Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

9

අරින්ද නගරයට ගියේ අවශ්‍ය අඩුම කුඩුම කීපයක් මිලදී ගැනීමට තිබූ බැවිනි.කඩ සාප්පු කීපයකටම ගොස් විවිධ කලමනා මිළදි ගත් ඔහු මහත් වෙහෙසට පත්ව සිටි නිසා අවන්හලකට ගොඩවුණේ මොනවා හෝ බොන්නට සිතා ගෙනය.

“මල්ලි කොකා කෝලා එකක් ගේන්නකො”

විදුලි පංකාව අසලින්ම තිබූ ආසනයේ අසුන් ගත් අරින්ද කමිසයේ උඩ බොත්තම ලිහිල් කලේ දාහය දරාගන්නට බැරි තරම් වූ නිසාවෙනි.තාරුකා සමඟ යන ගමන පිළිබඳව සිත මහත් උනන්දුවක් දක්වන්නෙ මන්දැයි විමසා සිටින්නට උවමනා නැත.හිතේ පවත්වාගෙන ආ අරමුණ කෙමෙන් තමා අතින් ගිලිහී යනවාදැයි ඔහුට සිතුනේ ඉබේටමය.”නෑ මේකෙන් වෙන්නෙ ඒ වැඩේ තව ලේසි වෙන එක”ඊළඟ මොහොතේ අරින්ද කල්පනා කලේය.තාරුකා ගේ මවට සමීප වන්නට ලැබීම තවත් හොඳ කාරණාවකි.තාරුකාටත් වඩා වලව්වේ විස්තර දන්නේ ඈය.ඇතැම්විට නිදානය පිළිබඳව ඇති පුස්කොල පොත ගැන පවා ඈ දැන ඉන්නවා වන්නට පුලුවන.සිතුවිලි දාමයේ ගැලී උන් අරින්ද හිස එසවූ මොහොතේ තමා ඉදිරියේ උන් පුද්ගලයකු තමාදෙස බලා සිටිනු අහම්බෙන් දුටුවේය .සැකකල යුතු යමක් නැතද හිතට චකිතයක් ආවේ සැනෙකිනි.

පසු ගිය වසර ගනනාවක් පුරා කර ඇත්තේ දඩුවම් ලැබිය හැකි වැරදි වලට උදව් වීමය.සෑම මොහොතකම ජීවිත අවදානමක් ඇත.අවි ගත්තෝ නසින්නේ අවියෙන්ම ය.තම අනන්‍යතාව සහ සරත් සමග හවුල්කාර බව දන්නේ අතලොස්සක් පමණි .සරත් ද සැමවිටම අරින්ද ආරක්ෂා කරගන්නට මහන්සි වූයේ ඔහුගේ වටිනාකම දන්නා නිසාවෙනි .එනිසාම අරින්ද කරලියට ආවේ ඉතා අල්ප වශයෙනි .නමුත් මේ රස්සාව තරහකාරයින් පොලී වන ආකාරයේ එකකි.

තමාගේ වෙනසක් නොපෙනෙන සේ හිඳින්නට අරින්ද මහත් උත්සාහ ගත්තද එය එසේ වූවාදැයි සැක සහිතය.ඔහු රහසේම ඉදිරියේ උන් පුද්ගලයාගේ ඡායාරූපය ක තම ජංගම දුරකථනයෙන් ලබා ගත්තේය .නමුත් පෙර කී පුද්ගලයා නැවත ඔහු දෙස බැලුවේ නැත ඔහු තම ආහාර පාන ගෙන නැගිට ගියෙන් අරින්ද ට යම් සහනයක් දැනුණි.තම බිලද ගෙවා අරින්ද පිටව ආවේ අනියමාර්තේ කලබල වීම ගැන තමාටම දොස් පවරන ගමන් ය.

තාරුකා මැදිව සිටියේ උභතෝකෝටික ප්රශ්නය කය.අරින්ද සමඟ ආරණ්‍යයට යමුයි කියා අම්මාට කියන්නේ කෙසේදැයි සිතා ගන්නට බැරිය.ඈට බොරුවක් කියන්නටත් සිත දෙන්නේ නැත.නන්දිතා ට කතා කරගන්නට සිතුනත් අරින්ද ඈට අකමැති නිසා එසේ කරන්නට ද බැරිය.

“මොකෝ සුදූ බර කල්පනාවක “

අම්මාගේ වදනින් ඈ තිගැස්සී ගියා ය.

“අ..මොකුත් නෑ අම්මා”

“බොරු කියන්න එපා දරුවො මොකක්ද ප්‍රශ්නෙ ඔයාගෙ වෙනසක් මට අඳුනගන්න බැරි නෑ”

අම්මා තමාට කෙතරම් ආදරේ දැයි තාරුකා දනී.ඈ අදරින් අම්මාගේ අතේ එල්ලුනාය .මේ කාරනාව කෙලින්ම අම්මාට කීවානම් ඉවරය.ඈ කියන දේකට එකඟ වීම තමාගේ ද යුතුකමකි .

“නෑ අම්මා එදා අර පන්සලේ දි මගෙ යාලුවෙක් කියලා අදුන්නල දුන්නේ එයා රිසර්ච් එකක් කරනව ලංකාවේ ලේඛන ගැන..ලොකු හාමුදුරුවන් ට ඔය ගැන කීවාම උන්නාන්සෙ කීවා ධම්මප්රභ හාමුදුරුවෝ මුණගැහෙන්න උදව් කරයි කියල.ධම්මප්රභ හාමුදුරුවෝ ආරණ්‍යයක වැඩ ඉන්නව ලු ..අර ලමය ඇහුව ඒ පන්සලට යන්න එන්න පුලුවන් ද කියල..මම කීව තනියම බෑ කියල ..එහෙනම් අම්මා එක්ක එන්න කියනව ..මොකෝ කරන්නෙ”

“ආ ඔය පැන්නේ බලලා මල්ලෙන් ..ඉගෙන ගන්න වැඩකට උදව් කලාට නම් වරදක් නෑ ..ඒත් ඔය මිනිස්සු මොන වගේ උදවියද කවුද දන්නෙ ..අද කාලේ අහන්න දකින්න තියෙන ඒවා බැලුවාම කාවද විස්වාස කරන්න පුලුවන් “

“ඒකනම් එහෙම තමයි..අම්මා අකමැති කියල මම මගඇරල ඉන්නම්

එතකොට හරිනෙ”

එහෙම කීවාට සිතේ ඇත්තේ වෙන චේතනාව කි.

“ආ මගෙ පිටින් දාල මෙයා සුදන වෙන්න..නරක වැඩක් නෙවෙයිනෙ අනික අපි දන්න තැනකටනෙ යන්නේ ..ඔයාට එයා විස්වාස නම් මාත් එන්නම් ගිහින් එන්න..ලොකු හාමුදුරුවෝ කාගෙදෝ අතේ පණිවිඩයක් එවලා තිබුණේ ඔය ගැන කියල”

හිතේ සතුටක් තැවරුනේ නිතැතිනි .

“අවිස්වාස කරන්න හේතුවක් නෑ අම්මා..මගෙ හොඳ ම යාලුවෙක් ගේ දන්න කෙනෙක් එයා..ඒ යාලුවට එදාට එන්න බැහැයි කියල තමා මගෙන් එන්න පුලුවන් ද ඇහුවෙ “

අම්මා තුළ අරින්ද කෙරෙ විස්වාසය ක් ගොඩනැගීම තමා සතු වගකීමකි.

අරින්ද නවාතැන්පොළට ආවේ මහත් වෙහෙසක් සහිතව ය.ගිනි අව්වේ යතුරු පැදිය පැදීම නිසා ඔහු හෙම්බත්ව සිටියේ ය.වතුර මල යටට වී බොහෝ වේලා සිටියත් ඒ හිතට මදිය.

තාරුකා ගේ නමින් මග හැරුණු ඇමතුම් දෙකක් ඇති වග දුටුවේ නාගෙන ආ පසුවය.

“හෙලෝ සුදු හාමිනේ ..මොකෝ දන් නෑ කතා කලේ”

“පණිවිඩයක් කියන්න ගත්තේ ..”

ඈ නිහඬව සිටින විට හිතේ ඉවසුම් නැතිව ගියා සේය.

“ඔව් කියන්න ඉතිං..අම්මා මොකෝ කීවේ”

“ඒක කියන්න තමා ගත්තේ ..අනේ සොරි අරින්ද මට එන්න වෙන එකක් නෑ”

හිතට දුකක් පිවිසුනේ නිදානය පිළිබඳව සැලසුම් බිඳ වැටුණු නිසා නොවන බව අරින්ද දනී.

“ආ එහෙමද ඒකට කමක් නෑ..එකට පිං දහම් කරන්න තරම් අපි පිංවන්ත නැතුව ඇති”

අරින්ද ගේ වදන් නිසා හිතට දුකක් දැනුණි.

“නෑ නෑ ලමයො අම්මා එන්නම් කීවා අඬලත් ඉවරයි”

“අපේ මේ අහිංසක හිත් එක්ක සෙල්ලම් කරන්න එපා හරිද”

“අම්මෝ මන් දන් නැද්ද අහිංසක තරම් කොටි හපුවෙක් වගේ”

“අර ඒ පාර සත්තුන්ගෙ නම් කියලත් බනිණව”

“අනේ බැන්නෙ කොහොද අප්පා..”

“එහෙනම් ඉරිදා උදෙට මම ඔයාලව ගන්න එන්නම්..යාලුව එනවද ඇහුවෙ නැද්ද “

“ඇහුව ඉතිං බොරුවක් කියල ශේප් කරගත්ත”

“මම හින්ද පව් සිද්ද කරගන්න එපා”

“ඔයා හින්දනේ ඒකට කමක් නෑ”

“බුදු සරණයි තාරු “

ඔබ මගේ මා ඔබේ කියා හුවමාරු ගිවිසුමක් ලියා නැතත් මේ හිත් පැටලී අවසන් ය.තාරුකා සිටින්නේ තුටිනි.අරින්ද හා දොඩමළු වන මොහොතක් පවා හිතට මිහිරක් එක්කර ඇත.අනෙකා වෙනුවෙන් බිඳෙන තැවෙන තුටුවෙන සිත් ඇත්තේ ආදරය හමුවේ ය.

සරත් මේ දිනවල පසුවන්නේ දැඩි සිත් තැවුලෙනි.අත ගැසූ වැඩ කීපයක්ම වැරදී ගියේ නොසිතූ ලෙසටය.අලුතින් පත්වී ආ පොලිස් අදිකාරි තුමා මිලදී ගන්නට අමාරු හාදයෙකි.ඔහු හා ගැටෙන්නට යන්නටද නොහැකිය .ලද තොරතුරු අනුව පාතාල නායකයන් බහුතරයක් ඔහු නිසා පීඩාවට පත්ව ඇත.ඔහු විසින් අල්ලා ගත් ඇතැමුන් තම වැරදි වලට ජීවිතයෙන් පවා වන්දිබ්ගෙවා ඇත.ඩ්‍රග් ඩීල් හා ගණිකා මෙහෙයුම මදකට නවතා දමන්නට සිතුවේ ත්ත්වය සාමකාමි වනතුරුය.මේ සියල් කරදර මද්ධයයේ අරින්ද පිටමං කරන්නට වීම මහත් පාඩුවකි.ඔහුට බාර කල අනෙකුත් වැඩ කීපයක්ම ඔහු සම්පූර්ණ කර දුන්නේ නැත.

[QUOTE="chamathkara 295, post: 24579552, member: 477761"] [b]9[/b] [SIZE="5"]අරින්ද නගරයට ගියේ අවශ්‍ය අඩුම කුඩුම කීපයක් මිලදී ගැනීමට තිබූ බැවිනි.කඩ සාප්පු කීපයකටම ගොස් විවිධ කලමනා මිළදි ගත් ඔහු මහත් වෙහෙසට පත්ව සිටි නිසා අවන්හලකට ගොඩවුණේ මොනවා හෝ බොන්නට සිතා ගෙනය. “මල්ලි කොකා කෝලා එකක් ගේන්නකො” විදුලි පංකාව අසලින්ම තිබූ ආසනයේ අසුන් ගත් අරින්ද කමිසයේ උඩ බොත්තම ලිහිල් කලේ දාහය දරාගන්නට බැරි තරම් වූ නිසාවෙනි.තාරුකා සමඟ යන ගමන පිළිබඳව සිත මහත් උනන්දුවක් දක්වන්නෙ මන්දැයි විමසා සිටින්නට උවමනා නැත.හිතේ පවත්වාගෙන ආ අරමුණ කෙමෙන් තමා අතින් ගිලිහී යනවාදැයි ඔහුට සිතුනේ ඉබේටමය.”නෑ මේකෙන් වෙන්නෙ ඒ වැඩේ තව ලේසි වෙන එක”ඊළඟ මොහොතේ අරින්ද කල්පනා කලේය.තාරුකා ගේ මවට සමීප වන්නට ලැබීම තවත් හොඳ කාරණාවකි.තාරුකාටත් වඩා වලව්වේ විස්තර දන්නේ ඈය.ඇතැම්විට නිදානය පිළිබඳව ඇති පුස්කොල පොත ගැන පවා ඈ දැන ඉන්නවා වන්නට පුලුවන.සිතුවිලි දාමයේ ගැලී උන් අරින්ද හිස එසවූ මොහොතේ තමා ඉදිරියේ උන් පුද්ගලයකු තමාදෙස බලා සිටිනු අහම්බෙන් දුටුවේය .සැකකල යුතු යමක් නැතද හිතට චකිතයක් ආවේ සැනෙකිනි. පසු ගිය වසර ගනනාවක් පුරා කර ඇත්තේ දඩුවම් ලැබිය හැකි වැරදි වලට උදව් වීමය.සෑම මොහොතකම ජීවිත අවදානමක් ඇත.අවි ගත්තෝ නසින්නේ අවියෙන්ම ය.තම අනන්‍යතාව සහ සරත් සමග හවුල්කාර බව දන්නේ අතලොස්සක් පමණි .සරත් ද සැමවිටම අරින්ද ආරක්ෂා කරගන්නට මහන්සි වූයේ ඔහුගේ වටිනාකම දන්නා නිසාවෙනි .එනිසාම අරින්ද කරලියට ආවේ ඉතා අල්ප වශයෙනි .නමුත් මේ රස්සාව තරහකාරයින් පොලී වන ආකාරයේ එකකි. තමාගේ වෙනසක් නොපෙනෙන සේ හිඳින්නට අරින්ද මහත් උත්සාහ ගත්තද එය එසේ වූවාදැයි සැක සහිතය.ඔහු රහසේම ඉදිරියේ උන් පුද්ගලයාගේ ඡායාරූපය ක තම ජංගම දුරකථනයෙන් ලබා ගත්තේය .නමුත් පෙර කී පුද්ගලයා නැවත ඔහු දෙස බැලුවේ නැත ඔහු තම ආහාර පාන ගෙන නැගිට ගියෙන් අරින්ද ට යම් සහනයක් දැනුණි.තම බිලද ගෙවා අරින්ද පිටව ආවේ අනියමාර්තේ කලබල වීම ගැන තමාටම දොස් පවරන ගමන් ය. තාරුකා මැදිව සිටියේ උභතෝකෝටික ප්රශ්නය කය.අරින්ද සමඟ ආරණ්‍යයට යමුයි කියා අම්මාට කියන්නේ කෙසේදැයි සිතා ගන්නට බැරිය.ඈට බොරුවක් කියන්නටත් සිත දෙන්නේ නැත.නන්දිතා ට කතා කරගන්නට සිතුනත් අරින්ද ඈට අකමැති නිසා එසේ කරන්නට ද බැරිය. “මොකෝ සුදූ බර කල්පනාවක “ අම්මාගේ වදනින් ඈ තිගැස්සී ගියා ය. “අ..මොකුත් නෑ අම්මා” “බොරු කියන්න එපා දරුවො මොකක්ද ප්‍රශ්නෙ ඔයාගෙ වෙනසක් මට අඳුනගන්න බැරි නෑ” අම්මා තමාට කෙතරම් ආදරේ දැයි තාරුකා දනී.ඈ අදරින් අම්මාගේ අතේ එල්ලුනාය .මේ කාරනාව කෙලින්ම අම්මාට කීවානම් ඉවරය.ඈ කියන දේකට එකඟ වීම තමාගේ ද යුතුකමකි . “නෑ අම්මා එදා අර පන්සලේ දි මගෙ යාලුවෙක් කියලා අදුන්නල දුන්නේ එයා රිසර්ච් එකක් කරනව ලංකාවේ ලේඛන ගැන..ලොකු හාමුදුරුවන් ට ඔය ගැන කීවාම උන්නාන්සෙ කීවා ධම්මප්රභ හාමුදුරුවෝ මුණගැහෙන්න උදව් කරයි කියල.ධම්මප්රභ හාමුදුරුවෝ ආරණ්‍යයක වැඩ ඉන්නව ලු ..අර ලමය ඇහුව ඒ පන්සලට යන්න එන්න පුලුවන් ද කියල..මම කීව තනියම බෑ කියල ..එහෙනම් අම්මා එක්ක එන්න කියනව ..මොකෝ කරන්නෙ” “ආ ඔය පැන්නේ බලලා මල්ලෙන් ..ඉගෙන ගන්න වැඩකට උදව් කලාට නම් වරදක් නෑ ..ඒත් ඔය මිනිස්සු මොන වගේ උදවියද කවුද දන්නෙ ..අද කාලේ අහන්න දකින්න තියෙන ඒවා බැලුවාම කාවද විස්වාස කරන්න පුලුවන් “ “ඒකනම් එහෙම තමයි..අම්මා අකමැති කියල මම මගඇරල ඉන්නම් එතකොට හරිනෙ” එහෙම කීවාට සිතේ ඇත්තේ වෙන චේතනාව කි. “ආ මගෙ පිටින් දාල මෙයා සුදන වෙන්න..නරක වැඩක් නෙවෙයිනෙ අනික අපි දන්න තැනකටනෙ යන්නේ ..ඔයාට එයා විස්වාස නම් මාත් එන්නම් ගිහින් එන්න..ලොකු හාමුදුරුවෝ කාගෙදෝ අතේ පණිවිඩයක් එවලා තිබුණේ ඔය ගැන කියල” හිතේ සතුටක් තැවරුනේ නිතැතිනි . “අවිස්වාස කරන්න හේතුවක් නෑ අම්මා..මගෙ හොඳ ම යාලුවෙක් ගේ දන්න කෙනෙක් එයා..ඒ යාලුවට එදාට එන්න බැහැයි කියල තමා මගෙන් එන්න පුලුවන් ද ඇහුවෙ “ අම්මා තුළ අරින්ද කෙරෙ විස්වාසය ක් ගොඩනැගීම තමා සතු වගකීමකි. අරින්ද නවාතැන්පොළට ආවේ මහත් වෙහෙසක් සහිතව ය.ගිනි අව්වේ යතුරු පැදිය පැදීම නිසා ඔහු හෙම්බත්ව සිටියේ ය.වතුර මල යටට වී බොහෝ වේලා සිටියත් ඒ හිතට මදිය. තාරුකා ගේ නමින් මග හැරුණු ඇමතුම් දෙකක් ඇති වග දුටුවේ නාගෙන ආ පසුවය. “හෙලෝ සුදු හාමිනේ ..මොකෝ දන් නෑ කතා කලේ” “පණිවිඩයක් කියන්න ගත්තේ ..” ඈ නිහඬව සිටින විට හිතේ ඉවසුම් නැතිව ගියා සේය. “ඔව් කියන්න ඉතිං..අම්මා මොකෝ කීවේ” “ඒක කියන්න තමා ගත්තේ ..අනේ සොරි අරින්ද මට එන්න වෙන එකක් නෑ” හිතට දුකක් පිවිසුනේ නිදානය පිළිබඳව සැලසුම් බිඳ වැටුණු නිසා නොවන බව අරින්ද දනී. “ආ එහෙමද ඒකට කමක් නෑ..එකට පිං දහම් කරන්න තරම් අපි පිංවන්ත නැතුව ඇති” අරින්ද ගේ වදන් නිසා හිතට දුකක් දැනුණි. “නෑ නෑ ලමයො අම්මා එන්නම් කීවා අඬලත් ඉවරයි” “අපේ මේ අහිංසක හිත් එක්ක සෙල්ලම් කරන්න එපා හරිද” “අම්මෝ මන් දන් නැද්ද අහිංසක තරම් කොටි හපුවෙක් වගේ” “අර ඒ පාර සත්තුන්ගෙ නම් කියලත් බනිණව” “අනේ බැන්නෙ කොහොද අප්පා..” “එහෙනම් ඉරිදා උදෙට මම ඔයාලව ගන්න එන්නම්..යාලුව එනවද ඇහුවෙ නැද්ද “ “ඇහුව ඉතිං බොරුවක් කියල ශේප් කරගත්ත” “මම හින්ද පව් සිද්ද කරගන්න එපා” “ඔයා හින්දනේ ඒකට කමක් නෑ” “බුදු සරණයි තාරු “ ඔබ මගේ මා ඔබේ කියා හුවමාරු ගිවිසුමක් ලියා නැතත් මේ හිත් පැටලී අවසන් ය.තාරුකා සිටින්නේ තුටිනි.අරින්ද හා දොඩමළු වන මොහොතක් පවා හිතට මිහිරක් එක්කර ඇත.අනෙකා වෙනුවෙන් බිඳෙන තැවෙන තුටුවෙන සිත් ඇත්තේ ආදරය හමුවේ ය. සරත් මේ දිනවල පසුවන්නේ දැඩි සිත් තැවුලෙනි.අත ගැසූ වැඩ කීපයක්ම වැරදී ගියේ නොසිතූ ලෙසටය.අලුතින් පත්වී ආ පොලිස් අදිකාරි තුමා මිලදී ගන්නට අමාරු හාදයෙකි.ඔහු හා ගැටෙන්නට යන්නටද නොහැකිය .ලද තොරතුරු අනුව පාතාල නායකයන් බහුතරයක් ඔහු නිසා පීඩාවට පත්ව ඇත.ඔහු විසින් අල්ලා ගත් ඇතැමුන් තම වැරදි වලට ජීවිතයෙන් පවා වන්දිබ්ගෙවා ඇත.ඩ්‍රග් ඩීල් හා ගණිකා මෙහෙයුම මදකට නවතා දමන්නට සිතුවේ ත්ත්වය සාමකාමි වනතුරුය.මේ සියල් කරදර මද්ධයයේ අරින්ද පිටමං කරන්නට වීම මහත් පාඩුවකි.ඔහුට බාර කල අනෙකුත් වැඩ කීපයක්ම ඔහු සම්පූර්ණ කර දුන්නේ නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom