Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉස්සර ලංකාවේ මාවටු කියලා වරාය ආශ්රිත නගරයක් තිබුනා. ඒ නගරයේ නන්දිය නමින් ඉතා ධනවත් වෙළෙන්දෙක් සිටියා. ඔහුට ඉතාමත් ම ලස්සන බිරිඳකුත් සිටියා. මේ දෙන්නා ඉතාම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිහින් හිටියේ. ඒ වගේ ම සීලවන්තයි. නිතර ධර්මය මෙනෙහි කරනවා. ඉතින් නන්දිය සිටුවරයා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා තුන් අවුරුද්දකට පිටරට ගියා.

ඔය අතරේ මහරජ්ජුරුවෝ මාවටු වරාය නගරයට සිව නමැති ඇමතිවරයෙකු ප්රධානත්වයට පත් කළා. ඒ නගරයේ අයබදු ලබාගැනීමේ බලය ඔහුට පැවරුවා. තනතුරු සම්මාන දීලා පිටත් කෙරෙව්වා. එතකොට අලුත් අමාත්‍යවරයා ගැන ඒ ප්‍රදේශවාසීන්ට අණබෙර මාර්ගයෙන් දැනගන්ට ලැබුනා. එතකොට ඔවුන් සිව ඇමතියාව පිළිගැනීම පිණිස තැනින් තැන තොරණ් බැන්දා. පිළිගැනීමේ උත්සව පැවැත්තුවා. කුඩා ළමුන් ලවා ගී සින්දු කියෙව්වා.

දවසක් මේ අලුත් ඇමතිතුමා ඉතා ලස්සනට සැරසිලා අලංකාර අශ්ව රථයක නැගිලා ජනයා පිරිවරාගෙන මහා සම්භාවනීය විදිහට වීදි සංචාරය කරමින් සිටියා. එසේ වීදි සංචාරය කරද්දි නන්දිය සිටුවරයාගේ අලංකාර ප්‍රාසාදය අසලටත් පැමිණියා. ඒ ප්‍රාසාදය දෙස බලද්දි උඩුමහල් තලයේ සිට පෙරහැර දෙස සිනහසෙමින් බලා සිටින මනමෝහනීය සුරූපී ළඳක් දකින්ට ලැබුනා. ඒ සුරූපී කාන්තා රුව දුටු පමණින් ම සිව ඇමතියා ඇයට වසඟ වුනා. ඒ ස්ත්‍රී රුවට මත් වෙලා ගියා. සුරාපානය කළ කෙනෙකු ලෙසින් කල්පනාව අවුල් වුනා. හදවත ගැහෙන්ට පටන් ගත්තා. වීදි සංචාරයේ තවදුරටත් යෙදෙන්ට ආසාව නැති වුනා. තමන්ගේ ප්‍රාසාදයට ගිය ගමන් සේවකයන් කැඳවා තොරතුරු ඇසුවා.

“සගයිනි, අසවල් ප්‍රාසාදයේ උඩුමහලේ සිට අප දෙස බලා උන්නු කෙල්ල කවුද…? ඈ දෙවඟනක් වගේ නොවැ. හැබෑම ලස්සනක්නේ. මං නම් එතරම් ලස්සන එකියක් දැක්කා ම යි. හැබෑටම කවුද ඒකි..? කාගේ දියණියක් ද?”

“ඇමතිතුමනි, ඈ කෙල්ලක් නොවේ. විවාහක පතිනියක්. නන්දිය කියලා බොහෝම ධනවත් සිටාණ කෙනෙක් මෙහි ඉන්නවා නොවැ. ආන්න ඒ සිටුවරයාගේ බිරිඳ තමයි ඈ. ඈ නම් හැබෑම ලස්සන තමයි. ඒ වුනාට විවාහක කෙනෙක් නොවැ”

“එතකොට සගයිනි, දැන් ඒ නන්දිය ඉන්නේ කොහේද? මාගේ පිළිගැනීම් උත්සව වලට ඔහු සහභාගී වුනේ නෑ නේද?”

“නෑ සිටුතුමනි, මේ දවස්වල ඔහු මේ රටේ නැහැ. වෙළඳාම් කරන්ට තව පිරිසක් එක්ක නැව් නැගලා පිටරට ගියා. තුන් අවුරුද්දකින්ලු එන්නේ” එතකොට සිව ඇමතියා කල්පනාවට වැටුනා. ‘ම්… ඒකට මක් වෙනවද? සැමියා පිටරටක ගිහින්. ඇරත් මං මේ ප්‍රදේශයට පත්වුන ප්‍රධානියා. ධනය ඉදිරියේ වෙනස් නොවෙන ගෑණි කවුද?’ ඊටපස්සේ සිව ඇමතියා දාසියෙකුට රන් කහවණු දහසක් දුන්නා. ඒ බිරිඳට ගිහින් තෑගි කරන්ට කිව්වා. තමන්ගේ යෝජනාවත් ඉදිරිපත් කරන්ට කිව්වා. දාසිය රන් කහවණු පෙන්නලා ඈ සමග කථා කරන්ට පටන් ගත්තා.

“ආර්යාවෙනි…. මුහුණ වුනත් ලස්සන වෙන්නේ නේත්තරා දෙක ලස්සනට තිබ්බෝතින් නොවැ. පුරුෂයෙකු නැතුව තනියම ඉන්න ස්ත්‍රිය තනි ඇසක් ඇති මුහුණ තියෙන ගැහැණිය වගේ. කිසිම ලස්සනක් නෑ. හස්තිරාජයා මොනතරම් උස මහතට හිටියත් තනි දලයෙන් යුක්ත නම් කිසිම ලස්සනක් නෑ. ඒ වගේ ම ආර්යාවෙනි, ස්ත්‍රිය මොනතරම් රූප සෝභාවෙන් සුන්දරව සිටියත් පුරුෂයෙක් නැත්නම් ඒ ලස්සනින් ඇති ඵලය මොකක්ද…? ඒ නිසා අපේ ඇමතිතුමාගේ යෝජනාව ගැන සලකා බලන්ට”

“අනේ කෙල්ලේ…. අපේ ඇමතිතුමා බුදුබණ අහලා නැතුවා වගේ. ධර්මයේ සඳහන් වෙන්නේ සම්පූර්ණ ඇත්තක් ම යි. මේ ශරීරය පිටතින් හැඩට පෙනුනාට අසූචි පුරවලා පින්තාරු කරපු බඳුනක් වගේ. අපි හැමෝම පණුවෝ වගේ මව්කුසේ උපන්නේ. මේ ජීවිතේ මුතු මැණික් වලින් හැදිලා තියෙන එකක් නොවෙයි. මට නම් එබඳු ආසාවල් නෑ. මට සැමියෙක් ඉන්නවා. ඒ හොඳටෝ ම ඇති කියලා ඇමතිතුමාට කියාපං”

එතකොට දාසිය ගිහින් සිව ඇමතියාට විස්තරේ කිව්වා. ඇමතිතුමා මෙහෙම කල්පනා කළා. ‘වෙන්ට බැහැ…. කොහෙත්ම වෙන්ට බැහැ…. දිව්‍ය අප්සරාවක් වගේ ලස්සන එකියක් බණ මඩුවක ලැගලා ඉන්න නාකි ආච්චියක් වගේ කල්පනා කරාවිද? කොහෙත්ම වෙන්ට බැහැ. එතකොට එදා ඇස් කොනින් බල බලා යස රඟට මාත් එක්ක ලස්සනට හිනාවුනේ…! ඈ තව එකියකට මුවා වෙලා ඇඹරි ඇඹරි මං දිහා බැලුවේ එහෙනම්…! මගේ උත්සාහය අතාරින්ට නාකයි…. මං ඈව අරගෙන මිසක් නවතින්නේ නෑ’ කියලා ඒ වතාවෙත් දාසියට රන් කහවණු දෙදහසක් දීලා ආයෙමත් පිටත් කෙරෙව්වා. දාසියත් ආයෙමත් ගිහින් නොයෙක් කරුණු කියමින් සිටුවරයාගේ යෝජනාව ඉදිරිපත් කළා.

“අහෝ…. නැගණිය… ඇමතිතුමාට තාමත් තේරෙන්නෙ නැද්ද…? අනේ මං ඇත්ත කිව්වේ. මේ ශරීරයේ ඇලුම් කරන්ට කිසිම දෙයක් නෑ. මේ නීරෝගීකම තියෙන්නේ ලෙඩදුක් හැදෙනකම් විතරයි. යෞවන බව තියෙන්නේ නාකිවෙනකම් විතරයි. ජීවිතය තියෙන්නේ මැරෙනකම් විතරයි. හතර වටින් පර්වත පෙරළීගෙන එන්නැහේ ජරාමරණ හැම පැත්තෙන් ම පෙරළීගෙන එනවා. උපන් කෙනා එයට යට වෙන එක වළක්වන්ට බැහැ…. මං මෙහෙම හිටියට කොයි වෙලාවේ මැරේවිදැයි කවුද දන්නේ… අනේ කෙල්ලේ, අපේ ඇමතිතුමාට තරහ වෙන්ට එපා කියන්ට. මං ඕවට කැමති නෑ කියන්ට. මගේ පාඩුවේ පින් දහම් කරගෙන ඉන්ටයි මං ආසා”

එතකොට දාසිය ගිහින් ඒක දැනුම් දුන්නා. “ඕ හෝ… එහෙනම් ඈ හරි අපූරු බණකාරියක් ඒ…? කෙල්ලේ, බණ අහන්ට ඕනෑ නම් මට ඒකට වෙන තැන් තියෙනවා. මං ඒකි ළඟට යන්න ඇහුවේ බණක් අහගන්ට නොවෙයි…. ඉඳා… මෙතන රන් කහවණු හාරදහසක් තියෙනවා…. දැන්වත් කැමැත්ත ඇන්න වර…. මට මේකිව දැකපු දවසේ ඉඳන් හරි හමන් නින්දක් නෑ. කෑමක් බීමක්වත් නෑ”

එතකොට දාසිය ආයෙමත් සිටු බිරිඳ මුණගැසී ඇමතියාගේ පණිවිඩය කිව්වා. “අයියෝ… නැගණිය, අපේ අලුත් ඇමතිතුමාට මොනාද මේ වෙලා තියෙන්නේ….? අනේ අපට නිදහසේ ඉන්ට දෙන්නේ නැත්තේ ඇයි…? සුළුපටු පවක්ද මේ කරගන්ට හදන්නේ…. ඇමතිතුමාටත් හොඳ නෑ. මටත් හොඳ නෑ. මං සැමියෙක් ඉන්න බිරිඳක්. මට මහා නින්දාවක් ලැබේවි. මේ ලෝකයේ බිරිඳක් තම සැමියා ඉක්ම ගියොත් ඒක මහ පවක්. ඒ වගේ ම සැමියෙක් සිය බිරිඳ ඉක්ම ගියොත් ඒකත් මහ පවක්. නින්දාව මෙලොවට විතරක්ද? පරලොව නිරයේ උපදින්ට වෙනවා නොවැ. මහා දුක් විඳින්ට සිදුවෙනවා නොවැ. ඇයි මේ ඇමතිවරු බුදුබණට ගරු නොකරන්නේ…? එනිසා කෙල්ලේ, ඇමතිතුමාට කියන්ට. ඕනෑම නම් මිරිඟු දිය ගෙනැවිත් කළයක පුරවාගෙන බොන්ට කියලා. මාත් එක්ක ගණුදෙනු වලට එන්ට එපා කියන්ට. ඕනෑම නම් පායන කාලේ ආකාසේ වළාකුළකින් පහන් වැටියක් අඹරාගෙන ගෙදර පහන් දල්වා ගන්ට කියන්ට. මාත් එක්ක ගණුදෙනු කරන්ට එපා කියන්ට. මට වෙන පිරිමියෙකුගේ අවශ්‍යතාවයක් නෑ. ඔවැනි නපුරු අදහස් ඇති කෙනෙක් මේ ගෙදර පැත්ත පළාතේ වද්දාගන්නේ නැති බව කියන්ට” දාසිය ගිහින් ඇමතිතුමාට සියලු විස්තර කිව්වා. රාග ගින්නෙන් දැවෙමින් සිටි ඇමතිවරයා ද්වේශයෙනුත් ගිනි ගත්තා. “ආ…. ඒකි කොහොමද එහෙම කියන්නේ…. හොඳයි…. මං එහෙනම් ඒකිව කණවැන්දුම් කරලාම සහේට ගන්නම්කෝ” කියලා ඉතාම රහසේ යකැදුරුකම් කරන කට්ටඩියන්ව කැඳෙව්වා.

“මේ…. වෙද උන්නැහේලා දක්ෂ මන්තරකාරයෝ නොවැ. පිටරටක ඉන්නා එකෙක්ව මන්තර බලයෙන් මරවන්ට පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවාද? මං කියන ගාණක් ගෙවන්ට ලේස්තියි” එතකොට එතන සිටිය එක් යකැදුරෙක් වැඬේ භාරගත්තා. “මේ… ඇමතිතුමනි…. ඕක සුළුපටු වැඩක් නොවෙයි. මහා භාරදූර වැඩක්. මහරෑ ජාමේ අමු සොහොනකයි වැඬේ කරන්ට ඕනෑ. අලුත්ම මළ මිනියකුත් ගන්ට ඕනෑ. රෑ දොළහ වෙද්දි ඒ මළ මිනියට යක්ෂ දිෂ්ටියක් ආවේශ කරවන්ටත් ඕනෑ. ලේසි වැඩක් නම් නෙවෙයි” “හරි… හරී…. කොහොමහරි කරනවාකෝ…. ඉතුරු වැඩ මං බලාගන්නම්” ඊටපස්සේ සිව ඇමතියා රහසේ ම මාවටුවේ සොහොන් බිමදි වැඬේ සූදානම් කළා. යකැදුරා සියලු බලිබිලි පුදපූජා තබලා තටුපුළුටු තබලා මන්තර ජප කරන්ට පටන් ගත්තා. හරියට ම රෑ දොළහට මළ මිනියට අමනුස්සයෙක් ආවේශ වුනා. මළ මිනියේ ඇස් දෙක ඉදිරියට නෙරා ආවා. දත් විලිස්සුනා. දිව එළියට නෙරා ආවා. හූ කියාගෙන නැගිට්ටා. “හහ්… හා… තොපි මාව ගෙන්නුවේ මොකොටද?” එතකොට යකැදුරා මෙහෙම කිව්වා. “එම්බල යක්ෂය, මේන්න මේ කඩුව ගනින්. ලෝකෙ කොහේ හිටියත් නන්දිය සිටුවරයා හොයාගෙන පලයං. ගිහින් දෙපලු කරපං” යක්ෂයා කඩුව අතට ගත්තා. එකෙණෙහිම මහා ඝනාන්ධකාරයේ ම හූ කියාගෙන පිටත් වුනා.

නන්දිය සිටුවරයා නැගුනු නැව ලංකාව බලා යාත්‍රා කරමින් තිබුනා. ඒ වෙලාවේ නන්දිය සිටුවරයා සිටියේ මෛත්‍රී භාවනාව කරමිනුයි. මුහුදු රළ මතින් කඩුවක් අමෝරාගත් යක්ෂයෙක් නැව දෙසට එන අයුරු හැමෝට ම පෙනුනා. භයට පත්වූ මිනිස්සු මරළතෝනි දුන්නා. නන්දිය සිටුවරයා හැමෝටම කෑගහලා මෙහෙම කිව්වා. “පින්වත්නි, අපට වෙන පිහිටක් නෑ. එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ පමණයි. ඉක්මනින් ම හඬ නගා බුදුන් සරණ යමු” කිව්වා. එතකොට සියලු ජනයා එක්පැහැර හඬින් “බුද්ධං සරණං ගච්ඡාමි” කියලා ඉතිපි සෝ භගවා යනාදී බුදුගුණ මහා හඬින් කියන්ට පටන් ගත්තා. ඒ සරණ සීලයේ අනුහසින් යකාට නැවට ගොඩවෙන්ට බැරිවුනා. ආපස්සට හැරී යකැදුරා ළඟට දිව්වා. කඩුව අතහැරලා මළ මිනිය බිම වැටුනා. යකැදුරා ආයෙමත් මළ මිනිය දිෂ්ටි ගැන්නුවා. යක්ෂයා ආයෙමත් ආවේශ වුනා. කඩුව අතට දීලා ආයෙමත් පිටත් කළා. යකා විදුලි වේගයෙන් දිව්වා. නමුත් මනාකොට තිසරණයේ පිහිටා බුදුගුණ කියමින් සිටින පිරිස ළඟට ළං වෙන්ට බැරුව ගියා. යකා ආයෙමත් හැරිලා යකැදුරා ගාවට දිව්වා. යකැදුරාත් අත්හැරියේ නෑ. තුන්වෙනි වතාවෙත් පිටත් කළා. නමුත් නැවට ගොඩවෙන්ට විදිහක් නෑ. යකා ආයෙමත් හැරිලා ආවා. එතකොට යකැදුරා සතරවෙනි වතාවටත් ජප කරලා යක්ෂයාව පිටත් කළා. යකා ගිහින් නැව වටේ කැරකෙනවා. නන්දිය සිටුවරයා ළඟට ළං වෙන්ට බැහැ. ඒ වතාවේ යක්ෂයාට කේන්ති ගියා. වේගයෙන් හැරිලා ආවා. යකැදුරාවයි සිව ඇමතියාවයි කඩුවෙන් දෙපලු කළා. මළ මිනිය එතැනම වැටෙන්ට සලස්වලා පළා ගියා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා. තිසරණයෙන් ලැබෙන රැකවරණය ඉතා පුදුම සහගතයි නේද?

(සද්ධර්මාලංකාරයෙනි)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Source = http://mahamevnawa.lk/nandiya-situwaraya/

[QUOTE="dynamite1234, post: 20328124, member: 502516"] [b]තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා[/b] [SIZE="5"]පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉස්සර ලංකාවේ මාවටු කියලා වරාය ආශ්රිත නගරයක් තිබුනා. ඒ නගරයේ නන්දිය නමින් ඉතා ධනවත් වෙළෙන්දෙක් සිටියා. ඔහුට ඉතාමත් ම ලස්සන බිරිඳකුත් සිටියා. මේ දෙන්නා ඉතාම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිහින් හිටියේ. ඒ වගේ ම සීලවන්තයි. නිතර ධර්මය මෙනෙහි කරනවා. ඉතින් නන්දිය සිටුවරයා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා තුන් අවුරුද්දකට පිටරට ගියා. ඔය අතරේ මහරජ්ජුරුවෝ මාවටු වරාය නගරයට සිව නමැති ඇමතිවරයෙකු ප්රධානත්වයට පත් කළා. ඒ නගරයේ අයබදු ලබාගැනීමේ බලය ඔහුට පැවරුවා. තනතුරු සම්මාන දීලා පිටත් කෙරෙව්වා. එතකොට අලුත් අමාත්‍යවරයා ගැන ඒ ප්‍රදේශවාසීන්ට අණබෙර මාර්ගයෙන් දැනගන්ට ලැබුනා. එතකොට ඔවුන් සිව ඇමතියාව පිළිගැනීම පිණිස තැනින් තැන තොරණ් බැන්දා. පිළිගැනීමේ උත්සව පැවැත්තුවා. කුඩා ළමුන් ලවා ගී සින්දු කියෙව්වා. දවසක් මේ අලුත් ඇමතිතුමා ඉතා ලස්සනට සැරසිලා අලංකාර අශ්ව රථයක නැගිලා ජනයා පිරිවරාගෙන මහා සම්භාවනීය විදිහට වීදි සංචාරය කරමින් සිටියා. එසේ වීදි සංචාරය කරද්දි නන්දිය සිටුවරයාගේ අලංකාර ප්‍රාසාදය අසලටත් පැමිණියා. ඒ ප්‍රාසාදය දෙස බලද්දි උඩුමහල් තලයේ සිට පෙරහැර දෙස සිනහසෙමින් බලා සිටින මනමෝහනීය සුරූපී ළඳක් දකින්ට ලැබුනා. ඒ සුරූපී කාන්තා රුව දුටු පමණින් ම සිව ඇමතියා ඇයට වසඟ වුනා. ඒ ස්ත්‍රී රුවට මත් වෙලා ගියා. සුරාපානය කළ කෙනෙකු ලෙසින් කල්පනාව අවුල් වුනා. හදවත ගැහෙන්ට පටන් ගත්තා. වීදි සංචාරයේ තවදුරටත් යෙදෙන්ට ආසාව නැති වුනා. තමන්ගේ ප්‍රාසාදයට ගිය ගමන් සේවකයන් කැඳවා තොරතුරු ඇසුවා. “සගයිනි, අසවල් ප්‍රාසාදයේ උඩුමහලේ සිට අප දෙස බලා උන්නු කෙල්ල කවුද…? ඈ දෙවඟනක් වගේ නොවැ. හැබෑම ලස්සනක්නේ. මං නම් එතරම් ලස්සන එකියක් දැක්කා ම යි. හැබෑටම කවුද ඒකි..? කාගේ දියණියක් ද?” “ඇමතිතුමනි, ඈ කෙල්ලක් නොවේ. විවාහක පතිනියක්. නන්දිය කියලා බොහෝම ධනවත් සිටාණ කෙනෙක් මෙහි ඉන්නවා නොවැ. ආන්න ඒ සිටුවරයාගේ බිරිඳ තමයි ඈ. ඈ නම් හැබෑම ලස්සන තමයි. ඒ වුනාට විවාහක කෙනෙක් නොවැ” “එතකොට සගයිනි, දැන් ඒ නන්දිය ඉන්නේ කොහේද? මාගේ පිළිගැනීම් උත්සව වලට ඔහු සහභාගී වුනේ නෑ නේද?” “නෑ සිටුතුමනි, මේ දවස්වල ඔහු මේ රටේ නැහැ. වෙළඳාම් කරන්ට තව පිරිසක් එක්ක නැව් නැගලා පිටරට ගියා. තුන් අවුරුද්දකින්ලු එන්නේ” එතකොට සිව ඇමතියා කල්පනාවට වැටුනා. ‘ම්… ඒකට මක් වෙනවද? සැමියා පිටරටක ගිහින්. ඇරත් මං මේ ප්‍රදේශයට පත්වුන ප්‍රධානියා. ධනය ඉදිරියේ වෙනස් නොවෙන ගෑණි කවුද?’ ඊටපස්සේ සිව ඇමතියා දාසියෙකුට රන් කහවණු දහසක් දුන්නා. ඒ බිරිඳට ගිහින් තෑගි කරන්ට කිව්වා. තමන්ගේ යෝජනාවත් ඉදිරිපත් කරන්ට කිව්වා. දාසිය රන් කහවණු පෙන්නලා ඈ සමග කථා කරන්ට පටන් ගත්තා. “ආර්යාවෙනි…. මුහුණ වුනත් ලස්සන වෙන්නේ නේත්තරා දෙක ලස්සනට තිබ්බෝතින් නොවැ. පුරුෂයෙකු නැතුව තනියම ඉන්න ස්ත්‍රිය තනි ඇසක් ඇති මුහුණ තියෙන ගැහැණිය වගේ. කිසිම ලස්සනක් නෑ. හස්තිරාජයා මොනතරම් උස මහතට හිටියත් තනි දලයෙන් යුක්ත නම් කිසිම ලස්සනක් නෑ. ඒ වගේ ම ආර්යාවෙනි, ස්ත්‍රිය මොනතරම් රූප සෝභාවෙන් සුන්දරව සිටියත් පුරුෂයෙක් නැත්නම් ඒ ලස්සනින් ඇති ඵලය මොකක්ද…? ඒ නිසා අපේ ඇමතිතුමාගේ යෝජනාව ගැන සලකා බලන්ට” “අනේ කෙල්ලේ…. අපේ ඇමතිතුමා බුදුබණ අහලා නැතුවා වගේ. ධර්මයේ සඳහන් වෙන්නේ සම්පූර්ණ ඇත්තක් ම යි. මේ ශරීරය පිටතින් හැඩට පෙනුනාට අසූචි පුරවලා පින්තාරු කරපු බඳුනක් වගේ. අපි හැමෝම පණුවෝ වගේ මව්කුසේ උපන්නේ. මේ ජීවිතේ මුතු මැණික් වලින් හැදිලා තියෙන එකක් නොවෙයි. මට නම් එබඳු ආසාවල් නෑ. මට සැමියෙක් ඉන්නවා. ඒ හොඳටෝ ම ඇති කියලා ඇමතිතුමාට කියාපං” එතකොට දාසිය ගිහින් සිව ඇමතියාට විස්තරේ කිව්වා. ඇමතිතුමා මෙහෙම කල්පනා කළා. ‘වෙන්ට බැහැ…. කොහෙත්ම වෙන්ට බැහැ…. දිව්‍ය අප්සරාවක් වගේ ලස්සන එකියක් බණ මඩුවක ලැගලා ඉන්න නාකි ආච්චියක් වගේ කල්පනා කරාවිද? කොහෙත්ම වෙන්ට බැහැ. එතකොට එදා ඇස් කොනින් බල බලා යස රඟට මාත් එක්ක ලස්සනට හිනාවුනේ…! ඈ තව එකියකට මුවා වෙලා ඇඹරි ඇඹරි මං දිහා බැලුවේ එහෙනම්…! මගේ උත්සාහය අතාරින්ට නාකයි…. මං ඈව අරගෙන මිසක් නවතින්නේ නෑ’ කියලා ඒ වතාවෙත් දාසියට රන් කහවණු දෙදහසක් දීලා ආයෙමත් පිටත් කෙරෙව්වා. දාසියත් ආයෙමත් ගිහින් නොයෙක් කරුණු කියමින් සිටුවරයාගේ යෝජනාව ඉදිරිපත් කළා. “අහෝ…. නැගණිය… ඇමතිතුමාට තාමත් තේරෙන්නෙ නැද්ද…? අනේ මං ඇත්ත කිව්වේ. මේ ශරීරයේ ඇලුම් කරන්ට කිසිම දෙයක් නෑ. මේ නීරෝගීකම තියෙන්නේ ලෙඩදුක් හැදෙනකම් විතරයි. යෞවන බව තියෙන්නේ නාකිවෙනකම් විතරයි. ජීවිතය තියෙන්නේ මැරෙනකම් විතරයි. හතර වටින් පර්වත පෙරළීගෙන එන්නැහේ ජරාමරණ හැම පැත්තෙන් ම පෙරළීගෙන එනවා. උපන් කෙනා එයට යට වෙන එක වළක්වන්ට බැහැ…. මං මෙහෙම හිටියට කොයි වෙලාවේ මැරේවිදැයි කවුද දන්නේ… අනේ කෙල්ලේ, අපේ ඇමතිතුමාට තරහ වෙන්ට එපා කියන්ට. මං ඕවට කැමති නෑ කියන්ට. මගේ පාඩුවේ පින් දහම් කරගෙන ඉන්ටයි මං ආසා” එතකොට දාසිය ගිහින් ඒක දැනුම් දුන්නා. “ඕ හෝ… එහෙනම් ඈ හරි අපූරු බණකාරියක් ඒ…? කෙල්ලේ, බණ අහන්ට ඕනෑ නම් මට ඒකට වෙන තැන් තියෙනවා. මං ඒකි ළඟට යන්න ඇහුවේ බණක් අහගන්ට නොවෙයි…. ඉඳා… මෙතන රන් කහවණු හාරදහසක් තියෙනවා…. දැන්වත් කැමැත්ත ඇන්න වර…. මට මේකිව දැකපු දවසේ ඉඳන් හරි හමන් නින්දක් නෑ. කෑමක් බීමක්වත් නෑ” එතකොට දාසිය ආයෙමත් සිටු බිරිඳ මුණගැසී ඇමතියාගේ පණිවිඩය කිව්වා. “අයියෝ… නැගණිය, අපේ අලුත් ඇමතිතුමාට මොනාද මේ වෙලා තියෙන්නේ….? අනේ අපට නිදහසේ ඉන්ට දෙන්නේ නැත්තේ ඇයි…? සුළුපටු පවක්ද මේ කරගන්ට හදන්නේ…. ඇමතිතුමාටත් හොඳ නෑ. මටත් හොඳ නෑ. මං සැමියෙක් ඉන්න බිරිඳක්. මට මහා නින්දාවක් ලැබේවි. මේ ලෝකයේ බිරිඳක් තම සැමියා ඉක්ම ගියොත් ඒක මහ පවක්. ඒ වගේ ම සැමියෙක් සිය බිරිඳ ඉක්ම ගියොත් ඒකත් මහ පවක්. නින්දාව මෙලොවට විතරක්ද? පරලොව නිරයේ උපදින්ට වෙනවා නොවැ. මහා දුක් විඳින්ට සිදුවෙනවා නොවැ. ඇයි මේ ඇමතිවරු බුදුබණට ගරු නොකරන්නේ…? එනිසා කෙල්ලේ, ඇමතිතුමාට කියන්ට. ඕනෑම නම් මිරිඟු දිය ගෙනැවිත් කළයක පුරවාගෙන බොන්ට කියලා. මාත් එක්ක ගණුදෙනු වලට එන්ට එපා කියන්ට. ඕනෑම නම් පායන කාලේ ආකාසේ වළාකුළකින් පහන් වැටියක් අඹරාගෙන ගෙදර පහන් දල්වා ගන්ට කියන්ට. මාත් එක්ක ගණුදෙනු කරන්ට එපා කියන්ට. මට වෙන පිරිමියෙකුගේ අවශ්‍යතාවයක් නෑ. ඔවැනි නපුරු අදහස් ඇති කෙනෙක් මේ ගෙදර පැත්ත පළාතේ වද්දාගන්නේ නැති බව කියන්ට” දාසිය ගිහින් ඇමතිතුමාට සියලු විස්තර කිව්වා. රාග ගින්නෙන් දැවෙමින් සිටි ඇමතිවරයා ද්වේශයෙනුත් ගිනි ගත්තා. “ආ…. ඒකි කොහොමද එහෙම කියන්නේ…. හොඳයි…. මං එහෙනම් ඒකිව කණවැන්දුම් කරලාම සහේට ගන්නම්කෝ” කියලා ඉතාම රහසේ යකැදුරුකම් කරන කට්ටඩියන්ව කැඳෙව්වා. “මේ…. වෙද උන්නැහේලා දක්ෂ මන්තරකාරයෝ නොවැ. පිටරටක ඉන්නා එකෙක්ව මන්තර බලයෙන් මරවන්ට පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවාද? මං කියන ගාණක් ගෙවන්ට ලේස්තියි” එතකොට එතන සිටිය එක් යකැදුරෙක් වැඬේ භාරගත්තා. “මේ… ඇමතිතුමනි…. ඕක සුළුපටු වැඩක් නොවෙයි. මහා භාරදූර වැඩක්. මහරෑ ජාමේ අමු සොහොනකයි වැඬේ කරන්ට ඕනෑ. අලුත්ම මළ මිනියකුත් ගන්ට ඕනෑ. රෑ දොළහ වෙද්දි ඒ මළ මිනියට යක්ෂ දිෂ්ටියක් ආවේශ කරවන්ටත් ඕනෑ. ලේසි වැඩක් නම් නෙවෙයි” “හරි… හරී…. කොහොමහරි කරනවාකෝ…. ඉතුරු වැඩ මං බලාගන්නම්” ඊටපස්සේ සිව ඇමතියා රහසේ ම මාවටුවේ සොහොන් බිමදි වැඬේ සූදානම් කළා. යකැදුරා සියලු බලිබිලි පුදපූජා තබලා තටුපුළුටු තබලා මන්තර ජප කරන්ට පටන් ගත්තා. හරියට ම රෑ දොළහට මළ මිනියට අමනුස්සයෙක් ආවේශ වුනා. මළ මිනියේ ඇස් දෙක ඉදිරියට නෙරා ආවා. දත් විලිස්සුනා. දිව එළියට නෙරා ආවා. හූ කියාගෙන නැගිට්ටා. “හහ්… හා… තොපි මාව ගෙන්නුවේ මොකොටද?” එතකොට යකැදුරා මෙහෙම කිව්වා. “එම්බල යක්ෂය, මේන්න මේ කඩුව ගනින්. ලෝකෙ කොහේ හිටියත් නන්දිය සිටුවරයා හොයාගෙන පලයං. ගිහින් දෙපලු කරපං” යක්ෂයා කඩුව අතට ගත්තා. එකෙණෙහිම මහා ඝනාන්ධකාරයේ ම හූ කියාගෙන පිටත් වුනා. නන්දිය සිටුවරයා නැගුනු නැව ලංකාව බලා යාත්‍රා කරමින් තිබුනා. ඒ වෙලාවේ නන්දිය සිටුවරයා සිටියේ මෛත්‍රී භාවනාව කරමිනුයි. මුහුදු රළ මතින් කඩුවක් අමෝරාගත් යක්ෂයෙක් නැව දෙසට එන අයුරු හැමෝට ම පෙනුනා. භයට පත්වූ මිනිස්සු මරළතෝනි දුන්නා. නන්දිය සිටුවරයා හැමෝටම කෑගහලා මෙහෙම කිව්වා. “පින්වත්නි, අපට වෙන පිහිටක් නෑ. එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ පමණයි. ඉක්මනින් ම හඬ නගා බුදුන් සරණ යමු” කිව්වා. එතකොට සියලු ජනයා එක්පැහැර හඬින් “බුද්ධං සරණං ගච්ඡාමි” කියලා ඉතිපි සෝ භගවා යනාදී බුදුගුණ මහා හඬින් කියන්ට පටන් ගත්තා. ඒ සරණ සීලයේ අනුහසින් යකාට නැවට ගොඩවෙන්ට බැරිවුනා. ආපස්සට හැරී යකැදුරා ළඟට දිව්වා. කඩුව අතහැරලා මළ මිනිය බිම වැටුනා. යකැදුරා ආයෙමත් මළ මිනිය දිෂ්ටි ගැන්නුවා. යක්ෂයා ආයෙමත් ආවේශ වුනා. කඩුව අතට දීලා ආයෙමත් පිටත් කළා. යකා විදුලි වේගයෙන් දිව්වා. නමුත් මනාකොට තිසරණයේ පිහිටා බුදුගුණ කියමින් සිටින පිරිස ළඟට ළං වෙන්ට බැරුව ගියා. යකා ආයෙමත් හැරිලා යකැදුරා ගාවට දිව්වා. යකැදුරාත් අත්හැරියේ නෑ. තුන්වෙනි වතාවෙත් පිටත් කළා. නමුත් නැවට ගොඩවෙන්ට විදිහක් නෑ. යකා ආයෙමත් හැරිලා ආවා. එතකොට යකැදුරා සතරවෙනි වතාවටත් ජප කරලා යක්ෂයාව පිටත් කළා. යකා ගිහින් නැව වටේ කැරකෙනවා. නන්දිය සිටුවරයා ළඟට ළං වෙන්ට බැහැ. ඒ වතාවේ යක්ෂයාට කේන්ති ගියා. වේගයෙන් හැරිලා ආවා. යකැදුරාවයි සිව ඇමතියාවයි කඩුවෙන් දෙපලු කළා. මළ මිනිය එතැනම වැටෙන්ට සලස්වලා පළා ගියා. පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා. තිසරණයෙන් ලැබෙන රැකවරණය ඉතා පුදුම සහගතයි නේද? (සද්ධර්මාලංකාරයෙනි) පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/SIZE] Source = [url]http://mahamevnawa.lk/nandiya-situwaraya/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom