තීරණාත්මක පොහොට්ටු පළුව ස්වාධීන වීම දැනුම් දේ.. ආණ්ඩුවේ සරල බහුතරය බිද වැටෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ආණ්ඩුව සමග කටයුතු කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට සූදානම් වෙයි.


    එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ පිළිබඳව දැනටමත් ඔවුන් විසින් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති බවයි.

    ඔවුන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇතත් මෙතෙක් එම ගැටලුවලට විසඳුම් ලැබී නැති බවද වාර්තා වෙයි.

    මෙම පිරිස යම් හෙයකින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරීමට තීරණය කළහොත් දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට ඇති සරල බහුතරය අහිමි වනු ඇති බවද පැවසෙයි.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    එකෙක් දෙන්නෙක්ගෙ නම් කියපන්කෝ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ඕක වෙන් නෑ . සල්ලි ටිකක් දැම්මම කස්ටිය ඉන්නවා. නැත්තම් සමගියෙන් සෙට් එකක් ගන්න ඕනේ එකත් බලු පුට්ටු සීන් එක්ක අල වෙලා ඉන්න නිසා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    කීයක් හරි එකව්න්ට් එකට දාගන්න ඕන උනාම එයාල ස්වාධීන වෙනව හැබැයි ඕන වෙලාවට අත උස්සනව අපි කැමති නෑ ඒත් පක්ශව චන්දෙ දෙනව කිය කිය
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    පොහොට්ටුද??? බොරුබන්... අලුමතින් නැගිටින්නේ