Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
තූතන්කාමූන් ගේ ශාපය - part ii
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තූතන්කාමූන් ගේ ශාපය - part ii

link to part-i http://www.elakiri.com/forum/showthread.php?t=1934128

තූතන්කාමූන් ගේ ශාපය - දෙවන කොටස

පොළෝ යට සොහොන් ගැබේ දී....!

ඒ 1922 හි නොවැම්බරයේ විසිනමවන උදාවයි. හතරවන දා සිට එකදිගට සිදුකල කැණීම් වලින් පසු පඩිපෙළ පාදාන්තය තෙක් පාදා, වැලි හුණුගල් මිශ්‍රිත පස ඉවත්කොට තිබූ අතර අප පෙර සටහන් කල සොහොන් ද්වාරය එනම් වසර තුන්දහසක අතීතය දරා සගවා සිටින ඓතිහාසික ද්වාරය මතු වී තිබිණි.

ඉංග්‍රීසි ජාතික හොවාර්ඩ් කාටර් ගල්කටුව අතැතිව ඒ දෙසට පියමනිමින් සිටි අතර කෙනෙකු බියෙන් දෑස් පියා සිටි අතර තවෙකෙකු දෑස් අඩවන් කොට සිදුවීම් සියල්ල පෙනී නෙපෙනී යමට ඉඩදුනි. ඒ හැර අනෙක් සියල්ලෝ උන් සිටි තැන් නොදන්නාක් සේ ඇස් කන් අයා බලා උන්නෝය. විශ්මයක්ම අපේක්ෂිත ඒ නෙත් අතර, මේ මහා කර්තව්‍යයේ බරපැණ දැරූ කාර්නවන් හී අර්ල් වරයා වූ ජෝර්ජ් හර්බට් සාමිවරයාගේ මෙන්ම ඔහුගේ විසි එක් හැවිරිදි දියණිය වූ එව්ලින් හර්බට් ගේ ද තෘෂ්ණයෙන් බරිත නෙත් විය.

රාජ්‍යත්වයේ සංකේතය සමග නොබිදුණු මුද්‍රාවකින් ද්වාරය අගුළු ලා තිබු නමුත් අති සුපරික්ෂාකාරී නිරීක්ෂණයකින් පසු එම මුද්‍රාව දෙවරක් බිද දමා පසුව යලි මුද්‍රා තැබූවක් බව කාටර් වහා අවබෝධ කරගති. මුද්‍රාව විවරකොට දොර විවර කිරීමෙන් ඔහු අදුරු කොරිඩෝවකට එළඹි අතර කිසිවක් නොතිබූ ඉඩකඩ සහිත කොරිඩෝවයට පිළිපන් වහා පෙනහළු දෙපාමුල ඇදවැටෙන්නක් මෙන් දැනි බරැති පල්වූ පැරණි වාතය ඔහුට ආඝාණය විය.

අඩි කිහිපයක් පසෙකට තැබූ ඔහු හිසෙන් අනෙකුන්ට ඉගි කලේ එකිනෙකා එකා පසු පස එකා බැගින් හතර පස් දෙනෙකු කොරිඩෝවට ඇතුළු විය. ඇවිලූ ගිණි සිළුවෙන් තාපී ආලෝකයක් ගෙන, මෙලෙස මීටර කිහිපයක් ඉදිරියට ගමන් කල කල්හී ඔවුනට දෙවන ද්වාරය මුණ ගැසුනු අතර එහිද මුද්‍රාව අවම වශයෙන් දෙවරක් බිද දැමූ ලක්ෂණ දැකගත හැකි විය. මෙහිදී ද්වාරය විවර කිරීමට කලබල නොවුනු කාටර් ඒ වෙනුවට දොරෙහි ප්‍රමාණවත් අන්දමේ සිදුරක් සාදා ඒ ඉදිරිපිටට ඉටිපන්දම් එළිය ගෙන එන ලදි. කුමක් හෝ කිසියම් උණුසුම් වාත දහරක් ඉන් පිටතට පැමිණි අතර ඉන් ඉටිපන්දම් එළිය ඇදවී නිවී යාමට ආසන්න වනු ඔහු දැකගති. දොර එකවර විවර නොකිරීමට ගණදෙව් නුවණ පහළවීම සම්බන්ධව තමාටම ස්තූති කරගත් ඔහු ඒ කුමක් හෝ බර වායු ධාරාව සිදුරින් එළියට යාමට ඉඩ සලසමින් කෙටි වේලාවක් බලා හිද සිදුරට ඇස තබා බැලුවේ වසර තුන්දහසක් කාලවර්ණාන්ධකාරයේ අතරමංවිය.

මොහොතකින් ඇස එළවා ගත් කාටර් අදුරට නෙත් හුරු වූ බැවින් හැකි උපරිම වෑයමෙන් ඇස අයා බැලුවේ, බැලු බැලු හැම තැන මේ පෙනෙන්නේ රත්තරන් නොවේදෝ යන්න දැක මොහොතකට ගොළු වී ගල්විය. නොඉවසිලිමත් ව හුන් කාර්නවන් සාමිවර තෙමේ කාටර්ගෙන් කිසිවක් පෙනේදැයි විමසූ විට ඔහු ඊට සදා අමරණීය තනි වාක්‍යකින් පිළිතුරු දුනි. "එසේය! විශ්මිත දේ දකිමි" ඔහු පැවසූවේ එපමණකි. කාර්නවන් සාමිවරයා හට ඒ පිළිතුරේ ස්වරයෙන් සියල්ල තේරුම් ගිය අතර තම මුදල් තඹ දොයිතුවක් හෝ නිකරුනේ වැය නොවූ බව දැන සතුටු සිනාවකින් මුව සරසාගති. සතුටට එහා ගියා වූ කෑදර විරූපීත්වයක් එහි වී නම්, එය අදුරටම, ජීවිතය සරි අඳුරටම, මුසු විය.

දෙවෙනි ද්වාරය විවර වුණි. එය විශාල තනි හතරැස් ආගාරයක් වූ අතර අපි එයට 'පූර්වාගාරය' යැයි කියමු. එහි මැදට වන්නට මහා සයනයන් තුනක් දැකගත හැකි විය. ඊජිප්තු ඉතිහාසය හැදෑරූ ඕනෑම අයෙකුට ඒවා මළමිනී එම්බාම් කොට මමීය පිළියෙල කිරීමට භාවිත කරන ඒවා බව තෙරුම් ගැනීම වෙහෙසකර නොවනු ඇත. එහි පළමු සයනයේ ශීර්ෂ කෙළවර සිංහයෙකු කැටයම් කර තිබූ අතර දෙවැන්නේ වෘෂභයෙකු හා තුන්වැන්නේ සිංහ හා කිඹුල් මිශ්‍ර මුහුණක් සහ හිපපොටේ ශරීරයක් තිබූ මිත්‍යා සත්ත්වයෙකු අඹා තිබිණි. ආගාරයේ සතර කොන රජුන් භාවිතකල පන්නයේ අශ්ව කරත්ත සතරක් පිහිටුවා තිබූ අතර ඉන් එකක් දඩයම සදහාද, එකක් සංග්රාම සදහාද අනෙක් දෙක රාජ්‍ය උත්සව සදහා දා භාවිත කල පන්නයේ ඒවා විය. ඒවා අතර විශාල රන් පෙට්ටගම් ගොඩ ගසා තිබුණු අතර ඒවා තුළ රජුගේ සියළු යුද උපකරණ, කඩු, කිනිසි, තෝමර, යගදා සමඟ රාජ වස්ත්රාභරණ මෙන්ම සැරයටි විශාල ප්‍රමාණයක් (130ක්) විය. ඊට අමතරව වූ තවත් එක් පෙට්ටගමක සංගීත භාණ්ඩ පුරවා තිබූ අතර එහි පිත්තලින් නිර්මිත මනරම් හොරණෑ දෙකක් විය. එය මානව ඉතිහාසයේ පිත්තලින් නිර්මිත පැරණිතම භාණ්ඩය ලෙස සැලකේ. එකී, මෙකී, නොකී බඩු භාණ්ඩ හත්සියයක ට වඩා වැඩි ප්‍රමාණයකින් පූර්වාගාරය පිරී තිබිණි.

කාටර් මෙම ආගාරය තුළ මාස තුනක පමණ කාලයක් ගත කල අතර සියළුම භාණ්ඩ ක්‍රමානුකූලව වර්ග කිරීමෙන් පසුව ඔහු ඊළග කුටීරයට එළැඹියේ 1923 හි පෙබරවාරි මස 16 වැනිදා වන අතර එම කුටිය පැහැදිලිවම මෘතශරීරාගාරය ලෙස හඳුනාගත හැකි විය. එම ආගාරය සම්පූර්ණයෙන්ම වාගේ පිරීයන පරිදි දැවමය කුටියක් වූ අතර එය තුළ තවත් කුඩා දැව කුටීරයක් විය. එම කුටීරය තුළ තවත් එවැනිම කුඩා ප්‍රමාණයේ දැවමය කුටීරයක් වූ අතර මෙසේ එකිනෙකට කුඩා වෙමින් ගියා වූ දැවමුවා කුටීර හතරකට පසු ග්‍රැනයිට් පාෂාණයෙන් තැනූ මීටර් 2.9×1.4 ප්‍රමාණයේ විශාල සංවෘත ශෛලමය මංජුසාවක් විය. එකිනෙක තුළ කුඩා වෙමින් ගිය දැවමය කුටීර බිත්ති මත තූතන්කාමුන් රජුගේ ජීවිත කතාව චිත්රණය කර තිබූ අතර අවසාන දැව බිත්තියේ රජුගේ අවමංගල්‍යය උත්සවය හා ඔහු මරණයේ ලෝකයට ඔසවාගෙන යාම දැකගත හැකි විය.

විශාල ග්‍රැනයිට් මංජුසාව සැබවින්ම ශව බදුනක් (මිනී පෙට්ටියක්) විය. එහි සතරකොන වර්ණ සතරකින් සිත්තම් කර තිබූ අතර ශෛලමය පියනකින් එය මුද්‍රාකොට වසා දමා තිබිණි. 1924 හි පෙබරවාරි 12 වන දින මහා ග්‍රැනයිට් පියන ඔසවා මංජුසාව විවෘත කල අතර ඒ තුළ ලෝහයෙන් තැනූ තවත් ශව බදුනක් විය. ඒවා ශරීරයේ හැඩයට තැනූ වෛවාරණ පින්තාරුවෙන් හැඩ දැමූ අපූරු මංජුසා වේ. කෙසේ හෝ මෙලෙසෙ එකෙනෙකට කුඩා වෙමින් ගිය මේ ආකාරයේම ශව බදුන් තුනකට පසු සම්පූර්ණයෙන්ම තනි රත්තරනින් තැනූ කිලෝ එකසිය දහයක් බරැති වූ අවසාන විචිත්‍රවත් ශවභාජනය හමුවිය. එහි ඇතුළත තූතන්කාමුන් ගේ මමීකෘත දේහය තිබූ අතර එහි ශීර්ෂය කිලෝ එකොළසක් බර ශුද්ධ රත්තරනින් නිමවූ වෙස්මුහුණකින් වසා තිබිණි. අද තූතන්කාමුන් කියූ සැනින් සිහියට එන මනරම් රන් උඩුකය රුව ඒ එදා ඒ ශීර්ෂය වසා තිබූ වෙස්මුහුණ වේ.

අතිලංකෘත රන් වෙස් මුහුණින් වසා තිබූ තූතන් ගේ මමීකෘත දේහය දැවී පිලිස්සී ගිය විලාසයක් පෙන්නුම් කල අතර, අඩි 5යි අගල් 6 කට වඩ උස නොවූ, කුණූ වී කළු ගැසුනු පාදයකින් හා දුටු පමණින් කිසිදා අමතක නොවන විශාල කෘන්තක දත් දෙකකින් විලිස්සුනු මුහුණකින් සමන්විත එය අවලක්ෂණ ආකාරයේ මමියක් විය.

මෙම අදාහනාගාර කුටියට පසෙකින් විවෘත වූ දොරකින් තවත් ආගාරයකට පිවිසිය හැකි වූ අතර අපි එයට නිධන් ආගාරය යැයි කියමු. එය තුළ රජු ගේ මාහර්ඝ ධනස්කන්ධය ගබඩා කොට තිබූ අතර එකෙනෙකට වෙනස් වර්ග පන්දහසකට අයත් භාණ්ඩ එහි විය. එහි අති පුදුම සහගත ආකාරයේ කුඩා ශවබදුන් දෙකක් ද වූ අතර එහි මමීකෘත අතිශය ව්කෘති ලදරු කළල දෙකක් විය. පසු කලෙක සිදුකල DNA පරීක්ෂණ වලදී එය තූතන්ගේ, උපතින්ම මළ දරුවන් දෙදෙනා බව තහවුරු විය. මියගියද, විකෘති වුවද එය ඔහුට සම්පතක් විය. එනිසා උන් මළද ඔහු උන් රකින්නට ඇත. මමීකෘත කොට සයනයේ තබා නිති බලා සැනසෙන්නට ඇත. එනිසාම ඔහු මළ පසු ඔහුගේ සම්පත් ගොන්නට, ඔහු සදාකල් ප්රියකලා වූත්, ආදරයෙන් තනි රැක තනි නොකෙරුවා වූත්, ජීවිතයේ ආදර අපේක්ෂාව වී ඔහු හා දිවි ගෙව්වා වූත්, ඒ සම්පත් ද්විත්වය ද, එක් කරන්නට ඇත!!

මේ කුටි තුනට අමතරව සොහොන් සංකීර්ණය තුළ තවත් එක් කුටියක් තිබූ අතර එය පූර්වාගාරයේ එක් පසෙක් තිබූ දොරටුවකින් ඊට විවෘත විය. එහි රන් පීප්ප තුල පිරවූ වයින් සහ සැර මද්‍යසාර ද, කැටයමින් හැඩ කල බදුන් තුළ සුරැකිව තිබූ අති ඉස්තරම් සුවද විලවුන් වර්ග ද, ලෝහමය ගුරුලේත්තුවල බහා ගොඩ ගැසූ මිලධික තෙල් වර්ග ඇතුළු අති සුඛොපභෝගී සුකුරුත්තම් ගොන්නකින් මෙන්ම කල් තැබූ ආහාර පාන වලින්ද පිරී තිබිණි. පෙණුනු ආකරයට මෙම කුටීරය, අවම වශයෙන් දෙවරක්, නිධන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබිණි. එහි තිබූ බොහෝ භාජන, ගුරුලේත්තු, හිස් ව තිබූ බැවින් දුප්පත් නිධන් කොල්ලකරුවා තමාට පහසුවෙන් විකුණාගත හැකි වූ සුවඳ විලවුන් හා තෙල් වර්ග පැහැරගෙන ගොස් ඇති බව සැක කෙරිණි. බොහෝ විට මෙය සැලවීමෙන් පසු එකල රාජ්‍යත්වය ඒවා පුරවා නැවත ද්වාර මුද්‍රා තබන්නට ඇතැයි සැක කල හැකි ය.

රජවරුන්ගේ නිම්නයේ සැටදෙවන සොහොන් ගැබ වන, තූතන් විවේකීව වසර තුන්දහසක් සැතපුනු සුසාන සංකීර්ණය අනෙක් රජවරුන්ගේ සොහොන්ගර්භ හා සැසදීමේ දී අතිශයින් කුඩා වූ අතර බොහෝ භාණ්ඩ පිළිවෙලින් අසුරනවා වෙනුවට ඒවා එකමත ඔහේ ගොඩගසා තිබූ බවක් දක්නට තිබිණි. එමෙන්ම තූතන්කාමුන් කිව් සැණින් සිහිපත් වන්නා වූ, ඔහුගේ රූපමය සංකේතය බදු වූ, රන් වෙස්මුහුණ පවා වෙනකෙකු වෙනුවෙන් සෑදූ එකක් බවත් හදීසියේ නව වෙස් මුහුණක් සාදනවා වෙනුවට පෙර සෑදූ අනෙකක් භාවිතා කර තිබෙන බවත් පැහැදිලිව හදුනාගත හැකිව තිබිණි. මේ සියළු සාධක මගින් තූතන් ගේ හදීසී මරණය, ඒ සරිම හදීසි භූමදානයකින්ම නිම වෙන්නට ඇතැයි අපට අනුමාන කල හැක.

යෞවනයේ මස්තකප්රාප්තී සිහිනය අභියස, තූතන්කාමුන් නම් උදා හිරු සරි පාරාවෝ, වයස අවුරුදු දහඅටක් වන් අළුයමක දී, මිය ගියේ කෙසේ ද?

එය ඉතිහාසය පුරා වරින් වර පුනරුච්චරණය වූ ගැටළුවක්ව පැවති අතර සොහොන් ගැබ සොයාගැනීමත් සමග ඒවාට පිළිතුරු හෝ බොහෝවිට අනුමානයන් සොයාගත හැකිවිය. මමීකෘත හිස්කබලේ පැහැදිලි පැල්මක් දැකිය හැකි වූ අතර තූතන්ගේ මරණය බොහෝවිට හිසට පිටුපසින් වැරෙන් එල්ලකල මොට ආයුධ ප්‍රහාරයකින් සිදු වෙන්නට ඇතැයි සැක කෙරුණෙන් මෙම පුංචි පාරාවෝ අකාලයේ මියදුනේ රාජ්‍ය කුමන්ත්රණයකින් බවට පළමුව නිගමනය විය. කෙසේ නමුත් කාලයන් ගෙවී ගිය අතර පුරා විද්‍යාව සදහා CT උපකරණ, DNA තාක්ෂණය යොදාගැනීම ඇරඹිණි. එහිදී හිසට එල්ල වී තිබූ ප්‍රහාරය පැහැදිලිවම මරණයෙන් පසු එල්ල වූවක් බව තහවුරු විය. ඒ වෙනුවට නව සාක්ෂ්‍ය මතුවිය.

වර්ෂ 2014 හි දී නවීන තාක්ෂණය මගින් ලබාගත් CT පිරික්සුම් දෙදහසකට අධික සංඛ්‍යාවක් හරහා සොයාගත් පරිදි තූතන්ගේ වම් කකුගේ ඌර්වස්ථිය බහුභග්නයකට ලක්ව තිබූ අතර එහි කකුල් කෙලවර කුණුවෙමින් කළුගැසුනු ඕජසින් පිරි වණයක් ද විය. එහි අභ්‍යන්තර, කුණුවෙමින් පැවති මස්වැදලි අතරත පා ඇඟිලි අස්ථියෙන් අඩක් දැකගත නොහැකි වූ අතර මෙයද මරණයෙන් පසු වූවක් ය කියා අත් හැර දැමිය හැකිව තිබූ මුත්, ඌර්වස්ථිය හාවීම ඇරඹී තිබීමත්, පාගිල්ලේ අභ්‍යන්තරයේ ඉතිරි වූ අස්ථි කොනකින් ඉතිරිය දළුලා වැඩීම ඇරඹී තිබීමත් හේතුකොට ගෙන තූතන් ජීවත්ව සිටියදීම වේදානබරිත කිසියම් පාද ආබාධයකින් පීඩා විඳි බවට ඉඟිදුන් ලකුණු ඒ තුළ පැහැදිලිවම අන්තර්ගත විය. එසේ නම් තූතන්කාමූන් ජීවත්ව සිටියදී, බොහෝ විට ඒ කෙටි ජීවිතයේ අවසාන භාගයේ දී, ඇවිදීමට නොහැකි වන පරිදි දුබල කෙරවූ අපහසුතාවයකින් පීඩා වින්දේ ද? ඒ උපකල්පනයට පූර්වාගාරයෙහි තිබී හමු වූ අති ලංකෘත සැරයටි එකසියතිහ සහ මෘතශරීරාගාරයෙහි හමු වූ චිත්‍ර අතර වූ පුදුම සහගත ලෙස, වාඩි වූ ඉරියව්වකින් ම ඊතල විඳින, වාඩි වී හිඳම ක්‍රීඩා කරන, ලෙස තූතන්කාමුන් බොහෝ තැන් හී සිතුවම් ගත කර පැවතීම එක් වූ විට, සියල්ල මනා සේ පැහැදිලි වන බවක් පෙනෙන්නට තිබිණි. තූතන්කාමූන් ජීවිතයේ අවසාන සමයේ ඈඳිගෙන විඳවන්නට, අවැසිම නම් විඳවමින් ඇවිදින්නට සිදුවන පරිදි එක්තැන්ව හිඳ ඇත. ඒ එසේ නම්, ඒ එසේ වූයේ කෙසේ ද?

ඒ සඳහා උපකල්පන බොහෝ වෙති. ඉන් වඩා ප්‍රචලිතම එකක් ලෙස අශ්ව කරත්ත අනතුර උදාහරණයකට ගත හැකිය. යුධමය අභ්‍යාසයකදී හෝ දඩයමේ දී හෝ තූතන් නම් කිරුළ ලූ ගැටයා, අශ්ව කරත්තයෙන් වැටී ඇත. එහි සුවිසල් රෝදයකට වම් කකුල යට වී ඇත. ඉන් උපන් ව්‍යාධියෙන් පාරාවෝ ජීවිතයේ අවසානය අසබඩ වේදනා විද ඇත. උපතින්ම පැතලි පතුල් ඇත්තා අශ්වරථ හැසිරවීමේ බාලයෙකි කියන්නෝ, එනිසාම උපන් අසමබරතාවයකින් ඉන් ඔහු ගිලිහී වැටුනේ ය කියති. ඊට විරුද්ධ වන්නෝ තූතන් කිසිදා අශ්ව කරත්තයක් නොපැද්දේ ය කියති. නමුදු තූතන් අශ්වරථ පදිනා සිතුවම් වෙති. මනරම් අශ්ව රථ සතරක්ම පූරවාගාරයේ වෙති. ඒ සියල්ල පිළිකෙව් කරන ඇතැම් ඊජිප්තුවාදීහූ ඒ හැර තවත් උපකල්පන ගෙන හැර පාති. ඉනෙකක්, නයිල් නදී තෙර හිපපොටේ අනතුර ලෙස, ගෙන දැක්විය හැකිය. දිය කෙළියට නයිල් නදියත සැරූ තූතන්, සුවිසල් හිපපොටේමසෙකුගේ ප්‍රහාරයට බදුන්ව ඇත. සුවිසල් තෙදබලැති හොම්බා පහරකින් තූතන් විසි වී ගොස් ඉහත කී ව්‍යාධීන් ලබා ඇත. ඒ කෙසේවකින් හෝ අප අනුමාන කරන්නා වූ, හෝ නොකරන්නා හෝ වූ කිසියම් අනතුරකින් අප ගේ හිතවත් තූතන්කාමූන් උග්‍ර පීඩාවකට බදුන් වී, නමුත් ඉන් නොමැරී, තවත් කල් ජීවත් වී ඇත.

එසේ, එසැණින් නොවුන මුත්, මරණයට අනතුර හේතුවන්නට ඇති ද? එයට නැත යැයි නම් කිව හැක්කේ කා හට ද? අති දියුණු වෛද්‍යකර්ම විධි පැවති ඊජිප්තුව, තම ජීවමාන දෙවියන් බදු වූ පාරාවෝ සුවපත් කර නොගත්තේ මන්ද? හිතවතුනි, ඒ උන්ට, ඊට වැඩි දෑට, මුහුණ දෙන්නට වූ බැවිනි. වර්ෂ 2014 හිදී ම, සිදුකළ DNA පරික්ෂාවක දි, තූතන් ගේ දේහය තුළ තිබී එකිනෙකට වෙනස් මැලෙරියා විශේෂ කිහිපයක් සොයාගැනීමට හැකි විය. මැලෙරියවෙහි රෝග කාරකයෙකු වන plasmodium falciparum වර්ගයේ මාදිලි කිහිපයක් සිරුර තුළ පැවතීමෙන් තූතන් බොහෝවිට, මැලෙරියා රෝගයකට එකවරකට වඩා, නොඑසේනම් නැවත නැවතත් බඳුන් වී ඇති බව නිශ්චිතවම නිගමනය කළ හැකි විය. එසේ නම්, තූතන්කාමූන්ට මරු කැඳවූයේ මැලෙරියාව ද? මැලේරියාවෙහි ඓතිහාසික ගොදුරු අතරට අපගේ කුඩා පාරාවෝ ත් එක් වීද?

නැත! එය එතරම්ම සරළව පැවසීමට තරම් තූතන්කාමූන් අපට ළග නැත. ඔහු බොහෝ දුරය. වසර තුන්දහසක් අවමයෙන්, අප වෙතින්, අප අත පොවන මානයෙන්, දුර ය.

එවන්කල, ඒ අනුව, සියල්ල සලකා බලා අවසන් එක් සාරාංශී නිගමනයකට එළැඹිය යුතුය. අපි එය මෙලෙස දක්වා හිඳිමු,

ව්යාභීචාරී ලෙයින් ජනිත වූ දරුවා, සිය මවද පියාද, එකම මව්පියන්ගේ දූදරුවන් වූ බැවින්, පරපුරෙන් උරුම කරගත්තා වූ භෞතිකමය විකෘතීන්ට, රුධිරගත රෝගාබාධයන්ට, ප්‍රතිශක්තී පද්ධතියේ දුර්වලතාවයන්ට බඳුන් වී හිඳ, බොහෝ විට ගැටවර වියට එළැඹීමේදී, අශ්ව කරත්තයකින් වැටී හෝ හිපපොටේ අනතුරකට මුහුණ දී හෝ, පාදයේ විශාල තුවාලයකට හා කලවා අස්ථි භග්නයකට ලක්ව සිටියදී එය සුව වීමට පෙර දරුණු මැලෙරියා රෝගයට ගොදුරු වී ඉන් මරුමුවට පත්වන්නට ඇත!

සියවස් ගණනක් පුරා පැවති තූතන්කාමුන් ගේ මරණයේ අභිරහස ඒ උපකල්පන හරහා විසඳා දී ඇතත් මතු දිනෙක ඒ එසේ නොව මෙසේ වූ බව, කෙනෙකු නව සාධක මතුකර පෙන්වා දීමට ඉඩකඩ නැතුවාද නොවේ. පුරාවිද්‍යාවේ අවිනිශ්චිත බව මෙන්ම සුන්දරත්වය ද එයම යැයි මම සිතමි.

තූතන්කාමුන් රජු ගේ සොහොන්ගැබ පුරා සැරිසරා, ඔහු මළවුන්ගේ ලෝකයට රැගෙන යන්නට ගොඩ ගැසූ වස්තු සම්භාරය දැක, ඔහුගේ මරණයේ ගැටළුව ද සාකච්ජා කොට එකඟතාවයකට පැමිණිය මුත්, අපට කතාබහ කරන්නට මහා ශාපයක් පිළිබද කතාන්දරයක් ඉතිරිව ඇත.

හෙට ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයකින් අප නැවත හමුවෙමු. එතෙක් සිත්පුරා සිතන්නට, සිහිනයෙන් දකින්නට, සිහිනයේ නිදි නොවැද විඳින්නට, තූතන්කාමුන් ගේ සොහොන් ද්වාරය, මම ඔබ ඉදිරියේ මෙසේ විවෘත කළෙමි.

To be continued...

Copyright 2020 ඓතිහාසික ජායාරූප නොසැලෙයි

[QUOTE="Hyperx99, post: 25303361, member: 567991"] [b]තූතන්කාමූන් ගේ ශාපය - part ii[/b] link to part-i [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1934128[/URL] [SIZE=5]තූතන්කාමූන් ගේ ශාපය - දෙවන කොටස පොළෝ යට සොහොන් ගැබේ දී....! ඒ 1922 හි නොවැම්බරයේ විසිනමවන උදාවයි. හතරවන දා සිට එකදිගට සිදුකල කැණීම් වලින් පසු පඩිපෙළ පාදාන්තය තෙක් පාදා, වැලි හුණුගල් මිශ්‍රිත පස ඉවත්කොට තිබූ අතර අප පෙර සටහන් කල සොහොන් ද්වාරය එනම් වසර තුන්දහසක අතීතය දරා සගවා සිටින ඓතිහාසික ද්වාරය මතු වී තිබිණි. ඉංග්‍රීසි ජාතික හොවාර්ඩ් කාටර් ගල්කටුව අතැතිව ඒ දෙසට පියමනිමින් සිටි අතර කෙනෙකු බියෙන් දෑස් පියා සිටි අතර තවෙකෙකු දෑස් අඩවන් කොට සිදුවීම් සියල්ල පෙනී නෙපෙනී යමට ඉඩදුනි. ඒ හැර අනෙක් සියල්ලෝ උන් සිටි තැන් නොදන්නාක් සේ ඇස් කන් අයා බලා උන්නෝය. විශ්මයක්ම අපේක්ෂිත ඒ නෙත් අතර, මේ මහා කර්තව්‍යයේ බරපැණ දැරූ කාර්නවන් හී අර්ල් වරයා වූ ජෝර්ජ් හර්බට් සාමිවරයාගේ මෙන්ම ඔහුගේ විසි එක් හැවිරිදි දියණිය වූ එව්ලින් හර්බට් ගේ ද තෘෂ්ණයෙන් බරිත නෙත් විය. රාජ්‍යත්වයේ සංකේතය සමග නොබිදුණු මුද්‍රාවකින් ද්වාරය අගුළු ලා තිබු නමුත් අති සුපරික්ෂාකාරී නිරීක්ෂණයකින් පසු එම මුද්‍රාව දෙවරක් බිද දමා පසුව යලි මුද්‍රා තැබූවක් බව කාටර් වහා අවබෝධ කරගති. මුද්‍රාව විවරකොට දොර විවර කිරීමෙන් ඔහු අදුරු කොරිඩෝවකට එළඹි අතර කිසිවක් නොතිබූ ඉඩකඩ සහිත කොරිඩෝවයට පිළිපන් වහා පෙනහළු දෙපාමුල ඇදවැටෙන්නක් මෙන් දැනි බරැති පල්වූ පැරණි වාතය ඔහුට ආඝාණය විය. අඩි කිහිපයක් පසෙකට තැබූ ඔහු හිසෙන් අනෙකුන්ට ඉගි කලේ එකිනෙකා එකා පසු පස එකා බැගින් හතර පස් දෙනෙකු කොරිඩෝවට ඇතුළු විය. ඇවිලූ ගිණි සිළුවෙන් තාපී ආලෝකයක් ගෙන, මෙලෙස මීටර කිහිපයක් ඉදිරියට ගමන් කල කල්හී ඔවුනට දෙවන ද්වාරය මුණ ගැසුනු අතර එහිද මුද්‍රාව අවම වශයෙන් දෙවරක් බිද දැමූ ලක්ෂණ දැකගත හැකි විය. මෙහිදී ද්වාරය විවර කිරීමට කලබල නොවුනු කාටර් ඒ වෙනුවට දොරෙහි ප්‍රමාණවත් අන්දමේ සිදුරක් සාදා ඒ ඉදිරිපිටට ඉටිපන්දම් එළිය ගෙන එන ලදි. කුමක් හෝ කිසියම් උණුසුම් වාත දහරක් ඉන් පිටතට පැමිණි අතර ඉන් ඉටිපන්දම් එළිය ඇදවී නිවී යාමට ආසන්න වනු ඔහු දැකගති. දොර එකවර විවර නොකිරීමට ගණදෙව් නුවණ පහළවීම සම්බන්ධව තමාටම ස්තූති කරගත් ඔහු ඒ කුමක් හෝ බර වායු ධාරාව සිදුරින් එළියට යාමට ඉඩ සලසමින් කෙටි වේලාවක් බලා හිද සිදුරට ඇස තබා බැලුවේ වසර තුන්දහසක් කාලවර්ණාන්ධකාරයේ අතරමංවිය. මොහොතකින් ඇස එළවා ගත් කාටර් අදුරට නෙත් හුරු වූ බැවින් හැකි උපරිම වෑයමෙන් ඇස අයා බැලුවේ, බැලු බැලු හැම තැන මේ පෙනෙන්නේ රත්තරන් නොවේදෝ යන්න දැක මොහොතකට ගොළු වී ගල්විය. නොඉවසිලිමත් ව හුන් කාර්නවන් සාමිවර තෙමේ කාටර්ගෙන් කිසිවක් පෙනේදැයි විමසූ විට ඔහු ඊට සදා අමරණීය තනි වාක්‍යකින් පිළිතුරු දුනි. "එසේය! විශ්මිත දේ දකිමි" ඔහු පැවසූවේ එපමණකි. කාර්නවන් සාමිවරයා හට ඒ පිළිතුරේ ස්වරයෙන් සියල්ල තේරුම් ගිය අතර තම මුදල් තඹ දොයිතුවක් හෝ නිකරුනේ වැය නොවූ බව දැන සතුටු සිනාවකින් මුව සරසාගති. සතුටට එහා ගියා වූ කෑදර විරූපීත්වයක් එහි වී නම්, එය අදුරටම, ජීවිතය සරි අඳුරටම, මුසු විය. දෙවෙනි ද්වාරය විවර වුණි. එය විශාල තනි හතරැස් ආගාරයක් වූ අතර අපි එයට 'පූර්වාගාරය' යැයි කියමු. එහි මැදට වන්නට මහා සයනයන් තුනක් දැකගත හැකි විය. ඊජිප්තු ඉතිහාසය හැදෑරූ ඕනෑම අයෙකුට ඒවා මළමිනී එම්බාම් කොට මමීය පිළියෙල කිරීමට භාවිත කරන ඒවා බව තෙරුම් ගැනීම වෙහෙසකර නොවනු ඇත. එහි පළමු සයනයේ ශීර්ෂ කෙළවර සිංහයෙකු කැටයම් කර තිබූ අතර දෙවැන්නේ වෘෂභයෙකු හා තුන්වැන්නේ සිංහ හා කිඹුල් මිශ්‍ර මුහුණක් සහ හිපපොටේ ශරීරයක් තිබූ මිත්‍යා සත්ත්වයෙකු අඹා තිබිණි. ආගාරයේ සතර කොන රජුන් භාවිතකල පන්නයේ අශ්ව කරත්ත සතරක් පිහිටුවා තිබූ අතර ඉන් එකක් දඩයම සදහාද, එකක් සංග්රාම සදහාද අනෙක් දෙක රාජ්‍ය උත්සව සදහා දා භාවිත කල පන්නයේ ඒවා විය. ඒවා අතර විශාල රන් පෙට්ටගම් ගොඩ ගසා තිබුණු අතර ඒවා තුළ රජුගේ සියළු යුද උපකරණ, කඩු, කිනිසි, තෝමර, යගදා සමඟ රාජ වස්ත්රාභරණ මෙන්ම සැරයටි විශාල ප්‍රමාණයක් (130ක්) විය. ඊට අමතරව වූ තවත් එක් පෙට්ටගමක සංගීත භාණ්ඩ පුරවා තිබූ අතර එහි පිත්තලින් නිර්මිත මනරම් හොරණෑ දෙකක් විය. එය මානව ඉතිහාසයේ පිත්තලින් නිර්මිත පැරණිතම භාණ්ඩය ලෙස සැලකේ. එකී, මෙකී, නොකී බඩු භාණ්ඩ හත්සියයක ට වඩා වැඩි ප්‍රමාණයකින් පූර්වාගාරය පිරී තිබිණි. කාටර් මෙම ආගාරය තුළ මාස තුනක පමණ කාලයක් ගත කල අතර සියළුම භාණ්ඩ ක්‍රමානුකූලව වර්ග කිරීමෙන් පසුව ඔහු ඊළග කුටීරයට එළැඹියේ 1923 හි පෙබරවාරි මස 16 වැනිදා වන අතර එම කුටිය පැහැදිලිවම මෘතශරීරාගාරය ලෙස හඳුනාගත හැකි විය. එම ආගාරය සම්පූර්ණයෙන්ම වාගේ පිරීයන පරිදි දැවමය කුටියක් වූ අතර එය තුළ තවත් කුඩා දැව කුටීරයක් විය. එම කුටීරය තුළ තවත් එවැනිම කුඩා ප්‍රමාණයේ දැවමය කුටීරයක් වූ අතර මෙසේ එකිනෙකට කුඩා වෙමින් ගියා වූ දැවමුවා කුටීර හතරකට පසු ග්‍රැනයිට් පාෂාණයෙන් තැනූ මීටර් 2.9×1.4 ප්‍රමාණයේ විශාල සංවෘත ශෛලමය මංජුසාවක් විය. එකිනෙක තුළ කුඩා වෙමින් ගිය දැවමය කුටීර බිත්ති මත තූතන්කාමුන් රජුගේ ජීවිත කතාව චිත්රණය කර තිබූ අතර අවසාන දැව බිත්තියේ රජුගේ අවමංගල්‍යය උත්සවය හා ඔහු මරණයේ ලෝකයට ඔසවාගෙන යාම දැකගත හැකි විය. විශාල ග්‍රැනයිට් මංජුසාව සැබවින්ම ශව බදුනක් (මිනී පෙට්ටියක්) විය. එහි සතරකොන වර්ණ සතරකින් සිත්තම් කර තිබූ අතර ශෛලමය පියනකින් එය මුද්‍රාකොට වසා දමා තිබිණි. 1924 හි පෙබරවාරි 12 වන දින මහා ග්‍රැනයිට් පියන ඔසවා මංජුසාව විවෘත කල අතර ඒ තුළ ලෝහයෙන් තැනූ තවත් ශව බදුනක් විය. ඒවා ශරීරයේ හැඩයට තැනූ වෛවාරණ පින්තාරුවෙන් හැඩ දැමූ අපූරු මංජුසා වේ. කෙසේ හෝ මෙලෙසෙ එකෙනෙකට කුඩා වෙමින් ගිය මේ ආකාරයේම ශව බදුන් තුනකට පසු සම්පූර්ණයෙන්ම තනි රත්තරනින් තැනූ කිලෝ එකසිය දහයක් බරැති වූ අවසාන විචිත්‍රවත් ශවභාජනය හමුවිය. එහි ඇතුළත තූතන්කාමුන් ගේ මමීකෘත දේහය තිබූ අතර එහි ශීර්ෂය කිලෝ එකොළසක් බර ශුද්ධ රත්තරනින් නිමවූ වෙස්මුහුණකින් වසා තිබිණි. අද තූතන්කාමුන් කියූ සැනින් සිහියට එන මනරම් රන් උඩුකය රුව ඒ එදා ඒ ශීර්ෂය වසා තිබූ වෙස්මුහුණ වේ. අතිලංකෘත රන් වෙස් මුහුණින් වසා තිබූ තූතන් ගේ මමීකෘත දේහය දැවී පිලිස්සී ගිය විලාසයක් පෙන්නුම් කල අතර, අඩි 5යි අගල් 6 කට වඩ උස නොවූ, කුණූ වී කළු ගැසුනු පාදයකින් හා දුටු පමණින් කිසිදා අමතක නොවන විශාල කෘන්තක දත් දෙකකින් විලිස්සුනු මුහුණකින් සමන්විත එය අවලක්ෂණ ආකාරයේ මමියක් විය. මෙම අදාහනාගාර කුටියට පසෙකින් විවෘත වූ දොරකින් තවත් ආගාරයකට පිවිසිය හැකි වූ අතර අපි එයට නිධන් ආගාරය යැයි කියමු. එය තුළ රජු ගේ මාහර්ඝ ධනස්කන්ධය ගබඩා කොට තිබූ අතර එකෙනෙකට වෙනස් වර්ග පන්දහසකට අයත් භාණ්ඩ එහි විය. එහි අති පුදුම සහගත ආකාරයේ කුඩා ශවබදුන් දෙකක් ද වූ අතර එහි මමීකෘත අතිශය ව්කෘති ලදරු කළල දෙකක් විය. පසු කලෙක සිදුකල DNA පරීක්ෂණ වලදී එය තූතන්ගේ, උපතින්ම මළ දරුවන් දෙදෙනා බව තහවුරු විය. මියගියද, විකෘති වුවද එය ඔහුට සම්පතක් විය. එනිසා උන් මළද ඔහු උන් රකින්නට ඇත. මමීකෘත කොට සයනයේ තබා නිති බලා සැනසෙන්නට ඇත. එනිසාම ඔහු මළ පසු ඔහුගේ සම්පත් ගොන්නට, ඔහු සදාකල් ප්රියකලා වූත්, ආදරයෙන් තනි රැක තනි නොකෙරුවා වූත්, ජීවිතයේ ආදර අපේක්ෂාව වී ඔහු හා දිවි ගෙව්වා වූත්, ඒ සම්පත් ද්විත්වය ද, එක් කරන්නට ඇත!! මේ කුටි තුනට අමතරව සොහොන් සංකීර්ණය තුළ තවත් එක් කුටියක් තිබූ අතර එය පූර්වාගාරයේ එක් පසෙක් තිබූ දොරටුවකින් ඊට විවෘත විය. එහි රන් පීප්ප තුල පිරවූ වයින් සහ සැර මද්‍යසාර ද, කැටයමින් හැඩ කල බදුන් තුළ සුරැකිව තිබූ අති ඉස්තරම් සුවද විලවුන් වර්ග ද, ලෝහමය ගුරුලේත්තුවල බහා ගොඩ ගැසූ මිලධික තෙල් වර්ග ඇතුළු අති සුඛොපභෝගී සුකුරුත්තම් ගොන්නකින් මෙන්ම කල් තැබූ ආහාර පාන වලින්ද පිරී තිබිණි. පෙණුනු ආකරයට මෙම කුටීරය, අවම වශයෙන් දෙවරක්, නිධන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබිණි. එහි තිබූ බොහෝ භාජන, ගුරුලේත්තු, හිස් ව තිබූ බැවින් දුප්පත් නිධන් කොල්ලකරුවා තමාට පහසුවෙන් විකුණාගත හැකි වූ සුවඳ විලවුන් හා තෙල් වර්ග පැහැරගෙන ගොස් ඇති බව සැක කෙරිණි. බොහෝ විට මෙය සැලවීමෙන් පසු එකල රාජ්‍යත්වය ඒවා පුරවා නැවත ද්වාර මුද්‍රා තබන්නට ඇතැයි සැක කල හැකි ය. රජවරුන්ගේ නිම්නයේ සැටදෙවන සොහොන් ගැබ වන, තූතන් විවේකීව වසර තුන්දහසක් සැතපුනු සුසාන සංකීර්ණය අනෙක් රජවරුන්ගේ සොහොන්ගර්භ හා සැසදීමේ දී අතිශයින් කුඩා වූ අතර බොහෝ භාණ්ඩ පිළිවෙලින් අසුරනවා වෙනුවට ඒවා එකමත ඔහේ ගොඩගසා තිබූ බවක් දක්නට තිබිණි. එමෙන්ම තූතන්කාමුන් කිව් සැණින් සිහිපත් වන්නා වූ, ඔහුගේ රූපමය සංකේතය බදු වූ, රන් වෙස්මුහුණ පවා වෙනකෙකු වෙනුවෙන් සෑදූ එකක් බවත් හදීසියේ නව වෙස් මුහුණක් සාදනවා වෙනුවට පෙර සෑදූ අනෙකක් භාවිතා කර තිබෙන බවත් පැහැදිලිව හදුනාගත හැකිව තිබිණි. මේ සියළු සාධක මගින් තූතන් ගේ හදීසී මරණය, ඒ සරිම හදීසි භූමදානයකින්ම නිම වෙන්නට ඇතැයි අපට අනුමාන කල හැක. යෞවනයේ මස්තකප්රාප්තී සිහිනය අභියස, තූතන්කාමුන් නම් උදා හිරු සරි පාරාවෝ, වයස අවුරුදු දහඅටක් වන් අළුයමක දී, මිය ගියේ කෙසේ ද? එය ඉතිහාසය පුරා වරින් වර පුනරුච්චරණය වූ ගැටළුවක්ව පැවති අතර සොහොන් ගැබ සොයාගැනීමත් සමග ඒවාට පිළිතුරු හෝ බොහෝවිට අනුමානයන් සොයාගත හැකිවිය. මමීකෘත හිස්කබලේ පැහැදිලි පැල්මක් දැකිය හැකි වූ අතර තූතන්ගේ මරණය බොහෝවිට හිසට පිටුපසින් වැරෙන් එල්ලකල මොට ආයුධ ප්‍රහාරයකින් සිදු වෙන්නට ඇතැයි සැක කෙරුණෙන් මෙම පුංචි පාරාවෝ අකාලයේ මියදුනේ රාජ්‍ය කුමන්ත්රණයකින් බවට පළමුව නිගමනය විය. කෙසේ නමුත් කාලයන් ගෙවී ගිය අතර පුරා විද්‍යාව සදහා CT උපකරණ, DNA තාක්ෂණය යොදාගැනීම ඇරඹිණි. එහිදී හිසට එල්ල වී තිබූ ප්‍රහාරය පැහැදිලිවම මරණයෙන් පසු එල්ල වූවක් බව තහවුරු විය. ඒ වෙනුවට නව සාක්ෂ්‍ය මතුවිය. වර්ෂ 2014 හි දී නවීන තාක්ෂණය මගින් ලබාගත් CT පිරික්සුම් දෙදහසකට අධික සංඛ්‍යාවක් හරහා සොයාගත් පරිදි තූතන්ගේ වම් කකුගේ ඌර්වස්ථිය බහුභග්නයකට ලක්ව තිබූ අතර එහි කකුල් කෙලවර කුණුවෙමින් කළුගැසුනු ඕජසින් පිරි වණයක් ද විය. එහි අභ්‍යන්තර, කුණුවෙමින් පැවති මස්වැදලි අතරත පා ඇඟිලි අස්ථියෙන් අඩක් දැකගත නොහැකි වූ අතර මෙයද මරණයෙන් පසු වූවක් ය කියා අත් හැර දැමිය හැකිව තිබූ මුත්, ඌර්වස්ථිය හාවීම ඇරඹී තිබීමත්, පාගිල්ලේ අභ්‍යන්තරයේ ඉතිරි වූ අස්ථි කොනකින් ඉතිරිය දළුලා වැඩීම ඇරඹී තිබීමත් හේතුකොට ගෙන තූතන් ජීවත්ව සිටියදීම වේදානබරිත කිසියම් පාද ආබාධයකින් පීඩා විඳි බවට ඉඟිදුන් ලකුණු ඒ තුළ පැහැදිලිවම අන්තර්ගත විය. එසේ නම් තූතන්කාමූන් ජීවත්ව සිටියදී, බොහෝ විට ඒ කෙටි ජීවිතයේ අවසාන භාගයේ දී, ඇවිදීමට නොහැකි වන පරිදි දුබල කෙරවූ අපහසුතාවයකින් පීඩා වින්දේ ද? ඒ උපකල්පනයට පූර්වාගාරයෙහි තිබී හමු වූ අති ලංකෘත සැරයටි එකසියතිහ සහ මෘතශරීරාගාරයෙහි හමු වූ චිත්‍ර අතර වූ පුදුම සහගත ලෙස, වාඩි වූ ඉරියව්වකින් ම ඊතල විඳින, වාඩි වී හිඳම ක්‍රීඩා කරන, ලෙස තූතන්කාමුන් බොහෝ තැන් හී සිතුවම් ගත කර පැවතීම එක් වූ විට, සියල්ල මනා සේ පැහැදිලි වන බවක් පෙනෙන්නට තිබිණි. තූතන්කාමූන් ජීවිතයේ අවසාන සමයේ ඈඳිගෙන විඳවන්නට, අවැසිම නම් විඳවමින් ඇවිදින්නට සිදුවන පරිදි එක්තැන්ව හිඳ ඇත. ඒ එසේ නම්, ඒ එසේ වූයේ කෙසේ ද? ඒ සඳහා උපකල්පන බොහෝ වෙති. ඉන් වඩා ප්‍රචලිතම එකක් ලෙස අශ්ව කරත්ත අනතුර උදාහරණයකට ගත හැකිය. යුධමය අභ්‍යාසයකදී හෝ දඩයමේ දී හෝ තූතන් නම් කිරුළ ලූ ගැටයා, අශ්ව කරත්තයෙන් වැටී ඇත. එහි සුවිසල් රෝදයකට වම් කකුල යට වී ඇත. ඉන් උපන් ව්‍යාධියෙන් පාරාවෝ ජීවිතයේ අවසානය අසබඩ වේදනා විද ඇත. උපතින්ම පැතලි පතුල් ඇත්තා අශ්වරථ හැසිරවීමේ බාලයෙකි කියන්නෝ, එනිසාම උපන් අසමබරතාවයකින් ඉන් ඔහු ගිලිහී වැටුනේ ය කියති. ඊට විරුද්ධ වන්නෝ තූතන් කිසිදා අශ්ව කරත්තයක් නොපැද්දේ ය කියති. නමුදු තූතන් අශ්වරථ පදිනා සිතුවම් වෙති. මනරම් අශ්ව රථ සතරක්ම පූරවාගාරයේ වෙති. ඒ සියල්ල පිළිකෙව් කරන ඇතැම් ඊජිප්තුවාදීහූ ඒ හැර තවත් උපකල්පන ගෙන හැර පාති. ඉනෙකක්, නයිල් නදී තෙර හිපපොටේ අනතුර ලෙස, ගෙන දැක්විය හැකිය. දිය කෙළියට නයිල් නදියත සැරූ තූතන්, සුවිසල් හිපපොටේමසෙකුගේ ප්‍රහාරයට බදුන්ව ඇත. සුවිසල් තෙදබලැති හොම්බා පහරකින් තූතන් විසි වී ගොස් ඉහත කී ව්‍යාධීන් ලබා ඇත. ඒ කෙසේවකින් හෝ අප අනුමාන කරන්නා වූ, හෝ නොකරන්නා හෝ වූ කිසියම් අනතුරකින් අප ගේ හිතවත් තූතන්කාමූන් උග්‍ර පීඩාවකට බදුන් වී, නමුත් ඉන් නොමැරී, තවත් කල් ජීවත් වී ඇත. එසේ, එසැණින් නොවුන මුත්, මරණයට අනතුර හේතුවන්නට ඇති ද? එයට නැත යැයි නම් කිව හැක්කේ කා හට ද? අති දියුණු වෛද්‍යකර්ම විධි පැවති ඊජිප්තුව, තම ජීවමාන දෙවියන් බදු වූ පාරාවෝ සුවපත් කර නොගත්තේ මන්ද? හිතවතුනි, ඒ උන්ට, ඊට වැඩි දෑට, මුහුණ දෙන්නට වූ බැවිනි. වර්ෂ 2014 හිදී ම, සිදුකළ DNA පරික්ෂාවක දි, තූතන් ගේ දේහය තුළ තිබී එකිනෙකට වෙනස් මැලෙරියා විශේෂ කිහිපයක් සොයාගැනීමට හැකි විය. මැලෙරියවෙහි රෝග කාරකයෙකු වන plasmodium falciparum වර්ගයේ මාදිලි කිහිපයක් සිරුර තුළ පැවතීමෙන් තූතන් බොහෝවිට, මැලෙරියා රෝගයකට එකවරකට වඩා, නොඑසේනම් නැවත නැවතත් බඳුන් වී ඇති බව නිශ්චිතවම නිගමනය කළ හැකි විය. එසේ නම්, තූතන්කාමූන්ට මරු කැඳවූයේ මැලෙරියාව ද? මැලේරියාවෙහි ඓතිහාසික ගොදුරු අතරට අපගේ කුඩා පාරාවෝ ත් එක් වීද? නැත! එය එතරම්ම සරළව පැවසීමට තරම් තූතන්කාමූන් අපට ළග නැත. ඔහු බොහෝ දුරය. වසර තුන්දහසක් අවමයෙන්, අප වෙතින්, අප අත පොවන මානයෙන්, දුර ය. එවන්කල, ඒ අනුව, සියල්ල සලකා බලා අවසන් එක් සාරාංශී නිගමනයකට එළැඹිය යුතුය. අපි එය මෙලෙස දක්වා හිඳිමු, ව්යාභීචාරී ලෙයින් ජනිත වූ දරුවා, සිය මවද පියාද, එකම මව්පියන්ගේ දූදරුවන් වූ බැවින්, පරපුරෙන් උරුම කරගත්තා වූ භෞතිකමය විකෘතීන්ට, රුධිරගත රෝගාබාධයන්ට, ප්‍රතිශක්තී පද්ධතියේ දුර්වලතාවයන්ට බඳුන් වී හිඳ, බොහෝ විට ගැටවර වියට එළැඹීමේදී, අශ්ව කරත්තයකින් වැටී හෝ හිපපොටේ අනතුරකට මුහුණ දී හෝ, පාදයේ විශාල තුවාලයකට හා කලවා අස්ථි භග්නයකට ලක්ව සිටියදී එය සුව වීමට පෙර දරුණු මැලෙරියා රෝගයට ගොදුරු වී ඉන් මරුමුවට පත්වන්නට ඇත! සියවස් ගණනක් පුරා පැවති තූතන්කාමුන් ගේ මරණයේ අභිරහස ඒ උපකල්පන හරහා විසඳා දී ඇතත් මතු දිනෙක ඒ එසේ නොව මෙසේ වූ බව, කෙනෙකු නව සාධක මතුකර පෙන්වා දීමට ඉඩකඩ නැතුවාද නොවේ. පුරාවිද්‍යාවේ අවිනිශ්චිත බව මෙන්ම සුන්දරත්වය ද එයම යැයි මම සිතමි. තූතන්කාමුන් රජු ගේ සොහොන්ගැබ පුරා සැරිසරා, ඔහු මළවුන්ගේ ලෝකයට රැගෙන යන්නට ගොඩ ගැසූ වස්තු සම්භාරය දැක, ඔහුගේ මරණයේ ගැටළුව ද සාකච්ජා කොට එකඟතාවයකට පැමිණිය මුත්, අපට කතාබහ කරන්නට මහා ශාපයක් පිළිබද කතාන්දරයක් ඉතිරිව ඇත. හෙට ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයකින් අප නැවත හමුවෙමු. එතෙක් සිත්පුරා සිතන්නට, සිහිනයෙන් දකින්නට, සිහිනයේ නිදි නොවැද විඳින්නට, තූතන්කාමුන් ගේ සොහොන් ද්වාරය, මම ඔබ ඉදිරියේ මෙසේ විවෘත කළෙමි.[/SIZE] To be continued... Copyright 2020 ඓතිහාසික ජායාරූප නොසැලෙයි [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom