Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ථෙරවාදය හා මහායානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ථෙරවාදය හා මහායානය

බුදුදහම හා ථෙරවාදය අතර ඇති අෙන්‍යාන්‍ය සම්බන්ධතාව බුදුන්වහන්සේගේ කාලයෙහි පටන් අද දක්වා අවිච්äන්නව පැවත එන මහා සම්ප්රදායේ එක් මූලික වූත් ඉතා වැදගත් වූත් සමස්ත බුදුදහමේ සාරය කැටිකර ගත්තා වූත් මහා ඥන ප්රවාහයකි. එතකුදු වුව මහායාන දර්ශනය බිහිවීමත් සමඟ ඇරැඹි නව නිකායික අදහස් ලොව පුරා ව්‍යාප්ත වූ අතර එය වරෙක මුල් බුදුසමය හා එක්වද වෙන්වද ස්වාධීන ලෙස ගමන් කරයි. අයෙක් මහායානික අදහස් ථෙරවාදයේ දියුණු අවස්ථාවක් ලෙස දකියි. ආයෙත් එය මූලික බුදුසමය ගැඹුරින් විශ්ලේෂණය කරන ලද අවස්ථාවක් ලෙස සලකයි. එහෙත්, බොහෝ අවස්ථාවලදී ථෙරවාදී අංග ලක්ෂණ සමඟ ඒකමිතියක් දක්වන මහායාන දර්ශනය බුද්ධත්වය, බුද්ධ ශරීරය, බෝසත්බව හා රහත් බව යන සංකල්පයන් පිළිබඳ දක්වා ඇත්තේ එකිනෙකට පරස්පර වූ මතවාදයන්ය. මෙම මතවාදයන් පාලි ත්‍රිපිටකය හා පදනම් වන අතරම ත්‍රිපිටකයෙහි ඇති ඇතැම් කරුණු පිළිබඳ දක්වා ඇති වෙනත් ආකාරයක දෘෂ්ටිමය භාවිතයක් වේ. ඒ කෙසේ වතදු ථෙරවාදය හා මහායානය තුළ පවතින සාම්‍යයන් මෙන්ම දෘෂ්ටිමය පරස්පරයන් මූලික ලෙස කේන්ද්‍රගත වී ඇත්තේ බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන නමැති මූලික තත්ත්වය සාක්ෂාත් කරගැනීමේ අරමුණෙනි.

ථෙරවාදයට අනුව බුදුන් වහන්සේ සැබවින්ම මනුෂ්‍යයෙකි. සැබෑ මනුෂ්‍යයෙකු වූ බුදුන් වහන්සේ සිය උට්ඨාන වීර්යයෙන් හා ප්රඥවෙන් උත්තරීත්වයට පත්වී දෙවියන්ට මෙන්ම සකල සත්වයන් හට වෙහෙස නොබලා ධර්මය දේශනා කොට ඔවුන් දුකින් මුදවාලයි. මෙම දුකින් මුදවීම යන සංකල්පය අප ගැඹුරින් විමසා බැලිය යුත්තකි. බුදුන් වහන්සේ සත්වයා දුකින් මුදවාලනු ලබන්නේ එයින් මිදීමේ මාර්ගය අවබෝධ කර දීමෙන් මිස කිසිදු ආකස්මිත බලවේගයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. බුදුන්වහන්සේ අනිකුත් කිසිදු තීරණාත්මක දෙවි කෙනකුගේ ගැලවීමක් හෝ වරදින් මුදාහැරීමක් කිසි කලෙකත් අනුමත නොකරන ලද අතර පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය පෝෂණය කිරීම මගින් ඔවුනගේ ගැලවීම හෝ දුකින් මිදීම ඔවුන් වෙතම පවරා දුන්හ. මෙසේ උත්තම මානුෂික ලක්ෂණ විදහා දැක්වූ බුදුන්වහන්සේ මූලික කොට ගනිමින් නිර්මාණය වී ඇති විවිධ ජනප්‍රවාද හා ඓතිහාසික කතා ප්රවෘත්ති මගින් උන්වහන්සේගේ සැබෑ මානුෂික ලක්ෂණ දේවත්වයක් කරා පරිවර්තනය කොට ඒ ඇසුරින් උන්වහන්සේගේ උතුම් මානුෂීය ලක්ෂණ යටපත් කොට ඇති බව පැහැදිලිව පෙනී යන කාරණයකි. පාලි පෙළපොත්වල ද සමහර අවස්ථාවන්හිදී මෙම ලක්ෂණය විද්‍යමාන වුවත් බුදුන්වහන්සේ සැබෑ මනුෂ්‍යයකු විනා මනුෂ්‍ය ස්වභාවය ඉක්මවූ ආශ්චර්යවත් අද්භූත පුද්ගලයකු නොවන බව ත්‍රිපිටකය විවේද බුද්ධියෙන් හැදෑරීමෙන් පැහැදිලිව ප්රත්යක්ෂ කරගත හැකි කාරණයකි.

ථෙරවාද ත්‍රිපිටකය බුදුන්ගේ මානුෂික ලක්ෂණ ඉතා විශ්වසනීය ආකාරයකට පෙළගස්වන අතරතුර බුදුන්වහන්සේගේ අතිමානුෂික ලක්ෂණ ද අතිශෝක්තියෙන් වර්ණනා කොට තිබේ. එහි පසුකාලීන ප්‍රතිඵලයක් වූයේ බුදුන් යනු කවරෙක්ද? යන්නෙන් පැනනැඟුණු මූලික ගැටලුව හා ඒ හා බැඳුණු උන්වහන්සේගේ ලෝකෝත්තර තත්ත්වය කවර ආකාරයට විද්‍යමාන වේද? යන්නෙන් පැනනැගුන අදහසයි. මෙම ගැටලු නිරාකරණයේදී පෙළපොත් ඇසුරින් සාකච්ඡාවක නිරත වන මහායානිකයෝ ඒ හා බැඳුණු ධර්ම කරුණු අරභයා නවතම අර්ථකථනයක් දීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මූලික වශයෙන් මහායාන දර්ශනයට අඩිතාලම වැටිණි.

වස්සක්කාර නම් ඇමැතිවරයෙක් බුදුන්වහන්සේ හමුව ඔබ වහන්නේ කවරෙක්ද? මනුෂ්‍යයෙක්ද? යක්ෂයෙක්ද? දෙවියෙක්ද? බ්‍රහ්මයෙක්ද? ආදී ඇසූ ප්‍රශ්නවලට බුදුන්ගේ පිළිතුර වූයේ ඒ කිසිවෙක් නොවෙමි. "බුදුවරයෙක් වෙමි" යන්නයි. මෙම පිළිතුර අර්ථකය කරනු ලබන මහායානිකයන්ගේ අදහස වූයේ බුද්ධත්වය, මනුෂ්‍ය, යක්ෂ, දේව, බ්‍රහ්ම ස්වරූපය ඉක්මවා ගිය තත්ත්වයක් ලෙසයි. මෙම තත්ත්වය පුළුල් ලෙස විවරණය කරනු ලබන මහායාන ධර්මය බුද්ධත්වය යනු බාහිර පැවැත්මකින් තොර රූපකායක් නොමැති පරමාර්ථ සත්‍යයම පමණක් වන බව ප්‍රකාශ කළ අතර ථෙරවාදීන් පිළිගන්නා බුදුන්ගේ කායික ස්වරූපය ප්‍රතික්ෂේප කරමින් බුද්ධකාය ධර්මකායම බව අදහස් කළේය. බුදුන්ගේ රූපකාය ප්‍රතික්ෂේප කළ මහායානිකයෝ එම ප්‍රතික්ෂේප කිරීමට මුල් වූ හේතු සාධක පාලි ත්‍රිපිටක සාහිත්‍යයෙන්ම සොයා ගැනීමට අමතක නොකළ අතර බුදුන් වදාළ "යො ධම්මා පස්සති සො මං පස්සති" යන ගාථා පාඨය පිළිබඳ විවරණයක යෙදෙමින් මහායානිකයෝ එම ගාථා අර්ථය තුළින් මතුවන යමෙක් ධර්මය දකින්නේ ද හේ මා දකියි යන මූලික අදහස බුදුන් විසින් රූපකාය ප්‍රතික්ෂේප කළ ප්‍රධාන අවස්ථාවක් ලෙස විග්රහ කරති. එහෙත් මෙහි අර්ථය වනුයේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවේ ඇති වටිනාකම විනා බුදුන් රූපකාය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ.

ථෙරවාදීන්ට අනුව පැහැදිලි ලෙස බුද්ධකාය සහ ධර්මකාය යනුවෙන් ප්‍රධාන සංකල්පයන් දෙකක් අර්ථවත් වුවත් මහායානයට අනුව බුද්ධකාය යනු පරමාර්ථ සත්‍යයම යන්නයි. ඒ අනුව පරමාර්ථ සත්‍යය ලෝකයාගේ යහපත පිණිස මනුෂ්‍ය ස්වරූපයෙන් මෙලොව ඉපදී බුදු වී දහම් දෙස පිරිනිවන් පානා බව මහායානික මතයයි. එහෙත් මෙහිදී පැනනැඟුණු මූලික ගැටලුවක් වූයේ මෙසේ පරමාර්ථ සත්‍යය මගින් නිර්මාණයක් කෙසේ බිහිවන්නේද? යන මූලික ගැටලුවයි. මන්ද මහායාන චින්තනයට අනුව බුදුවරු යන්න හුqදු නිර්මාණයක් විනා සත්‍ය වූ රූපයකින් හෙබි ශරීරයක් නොවන බැවිනි. පරමාර්ථ සත්‍යය මගින් නිර්වාණයක් කෙසේ බිහිවේද? යන ගැටලුව විසඳීමේදී ඔවුන් එය සම්භෝග කාය තුළින් පෙනී සිටින බවත් සම්භෝග කාය යනු සත්‍ය වශයෙන්ම පරම සත්‍යය පුද්ගල ස්වරූපයෙන් බෝසතුනට වැටහෙන ආකාරය බවත් අදහස් කළේය. බෝසතුන්ට එය පරසම්භෝග කාය නම් වන අතර බුදුවරුනට එය සවසම්භෝග කාය නම් වේ. එසේම බුද්ධත්වය පිළිබඳ තවදුරටත් අදහස් දක්වන මහායානිකයෝ බුද්ධත්වය එක් බුදුවරයකුට පමණක් සීමා නොවන බවත් අසංඛ්‍ය සංඛ්‍ය බුqදුවරුන් රාශියක් සිටින බව ද එයට අමතරව පරමාර්ථ සත්‍යය හෙවත් බුදුවරු ඒ ඒ දිශාවකට වෛරෝචක, අතෝෂභය, රත්නසම්භව, අමිතාභ, අලෝසසිද්ධි යනුවෙන් පාදූර්භූත පහක් වන බව ප්‍රකාශ කරන අතර අපරදිගට අධිපති අමිතාභ බුදුන් විසින් නිර්මාණය ප්‍රදනය කරන බවත් මහායානය පවසයි. මේ සඳහා කළයුත්තේ උන්වහන්සේට වැඩි වශයෙන් නමස්කාර කිරීම බවත් සඳහන් කරමින් අමිතාභ බුදුන් නිර්මාණය ප්‍රදාහය කරනු ලබන නිර්මානාත්මක සංකල්පයක් බව ප්‍රකාශ කරයි.

මෙය ථෙරවාදී දර්ශනයට කෙසේවත් නොගැලපෙන්නකි. මුළු බුදුසමය මත පදනම් වූ ථෙරවාදයට අනුව නිවන ප්රදානය කරනු ලබන කිසිදු පුද්ගලයකු හෝ නිර්මාණයක් හෝ දෙවියකු නොමැත. එය පුද්ගලයා විසින් ප්රඥවෙන් හා උට්ඨාන වීර්යෙන් ළඟා කරගත යුත්තකි. මේ අනුව නිවන සාක්ෂාත් කිරීම සම්බන්ධයෙන් ථෙරවාදය හා මහායානය ඉඳුරාම වෙනත් මාර්ගයක් දෙකක් ඔස්සේ ළඟාවෙයි. මේ සියලුම අදහස් පිළිබඳ විමසීමේදී අපට පෙනී යන මූලික ලක්ෂණයක් වනුයේ මහායාන දර්ශනය තුළ බුද්ධත්වය හා නිවන යන සංකල්ප ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නා බවයි. නිර්මාණවාදය මෙන්ම පුද්ගල විමුක්තිය ගැලවුම්කරුවකු අත තීරණය වීම මුල් බුදුසමයට ඉඳුරාම පටහැනිය.

තතු එසේ වුවද ථෙරවාදය මෙන්ම මහායානය ද චතුරාර්ය සත්‍යය, හේතුඵලවාදය වැනි කරුණු හා එකඟ වීමක් දක්නට ඇති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් සොයා ගැනීමට අපහසුය. ථෙරවාදී බුදුදහමේ පවතින විsවෘත භාවය අනිකුත් සියලුම ආගමික දර්ශනයක් අභිබවා සිටී. වජ්රයානය, තක්ත්රයානය පමණක් නොව ශුන්‍යතාවාදය ආගමික ක්ෂේත්රය තුළ බිහි වූ තම මතවාදයක් වූයේ ද බුqදුදහමේ ඇති විවෘතභාවය කරනකොටගෙන වන අතර ඒ සඳහා උපස්ථම්භක වූ මුල් බුදුසමය තවමත් අඛණ්ඩ ලෙස පුහුදුන් මිනිසාගේ ජීව ශක්තිය විශ්ව ශක්තිය බවට පත්කරයි.

සුලෝචන වික්‍රමසිංහ

Divaina 23-01-2011

[QUOTE="hirashgeff, post: 13826857, member: 15895"] [b]ථෙරවාදය හා මහායානය[/b] [SIZE="5"]බුදුදහම හා ථෙරවාදය අතර ඇති අෙන්‍යාන්‍ය සම්බන්ධතාව බුදුන්වහන්සේගේ කාලයෙහි පටන් අද දක්වා අවිච්äන්නව පැවත එන මහා සම්ප්රදායේ එක් මූලික වූත් ඉතා වැදගත් වූත් සමස්ත බුදුදහමේ සාරය කැටිකර ගත්තා වූත් මහා ඥන ප්රවාහයකි. එතකුදු වුව මහායාන දර්ශනය බිහිවීමත් සමඟ ඇරැඹි නව නිකායික අදහස් ලොව පුරා ව්‍යාප්ත වූ අතර එය වරෙක මුල් බුදුසමය හා එක්වද වෙන්වද ස්වාධීන ලෙස ගමන් කරයි. අයෙක් මහායානික අදහස් ථෙරවාදයේ දියුණු අවස්ථාවක් ලෙස දකියි. ආයෙත් එය මූලික බුදුසමය ගැඹුරින් විශ්ලේෂණය කරන ලද අවස්ථාවක් ලෙස සලකයි. එහෙත්, බොහෝ අවස්ථාවලදී ථෙරවාදී අංග ලක්ෂණ සමඟ ඒකමිතියක් දක්වන මහායාන දර්ශනය බුද්ධත්වය, බුද්ධ ශරීරය, බෝසත්බව හා රහත් බව යන සංකල්පයන් පිළිබඳ දක්වා ඇත්තේ එකිනෙකට පරස්පර වූ මතවාදයන්ය. මෙම මතවාදයන් පාලි ත්‍රිපිටකය හා පදනම් වන අතරම ත්‍රිපිටකයෙහි ඇති ඇතැම් කරුණු පිළිබඳ දක්වා ඇති වෙනත් ආකාරයක දෘෂ්ටිමය භාවිතයක් වේ. ඒ කෙසේ වතදු ථෙරවාදය හා මහායානය තුළ පවතින සාම්‍යයන් මෙන්ම දෘෂ්ටිමය පරස්පරයන් මූලික ලෙස කේන්ද්‍රගත වී ඇත්තේ බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වූ නිවන නමැති මූලික තත්ත්වය සාක්ෂාත් කරගැනීමේ අරමුණෙනි. ථෙරවාදයට අනුව බුදුන් වහන්සේ සැබවින්ම මනුෂ්‍යයෙකි. සැබෑ මනුෂ්‍යයෙකු වූ බුදුන් වහන්සේ සිය උට්ඨාන වීර්යයෙන් හා ප්රඥවෙන් උත්තරීත්වයට පත්වී දෙවියන්ට මෙන්ම සකල සත්වයන් හට වෙහෙස නොබලා ධර්මය දේශනා කොට ඔවුන් දුකින් මුදවාලයි. මෙම දුකින් මුදවීම යන සංකල්පය අප ගැඹුරින් විමසා බැලිය යුත්තකි. බුදුන් වහන්සේ සත්වයා දුකින් මුදවාලනු ලබන්නේ එයින් මිදීමේ මාර්ගය අවබෝධ කර දීමෙන් මිස කිසිදු ආකස්මිත බලවේගයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. බුදුන්වහන්සේ අනිකුත් කිසිදු තීරණාත්මක දෙවි කෙනකුගේ ගැලවීමක් හෝ වරදින් මුදාහැරීමක් කිසි කලෙකත් අනුමත නොකරන ලද අතර පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය පෝෂණය කිරීම මගින් ඔවුනගේ ගැලවීම හෝ දුකින් මිදීම ඔවුන් වෙතම පවරා දුන්හ. මෙසේ උත්තම මානුෂික ලක්ෂණ විදහා දැක්වූ බුදුන්වහන්සේ මූලික කොට ගනිමින් නිර්මාණය වී ඇති විවිධ ජනප්‍රවාද හා ඓතිහාසික කතා ප්රවෘත්ති මගින් උන්වහන්සේගේ සැබෑ මානුෂික ලක්ෂණ දේවත්වයක් කරා පරිවර්තනය කොට ඒ ඇසුරින් උන්වහන්සේගේ උතුම් මානුෂීය ලක්ෂණ යටපත් කොට ඇති බව පැහැදිලිව පෙනී යන කාරණයකි. පාලි පෙළපොත්වල ද සමහර අවස්ථාවන්හිදී මෙම ලක්ෂණය විද්‍යමාන වුවත් බුදුන්වහන්සේ සැබෑ මනුෂ්‍යයකු විනා මනුෂ්‍ය ස්වභාවය ඉක්මවූ ආශ්චර්යවත් අද්භූත පුද්ගලයකු නොවන බව ත්‍රිපිටකය විවේද බුද්ධියෙන් හැදෑරීමෙන් පැහැදිලිව ප්රත්යක්ෂ කරගත හැකි කාරණයකි. ථෙරවාද ත්‍රිපිටකය බුදුන්ගේ මානුෂික ලක්ෂණ ඉතා විශ්වසනීය ආකාරයකට පෙළගස්වන අතරතුර බුදුන්වහන්සේගේ අතිමානුෂික ලක්ෂණ ද අතිශෝක්තියෙන් වර්ණනා කොට තිබේ. එහි පසුකාලීන ප්‍රතිඵලයක් වූයේ බුදුන් යනු කවරෙක්ද? යන්නෙන් පැනනැඟුණු මූලික ගැටලුව හා ඒ හා බැඳුණු උන්වහන්සේගේ ලෝකෝත්තර තත්ත්වය කවර ආකාරයට විද්‍යමාන වේද? යන්නෙන් පැනනැගුන අදහසයි. මෙම ගැටලු නිරාකරණයේදී පෙළපොත් ඇසුරින් සාකච්ඡාවක නිරත වන මහායානිකයෝ ඒ හා බැඳුණු ධර්ම කරුණු අරභයා නවතම අර්ථකථනයක් දීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මූලික වශයෙන් මහායාන දර්ශනයට අඩිතාලම වැටිණි. වස්සක්කාර නම් ඇමැතිවරයෙක් බුදුන්වහන්සේ හමුව ඔබ වහන්නේ කවරෙක්ද? මනුෂ්‍යයෙක්ද? යක්ෂයෙක්ද? දෙවියෙක්ද? බ්‍රහ්මයෙක්ද? ආදී ඇසූ ප්‍රශ්නවලට බුදුන්ගේ පිළිතුර වූයේ ඒ කිසිවෙක් නොවෙමි. "බුදුවරයෙක් වෙමි" යන්නයි. මෙම පිළිතුර අර්ථකය කරනු ලබන මහායානිකයන්ගේ අදහස වූයේ බුද්ධත්වය, මනුෂ්‍ය, යක්ෂ, දේව, බ්‍රහ්ම ස්වරූපය ඉක්මවා ගිය තත්ත්වයක් ලෙසයි. මෙම තත්ත්වය පුළුල් ලෙස විවරණය කරනු ලබන මහායාන ධර්මය බුද්ධත්වය යනු බාහිර පැවැත්මකින් තොර රූපකායක් නොමැති පරමාර්ථ සත්‍යයම පමණක් වන බව ප්‍රකාශ කළ අතර ථෙරවාදීන් පිළිගන්නා බුදුන්ගේ කායික ස්වරූපය ප්‍රතික්ෂේප කරමින් බුද්ධකාය ධර්මකායම බව අදහස් කළේය. බුදුන්ගේ රූපකාය ප්‍රතික්ෂේප කළ මහායානිකයෝ එම ප්‍රතික්ෂේප කිරීමට මුල් වූ හේතු සාධක පාලි ත්‍රිපිටක සාහිත්‍යයෙන්ම සොයා ගැනීමට අමතක නොකළ අතර බුදුන් වදාළ "යො ධම්මා පස්සති සො මං පස්සති" යන ගාථා පාඨය පිළිබඳ විවරණයක යෙදෙමින් මහායානිකයෝ එම ගාථා අර්ථය තුළින් මතුවන යමෙක් ධර්මය දකින්නේ ද හේ මා දකියි යන මූලික අදහස බුදුන් විසින් රූපකාය ප්‍රතික්ෂේප කළ ප්‍රධාන අවස්ථාවක් ලෙස විග්රහ කරති. එහෙත් මෙහි අර්ථය වනුයේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවේ ඇති වටිනාකම විනා බුදුන් රූපකාය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. ථෙරවාදීන්ට අනුව පැහැදිලි ලෙස බුද්ධකාය සහ ධර්මකාය යනුවෙන් ප්‍රධාන සංකල්පයන් දෙකක් අර්ථවත් වුවත් මහායානයට අනුව බුද්ධකාය යනු පරමාර්ථ සත්‍යයම යන්නයි. ඒ අනුව පරමාර්ථ සත්‍යය ලෝකයාගේ යහපත පිණිස මනුෂ්‍ය ස්වරූපයෙන් මෙලොව ඉපදී බුදු වී දහම් දෙස පිරිනිවන් පානා බව මහායානික මතයයි. එහෙත් මෙහිදී පැනනැඟුණු මූලික ගැටලුවක් වූයේ මෙසේ පරමාර්ථ සත්‍යය මගින් නිර්මාණයක් කෙසේ බිහිවන්නේද? යන මූලික ගැටලුවයි. මන්ද මහායාන චින්තනයට අනුව බුදුවරු යන්න හුqදු නිර්මාණයක් විනා සත්‍ය වූ රූපයකින් හෙබි ශරීරයක් නොවන බැවිනි. පරමාර්ථ සත්‍යය මගින් නිර්වාණයක් කෙසේ බිහිවේද? යන ගැටලුව විසඳීමේදී ඔවුන් එය සම්භෝග කාය තුළින් පෙනී සිටින බවත් සම්භෝග කාය යනු සත්‍ය වශයෙන්ම පරම සත්‍යය පුද්ගල ස්වරූපයෙන් බෝසතුනට වැටහෙන ආකාරය බවත් අදහස් කළේය. බෝසතුන්ට එය පරසම්භෝග කාය නම් වන අතර බුදුවරුනට එය සවසම්භෝග කාය නම් වේ. එසේම බුද්ධත්වය පිළිබඳ තවදුරටත් අදහස් දක්වන මහායානිකයෝ බුද්ධත්වය එක් බුදුවරයකුට පමණක් සීමා නොවන බවත් අසංඛ්‍ය සංඛ්‍ය බුqදුවරුන් රාශියක් සිටින බව ද එයට අමතරව පරමාර්ථ සත්‍යය හෙවත් බුදුවරු ඒ ඒ දිශාවකට වෛරෝචක, අතෝෂභය, රත්නසම්භව, අමිතාභ, අලෝසසිද්ධි යනුවෙන් පාදූර්භූත පහක් වන බව ප්‍රකාශ කරන අතර අපරදිගට අධිපති අමිතාභ බුදුන් විසින් නිර්මාණය ප්‍රදනය කරන බවත් මහායානය පවසයි. මේ සඳහා කළයුත්තේ උන්වහන්සේට වැඩි වශයෙන් නමස්කාර කිරීම බවත් සඳහන් කරමින් අමිතාභ බුදුන් නිර්මාණය ප්‍රදාහය කරනු ලබන නිර්මානාත්මක සංකල්පයක් බව ප්‍රකාශ කරයි. මෙය ථෙරවාදී දර්ශනයට කෙසේවත් නොගැලපෙන්නකි. මුළු බුදුසමය මත පදනම් වූ ථෙරවාදයට අනුව නිවන ප්රදානය කරනු ලබන කිසිදු පුද්ගලයකු හෝ නිර්මාණයක් හෝ දෙවියකු නොමැත. එය පුද්ගලයා විසින් ප්රඥවෙන් හා උට්ඨාන වීර්යෙන් ළඟා කරගත යුත්තකි. මේ අනුව නිවන සාක්ෂාත් කිරීම සම්බන්ධයෙන් ථෙරවාදය හා මහායානය ඉඳුරාම වෙනත් මාර්ගයක් දෙකක් ඔස්සේ ළඟාවෙයි. මේ සියලුම අදහස් පිළිබඳ විමසීමේදී අපට පෙනී යන මූලික ලක්ෂණයක් වනුයේ මහායාන දර්ශනය තුළ බුද්ධත්වය හා නිවන යන සංකල්ප ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නා බවයි. නිර්මාණවාදය මෙන්ම පුද්ගල විමුක්තිය ගැලවුම්කරුවකු අත තීරණය වීම මුල් බුදුසමයට ඉඳුරාම පටහැනිය. තතු එසේ වුවද ථෙරවාදය මෙන්ම මහායානය ද චතුරාර්ය සත්‍යය, හේතුඵලවාදය වැනි කරුණු හා එකඟ වීමක් දක්නට ඇති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් සොයා ගැනීමට අපහසුය. ථෙරවාදී බුදුදහමේ පවතින විsවෘත භාවය අනිකුත් සියලුම ආගමික දර්ශනයක් අභිබවා සිටී. වජ්රයානය, තක්ත්රයානය පමණක් නොව ශුන්‍යතාවාදය ආගමික ක්ෂේත්රය තුළ බිහි වූ තම මතවාදයක් වූයේ ද බුqදුදහමේ ඇති විවෘතභාවය කරනකොටගෙන වන අතර ඒ සඳහා උපස්ථම්භක වූ මුල් බුදුසමය තවමත් අඛණ්ඩ ලෙස පුහුදුන් මිනිසාගේ ජීව ශක්තිය විශ්ව ශක්තිය බවට පත්කරයි. [/SIZE] [COLOR="Red"] සුලෝචන වික්‍රමසිංහ Divaina 23-01-2011[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom