තුනක් තියෙනවා

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    මහින්දට වෙඩිනොවදින රථ තුනක් තියෙනවා – තව එකක් මොකටද ?

    විපක්ෂ නායක, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වනවිටත් වෙඩිනොවදින රථ තුනක් ඇති බැවින් තවත් වෙඩිනොවදින රථයක් අනවශ්‍ය බව කියමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින රථයක් ලබාගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

    ඒ හේතුවෙන් එම යෝජනාව ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඉදිරිපත් නොවූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

    විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින මෝටර් රථ තුනක් දැනටමත් දී තිබෙන බව ජනාධිපතිවරයාද එහිදී ප්‍රකාශ කර තිබිණි.

    මේ අතර එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද ප්‍රකාශ කර තිබිණි.

    ඒ අනුව කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්තාබා ඇති නමුත් ඊයේ දිනයේ එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.

    මූලාශ්‍ර ලංකාදීප