ත‍්‍රිපෝෂ නිවසින් ‘සුපෝෂ’වල ඇෆ්ලටොක්සීන් අධිමාත‍්‍රා.. අධිකරණයේදී පිලිගෙන දඩ ගෙවයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ත‍්‍රිපෝෂ නිවසින් ‘සුපෝෂ’වල ඇෆ්ලටොක්සීන් අධිමාත‍්‍රා.. අධිකරණයේදී පිලිගෙන දඩ ගෙවයි..
    ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් නිෂ්පාදනය කරන ‘සුපෝෂ’ නිෂ්පාදනයන්හි අධිමාත්‍රාවෙන් ඇෆ්ලටොක්සීන් ඔක්සීන අඩංගු වීම හේතුවෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ.

    ත්‍රිපෝෂ සමාගම සහ එම අදාල නිෂ්පාදන අලෙවි කිරීම කළ බවට අනුරාධපුර වෙළඳ සැලක් විසින් එම වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 13,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියම කර ඇත.

    ත්‍රිපෝෂ ලංකා සමාගම විසින් රුපියල් දස දහසක් සහ නිෂ්පාදනය අලෙවි කරණ ලද වෙළෙඳ ආයතනය රුපියල් 3000ක වශයෙන් මෙම දඩමුදල් නියමකර තිබේ.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගත් සුපෝෂ නිෂ්පාදන වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා අහිතකර බවට රජයේ රස පරීක්ෂකවරයා විසින්ද තහවුරු කර තිබේ.
     
    • Haha
    Reactions: anurud

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    කඩේට නෙවෙයි සමාගමට තමයි දඩ ගහන්ඩ ඕනේ. ඒකත් ඔය මදි. ලක්ෂ 50 ක් වත් ගහන්න ඕනේ.
     
    • Like
    Reactions: SLK_sri