Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණු කොරියාවෙන් ඉගෙන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරියාවෙන් ඉගෙන ගනිමු

දකුණු කොරියාවෙන් ඉගෙන ගනිමු

පැල්පත් සහිත ප්‍රදේශයක් හැඳින්වීමට අප ඇතැම්විට ‘කොරියාව වගේ’ යෑයි පවසනු ලබයි. ඒ එදාය. එහෙත් අද කොරියාවට ගිහින් බලන්න. ඒ රට මොනතරම් දියුණු රටක් දැයි ඔබට වැටහී යනු ඇත. ඒ නිසා එදා ‘කොරියාව වගේ’ යෑයි කියූ අර්ථය අදට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඉකුත් 2017 ඔක්තෝබර් 29 දින සිට නොවැම්බර් 25 දින දක්වා පුරා මසක කාලයක් එරට ගතකළ මේ ලියුම්කරුට ඒ බව ඉඳුරාම ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව මේ ලිපියෙන් අප සූදානම් වන්නේ කොරියානු රාජ්‍යයෙන් අපට ගත හැකි ආදර්ශයන් ගැන සාකච්ඡා කරන්නටය.

මා කොරියාවට ගියේ කොරියානු මාධ්‍ය පදනමේ ආරාධනයෙනි. ඒ කොරියානු මාධ්‍ය සහයෝගීතා වැඩසටහනට (Kwanhun Press Fellowship Program -2017) සහභාගි වීමටය. මේ ලියුම්කරු ඇතුළු තවත් රටවල් 9 ක මාධ්‍යවේදීන් මේ වැඩසටහනට සහභාගීවීම සඳහා ආරාධනා ලැබ සිටියේය. මේ සඳහා අවස්ථාව ලැබෙනුයේ එක් වසරකට එක් මාධ්‍යවේදියකුට පමණි. එසේම මෙවර ඊට ආරාධනා කර තිබුණේ රටවල් 9 කට පමණක් නිසා මෙය අප රටත් අපගේ පුවත්පත් ආයතනයත් නියෝජනය කිරීමට මා ලද මහඟු අවස්ථාවකි. දිනපතාම පාහේ නොයෙකුත් දේශන සහ මාධ්‍ය අධ්‍යයන චාරිකා අප වෙනුවෙන් ඔවුන් සූදානම් කර තිබිණි. මේ සියලු කටයුතු ඉතාම සංවිධානාත්මකව ඉතාම හොඳින් ඔවුන් විසින් සැලසුම් කර තිබුණි. එහිදී අපගේ ආගමික විවිධත්වයට ගරු කරමින් එම අවශ්‍යතා මෙන්ම අපගේ ආහාර පිළිබඳවද ඔවුන් සැළකිලිමත් විය. මේ නිසා කොරියානු මාධ්‍ය පදනමේ ආරාධනයෙන් සෝල් නගරයට ගිය අපට ඉහළම ආගන්තුක සත්කාර සලසමින් අප වෙත දැනුම සමඟ ඉහළම අත්දැකීම් ලබාගැනීමට මහඟු අවස්ථාවක් එම මාධ්‍ය පදනම විසින් සලසා තිබූ බව මූලිකවම කිව යුතුව තිබේ. මේ සියලු දේ තුළින් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.

අප කොරියාවට ගියේ ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා උදැසනය. එදින උදැසන සොල්නුවර ඉන්චියොන් ගුවන්තොටුපළට පැමිණි අපව කැඳවාගෙන යැමට ඉතා සුන්දර කොරියානු යුවතියක පැමිණ සිටියාය. ඇය ජියුන්ය. අපව ඉතා උණුසුම් අයුරින් පිළිගෙන අප නවාතැන් ගන්නා ෆaරේසර් ප්ලෙස් හෝටලය වෙත අපව ටැක්සියකින් කැඳවා ගිය ඇය අපට එම හෝටලයෙන් කාමර වෙන්කරදී පිටව ගියේ ඊට පසු දින (30) අපගේ මාධ්‍ය අධ්‍යයන වැඩසටහනට අපව කැඳවාගෙන යාමට පැමිණෙන බවද පවසමිනි. අපට වැදගත් වන දැනුවත් කිරීම් සිදුකිරීමටද අමතක නොකළ ඇය සහ තවත් කොරියානු අපගේ මාධ්‍යවේදීන් කණ්ඩායමේ යුවතියක වූ සෝහී සහාය පිණිස දිගටම අප සමඟ රැඳී සිටියේය. ගුවන් තොටුපළේදී මා ලද තවත් සුවිශේෂී අත්දැකීමක් වූයේ සිංහල භාෂාවෙන්ම එම ආගමන කටයුතු සිදුකිරීමට මට අවස්ථාව උදාවීමයි. ඊට අදාළ උපදෙස් සියල්ල සිංහල භාෂාවෙන්ම පරිගණක තිරයෙන් දිස්වූ බැවින් එම සියලු කටයුතු ඉතා පහසුවෙන් අවසන් කර කොරියාවට ඇතුළු වීමට මට හැකිවිය. එම කටයුතු අවසානයේ ‘ස්තුතියි’ යනුවෙන්ද අදාළ පරිගණක තිරයේ දිස්විය. මෙවැනි අත්දැකීමක් මා මීට පෙර සංචාරය කළ කිසිම රටකදී අත්විඳ නැත. මේ නිසා කොරියන් බස හෝ ඉංග්‍රීසි බස නිසිලෙස නොදන්නා අයකුට වුවත් තම භාෂාවෙන්ම කළ යුතු දේ පිළිබඳව උපදෙස් ලබාදෙන නිසා එම ගුවන්තොටුපළ කටයුතු පහසුවෙන් නිමකර තම ගමන්මලු තෝරාගෙන ගුවන් තොටුපළෙන් නික්ම යාමට අවස්ථාව සැලසේ. මේ සියල්ල සඳහා නවීන තාක්ෂණය යොදාගෙන තිබේ. අපගේ ගමන්මලු සොයා ගැනීමද ඉතා පහසුවෙන් කළ හැකිවිය. මේ සියලු කටයුතු සිදුකර අවසන් වූ පසුව කොරියානු මාධ්‍ය පදනම විසින් මා ඇතුළු වෙනත් විවිධ රටවලින් පැමිණි මාධ්‍යවේදීන් උණුසුම් අයුරින් පිළිගැනීමටද කටයුතු කළේය. ඒ අවස්ථාවේ සිට එරටින් පිටවන මොහොත දක්වා ගතකළ මසක කාලය තුළදී ඔවුන්ගේ ආගන්තුක සත්කාර විඳිමින් මෙම කොරියානු මාධ්‍ය අධ්‍යයන වැඩසටහනට අපි සහභාගි වූයෙමු. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවද විදේශිකයන්ට ඉහළම ආගන්තුක සත්කාර සලසන රටක් ලෙස ප්රකටය. එහෙත් ඇතැම් විදේශිකයන්ට අප රටේදී ඉතා අවාසනාවන්ත සහ කණගාටුදායක අත්දැකීම්වලට මුහුණදීමට සිදුවූ බවද අප කාටත් රහසක් නොවේ. අප යම් විදේශීය රටකට ගිය විට අප එරට ආගන්තුකයන්ය.

එහෙත් එවැනි හැඟීමක් හෝ ඇති නොවන පරිදි ඉතා සුපුරුදු හැඟීමක් අපට කොරියාවේදී අත්විඳීමට ලැබුණු බවද එරට පිළිබඳ ගෞරවයෙන් යුතුව සටහන් කළ යුතුව තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ අපද අප රටට එන විදේශිකයන්ට ගුවන් තොටුපොළේදී පමණක් නොව ඔවුන් මෙරට ගතකරන කාලය තුළ ගමන් කරන සෑම ස්ථානයකදීම ඔවුන්ව සුහදව පිළිගෙන ඔවුන් කෙරෙහි ගෞරවාන්විතව සැළකිය යුතු වෙයි. එහෙත් අපේ රටේ ඇතැම් අය බලන්නේ සුද්දා සුද්ද කිරීමටය. එහෙත් අප රට කෙරෙහි ඇල්මක් සහිතව අප රටින් ඔවුන් පිටව යා යුත්තේ නැවත අප රටට පැමිණෙන බවට වන ආකල්පන්ද සහිතවය. කොරියාවේ දී අපට ඒ හැඟීම ඇතිවිය. ඒ නිසා ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් කොරියාවෙන්ද අපට ඉගෙන ගැනීමට බොහෝ පාඩම් තිබේ. වර්තමාන රජයේ අපේක්ෂාව අංක එකේ විදේශ විනිමය උපයන කර්මාන්තය බවට සංචාරක ව්‍යාපාරය පත්කිරීමට නම් සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් තවත් කළයුතු බොහෝ දේවල් තිබේ. ඒ සඳහා විදේශ රටවල ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන අතරම සංචාරක ආර්ථිකයකට අපේ මුළු රටම සූදානම් කළ යුතුව තිබේ. එහෙත් ඒ සඳහා රජය පැත්තෙන් නිසි නායකත්වයක් ලැබෙන බවක් පෙනෙන්නට නොතිබීම කණගාටුවට කරුණකි.

සොල් අගනුවර ඉන්චියොන් ගුවන් තොටුපළේ සිට අපට නවාතැන් සපයාදී තිබෙන පරේසර් ප්ලෙස් හෝටලය දක්වා ටැක්සියෙන් පැමිණි ගමනේදී කොරියාවේ ආර්ථික දියුණුව, මාර්ග සංවර්ධනය පිළිබඳව අපට මොනවට පැහැදිලි විය. මාර්ග තදබදයන් සියල්ලද මැනවින් කළමනාකරණය කර තිබේ. අපේ රටේ මාර්ග තදබදය මොනතරම් හිසරදයක්දැයි අපි සියලු දෙනාම හොඳින් දනිමු. රජයේ මැති ඇමැතිවරුන්ගේ කයිවාරු කොතෙකුත් අසන්නට ලැබුණත් මේ ට්රැෆsක් හිසරදයටද තවමත් අපට පිළියමක් නැත. අධිවේගී මාර්ග ජාල, උඩින් සහ යටින් දිවෙන මහා මාර්ග පද්ධති යනාදිය මගින් මහාමාර්ග ජාලය හොඳින් සැලසුම් කර ඇති අතර එරට මාර්ග තදබදය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති තරම්ය. ඉඳහිට සුළු මාර්ග තදබදයන් නැතුවා නොවේ. මේ ගතකළ කාලය තුළ අප මහමග බොහෝ විට ගමන් කළ නිසාත් බස් රථවලින් මාධ්‍ය අධ්‍යයන චාරිකා කිහිපයකට අපව කැඳවාගෙන ගිය නිසාත් මෙය අපට අත්විඳීමට හැකිවිය. එනම් මේ දක්වා කිසිදු අනවශ්‍ය මාර්ග තදබදයකට මුහුණ දීමට අපට සිදුවූයේ නැත. ඉතා මැනවින් ක්‍රියාත්මක වන බස් රථ සහ දුම්රිය ප්‍රවාහන සේවාවක්ද කොරියාවේ ක්‍රියාත්මක වෙයි. කොරියාවේ පමණක් නොව සෑම දියුණු රටකම පොදු ප්‍රවාහන සේවාවන් ඉතා ඉහළ ගුණාත්මක මට්ටමක තිබේ. ඒ නිසා එරට ජනතාවට ගමනාගමනය ඉතා පහසු කටයුත්තකි. කාලය නිසි ලෙස සැලසුම් කරගෙන ගමනක්, බිමනක් යාමට හැකිව තිබේ. මේ සම්බන්ධයෙන් අපේ රටේ ඇත්තේ ඉතා අප්‍රසන්න අත්දැකීම් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. අධික මාර්ග තදබදයන් නිසා ඇතැම් විට විනාඩි ගණන් නොව පැය ගණන් මහමග රස්තියාදු වීමට අපට සිදුවෙයි. ඒ අපතේ යන්නේ වැඩකිරීමට තිබෙන වටිනා කාලයයි. මේ තත්ත්වය අපේ නිෂ්පාදන කාර්යක්ෂමතාවටද ඉතා අහිතකර ලෙස බලපානු ලබයි. මේ මාර්ග තදබදය ගැන පොදු ප්‍රවාහන සේවයේ පවතින ප්‍රශ්න ගැන අප කාලාන්තරයක් තිස්සේ කොතෙකුත් කතාකර තිබුණත් ඒවාට තවමත් නිසි විසඳුම් ලැබී නැත. මේ නිසා පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම මෙන්ම මහාමාර්ග පද්ධතිය සැලසුම් කිරීම සම්බන්ධයෙන්ද අපට කොරියාවෙන් පාඩම් උගත හැකිය.

කැපකිරීම් වලින් තොරව කිසිදු ජයග්‍රහණයක් ලබාගත නොහැකිය. කිසිවක් ඉබේ පහළ වනතෙක් බලා සිටිය නොහැකිය. කොරියානුවන් ඉතා කැපවීමෙන් සහ ධෛර්යයෙන් කටයුතු කරන ජාතිකයකි. ඔවුන් ඉතා කඩිසරය. මේ දක්වා ඔවුන් ලබාගෙන තිබෙන ආර්ථික ප්රගතියටද එය බෙහෙවින් බලපා ඇති බවට කිසිදු සැකයක් නැත. මේ නිසා ඉහළ සිට පහළට සෑම වට්ටමකින්ම මේ කැපවීම රටක දියුණුවට අවශ්‍යය. අනුන්ට හොරු කියමින් බලයට පැමිණි වත්මන් යහපාලන ආණ්ඩුව රටේ දියුණුව සම්බන්ධයෙන් කෙසේ වෙතත් බැඳුම්කර හොරු රැකීමට නම් උපරිම කැපවීමෙන් කටයුතු කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමක් පත්කර තිබුණත් එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහජනතාව තුළ බරපතල සැක සංකා ජනිත වී තිබේ. මේ කොමිසම පත්කළේ බැඳුම්කර හොරු ඇල්ලීමටද එසේත් නැතහොත් බැඳුම්කර වංචාවේ මහමොලකරුවන් නෛතිකවම ආරක්ෂා කිරීමටද යන සැකය බොහෝ දෙනෙක් තුළ ජනිත වූවකි. ඒ නිසා මේ ආණ්ඩුවට චෝදනා එල්ලවී ඇති මේ බැඳුම්කර හොරු රකින්නට කළ ඒ කැපවීම රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවූවා නම් එය මහජනතාව උදෙසා කෙතරම් ප්රතිඵලදායි වන්නට තිබිණිද? මෙසේ අපේ රටේ රාජ්‍ය මට්ටමින්ම ඉමහත් කැපවීමෙන් හොරු රකිමින් සිටින විට කොරියාවේ සාමාන්‍ය ජනයාගේ සිට ඉහළ මට්ටම දක්වාම තම වගකීම් ඉටුකිරීම වෙනුවෙන් ඉතා ඉහළම කැපවීමක් දක්නට තිබීම විශේෂත්වයකි. එය අපට ගතහැකි ආදර්ශයකි. ජනතාවට එලෙස මහන්සි වී අවංකව තම සේවය ඉටුකිරීමට ධෛර්යය ලබාදෙන ආදර්ශයන් ඉහළ මට්ටමෙන්ද ලැබී තිබේ. මේ තත්ත්වය අපේ රටේ උදාවන්නේ කවදාද යන්න නම් බරපතල ප්රශ්නයකි. අපගේ මාධය අධ්‍යයන වැඩසටහන මසක් පුරා එරටදී පැවැති බැවින් තවත් කොරියානු අත්දැකීම් රැසක් අත්දැකීමට අපට අවස්ථාව උදාවිය. ඉදිරි ලිපි මාලාවක් මගින් ඒවා ශ්‍රී ලාංකික ජනසමාජය සමාජය සමඟ බෙදාහදා ගැනීම මේ ලියුම්කරුගේ අපේක්ෂාවයි.

තවත් එක් උදාහරණයක් පමණක් සටහන් කර මේ ලිපිය නිමා කිරීමට අදහස් කරමි. කොරියාවේ නොයෙකුත් මට්ටම්වල වැසියන් සමඟත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමගත් අපට කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. ඔවුන්ගේ මව්බසට එනම් කොරියානු බසට ඔවුන් ඉහළම ප්‍රමුඛත්වය ලබාදීම අනිවාර්ය අංගයකි. කොරියාව තම රටේ සම්පත්, හැකියාවන් සහ එරට ජනතාව කොරහි විශ්වාසය තබා කටයුතු කරන ජාතියකි. මා ඇතුළු විදෙස් මාධ්‍යවේදීන් එරට ගතකළ කාලයේදී එරට කතානායක Chung sye-kyun මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිණි. අපගේ නිල සාකච්ඡාවේදී අප ඉංග්‍රිසියෙන් ඇසූ සියලු ප්‍රශ්නවලට ඒ මහතා පිළිතුරු දුන්නේ කොරියානු භාෂාවෙන් පමණි. කතානායකවරයාගේ එම පිළිතුර ඉංග්‍රිසියට පරිවර්තනය කිරීමට වෙනම පරිවර්තිකාවක් සිටියාය. එසේම අපද සහභාගිවූ සෝල් නුවර පැවැති ජාත්‍යන්තර ජනමාධ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ කොරියානු අගමැති Lee Nak yeon මහතාය. ඔහු සිය ආරාධිත දෙසුම පැවැත්වූයේද කොරියානු බසිනි. අපේ දේශපාලනඥයන් මෙන් කොලයක් බලාගෙන හෝ ඔහු ඉංග්‍රිසියෙන් කතා නොකළේය. කොරියන් බසින් සිදුකළ එරට අගමැතිවරයාගේ කතාවද ඉංග්‍රිසි බසට පරිවර්තනය කර ඇසීමට අපට තාක්ෂණික පහසුකම් සලසා තිබිණි. අපේ රටේ ඉංග්‍රිසි භාෂාවට මහ ඉහළ තැනක් ලබාදී තිබේ. දකුණු කොරියාව මෙන් කටයුතු කරන්නට අපට අපහසු බව ඇත්තය. එහෙත් අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව පවා ඉංග්‍රීසි භාෂාවට විශාල තැනක් ලබාදී තිබේ. කොරියානුවන් අද මහ ඉහළ දියුණුවක් ලබා තිබුණත් කලෙක ඉතා පසුගාමී තත්ත්වයක සිටියේය. එකල සිටම කොරියාව තම මව් බසට ගරුකරමින් ඊට ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කළ බව අප අමතක නොකළ යුතුය. මේ ආදර්ශයන් මෙරට දේශපාලනඥයන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ජාතික විශ්වවිද්‍යාල පවා ලබාගත යුතුව තිබේ. ඇතැම් පාඨමාලාවන් සඳහා තම මව් භාෂාවෙන් මූලික උපාධිය පවා හැදැරීමට නොහැකි තත්ත්වයට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පරිවර්තනය වී තිබීම කණගාටුවට කරුණකි. භාෂා හැකියාව වෙනම දෙයකි. බුද්ධිය වෙනම දෙයකි. ඒ නිසා තම මව් බසට ප්‍රමුඛත්වය ලබාදෙමින් තම ජනයාගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන්ද අපට කොරියාවෙන් ඉගෙන ගැනීමට පාඩමක් තිබේ

share කරන්න..Share on Facebook

source

http://hotnewslanka.com/3726

[QUOTE="radika0000, post: 22567673, member: 359875"] [b]කොරියාවෙන් ඉගෙන ගනිමු[/b] [FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkRed"] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTvEpoeJJxwqEcdK2OQrJMYtEwZ34heZ4ybawuL3-T9do-_MU9zCA[/IMG] දකුණු කොරියාවෙන් ඉගෙන ගනිමු පැල්පත් සහිත ප්‍රදේශයක් හැඳින්වීමට අප ඇතැම්විට ‘කොරියාව වගේ’ යෑයි පවසනු ලබයි. ඒ එදාය. එහෙත් අද කොරියාවට ගිහින් බලන්න. ඒ රට මොනතරම් දියුණු රටක් දැයි ඔබට වැටහී යනු ඇත. ඒ නිසා එදා ‘කොරියාව වගේ’ යෑයි කියූ අර්ථය අදට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඉකුත් 2017 ඔක්තෝබර් 29 දින සිට නොවැම්බර් 25 දින දක්වා පුරා මසක කාලයක් එරට ගතකළ මේ ලියුම්කරුට ඒ බව ඉඳුරාම ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව මේ ලිපියෙන් අප සූදානම් වන්නේ කොරියානු රාජ්‍යයෙන් අපට ගත හැකි ආදර්ශයන් ගැන සාකච්ඡා කරන්නටය. [IMG]http://www.mawbima.lk/image_article/c36d91dc67.jpg[/IMG] මා කොරියාවට ගියේ කොරියානු මාධ්‍ය පදනමේ ආරාධනයෙනි. ඒ කොරියානු මාධ්‍ය සහයෝගීතා වැඩසටහනට (Kwanhun Press Fellowship Program -2017) සහභාගි වීමටය. මේ ලියුම්කරු ඇතුළු තවත් රටවල් 9 ක මාධ්‍යවේදීන් මේ වැඩසටහනට සහභාගීවීම සඳහා ආරාධනා ලැබ සිටියේය. මේ සඳහා අවස්ථාව ලැබෙනුයේ එක් වසරකට එක් මාධ්‍යවේදියකුට පමණි. එසේම මෙවර ඊට ආරාධනා කර තිබුණේ රටවල් 9 කට පමණක් නිසා මෙය අප රටත් අපගේ පුවත්පත් ආයතනයත් නියෝජනය කිරීමට මා ලද මහඟු අවස්ථාවකි. දිනපතාම පාහේ නොයෙකුත් දේශන සහ මාධ්‍ය අධ්‍යයන චාරිකා අප වෙනුවෙන් ඔවුන් සූදානම් කර තිබිණි. මේ සියලු කටයුතු ඉතාම සංවිධානාත්මකව ඉතාම හොඳින් ඔවුන් විසින් සැලසුම් කර තිබුණි. එහිදී අපගේ ආගමික විවිධත්වයට ගරු කරමින් එම අවශ්‍යතා මෙන්ම අපගේ ආහාර පිළිබඳවද ඔවුන් සැළකිලිමත් විය. මේ නිසා කොරියානු මාධ්‍ය පදනමේ ආරාධනයෙන් සෝල් නගරයට ගිය අපට ඉහළම ආගන්තුක සත්කාර සලසමින් අප වෙත දැනුම සමඟ ඉහළම අත්දැකීම් ලබාගැනීමට මහඟු අවස්ථාවක් එම මාධ්‍ය පදනම විසින් සලසා තිබූ බව මූලිකවම කිව යුතුව තිබේ. මේ සියලු දේ තුළින් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. අප කොරියාවට ගියේ ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා උදැසනය. එදින උදැසන සොල්නුවර ඉන්චියොන් ගුවන්තොටුපළට පැමිණි අපව කැඳවාගෙන යැමට ඉතා සුන්දර කොරියානු යුවතියක පැමිණ සිටියාය. ඇය ජියුන්ය. අපව ඉතා උණුසුම් අයුරින් පිළිගෙන අප නවාතැන් ගන්නා ෆaරේසර් ප්ලෙස් හෝටලය වෙත අපව ටැක්සියකින් කැඳවා ගිය ඇය අපට එම හෝටලයෙන් කාමර වෙන්කරදී පිටව ගියේ ඊට පසු දින (30) අපගේ මාධ්‍ය අධ්‍යයන වැඩසටහනට අපව කැඳවාගෙන යාමට පැමිණෙන බවද පවසමිනි. අපට වැදගත් වන දැනුවත් කිරීම් සිදුකිරීමටද අමතක නොකළ ඇය සහ තවත් කොරියානු අපගේ මාධ්‍යවේදීන් කණ්ඩායමේ යුවතියක වූ සෝහී සහාය පිණිස දිගටම අප සමඟ රැඳී සිටියේය. ගුවන් තොටුපළේදී මා ලද තවත් සුවිශේෂී අත්දැකීමක් වූයේ සිංහල භාෂාවෙන්ම එම ආගමන කටයුතු සිදුකිරීමට මට අවස්ථාව උදාවීමයි. ඊට අදාළ උපදෙස් සියල්ල සිංහල භාෂාවෙන්ම පරිගණක තිරයෙන් දිස්වූ බැවින් එම සියලු කටයුතු ඉතා පහසුවෙන් අවසන් කර කොරියාවට ඇතුළු වීමට මට හැකිවිය. එම කටයුතු අවසානයේ ‘ස්තුතියි’ යනුවෙන්ද අදාළ පරිගණක තිරයේ දිස්විය. මෙවැනි අත්දැකීමක් මා මීට පෙර සංචාරය කළ කිසිම රටකදී අත්විඳ නැත. මේ නිසා කොරියන් බස හෝ ඉංග්‍රීසි බස නිසිලෙස නොදන්නා අයකුට වුවත් තම භාෂාවෙන්ම කළ යුතු දේ පිළිබඳව උපදෙස් ලබාදෙන නිසා එම ගුවන්තොටුපළ කටයුතු පහසුවෙන් නිමකර තම ගමන්මලු තෝරාගෙන ගුවන් තොටුපළෙන් නික්ම යාමට අවස්ථාව සැලසේ. මේ සියල්ල සඳහා නවීන තාක්ෂණය යොදාගෙන තිබේ. අපගේ ගමන්මලු සොයා ගැනීමද ඉතා පහසුවෙන් කළ හැකිවිය. මේ සියලු කටයුතු සිදුකර අවසන් වූ පසුව කොරියානු මාධ්‍ය පදනම විසින් මා ඇතුළු වෙනත් විවිධ රටවලින් පැමිණි මාධ්‍යවේදීන් උණුසුම් අයුරින් පිළිගැනීමටද කටයුතු කළේය. ඒ අවස්ථාවේ සිට එරටින් පිටවන මොහොත දක්වා ගතකළ මසක කාලය තුළදී ඔවුන්ගේ ආගන්තුක සත්කාර විඳිමින් මෙම කොරියානු මාධ්‍ය අධ්‍යයන වැඩසටහනට අපි සහභාගි වූයෙමු. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවද විදේශිකයන්ට ඉහළම ආගන්තුක සත්කාර සලසන රටක් ලෙස ප්රකටය. එහෙත් ඇතැම් විදේශිකයන්ට අප රටේදී ඉතා අවාසනාවන්ත සහ කණගාටුදායක අත්දැකීම්වලට මුහුණදීමට සිදුවූ බවද අප කාටත් රහසක් නොවේ. අප යම් විදේශීය රටකට ගිය විට අප එරට ආගන්තුකයන්ය. [IMG]http://images.newmedia.lu/rtl2008.lu/nt/p/2017/04/25/12/946fb3e6df482a84415724bfa39d24d9.jpeg[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcStBj0NZKKlBpg64Lin8tnrr1qxwS8jJTt8MRHDzf10b6Ysq_vd[/IMG] එහෙත් එවැනි හැඟීමක් හෝ ඇති නොවන පරිදි ඉතා සුපුරුදු හැඟීමක් අපට කොරියාවේදී අත්විඳීමට ලැබුණු බවද එරට පිළිබඳ ගෞරවයෙන් යුතුව සටහන් කළ යුතුව තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ අපද අප රටට එන විදේශිකයන්ට ගුවන් තොටුපොළේදී පමණක් නොව ඔවුන් මෙරට ගතකරන කාලය තුළ ගමන් කරන සෑම ස්ථානයකදීම ඔවුන්ව සුහදව පිළිගෙන ඔවුන් කෙරෙහි ගෞරවාන්විතව සැළකිය යුතු වෙයි. එහෙත් අපේ රටේ ඇතැම් අය බලන්නේ සුද්දා සුද්ද කිරීමටය. එහෙත් අප රට කෙරෙහි ඇල්මක් සහිතව අප රටින් ඔවුන් පිටව යා යුත්තේ නැවත අප රටට පැමිණෙන බවට වන ආකල්පන්ද සහිතවය. කොරියාවේ දී අපට ඒ හැඟීම ඇතිවිය. ඒ නිසා ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් කොරියාවෙන්ද අපට ඉගෙන ගැනීමට බොහෝ පාඩම් තිබේ. වර්තමාන රජයේ අපේක්ෂාව අංක එකේ විදේශ විනිමය උපයන කර්මාන්තය බවට සංචාරක ව්‍යාපාරය පත්කිරීමට නම් සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් තවත් කළයුතු බොහෝ දේවල් තිබේ. ඒ සඳහා විදේශ රටවල ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන අතරම සංචාරක ආර්ථිකයකට අපේ මුළු රටම සූදානම් කළ යුතුව තිබේ. එහෙත් ඒ සඳහා රජය පැත්තෙන් නිසි නායකත්වයක් ලැබෙන බවක් පෙනෙන්නට නොතිබීම කණගාටුවට කරුණකි. සොල් අගනුවර ඉන්චියොන් ගුවන් තොටුපළේ සිට අපට නවාතැන් සපයාදී තිබෙන පරේසර් ප්ලෙස් හෝටලය දක්වා ටැක්සියෙන් පැමිණි ගමනේදී කොරියාවේ ආර්ථික දියුණුව, මාර්ග සංවර්ධනය පිළිබඳව අපට මොනවට පැහැදිලි විය. මාර්ග තදබදයන් සියල්ලද මැනවින් කළමනාකරණය කර තිබේ. අපේ රටේ මාර්ග තදබදය මොනතරම් හිසරදයක්දැයි අපි සියලු දෙනාම හොඳින් දනිමු. රජයේ මැති ඇමැතිවරුන්ගේ කයිවාරු කොතෙකුත් අසන්නට ලැබුණත් මේ ට්රැෆsක් හිසරදයටද තවමත් අපට පිළියමක් නැත. අධිවේගී මාර්ග ජාල, උඩින් සහ යටින් දිවෙන මහා මාර්ග පද්ධති යනාදිය මගින් මහාමාර්ග ජාලය හොඳින් සැලසුම් කර ඇති අතර එරට මාර්ග තදබදය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති තරම්ය. ඉඳහිට සුළු මාර්ග තදබදයන් නැතුවා නොවේ. මේ ගතකළ කාලය තුළ අප මහමග බොහෝ විට ගමන් කළ නිසාත් බස් රථවලින් මාධ්‍ය අධ්‍යයන චාරිකා කිහිපයකට අපව කැඳවාගෙන ගිය නිසාත් මෙය අපට අත්විඳීමට හැකිවිය. එනම් මේ දක්වා කිසිදු අනවශ්‍ය මාර්ග තදබදයකට මුහුණ දීමට අපට සිදුවූයේ නැත. ඉතා මැනවින් ක්‍රියාත්මක වන බස් රථ සහ දුම්රිය ප්‍රවාහන සේවාවක්ද කොරියාවේ ක්‍රියාත්මක වෙයි. කොරියාවේ පමණක් නොව සෑම දියුණු රටකම පොදු ප්‍රවාහන සේවාවන් ඉතා ඉහළ ගුණාත්මක මට්ටමක තිබේ. ඒ නිසා එරට ජනතාවට ගමනාගමනය ඉතා පහසු කටයුත්තකි. කාලය නිසි ලෙස සැලසුම් කරගෙන ගමනක්, බිමනක් යාමට හැකිව තිබේ. මේ සම්බන්ධයෙන් අපේ රටේ ඇත්තේ ඉතා අප්‍රසන්න අත්දැකීම් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. අධික මාර්ග තදබදයන් නිසා ඇතැම් විට විනාඩි ගණන් නොව පැය ගණන් මහමග රස්තියාදු වීමට අපට සිදුවෙයි. ඒ අපතේ යන්නේ වැඩකිරීමට තිබෙන වටිනා කාලයයි. මේ තත්ත්වය අපේ නිෂ්පාදන කාර්යක්ෂමතාවටද ඉතා අහිතකර ලෙස බලපානු ලබයි. මේ මාර්ග තදබදය ගැන පොදු ප්‍රවාහන සේවයේ පවතින ප්‍රශ්න ගැන අප කාලාන්තරයක් තිස්සේ කොතෙකුත් කතාකර තිබුණත් ඒවාට තවමත් නිසි විසඳුම් ලැබී නැත. මේ නිසා පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම මෙන්ම මහාමාර්ග පද්ධතිය සැලසුම් කිරීම සම්බන්ධයෙන්ද අපට කොරියාවෙන් පාඩම් උගත හැකිය. කැපකිරීම් වලින් තොරව කිසිදු ජයග්‍රහණයක් ලබාගත නොහැකිය. කිසිවක් ඉබේ පහළ වනතෙක් බලා සිටිය නොහැකිය. කොරියානුවන් ඉතා කැපවීමෙන් සහ ධෛර්යයෙන් කටයුතු කරන ජාතිකයකි. ඔවුන් ඉතා කඩිසරය. මේ දක්වා ඔවුන් ලබාගෙන තිබෙන ආර්ථික ප්රගතියටද එය බෙහෙවින් බලපා ඇති බවට කිසිදු සැකයක් නැත. මේ නිසා ඉහළ සිට පහළට සෑම වට්ටමකින්ම මේ කැපවීම රටක දියුණුවට අවශ්‍යය. අනුන්ට හොරු කියමින් බලයට පැමිණි වත්මන් යහපාලන ආණ්ඩුව රටේ දියුණුව සම්බන්ධයෙන් කෙසේ වෙතත් බැඳුම්කර හොරු රැකීමට නම් උපරිම කැපවීමෙන් කටයුතු කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමක් පත්කර තිබුණත් එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහජනතාව තුළ බරපතල සැක සංකා ජනිත වී තිබේ. මේ කොමිසම පත්කළේ බැඳුම්කර හොරු ඇල්ලීමටද එසේත් නැතහොත් බැඳුම්කර වංචාවේ මහමොලකරුවන් නෛතිකවම ආරක්ෂා කිරීමටද යන සැකය බොහෝ දෙනෙක් තුළ ජනිත වූවකි. ඒ නිසා මේ ආණ්ඩුවට චෝදනා එල්ලවී ඇති මේ බැඳුම්කර හොරු රකින්නට කළ ඒ කැපවීම රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවූවා නම් එය මහජනතාව උදෙසා කෙතරම් ප්රතිඵලදායි වන්නට තිබිණිද? මෙසේ අපේ රටේ රාජ්‍ය මට්ටමින්ම ඉමහත් කැපවීමෙන් හොරු රකිමින් සිටින විට කොරියාවේ සාමාන්‍ය ජනයාගේ සිට ඉහළ මට්ටම දක්වාම තම වගකීම් ඉටුකිරීම වෙනුවෙන් ඉතා ඉහළම කැපවීමක් දක්නට තිබීම විශේෂත්වයකි. එය අපට ගතහැකි ආදර්ශයකි. ජනතාවට එලෙස මහන්සි වී අවංකව තම සේවය ඉටුකිරීමට ධෛර්යය ලබාදෙන ආදර්ශයන් ඉහළ මට්ටමෙන්ද ලැබී තිබේ. මේ තත්ත්වය අපේ රටේ උදාවන්නේ කවදාද යන්න නම් බරපතල ප්රශ්නයකි. අපගේ මාධය අධ්‍යයන වැඩසටහන මසක් පුරා එරටදී පැවැති බැවින් තවත් කොරියානු අත්දැකීම් රැසක් අත්දැකීමට අපට අවස්ථාව උදාවිය. ඉදිරි ලිපි මාලාවක් මගින් ඒවා ශ්‍රී ලාංකික ජනසමාජය සමාජය සමඟ බෙදාහදා ගැනීම මේ ලියුම්කරුගේ අපේක්ෂාවයි. තවත් එක් උදාහරණයක් පමණක් සටහන් කර මේ ලිපිය නිමා කිරීමට අදහස් කරමි. කොරියාවේ නොයෙකුත් මට්ටම්වල වැසියන් සමඟත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමගත් අපට කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. ඔවුන්ගේ මව්බසට එනම් කොරියානු බසට ඔවුන් ඉහළම ප්‍රමුඛත්වය ලබාදීම අනිවාර්ය අංගයකි. කොරියාව තම රටේ සම්පත්, හැකියාවන් සහ එරට ජනතාව කොරහි විශ්වාසය තබා කටයුතු කරන ජාතියකි. මා ඇතුළු විදෙස් මාධ්‍යවේදීන් එරට ගතකළ කාලයේදී එරට කතානායක Chung sye-kyun මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිණි. අපගේ නිල සාකච්ඡාවේදී අප ඉංග්‍රිසියෙන් ඇසූ සියලු ප්‍රශ්නවලට ඒ මහතා පිළිතුරු දුන්නේ කොරියානු භාෂාවෙන් පමණි. කතානායකවරයාගේ එම පිළිතුර ඉංග්‍රිසියට පරිවර්තනය කිරීමට වෙනම පරිවර්තිකාවක් සිටියාය. එසේම අපද සහභාගිවූ සෝල් නුවර පැවැති ජාත්‍යන්තර ජනමාධ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ කොරියානු අගමැති Lee Nak yeon මහතාය. ඔහු සිය ආරාධිත දෙසුම පැවැත්වූයේද කොරියානු බසිනි. අපේ දේශපාලනඥයන් මෙන් කොලයක් බලාගෙන හෝ ඔහු ඉංග්‍රිසියෙන් කතා නොකළේය. කොරියන් බසින් සිදුකළ එරට අගමැතිවරයාගේ කතාවද ඉංග්‍රිසි බසට පරිවර්තනය කර ඇසීමට අපට තාක්ෂණික පහසුකම් සලසා තිබිණි. අපේ රටේ ඉංග්‍රිසි භාෂාවට මහ ඉහළ තැනක් ලබාදී තිබේ. දකුණු කොරියාව මෙන් කටයුතු කරන්නට අපට අපහසු බව ඇත්තය. එහෙත් අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව පවා ඉංග්‍රීසි භාෂාවට විශාල තැනක් ලබාදී තිබේ. කොරියානුවන් අද මහ ඉහළ දියුණුවක් ලබා තිබුණත් කලෙක ඉතා පසුගාමී තත්ත්වයක සිටියේය. එකල සිටම කොරියාව තම මව් බසට ගරුකරමින් ඊට ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කළ බව අප අමතක නොකළ යුතුය. මේ ආදර්ශයන් මෙරට දේශපාලනඥයන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ජාතික විශ්වවිද්‍යාල පවා ලබාගත යුතුව තිබේ. ඇතැම් පාඨමාලාවන් සඳහා තම මව් භාෂාවෙන් මූලික උපාධිය පවා හැදැරීමට නොහැකි තත්ත්වයට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පරිවර්තනය වී තිබීම කණගාටුවට කරුණකි. භාෂා හැකියාව වෙනම දෙයකි. බුද්ධිය වෙනම දෙයකි. ඒ නිසා තම මව් බසට ප්‍රමුඛත්වය ලබාදෙමින් තම ජනයාගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන්ද අපට කොරියාවෙන් ඉගෙන ගැනීමට පාඩමක් තිබේ share කරන්න..Share on Facebook[SIZE="5"][/SIZE] source [url]http://hotnewslanka.com/3726[/url][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom