ත‍්‍රිකුණාමලයට ගිහාම ගෝකර්ණ විහාරයටත් ග&

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    gokanna2.jpg


    gokanna1.jpg


    පාලියට ගෝකර්ණ සිංහලට ගෝණපටුන ලංකාවේ පැරණිම වරායක්. මේ ස්ථානයේ බුද්ධාගම පිහිටවපු කාලෙ සිට විහාරයක් පැවතුනා. පසුකලෙක ගෝකර්ණ පටුන ත‍්‍රිකුණාමලය වුනා. පිරිසිදු නැතිනම් උතුම්ය කියන අර්ථයෙන් දෙමළෙන් තිරු යෙදෙනව. දෙමළ භාෂාවේ ග යන්නත් නැහැ. ග සහ ක සදහා එකම අකුර යෙදෙන්නෙ. එවිට ගෝණ වචනය කෝන වෙනව. මලෙයි කියන්නෙ කන්දටයි. පුජනීය ගෝන කන්ද යනු ත‍්‍රිකුණාමලයයි. ඊට ඉංග‍්‍රිසියෙන් ටි‍්‍රන්කොමලි යයි භාවිතා වෙනව.

    ක්වේරෝස් නැමැති පෘතුගිසි ජාතික කතෝලික පුජකවරයා ත‍්‍රිකුණාමලයේ පේදිරිස් බළකොටුව තැනිම සදහා පැගෝඩා තුනක් විනාශ කළාය කියා සදහන් කර තියෙනව. පෘතුගිසින් පැගෝඩා යන වචනය ලංකාවේදී විහාර හෝ වෙහෙර සදහා භාවිතා කරල තියෙන නමක්. එමනිසා ඔවුන් නොඅනුමානවම ක‍්‍රිකුණාමලයේ බෞද්ධ විහාර තුනක් විනාශ කළා. මේවා යළි ගොඩනගන්ඩ සිංහලයන් අසමත්වුනා. කාලයාගේ ඇවෑමෙන් මෙහි පදිංචි දෙමළ ජනයා ත‍්‍රිකුණාමලයේ බෞද්ධ විහාරයක් පිහිටි ස්ථානයේ ඔවුන්ගේ කෝවිලක් හදාගත්ත.

    මේ අතර භික්ෂුණ් වහන්සේ නමක්ද මෙම කෝවිල සමිපයේ බෞද්ධ නටබුන් පිහිටි තැනක විහාරයක් පිහිටුවා එය ගෝකණ්ණ විහාරය යයි නම් කෙරුව. අද ත‍්‍රිකුණාමලය නැරඹිමට යන බොහෝ සිංහලයන් හින්දු කෝවිලට ගොස් දෙවිවරු පුදන නමුත් බොහොම දෙනෙක් ගෝකණ්ණ විහාරය ඊට සමිපව පිහිටා තියෙන බව දන්නෙ නෑ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    උතුරු නැගෙනහිර බෞද්ධ පුදබිම් වැඩි හරියකට වුණේ ඒක තමයි. ඒව ගැන දැන් කතා කරන්නවත් බැහැ. ස්තුතියි මේ විස්තර වලට.