Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තාරු (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

12

මෙතෙක් කතාව ,

තාරුකා රුවන්තැන්න දිමියාවිට වලව්වේ එකම දියණිය වූ අතර උපතින්ම වම් පාදයේ ආබාධිත තත්ත්වයකින් පසුවූවාය.අරින්ද සිරිනාථ ගෙදර වූ සිත් තැවීමක් නිසා කොළඹ ට විත් සරත් නම් නීතිවිරෝධී ව්‍යාපාර හිමියා යටතේ සේවය කල තරුණ යෙකි.සුරවීර නම් මහාචාර්යවරයා සරත් ගේ සේවා ලාබියකු වන අතර දිමියාවිට වලව්වේ නිදානය ක් ඇතිබව සරත්ට කියන්නෙ ඔහුය.පවුලේ තුන් කුලුදුල් දරුවා වන තාරුකා බිලිදීමෙන් නිදානය අත්පත් කර ගැනීමේ අරමුණින් තාරුකා සොයා එන්නේ අරින්ද යි.නමුත් තාරුකා මුණ ගැසීමෙන් ප්සු අරින්ද ගේ සිත ඈ කෙරේ ඇදීයන අතර තම අරමුණින් කෙමෙන් ඈත් වෙයි.සරත් ටද මේ ගැන සැක සිතේ.අරින්ද තාරුකා සමඟ හිමිනමක් මුණ ගැසීම ට යන්නෙ පෙර සැල්සුමේ පියවරක් වශයෙනි ...අද එතැන් සිට

ගල් තලාව මුදුනතින් වූයේ විසල් තුරු වලින් සෙවන වූ තැනිතලා බිමක් වූ අතර එහි සුදු වැලි අතුරා මනාව ඇමද තිබුණි.එක් පසෙකින් වූයේ සීග්‍ර බෑවුමක් සහිත ගල් තලාව වූ අතර තැනිතලා බිමෙන් මදක් ඈතට වන්නට ගරා වැටුණු නටඹුන් අතර මල් ආසනයක් සහ බුදු පිළිම වහන්සේ නමක් වඩා හිඳුවා තිබෙනු දකින්නට ඇත.ස්වාමීන් වහන්සේ වැඩහිඳින භාවනා කුටි කැලෑබද ව තිබෙන බව කිව්වෙ තාරුකා ගේ අප්පච්චි විසිනි.

ඇතැම් තැනෙක නතර වෙමින් අපහසුවෙන් තැනිතලා බිමට ආ සියල්ලෝම ගල්කුලු මත වාඩි වී ගිමන් හරින්නට වූහ.

“හරිම මහන්සියි පුතා ඉස්සර වගේ නෙවෙයි”

“ඒකනෙ අප්පච්චි ..අපේ ඇගවල් හොර වෙලා”

අරින්ද කීවේ තාරුකා ට ඉඳ ගන්නට සලස්වමිනි.

“පුතාට හොඳ ගනන් ඇති මෙයාවත් උස්සන් ඇවිත්”

අම්මාගේ කතාවට තාරුකා ගේ හිත පෑරුණ වග අරින්ද තේරුම් ගත්තේ ය.

“අපෝ නෑ අම්මා මොන මහන්සියක්ද තාරු මටවඩා හොඳට කන්ද නැග්ගා”

තාරුකා ගේ මුහුණ අඳුර වී ඇත.

“ඔන්න ඉතින් මූණ එල්ලා ගත්තා අපෝ කැත විතරක්”

“අපි කැතයි තමයි..කාටවත් වැඩක් නෑනෙ ඒව”

“හරි හරි අපි ඉතින් කවුරුත් නෙවෙයිනෙ මෙයාගෙ”

“අනේ යන්න..තව රිද්දන් නැතුව”

කදුලු පිරුණු ඇස් දිලිසෙනු අරින්ද දුටුවේය.

“අනේ නාඩ ඉන්න මගෙ සුදු හාමිනෙ”

අරින්ද ඇගේ හිස අතගෑවේ කා ගැනවත් නොතකමිනි.ඒ දුටු පොඩිනා නොදැක්කා සේ ඉවත බලා ගත්තාය.

“අප්පච්චි දකී..”

“ඉතිං මොකෝ”

“මොකෝ තමයි... මැට්ටා”

තාරුකා සිනාවතින් හුන් තැනින් නැගිට්ටාය.

ධම්මප්රභ හාමුදුරුවෝ ඈතින් වැඩම කරනු දුටු පිරිස ඒ දෙසට පියමන් කලහ.උන්වහන්සේට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව අප්පච්චි හඬ අවදි කලේය .

“අපේ හාමුදුරුවෝ බෝම කාලෙකට පස්සෙ”

“ඒකනෙ ලොකු අප්පො ... මැණිකෙ කොහොමද ඉතින්..ලොකු හාමුදුරුවෝ මට පණිවිඩේ දීල සෑහෙන කල් ..ටික දවසකට තමා මෙහෙට ආවෙ නැත්තම් සිංහරාජ කිට්ටුව ආරණ්‍යයක උන්නෙ”

“එහෙමයි “

“මේ අරින්ද මහත්තයා වෙන්න ඇති..සුදු හාමිනේ අක්කා නම් හිටිය වගේමයි”

තාරුකා මද සිනාවකින් හිස සැලුවාය.

“එහෙනම් ලොකු අප්පොල වට පිට බලාගෙන ඉන්නකො ..අපි ආපු වැඩේ කතා කරමු..ඔතන ගල් පොත්ත ගොඩ වුනාම පොඩි කුටියක් තියෙනව එතන ඉද ටිකක් විවේක ගන්න”

“හොඳමයි අපේ හාමුදුරුවනේ “

අම්මා අප්පච්චි සහ පොඩිනා උන්වහන්සේට වැඳ එතැනින් නික්ම ගිය පසු අරින්ද ත් තාරුකා ත් ධම්මප්රභ හාමුදුරුවෝ පසුපස්සේ ගමන් කලහ.කිසිත් නොකියාම තැනිතලා බිමේ බෑවුම දෙසට ගමන් ගත් උන් වහන්සේ ගල් දෙබුක්කාවක් වැනි තැනෙකින් එපිටට වැඩියාහ.අරින්ද පරෙස්සමින් තාරුකා වත්තම් කරගත්තේ සුලු අත්වැරැදීමකින් මහ අනතුරක් විය හැකි බැවිනි.මේ තරම් ඉඩ කඩ ඇති වැලි මලුවේ සිට ගල් අස්සේ රිංගන්නෙ මොකටද කියා සිතට ආ කෝපය අරින්ද වචන කලේ නැත.

ධම්මප්රභ හාමුදුරුවෝ ගල් පර අතරින් ගොස් පියස්සක් සේ සෑදුනු ගල් කුලක් යට අසුන් ගෙන උන්නේය.ඒ අවට භූමියේ ද සුදු වැලි අතුරා තිබුණි.විවිධ උසින් යුත් සිරස් අතට සිටවූවාක් වැනි ගල්කුලු ඒ භූමියේ ආරක්ෂා වට තැබුවාක් වැනිය.

“කේන්ති ගන්න එපා අරින්ද මහත්තයා අපි මෙතනට ආවෙ හේතුවක් ඇතුව”

ධම්මප්රභ හිමියන්ගේ වදනින් අරින්ද තිගැස්සී ගියේ මොහොතකට පෙරාතුව තම හිතේ කෝපය උන් වහන්සේ දැනගත්තේ කෙසේදැයි සිතාගන්නට බැරිවය.උන්වහන්සේට එකත්පස්ව අරින්ද සහ තාරුකා වැලිමලුවේ වාඩි වූහ.කන්දේ අනෙක් පසින් එන වා දහරා ගල් කුලු අතරින් හඬනගා ඇදී යන්නේ පරිසරයට ගුප්ත බවක් එක් කරමිනි.

“කලින් මෙතනට ඇවිත් තියෙනව වගේ දැනෙනව “

මෙතෙක් වේලා නිහඬව සිටි තාරුකා කීවේ හිතට එහෙම දැනුණ නිසාවෙනි .

“අපි ආත්ම කීයක මේ තැන්වලට ඇවිත් ඇද්ද අක්කෙ”

තාරුකා යන්තමින් හිස සලා එය අනුමත කලත් හිතේ නොසන්සුන් ගතියක් දැනුන නිසා පසුවූයේ අපහසුවෙනි.ඉක්මනින් මෙතැනින් යන්නට ඇත්නම් කියා ඈට සිතුනේ අහේතුකවය.

“අරින්ද අයියා ...අයියා කීවට කමක් නෑ නෙ”

“අනේ කමක් නෑ හාමුදුරුවනේ “

“ඔව් සිංහල ලේඛන කලාව කියන එක ලොකු විෂය පරාසයක්..කෙලින්ම ඒ ගැන ඉගෙන ගෙන නැති උනත් ඔය නිබන්ධන වලට කරුණු හොයද්දි දැනගත්ත කාරනා තියෙනව අයියට දැනගන්න විශේෂ දෙයක් තියේනම් අහන්න “

“ඔව් අපේ හාමුදුරුවනේ ..මම ගොඩක් ම කරුණු හෙව්වෙ හෙල බස කියන එක ස්වයං ජාත භාශාවක් කියන කාරනාව ඉස්මතු කරන්න..

ඔය මතයෙ ඉන්න ගොඩදෙනෙක්ට ඒක ඔප්පු කරන්න බැරි උනා..අර ප්‍රසිද්ධ සෙල්ලිපියක සඳහන් වෙනව අගත අනගත චතුදිස සගස කියල නමුත් මේ වචන ඒ කාල රාමුව තුල වෙනත් භාශා ප්‍රභවයකට අයත් නෑ ..මිහිදු හිමියන්ගේ ආගමනයට කලින් පටන්ම මේ රට ජනාවාස වෙලා තිබුණේ අපේ භාශාව පාලි හෝ සංස්කෘත නෙවෙයි හෙල භාශාව..”

“බොහොම හරි ...අපි ඉතිහාසය කියල දන්නෙ කවුරු හරි පොතක ලියපු දෙයක් මහාවංසය ඉතිහාස පොතක් විදියට ගත්තත් කතුවරයාට ඕනෙ විදියට ඒක හසුරුවල තියෙන බව ඔප්පු කරන්න ඕනෙ තරම් සාක්ෂි තියෙනව...”

“එහෙමයි ... මගේ මහාචාර්යවරයා සුරවීර කියල මට භාර දුන්නෙ ප්‍රාදේශීය වශයෙන් ,එතකොට තවමත් මිනිස්සු අතරට නොගිය ලිපි ලේඛන ,සෙල්ලිපි ,පුස්කොල පොත් වගේ ඒව හොයා බලන්න..මේ අවට ගම්මාන කීපයක් ම තියෙනව යම් ඉතිහාසමය වටිනාකම ක් තියෙන ..ඒ අතර තමා මට තාරුකා ව මුණ ගැහුණෙ”

“අරමුණ මොනව උනත් අයියා හරිම කෙනා ගාවට ඇවිත් තියෙනව ...සංසාර බැඳීම් කියන ඒව හරි පුදුමයි ..කර්ම සකස් වෙන විදිය ඒව විපාක දෙන විදිය හරි ආශ්චර්යජනක දෙයක්..මේ දෘශ්‍ය තරංග මාලාවට ඔබ්බෙන් කොයිතරම් දේවල් නම් හැංගිලා තියෙනවද “

ධම්මප්රභ හාමුදුරුවෝ මොනවා හෝ කාරනාවක් හිතේ දරාගෙන කතාකරන බවක් අරින්ද ට දැනුණි.

තාරුකා ඔවුන්ගේ කතාවට සවන් යොමා සිටියත් හිතටනම් නිදහසක් නොවුණි.අනේක විද සිතුවිලි හිත මත ඉපිද මියෙනු දැනෙ.ඒ සෑම සිතුවිල්ලකම ඇත්තේ බියසහිත බවකි.මෙවන් අපහසුවක් දැනෙන තව අවස්ථාව ක් වන්නෙ තම පපුවේ උපන් ලපය දකින විටය.නමුත් දැන් එය දෙගුන තෙගුන වී ඇත.තවත් මේ සිතුවිලි දරාගන්නට බැරි තරම් ය.ඈට අවශ්‍ය වූයේ එතැනින් නැගිට එන්නටය.

“සුදු හාමිනේ අක්කා කලබල වෙන්න එපා..ඔය සිතුවිලි වලට ඔහේ ගලාගෙන යන්න දෙන්න..එක්තරා තැනකදි හිතට ශාන්තියක් දැනෙවි..ඒ වෙනකල් ඉවසා ඉන්න ඕන..සමහර සසර පුරුදු මතුවෙන්න විශේෂ අවස්ථාව න් යෙදෙන්න ඕන ඒ නිමිති එළඹෙන්න ඕන”

ධම්මප්රභ හිමියන්ගේ හඬ තාරුකා ට ඇසුනේ යාන්තමිනි.ඈට එක්වරම දැනුනේ තම කය සැහැල්ලු වී යන බවකි.ඊළඟ මොහොතේ සිනමාවක් මෙන් දසුන් පෙලක් ඈ ඉදිරියේ මැවී ගියේ ය.බෙර හඬක් සමගින් යාදිනියක් ඇසෙන්නට වූ අතර තාරුකා සුදු වතින් සැරසී උඩුකුරුව වැතිරී සිටියේ සිහිසුන්ව මෙනි.ගෙලවටා දැමූ රත් පෑ මල් මාලා අවට දල්වා ඇති පහන් එලියට කහපාට වී ඇත.හුස්ම සිරවන තරම් දුම්මල සැරක් අවට වා තලයේ ඇත.ඒ දුම අතරින් ඊලඟට මතුවූයේ යකැදුරකු සේ හැඳ පැළඳ ගත් රෞද්‍ර පෙනුමක් තිබූ අයෙකි.ඔහු අත දිගු කඩුවක් තිබූ අතර මුව වේගයෙන් සොලවමින් මන්ත්‍රයක් ජප කරන්නට විය.කෙමෙන් බෙර හඬ හා ගැයුම ස්වරය හා වේගය ඉහල යන්නට වූ අතර යකැදුරා ගල්කුල දෙසට දෑත් දිගුකර හඬ නගන්නට විය.අවට ඒකාලෝක කරමින් විදුලියක් කෙටුවේය.තම සිරුර ඇති තැනට එපිටින් දුම්මල බඳුන අතැතිව සිටින තරුණයා තමා දෙස දුකින් මෙන් බලා සිටිනු ඈ දුටුවාය .එක්වරම යකැදුරා කඩුවේ මුවාත පහලට යොමවා තම හිසට ඉහළින් සිටගත් අයුරු තාරුකා දුටුවාය.ක්ෂනයකින් වැර යොදා කඩුව ඉහල එසවූ ඔහු හූ හඬ නගා එය තම සිරුර ට එල්ල කරත්ම එපා කියා කෑගසමින් පෙර කී තරුණයා තම සිරුර ආවරණය කලත් ඔහුගේ පිට හරහා කිඳා බැසගත් කඩුව තම ලය විනිවිඳින අයුරු ඈට දැනුණි “

ධම්මප්රභ හිමියන්ගේ වදන් තේරුම් ගත නොහැකිව අරින්ද තාරුකා දෙසත් හිමියන් දෙසත් බැලුවේ ය.එක්වරම ධ්‍යානයකට සමවැදුනාක් සේ නිහඬ වූ තාරුකා තත්පර කීපයකට පසුව සිහිසන්ව ඇදවැටුනාය.නොසිතූ ලෙස සිදුවූ දෙයින් කලබල වූ අරින්ද තාරුකා කියා කෑ ගෑවේය.

[QUOTE="chamathkara 295, post: 24881496, member: 477761"] [b]12[/b] මෙතෙක් කතාව , තාරුකා රුවන්තැන්න දිමියාවිට වලව්වේ එකම දියණිය වූ අතර උපතින්ම වම් පාදයේ ආබාධිත තත්ත්වයකින් පසුවූවාය.අරින්ද සිරිනාථ ගෙදර වූ සිත් තැවීමක් නිසා කොළඹ ට විත් සරත් නම් නීතිවිරෝධී ව්‍යාපාර හිමියා යටතේ සේවය කල තරුණ යෙකි.සුරවීර නම් මහාචාර්යවරයා සරත් ගේ සේවා ලාබියකු වන අතර දිමියාවිට වලව්වේ නිදානය ක් ඇතිබව සරත්ට කියන්නෙ ඔහුය.පවුලේ තුන් කුලුදුල් දරුවා වන තාරුකා බිලිදීමෙන් නිදානය අත්පත් කර ගැනීමේ අරමුණින් තාරුකා සොයා එන්නේ අරින්ද යි.නමුත් තාරුකා මුණ ගැසීමෙන් ප්සු අරින්ද ගේ සිත ඈ කෙරේ ඇදීයන අතර තම අරමුණින් කෙමෙන් ඈත් වෙයි.සරත් ටද මේ ගැන සැක සිතේ.අරින්ද තාරුකා සමඟ හිමිනමක් මුණ ගැසීම ට යන්නෙ පෙර සැල්සුමේ පියවරක් වශයෙනි ...අද එතැන් සිට ගල් තලාව මුදුනතින් වූයේ විසල් තුරු වලින් සෙවන වූ තැනිතලා බිමක් වූ අතර එහි සුදු වැලි අතුරා මනාව ඇමද තිබුණි.එක් පසෙකින් වූයේ සීග්‍ර බෑවුමක් සහිත ගල් තලාව වූ අතර තැනිතලා බිමෙන් මදක් ඈතට වන්නට ගරා වැටුණු නටඹුන් අතර මල් ආසනයක් සහ බුදු පිළිම වහන්සේ නමක් වඩා හිඳුවා තිබෙනු දකින්නට ඇත.ස්වාමීන් වහන්සේ වැඩහිඳින භාවනා කුටි කැලෑබද ව තිබෙන බව කිව්වෙ තාරුකා ගේ අප්පච්චි විසිනි. ඇතැම් තැනෙක නතර වෙමින් අපහසුවෙන් තැනිතලා බිමට ආ සියල්ලෝම ගල්කුලු මත වාඩි වී ගිමන් හරින්නට වූහ. “හරිම මහන්සියි පුතා ඉස්සර වගේ නෙවෙයි” “ඒකනෙ අප්පච්චි ..අපේ ඇගවල් හොර වෙලා” අරින්ද කීවේ තාරුකා ට ඉඳ ගන්නට සලස්වමිනි. “පුතාට හොඳ ගනන් ඇති මෙයාවත් උස්සන් ඇවිත්” අම්මාගේ කතාවට තාරුකා ගේ හිත පෑරුණ වග අරින්ද තේරුම් ගත්තේ ය. “අපෝ නෑ අම්මා මොන මහන්සියක්ද තාරු මටවඩා හොඳට කන්ද නැග්ගා” තාරුකා ගේ මුහුණ අඳුර වී ඇත. “ඔන්න ඉතින් මූණ එල්ලා ගත්තා අපෝ කැත විතරක්” “අපි කැතයි තමයි..කාටවත් වැඩක් නෑනෙ ඒව” “හරි හරි අපි ඉතින් කවුරුත් නෙවෙයිනෙ මෙයාගෙ” “අනේ යන්න..තව රිද්දන් නැතුව” කදුලු පිරුණු ඇස් දිලිසෙනු අරින්ද දුටුවේය. “අනේ නාඩ ඉන්න මගෙ සුදු හාමිනෙ” අරින්ද ඇගේ හිස අතගෑවේ කා ගැනවත් නොතකමිනි.ඒ දුටු පොඩිනා නොදැක්කා සේ ඉවත බලා ගත්තාය. “අප්පච්චි දකී..” “ඉතිං මොකෝ” “මොකෝ තමයි... මැට්ටා” තාරුකා සිනාවතින් හුන් තැනින් නැගිට්ටාය. ධම්මප්රභ හාමුදුරුවෝ ඈතින් වැඩම කරනු දුටු පිරිස ඒ දෙසට පියමන් කලහ.උන්වහන්සේට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව අප්පච්චි හඬ අවදි කලේය . “අපේ හාමුදුරුවෝ බෝම කාලෙකට පස්සෙ” “ඒකනෙ ලොකු අප්පො ... මැණිකෙ කොහොමද ඉතින්..ලොකු හාමුදුරුවෝ මට පණිවිඩේ දීල සෑහෙන කල් ..ටික දවසකට තමා මෙහෙට ආවෙ නැත්තම් සිංහරාජ කිට්ටුව ආරණ්‍යයක උන්නෙ” “එහෙමයි “ “මේ අරින්ද මහත්තයා වෙන්න ඇති..සුදු හාමිනේ අක්කා නම් හිටිය වගේමයි” තාරුකා මද සිනාවකින් හිස සැලුවාය. “එහෙනම් ලොකු අප්පොල වට පිට බලාගෙන ඉන්නකො ..අපි ආපු වැඩේ කතා කරමු..ඔතන ගල් පොත්ත ගොඩ වුනාම පොඩි කුටියක් තියෙනව එතන ඉද ටිකක් විවේක ගන්න” “හොඳමයි අපේ හාමුදුරුවනේ “ අම්මා අප්පච්චි සහ පොඩිනා උන්වහන්සේට වැඳ එතැනින් නික්ම ගිය පසු අරින්ද ත් තාරුකා ත් ධම්මප්රභ හාමුදුරුවෝ පසුපස්සේ ගමන් කලහ.කිසිත් නොකියාම තැනිතලා බිමේ බෑවුම දෙසට ගමන් ගත් උන් වහන්සේ ගල් දෙබුක්කාවක් වැනි තැනෙකින් එපිටට වැඩියාහ.අරින්ද පරෙස්සමින් තාරුකා වත්තම් කරගත්තේ සුලු අත්වැරැදීමකින් මහ අනතුරක් විය හැකි බැවිනි.මේ තරම් ඉඩ කඩ ඇති වැලි මලුවේ සිට ගල් අස්සේ රිංගන්නෙ මොකටද කියා සිතට ආ කෝපය අරින්ද වචන කලේ නැත. ධම්මප්රභ හාමුදුරුවෝ ගල් පර අතරින් ගොස් පියස්සක් සේ සෑදුනු ගල් කුලක් යට අසුන් ගෙන උන්නේය.ඒ අවට භූමියේ ද සුදු වැලි අතුරා තිබුණි.විවිධ උසින් යුත් සිරස් අතට සිටවූවාක් වැනි ගල්කුලු ඒ භූමියේ ආරක්ෂා වට තැබුවාක් වැනිය. “කේන්ති ගන්න එපා අරින්ද මහත්තයා අපි මෙතනට ආවෙ හේතුවක් ඇතුව” ධම්මප්රභ හිමියන්ගේ වදනින් අරින්ද තිගැස්සී ගියේ මොහොතකට පෙරාතුව තම හිතේ කෝපය උන් වහන්සේ දැනගත්තේ කෙසේදැයි සිතාගන්නට බැරිවය.උන්වහන්සේට එකත්පස්ව අරින්ද සහ තාරුකා වැලිමලුවේ වාඩි වූහ.කන්දේ අනෙක් පසින් එන වා දහරා ගල් කුලු අතරින් හඬනගා ඇදී යන්නේ පරිසරයට ගුප්ත බවක් එක් කරමිනි. “කලින් මෙතනට ඇවිත් තියෙනව වගේ දැනෙනව “ මෙතෙක් වේලා නිහඬව සිටි තාරුකා කීවේ හිතට එහෙම දැනුණ නිසාවෙනි . “අපි ආත්ම කීයක මේ තැන්වලට ඇවිත් ඇද්ද අක්කෙ” තාරුකා යන්තමින් හිස සලා එය අනුමත කලත් හිතේ නොසන්සුන් ගතියක් දැනුන නිසා පසුවූයේ අපහසුවෙනි.ඉක්මනින් මෙතැනින් යන්නට ඇත්නම් කියා ඈට සිතුනේ අහේතුකවය. “අරින්ද අයියා ...අයියා කීවට කමක් නෑ නෙ” “අනේ කමක් නෑ හාමුදුරුවනේ “ “ඔව් සිංහල ලේඛන කලාව කියන එක ලොකු විෂය පරාසයක්..කෙලින්ම ඒ ගැන ඉගෙන ගෙන නැති උනත් ඔය නිබන්ධන වලට කරුණු හොයද්දි දැනගත්ත කාරනා තියෙනව අයියට දැනගන්න විශේෂ දෙයක් තියේනම් අහන්න “ “ඔව් අපේ හාමුදුරුවනේ ..මම ගොඩක් ම කරුණු හෙව්වෙ හෙල බස කියන එක ස්වයං ජාත භාශාවක් කියන කාරනාව ඉස්මතු කරන්න.. ඔය මතයෙ ඉන්න ගොඩදෙනෙක්ට ඒක ඔප්පු කරන්න බැරි උනා..අර ප්‍රසිද්ධ සෙල්ලිපියක සඳහන් වෙනව අගත අනගත චතුදිස සගස කියල නමුත් මේ වචන ඒ කාල රාමුව තුල වෙනත් භාශා ප්‍රභවයකට අයත් නෑ ..මිහිදු හිමියන්ගේ ආගමනයට කලින් පටන්ම මේ රට ජනාවාස වෙලා තිබුණේ අපේ භාශාව පාලි හෝ සංස්කෘත නෙවෙයි හෙල භාශාව..” “බොහොම හරි ...අපි ඉතිහාසය කියල දන්නෙ කවුරු හරි පොතක ලියපු දෙයක් මහාවංසය ඉතිහාස පොතක් විදියට ගත්තත් කතුවරයාට ඕනෙ විදියට ඒක හසුරුවල තියෙන බව ඔප්පු කරන්න ඕනෙ තරම් සාක්ෂි තියෙනව...” “එහෙමයි ... මගේ මහාචාර්යවරයා සුරවීර කියල මට භාර දුන්නෙ ප්‍රාදේශීය වශයෙන් ,එතකොට තවමත් මිනිස්සු අතරට නොගිය ලිපි ලේඛන ,සෙල්ලිපි ,පුස්කොල පොත් වගේ ඒව හොයා බලන්න..මේ අවට ගම්මාන කීපයක් ම තියෙනව යම් ඉතිහාසමය වටිනාකම ක් තියෙන ..ඒ අතර තමා මට තාරුකා ව මුණ ගැහුණෙ” “අරමුණ මොනව උනත් අයියා හරිම කෙනා ගාවට ඇවිත් තියෙනව ...සංසාර බැඳීම් කියන ඒව හරි පුදුමයි ..කර්ම සකස් වෙන විදිය ඒව විපාක දෙන විදිය හරි ආශ්චර්යජනක දෙයක්..මේ දෘශ්‍ය තරංග මාලාවට ඔබ්බෙන් කොයිතරම් දේවල් නම් හැංගිලා තියෙනවද “ ධම්මප්රභ හාමුදුරුවෝ මොනවා හෝ කාරනාවක් හිතේ දරාගෙන කතාකරන බවක් අරින්ද ට දැනුණි. තාරුකා ඔවුන්ගේ කතාවට සවන් යොමා සිටියත් හිතටනම් නිදහසක් නොවුණි.අනේක විද සිතුවිලි හිත මත ඉපිද මියෙනු දැනෙ.ඒ සෑම සිතුවිල්ලකම ඇත්තේ බියසහිත බවකි.මෙවන් අපහසුවක් දැනෙන තව අවස්ථාව ක් වන්නෙ තම පපුවේ උපන් ලපය දකින විටය.නමුත් දැන් එය දෙගුන තෙගුන වී ඇත.තවත් මේ සිතුවිලි දරාගන්නට බැරි තරම් ය.ඈට අවශ්‍ය වූයේ එතැනින් නැගිට එන්නටය. “සුදු හාමිනේ අක්කා කලබල වෙන්න එපා..ඔය සිතුවිලි වලට ඔහේ ගලාගෙන යන්න දෙන්න..එක්තරා තැනකදි හිතට ශාන්තියක් දැනෙවි..ඒ වෙනකල් ඉවසා ඉන්න ඕන..සමහර සසර පුරුදු මතුවෙන්න විශේෂ අවස්ථාව න් යෙදෙන්න ඕන ඒ නිමිති එළඹෙන්න ඕන” ධම්මප්රභ හිමියන්ගේ හඬ තාරුකා ට ඇසුනේ යාන්තමිනි.ඈට එක්වරම දැනුනේ තම කය සැහැල්ලු වී යන බවකි.ඊළඟ මොහොතේ සිනමාවක් මෙන් දසුන් පෙලක් ඈ ඉදිරියේ මැවී ගියේ ය.බෙර හඬක් සමගින් යාදිනියක් ඇසෙන්නට වූ අතර තාරුකා සුදු වතින් සැරසී උඩුකුරුව වැතිරී සිටියේ සිහිසුන්ව මෙනි.ගෙලවටා දැමූ රත් පෑ මල් මාලා අවට දල්වා ඇති පහන් එලියට කහපාට වී ඇත.හුස්ම සිරවන තරම් දුම්මල සැරක් අවට වා තලයේ ඇත.ඒ දුම අතරින් ඊලඟට මතුවූයේ යකැදුරකු සේ හැඳ පැළඳ ගත් රෞද්‍ර පෙනුමක් තිබූ අයෙකි.ඔහු අත දිගු කඩුවක් තිබූ අතර මුව වේගයෙන් සොලවමින් මන්ත්‍රයක් ජප කරන්නට විය.කෙමෙන් බෙර හඬ හා ගැයුම ස්වරය හා වේගය ඉහල යන්නට වූ අතර යකැදුරා ගල්කුල දෙසට දෑත් දිගුකර හඬ නගන්නට විය.අවට ඒකාලෝක කරමින් විදුලියක් කෙටුවේය.තම සිරුර ඇති තැනට එපිටින් දුම්මල බඳුන අතැතිව සිටින තරුණයා තමා දෙස දුකින් මෙන් බලා සිටිනු ඈ දුටුවාය .එක්වරම යකැදුරා කඩුවේ මුවාත පහලට යොමවා තම හිසට ඉහළින් සිටගත් අයුරු තාරුකා දුටුවාය.ක්ෂනයකින් වැර යොදා කඩුව ඉහල එසවූ ඔහු හූ හඬ නගා එය තම සිරුර ට එල්ල කරත්ම එපා කියා කෑගසමින් පෙර කී තරුණයා තම සිරුර ආවරණය කලත් ඔහුගේ පිට හරහා කිඳා බැසගත් කඩුව තම ලය විනිවිඳින අයුරු ඈට දැනුණි “ ධම්මප්රභ හිමියන්ගේ වදන් තේරුම් ගත නොහැකිව අරින්ද තාරුකා දෙසත් හිමියන් දෙසත් බැලුවේ ය.එක්වරම ධ්‍යානයකට සමවැදුනාක් සේ නිහඬ වූ තාරුකා තත්පර කීපයකට පසුව සිහිසන්ව ඇදවැටුනාය.නොසිතූ ලෙස සිදුවූ දෙයින් කලබල වූ අරින්ද තාරුකා කියා කෑ ගෑවේය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom