තිස්ස අත්තනායක නීචයෙක් වූ හැටි

file king

Member
Dec 2, 2014
10
2
0
තිස්ස අත්තනායක නීචයෙක් වූ හැටි

ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.3.15) ලංකා ඊ නිව්ස් අද පාන්දර හෙළිදරව් කළ පරිදිම එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පා.ම. ජයන්ත කැටගොඩ නම් දේශපාලන වෘක්ෂ සුනඛයන් දෙදෙනා කිසිදු දේශපාලන හේතු කාරණාවකින් තොරව හුදෙක් කෝටි ගණනක අල්ලස් මුදල් වලට පමණක් ඔවුන් මෙතෙක් ප්‍රකාශ කළ දූෂිත මිනීමරු ආණ්ඩුවට බල්ටි ගැසූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිපයේ මහ ලේකම් වරයා තම පදවි තනතුරු අතහැර විපක්ෂ ජනතාව වෙත පැමිණීමට එකට එක දතට දත වශයෙන් රාජපක්ෂ රෙජීමය රුපියල් ලක්ෂ 2000 කට සහ ලක්ෂ 200 ක් වටිනා සුපිරි රථයකට ද මෛත්‍රී ගෙන් හිස්වූ සෞඛ්‍ය ඇමැති ධූරයටද තිස්ස අත්තනායක මිලදී ගෙන ඇත. කැටගොඩට නියෝජ්‍ය ඇමැති තනතුරක් ප්‍රදානය කරනු ඇත.
තිස්ස අත්තනායක කලක් තිස්සේම ආණ්ඩුවෙන් මුදල් ලබා ගෙන එජාපය තුල රෙජීමයේ වුවමනාව ඉෂ්ඨ කරමින් ටිරාන් අලස් හරහා මුදල් ලබා ගනිමින් හොර තක්කඩියෙක් ලෙස ක්‍රියා කෙළේය. ඌව මැතිවරණයෙන් එජාපය අති විශිෂ්ඨ ලෙස ඉදිරියට පැමිණීමත් සමග චන්ද ප්‍රතිඵල දිනට පසුදිනයේම එකී කීර්තිය කණපිට ගස්සමින් තිස්ස නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වූයේද රාජපක්ෂලාගේ නියෝග පරිදිය. එතැන් සිට ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන සැක කළ එජාප නායකයෝ තිස්ස ගැන පරීක්ෂාවෙන් සිටි අතර පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී සහ ආණ්ඩුවේ පිරිස් විපක්ෂයට ගන්නා කතා කිසිවක් තිස්ස අත්තනායකට දැනෙන්නට සැලැස්වුයේ නැත. විපක්ෂයේ රහස් කිසිවක් තිස්ස අත්තනායක ද්‍රෝහියාට දැන ගන්නට ලැබුනේ නැත. ඒ අනුව ඔහුගෙන් ඔත්තු ලබා ගැනීමට බලා සිටි රාජපක්ෂ රෙජීමයද අමාරුවේ වැටුනේය.
තිස්සට බොරුවට රෝහල් ගතවූයේද තමන්ව ඩිමාන්ඩ් කර ගැනීමට ය. එවිට ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙනවා යැයි පෙන්වන නමුත් රාජපක්ෂලාගේ හෙංචයියන් විසින් පවත්වාගෙන යන ඉංග්‍රීසි වෙබ් අඩවියක් තිස්ස රුපියල් මිලියන 200 ක් ලබා ගෙන ඇතැයි ප්‍රචාරයක් කළද එවිටද ඔහුට මුදල් ලැබී තිබුනේ නැත. මේ ගැන තිස්ස සැක කෙළේ තමන්ව පෙන්වා ටිරාන් අලස් මුදල් ලබා ගන්නා බවයි. එබැවින් ඔහු ටිරාන් අලස් අත හැර තමන්ගේ සරසවි මිතුරෙක් වන රාජපක්ෂගේ ලේකම් වරයෙක් වන ගාමිණී සෙනරත් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගත් අතර ගාමිණී සෙනරත් තිස්ස අත්තනායකට මුදල් ගෙවමින් උපදෙස් දුන්නේ එජාපයෙන් ඉවත් නොවී ඇතුලේ සිට පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කකුලෙන් අදින ලෙසයි.
නමුත් ඊයේ ප්‍රසන්න සෝලංග ආරච්චිද විපක්ෂයට එක් වීමත් සමග මහින්ද රාජපක්ෂ තීරණය කෙළේ ඇතුලේ සිට කකුලෙන් ඇදීම නවතා හෙටම එනම් අද උදයේම තිස්ස පක්ෂ මාරු කළ යුතු බවයි. අවසාන ගණු දෙනු ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට අවසන් විය. අවසාන ගණන රුපියල් ලක්ෂ 2000 ක් බව කියැවේ. තිස්සගේ බල්ටිය සඳහා තවත් අතරමැදියෙක් වූයේ ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වූ දිනේෂ් දොඩම්ගොඩ නම් බච්චා කොල්ලා ය. රනිල්ට පිං සිදුවන්නට එක් දිනක් හෝ මන්ත්‍රීවරයෙක් වූ මොහු රනිල්ගේම පිහිටෙන් විදේශ ශිෂ්‍යත්වයක්ද ලබා ගත් අයෙක් වූවද අද ඒ සියල්ල පසෙක දමා මුදලට ගිජුව නීචයෙක් වී ඇත.
තිස්සගේ හිතවතිය වන චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීවරියද පක්ෂ මාරු කරන බවට ආරංචි පැතිර ගිය නමුත් මේ වන විට විපක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෛත්‍රී සහ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට ඇය සහභාගී වී සිටී. අද දහවල් ඇයගේ අනුරාධපුරයේ පක්ෂ කාර්යාලය ජනතාව විසින් වටලා තිරිසන් පාවා දීමක් නොකරන්නැයි ඇයගෙන් ඉල්ලා ඇත. එහි සිටි ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඇය පිල් මාරු නොකරන බවයි.
තිස්සගේ බල්ටි ගැහිල්ල පිලිබඳව නාම යෝජනා දීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘අපේ හිටපු ලේකම් එහෙන් ඡන්දය ඉල්ලනවා. අද බලනකොට එහේ ලේකම් අපිට ඇවිල්ලා. ඒ තමයි එජාපයේ නාය යෑම. අද එය ආරම්භ වුණා. අපිව අඩුවෙන් තක්සේරු කරන්න එපා. එක ලේකම් කෙනකුට තව ලේකම් කෙනෙකු ගන්න එක මේ මහින්ද රාජපක්ෂට මහ කජ්ජක් නොවෙයි.‘ යනුවෙනි. එනම් රාජපක්ෂ කීවේද, ‘මේ ලේකම් ගත්තා‘ යනුවෙනි. ඉන් ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ තිස්සගේ පාවාදීමට කිසිදු දේශපාලන කාරණාවක් නැති අතර එය ‘මුදලට ගැනීමක්‘ බවයි.
මෛත්‍රී ශ්‍රිලනිප මහලේකම් වරයා ආණ්ඩුවේ තනතුරු වරප්‍රසාද අත් හැර විපක්ෂයට පැමිණ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුවද තිස්ස අත්තනායක එජාප මහලේකම් වරයා ගොස් ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූයේ නැත. නියත වශයෙන්ම ලබන 8 වෙනිදා පරදින හෙල්ලෙන දත වැනි රෙජීමයේ මාස කිහිපයක ඇමැති තනතුරක් පමණක් ලැබී ඇති නමුත් තිස්ස වැනි මෙලෝ වැඩක් හරියට ඉටු කළ නොහැකි හාල්පාරුවෙකුට ජීවිත කාලයකට උපයා ගත නොහැකි අති විශාල මුදලක් ලැබී ඇත.
රටේ ජාතික ආදායම වූ කෝටි 70,000 කින් කෝටි 30,000 ක්ම මංකොල්ලා කන දූෂිත රෙජීමයක, වතුර ටිකක් ඉල්ලූ අහිංසක පාසැල් දරුවන් පවා මරා දැමූ මිනීමරු රෙජීමයක සට්ටැඹියන් වීම ගැන තිස්ස අත්තනායක වැනි මුදලට ගිජු, දීන, නීච ජනතා ද්‍රෝහියෙකුට සමස්ත ජාතියම සාප කරනු ඇත. ඔහුගේ එංගලන්තයේ අධ්‍යාපනය හදාරන දරුවන්ටද අනාගත පරපුර විසින් සාප කරනු නොඅනුමානය.
රටක් ජනතාවක් වෛර කරන නීචයෙක් තම පියා වීම කෙතරම් මුදලකින් හෝ වසා ගැනීමට නොහැකි බව ඔහුගේ දරුවන්ට තේරුම් යන විට තිස්ස අත්තනායක නම් ඔවුන්ගේ නීච පියා මලවුන් අතර විය හැකිය.

LEN
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මහින්ද මාමි හරිම නපුරුයි අම්මේ!
1. පනදාගෙන පොදු අපේක්ෂකයාට කඩේ ගියාට අපි පැරදුනානේ අම්මේ.
2. ආපු අය අපේ අල්ලස් සල්ලිත් අරන් ආයිත් ශ්රීලනිපේටම ගියා අම්මේ.
3. මයිත්රී අංකල්ට යූඇන්පීය අකමැති නිසාත්, ජේවීපීයත් එන්නෙ නැති නිසාත් මේ පාර හරියට පෝස්ටර්ගහන්නවත් වුණෙ නෑ අම්මේ.
4. අබේසුන්දර නැතත් සුධර්මන් විමසුමෙන් අපිව හම ගහනවා අම්මේ.5. මංගල යයි කියලා අපි ඌට ගහපු මඩත් දැන් අපිටම රිටන් වුණා අම්මේ.
6. රංජන් ආයිත් බලු වුණා අම්මේ.
7. රෝහිතට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්රිකාව අම්මේ. (චන්ද්රිකා ඇවිත් ඔක්කොමවැනසුවා අම්මේ).
8. මයිත්රීගේ සහෝදරයෝ වැඩි නිසා සහෝදර සමාගම මඩත් වැදුනේ අපිටමයි අම්මේ.
9. මයිත්රීට විපක්ෂේ පන දෙන්න හිටියට ඊළඟ මහමැතිවරණෙදි අපි බෙදිලා ඇනකොට ගන්නවා අම්මේ.
10.වේදිකාවෙදි අපේ නායකයින් කිව්වේ එකිනෙකට පරස්පර කතා නෙ අම්මේ.
11. ලොම් හැළුණ හෙළු උරුමෙ ගත්ත එකත් අපරාදේ අම්මේ. (රතන සාදු අවුරුදු 6 ක් ගැනකියලා අපිව කෑවා අම්මේ.)
12. බාහු, මනෝ, සාලි, රහුමාන්, රවී වේදිකාවට අරන් මෛත්රීපාලනයක් ගැන කිව්වට වැඩක්වුණේ නෑ අම්මේ.
13. අපිම හදාපු ජනාධිපති ක්රමේ අවලංගු කිරීමම සටන් පාථෙ කළාට වැඩක් වුණේ නෑ අම්මේ.
14. ෆේස්බුක් එකේ කොච්චර කෑ ගැහුවත් අපේ උන් ඡන්ද පොලට ගියේ නෑ අම්මේ.
15. මයිත්රීව බිලි දුන් එකෙන් රනිල් 30 වැනි වතාවට පැරදිලත් තාමත් විපක්ෂ නායකනේ අම්මේ.
#මහින්දමාමිහරිමනපුරුයිඅම්මේ
2015 ජනවාරි 9 වැනිදාට යූඇන්පී කාරයින් ගයන "හංස ගීතය"

සිරිසේන අංකල් හරිම පව් අම්මේ ! by Vimukthi Abhiman

1.අගමැතිකම දෙන්න පරක්කු උනා කියලා සිරිසේන අංකල් දුකින් හිටියා තමයි අම්මේ

2.කේන්තිය වැඩි කමට අගමැති නොවී ජනාධිපති වෙන්නම හීන දැක්කා තමයි අම්මේ

3.හැමදාම රෑට විස්කි ගහන සැටලයිට් ඇන්ටියා අංකල්ව හොදට ඇන්දුවා තමයි අම්මේ

4.පලිගන්න බලන් හිටපු සැටලයිට් ඇන්ටි නුල් ගැටගහපු රූකඩ සිරිසේන අංකල්ව අමාරුවේ දැම්මා අම්මේ.

5.ඉල්ලුවොත් පැරදිලා නායක කම දාලා ගෙදර යන්න වෙනවා කියලා දන්නා නිසා රනිල් අංකල් සිරිසේන දානවට ඉහලින්ම කැමති උනා අම්මේ

6.සිරිසේනයා දිනලා මට අගමැති කම දෙයි කියලා රනිල් අංකල් උදේ හවා සිහින දකිනවා අම්මේ.

7.ඒ හින්දම ඕනේ යකෙක් එකතු කරෙගෙන මේ පාර ආඩි හත් දෙනාගේ කැද හැලිය හදාගත්තා අම්මේ.

8.මහින්ද අංකල් එලවන්න මිසක් වෙන කිසිම ඉලව්වක් උන්ගේ හිත් වල නැහැ අම්මේ

9.ගැටේට අහුවුණ රතන සාදු චම්පිකව,ගම්මන්පිලව අනාථ කළා අම්මේ.

10.හැමදාම අනුන්ගේ පිටකසන අනුර අංකල් කැට හොල්ලාලා මේ පාරත් සිරිසේනගේ පුක කහන්න යනවා තමයි අම්මේ

11.යු.එන්.පි නිල රූපවාහිනිය වන සිරස රෙදි නැතුව හෙළුවෙන්ම කඩේ යනවා තමයි අම්මේ.

12.කොටියට එළිපිට කඩේ ගිය මනෝ,වික්රමබාහු,TNA වගේ අයත් මේ පාර ඒ පැත්තෙම තමයි අම්මේ.

13.කව්රු මොනවා කිව්වත්,මොනවා කලත් මිනිස්සුන්ට මුල මතකයි අම්මේ.#සිරිසේනඅංකල්හරිමපව්අම්මේ !
 
Last edited:

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10411183_305568606308395_342375634113429767_n.png