Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තුන් සිත පිරිසුදුකොට දුන් දානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි උක් වත්තක් හිමි එක්තරා පුරුෂයෙකු උක් දඬු මිටියක් කරමත තබාගෙන තවත් උක් දඬු කැබැල්ලක් අනුභව කරමින් ගමන් කළේය. ඔහුගේ පිටු පසින් සිල්වත් උපාසකයෙක් හා බාල දරුවෙක් ද ගමන් ගත්හ. උක් දඬු මිටිය රැගෙන යන පුරුෂයා දුටු බාල දරුවා එයින් එක් කැබැල්ලක් ඉල්ලා උපාසකයාට ඇවිටිලි කළේ ය. දරුවාගේ ඇවිටිලි බස් නිසා උපාසකයා තමා ඉදිරියෙන් උක් දඬු රැගෙන යන පුරුෂයාට කථා කොට එයින් එක් උක් දඬු කැබැල්ලක් දරුවාට ලබාදෙන මෙන් ආයාචනා කළේ ය. ඒ අසා එම පුරුෂයා උපාසකයා සමග කිසිවක් කථා නො කර නෑසුනාක් මෙන් ඉදිරියට ම ගමන් කළේ ය.

උපාසකයාද නැවත නැවතත් කථා කොට තම දරුවාට උක් දඬු කැබැල්ලක් ලබාදෙන මෙන් ආයාචනා කළේය. ඒ අසා එම පුරුෂයා ඉතා අකැමැත්තෙන් හා අනාදරයෙන් එක් උක් දඬු කැබැල්ලක් පිටු පසට විසි කළේය. උපාසකයා එය අහුලාගෙන තම හඬන දරුවාට දී ඔහු අස්වැසී ය. උක්වතු හිමියා පසු කලෙක කළුරිය කොට දිගුකලක් පුහුණු කළ ලෝභය නිසා ප්‍රේතයෙකු ව උපන්නේ ය. අකැමැත්තෙන් නමුත් උක් දණ්ඩක් දුන් හෙයින් අමුණු තිස් දෙකක් පමණ වපසරිය ඇති මෝල් ගස් මෙන් සරුවට වැඩුණු උක් වනයක් ඔහුට හිමි විය. එසේ වුවද එයින් එක් උක් ගසක් හෝ කපාගෙන අනුභව කිරීමට ඔහුට නොහැකි විය. ඔහු උක් ගසක් කපා ගැනීමට උක් වනයට ගිය විට උක් ගස් ශරීරයේ වැදීමෙන් දරුණු ලෙස පීඩාවට පත් විය.

විශාල උක් වනයකට හිමිකම් කීවද එයින් එක් උක් ගසක් හෝ අනුභව කිරීමට ඔහුට නොහැකි විය. මෙනිසා බඩ සයින් හා පිපාසාවෙන් පෙළෙමින් එම ප්‍රේතයා මහත් දුක් රැසක් වින්දේ ය. එක් දිනක් රජගහ නුවරට පිඩුසිඟා වඩින මුගලන් මහරහතන් වහන්සේ දුටු ප්‍රේතයා උන්වහන්සේ වෙත ගොස් තමා කළ කවර නම් පාප කර්මයක් නිසා මෙසේ ප්‍රේතව ඉපිද දුක් විඳින්නේ දැයි පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව එකී ප්‍රේතයාගේ පෙර භවය දුටු මුගලන් මහරහතන් වහන්සේ අනාදරයෙන් උක්දඬු කැබැල්ලක් විසිකිරීම නිසා මෙවැනි දුකකට පත්ව ඇති බවත්, එබැවින් පිටුපසින් ගොස් උක් දඬු කපා ගෙන අනුභව කරන ලෙසත් ප්‍රේතයාට දැන්වූ සේක.

මුගලන් මහතෙරුන්ගේ උපදෙස් පරිදි ප්‍රේතයා පිටුපසින් ගොස් උක් ගස් කපා ගෙන ඇති තරම් අනුභව කොට කුසගින්න හා පිපාසය සංසිඳවා ගත්තේ ය. ඉක්බිති ප්‍රේතයා විසින් මහත් උක් ගසක් ගෙන එය මුගලන් මහරහතන් වහන්සේට ද පූජා කරන ලදි. ප්‍රේතයා කෙරෙහි අනුකම්පා කළ මුගලන් මහරහතන් වහන්සේ එය රැගෙන වේළුවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට පූජා කළසේක.

බුදුරජාණන් වහන්සේ එය භික්ෂූන් වහන්සේලා සමඟ බෙදාගෙන වළඳා එම පින ප්‍රේතයාට අනුමෝදන් කළ සේක. පින් අනුමෝදන් වීමත් සමඟම ප්‍රේතයා දුකින් නිදහස් වූ අතර සිත් වූ පරිද්දෙන් උක් අනුභව කොට සතුටින් ජීවත්ව පසු කලෙක මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය. මෙම ප්‍රේත කථාව මිනිසුන් අතර ප්‍රචාරය විය. ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඒ ගැන විමසූහ. තථාගතයන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් ඔවුන්ට ධර්මය දේශනා කළසේක. බණ ඇසූ ඔවුහු මසුරු මළ දුරුකොට දානාදි පින්කම්වල නිරත වූහ.

යමක් පරිත්‍යාග කරනවිට එය මහත් ආදර ගෞරවයෙන් යුක්තව කළ යුතුය යන්න මෙම පේත කථාවෙන් පෙන්වන ආදර්ශය යි. පරිත්‍යාගය හා දානය ලොව සෑම ආගමක් ම උසස් කොට සලකනු ලැබේ. කවර සමාජයක හෝ සංස්කෘතියක වුව එය උසස් ගුණයක් ලෙස විවාදයකින් තොරව පිළිගෙන ඇත. එහෙත් එම දානය හෝ පරිත්‍යාගය සිදු කළ යුත්තේ අර්ථවත් ආකාරයට ය. මෙම පේත කථාවෙහි එන උක්වතු හිමියා ඉතා අකැමැත්තෙන් උක් දඬු කැබැල්ලක් විසි කිරීම නිසා බොහෝ දුක් වින්දේ ය. කුඩා දරුවකුගේ ඉල්ලීමට සානුකම්පිත වීමට තරම්වත් පරිත්‍යාගශීලි හදවතක් ඔහු කෙරෙහි නොවීය.

එයින් පෙනෙන්නේ ඔහු තද මසුරෙකු බවයි. දානය හෝ පරිත්‍යාගය කරදරයක් ලෙස සිතා කටයුතු කළ නිසයි අකැමැත්තෙන් එය විසිකරන ලද්දේ. පරිත්‍යාගයට අනුරූපීව විශාල උක් වනයකට හිමිකම් කිවහැකි වුවද ඒවා සතුටින් භුක්තිවිඳීමට තරම් භාග්‍යයක් ඔහුට නො තිබුණි. ඇතැම් විට මෙවැනි පුද්ගලයන් අපටද හමුවිය හැකිය. විශාල ධනයකට හිමි කම් කීව ද, ඒවා භුක්ති විඳීමේ භාග්‍ය නොමැති අය වෙති. එයින් තම ජීවිතය ආලෝකමත්කරගත නො හැකි අය වෙති. කුමන හෝ පිනක් නිසා විශාල ධන සම්පතකට හිමිකම් කිවත් ඔවුනගේ එම ධනයෙන් අන් අයට තබා ඔවුන්ටද පිහිටක් ලබාගත නො හැකි ය.

මෙම පේත කථාවෙන් පෙන්වා දෙන ඉතා ම වැදගත් ආදර්ශය නම් යමක් පරිත්‍යාග කරන විට එය ඉතාමත් ආදර ගෞරවයෙන් සිදු කළ යුතු බවය. සත්පුරුෂයෙකු දන්දෙන ආකාරය අංගුත්තර අට්ඨක නිපාතයේ එන දාන වග්ගයේ ඇතුළත් සප්පුරිසදාන සූත්‍රයේ මැනවින් විස්තරකර තිබේ. ඒ අනුව සත් පුරුෂයා යමක් පරිත්‍යාග (දාන) කරනවිට කරුණු නවයක් කෙරෙහි සැලකිලිමත් වෙමින් එය සිදුකරයි. සකසා දන් දීම, සියතින් සකස්කොට දීම, ගෞරවාන්විතව දන් දීම, පිරිසුදුව මනාව සකස්කොට දන් දීම, කර්මඵල විශ්වාසයෙන් යුක්තව දන් දීම, ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දීම, සුදුසු කාලයේ දන් දීම, දෙන දේ පිළිබඳව ආශාව අත්හැර දන් දීම, තමන්ගේ ද ප්‍රතිග්‍රාහකයාගේද ගුණ ගැන සලකා දන් දීම යනු ඒ කරුණු නමයයි.

මෙම කරුණු නවයෙන් පෙන්වා දෙන්නේ යමක් පරිත්‍යාගකරන කොට එය සිදුකිරීමේ නිවැරැදි පිළිවෙතයි. එය වදයක් කොට සලකා සිදුකරන්නේ නම්, එයින් නිසි ඵල නෙළාගත නොහැකි බව ඉහතින් දැක් වූ පේත කථාවෙන් පැහැදිලි වේ.

බුදුදහමට අනුව දෙනු ලබන වස්තුවට වඩා වැදගත් වන්නේ එය පිරිනමන ආකාරය හා එයට බලපාන මානසික ස්වභාවය යි. දෙන දෙය කුඩා දෙයක් වුවද එය මහත් ගෞරවයකින් පරිත්‍යාග කළ යුතු ය. මිනිසුන්ට පමණක් නොව තිරිසන් ගත සත්වයෙකුට වුව යම් ආහාරයක් දෙන්නේ නම්, එය එම සතාට පහසුවෙන් අනුභව කළ හැකි ආකාරයට ලබා දිය යුතුයි. යමක් දෙන විට එය කො තරම් සද්භාවයකින් සිදුකරන්නක්ද යන්න එය දෙන ආකාරයෙන් වටහාගත හැකි ය. පිරිසුදු මනසින් යුතුව යමක් පරිත්‍යාග කරන්නේ නම් එය නිරායාසයෙන් ම ගෞරවනීය ආකාරයෙන් සිදුවනු නො අනුමාන ය.

“තුන් සිත පිරිසුදුකොට දුන් දානය- උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය” යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි දැක්වෙන්නේ දන් දීමට පළමුවත් (පූර්ව චේතනා) දෙන අවස්ථාවේදීත් (මුඤ්චන චේතනා) දානය දීමෙන් පසුවත් (අපර චේතනා) යන අවස්ථා තුනෙහිම පිරිසුදු සිතින් එය කළ යුතුබවයි. සිත පිරිසුදු කරගත් කල්හී දෙනු ලබන දෙය කුඩා වුවද එයින් උසස් ආනිසංස ලැබිය හැකි බව විමානවත්ථුවල එන කථාවලින් ද පැහැදිලි වේ. අනෙක් අතට දානය යනු අත් හැරීම යි.

සිතේ පවතින ලෝභය දුරුකර ගැනීමට දානය අවශ්‍යවේ. දානය හා පරිත්‍යාගය ප්‍රගුණ කිරීමෙන් තොරව එය පාලනය කළ නොහැකි ය. එබැවින් ලෝභ සිත දුරලා ආදර ගෞරවයෙන් යුතුව යමක් පරිත්‍යාගක කිරීම දානයේ උසස් ආනිසංස පිණිස හේතු වේ.

[QUOTE="asliyanage, post: 25684627, member: 8764"] බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි උක් වත්තක් හිමි එක්තරා පුරුෂයෙකු උක් දඬු මිටියක් කරමත තබාගෙන තවත් උක් දඬු කැබැල්ලක් අනුභව කරමින් ගමන් කළේය. ඔහුගේ පිටු පසින් සිල්වත් උපාසකයෙක් හා බාල දරුවෙක් ද ගමන් ගත්හ. උක් දඬු මිටිය රැගෙන යන පුරුෂයා දුටු බාල දරුවා එයින් එක් කැබැල්ලක් ඉල්ලා උපාසකයාට ඇවිටිලි කළේ ය. දරුවාගේ ඇවිටිලි බස් නිසා උපාසකයා තමා ඉදිරියෙන් උක් දඬු රැගෙන යන පුරුෂයාට කථා කොට එයින් එක් උක් දඬු කැබැල්ලක් දරුවාට ලබාදෙන මෙන් ආයාචනා කළේ ය. ඒ අසා එම පුරුෂයා උපාසකයා සමග කිසිවක් කථා නො කර නෑසුනාක් මෙන් ඉදිරියට ම ගමන් කළේ ය. උපාසකයාද නැවත නැවතත් කථා කොට තම දරුවාට උක් දඬු කැබැල්ලක් ලබාදෙන මෙන් ආයාචනා කළේය. ඒ අසා එම පුරුෂයා ඉතා අකැමැත්තෙන් හා අනාදරයෙන් එක් උක් දඬු කැබැල්ලක් පිටු පසට විසි කළේය. උපාසකයා එය අහුලාගෙන තම හඬන දරුවාට දී ඔහු අස්වැසී ය. උක්වතු හිමියා පසු කලෙක කළුරිය කොට දිගුකලක් පුහුණු කළ ලෝභය නිසා ප්‍රේතයෙකු ව උපන්නේ ය. අකැමැත්තෙන් නමුත් උක් දණ්ඩක් දුන් හෙයින් අමුණු තිස් දෙකක් පමණ වපසරිය ඇති මෝල් ගස් මෙන් සරුවට වැඩුණු උක් වනයක් ඔහුට හිමි විය. එසේ වුවද එයින් එක් උක් ගසක් හෝ කපාගෙන අනුභව කිරීමට ඔහුට නොහැකි විය. ඔහු උක් ගසක් කපා ගැනීමට උක් වනයට ගිය විට උක් ගස් ශරීරයේ වැදීමෙන් දරුණු ලෙස පීඩාවට පත් විය. විශාල උක් වනයකට හිමිකම් කීවද එයින් එක් උක් ගසක් හෝ අනුභව කිරීමට ඔහුට නොහැකි විය. මෙනිසා බඩ සයින් හා පිපාසාවෙන් පෙළෙමින් එම ප්‍රේතයා මහත් දුක් රැසක් වින්දේ ය. එක් දිනක් රජගහ නුවරට පිඩුසිඟා වඩින මුගලන් මහරහතන් වහන්සේ දුටු ප්‍රේතයා උන්වහන්සේ වෙත ගොස් තමා කළ කවර නම් පාප කර්මයක් නිසා මෙසේ ප්‍රේතව ඉපිද දුක් විඳින්නේ දැයි පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව එකී ප්‍රේතයාගේ පෙර භවය දුටු මුගලන් මහරහතන් වහන්සේ අනාදරයෙන් උක්දඬු කැබැල්ලක් විසිකිරීම නිසා මෙවැනි දුකකට පත්ව ඇති බවත්, එබැවින් පිටුපසින් ගොස් උක් දඬු කපා ගෙන අනුභව කරන ලෙසත් ප්‍රේතයාට දැන්වූ සේක. මුගලන් මහතෙරුන්ගේ උපදෙස් පරිදි ප්‍රේතයා පිටුපසින් ගොස් උක් ගස් කපා ගෙන ඇති තරම් අනුභව කොට කුසගින්න හා පිපාසය සංසිඳවා ගත්තේ ය. ඉක්බිති ප්‍රේතයා විසින් මහත් උක් ගසක් ගෙන එය මුගලන් මහරහතන් වහන්සේට ද පූජා කරන ලදි. ප්‍රේතයා කෙරෙහි අනුකම්පා කළ මුගලන් මහරහතන් වහන්සේ එය රැගෙන වේළුවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට පූජා කළසේක. බුදුරජාණන් වහන්සේ එය භික්ෂූන් වහන්සේලා සමඟ බෙදාගෙන වළඳා එම පින ප්‍රේතයාට අනුමෝදන් කළ සේක. පින් අනුමෝදන් වීමත් සමඟම ප්‍රේතයා දුකින් නිදහස් වූ අතර සිත් වූ පරිද්දෙන් උක් අනුභව කොට සතුටින් ජීවත්ව පසු කලෙක මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය. මෙම ප්‍රේත කථාව මිනිසුන් අතර ප්‍රචාරය විය. ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඒ ගැන විමසූහ. තථාගතයන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් ඔවුන්ට ධර්මය දේශනා කළසේක. බණ ඇසූ ඔවුහු මසුරු මළ දුරුකොට දානාදි පින්කම්වල නිරත වූහ. යමක් පරිත්‍යාග කරනවිට එය මහත් ආදර ගෞරවයෙන් යුක්තව කළ යුතුය යන්න මෙම පේත කථාවෙන් පෙන්වන ආදර්ශය යි. පරිත්‍යාගය හා දානය ලොව සෑම ආගමක් ම උසස් කොට සලකනු ලැබේ. කවර සමාජයක හෝ සංස්කෘතියක වුව එය උසස් ගුණයක් ලෙස විවාදයකින් තොරව පිළිගෙන ඇත. එහෙත් එම දානය හෝ පරිත්‍යාගය සිදු කළ යුත්තේ අර්ථවත් ආකාරයට ය. මෙම පේත කථාවෙහි එන උක්වතු හිමියා ඉතා අකැමැත්තෙන් උක් දඬු කැබැල්ලක් විසි කිරීම නිසා බොහෝ දුක් වින්දේ ය. කුඩා දරුවකුගේ ඉල්ලීමට සානුකම්පිත වීමට තරම්වත් පරිත්‍යාගශීලි හදවතක් ඔහු කෙරෙහි නොවීය. එයින් පෙනෙන්නේ ඔහු තද මසුරෙකු බවයි. දානය හෝ පරිත්‍යාගය කරදරයක් ලෙස සිතා කටයුතු කළ නිසයි අකැමැත්තෙන් එය විසිකරන ලද්දේ. පරිත්‍යාගයට අනුරූපීව විශාල උක් වනයකට හිමිකම් කිවහැකි වුවද ඒවා සතුටින් භුක්තිවිඳීමට තරම් භාග්‍යයක් ඔහුට නො තිබුණි. ඇතැම් විට මෙවැනි පුද්ගලයන් අපටද හමුවිය හැකිය. විශාල ධනයකට හිමි කම් කීව ද, ඒවා භුක්ති විඳීමේ භාග්‍ය නොමැති අය වෙති. එයින් තම ජීවිතය ආලෝකමත්කරගත නො හැකි අය වෙති. කුමන හෝ පිනක් නිසා විශාල ධන සම්පතකට හිමිකම් කිවත් ඔවුනගේ එම ධනයෙන් අන් අයට තබා ඔවුන්ටද පිහිටක් ලබාගත නො හැකි ය. මෙම පේත කථාවෙන් පෙන්වා දෙන ඉතා ම වැදගත් ආදර්ශය නම් යමක් පරිත්‍යාග කරන විට එය ඉතාමත් ආදර ගෞරවයෙන් සිදු කළ යුතු බවය. සත්පුරුෂයෙකු දන්දෙන ආකාරය අංගුත්තර අට්ඨක නිපාතයේ එන දාන වග්ගයේ ඇතුළත් සප්පුරිසදාන සූත්‍රයේ මැනවින් විස්තරකර තිබේ. ඒ අනුව සත් පුරුෂයා යමක් පරිත්‍යාග (දාන) කරනවිට කරුණු නවයක් කෙරෙහි සැලකිලිමත් වෙමින් එය සිදුකරයි. සකසා දන් දීම, සියතින් සකස්කොට දීම, ගෞරවාන්විතව දන් දීම, පිරිසුදුව මනාව සකස්කොට දන් දීම, කර්මඵල විශ්වාසයෙන් යුක්තව දන් දීම, ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දීම, සුදුසු කාලයේ දන් දීම, දෙන දේ පිළිබඳව ආශාව අත්හැර දන් දීම, තමන්ගේ ද ප්‍රතිග්‍රාහකයාගේද ගුණ ගැන සලකා දන් දීම යනු ඒ කරුණු නමයයි. මෙම කරුණු නවයෙන් පෙන්වා දෙන්නේ යමක් පරිත්‍යාගකරන කොට එය සිදුකිරීමේ නිවැරැදි පිළිවෙතයි. එය වදයක් කොට සලකා සිදුකරන්නේ නම්, එයින් නිසි ඵල නෙළාගත නොහැකි බව ඉහතින් දැක් වූ පේත කථාවෙන් පැහැදිලි වේ. බුදුදහමට අනුව දෙනු ලබන වස්තුවට වඩා වැදගත් වන්නේ එය පිරිනමන ආකාරය හා එයට බලපාන මානසික ස්වභාවය යි. දෙන දෙය කුඩා දෙයක් වුවද එය මහත් ගෞරවයකින් පරිත්‍යාග කළ යුතු ය. මිනිසුන්ට පමණක් නොව තිරිසන් ගත සත්වයෙකුට වුව යම් ආහාරයක් දෙන්නේ නම්, එය එම සතාට පහසුවෙන් අනුභව කළ හැකි ආකාරයට ලබා දිය යුතුයි. යමක් දෙන විට එය කො තරම් සද්භාවයකින් සිදුකරන්නක්ද යන්න එය දෙන ආකාරයෙන් වටහාගත හැකි ය. පිරිසුදු මනසින් යුතුව යමක් පරිත්‍යාග කරන්නේ නම් එය නිරායාසයෙන් ම ගෞරවනීය ආකාරයෙන් සිදුවනු නො අනුමාන ය. “තුන් සිත පිරිසුදුකොට දුන් දානය- උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය” යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි දැක්වෙන්නේ දන් දීමට පළමුවත් (පූර්ව චේතනා) දෙන අවස්ථාවේදීත් (මුඤ්චන චේතනා) දානය දීමෙන් පසුවත් (අපර චේතනා) යන අවස්ථා තුනෙහිම පිරිසුදු සිතින් එය කළ යුතුබවයි. සිත පිරිසුදු කරගත් කල්හී දෙනු ලබන දෙය කුඩා වුවද එයින් උසස් ආනිසංස ලැබිය හැකි බව විමානවත්ථුවල එන කථාවලින් ද පැහැදිලි වේ. අනෙක් අතට දානය යනු අත් හැරීම යි. සිතේ පවතින ලෝභය දුරුකර ගැනීමට දානය අවශ්‍යවේ. දානය හා පරිත්‍යාගය ප්‍රගුණ කිරීමෙන් තොරව එය පාලනය කළ නොහැකි ය. එබැවින් ලෝභ සිත දුරලා ආදර ගෞරවයෙන් යුතුව යමක් පරිත්‍යාගක කිරීම දානයේ උසස් ආනිසංස පිණිස හේතු වේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom