Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3

පොඩිනා සකස් කර දුන් මද රස්නෙ වතුර ගතට වැටෙන විට සනීපය.නාගන්නට පවා සිදුව ඇත්තේ වාඩි ගෙනය.කණ්නාඩියෙන් පෙනෙන තම රුව දෙස ඈ බලා සිටියා ය.පපුවේ වම් පසට වන්නට පිහිටි අසාමාන්‍ය රත්පැහැ උපන් ලපය ඇස ගැටුනේ අහම්බෙනි.කුඩා කල රෝගී තත්ත්වයක් සේ සිතා බෙහෙත් ගන්නට පවා ගිය හැටි මතකය.ඒත් එය ඇස ගැටෙන මොහොතක් පාසා හිත නොසන්සුන් වන ගතියක් ඇත.ඈ ඉවත බලා ගත්තේ හිතේ ගැස්මෙනි.අරින්ද මතකයට ආවේ කොහේදෝ සිටන් ය.ඔහු ළඟින් සිටි මොහොතේ හිතට අමුත්තක් දැනුණි.අතින් අල්ලා ගත්තේ අනාරාදිතවය .ඈ ඒ රලු පිරිමි කමට ආසා කලාය.

අරින්ද සිතා මතාම පසුවදා ඈ බලන්නට ගියේ නැත.ඈ හා හාද වීම තමාගෙ ක්‍රමයට කල යුතු වග අරින්ද සිතා ගත්තේ මූලික සැලසුම්කරනයේදීමය.මේ කරන්නේ සැලසුම් සහගතව ඈ රැවැට්ටීමකි.දිමියාවිට වලව්වට ඇතුලු වීමේ දොරටුව තාරුකාගේ උදව්වෙන් විවර කර ගත යුතුව ඇත.කෙසේ හෝ නිධන් වදුල ඇති තැන පිලිබඳ හෝඩුවාවක් ලබා ගැනීම තම මෙහෙයුමේ පලමු අදියර සම්පූර්ණ කිරීම හා සමානය.මොන දේටත් ඉක්මන් වීම මේ තරම් කාලයක් කල කැපකිරීම් අපතේ යැවීමකි.

අරින්ද උඩු රැවුලක් හා කැප්තොප්පියක් පැළඳ යතුරු පැදියෙන් නික්ම ආවේ තාරුකා ගේ ගමටය.ගල් අතුරා තාර දමා ඇතත් තැනින් තැන ගල් ගැලවී ගොස් ඇති පාරෙ ඔහු ගමන් ගත්තේ සෙමිනි.නිලට පෙනෙන වෙල් යාය හරහා පාරේ යනවිට ඈතින් ඇති දිමියාවිට වලව්ව යන්තමට දැක ගත හැකිය.බිත්ති දුර්වර්ණ වී දියසෙවල බැඳී කලු ගැහුනු වලව්වේ තේජස් බවක් නැත.පාලම කෙලවර තිබූ තේ කඩය ළඟින් අරින්ද යතුරු පැදිය නතර කලේය.

“මුදලාලි මහත්තයො තේ එකක් බොමුද”

“හොදමයි ..කෑමට ලැවරිය,හැලප හෙම තියෙනව ගේන්නද මහත්තයා “

“ලැවරිය එකක් දෙන්න”

කඩ මිදුලේ තනා තිබූ මිටි බංකුවේ අරින්ද අසුන් ගත්තේය.නුදුරේ අසුන් ගෙන හුන් උඩුකය නිරුවත් වයසක ගැමියෙකු බුලත් කහට පිරි දසන් නගා ඔහු හා සිනා සුනේය.

“ආ මහත්තයො ..මහත්තයා මේ පලාතෙ නම් දැකල නෑ කොහේ හරි යන ගම්න් ද”

මුදලාලි ලැවරිය පිළිගන්වමින් ඇසුවේ හිත උපන් කුහුලෙනි.

“නෑ නෑ මම කොළඹ ...පත්තරේ වැඩ කරන්නෙ පරණ ගම් ගැන විස්තර හොයනව ලිපියකට ..අද මෙහෙට ආව ..ඊයෙ සල්ගල පැත්තෙ ගියා”

“ආ බොහොම හොඳයි අපි ගැනත් ලියන්න ඕන ඉතිං නැද්ද ඒබරං මාම ..අපෙ අම්මා මුත්තා කාලෙ ඉදං අපි තමා තේ කඩේ කෙරුවෙ ..ඉංගිරිසි ආණ්ඩුවෙන් අපෙ කිරි ආතට දීපු අවසර පත්තරේ තාම ගෙදර තියෙනව”

මුදලාලි කියවාගෙන ගියේ දැනමුත්තෙකු ලෙසිනි.

“ඕව මොනා ලීවත් මොටද මහත්තයො ගමට එන පාර ඩිංගක් හදා දෙන්න එකෙක් නැති කොට..චන්දෙ ගන්න නම් වැඳගෙන එනව පර හැත්ත”

“අපි ඒ ගැනත් ලියමු මාමා..ඔය දේශපාලුවො කරන්නෙ තමන්ට වැඩ කරගන්න එක මිසක් රටට දෙයක් කරන එක නෙවේනෙ”

“මහත්තයා මොනවද හොයන විස්තර එතකොට “

මුදලාලිට උවමනා වූයේ කතාව වෙනතකට ගැනීමටය.පත්තරේ පොටෝ එකක් ගියොත් එය ආඩම්බර විය හැකි කාරණාවකි.එය තම ව්‍යාපාර කටයුතු වලටද හොඳය .

“හැම ගමකම මොනවහරි විශේෂ ඉතිහාස වටිනාකමක් තියෙන දෙයක් තියේනම් ඒ ගැන ලියනව පරණ පන්සල් ,විහාර නටඹුන් එතකොට වලව් එහෙම නැත්තම් විශේෂ පුද්ගලයො ගැන වගේ”

“අප්පා අපේ වල්ව්ව ගැන නම් ලියල වැඩක් නෑ”

“ඒ මොකද අර “

“මහ උද්ද්ච්ච මිනිස්සු මහත්තයා මැණිකෙයි සුදු හාමිනෙයි නම් එහෙම නෑ ලොකු අප්පො තමා “

“ඒකට හකහින්නෙ මැණිකෙ රුවන් අප්පො හිටපු කාලෙ මේ ගමටම කන්න දෙනව දවල් ට රෑට කියල නෑ..හරි තේජවන්ත මනුස්සයා රුවන් අප්පො ..ඉංගිරිස් නම් එහෙම දෙමල නම් එහෙම ඒ උත්තමය හින්ද තමා මේ පාර හැදුනෙ පාලම් හැදුනෙ ..ඒ දවස් වල වලව්වෙන් කී දෙනෙක් ජීවත් උනාද”

ඒබරං දන්නා ඉතිහාසය ගැන කියවන් ගියේ ආවේගාත්මකවය .රුවන් අප්පො යනු තාරුකා ගේ අප්පච්චි ගේ පියා වග අරින්ද කල ගවේෂණ වලදී හොයාගත්තා මතකය.දේශපාලන බලයක්ද තිබූ දක්ෂ නායකයෙක් ලෙස ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.ඒ සමය වලව්ව වඩාත් සශ්‍රීක ව පැවති කාලය බව ඒබරන් හා කතාවෙන් වඩා පැහැදිලි විය.

“රුවන් අප්පො මලත් හරි වලව්ව විනාස වෙලාම ගියා නෙව..මැණිකෙ පපුවෙ අමාරුවෙන් මැරුණ මාස ගානෙන්..ලොකු අප්පොගෙ මැණිකෙ අසනීප උණා ..සුදු හාමිනේ අබ්බගාතයෙක් ..ඊට පහු උපන් කොලුව අකාලෙ මියැදුනා ..මොකක් හරි සාපයක් වැදුන වාගෙ”

අරින්ද සාවදානව අසාසිටියේ ඒ ඉතිහාස කතාවය.

“ඔය වල් පල් පත්තර වල ලියන්න පුලුවන් ද ඒබරං මාමා..අනෙ මහත්තයො ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණනම් තව විස්තර හොයා ගන්න තිබුණා “

තාරුකා වෙනදාටත් කලින් සූදානම් ව ආවේ කඩිනමිනි.කහ ඔසරියට ඈ අද හවඩියක්ද ඇන්දාය.මුහුණේ වත්සුනු තැවරුවේ යන්තමටය.ඈ කාමරයෙන් පිටවෙන්නට පෙරාතුව කණ්නාඩිය දෙස බැලුවාය.මේ හැඩ වෙන්නේ කා වෙනුවෙන්දැයි දන්නේ මේ හිත පමණි.සුපුරුදු ලෙස අම්මාගෙ දෙපා නැමද ඈ පිටව ආවාය.අත් වාරුවෙන් ඈතට යන දියණිය දෙස ලොකු මැණිකෙ බලා සිටියේ දොම්නස් සිතිනි.අසාමාන්‍යව පිහිටි වම් පාදය හැරෙන්නට ඇගෙ ස්ත්‍රී රූප කායෙ වැරද්දක් සොයා ගන්නට නැත.උකුල ළැම පවා හැඩය පිරිපුන් ය.පොඩිනා තාරුකා ව බසයට නංවා ආපසු එන විටත් ලොකු මැණිකේ ඉස්තෝප්පුවේ කණුවට හේත්තුවී පාර බලා සිටියාය.

“සුදු හාමිනේ හරි සංතෝසෙන් ඉන්නෙ ලොකු මැණිකෙ”

“ඒ මදැයි බං..අනේ මගෙ අසරණීට මෙහෙම උනාණෙ”

ලොකු මැණිකේ සුසුමක් හෙලුවාය.

සුපුරුදු අසුනට බරවූ තාරුකා බලා උන්නේ ඒ බස්නැවතුම එන තෙක් ය.හිතේ බලාපොරොත්තු සුන්ව ගියේ අරින්ද නැතිවම බසය එතැන පසු කර ආ නිසාවෙනි.හිතේ දුකක් තැවරුනේ නිරායාසයෙනි .ඔබව දැකගන්නට බලාපොරොත්තුවක් තිබුණා..

නන්දිතා පැමිණි නිසා ඈ සිතුවිලි දැහැනින් මිදුනාය.

“ආ නංගි මොකෝ මේ මූණ හතරැස් කරගෙන”

“එහෙම මොකුත් නෑ”

“එහෙනම් ඔය කඳුළු ගලන්නෙ”

තාරුකා ඇස් පිසදා ගත්තේ ඇත්තටම ඒවාගේ කඳුළු ඇත්දැයි බියෙනි.

“මොකෝ බං”

“අරයා නෑ නන්දි අද”

තාරුකා ලැජ්ජාවෙන් සිනා සුනාය.

“අප්පට සිරි වැඩේ සීරියස් එහෙනං”

“මට බුක්ෂොප් එකේදි හම්බ උනානෙ නම අරින්ද “

“ආ ආ එතකොට මටත් කට් එක දාල ටවුන් ගියෙ කොල්ලො බලන්න නේද ?”

“අනෙ පිස්සු ..අහම්බෙන් මුණගැහුනෙ “

“එහෙම කියමුකො ..”

නන්දිතා ඇගේ අත කෙනිත්තුවේ සරදමටය .

[QUOTE="chamathkara 295, post: 24261412, member: 477761"] [b]3[/b] පොඩිනා සකස් කර දුන් මද රස්නෙ වතුර ගතට වැටෙන විට සනීපය.නාගන්නට පවා සිදුව ඇත්තේ වාඩි ගෙනය.කණ්නාඩියෙන් පෙනෙන තම රුව දෙස ඈ බලා සිටියා ය.පපුවේ වම් පසට වන්නට පිහිටි අසාමාන්‍ය රත්පැහැ උපන් ලපය ඇස ගැටුනේ අහම්බෙනි.කුඩා කල රෝගී තත්ත්වයක් සේ සිතා බෙහෙත් ගන්නට පවා ගිය හැටි මතකය.ඒත් එය ඇස ගැටෙන මොහොතක් පාසා හිත නොසන්සුන් වන ගතියක් ඇත.ඈ ඉවත බලා ගත්තේ හිතේ ගැස්මෙනි.අරින්ද මතකයට ආවේ කොහේදෝ සිටන් ය.ඔහු ළඟින් සිටි මොහොතේ හිතට අමුත්තක් දැනුණි.අතින් අල්ලා ගත්තේ අනාරාදිතවය .ඈ ඒ රලු පිරිමි කමට ආසා කලාය. අරින්ද සිතා මතාම පසුවදා ඈ බලන්නට ගියේ නැත.ඈ හා හාද වීම තමාගෙ ක්‍රමයට කල යුතු වග අරින්ද සිතා ගත්තේ මූලික සැලසුම්කරනයේදීමය.මේ කරන්නේ සැලසුම් සහගතව ඈ රැවැට්ටීමකි.දිමියාවිට වලව්වට ඇතුලු වීමේ දොරටුව තාරුකාගේ උදව්වෙන් විවර කර ගත යුතුව ඇත.කෙසේ හෝ නිධන් වදුල ඇති තැන පිලිබඳ හෝඩුවාවක් ලබා ගැනීම තම මෙහෙයුමේ පලමු අදියර සම්පූර්ණ කිරීම හා සමානය.මොන දේටත් ඉක්මන් වීම මේ තරම් කාලයක් කල කැපකිරීම් අපතේ යැවීමකි. අරින්ද උඩු රැවුලක් හා කැප්තොප්පියක් පැළඳ යතුරු පැදියෙන් නික්ම ආවේ තාරුකා ගේ ගමටය.ගල් අතුරා තාර දමා ඇතත් තැනින් තැන ගල් ගැලවී ගොස් ඇති පාරෙ ඔහු ගමන් ගත්තේ සෙමිනි.නිලට පෙනෙන වෙල් යාය හරහා පාරේ යනවිට ඈතින් ඇති දිමියාවිට වලව්ව යන්තමට දැක ගත හැකිය.බිත්ති දුර්වර්ණ වී දියසෙවල බැඳී කලු ගැහුනු වලව්වේ තේජස් බවක් නැත.පාලම කෙලවර තිබූ තේ කඩය ළඟින් අරින්ද යතුරු පැදිය නතර කලේය. “මුදලාලි මහත්තයො තේ එකක් බොමුද” “හොදමයි ..කෑමට ලැවරිය,හැලප හෙම තියෙනව ගේන්නද මහත්තයා “ “ලැවරිය එකක් දෙන්න” කඩ මිදුලේ තනා තිබූ මිටි බංකුවේ අරින්ද අසුන් ගත්තේය.නුදුරේ අසුන් ගෙන හුන් උඩුකය නිරුවත් වයසක ගැමියෙකු බුලත් කහට පිරි දසන් නගා ඔහු හා සිනා සුනේය. “ආ මහත්තයො ..මහත්තයා මේ පලාතෙ නම් දැකල නෑ කොහේ හරි යන ගම්න් ද” මුදලාලි ලැවරිය පිළිගන්වමින් ඇසුවේ හිත උපන් කුහුලෙනි. “නෑ නෑ මම කොළඹ ...පත්තරේ වැඩ කරන්නෙ පරණ ගම් ගැන විස්තර හොයනව ලිපියකට ..අද මෙහෙට ආව ..ඊයෙ සල්ගල පැත්තෙ ගියා” “ආ බොහොම හොඳයි අපි ගැනත් ලියන්න ඕන ඉතිං නැද්ද ඒබරං මාම ..අපෙ අම්මා මුත්තා කාලෙ ඉදං අපි තමා තේ කඩේ කෙරුවෙ ..ඉංගිරිසි ආණ්ඩුවෙන් අපෙ කිරි ආතට දීපු අවසර පත්තරේ තාම ගෙදර තියෙනව” මුදලාලි කියවාගෙන ගියේ දැනමුත්තෙකු ලෙසිනි. “ඕව මොනා ලීවත් මොටද මහත්තයො ගමට එන පාර ඩිංගක් හදා දෙන්න එකෙක් නැති කොට..චන්දෙ ගන්න නම් වැඳගෙන එනව පර හැත්ත” “අපි ඒ ගැනත් ලියමු මාමා..ඔය දේශපාලුවො කරන්නෙ තමන්ට වැඩ කරගන්න එක මිසක් රටට දෙයක් කරන එක නෙවේනෙ” “මහත්තයා මොනවද හොයන විස්තර එතකොට “ මුදලාලිට උවමනා වූයේ කතාව වෙනතකට ගැනීමටය.පත්තරේ පොටෝ එකක් ගියොත් එය ආඩම්බර විය හැකි කාරණාවකි.එය තම ව්‍යාපාර කටයුතු වලටද හොඳය . “හැම ගමකම මොනවහරි විශේෂ ඉතිහාස වටිනාකමක් තියෙන දෙයක් තියේනම් ඒ ගැන ලියනව පරණ පන්සල් ,විහාර නටඹුන් එතකොට වලව් එහෙම නැත්තම් විශේෂ පුද්ගලයො ගැන වගේ” “අප්පා අපේ වල්ව්ව ගැන නම් ලියල වැඩක් නෑ” “ඒ මොකද අර “ “මහ උද්ද්ච්ච මිනිස්සු මහත්තයා මැණිකෙයි සුදු හාමිනෙයි නම් එහෙම නෑ ලොකු අප්පො තමා “ “ඒකට හකහින්නෙ මැණිකෙ රුවන් අප්පො හිටපු කාලෙ මේ ගමටම කන්න දෙනව දවල් ට රෑට කියල නෑ..හරි තේජවන්ත මනුස්සයා රුවන් අප්පො ..ඉංගිරිස් නම් එහෙම දෙමල නම් එහෙම ඒ උත්තමය හින්ද තමා මේ පාර හැදුනෙ පාලම් හැදුනෙ ..ඒ දවස් වල වලව්වෙන් කී දෙනෙක් ජීවත් උනාද” ඒබරං දන්නා ඉතිහාසය ගැන කියවන් ගියේ ආවේගාත්මකවය .රුවන් අප්පො යනු තාරුකා ගේ අප්පච්චි ගේ පියා වග අරින්ද කල ගවේෂණ වලදී හොයාගත්තා මතකය.දේශපාලන බලයක්ද තිබූ දක්ෂ නායකයෙක් ලෙස ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.ඒ සමය වලව්ව වඩාත් සශ්‍රීක ව පැවති කාලය බව ඒබරන් හා කතාවෙන් වඩා පැහැදිලි විය. “රුවන් අප්පො මලත් හරි වලව්ව විනාස වෙලාම ගියා නෙව..මැණිකෙ පපුවෙ අමාරුවෙන් මැරුණ මාස ගානෙන්..ලොකු අප්පොගෙ මැණිකෙ අසනීප උණා ..සුදු හාමිනේ අබ්බගාතයෙක් ..ඊට පහු උපන් කොලුව අකාලෙ මියැදුනා ..මොකක් හරි සාපයක් වැදුන වාගෙ” අරින්ද සාවදානව අසාසිටියේ ඒ ඉතිහාස කතාවය. “ඔය වල් පල් පත්තර වල ලියන්න පුලුවන් ද ඒබරං මාමා..අනෙ මහත්තයො ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණනම් තව විස්තර හොයා ගන්න තිබුණා “ තාරුකා වෙනදාටත් කලින් සූදානම් ව ආවේ කඩිනමිනි.කහ ඔසරියට ඈ අද හවඩියක්ද ඇන්දාය.මුහුණේ වත්සුනු තැවරුවේ යන්තමටය.ඈ කාමරයෙන් පිටවෙන්නට පෙරාතුව කණ්නාඩිය දෙස බැලුවාය.මේ හැඩ වෙන්නේ කා වෙනුවෙන්දැයි දන්නේ මේ හිත පමණි.සුපුරුදු ලෙස අම්මාගෙ දෙපා නැමද ඈ පිටව ආවාය.අත් වාරුවෙන් ඈතට යන දියණිය දෙස ලොකු මැණිකෙ බලා සිටියේ දොම්නස් සිතිනි.අසාමාන්‍යව පිහිටි වම් පාදය හැරෙන්නට ඇගෙ ස්ත්‍රී රූප කායෙ වැරද්දක් සොයා ගන්නට නැත.උකුල ළැම පවා හැඩය පිරිපුන් ය.පොඩිනා තාරුකා ව බසයට නංවා ආපසු එන විටත් ලොකු මැණිකේ ඉස්තෝප්පුවේ කණුවට හේත්තුවී පාර බලා සිටියාය. “සුදු හාමිනේ හරි සංතෝසෙන් ඉන්නෙ ලොකු මැණිකෙ” “ඒ මදැයි බං..අනේ මගෙ අසරණීට මෙහෙම උනාණෙ” ලොකු මැණිකේ සුසුමක් හෙලුවාය. සුපුරුදු අසුනට බරවූ තාරුකා බලා උන්නේ ඒ බස්නැවතුම එන තෙක් ය.හිතේ බලාපොරොත්තු සුන්ව ගියේ අරින්ද නැතිවම බසය එතැන පසු කර ආ නිසාවෙනි.හිතේ දුකක් තැවරුනේ නිරායාසයෙනි .ඔබව දැකගන්නට බලාපොරොත්තුවක් තිබුණා.. නන්දිතා පැමිණි නිසා ඈ සිතුවිලි දැහැනින් මිදුනාය. “ආ නංගි මොකෝ මේ මූණ හතරැස් කරගෙන” “එහෙම මොකුත් නෑ” “එහෙනම් ඔය කඳුළු ගලන්නෙ” තාරුකා ඇස් පිසදා ගත්තේ ඇත්තටම ඒවාගේ කඳුළු ඇත්දැයි බියෙනි. “මොකෝ බං” “අරයා නෑ නන්දි අද” තාරුකා ලැජ්ජාවෙන් සිනා සුනාය. “අප්පට සිරි වැඩේ සීරියස් එහෙනං” “මට බුක්ෂොප් එකේදි හම්බ උනානෙ නම අරින්ද “ “ආ ආ එතකොට මටත් කට් එක දාල ටවුන් ගියෙ කොල්ලො බලන්න නේද ?” “අනෙ පිස්සු ..අහම්බෙන් මුණගැහුනෙ “ “එහෙම කියමුකො ..” නන්දිතා ඇගේ අත කෙනිත්තුවේ සරදමටය . [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom