Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
දඩයමක් වෙනව ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩයමක් වෙන්න හෝ දඩයම් කරන්න!

මේ අදහස මින් පෙර අවස්ථා කිහිපයක ම මනසට හසුවුන බවක් මතකයේ තියනව. විවිධ කතුවරුන් විසින් කළ විවිධ කලා නිර්මාණ කිහිපයකත් මේ ප්‍රකාශය දැකගන්න ලැබුන. නමුත් මේ අදහස මුලින් ම කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දක් ද කියල මම දන්නෙ නැහැ. මේ තමයි 'ස්වභාවදහමේ රීතිය' කියලත් ඇතැම් ප්‍රකාශ දුටු බව මතකයේ තියනව. නමුත් මේ අදහස නිවැරදි ද? නැත්නම් මේ ප්‍රකාශය ගැන අපි හිතාගෙන ඉන්න අර්ථය නිවැරදි ද?

අපිට අවශ්‍ය 'අදහස් මතින් ගලායන ලෝකයක්' බව මීට පෙර කියා ඇති. නමුත් ඒ සෑම අදහසක් ම මනසින් පෙරා වෙන්කරගෙන 'වැරදි නොවන' අදහස් පමණක් භාවිතයේ තබාගත යුතු බව ඔබට වැටහෙනව ඇති ය කියල මම හිතනව. ඒ කියන්නෙ 'යහ ඵල ලැබෙන ජීවිතයකට අවශ්‍ය අදහස් පමණක්' හැකි හැමවිටම මනසේ තිබීම වැදගත් ය කියලයි මම විශ්වාස කරන්නෙ...

සත්තු... අපි හිතමු සිංහයා හෝ කොටියා වගේ සතෙක් තමන්ගේ බඩගින්න නිවාගන්න තව සතෙක් දඩයම් කරල ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නව. දඩයම් කළේ නැත්නම් වෙන්නෙ බඩගින්නෙ මියයන්න එවැනි සතුන්ට... නමුත් එහෙමයි කියල, ඒ ස්වභාවදහම ය කියල, මනුෂ්‍යයාත් එහෙම ම විය යුතුය කියල හිතනවා නම් එතන ප්‍රශ්නයක්... ඒ ප්‍රකාශයේ අර්ථය විදියට ඇතැම් අය හිතාගෙන ඉන්නව සහ ක්රියාවේ යොදවනවා, මොන ක්‍රමයකින් හරි සමාජ සම්මතය අනුව ඉහළට යාම තමයි දඩයම් කිරීම කියල. නැත්නම් තමුන් සමාජයේ දඩයමක් වෙනව කියල... ඒ කියන්නෙ, හොඳ - නරක, ධර්මය - අධර්මය පැත්තකට දාලා, මොන මොන විදියෙ හරි උපක්‍රම යොදල, අනෙකා 'දඩයම් කරලා' තමන් ඉහළට යාම... සත්තු උපමා විදියට අරන් සත්ත්ව ජීවිතය අනුව තමන් දිවි ගෙවීම ස්වභාවදහමේ රීතිය කියල හිතලා, ඒව කරන්න ගිහින්, ඇත්තටම ස්වභාවදහමේ රීතිය අනුව ඵල ලැබෙනකොට තමයි හිතාගන්නවත් බැරි අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වෙන්නෙ, ජීවිතය... ඇත්තට ම ඒක අන්තගාමී වීමක් නෙවෙයි ද? ඒ තර්කය අනුව බැලුවොත් සත්තු ඇඳුම් පැළඳුම් භාවිතා නොකර සිටින නිසා, ස්වභාවදහමට අනුව ජීවත් විය යුතුය කියලා මිනිස්සුත් එහෙම කරනවාද?

'මනුෂ්‍ය' යන්නෙහි අර්ථය 'මනසින් උසස්' යන්න...

'වලහා සහ යහළුවන් දෙදෙන' ගැන කතාව අහල ඇති. මේ කතාව එකල පාසල් පෙළපොත් වලත් තිබුන බවක් මතකයි. මේ කතාවේ ගැබ් ව ඇති යටි අර්ථය විදියට සැබෑ යහළුවන් හෙවත් විපතකදී පලා නොයන යහළුවන් ගැන උගන්වනු ලබන බවක් දකින්නට ලැබී තිබෙනව. ඒ වුනත් මේ කතාව, 'දඩයම් කරන්න හෝ දඩයම් වෙන්න' කියල බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න අර්ථය බිඳවට්ටවන කතාවක් බවයි මගෙ අදහස. නැතිනම් 'දඩයම් කරන්න හෝ දඩයම් වෙන්න' යන ප්‍රකාශයේ නිවැරදි ම අර්ථය පැහැදිලි කරන කතාවක් තමයි මේ 'වලහා සහ යහළුවන් දෙදෙන'...

ඇත්තටම මේ 'දඩයමක් වෙන්න කැමති නැත්නම් දඩයම් කරන්න' කියන්නෙ, වලහා ඉදිරියට එන මොහොතේ ඉන් බේරීමට යහළුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ගසකට නැගීම සහ එක් අයෙක් මියගිය අයෙක් සේ වැතිර සිටීම... වලහාට දඩයමක් නොවී ඒ මිතුරන් දෙදෙනා වලහා දඩයම් කළේ එහෙම... මේ දෙන්න කළ දඩයමෙන් උත්කර්ෂයට නැංවිය යුතුම කොටස තමයි මියගියා සේ වැතිර සීටීම කියලත් මට හිතෙනව. මොකද, ගසකට නැගීම ට හැකියාව නැති වුනත් ඔහු තමන්ගේ දැනුම ඇසුරින් ලැබුන අදහසක් බුද්ධිමත්ව ක්‍රියාවට නැංවීමයි සිදුකළේ... ඒවගේම මියගිය අයෙක් සේ පෙන්වන්න ඔහු විඳි දුක සහ ජීවිත අවදානම... කොහොම වුනත් ඒ කතාවේ 'හොඳම ආකාරයේ දඩයමක්' තමයි වුනේ...

පෞද්ගලිකව 'දඩයම' කියන වදන මම ප්‍රිය කරන්නෙ නැති නිසා මේ 'දඩයමක් වෙන්න කැමති නැත්නම් දඩයම් කරන්න' කියන අදහස මම හිතේ තබාගන්නෙ නැහැ. ඔබ විසින් ඒක ජීවිතයට ආදේශ කරගත්තත්, එහි නියම අරුත දැනගෙන, එ නියාමාකාරයෙන් යොදා ගැනීම වැදගත් වනු ඇති.

ඒවගේ ම මතක තබාගත යුතුයි, ස්වභාවදහම අනුව ජීවත් වෙනවා කියන්නෙ, 'සත්තු විදියට ජීවත් වෙන එක' නෙවෙයි. ස්වභාවදහම කියන්නෙ සත්තු විතරක් ම නෙවෙයි. ඔබ කරන සෑම දෙයක් ම හරහා ගොඩනැන්වෙනවා ජාලයක්... දාමයක් නෙවෙයි, ජාලයක්... "සියල් දෑ සබැඳි ය" [EVERYTHiNG iS CONNECTED!] කියන්නෙ ඒ නිසා... මේක හැබැයි අන්තගාමී විදියට හිතන්න යන්නත් එපා! බහුතරයක් අය දෙයක් කිව්වම ඒක 'හිස් මුදුනේ තියාගෙන බිම දිගාවෙලා වඳිනවා' හැරෙන්න වෙන දෙයක් දන්නෙ නැහැ. ඔබ හොඳ දේ දෙන තරමට ම ලෝකයට, ඔබ වටා ගොඩනැන්වෙන ජාලය නිසාම ඔබ වෙතට එන්නෙත් හොඳ දේ... ස්වභාවදහමේ සරල ම රීතිය තමයි ඒ...

...ස්වභාවදහමට අනුව ජීවත් වීම නම් නිහඬ ගායනයකි...

ඉතින්...

දඩයම් කරන්න...

නමුත්, එහි සැබෑ අරුත් අනුව ම පමණක්...!!!

2307281441 2307281805

#adahaspamanai

#ekathamaimatathprashne #ekatmp

#magulakwenne

#swabadahama

#mabheera

#siehra

#spn

[QUOTE="s.p.n, post: 29064339, member: 578280"] දඩයමක් වෙන්න හෝ දඩයම් කරන්න! මේ අදහස මින් පෙර අවස්ථා කිහිපයක ම මනසට හසුවුන බවක් මතකයේ තියනව. විවිධ කතුවරුන් විසින් කළ විවිධ කලා නිර්මාණ කිහිපයකත් මේ ප්‍රකාශය දැකගන්න ලැබුන. නමුත් මේ අදහස මුලින් ම කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දක් ද කියල මම දන්නෙ නැහැ. මේ තමයි 'ස්වභාවදහමේ රීතිය' කියලත් ඇතැම් ප්‍රකාශ දුටු බව මතකයේ තියනව. නමුත් මේ අදහස නිවැරදි ද? නැත්නම් මේ ප්‍රකාශය ගැන අපි හිතාගෙන ඉන්න අර්ථය නිවැරදි ද? අපිට අවශ්‍ය 'අදහස් මතින් ගලායන ලෝකයක්' බව මීට පෙර කියා ඇති. නමුත් ඒ සෑම අදහසක් ම මනසින් පෙරා වෙන්කරගෙන 'වැරදි නොවන' අදහස් පමණක් භාවිතයේ තබාගත යුතු බව ඔබට වැටහෙනව ඇති ය කියල මම හිතනව. ඒ කියන්නෙ 'යහ ඵල ලැබෙන ජීවිතයකට අවශ්‍ය අදහස් පමණක්' හැකි හැමවිටම මනසේ තිබීම වැදගත් ය කියලයි මම විශ්වාස කරන්නෙ... සත්තු... අපි හිතමු සිංහයා හෝ කොටියා වගේ සතෙක් තමන්ගේ බඩගින්න නිවාගන්න තව සතෙක් දඩයම් කරල ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නව. දඩයම් කළේ නැත්නම් වෙන්නෙ බඩගින්නෙ මියයන්න එවැනි සතුන්ට... නමුත් එහෙමයි කියල, ඒ ස්වභාවදහම ය කියල, මනුෂ්‍යයාත් එහෙම ම විය යුතුය කියල හිතනවා නම් එතන ප්‍රශ්නයක්... ඒ ප්‍රකාශයේ අර්ථය විදියට ඇතැම් අය හිතාගෙන ඉන්නව සහ ක්රියාවේ යොදවනවා, මොන ක්‍රමයකින් හරි සමාජ සම්මතය අනුව ඉහළට යාම තමයි දඩයම් කිරීම කියල. නැත්නම් තමුන් සමාජයේ දඩයමක් වෙනව කියල... ඒ කියන්නෙ, හොඳ - නරක, ධර්මය - අධර්මය පැත්තකට දාලා, මොන මොන විදියෙ හරි උපක්‍රම යොදල, අනෙකා 'දඩයම් කරලා' තමන් ඉහළට යාම... සත්තු උපමා විදියට අරන් සත්ත්ව ජීවිතය අනුව තමන් දිවි ගෙවීම ස්වභාවදහමේ රීතිය කියල හිතලා, ඒව කරන්න ගිහින්, ඇත්තටම ස්වභාවදහමේ රීතිය අනුව ඵල ලැබෙනකොට තමයි හිතාගන්නවත් බැරි අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වෙන්නෙ, ජීවිතය... ඇත්තට ම ඒක අන්තගාමී වීමක් නෙවෙයි ද? ඒ තර්කය අනුව බැලුවොත් සත්තු ඇඳුම් පැළඳුම් භාවිතා නොකර සිටින නිසා, ස්වභාවදහමට අනුව ජීවත් විය යුතුය කියලා මිනිස්සුත් එහෙම කරනවාද? 'මනුෂ්‍ය' යන්නෙහි අර්ථය 'මනසින් උසස්' යන්න... 'වලහා සහ යහළුවන් දෙදෙන' ගැන කතාව අහල ඇති. මේ කතාව එකල පාසල් පෙළපොත් වලත් තිබුන බවක් මතකයි. මේ කතාවේ ගැබ් ව ඇති යටි අර්ථය විදියට සැබෑ යහළුවන් හෙවත් විපතකදී පලා නොයන යහළුවන් ගැන උගන්වනු ලබන බවක් දකින්නට ලැබී තිබෙනව. ඒ වුනත් මේ කතාව, 'දඩයම් කරන්න හෝ දඩයම් වෙන්න' කියල බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න අර්ථය බිඳවට්ටවන කතාවක් බවයි මගෙ අදහස. නැතිනම් 'දඩයම් කරන්න හෝ දඩයම් වෙන්න' යන ප්‍රකාශයේ නිවැරදි ම අර්ථය පැහැදිලි කරන කතාවක් තමයි මේ 'වලහා සහ යහළුවන් දෙදෙන'... ඇත්තටම මේ 'දඩයමක් වෙන්න කැමති නැත්නම් දඩයම් කරන්න' කියන්නෙ, වලහා ඉදිරියට එන මොහොතේ ඉන් බේරීමට යහළුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ගසකට නැගීම සහ එක් අයෙක් මියගිය අයෙක් සේ වැතිර සිටීම... වලහාට දඩයමක් නොවී ඒ මිතුරන් දෙදෙනා වලහා දඩයම් කළේ එහෙම... මේ දෙන්න කළ දඩයමෙන් උත්කර්ෂයට නැංවිය යුතුම කොටස තමයි මියගියා සේ වැතිර සීටීම කියලත් මට හිතෙනව. මොකද, ගසකට නැගීම ට හැකියාව නැති වුනත් ඔහු තමන්ගේ දැනුම ඇසුරින් ලැබුන අදහසක් බුද්ධිමත්ව ක්‍රියාවට නැංවීමයි සිදුකළේ... ඒවගේම මියගිය අයෙක් සේ පෙන්වන්න ඔහු විඳි දුක සහ ජීවිත අවදානම... කොහොම වුනත් ඒ කතාවේ 'හොඳම ආකාරයේ දඩයමක්' තමයි වුනේ... පෞද්ගලිකව 'දඩයම' කියන වදන මම ප්‍රිය කරන්නෙ නැති නිසා මේ 'දඩයමක් වෙන්න කැමති නැත්නම් දඩයම් කරන්න' කියන අදහස මම හිතේ තබාගන්නෙ නැහැ. ඔබ විසින් ඒක ජීවිතයට ආදේශ කරගත්තත්, එහි නියම අරුත දැනගෙන, එ නියාමාකාරයෙන් යොදා ගැනීම වැදගත් වනු ඇති. ඒවගේ ම මතක තබාගත යුතුයි, ස්වභාවදහම අනුව ජීවත් වෙනවා කියන්නෙ, 'සත්තු විදියට ජීවත් වෙන එක' නෙවෙයි. ස්වභාවදහම කියන්නෙ සත්තු විතරක් ම නෙවෙයි. ඔබ කරන සෑම දෙයක් ම හරහා ගොඩනැන්වෙනවා ජාලයක්... දාමයක් නෙවෙයි, ජාලයක්... "සියල් දෑ සබැඳි ය" [EVERYTHiNG iS CONNECTED!] කියන්නෙ ඒ නිසා... මේක හැබැයි අන්තගාමී විදියට හිතන්න යන්නත් එපා! බහුතරයක් අය දෙයක් කිව්වම ඒක 'හිස් මුදුනේ තියාගෙන බිම දිගාවෙලා වඳිනවා' හැරෙන්න වෙන දෙයක් දන්නෙ නැහැ. ඔබ හොඳ දේ දෙන තරමට ම ලෝකයට, ඔබ වටා ගොඩනැන්වෙන ජාලය නිසාම ඔබ වෙතට එන්නෙත් හොඳ දේ... ස්වභාවදහමේ සරල ම රීතිය තමයි ඒ... ...ස්වභාවදහමට අනුව ජීවත් වීම නම් නිහඬ ගායනයකි... ඉතින්... දඩයම් කරන්න... නමුත්, එහි සැබෑ අරුත් අනුව ම පමණක්...!!! 2307281441 2307281805 #adahaspamanai #ekathamaimatathprashne #ekatmp #magulakwenne #swabadahama #mabheera #siehra #spn [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom