තෙල් ගහන්න කියල අව රමපෝසා, කොටි නීති උපදේශ&#34

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෙල් ගහන්න කියල අව රමපෝසා, කොටි නීති උපදේශ&#34

    කොටි සංවිධානයේ නීති උපදේශකවරයෙකු හා නීතීඥවරයෙක් ලෙස එකල කටයුතු කල දෙමළ ජාතික සන්ධානයේ ක‍්‍රියාකාරිකයෙකු වන නීතීඥ රත්නවේල් පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා හමු වී සාකච්චා කර ඇතැයි වාර්තා වෙයි.

    ඒ වෙනුවෙන් ඔහුට ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තෙයෙන් අතුලූ වීමටද ඉඩ ලැබී තිබේ.

    මෙරට නවතම විශේෂ නියෝජිතයා වන සිරිල් රමපෝසා පසුගියදා ජපානය බලා ගියේ කලින් මෙරට විශේෂ නියෝජිතයාව සිටි යසුෂි අකාෂි මුණ ගැසීමටයි.

    එහි යන ගමනේදී කටුනායක ගුවන් තොටුපලේදී පැය කිහිපයක් නැවතී විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවූ බවද වාර්තා විය.

    http://www.sathhanda.com/2015/08/ramaphosa-in-sri-lanka.html
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සිරිල් රම්පෝසා ගැන බය වෙන්න දෙයක් නෑ. එයා මහින්දගේ බුදු ෆිට් එකක්.
    මහින්ද ඔනෑ තරම් ඩීල් දාලා තියෙනව මෙයත් එක්ක.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරිල් රම්පෝසා ගැන බය වෙන්න දෙයක් නෑ. එයා මහින්දගේ බුදු ෆිට් එකක්.
    මහින්ද ඔනෑ තරම් ඩීල් දාලා තියෙනව මෙයත් එක්ක.

    :shocked::shocked::shocked:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    Me Ramaposa da? :lol:

    Cyril Ramaphosa, Mahinda Rajapakse & Rudrakumaran Deal Exposed.

    14416507858_392369af3f_z.jpg

    Cyril Ramaphosa was in Colombo from 7-9th July, during the discussions with him it was agreed to hand over the coal procurement deal to Trans National Government of Tamil Eelam headed by V Rudrakumaran.

    This is facilitated by South African Dep President Cyril who owns several coal mines in S Africa, the deal was arranged by President Treasures, Palace Rasputin Sajin Vas Gunawardena. The Deal was to procure 2.1 Mill tons of Coal from South Africa from 2015-2020 at the levelized price of $103 per ton. The current price is far below this price & it is in the range of $90 per Ton for CIF Colombo. It’s obvious that 13-14 USD per ton will be siphoned off by the middle men. Corrupt officials in CEB, AGM Wickramasekara and notorious criminal Sec Ministry of Power & Energy MMC Ferdinando were promised to be given 2$ per ton for disqualifying all other 5 bidders including the present supplier Nobel Resources.

    It was agreed that 6$ per ton should be given to Trans National Government of Tamil Eelam CEO/Prime Minister V Rudrakumaran. The rest of the money will be shared by Cyril Ramaphosa & Sajin Vass on behalf of Mahinda Rajapaksa. Sajin Vass recently met Rudrakumaran in NY and had a political & financial deal to give 100Mil US$ per annum for 5 years to finance the LTTE and the LTTETNG. During which Sajin promised that the carders of LTTETNG would be de-listed from Terrorist list as well. (From the 422 listed international terrorists)

    From the political front, Rudrakumaran assured that the people in north will boycott the presidential election which will be declared after the Uva Provincial council election. The same deal happened in 2005 between LTTE Emil Kanthan & Basil Rajapaksa facilitated by Tiran Allas.

    - http://www.lankaeagle.com/?p=9521
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිරිල් රම්පෝසා ගැන බය වෙන්න දෙයක් නෑ. එයා මහින්දගේ බුදු ෆිට් එකක්.
    මහින්ද ඔනෑ තරම් ඩීල් දාලා තියෙනව මෙයත් එක්ක.

    :baffled: uba danna dewal. lankacnews wage
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    South Africa's Ramaphosa in Colombo for high level talks- Jul 7, 2014

    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    සිරිල් රම්පෝසා ගැන බය වෙන්න දෙයක් නෑ. එයා මහින්දගේ බුදු ෆිට් එකක්.
    මහින්ද ඔනෑ තරම් ඩීල් දාලා තියෙනව මෙයත් එක්ක.

    :lol: නැ මචං එයාගේ නිවුන් මල්ලි. මු ගැන බයයි. :( මොකද මහින්දගේ අාණ්ඩුවක් නෙවෙනෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Me Ramaposa da? :lol:

    Cyril Ramaphosa, Mahinda Rajapakse & Rudrakumaran Deal Exposed.

    Cyril Ramaphosa was in Colombo from 7-9th July, during the discussions with him it was agreed to hand over the coal procurement deal to Trans National Government of Tamil Eelam headed by V Rudrakumaran.

    This is facilitated by South African Dep President Cyril who owns several coal mines in S Africa, the deal was arranged by President Treasures, Palace Rasputin Sajin Vas Gunawardena. The Deal was to procure 2.1 Mill tons of Coal from South Africa from 2015-2020 at the levelized price of $103 per ton. The current price is far below this price & it is in the range of $90 per Ton for CIF Colombo. It’s obvious that 13-14 USD per ton will be siphoned off by the middle men. Corrupt officials in CEB, AGM Wickramasekara and notorious criminal Sec Ministry of Power & Energy MMC Ferdinando were promised to be given 2$ per ton for disqualifying all other 5 bidders including the present supplier Nobel Resources.

    It was agreed that 6$ per ton should be given to Trans National Government of Tamil Eelam CEO/Prime Minister V Rudrakumaran. The rest of the money will be shared by Cyril Ramaphosa & Sajin Vass on behalf of Mahinda Rajapaksa. Sajin Vass recently met Rudrakumaran in NY and had a political & financial deal to give 100Mil US$ per annum for 5 years to finance the LTTE and the LTTETNG. During which Sajin promised that the carders of LTTETNG would be de-listed from Terrorist list as well. (From the 422 listed international terrorists)

    From the political front, Rudrakumaran assured that the people in north will boycott the presidential election which will be declared after the Uva Provincial council election. The same deal happened in 2005 between LTTE Emil Kanthan & Basil Rajapaksa facilitated by Tiran Allas.

    - http://www.lankaeagle.com/?p=9521

    ලංකා ඊගල් - කාගෙද බන් මේ සයිට් 1ක ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    Ramaposha-Rajapaksha Deal - 2014 ජූලි 13 වෙනි ඉරිදා

    cyrilramaphosa02.jpg

    පසුගිය 07වැනිදා වන තෙක් ජනමාධ්‍ය සමීපව ඇසුරු කළ අය හැරෙන්නට ලංකාවේ බොහෝ දෙනෙක් දකුණු අප‍්‍රිකාවේ උප ජනාධිපතිවරයා කවුදැයි දැන සිටියේ නැත. කිසිවෙකුට දැනගන්නට වුවමනාවක් තිබෙන්නට ඇතැයිද සිතිය නොහැකිය. එහෙත් 07වැනිදා වන විට සිරිල් රමපෝසා නම් දකුණු අප‍්‍රිකානු උප ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන බව සැලකිය යුතු පිරිසක් දැන සිටියහ. එහෙත් ඔහු එන්නේ කුමකටද යන්න ඒ වන විටත් බොහෝ දෙනෙකුට රහසක් විය. ඇතැම් ඇමතිවරයෙකු පවා කීවේ රමපෝසා මහතා අප‍්‍රිකානුවෙකු වන බැවින්, ඔහුට පැමිණ ශී‍්‍ර ලංකා-අපි‍්‍රකා කි‍්‍රකට් තරඟයක් නරඹා සංචාරකයෙකු ලෙස යා හැකි බවය. කෙසේ වුවද දෙදින සංචාරයක් නිමවා ඔහු ආපසු ගියේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය ලබාගනිමිනි. ඒ, කි‍්‍රකට් නැරඹූ සංචාරකයෙකු ලෙසටනම් නොවේ; සිතා බලන්නට බොහෝ දේ අපට ඉතිරි කරමිනි.

    සිරිල් රමපෝසා පෙරවරුවේ කටුනායකින් ලංකාවට පා තබන විට ඔහුගේ අත බදාගත්තේ, පාර්ලිමේන්තුවේ සභානායකවරයාද වන නිමල් සිරිපාල ද සිල්වා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයාය. ඔහු ලංකාව තුළ රැඳී සිටි දෙදින තුළ ලංකාවේ ජනාධිපතිවරයාද ජී. එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ප‍්‍රබල මැති ඇමැතිවරුන් හමුවිය. උතුරු පළාතේ යාපනයට යන විට ඔහු පිළිගනු ලැබුවේද වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස් දේවානන්දය. එසේම රමෆෝසා උතුරේ ආණ්ඩුකාරවරයාද දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කළ බව මාධ්‍ය මගින් වාර්තා පළ විය. රම්ෆෝසා සමග පැවැති සාකච්ඡාවලදී ජාතික ගැටලුව පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගි කරවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කළේයැයි ජී. එල්. පීරිස් අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබිණි. අපි‍්‍රකාවේ ව්‍යාවස්ථානුකූල වෙනස්කම්වලට අදාළවත් අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වූ සත්‍ය හා සංහිඳියා කොමිසමේ අත්දැකීම් පිළිබඳවත් සාකච්ඡා කළ බවද ඔහු කියා තිබිණි.

    මේ සියල්ල ඔහුගේ පැමිණිම නිල සංචාරයක් බව සනාථ කළේය. කෙසේ වුවද ඔහුගේ පැමිණීම පිළිබඳව ආණ්ඩුව නිල ප‍්‍රකාශයක් කර තිබුණේ නැත. එහෙත් මෙය අහඹුවක් නොවේ. එය තවමත් ලංකාවේ බොහෝ දෙනා නොදැන සිටින නමුදු දිග හැරුණු සහ තවමත් දිග හැරෙමින් යන දේශපාලන ක‍්‍රියාදාමයේම කොටසකි. එහෙත් වීරවංශ අමාත්‍යවරයා වැනි ඇතැමෙක් ආණ්ඩුව තුළ රැඳී සිටීමේ සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නය විසඳාගන්නේ රමපෝසා අහිංසක සංචාරකයෙක් බව කියමිනි. ආණ්ඩුවට රමපෝසා තමන් විසින් ආරාධනය කර කැඳවා ගන්නා ලද විශේෂ නියෝජිතයාය; දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා මේසයට වාඩිකරවා ගැනීමේ මැදිහත්කරුවාය.

    ආණ්ඩුව දිගින් දිගටම රටට අවධාරණය කරන්නේ අභ්‍යන්තර ප‍්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමට තමන් විරුද්ධ බවය. ඒ තම ‘දේශප්‍රේමී’ ආණ්ඩුවේ පිළිවෙත නොවන බවය. ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේද ආණ්ඩුව වසර 05ක් තිස්සේ කියන්නේ තමන් අභ්‍යන්තර විසඳුම් සොයන බවය. පසුගියදා ආණ්ඩුව තමන්ගේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ලවා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවේය. එහි සඳහන් වූයේ, කිසිදු ආකාරයක විදෙස් මැදිහත්වීම් ශී‍්‍ර ලංකාවට අනවශ්‍ය බවය. ආණ්ඩුව එම යෝජනාව ජයග‍්‍රහණය කරවූයේ 2/3ක පාර්ලිමේන්තු ඡන්දයකිනි. ඒ, ආණ්ඩුවේ දේශපේ‍්‍රමී මුහුණය. එහෙත් රට තුළ විසඳිය යුතු ප‍්‍රශ්න නොවිසඳා ඒවා ජාත්‍යන්තරයට ගෙනයන්නේද (පාර කපන්නේද) ආණ්ඩුවමය. ඊට අමතරව ආණ්ඩුව තවත් භයානක සෙල්ලමක නිරත වී සිටී. ඒ, ජාතික ගැටලුව විසඳීමට යැයි කියමින් නැවත වටයකින් ජාත්‍යන්තර සහය පැතීමය. රමපෝසාගේ පැමිණීමෙන් සංකේතවත් වන්නේ එයය. නිරුවත් වන දෙබිඩි බව වසා ගැනීම සඳහා ආණ්ඩුව කුමක් කියන්නේදැයි තවම පැහැදිලි නැත. සමහරවිට සිරිල් රමපෝසා යනුවෙන් කෙනෙක් දන්නේත් මෙහි ආ විට යැයි කීමට ඉඩ තිබේ!

    කෙසේ වුවද රමපෝසාගේ ආගමනය අහිංසක නොවේ; රාජපක්ෂ ආණ්ඩුවේ දෙබිඩි දේශපාලනයේ තවත් එක් පිළිබිඹුවක් පමණි. පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව කොළඹදී පැවත්වෙද්දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සඳහා පැමිණි දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජැකොබ් සුමා හමුවිය. ඒ හමුවේදී ඔවුන් දෙදෙනා කුමක් කතා කළේදැයි ඒ අවදියේදී හෙළිදරව් වූයේ නැත. අනතුරුව පසුගිය පෙබරවාරි මැදදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සංහිදියා ක‍්‍රියාවලිය අධ්‍යයනයට යැයි කියමින් දකුණු අප‍්‍රිකානු සංචාරයක නිරත වෙද්දීද ඒ පිළිබඳ වැඩියමක් ලංකාව දැන සිටියේ නැත. එහිදීද දකුණු අප‍්‍රිකාවේ ‘නව භූමිකාව’ පිළිබඳව කිසිවක් ප‍්‍රකාශ වූයේ නැත. එහෙත් මේ වන විට රාජපක්ෂ ජනාධිපතිවරයා, දකුණු අප‍්‍රිකාවට ලංකාවේ ජාතික ප‍්‍රශ්නයේ මැදිහත්කරුවාගේ භූමිකාව භාරගන්නා ලෙස ඉල්ලා ඇති බවත් රමපෝසා යනු සුමා විසින් ඒ සඳහා පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයා බවත් තවදුරටත් රහසක් නොවේ. එය නොර්වේ විශේෂ නියෝජිත එරික් සෝල්හයිම්ගේ කුප‍්‍රකට භූමිකාවය. ජපානය විසින් පත් කරන ලද විශේෂ නියෝජිත යසුෂි අකාශිගේ භූමිකාවමය.

    මේ හෙළිදරව් වෙමින් ඇත්තේ, රටේ ප‍්‍රශ්න ලෝකයට ගෙන යා යුතු නැති බවට මැතිවරණ වේදිකාවේ මොරදෙන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙතය. විරසක වූ හිත්වලට සංහිදියාව කැඳවීම සඳහා සත්‍ය හා සංහිදියා කොමිසමක අවශ්‍යතාව ජනතා විමුක්ති පෙරමුණ විසින් මතු කළේ 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කිරීමෙන් සතියකට පසුය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුව සිටියේ යුද ජයග‍්‍රහණයේ සතුටට ඉස්මුරුත්තාවටම කිරිබත් ගිලිමිනි. කළ යුතුව තිබූ දේ අවශ්‍ය මොහොතේ නොකළ ආණ්ඩුව අද සියලූ ජාත්‍යන්තර මැදිහත්වීම්වලට අවස්ථාව නිර්මාණය කර දෙනවාට අමතරව ජාත්‍යන්තර මැදිහත්වීම්වලටද අතවනමින් සිටී. වළට වැටීම මොළයට පාඩමක් කර නොගන්නා ආණ්ඩුවේ මේ දෙබිඩි පිළිවෙත විසින් ආණ්ඩුව තල්ලු කරමින් ඇත්තේ රාජ්‍යතාන්ත‍්‍රික උගුලක් වෙතටය.

    පසුගිය මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවේදී දකුණු අප‍්‍රිකාවද ඉන්දියාව මෙන්ම ශ‍්‍රී ලංකාවට පිටුපෑවේය. ඒ ඡන්දය ප‍්‍රකාශ නොකරමිනි. මේ, පසුගිය පෙබරවාරි මාසයේ ශ‍්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් දකුණු අප‍්‍රිකාවට ගොස් එහි ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය අධ්‍යයනය කරන බව පෙන්වමින් ‘කැන්වසින්’ පාරක්ද දමා තිබියෙදීය. ආණ්ඩුවේ එම ඡුන්ද පරාජය විග‍්‍රහ කිරීමේදී, නිහඬවූ රටවල් ඇමරිකානු යෝජනාවට විරුද්ධ වූ ලෙස සැලකිය හැකි යැයිද එබැවින් ඔවුන් ලංකාවට පක්ෂ වූයේයැයි ගත හැකි බව සම‘හරක්’ කීහ. එබඳු විසුළු තර්ක ගොඩනැගූවන්ට දකුණු අප‍්‍රිකානු මැදිහත්වීම පිළිබඳව හිතා හදාගත හැකිය. එහෙත් ඇත්ත ගතහොත් දකුණු අප‍්‍රිකාව ජාතික ගැටලුවේදී කිසිදා ලංකාවේ බෙදුම්වාදයට එරෙහි ස්ථාවරයක සිටියේ නැත. එල්. ටී. ටී.යට එරෙහිව යුද්ධය පැවැත්වෙන අවස්ථාවේදී පවා දකුණු අප‍්‍රිකාවේ ඩෙස්මන් ටුටූ වැන්නවුන්ගේ මැදිහත්වීමෙන් ලංකාවට අවධාරණය කෙරුණේ, බලය බෙදීමේ විසඳුමකට යන ලෙසටය.

    දැන් අධිරාජ්‍යවාදී රටවල් ජිනීවා කොමිසම මගින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් ලවා ලංකාවේ මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණ ක‍්‍රියාවලියක් ආරම්භ කර තිබේ. එහි වාර්තාව එළඹෙන 2015 මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වනු ඇත. එබැවින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉන්නේ ඒ පිළිබඳ බියෙන් බව ඔවුහු දනිති. දැන් ආණ්ඩුව හදන්නේ, දකුණු අප‍්‍රිකාව ළං කරගෙන තමන්ම විසඳුමක් සොයන බව කියාපෑමටය. එහෙත් දකුණු අප‍්‍රිකාවේ ‘කැරැට්ටුව’ හොඳ නැත. තවම හැඩය ප‍්‍රදර්ශනය නොවූවද ඔවුන් ලවාද අධිරාජ්‍යවාදීන් විසින් අටවා ඇත්තේ බෙදුම්වාදී උගුලක්මය. එහෙත් තමන් එල්ලී ඇත්තේ ජීවිතාරක්ෂක ලණුවක නොව මරු වැලක බව ආණ්ඩුව තවමත් දන්නා බවක් පෙනෙන්නට නැත. කණගාටුවට කරුණ වන්නේ, ආණ්ඩුව තමන් එල්ලෙනවා පමණක් නොව රටද එහි එල්ලීමට උත්සාහ කිරීමය.

    - http://www.lankatruth.com/home/sinh...ticle&id=11106:2014-07-14-15-22-37&Itemid=123
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    රාජපක්ෂ - රමපෝසා වැරදුනු කුරුමානම - 2015 ජනාධිපතිවරණය

    Coal tender given in favour of Ramaphosa?

    Published on Wednesday, 13 August 2014 12:07

    It is planned to give a coal supplying tender to 'Swiss Singapore Overseas Enterprises', a Singaporean company having connections with South African deputy president Cyril Ramaphosa, sources from the ministry of Power say.

    A cabinet paper on this regard has been drafted as well, sources add.

    The President held a one-to-one discussion, without any official present, with South African deputy president Cyril Ramaphosa during his recent visit to Sri Lanka, sources further say.

    It is also said that the Tender of Nobel Resources, owned by Ravi Wijeratne, which had up to then supplied coal to Sri Lanka, had not even been submitted to the technical committee.

    Though 06 companies have applied for the Tender, all other companies except Swiss Singapore Overseas Enterprises had been rejected.

    Tamil Diaspora's support

    Speaking on this regard, a senior government minister had said that the President's objective is to obtain the support of the Tamil diaspora.

    The minister added that due to the close ties the South African government is having with the Global Tamil Forum, the most powerful Tamil Diaspora organization, president Mahinda Rajapaksa is plotting, through Ramaphosa, to influence the Tamil Diaspora through the South African government, to ensure that the Tamil people boycott the next presidential election.

    - http://archive.srilankamirror.com/news/16502-coal-tender-given-in-favour-of-ramaphosa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    :baffled: uba danna dewal. lankacnews wage

    අයියෝ බන් මේවා ප්‍රසිද්ධ රහස්නේ. මහින්ද තරම් කොටියා එක්ක ගනුදෙනු කරපු කිසිම රාජ්‍ය නායකයෙක් ලංකාවේ ඉතිහාසයේම නෑ
    :lol: නැ මචං එයාගේ නිවුන් මල්ලි. මු ගැන බයයි. :( මොකද මහින්දගේ අාණ්ඩුවක් නෙවෙනෙ

    ;)