Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිලංග මාධ්‍යය පනතක් ගෙනෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණසිංහ ප්‍රේමදාස යුගයේ භීෂණය ගැන අටුවා ටීකා ලිවිය යුතු නොවේ. නිදහස් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු ජනාධිපති ප්‍රේමදාස තරම් දුර්දාන්ත,මර්ධනකාරී පාලනයක් ගෙන ගොස් නැත. එතැනින් අනෙක් පැත්තට අතීතයට යන්නේ නම් හමුවන සමානයෝ මෙසේය: ටොරින්ටන්, රොබර්ට් බ්රවුන්රිග්, දොන් අසවේදු, පළවැනි රාජසිංහ. මේ සියල්ලන් සිටියේ නිදහසට පෙර යුගයේදීය.

ප්‍රේමදාස භීෂණයේ උච්චතම අවදියේ මම උපාලි පුවත්පත් සමාගම විසින් පළකළ විදුසරෙහි සේවය කළෙමි. කලාතුරෙකින් විවාදාපන්න නොවන යමක් දිවයිනට ලීවෙමි. මේ පොදු සමාජයට, මගේ දෙමාපියන්ට, පෙම්වතියට, නෑදෑයින්ට, පන්සලේ හාමුදුරුවන්ට පෙණුනු විද්‍යා ලේඛක හැසිරීමයි. රාවයට මා නිර්නාමිකව ලියූ දෙයක් ඉඳහිට පළ වුවද අතුල අයියා (වික්ටර් අයිවන්) හා උපාලි අයියා (උපාලි කොළඹගේ – එවක රාවය නියෝජ්‍ය කර්තෘ) හැරුණු විට ඒ දන්නා යමෙක් නොවීය.

මේ වන විට ප්‍රේමදාසගේ මර්ධනය විකල්ප පුවත්පත් වලටත් වඩා තදින් දිවයින වෙත එල්ල වෙමින් තිබුණේය. රාවය කියෙව්වේ කොහොමටත් හාර්ඩ්කෝ ජේ. වී. පී., ශ්‍රී ලංකා කාරයින්ය. දිවයිනට ඊට වඩා ව්‍යාප්ත වූ පාඨකගණයක් විය. මේ නිසා ආණ්ඩුවට දිවයින පාලනය කිරීමට වැඩි ඕනෑ කමක් විය.

මේ ඛෙත්තාරාමයේ රාත්‍රී තරග පටන්ගත් යුගයයි. විනී අයියා (විනී හෙට්ටිගොඩ) ඒ ගැන කාටූනයක් ඇන්දේය. කුප්පි ලාම්පුවකින් එළිය ලබා ගන්නා පවුලකි. ළමයි ලාම්පු එළියෙන් පාඩම් කරති. පියා පත්තරයක් කියවමින් මෙසේ කියයි. “ඛෙත්තාරාමෙ ලයිට් දාගෙන ක්‍රිකට් ගහනවය කියන්නෙ”

මේ කාටූනය සම්බන්ධයෙන් සිරිසේන කුරේ ඇමැතිතුමා පාලනාධිකාරියට කතාකොට “කවුද ඔය කාටූන්කාරයා? දරු පවුල්කාරයෙක්ද?” අසා තිබුණු බවට රාවයක් පැතිර ගියේය. මෙහි ඇත්ත නැත්ත නොදනිමි. එහෙත් කාලයක් විනී අයියාගේ කාටූන් දකින්නට නොලැබිණි.

“වැඩිය කෑගැහුවොත් උපාලි එක ආණ්ඩුවට ගන්නවා!” නොනිල තර්ජනය විය. සිකුරාදා රෑට ‘පේස්ට් අප්’ සෙක්ෂන් එකට විත් මුද්‍රණයට යවන්නට පෙර පත්තරය කියවන ගාමිනී සුමනසේකර (තවමත් ඉරිදා දිවයින කර්තෘ) ලිපි පිටු ගණන් ඉරා ඉවත් කළේ “මේව ගියොත් අපටත් හෙට ඉඳන් රජයේ සේවකයො වෙන්න පුළුවන්” කියමිනි.

මේ මර්ධනයේ උපරිම අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ පාලනාධිකාරිය සියළු පුවත්පත් සඳහා මෙවන් චක්‍රලේඛයක් නිකුත් කළේය.

“පහත සඳහන් පුද්ගලයින් හා ආයතන සම්බන්ධ කවර හෝ යමක් (ප්රවෘත්ති, විශේෂාංග, කාටුන්, නිර්මාණ, කවි) පළ වීමට පෙර පාලනාධිකාරයේ අනුමැතිය ලබා ගත යුතුය.

1. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා

2. හේමා ප්‍රේමදාස ආර්යාව

3. සජිත් ප්‍රේමදාස මහතා

4. දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හා පවුලේ අය

5. ජනාධිපතිතුමන් යටතේ ඇති අමාත්‍යාංශ

6. සුචරිත ව්‍යාපාරය

7. සිරිසේන කුරේ මහතා

(ලැයිස්තුව තව දිගය. ලිව්වේ මතක හිටි ටික පමණෙකි.)

චක්‍රලේඛය කියැවූ කසුරි (කරුණාදාස සූරියආරච්චි – වර්තමානයේ සිළුමිණ කර්තෘ) උපහාසාත්මක සිනාවක් පා මෙසේ කීවේ කාටත් ඇසෙන්නටය. (1980 ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වී සිටි කසුරි උග්‍ර යූ. ඇන්. පී. විරෝධියකු බව රහසක් නොවීය.)

“මේකෙ හැටියට අපට දැන් ලියන්න පුළුවන් ප්‍රේමදාසගෙ අම්ම ගැන විතරයිනෙ”

කොහොමටත් චක්‍රලේඛය ගැන ඔරොප්පුවෙන් හිටි, මගේ එවක නව යොවුන් හිතට මින් අපූරු අදහසක් ආවේය. ප්‍රේමදාසගේ අම්මා ගැන නොලියන්නේ මන්ද?

මේ කාලයේම වාගේ පළකරන ලද ගුණදාස ලියනගේ සූරීන්ගේ චරිතකතාවේ එක තැනෙක ජනාධිපති ප්‍රේමදාසගේ මවගේ නම සඳහන් වෙයි. මා ලියමින් සිටියේ පූර්ණ සාක්ෂරතාව ලබා ගැනීම ගැන ලිපියකි. මම ඊට මෙවන් වාක්‍ය කිහිපයක් එක් කළෙමි.

“රටක් අනිවාර්යයෙන්ම පූර්ණ සාක්ෂරතාවය ලබා ගත යුතුද කෙනෙකුට ප්‍රශ්න කළ හැක්කේය. කහටගස්දිගිලියේ හේතුහාමි අකුරු දැන සිටි පමණින් ඔහු වවන මිරිස් වලට වැඩි මිළක් ලැබේද? කෙසෙල්වත්තේ එන්සිනා අකුරු දන්නවාය කියා ඇගේ ලැවරියා වෙළඳාම වැඩිවේද?…”

මේ කොලු කමට, “කික් එකට” කළ දෙයකි. දේශපාලන අරමුණක් ඒ පසුපස නොවීය. එසේම මේ හා සම්බන්ධ අවදානම පිළිබඳ කල්පනාවක් හෝ නොවීය.

ඊළඟ ගැටළුව මේ ලිපිය ‘පාස් කර ගැනීමය’. සාමාන්‍යයෙන් මගේ ලිපි ‘සබ් කළේ’ අනුරය. (අනුර සිරිවර්ධන, එවක විදුසර කර්තෘ. පසුව ස්වාධීන රූපවාහිනියේ සභාපති හා අද පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්) දෙනගම මහත්තයාට (දෙනගම සිරිවර්ධන) විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොවූ නිසාය. අනුරට මෙය නිසැකවම හසුවේ. එනිසා මම දෙනගම ඉලක්ක කළෙමි. ලිපිය සබ් කරන්නට දී ඔහු එය පටන් ගත් විගස “දෙනගම මහත්තය, දැන් සේනක බිබිලෙ ගැන පොත ගැහෙනවද?” ඇසුවෙමි. මේ ඔහුට උත්තේජයක් ලැබෙන මාතෘකවකි. ඔහු දීර්ඝ විස්තරයක් පටන් ගත්තේය. සබ් කළේ මට කතා කරන ගමන්ය. අවධානය බිඳුණු නිසා වැඩේ මීටර් වූයේ නැත. ඔහු ලිපිය සබ් කර අත්සන් කොට මුද්‍රණයට යැව්වේය.

ඇත්තමට මා කළේ වරදකි. වැඩේ ගැස්සුනා නම්, අනුර හා දෙනගම දෙදෙනාටම රැකියා අහිමි වන්නට තිබිණි.

ලිපිය අකුරක අඩුවක් නැතිව පළවිය. මේ පේපර් කටිං එක තවමත් මා සතුව ඇති මහාර්ඝ වස්තුවකි. ඉන් කියැවෙන්නේ අවුරුදු විස්සක කොල්ලකුගේ නිර්භීතකමද මෝඩකමද මම නොදනිමි.

උපාලි පුවත්පත් සමාගම රජයට පවරා නොගැනිනි. දෙනගම මහත්තයා ලේක් හවුසියට පනින තුරුම එහි සේවය කළේය. අනුර ඉවත් වූයේ ඉන්ද පසුවය.

ජනාධිපති ප්‍රේමදාස විදුසර පාඨකයකු නොවන්නට ඇතැයි මම සිතමි.

සටහන ඉවර කරන්නට මත්තේන් නවක ලේඛකයින්ට “Don’t try this at home” කියා අවවාදයක් දීමට කැමැත්තෙමි.

[QUOTE="අලියා, post: 12671983, member: 379229"] [SIZE=5][URL="http://sihisatahan.files.wordpress.com/2011/04/2253-b-the-great-dictator1.jpg"][IMG]http://sihisatahan.files.wordpress.com/2011/04/2253-b-the-great-dictator1.jpg?w=500&h=666[/IMG][/URL] රණසිංහ ප්‍රේමදාස යුගයේ භීෂණය ගැන අටුවා ටීකා ලිවිය යුතු නොවේ. නිදහස් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු ජනාධිපති ප්‍රේමදාස තරම් දුර්දාන්ත,මර්ධනකාරී පාලනයක් ගෙන ගොස් නැත. එතැනින් අනෙක් පැත්තට අතීතයට යන්නේ නම් හමුවන සමානයෝ මෙසේය: ටොරින්ටන්, රොබර්ට් බ්රවුන්රිග්, දොන් අසවේදු, පළවැනි රාජසිංහ. මේ සියල්ලන් සිටියේ නිදහසට පෙර යුගයේදීය. ප්‍රේමදාස භීෂණයේ උච්චතම අවදියේ මම උපාලි පුවත්පත් සමාගම විසින් පළකළ විදුසරෙහි සේවය කළෙමි. කලාතුරෙකින් විවාදාපන්න නොවන යමක් දිවයිනට ලීවෙමි. මේ පොදු සමාජයට, මගේ දෙමාපියන්ට, පෙම්වතියට, නෑදෑයින්ට, පන්සලේ හාමුදුරුවන්ට පෙණුනු විද්‍යා ලේඛක හැසිරීමයි. රාවයට මා නිර්නාමිකව ලියූ දෙයක් ඉඳහිට පළ වුවද අතුල අයියා (වික්ටර් අයිවන්) හා උපාලි අයියා (උපාලි කොළඹගේ – එවක රාවය නියෝජ්‍ය කර්තෘ) හැරුණු විට ඒ දන්නා යමෙක් නොවීය. මේ වන විට ප්‍රේමදාසගේ මර්ධනය විකල්ප පුවත්පත් වලටත් වඩා තදින් දිවයින වෙත එල්ල වෙමින් තිබුණේය. රාවය කියෙව්වේ කොහොමටත් හාර්ඩ්කෝ ජේ. වී. පී., ශ්‍රී ලංකා කාරයින්ය. දිවයිනට ඊට වඩා ව්‍යාප්ත වූ පාඨකගණයක් විය. මේ නිසා ආණ්ඩුවට දිවයින පාලනය කිරීමට වැඩි ඕනෑ කමක් විය. මේ ඛෙත්තාරාමයේ රාත්‍රී තරග පටන්ගත් යුගයයි. විනී අයියා (විනී හෙට්ටිගොඩ) ඒ ගැන කාටූනයක් ඇන්දේය. කුප්පි ලාම්පුවකින් එළිය ලබා ගන්නා පවුලකි. ළමයි ලාම්පු එළියෙන් පාඩම් කරති. පියා පත්තරයක් කියවමින් මෙසේ කියයි. “ඛෙත්තාරාමෙ ලයිට් දාගෙන ක්‍රිකට් ගහනවය කියන්නෙ” මේ කාටූනය සම්බන්ධයෙන් සිරිසේන කුරේ ඇමැතිතුමා පාලනාධිකාරියට කතාකොට “කවුද ඔය කාටූන්කාරයා? දරු පවුල්කාරයෙක්ද?” අසා තිබුණු බවට රාවයක් පැතිර ගියේය. මෙහි ඇත්ත නැත්ත නොදනිමි. එහෙත් කාලයක් විනී අයියාගේ කාටූන් දකින්නට නොලැබිණි. “වැඩිය කෑගැහුවොත් උපාලි එක ආණ්ඩුවට ගන්නවා!” නොනිල තර්ජනය විය. සිකුරාදා රෑට ‘පේස්ට් අප්’ සෙක්ෂන් එකට විත් මුද්‍රණයට යවන්නට පෙර පත්තරය කියවන ගාමිනී සුමනසේකර (තවමත් ඉරිදා දිවයින කර්තෘ) ලිපි පිටු ගණන් ඉරා ඉවත් කළේ “මේව ගියොත් අපටත් හෙට ඉඳන් රජයේ සේවකයො වෙන්න පුළුවන්” කියමිනි. මේ මර්ධනයේ උපරිම අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ පාලනාධිකාරිය සියළු පුවත්පත් සඳහා මෙවන් චක්‍රලේඛයක් නිකුත් කළේය. “පහත සඳහන් පුද්ගලයින් හා ආයතන සම්බන්ධ කවර හෝ යමක් (ප්රවෘත්ති, විශේෂාංග, කාටුන්, නිර්මාණ, කවි) පළ වීමට පෙර පාලනාධිකාරයේ අනුමැතිය ලබා ගත යුතුය. 1. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා 2. හේමා ප්‍රේමදාස ආර්යාව 3. සජිත් ප්‍රේමදාස මහතා 4. දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හා පවුලේ අය 5. ජනාධිපතිතුමන් යටතේ ඇති අමාත්‍යාංශ 6. සුචරිත ව්‍යාපාරය 7. සිරිසේන කුරේ මහතා ……….. ………..” (ලැයිස්තුව තව දිගය. ලිව්වේ මතක හිටි ටික පමණෙකි.) චක්‍රලේඛය කියැවූ කසුරි (කරුණාදාස සූරියආරච්චි – වර්තමානයේ සිළුමිණ කර්තෘ) උපහාසාත්මක සිනාවක් පා මෙසේ කීවේ කාටත් ඇසෙන්නටය. (1980 ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වී සිටි කසුරි උග්‍ර යූ. ඇන්. පී. විරෝධියකු බව රහසක් නොවීය.) “මේකෙ හැටියට අපට දැන් ලියන්න පුළුවන් ප්‍රේමදාසගෙ අම්ම ගැන විතරයිනෙ” කොහොමටත් චක්‍රලේඛය ගැන ඔරොප්පුවෙන් හිටි, මගේ එවක නව යොවුන් හිතට මින් අපූරු අදහසක් ආවේය. ප්‍රේමදාසගේ අම්මා ගැන නොලියන්නේ මන්ද? මේ කාලයේම වාගේ පළකරන ලද ගුණදාස ලියනගේ සූරීන්ගේ චරිතකතාවේ එක තැනෙක ජනාධිපති ප්‍රේමදාසගේ මවගේ නම සඳහන් වෙයි. මා ලියමින් සිටියේ පූර්ණ සාක්ෂරතාව ලබා ගැනීම ගැන ලිපියකි. මම ඊට මෙවන් වාක්‍ය කිහිපයක් එක් කළෙමි. [INDENT]“රටක් අනිවාර්යයෙන්ම පූර්ණ සාක්ෂරතාවය ලබා ගත යුතුද කෙනෙකුට ප්‍රශ්න කළ හැක්කේය. කහටගස්දිගිලියේ හේතුහාමි අකුරු දැන සිටි පමණින් ඔහු වවන මිරිස් වලට වැඩි මිළක් ලැබේද? කෙසෙල්වත්තේ එන්සිනා අකුරු දන්නවාය කියා ඇගේ ලැවරියා වෙළඳාම වැඩිවේද?…” [/INDENT]මේ කොලු කමට, “කික් එකට” කළ දෙයකි. දේශපාලන අරමුණක් ඒ පසුපස නොවීය. එසේම මේ හා සම්බන්ධ අවදානම පිළිබඳ කල්පනාවක් හෝ නොවීය. ඊළඟ ගැටළුව මේ ලිපිය ‘පාස් කර ගැනීමය’. සාමාන්‍යයෙන් මගේ ලිපි ‘සබ් කළේ’ අනුරය. (අනුර සිරිවර්ධන, එවක විදුසර කර්තෘ. පසුව ස්වාධීන රූපවාහිනියේ සභාපති හා අද පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්) දෙනගම මහත්තයාට (දෙනගම සිරිවර්ධන) විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොවූ නිසාය. අනුරට මෙය නිසැකවම හසුවේ. එනිසා මම දෙනගම ඉලක්ක කළෙමි. ලිපිය සබ් කරන්නට දී ඔහු එය පටන් ගත් විගස “දෙනගම මහත්තය, දැන් සේනක බිබිලෙ ගැන පොත ගැහෙනවද?” ඇසුවෙමි. මේ ඔහුට උත්තේජයක් ලැබෙන මාතෘකවකි. ඔහු දීර්ඝ විස්තරයක් පටන් ගත්තේය. සබ් කළේ මට කතා කරන ගමන්ය. අවධානය බිඳුණු නිසා වැඩේ මීටර් වූයේ නැත. ඔහු ලිපිය සබ් කර අත්සන් කොට මුද්‍රණයට යැව්වේය. ඇත්තමට මා කළේ වරදකි. වැඩේ ගැස්සුනා නම්, අනුර හා දෙනගම දෙදෙනාටම රැකියා අහිමි වන්නට තිබිණි. ලිපිය අකුරක අඩුවක් නැතිව පළවිය. මේ පේපර් කටිං එක තවමත් මා සතුව ඇති මහාර්ඝ වස්තුවකි. ඉන් කියැවෙන්නේ අවුරුදු විස්සක කොල්ලකුගේ නිර්භීතකමද මෝඩකමද මම නොදනිමි. උපාලි පුවත්පත් සමාගම රජයට පවරා නොගැනිනි. දෙනගම මහත්තයා ලේක් හවුසියට පනින තුරුම එහි සේවය කළේය. අනුර ඉවත් වූයේ ඉන්ද පසුවය. ජනාධිපති ප්‍රේමදාස විදුසර පාඨකයකු නොවන්නට ඇතැයි මම සිතමි. [IMG]http://s0.wp.com/wp-includes/images/smilies/icon_smile.gif?m=1129645325g[/IMG] සටහන ඉවර කරන්නට මත්තේන් නවක ලේඛකයින්ට “Don’t try this at home” කියා අවවාදයක් දීමට කැමැත්තෙමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom