Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6

අරින්ද ගේ කේන්තිය දුටු චමින්ද තිගැස්සී ගියේය.අරින්ද කා අතරත් ප්රසිද්ධ නිහඬ සාමකාමී චරිතයක් ලෙසින් නිසා මෙවන් ප්රතිචාරයක් ඔහු බලාපොරොත්තු වූයේ නැත.

“හරි හරි මම නිකමට කීවෙ..කවුද දන්නෙ නංගි කෙනෙක් ඉන්නව කියල”

“හරි ඒකට කමක් නෑ උඹ මොකටද ආවෙ කියපන් ..”

“ලොක්ක කීව අර වීඩියෝ වගයක් ඇති ඉල්ලං එන්න කියල”

“තවම ඒටික හදල ඉවර නෑ මම ඉවර උනාම කියන්නම් කියපං”

“හරි මම කියන්නම් ඕකටත් ඉතිං අහගන්න වෙන්නෙ මටනෙ බ්රෝ”

“මම කෝල් කරන්නම් අයියට”

“මම යන්නම් එහෙනම් ..සොරි ඈ”

චමින්ද පිටව ගියපසු අරින්ද කල්පනාවක ගැලුනේය.මොහොතකට කලින් සිදුවූ සිදුවීම හිතට වදයකි.තමා කෙතරම් අවස්තාවාදියකු දැයි අරින්ද සිතුවේ පශ්චාත් තාපයෙනි.ඈ තමාගේ වගකීමක් කරගන්නට සිතුනේ මන්දැයි තේරෙන්නෙ නැත.ගෑණු පහස ලබන්නටත් හෙලුව දකින්නටත් පිරිමි කැමතිය එය සොබාදහමේ නීතියයි.ශිෂ්ඨාචාරගත මානවයා කුටුම්භ සංස්කෘතික රාමුව තුළ හිඳිමින් පනවාගත් නීති නිසා මානව වර්ගයාගේ ගැහැණු පිරිමි බැඳීමට වෙනත් ජීවීන්ට එහා ගිය වටිනාකමක් ලැබී ඇත.

ඕනෑම වස්තුවක් අපෙ වූ විට එයට හානි වනවාට අපි අකමැති වෙමු.අම්මා,තාත්තා,සහෝදරයා ආදී බන්දූන්ට රිදෙන විට අපටත් රිදෙන්නේය.මග තොට එකෙකු ගුටි කෑවාට අපට දැනෙන්නේ නැත.ඒ අප ඒ ඒ පුද්ගලයාට ඇති ලෝභයේ තරමය.අරින්ද කල්පනා කලේ චමින්ද අද සිදුවීම කෙලෙසින් සරත් අයියා වෙත ගෙනයනු ඇත්දැයි කියාය.ඊට කලින් සරත් ඇමතීමට ඔහු සිතුවේ ය.

“හෙලෝ සරත් අයියා පොඩි කාරනාවක් කියන්න ගත්තෙ”

“ඔව් කියන්න මල්ලි”

“මම ඉන්න තැන දන්නෙ අයියා විතරයි ඒක රහසක් විදියට තියා ගන්න එක මේ වැඩේට වැදගත් කෙල්ල පොඩ්ඩක් හරි සැක හිතුවොත් වැඩේ කොට උඩ..අයියට තේරෙනවනෙ..මම වෙනම චරිතයක් රඟපාන්නෙ ..එහෙව් එකේ අයියා ඔය පොඩි එවුන් මගෙ පොට් එකට එවන්න එපා..අද චමිය ඇවිත් මගෙන් අහගෙන ගියෙ හොඳ ට”

“අනේ සොරි මල්ලි මම එච්චර හිතුවෙ නෑ චමින්ද ගෙ කට වහල තියාගන්න්ම් මම”

පොඩිනා මල් කඩන තුරු තාරුකා අරලියා ගස යටට වී උන්නාය.පෝය දවස නිසා පන්සල් යන්නට සූදානම් වූයේ දවාලයේ පටන්මය.අම්මා සිල් ගන්නට ගොස් ඇති නිසා ඈවත් බලා එන්නට තාරුකා සිතුවාය.බිමට සුදු රෙද්දක් එලා පොඩිනා කෙක්කක් ගෙන මල් කැඩුවාය.

“ඇති නේද සුදු හාමිනේ”

“ඔව් පොඩිනා අම්මෙ ඔය මදෑ..මහන්සිත් ඇති”

“මහන්සි වෙලා කරන කුසල් වල පින වැඩි”

“එහෙනම් බලන් ඉඳපු මටත් පිං ලැබේවිනෙ නේද”

“ඔව් ඔව් මේ පින් බෙලෙන් සුදු හාමිනේට හොඳ මහත්තයෙක් ලැබෙන්න ඕන “

මල් එකතු කරමින් ඈ කියන්නේ සිනා සෙමින් ය.

“අනේ මට මහත්තුරු ඕනෙ නෑ”

“ආ එහෙම කියල කෝමද ලොකු මැණිකේ මොහොතක් ගානෙ කියවන්නෙ ඔය ගැන”

“අම්මට මාව වදයක් වෙලා ඇති ඒකනෙ පිටමං කරන්න හදන්නෙ “

ඈ කඳුළු පිරි නෙතින් ඈත වෙල් යාය දෙස බලා සිටියා ය.

“වදයක් නෙවේ සුදු හාම්නෙ කල වයස ආවම දරුවො දීග තල දෙන එක දෙමාපියොන්ගෙ වගකීම”

“මේ අබ්බගාත කෙල්ලව බඳින්නෙ කවුද පොඩිනා”

“ඔන්න කිව්වා නිකමටවත් කියන කතාවක්ද ..පතං ආපු කෙනා මුණ ගැහුනම හරියාවි”

තාරුකා කිසිත් නොකියා සිටියාය.පොඩිනා හා වාදයට යාමේ තේරුමක් නැත.හැම විටම උත්සාහ කලේ ජීවිතේ හොඳ පැත්ත දකින්නට ය.යුවතියක් ලෙස අහිමි වූ ජීවිතයක් ඇත.ඒ යතාර්ථය මගහැර යා නොහැක.සුදු අත් දිග බලව්සයක් හා උස් සායකින් ඈ සැරසුනාය.අත් වාරුවෙන් ඒ තරම් දුරක් යා නොහැකි නිසා ඈ ත්රීරෝද රතයක් ගෙන්වා ගත්තාය .

පෝය දින නිසා පන්සල ජනාකීර්ණය .පෝය දවසට හෝ ගම්මුන් පන්සලට එකතු වීම හොඳ යැයි තාරුකා ට සිතුනි.සෙමෙන් ගල් පඩි පෙල නැග ආවේ සීරුවෙනි .දහම් පාසල් ආ කාලයේ ඇදගන වැටුණු ගල්තලාව තවමත් ඒ වාගේමය.

“මොකෝ සුදු හාමිනේ තනියම හිනා වෙන්නෙ “

“නෑ පොඩි කාලෙ මේ ගල්තලාවෙ පහලට රෝල් වෙලා ගියා මතක් උනා”

“හිනා තමයි අපි බය උනේ ජීවිතේ ට අනතුරක් උනා කියල”

ගමෙ කීපදෙනෙකුම තාරුකා හඳුනාගෙන ඈ හා කතා කලෝය.සමහරු වලව්ව සමඟ තරහින් පසු වුවත් තාරුකා හා හිතවත් ය.වීරගොඩ නැන්දා මුණ ගැහුනේ හොඳ වෙලාවටය නැත්නම් මේ සෙනග ගොඩේ අම්මා සොයාගන්නට බැරිවෙනවා තාරුකා සිතුවාය.

“නැන්දා අපේ අම්මල කොහෙද”

“බෝධි පූජාව පටන් ගත්තා බෝ මලුවෙ බලන්න දුවේ මම මේ විහාරෙට පොඩ්ඩක් ගිහින් එන්නම්”

“හොඳයි නැන්දෙ”

සෙනග අතරින් ඉදිරියට ගිය ඈ බෝ මලුවට සේන්දු වුනාය .අම්මා එක එල්ලෙ බලා සොයාගන්නට බැරි තරම් සෙනඟ නිසා ඈ බෝ මලුවේ පසෙකට වී අවට සිසාරා බැලුවාය.

“අනේ පොඩිනා අම්මා ඉන්නව පේනවද බලන්න “

“සුදු හාමිනේ ඔහොම ඉන්න මම විපරම් කරල බලන්න “

තාරුකා අත් වාරුව සිමෙන්ති බැම්මට හේත්තු කර එයට පිටදී අසුන් ගත්තාය.

අරින්ද නිවාඩු දවස නිසා කල්පනා කරමින් සිටියේ දවසේ ඉදිරි කටයුතු ගැනය.කිසිම දෙයක් ගැන හිතේ උනන්දුවක් නැත.ජීවිතේ වැරදුණු තැන් බොහොමයක් ඇත ඒවා ගැන සිතා පසුතැවීමක් තිබුණේ නැත.ඒත් දැන් දැන් සරත් අයියාගේ රාජකාරි කිරීමට හිත උනන්දුවක් නැත.මාස ගනණකින් ගමේ ගියේ නැත.තාත්තාගේ ක්රියාකලාපය දැනුම් තේරුම් ඇති කාලයේ පටන් අනුමත කලේ නැත.අම්මා දුක් විඳගෙන ඔහුගේ අඩම්තේට්ටම් ඉවසා සිටියත් තමාට තවත් ඒවා ඉවසා සිටින්නට නොහැකිවූ තැන තාත්තා සමඟ ඇති කරගත් දබරය තමාව අද ඉන්නා තත්ත්වයට පත් කර ඇත.මල්ලීගෙන් වරින් වර තොරතුරු විමසා සිටියා විනා අවුරුදු දෙකක් පහු වන තුරුත් ගමට ගියේ නැත.බොහෝ කලකින් පසු අම්මා මුණ ගැසුණු විට ඈ ඉකිගසා හඬා වැටුනාය .මගින් මගට නිවසේ රැඳෙන ලෙස ඇවිටිලි කලත් ඒ රැඳෙන්නට හිත දුන්නේ නැත.තාත්තා තවමත් කතාබස් කරන්නේ නැත.

කවුරුත් හිතට එකගව වැරදි කරන්නේ නැත.හරි වැරැද්ද දන්නා කෙනෙක්ට වැරදි කිරීමට දිරියක් තිබිය යුතුය.අරින්ද කාමරයෙන් එලියට බැස්සෙ නිශ්චිත අරමුණකින් තොරවය .

පෝය දවස නිසා ජනාකීර්ණ වුවත් බෝ සෙවනේ වාඩි වූ විට හිතට දැනෙන්නේ සුවයකි.හැකි සෑම විටම පන්සලට එන්නට පුරුදු වුණේ අම්මා නිසාවෙනි .අප්පච්චි පන්සලට එනවානම් ආවේ විශේෂ උත්සව අවස්ථාවක් දායක සභා රැස්වීමට පමණි .අම්මා ත් අප්පච්චි ත් දැන් ඉස්සර මෙන් ආදරයෙන් වෙසෙන බවක් දකින්නට නැත.අප්පච්චි ගේ වැඩකටයුතු නිසා අම්මා සැමවිටම පසුවන්නේ විස්සෝපයෙනි.එම නිසා පොහොය දවසේ වත් ගිහිගෙයි ගින්නෙන් මිදෙන්නට ඈ සිල් සමාදන් වෙන එක හොඳය .

කවුරුන් හෝ තමා අසලින් වාඩි වනු දැනුනත් ඈ ගණනකට නොගත්තේ අවට බොහෝ දෙනෙක් වන්දනාවේ යෙදෙමින් උන් නිසාවෙනි.

“අපිටත් පිං ටිකක් දෙනවද තාරු “

ඒ හඬින් ඈ ගැස්සී ගියාය .

“අරින්ද ...කොහෙද මෙහ”

ඒ අනපේක්ෂිත හමුවීම විශ්වාස කරන්නට බැරි තරම් ය.

“ඇයි අපිට පන්සල් එන්න බැරිද?”

“අපෝ පුලුවන් එතකොට මේ ළඟද ඉන්නෙ”

“ඔව් ට්කක් ළඟ හවස් වරුවෙ වැඩක් තිබුණේ නැ ඒ නිසා පොඩ්ඩක් ඇවිදල බලන්න ආවෙ “

“එහෙනම් පිං කරන්න නෙවේ ඇවිදල බලන්න ඇවිත් තියෙන්නෙ “

ඈ සිනා මුසුව පැවසුවේ අරින්ද ගේ දෑස් වලට එබෙමිනි .

“සුදු හාමිනේ ලොකු මැනිකෙ අනෙක් අහ ඉන්නෙ එහෙට යමුද”

පොඩිනා පැමිණීම නිසා ඇස් පැටලුම ලිහී ගියෙය.

“අ..හා හා “

“අම්මා ඉන්නව එහා පැත්තෙ අපි ඒ පැත්තට යන්නද”

එපා කියන්නට උවමනා උනත් අරින්ද නිහඬව හිස සැලුවේය.

[QUOTE="chamathkara 295, post: 24295709, member: 477761"] [b]6[/b] අරින්ද ගේ කේන්තිය දුටු චමින්ද තිගැස්සී ගියේය.අරින්ද කා අතරත් ප්රසිද්ධ නිහඬ සාමකාමී චරිතයක් ලෙසින් නිසා මෙවන් ප්රතිචාරයක් ඔහු බලාපොරොත්තු වූයේ නැත. “හරි හරි මම නිකමට කීවෙ..කවුද දන්නෙ නංගි කෙනෙක් ඉන්නව කියල” “හරි ඒකට කමක් නෑ උඹ මොකටද ආවෙ කියපන් ..” “ලොක්ක කීව අර වීඩියෝ වගයක් ඇති ඉල්ලං එන්න කියල” “තවම ඒටික හදල ඉවර නෑ මම ඉවර උනාම කියන්නම් කියපං” “හරි මම කියන්නම් ඕකටත් ඉතිං අහගන්න වෙන්නෙ මටනෙ බ්රෝ” “මම කෝල් කරන්නම් අයියට” “මම යන්නම් එහෙනම් ..සොරි ඈ” චමින්ද පිටව ගියපසු අරින්ද කල්පනාවක ගැලුනේය.මොහොතකට කලින් සිදුවූ සිදුවීම හිතට වදයකි.තමා කෙතරම් අවස්තාවාදියකු දැයි අරින්ද සිතුවේ පශ්චාත් තාපයෙනි.ඈ තමාගේ වගකීමක් කරගන්නට සිතුනේ මන්දැයි තේරෙන්නෙ නැත.ගෑණු පහස ලබන්නටත් හෙලුව දකින්නටත් පිරිමි කැමතිය එය සොබාදහමේ නීතියයි.ශිෂ්ඨාචාරගත මානවයා කුටුම්භ සංස්කෘතික රාමුව තුළ හිඳිමින් පනවාගත් නීති නිසා මානව වර්ගයාගේ ගැහැණු පිරිමි බැඳීමට වෙනත් ජීවීන්ට එහා ගිය වටිනාකමක් ලැබී ඇත. ඕනෑම වස්තුවක් අපෙ වූ විට එයට හානි වනවාට අපි අකමැති වෙමු.අම්මා,තාත්තා,සහෝදරයා ආදී බන්දූන්ට රිදෙන විට අපටත් රිදෙන්නේය.මග තොට එකෙකු ගුටි කෑවාට අපට දැනෙන්නේ නැත.ඒ අප ඒ ඒ පුද්ගලයාට ඇති ලෝභයේ තරමය.අරින්ද කල්පනා කලේ චමින්ද අද සිදුවීම කෙලෙසින් සරත් අයියා වෙත ගෙනයනු ඇත්දැයි කියාය.ඊට කලින් සරත් ඇමතීමට ඔහු සිතුවේ ය. “හෙලෝ සරත් අයියා පොඩි කාරනාවක් කියන්න ගත්තෙ” “ඔව් කියන්න මල්ලි” “මම ඉන්න තැන දන්නෙ අයියා විතරයි ඒක රහසක් විදියට තියා ගන්න එක මේ වැඩේට වැදගත් කෙල්ල පොඩ්ඩක් හරි සැක හිතුවොත් වැඩේ කොට උඩ..අයියට තේරෙනවනෙ..මම වෙනම චරිතයක් රඟපාන්නෙ ..එහෙව් එකේ අයියා ඔය පොඩි එවුන් මගෙ පොට් එකට එවන්න එපා..අද චමිය ඇවිත් මගෙන් අහගෙන ගියෙ හොඳ ට” “අනේ සොරි මල්ලි මම එච්චර හිතුවෙ නෑ චමින්ද ගෙ කට වහල තියාගන්න්ම් මම” පොඩිනා මල් කඩන තුරු තාරුකා අරලියා ගස යටට වී උන්නාය.පෝය දවස නිසා පන්සල් යන්නට සූදානම් වූයේ දවාලයේ පටන්මය.අම්මා සිල් ගන්නට ගොස් ඇති නිසා ඈවත් බලා එන්නට තාරුකා සිතුවාය.බිමට සුදු රෙද්දක් එලා පොඩිනා කෙක්කක් ගෙන මල් කැඩුවාය. “ඇති නේද සුදු හාමිනේ” “ඔව් පොඩිනා අම්මෙ ඔය මදෑ..මහන්සිත් ඇති” “මහන්සි වෙලා කරන කුසල් වල පින වැඩි” “එහෙනම් බලන් ඉඳපු මටත් පිං ලැබේවිනෙ නේද” “ඔව් ඔව් මේ පින් බෙලෙන් සුදු හාමිනේට හොඳ මහත්තයෙක් ලැබෙන්න ඕන “ මල් එකතු කරමින් ඈ කියන්නේ සිනා සෙමින් ය. “අනේ මට මහත්තුරු ඕනෙ නෑ” “ආ එහෙම කියල කෝමද ලොකු මැණිකේ මොහොතක් ගානෙ කියවන්නෙ ඔය ගැන” “අම්මට මාව වදයක් වෙලා ඇති ඒකනෙ පිටමං කරන්න හදන්නෙ “ ඈ කඳුළු පිරි නෙතින් ඈත වෙල් යාය දෙස බලා සිටියා ය. “වදයක් නෙවේ සුදු හාම්නෙ කල වයස ආවම දරුවො දීග තල දෙන එක දෙමාපියොන්ගෙ වගකීම” “මේ අබ්බගාත කෙල්ලව බඳින්නෙ කවුද පොඩිනා” “ඔන්න කිව්වා නිකමටවත් කියන කතාවක්ද ..පතං ආපු කෙනා මුණ ගැහුනම හරියාවි” තාරුකා කිසිත් නොකියා සිටියාය.පොඩිනා හා වාදයට යාමේ තේරුමක් නැත.හැම විටම උත්සාහ කලේ ජීවිතේ හොඳ පැත්ත දකින්නට ය.යුවතියක් ලෙස අහිමි වූ ජීවිතයක් ඇත.ඒ යතාර්ථය මගහැර යා නොහැක.සුදු අත් දිග බලව්සයක් හා උස් සායකින් ඈ සැරසුනාය.අත් වාරුවෙන් ඒ තරම් දුරක් යා නොහැකි නිසා ඈ ත්රීරෝද රතයක් ගෙන්වා ගත්තාය . පෝය දින නිසා පන්සල ජනාකීර්ණය .පෝය දවසට හෝ ගම්මුන් පන්සලට එකතු වීම හොඳ යැයි තාරුකා ට සිතුනි.සෙමෙන් ගල් පඩි පෙල නැග ආවේ සීරුවෙනි .දහම් පාසල් ආ කාලයේ ඇදගන වැටුණු ගල්තලාව තවමත් ඒ වාගේමය. “මොකෝ සුදු හාමිනේ තනියම හිනා වෙන්නෙ “ “නෑ පොඩි කාලෙ මේ ගල්තලාවෙ පහලට රෝල් වෙලා ගියා මතක් උනා” “හිනා තමයි අපි බය උනේ ජීවිතේ ට අනතුරක් උනා කියල” ගමෙ කීපදෙනෙකුම තාරුකා හඳුනාගෙන ඈ හා කතා කලෝය.සමහරු වලව්ව සමඟ තරහින් පසු වුවත් තාරුකා හා හිතවත් ය.වීරගොඩ නැන්දා මුණ ගැහුනේ හොඳ වෙලාවටය නැත්නම් මේ සෙනග ගොඩේ අම්මා සොයාගන්නට බැරිවෙනවා තාරුකා සිතුවාය. “නැන්දා අපේ අම්මල කොහෙද” “බෝධි පූජාව පටන් ගත්තා බෝ මලුවෙ බලන්න දුවේ මම මේ විහාරෙට පොඩ්ඩක් ගිහින් එන්නම්” “හොඳයි නැන්දෙ” සෙනග අතරින් ඉදිරියට ගිය ඈ බෝ මලුවට සේන්දු වුනාය .අම්මා එක එල්ලෙ බලා සොයාගන්නට බැරි තරම් සෙනඟ නිසා ඈ බෝ මලුවේ පසෙකට වී අවට සිසාරා බැලුවාය. “අනේ පොඩිනා අම්මා ඉන්නව පේනවද බලන්න “ “සුදු හාමිනේ ඔහොම ඉන්න මම විපරම් කරල බලන්න “ තාරුකා අත් වාරුව සිමෙන්ති බැම්මට හේත්තු කර එයට පිටදී අසුන් ගත්තාය. අරින්ද නිවාඩු දවස නිසා කල්පනා කරමින් සිටියේ දවසේ ඉදිරි කටයුතු ගැනය.කිසිම දෙයක් ගැන හිතේ උනන්දුවක් නැත.ජීවිතේ වැරදුණු තැන් බොහොමයක් ඇත ඒවා ගැන සිතා පසුතැවීමක් තිබුණේ නැත.ඒත් දැන් දැන් සරත් අයියාගේ රාජකාරි කිරීමට හිත උනන්දුවක් නැත.මාස ගනණකින් ගමේ ගියේ නැත.තාත්තාගේ ක්රියාකලාපය දැනුම් තේරුම් ඇති කාලයේ පටන් අනුමත කලේ නැත.අම්මා දුක් විඳගෙන ඔහුගේ අඩම්තේට්ටම් ඉවසා සිටියත් තමාට තවත් ඒවා ඉවසා සිටින්නට නොහැකිවූ තැන තාත්තා සමඟ ඇති කරගත් දබරය තමාව අද ඉන්නා තත්ත්වයට පත් කර ඇත.මල්ලීගෙන් වරින් වර තොරතුරු විමසා සිටියා විනා අවුරුදු දෙකක් පහු වන තුරුත් ගමට ගියේ නැත.බොහෝ කලකින් පසු අම්මා මුණ ගැසුණු විට ඈ ඉකිගසා හඬා වැටුනාය .මගින් මගට නිවසේ රැඳෙන ලෙස ඇවිටිලි කලත් ඒ රැඳෙන්නට හිත දුන්නේ නැත.තාත්තා තවමත් කතාබස් කරන්නේ නැත. කවුරුත් හිතට එකගව වැරදි කරන්නේ නැත.හරි වැරැද්ද දන්නා කෙනෙක්ට වැරදි කිරීමට දිරියක් තිබිය යුතුය.අරින්ද කාමරයෙන් එලියට බැස්සෙ නිශ්චිත අරමුණකින් තොරවය . පෝය දවස නිසා ජනාකීර්ණ වුවත් බෝ සෙවනේ වාඩි වූ විට හිතට දැනෙන්නේ සුවයකි.හැකි සෑම විටම පන්සලට එන්නට පුරුදු වුණේ අම්මා නිසාවෙනි .අප්පච්චි පන්සලට එනවානම් ආවේ විශේෂ උත්සව අවස්ථාවක් දායක සභා රැස්වීමට පමණි .අම්මා ත් අප්පච්චි ත් දැන් ඉස්සර මෙන් ආදරයෙන් වෙසෙන බවක් දකින්නට නැත.අප්පච්චි ගේ වැඩකටයුතු නිසා අම්මා සැමවිටම පසුවන්නේ විස්සෝපයෙනි.එම නිසා පොහොය දවසේ වත් ගිහිගෙයි ගින්නෙන් මිදෙන්නට ඈ සිල් සමාදන් වෙන එක හොඳය . කවුරුන් හෝ තමා අසලින් වාඩි වනු දැනුනත් ඈ ගණනකට නොගත්තේ අවට බොහෝ දෙනෙක් වන්දනාවේ යෙදෙමින් උන් නිසාවෙනි. “අපිටත් පිං ටිකක් දෙනවද තාරු “ ඒ හඬින් ඈ ගැස්සී ගියාය . “අරින්ද ...කොහෙද මෙහ” ඒ අනපේක්ෂිත හමුවීම විශ්වාස කරන්නට බැරි තරම් ය. “ඇයි අපිට පන්සල් එන්න බැරිද?” “අපෝ පුලුවන් එතකොට මේ ළඟද ඉන්නෙ” “ඔව් ට්කක් ළඟ හවස් වරුවෙ වැඩක් තිබුණේ නැ ඒ නිසා පොඩ්ඩක් ඇවිදල බලන්න ආවෙ “ “එහෙනම් පිං කරන්න නෙවේ ඇවිදල බලන්න ඇවිත් තියෙන්නෙ “ ඈ සිනා මුසුව පැවසුවේ අරින්ද ගේ දෑස් වලට එබෙමිනි . “සුදු හාමිනේ ලොකු මැනිකෙ අනෙක් අහ ඉන්නෙ එහෙට යමුද” පොඩිනා පැමිණීම නිසා ඇස් පැටලුම ලිහී ගියෙය. “අ..හා හා “ “අම්මා ඉන්නව එහා පැත්තෙ අපි ඒ පැත්තට යන්නද” එපා කියන්නට උවමනා උනත් අරින්ද නිහඬව හිස සැලුවේය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom