Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙරුවන් ගුණ අනුහසින් සෙත සලසන පිරිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙරුවන් ගුණ අනුහසින් සෙත සලසන පිරිත

පිරිත පාලියෙන් ‘පරිත්තං’ යනුවෙන් හැඳීන්වෙයි. සියලු උවදුරු දුරලන භය අනතුරු සහ සන්තාපය වළක්වා එයින් ආරක්ෂා කරන බලයක් එහි ඇත යන අරුතෙන් එය පරිත්තං නම් වෙයි.

පිරිත් දේශනයේ ආරම්භය

පිරිත පෙර බුදුවරයන් දවස සිට මුඛ පරම්පරාවෙන් ගෙන ආවකි. අප දන්නා හැටියට පිරිතේ ආරම්භය රතන සූත්‍ර දේශනාවයි. විශාලා මහනුවරට පැමිණි තුන් බිය පහ කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට රතන සුත්‍රය ඉගැන්වූහ. එසේ උගන්වා රතන සුත්‍රය දේශනා කරමින් නගරයට පැන් ඉසීමට උන්වහන්සේ වදාළහ. ඒ අනුව ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් නගරයේ පිරිත් පැන් ඉසූහ. ලිච්ඡවි රජ දරුවෝ ද මේ සමග ගමන් ගත්හ. එයින් පසුව විශාලා මහනුවරට පැමිණි තුන් බිය ඉවත්ව රට විපත්තියෙන් මිදිණි.

එයින් පසු බුදු රජාණන් වහන්සේ ගංගාව දිගේ රජගහ නුවරට වැඩියහ. ඒ නිසා මේ ගමන සහ උත්සවය ‘ගංගා රෝහණ’ නමින් හැඳින්විණි. මේ නිසා මහා වංශයේ රතන සුත්‍රය හඳුන්වා ඇත්තේ ගංගා රෝහණ සූත්‍රය නමින්ය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලක්දිවට පැමිණි විජය කුමරු ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට උපුල්වන් දෙවියන් පිරිත් නූල් බැඳ පිරිත් පැන් ඉස පිරිසට සෙත් පැතූ බව මහා වංශයේ සඳහන් වෙයි.

විජය කුමාරයා ප්‍රධාන කොට ඇති සියල්ලෝ උහුවත අවුත් ‘පින්වත්නි ! මේ තෙමේ කවර දිවයිනෙක් දැ’යි විචාළෝය. හේ තෙමේ ලක්දිව යැයි කියා මිනිස්සු මෙහි නැත්තාහු යැයිද තොපට භයෙක් නොවන්නේ යැයිද කීය. මෙසේ කියා කෙණ්ඩිකායෙන් ඒ මිනිසුන් (පිරිත්) පැන් ඉස උන් අත්හි (පිරිත්) හුද බැඳ අහසින් ගියේය.

මහා වංශය 7 වෙනි පරිච්ඡේදය 35 පිටුව

ගංගා රෝහණ පූජා

ලක්දිව උත්තිය රජ (ක්‍රි. ව. 365 ක්‍රි. ව. 406) දවසද, දෙවන සේන (ක්‍රි. ව. 851 – ක්‍රි. ව. 855) රජ දවසද 5 වන කාශ්‍යප (ක්‍රි. ව. 913 – ඛ්2. ව. 923) රජ දවසද දුර්භික්ෂ සහ රෝග බිය දුරුකිරීම සඳහා ගංගා රෝහණ පූජා පවත්වා ඇත. දහනව වන සියවස මාතර නිල්වලා ගංගාවේද ගංගා රෝහණ පූජාවක් සිදු කරන ලදී.

පිරිත් දේශනාව පවත්වන ස්ථානයේ සතරවරම් දෙවියන්ට සහ ගම්භාර දෙවිවරුන් උදෙසා මල් පැල පිහිටවනු ලබයි.

අරමුණු

පිරිත් දේශනා පැවැත්වීමේ අරමුණු කිහිපයකි. ඒවායින් සමහරක් මෙසේය.

1 තුන් බිය පහ කිරීමට

2 ගමට රටට සෙත් ශාන්තිය උදාකර ගැනීම සඳහා

3 වාර්ෂිකව චාරිත්‍රානුකූලව විහාරස්ථානවල පවත්වන පින්කම් වලදී

4 කඨින චීවර පූජා උත්සවයන්හිදී

5 නිවසකට මුල්ගල් තැබීමේදී

6 නව නිවසට ගෙවදීමේදී

7 රෝගීන්ගේ අමනුෂ්‍ය බිය පහ කිරීමට

8 දිගු කාලීන අසනීපව සිටින අයට සුවය ලබා ගැනීමට

9 දරු ප්‍රසුතියේදී

10 විදේශ ගත වන අය සඳහා

පිරිත් මණ්ඩපය

මෙය පිරිත් දේශනා කරනු ලබන භික්ෂූන් වහන්සේ වැඩ හිඳ ගැනීම සඳහා සකස් කරන අටපට්ටම් හෝ හතරැස් කොටුවකි. දේශීය අමු ද්‍රව්‍ය වන ගොක් කොළ ආදියෙන් මෙය සරසනු ලැබේ. දැන් මෙය විවිධ මාධ්‍යයන්ගෙන් අලංකාර කර විදුලි ආලෝකයද සැපයේ. පිරිත් මණ්ඩපයේ උඩු වියන් බැඳීම විශේෂ චාරිත්රයකි. උඩු වියනෙහි නූල් ඇද නාදළු, බුලත්, සිවිය, කොළ සහ මල් එල්ලා අලංකාර කරයි. පිරිත් මණ්ඩපයේ දොරටුව තබන්නේ නැගෙනහිර දෙසටය. දොරටුවට මුහුණලා මණ්ඩපය තුළ රාජ ගහ (ඉන්ද්‍රඛීලය) නමින් ගසක් සිටුවනු ලැබේ. මෙය ළපටි පුවක් ගසකි. මණ්ඩපයේ ආසන පිළියෙළ කරන්නේ රවුමක සිටින සේ ය. රාජගහ සිටුවනු ලබන්නේ මෙහි (මුල් පුටු) ප්‍රධාන ආසන දෙකට පිටුපසිනි. පිරිත් පිරීම කෙරෙන්නේ මෙම ස්ථානයේ සිටය. ධාතු කරඬුව සහ පිරිත් කරනු ලබන පූජා ද්‍රව්‍ය තැබීම සඳහා වෙනම ආසනයක් (මේසයක්) මෙහි ඇත. පිරිත් කිරීම සඳහා අලුත් පැන් කලයක් ද එහි තබනු ලැබේ.කළය ගොක් කොළ වලින් සරසා ඇත. මණ්ඩපය වටා පොල් තෙල් පහන් දැල්වීමට පුන් කළස් හතරක් තබනු ලැබේ. ඒවාද ගොක් කොළ වලින් සරසා ඇත.

පිරිත් හුය (නූල)

පුවක් මල් කිණිත්තක ඔතන ලද පිරිත් හුය (නූල) පිරිත් පොත ධාතු කරඬුව, පැන් කලය මහා සංඝයා වහන්සේට සම්බන්ධ වන ආකාරයට අදිනු ලැබේ. මෙහි එක් කෙළවරක් ධාතු කරඬුව ආදියට සම්බන්ධ කර පුවක් මල් කිණිත්ත සහිත නූල් පන්දුව පිරිත් ශ්‍රවණය කරන අය අතරට දෙනු ලබයි. ආතුරයකු සිටී නම් පුවක් මල් කිණිත්ත සහිත පන්දුව දෙන්නේ ඔහු අතට ය

පිරිත් මණ්ඩපයේ අරුත

පිරිත් මණ්ඩපයෙන් පිළිබිඹු කරන්නේ බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවයි. රාජගහ (ඉන්ද්‍රඛීලය) වියනේ එල්වන ලද නාදළු, බුලත්, මල් ආදිය බුද්ධත්වය ලැබීමට උපකාරී වූ බෝධිය නිරූපණය කරයි. එහි විසුරුවන ලද පස් මල් වලින් දක්වන්නේ් බුදු රජාණන් වහන්සේ වාඩිවීමට සකස් කළ කුස තණ ඇතිරියයි. පිරිත් මණ්ඩපයේ දොරටුව නැගෙනහිරට පිහිටුවන්නේ බුදු බව ලබා ගත්තේ නැගෙනහිරට මුහුණ ලා සිටි බැවින්ය. උන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට සූදානම් වූයේ සන්ධ්‍යාවේ සිටය. රාත්‍රි තිස් පැයේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කර බුද්ධත්වය ලබා ගන්නේ උදෑසනය. ඒ අනුව සන්ධ්‍යාවේ ආරම්භ කළ පිරිත අවසන් වන්නේද පසු දින උදෑසනය. පිරිත බුදුරජාණන් වහන්සේ ගේ මුවින් පිටවූ වාග් මාලාවයි.

පිරිතට අඩංගු දේ

මුල් කාලයේ දී පිරිත සඳහා යොදා ගෙන තිබුණේ රතන සූත්‍රයයි. නමුත් කල්යෑමේ දී පිරිත සඳහා තවත් සූත්‍ර ගණනාවක් එකතු විය. මිලින්ද ප්රශ්නයේ පිරිතට රතන බන්දන මෝර පරිත්ත ධජග්ග ආටානාටිය සහ අංගුලිමාල යන සූත්‍ර එක් විය. දීඝ නිකායේ අට්ඨකතාවේ වැදගත් පිරිත් සුත්‍ර වූයේ මෙත්ත, ධජග්ග, සහ රතන සූත්‍රයයි. පසු කාලය වන විට තවත් සූත්‍ර එකතු වී සංවර්ධනය විය. පිරුවානා පොත් වහන්සේ ගේ සරණාගමනය, දස සික්ඛා පද, සතර ප්රත්යවේක්ෂණ හා ඛත්තිංසාකාරය ඇතුළු බණවර සතරක්ද තවත් ධර්ම දේශනා ගණනක් සහ සතර කමටහන් සෙත් පිරිත් දොරකඩ අස්න හා අනුශාසනා ආදියද ඇතුළත් ය.

මහ පිරිත

මහ පිරිත යනුවෙන් හඳුන්වන්නේ මංගල, රතන හා කරණීය මෙත්ත යන සූත්‍රය. ධම්ම චක්කප්පවත්තන සූත්‍රය ද පිරිත් දේශනයට ඇතුළත් වෙයි

තිස් පැයේ පිරිත

සර්ව රාත්‍රිකව පැවැත්වෙන පිරිත් දේශනය තිස් පැයේ පිරිතයි

සති පිරිත

සර්ව රාත්‍රික පිරිත නොකඩවා දින හතක් පවත්වන්නේ නම් එය සති පිරිතකි

වරු පිරිත

මෙය කෙටි කාලීන පිරිතකි. එයට අඩංගු වන්නේ තුන් සුත්‍රයයි. වරු පිරිත් දේශනා පවත්වනු ලබන්නේ ආශිර්වාද වශයෙනි.

පිරිත ආරම්භ කිරීම

පිරිත ආරම්භ කිරීමට පෙර අබ, විළඳ, සමන් කැකුළු, සුන් සාල් සහ ඊ තණ යන ලද පස් මල් මණ්ඩපය තුළ විසුරවනු ලබයි. මෙම චාරිත්‍රය ආරම්භ කරන්නේ සඳුන්, කිරි, පැන් ආදියෙන් අත් පිරිසුදු කර ගැනීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් පිරිතක් ආරම්භ කරන්නේ රාත්‍රී 9.00 ට පමණ ය. පිරිත් මණ්ඩපයට ධාතු කරඬුව, පිරුවානා පොත් වහන්සේ සහ භික්ෂූන් වහන්සේ වැඩම වන්නේ ශබ්ද පූජා සහිත පෙරහරෙන්ය. වියන් යටින් වැඩම කරන භික්ෂූන් වහන්සේගේ පා දෝවනය කර සුදු පියවිලි මතින් කැඳවා මණ්ඩපයේ වඩා හිඳුවයි. ධාතු කරඬුව උස් ආසනයක වඩා හිඳුවා එය සුදු මලින් පූජා කරති. පිරුවානා පොත් වහන්සේ ද යුග ආසන ඉදිරිපිට මේසයක් මත තබයි. පිරිත් පැන් කලයද මණ්ඩපයට වැඩම කරන්නේ හේවිසි සහිත පෙරහරෙනි. පිරිත ආරම්භ කිරීමට පෙර ධාතුන් වහන්සේට සහ සංඝයා වහන්සේට ගිලන් පස පූජාවක් ද සිදු කැරේ. පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේට චතු මධුර සහ ඉඟුරු මිශ්‍ර සූකිරිද පිළිගන්වනු ලබයි.

මෙයින් පසු මණ්ඩපය වටාත් පිට ඇති මල් පැල වලත් පහන් දල්වනු ලැබේ. ඊළඟට මඟුල් බෙර වාදනයයි. ඒ සමඟම භික්ෂූන් වහන්සේ නමක් පිරිස පංච ශීලයෙහි පිහිටුවති. එයින් පසු ගිහි දායකයෙක් භික්ෂූන් වහන්සේට දැහැත් වට්ටියක් පිළිගන්වා සර්ව රාත්‍රික පිරිත් දේශනය පවත්වන ලෙස ආරාධනා කරයි. එය පිළිගත් භික්ෂූන් වහන්සේ පිරිත් දේශනය පැවත්වීමේ අරමුණ සහ එහි අනුසස් කෙටියෙන් වදාරති. පිරිත් දේශනය ආරම්භ කිරීමට පෙර භික්ෂූන් වහන්සේ එහි පැමිණි පිරිස ලවා පහත සඳහන් ගාථාව කියවති.

‘විපත්ති පටිබාහාය

සබ්බ සම්පත්ති සිද්ධියා

සබ්බ දුක්ඛා විනාසාය

පරිත්තං බ්‍රෑත මංගලං’

මෙහි එන ‘සබ්බ දුක්ඛ’ දෙවන වර කියවීමේදී සබ්බ භය යනුවෙන්ද, තෙවන වර කියැවීමේදී ‘සබ්බ රෝග‘ යනුවෙන්ද කියවනු ලබයි.

පිරිත් දේශනයක චාරිත්‍රානුකූල අංග දහයකි

ඒවා මෙසේය

1 පිරිත් පේ කිරීම

මේ පිරිත් දේශනාවේ ආරම්භයයි. මෙහිදී අවිජ්ජා පච්චයා සංඛාරා, ඉතිපිසෝ භගවා අරහං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ යනාදී දේශනා පවත්වනු ලබයි.

2 මහ පිරිත දේශනා කිරීම

3 යුග කීම

4 සරණාගමනය

5 සුත්‍ර දෙසීම

6 විහාර අස්න

7 දොරකඩ අස්න

8 අනුශාසනා අස්න කීම

9 හමාර දෙසීම සහ

10 සෙත් පිරිත් දෙසීම

විහාර අස්න දොරකඩ අස්න සහ අනුශාසනා අස්න තිස්පැයේ පිරිතට ඇතුළත් වන්නේ නැත. මේ අංග දහය ඇතුළත් වන්නේ සත් වරුවේ හෝ සත් දින පිරිතටය.

මහ පිරිත සහ ධම්මචක්ක සූත්‍ර අවසානයේදී ශබ්ද පූජා පැවැත්වේ. සම්පූර්ණ පිරිත දේශනා කරන්නේ එකම විරිතකින් නොවේ. පිරිත් පේ කිරිම යුග දෙසීම ආදියේදී දේශනා විරිත් වෙනස් වෙයි. ආටානාටිය දේශනා කරන්නේ උච්ච වේගවත් ස්වරයකිනි.

සත් වරුවේ සහ සත් දින පිරිත්

මෙම පිරිතක දී පිරිත පේ කළ පසු දේශකයාණන් වහන්සේ පිරිත් මණ්ඩපය වටා පිරිත් පැන් ඉස දොරටු වසා බැහැර යති. පසු දින දොරකඩ සඳහා පේවී සිටින අය ලවා පිරිතට නැවත ආරාධනා කරති. ඒ සඳහා නැවත ආරාධනා ගාථා කියවා දෙනම බැගින් යුගාසනව පිරිත් දේශනා කරති. මේ ආකාරයට සවැනි දවස සවස් වන තුරු සෑම දිනකම උදේ 6 ට සවස 3.00 ට සහ රාත්‍රි 9.00 ට සියලු දේශකයාණන් වහන්සේ මහ පිරිත් දෙසුම පවත්වති.

මහ පිරිතෙන් පසු මුල් බණ වර දෙකින් පිටස්තරව සූත්‍ර හතක් දේශනා කරති. ඒ විවිධ ශෛලියෙන්ය. අනුශාසනා සඳහා සිටින භික්ෂූන් වහන්සේ විහාර අස්න දේශනා කරති. එයින් විහාර දේවාල වල දෙවියන්ට පිරිත අවසාන කිරීමට ආරාධනා කෙරේ. මේ පිිරිතට දෙවියන්ට පණිවිඩ ගෙන යෑම සඳහා දේව දූතයෙක් සිටියි. ඔහු හොඳ ගති ඇති පිරිමි ළමයෙකි. දොරකඩ අස්න සහ අනුශාසනා අස්නෙන් පසු සියලු භික්ෂූන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කරති. දේව දූතයා අනුශාසනා කරන භික්ෂූන් වහන්සේ සමග කෙටි සංවාදයක් පවත්වයි. දොරකඩ අස්න සහ අනුශාසනා අස්න දෙසීමෙන් පසු දෙවියන්ට පින් පමුණුවති. මෙයින් පසු සෙත් පිරිත් දේශනයෙන් පිරිත අවසන් කරනු ලැබේ.

පිරිත් පැන් සහ පිරිත් නුල්

පිරිත් දේශනය අවසන් වූ පසු භික්ෂූන් වහන්සේගේ ආශිර්වාද සමග ගිහි පැවිදි සියලු දෙනා පිරිත් පැන් පානය කරති. පිරිත් නූල් අත්වල හා ගෙල පැළඳ ගනිති.

- එන්. කරුණාරත්න

[QUOTE="saturn, post: 24355930, member: 529032"] [b]තෙරුවන් ගුණ අනුහසින් සෙත සලසන පිරිත[/b] [FONT="Impact"][/FONT] [SIZE="4"]පිරිත පාලියෙන් ‘පරිත්තං’ යනුවෙන් හැඳීන්වෙයි. සියලු උවදුරු දුරලන භය අනතුරු සහ සන්තාපය වළක්වා එයින් ආරක්ෂා කරන බලයක් එහි ඇත යන අරුතෙන් එය පරිත්තං නම් වෙයි. පිරිත් දේශනයේ ආරම්භය පිරිත පෙර බුදුවරයන් දවස සිට මුඛ පරම්පරාවෙන් ගෙන ආවකි. අප දන්නා හැටියට පිරිතේ ආරම්භය රතන සූත්‍ර දේශනාවයි. විශාලා මහනුවරට පැමිණි තුන් බිය පහ කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට රතන සුත්‍රය ඉගැන්වූහ. එසේ උගන්වා රතන සුත්‍රය දේශනා කරමින් නගරයට පැන් ඉසීමට උන්වහන්සේ වදාළහ. ඒ අනුව ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් නගරයේ පිරිත් පැන් ඉසූහ. ලිච්ඡවි රජ දරුවෝ ද මේ සමග ගමන් ගත්හ. එයින් පසුව විශාලා මහනුවරට පැමිණි තුන් බිය ඉවත්ව රට විපත්තියෙන් මිදිණි. එයින් පසු බුදු රජාණන් වහන්සේ ගංගාව දිගේ රජගහ නුවරට වැඩියහ. ඒ නිසා මේ ගමන සහ උත්සවය ‘ගංගා රෝහණ’ නමින් හැඳින්විණි. මේ නිසා මහා වංශයේ රතන සුත්‍රය හඳුන්වා ඇත්තේ ගංගා රෝහණ සූත්‍රය නමින්ය. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලක්දිවට පැමිණි විජය කුමරු ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට උපුල්වන් දෙවියන් පිරිත් නූල් බැඳ පිරිත් පැන් ඉස පිරිසට සෙත් පැතූ බව මහා වංශයේ සඳහන් වෙයි. විජය කුමාරයා ප්‍රධාන කොට ඇති සියල්ලෝ උහුවත අවුත් ‘පින්වත්නි ! මේ තෙමේ කවර දිවයිනෙක් දැ’යි විචාළෝය. හේ තෙමේ ලක්දිව යැයි කියා මිනිස්සු මෙහි නැත්තාහු යැයිද තොපට භයෙක් නොවන්නේ යැයිද කීය. මෙසේ කියා කෙණ්ඩිකායෙන් ඒ මිනිසුන් (පිරිත්) පැන් ඉස උන් අත්හි (පිරිත්) හුද බැඳ අහසින් ගියේය. මහා වංශය 7 වෙනි පරිච්ඡේදය 35 පිටුව ගංගා රෝහණ පූජා ලක්දිව උත්තිය රජ (ක්‍රි. ව. 365 ක්‍රි. ව. 406) දවසද, දෙවන සේන (ක්‍රි. ව. 851 – ක්‍රි. ව. 855) රජ දවසද 5 වන කාශ්‍යප (ක්‍රි. ව. 913 – ඛ්2. ව. 923) රජ දවසද දුර්භික්ෂ සහ රෝග බිය දුරුකිරීම සඳහා ගංගා රෝහණ පූජා පවත්වා ඇත. දහනව වන සියවස මාතර නිල්වලා ගංගාවේද ගංගා රෝහණ පූජාවක් සිදු කරන ලදී. පිරිත් දේශනාව පවත්වන ස්ථානයේ සතරවරම් දෙවියන්ට සහ ගම්භාර දෙවිවරුන් උදෙසා මල් පැල පිහිටවනු ලබයි. අරමුණු පිරිත් දේශනා පැවැත්වීමේ අරමුණු කිහිපයකි. ඒවායින් සමහරක් මෙසේය. 1 තුන් බිය පහ කිරීමට 2 ගමට රටට සෙත් ශාන්තිය උදාකර ගැනීම සඳහා 3 වාර්ෂිකව චාරිත්‍රානුකූලව විහාරස්ථානවල පවත්වන පින්කම් වලදී 4 කඨින චීවර පූජා උත්සවයන්හිදී 5 නිවසකට මුල්ගල් තැබීමේදී 6 නව නිවසට ගෙවදීමේදී 7 රෝගීන්ගේ අමනුෂ්‍ය බිය පහ කිරීමට 8 දිගු කාලීන අසනීපව සිටින අයට සුවය ලබා ගැනීමට 9 දරු ප්‍රසුතියේදී 10 විදේශ ගත වන අය සඳහා පිරිත් මණ්ඩපය මෙය පිරිත් දේශනා කරනු ලබන භික්ෂූන් වහන්සේ වැඩ හිඳ ගැනීම සඳහා සකස් කරන අටපට්ටම් හෝ හතරැස් කොටුවකි. දේශීය අමු ද්‍රව්‍ය වන ගොක් කොළ ආදියෙන් මෙය සරසනු ලැබේ. දැන් මෙය විවිධ මාධ්‍යයන්ගෙන් අලංකාර කර විදුලි ආලෝකයද සැපයේ. පිරිත් මණ්ඩපයේ උඩු වියන් බැඳීම විශේෂ චාරිත්රයකි. උඩු වියනෙහි නූල් ඇද නාදළු, බුලත්, සිවිය, කොළ සහ මල් එල්ලා අලංකාර කරයි. පිරිත් මණ්ඩපයේ දොරටුව තබන්නේ නැගෙනහිර දෙසටය. දොරටුවට මුහුණලා මණ්ඩපය තුළ රාජ ගහ (ඉන්ද්‍රඛීලය) නමින් ගසක් සිටුවනු ලැබේ. මෙය ළපටි පුවක් ගසකි. මණ්ඩපයේ ආසන පිළියෙළ කරන්නේ රවුමක සිටින සේ ය. රාජගහ සිටුවනු ලබන්නේ මෙහි (මුල් පුටු) ප්‍රධාන ආසන දෙකට පිටුපසිනි. පිරිත් පිරීම කෙරෙන්නේ මෙම ස්ථානයේ සිටය. ධාතු කරඬුව සහ පිරිත් කරනු ලබන පූජා ද්‍රව්‍ය තැබීම සඳහා වෙනම ආසනයක් (මේසයක්) මෙහි ඇත. පිරිත් කිරීම සඳහා අලුත් පැන් කලයක් ද එහි තබනු ලැබේ.කළය ගොක් කොළ වලින් සරසා ඇත. මණ්ඩපය වටා පොල් තෙල් පහන් දැල්වීමට පුන් කළස් හතරක් තබනු ලැබේ. ඒවාද ගොක් කොළ වලින් සරසා ඇත. පිරිත් හුය (නූල) පුවක් මල් කිණිත්තක ඔතන ලද පිරිත් හුය (නූල) පිරිත් පොත ධාතු කරඬුව, පැන් කලය මහා සංඝයා වහන්සේට සම්බන්ධ වන ආකාරයට අදිනු ලැබේ. මෙහි එක් කෙළවරක් ධාතු කරඬුව ආදියට සම්බන්ධ කර පුවක් මල් කිණිත්ත සහිත නූල් පන්දුව පිරිත් ශ්‍රවණය කරන අය අතරට දෙනු ලබයි. ආතුරයකු සිටී නම් පුවක් මල් කිණිත්ත සහිත පන්දුව දෙන්නේ ඔහු අතට ය පිරිත් මණ්ඩපයේ අරුත පිරිත් මණ්ඩපයෙන් පිළිබිඹු කරන්නේ බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවයි. රාජගහ (ඉන්ද්‍රඛීලය) වියනේ එල්වන ලද නාදළු, බුලත්, මල් ආදිය බුද්ධත්වය ලැබීමට උපකාරී වූ බෝධිය නිරූපණය කරයි. එහි විසුරුවන ලද පස් මල් වලින් දක්වන්නේ් බුදු රජාණන් වහන්සේ වාඩිවීමට සකස් කළ කුස තණ ඇතිරියයි. පිරිත් මණ්ඩපයේ දොරටුව නැගෙනහිරට පිහිටුවන්නේ බුදු බව ලබා ගත්තේ නැගෙනහිරට මුහුණ ලා සිටි බැවින්ය. උන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට සූදානම් වූයේ සන්ධ්‍යාවේ සිටය. රාත්‍රි තිස් පැයේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කර බුද්ධත්වය ලබා ගන්නේ උදෑසනය. ඒ අනුව සන්ධ්‍යාවේ ආරම්භ කළ පිරිත අවසන් වන්නේද පසු දින උදෑසනය. පිරිත බුදුරජාණන් වහන්සේ ගේ මුවින් පිටවූ වාග් මාලාවයි. පිරිතට අඩංගු දේ මුල් කාලයේ දී පිරිත සඳහා යොදා ගෙන තිබුණේ රතන සූත්‍රයයි. නමුත් කල්යෑමේ දී පිරිත සඳහා තවත් සූත්‍ර ගණනාවක් එකතු විය. මිලින්ද ප්රශ්නයේ පිරිතට රතන බන්දන මෝර පරිත්ත ධජග්ග ආටානාටිය සහ අංගුලිමාල යන සූත්‍ර එක් විය. දීඝ නිකායේ අට්ඨකතාවේ වැදගත් පිරිත් සුත්‍ර වූයේ මෙත්ත, ධජග්ග, සහ රතන සූත්‍රයයි. පසු කාලය වන විට තවත් සූත්‍ර එකතු වී සංවර්ධනය විය. පිරුවානා පොත් වහන්සේ ගේ සරණාගමනය, දස සික්ඛා පද, සතර ප්රත්යවේක්ෂණ හා ඛත්තිංසාකාරය ඇතුළු බණවර සතරක්ද තවත් ධර්ම දේශනා ගණනක් සහ සතර කමටහන් සෙත් පිරිත් දොරකඩ අස්න හා අනුශාසනා ආදියද ඇතුළත් ය. මහ පිරිත මහ පිරිත යනුවෙන් හඳුන්වන්නේ මංගල, රතන හා කරණීය මෙත්ත යන සූත්‍රය. ධම්ම චක්කප්පවත්තන සූත්‍රය ද පිරිත් දේශනයට ඇතුළත් වෙයි තිස් පැයේ පිරිත සර්ව රාත්‍රිකව පැවැත්වෙන පිරිත් දේශනය තිස් පැයේ පිරිතයි සති පිරිත සර්ව රාත්‍රික පිරිත නොකඩවා දින හතක් පවත්වන්නේ නම් එය සති පිරිතකි වරු පිරිත මෙය කෙටි කාලීන පිරිතකි. එයට අඩංගු වන්නේ තුන් සුත්‍රයයි. වරු පිරිත් දේශනා පවත්වනු ලබන්නේ ආශිර්වාද වශයෙනි. පිරිත ආරම්භ කිරීම පිරිත ආරම්භ කිරීමට පෙර අබ, විළඳ, සමන් කැකුළු, සුන් සාල් සහ ඊ තණ යන ලද පස් මල් මණ්ඩපය තුළ විසුරවනු ලබයි. මෙම චාරිත්‍රය ආරම්භ කරන්නේ සඳුන්, කිරි, පැන් ආදියෙන් අත් පිරිසුදු කර ගැනීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් පිරිතක් ආරම්භ කරන්නේ රාත්‍රී 9.00 ට පමණ ය. පිරිත් මණ්ඩපයට ධාතු කරඬුව, පිරුවානා පොත් වහන්සේ සහ භික්ෂූන් වහන්සේ වැඩම වන්නේ ශබ්ද පූජා සහිත පෙරහරෙන්ය. වියන් යටින් වැඩම කරන භික්ෂූන් වහන්සේගේ පා දෝවනය කර සුදු පියවිලි මතින් කැඳවා මණ්ඩපයේ වඩා හිඳුවයි. ධාතු කරඬුව උස් ආසනයක වඩා හිඳුවා එය සුදු මලින් පූජා කරති. පිරුවානා පොත් වහන්සේ ද යුග ආසන ඉදිරිපිට මේසයක් මත තබයි. පිරිත් පැන් කලයද මණ්ඩපයට වැඩම කරන්නේ හේවිසි සහිත පෙරහරෙනි. පිරිත ආරම්භ කිරීමට පෙර ධාතුන් වහන්සේට සහ සංඝයා වහන්සේට ගිලන් පස පූජාවක් ද සිදු කැරේ. පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේට චතු මධුර සහ ඉඟුරු මිශ්‍ර සූකිරිද පිළිගන්වනු ලබයි. මෙයින් පසු මණ්ඩපය වටාත් පිට ඇති මල් පැල වලත් පහන් දල්වනු ලැබේ. ඊළඟට මඟුල් බෙර වාදනයයි. ඒ සමඟම භික්ෂූන් වහන්සේ නමක් පිරිස පංච ශීලයෙහි පිහිටුවති. එයින් පසු ගිහි දායකයෙක් භික්ෂූන් වහන්සේට දැහැත් වට්ටියක් පිළිගන්වා සර්ව රාත්‍රික පිරිත් දේශනය පවත්වන ලෙස ආරාධනා කරයි. එය පිළිගත් භික්ෂූන් වහන්සේ පිරිත් දේශනය පැවත්වීමේ අරමුණ සහ එහි අනුසස් කෙටියෙන් වදාරති. පිරිත් දේශනය ආරම්භ කිරීමට පෙර භික්ෂූන් වහන්සේ එහි පැමිණි පිරිස ලවා පහත සඳහන් ගාථාව කියවති. ‘විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛා විනාසාය පරිත්තං බ්‍රෑත මංගලං’ මෙහි එන ‘සබ්බ දුක්ඛ’ දෙවන වර කියවීමේදී සබ්බ භය යනුවෙන්ද, තෙවන වර කියැවීමේදී ‘සබ්බ රෝග‘ යනුවෙන්ද කියවනු ලබයි. පිරිත් දේශනයක චාරිත්‍රානුකූල අංග දහයකි ඒවා මෙසේය 1 පිරිත් පේ කිරීම මේ පිරිත් දේශනාවේ ආරම්භයයි. මෙහිදී අවිජ්ජා පච්චයා සංඛාරා, ඉතිපිසෝ භගවා අරහං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ යනාදී දේශනා පවත්වනු ලබයි. 2 මහ පිරිත දේශනා කිරීම 3 යුග කීම 4 සරණාගමනය 5 සුත්‍ර දෙසීම 6 විහාර අස්න 7 දොරකඩ අස්න 8 අනුශාසනා අස්න කීම 9 හමාර දෙසීම සහ 10 සෙත් පිරිත් දෙසීම විහාර අස්න දොරකඩ අස්න සහ අනුශාසනා අස්න තිස්පැයේ පිරිතට ඇතුළත් වන්නේ නැත. මේ අංග දහය ඇතුළත් වන්නේ සත් වරුවේ හෝ සත් දින පිරිතටය. මහ පිරිත සහ ධම්මචක්ක සූත්‍ර අවසානයේදී ශබ්ද පූජා පැවැත්වේ. සම්පූර්ණ පිරිත දේශනා කරන්නේ එකම විරිතකින් නොවේ. පිරිත් පේ කිරිම යුග දෙසීම ආදියේදී දේශනා විරිත් වෙනස් වෙයි. ආටානාටිය දේශනා කරන්නේ උච්ච වේගවත් ස්වරයකිනි. සත් වරුවේ සහ සත් දින පිරිත් මෙම පිරිතක දී පිරිත පේ කළ පසු දේශකයාණන් වහන්සේ පිරිත් මණ්ඩපය වටා පිරිත් පැන් ඉස දොරටු වසා බැහැර යති. පසු දින දොරකඩ සඳහා පේවී සිටින අය ලවා පිරිතට නැවත ආරාධනා කරති. ඒ සඳහා නැවත ආරාධනා ගාථා කියවා දෙනම බැගින් යුගාසනව පිරිත් දේශනා කරති. මේ ආකාරයට සවැනි දවස සවස් වන තුරු සෑම දිනකම උදේ 6 ට සවස 3.00 ට සහ රාත්‍රි 9.00 ට සියලු දේශකයාණන් වහන්සේ මහ පිරිත් දෙසුම පවත්වති. මහ පිරිතෙන් පසු මුල් බණ වර දෙකින් පිටස්තරව සූත්‍ර හතක් දේශනා කරති. ඒ විවිධ ශෛලියෙන්ය. අනුශාසනා සඳහා සිටින භික්ෂූන් වහන්සේ විහාර අස්න දේශනා කරති. එයින් විහාර දේවාල වල දෙවියන්ට පිරිත අවසාන කිරීමට ආරාධනා කෙරේ. මේ පිිරිතට දෙවියන්ට පණිවිඩ ගෙන යෑම සඳහා දේව දූතයෙක් සිටියි. ඔහු හොඳ ගති ඇති පිරිමි ළමයෙකි. දොරකඩ අස්න සහ අනුශාසනා අස්නෙන් පසු සියලු භික්ෂූන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කරති. දේව දූතයා අනුශාසනා කරන භික්ෂූන් වහන්සේ සමග කෙටි සංවාදයක් පවත්වයි. දොරකඩ අස්න සහ අනුශාසනා අස්න දෙසීමෙන් පසු දෙවියන්ට පින් පමුණුවති. මෙයින් පසු සෙත් පිරිත් දේශනයෙන් පිරිත අවසන් කරනු ලැබේ. පිරිත් පැන් සහ පිරිත් නුල් පිරිත් දේශනය අවසන් වූ පසු භික්ෂූන් වහන්සේගේ ආශිර්වාද සමග ගිහි පැවිදි සියලු දෙනා පිරිත් පැන් පානය කරති. පිරිත් නූල් අත්වල හා ගෙල පැළඳ ගනිති.[/SIZE] - එන්. කරුණාරත්න [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom