෙක් ලමුන් දිරි ගන්වන්නට සිතාගෙනය .පාසල් වේලාවෙන් පසුව අවිස්සාවේල්ලට ගොස් එන්නට සිතුවේ ඒ සඳහාය.අම්මාගේ බේත් පංගුවත් නිවසේ කලමනාද මේ ගමන්ම මිලට ගන්නට සිතූ තාරුකා ත්‍රී රෝද රතයක නගරයට යන්නට සිතුවාය . පාසල ඇරෙන වේලාව තෙක් අරින්ද දුරට වී බලා සිටියේ තාරුකා එන තුරුය.උදෑසන සිදුවූ දෙය නිසා හිතේ චකිතය මදක් දුරුව ගොසිනි.ගෑණු පිරිමි සිත් ආකර්ශනය වන්නට මහ ලොකු හේතු සාදක උවමනා නැත එක සිනා දලුවෙකින් ප්‍රේම ගින්න දැල්විය හැකිය.වෙනදා මෙන් බස් නැවතුම්පොළ වෙත නොයා තාරුකා ත්‍රී රෝද රතයට ගොඩවනු අරින්ද බලා උන්නේය.යතුරු පැදිය පණ ගන්වා ත්‍රී රෝද රිය පේන නොපෙනෙන මානයේ තබා ඔහු පසුපසින් ආවේය.තාරුකා වාහනයෙන් බසින තුරු ඉවසා සිටි අරින්ද යතුරු පැදිය නවතා ඈ ඇතුලු වූ පොත් කඩයට ගොඩ වුනේය . තාරුකා සිතුවේ තම සිසුනට ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන පොත් කීපයක් මිළට ගන්නටය. අත් වාරුවට බර වී ඈ පොත් තෝරන්නට වූවාය.ඒ රුව නෙත ගැටුනේ අහම්බෙනි .මේ තරම් ළඟින් ඔහුව දැක තිබුණේ නැත.ලගන්නා පිරිමිකමක් ඔහු තුළ ඇත.නන්දිතා ළඟ නොසිටියේ හොඳ වේලාවටය.ඈ සිටියානම් මොනවා හෝ කියනු ඇත.ඇත්තටම මේ අහඹු හමුවීමක්ද නැතිනම් මගේ පස්සෙන් පොත් කඩයට ආවාද.ඒත් එහෙම ආවානම් තමා වෙත එන්නට ඕනෑය.වට පිටාව ගැන කිසිදු තැකීමක් නැතිව පොත් තෝරමින් සිටින තරුණයා තමාව දකින්නේ නම් කියා ඈ සිතුවේ කෑදර සිතිනි. නොසිතූ මොහොතක කවුරුන්දෝ ඇඟේ ගැටුනු නිසා ඈ බිම නොවැටී බේරුණේ අනූ නවයෙනි.ඒත් ඇගේ අත් වාරුව මහ හඩින් බිම වැටුණේ බොහෝ දෙනාගේ අවදානය ඈ වෙතට යොමු කරමිනි. “ඔහ්..පරිස්සමෙන් “ ඔහු තමා අසලට ආවේ කෙසේදැයි දන්නේ නැත.අරින්ද පහත්වී ඇගේ අත්වාරුව අහුලා දුන්නේය .පොත් රාක්කයට බර දී උන් අත අනාරාදිතවම අල්ලා අත්වාරුව දරන්නට ඔහු උදව් කලේය. “කවුදෝ හැප්පුණා ..ගොඩක් ස්තූතියි “ තාරුකා කෙලින් නොබලා කීවේ වැරදිකාරියක් ලෙසිනි. “ඇයි තනියම ආවෙ යාලුව එක්ක එන්න තිබුණනෙ වැටුන නම් එහෙම” “හැම දේටම යාලුවන්ට කරදර කරන්න බෑනෙ..මට පුලුවන් තනියම “ ඇගේ මුහුණ අඳුරු වනු අරින්ද දුටුවේය. “සොරි මම ඔයා දුබලයෙක් කියල අදහස් කලා නෙවෙයි..මම අරින්ද “ “ඒකට කමක් නෑ ..මම තාරුකා “ ඈ කඳුළු අතරින් සිනාසුනාය.වෘත්තීය අරමුණු මොනවා උනත් ඒ සුන්දර සිනාවත අරින්දගේ සිත පැහැරගන්නට සමත් ය. “මොනවද ටීච් කරන්නෙ “ අරින්ද ඒ ඇස් වලට එබුනේ ය “මම ටීචිං කරනව කියල දන්නෙ කොහොමද ?” “මට කුරුල්ලෙක් කීව” “ඇත්තට ඕපාදූප කියවන කුරුල්ලොත් ඉන්නව නේද ?” අද ඊයේ හමුවූ පිටස්තරයකු වුවත් තාරුකා ට දැනුනේ අරින්ද කාලයක සිට හඳුනන අයෙකු ලෙසිනි.සාමාන්‍යයෙන් නාඳුනන පිරිමින් හා කතාවට නොගියත් මේ සංවාදය නිම කරන්නට හිතෙන්නෙ නැත. “යාලුව ආවෙ නැත්තෙ වෙලාවට” “ඒ මොකෝ ..” “මහ කටර් එකක් නේද මට අල්ලන්නෙ නෑ එයාව” එයාව අල්ලන්න යන්න ඕනි නෑ තාරුකා නොකියා හිත යටින් සිනාසුනාය. “මම කියන්නම් කො එයාට..” හද පතුලටම විනිවිඳින ඒ නෙත් කැල්ම ඈ විඳගත්තාය. “මොනව ගන්නද ආවෙ “ “මගෙ පංතියේ ළමයෙක් කැම්පස් සිලෙක්ට් වෙලා එයාට ගිෆ්ට් එකක් ගන්න ආවෙ” “මම රිසර්ච් එකක් කරනව ඒකට ඕන පොත් වගයක් ගන්න ආවෙ..ඕන ඒව ගත්තද දැන්” “ඔව් මේ ඇති” ඈ තෝරාගත් පොත් ගොන්නද රැගෙන එන්නට හැරෙන විට අරින්ද ඒ පොත්මිටිය අතට ගෙන ඈ පසුපස්සේ ආවේය. “මම නිසා කරදර උනා “ “යාලුවෙක් කරපු උදව්ව්වක් කියල හිතන්න” “ගොඩක් පිං” “ඉදිරියටත් පිංකම් කරගන්න බලාපොරොත්තු වෙනව” ඔහුගේ කතාවට ඈ සිනා පෑවාය.හිතට අමුතු මිහිරක් ගලාවිත් තිබේ.මේ පෙර නොවිඳි රසයකි. අරින්ද තව දුරටත් ඈ හා නොරැඳී එතැනින් පිටව ආවේය.තාරුකා ත්‍රී රෝද රතයේ ගොඩවී පිටව යන තුරු සිට ඔහු ආපසු නවාතැනට ආවේ කැළඹුණු සිතිනි.සිතුවාටත් වඩා කරන්නට ගිය කර්තව්‍යය සාර්ථක වුවත් හිතේ අවිවේකී ගතියකි.කොතරම් වැරදි වැඩ වලට සම්මාදම් වී ඇතත් හිතට අපුලක් දුකක් දැනී නැත.ඒත් තාරුකා රැවටීමට යොදාගෙන යන වැඩපිළිවෙළ නිසා හිතේ ඇත්තේ වරද කාරී හැඟීමකි. කොළඹ ඉහළ පෙලේ ප්‍රභූන් යැයි කියාගන්නා නාකි සල්ලාලයන් හට මල් කැකුලු වන් තරුණියන් සැපයීම සරත් අයියාගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි.හද්ද පිටිසර ගම් වලින් අවුරුදු දාසය දාහත ඉක්මවූ කෙල්ලන් කොළඹ ට ගෙන ආවේ රැකියා ලබා දෙන බවට ලබා දුන් පොරොන්දු පත්‍ර මතය .අත්තිකාරම් ලෙසින් රැකියාව ලැබීමට පෙරාතුවම ලොකු මුදලක් පවුලට ලබා දෙන්නේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටය.මේ සඳහාම වෙන්වූ කාණ්ඩයක් සරත් යටතේ සිටි අතර මාතර මාරි අක්කා සහ කලු චමින්ද නම් ප්‍රසිද්ධ ගණිකා ව්‍යාපාර පවත්වා ගෙන ගිය අයවලුන්ට පසුව වැඩිම කෙල්ලන් සිටියේ සරත් සතුවය.මෙසේ ජයටම කෙරීගෙන ගිය ජාවාරම අතර ප්‍රවාහන කටයුතු බහුතරයක් සිදුකෙරුනේ අරින්ද අතිනි.අධි සුපෝගබෝගී බෙන්ස් බීඑම්ඩබ්ලිව් රත වලින් තරු හෝටල් වලට කෙල්ලන් සැපයීම සිදුකල අතර ඒ කිසිම දාක වත් තමාගේ හිත මෙලෙස චංචල නොවූ බව අරින්ද ට විශ්වාසය. දුම්වැටියක් දල්වාගත් අරින්ද සඳලුතලයේ ඇදි පුටුවේ අසුන් ගත්තේ ගෙනා පොතක් කියවන්නට සිතාගෙනය.කරන්නට යන කටයුත්ත කිසිදු විටෙක සැකයක් ඇති නොවන ලෙස සිදුවිය යුතුය.මේ මෙහෙයුමට පිඹුරු පත් ඇන්දේ මාස ගනණකට පෙරාතුවය.සුරවීර විසින් කියූ තොරතුරු අනුව ඉදිරි සැලසුම් දියත් කෙරුනේ අරින්ද ගේ සෘජු දායකත්වයෙනි.මහාචාර්යවරයා කියන ආකාරයට තාරුකා ගේ පෙලපත පැවත එන්නේ හෙළ රජදවස පටන් ය.දිමියාවිට වලව්වේ විසූ රණශූර ප්‍රභූවරයකු වෙනුවෙන් සපරගමු දිසාවේ විසින් පිරිනැමුණු ධනස්කන්දයක් නිධන් කොට ඇතැයි ජනප්රවාදයේ පැවත එන අතර එම ධනය ආරක්ෂා කිරීමට බහිරවයන් හතර දෙනෙකු යොදවා සිටින බවත් නිධාන දොරටුව විවර කිරීමට ප්‍රභූ පවුලේ පිරිසිදු ලේ ඇති තුන්කුලුඳුල් දරුවකු අවශ්‍ය බවද කියැවේ .මේ පිළිබඳව සඳහන් නිදන් වදුලක් ඇති බවත් එය පවුලේ සාමාජිකයින් පමණක් දන්නා තැනෙක සඟවා ඇති බවත් සුරවීර සොයාගෙන තිබුණි .ඒ කෙසේ වෙතත් කටකතාවක් විශ්වාසයට ගෙන වැඩේට බැසීම තෙරුමක් රහිත බව අරින්ද පැවසූ විට සුරවීර විසින් පිටපත් කරගත් පුස්කොල පොතක විස්තර උඩඟු ලෙස ගෙන හැර පෑවේ ඒවා ලද විදිය නිවරදිව සඳහන් නොකරමිනි.තමාට අකරතැබ්බයක් සිදුවූයේ මේ අවසන් තහවුරු කිරීම ලැබුණාටත් පසුව බව සුරවීර මතින් මත් වූ සැඳෑවේ සඳහන් කලා අරින්ද ට මතකය. කෙසේ වෙතත් සරත් ගේ බල කිරීමට කැමති වූවා මිසක මේ කටයුත්ත කෙරේ අරින්ද ගේ එතරම් උනන්දුවක් තිබුණේ නැත.නමුත් එම කර්තව්‍යය ට බැසගත් පසු එය කෙලවර දක්වා කරගෙන යාම අරින්ද ගේ පුරුද්දය.තමා නොදන්නා ක්ෂේස්ත්‍රයක් නම් ඔහු මුලින්ම කරන්නේ අදාල විෂය සම්බන්ද ව හැදෑරීමයි.මේ කාරනාවේදී ද මහජන පුස්තකාලයේ සහ මහාචාර්යවරයා ගේ උදව්වෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ පොත් පත් අතර දින ගනන් ඔහු ගත කර තිබුණේ ය.තාරුකා ගේ පවුලේ විස්තරාදිය ඒ අයටත් වඩා දන්නේ අරින්ද ය.අරින්ද කැපවීමෙන් මේ කටයුත්තේ යෙදෙන අයුරු බලා වඩාත් සතුටු වූයේ සරත් ය.මේ තාක් අත ගැසූ බොහොමයක් ගේම් තක්කෙටම ගොඩ දැම්මේ අරින්ද විසිනි.අතරින් පතර අසාර්ථක වූ අවස්ථා වලට හේතුව තමාගේ මුරන්ඩු කම වග සරත් දන්නේය. “බලන්නකො සර් කොල්ල ඕක ගොඩ ඇදලම තමයි පස්ස බලන්නෙ” “ඔව් අයිසෙ අපෙ කැම්පස් එකෙක්වත් මෙහෙම ගේමට බැහැල වැඩ කරනව මම දැකල නෑ..ඕන සප් එකක් මම දෙනව..” අවශ්‍ය සියලුම දේ මිලදී ගත් පසු තාරුකා ත්‍රී රොද රතයෙන්ම නිවසට ආවාය.හිතේ ඇති පිබිදීමට හේතු දන්නේ තමන් පමණි.ඈ ත්‍රීරෝද රියෙන් බසින විටම අම්මා ආලින්දය ට ආවාය. “මෙච්චර ඒව ගේන්න තිබුණා නම් ටිකිරි හරි කතා කරගන්න තිබුණා නෙ” බර මලු ගෙතුලට ගනිමින් අම්මා කීවේ දුවගේ අපහසුකම් දන්නා නිසාවෙනි . “දැන් ඒ මිනිස්සු අපේ උදව්වට එන්නේ නෑ අම්මා” ගමන් වියදම් ගෙවා දැමූ ඈ අසුනකට බර වූයේ ගතේ වෙහෙස නිසාය.දවස තිස්සේ ඇවිද්ද නිසා කිහිලි කරුවට හිරවූ බාහුව ඇදුම් දෙන්නේය.ඈ වේදනාවට තම අත පිරිමැද ගත්තාය.ඒ රලු පිරිමි අතේ සවිය මතකයට ආවේ අනාරාදිතවය .මේ කතාව කාට හෝ කියන්නට උවමනා උනත් එහෙම කෙනෙක් යෙහෙළියක් ළඟ පාතක නැත. “සුදු හාමිනා අද සංතෝසෙන් වගේ” තේ බන්දේසියක් රැගෙන ආ පොඩිනා කීවේ තනිව සිනා සෙන තාරුකා දෙස බලමිනි. “සංතොස නම් තමයි ඒත් මහන්සියි “ “ඉන්නකො මම වතුර ලිපේ තිව්ව මද රස්නෙන් නා ගත්තම හරියාවි” “කෝ අම්ම අප්පච්චි “ “කොහේ හරි ගුබ්බෑයමක බොනව ඇති අද රබර් විකුණන දවසනෙ.” “අනේ මන්ද දැනුම් තේරුම් තියෙන මිනිස්සු නිස්කාරනේ නාස්තිවෙන හැටි..අපි දරුවන්ට මොනා ඉගැන්නුවත් මොකටද අපේ ම මිනිස්සු හදා ගන්න බැරිව” “එයාගෙ අම්ම අප්පටවත් හදන්න බැරි මිනිහ අපිට හදන්න පුලුවන් ද සුදු හාමිනේ” අම්මා හිස් අහස දෙස බලාගෙන කියන්නේ බිඳුණු සිතිනි.ආරච්චි පවුලේ වැඩිමලා වූ අම්මා සහ දිමියාවිට වලව්වේ ලොකු අප්පොගේ විවාහය දින හතක් පුරා උජාරුවට කෙරුනු හැටි අද මතක ඇත්තේ පොඩිනාට පමණි.අම්මා ඒ අතීතය හිතා මතාම අමතක කරන්නට වෙර දරන වග ඈ දනී.අප්පච්චි නිසාත් තමාගේ රෝගී තත්ත්වය නිසාත් වඩාත් දුක් විඳින්නේ අම්මාය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom