Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දත්ත ගබඩාව මුහුදු පත්ලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත්ත ගබඩාව මුහුදු පත්ලේ

මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විශ්මයජනක මෙහෙයුමක්; දත්ත ගබඩාව මුහුදු පත්ලේ සඟවයි

[YOUTUBE]L2oJw1a_qEM[/YOUTUBE]

බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ.

සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය. මෙම ව්‍යාපෘතිය 'නැටික් ව්‍යාපෘතිය' ලෙස නම් කර තිබේ.

දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය.

ස්කොට්ලන්තයේ ඕක්නි දුපත් ආශ්රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්රදේශයකි.

පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ.

"ගොඩබිමට වඩා ජලයේදී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා" යෑයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය.

"මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මළකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මළකඩ කෑම දත්ත ගබඩාවල බහුලව මතුවෙන ප්‍රශ්නයක්" ඔහු තවදුරටත් පැවසුවේය.

ක්‍රියා විරහිත වූ පරිගණක අලුත්වැඩියා කිරීමට නොහැකි වුවත්, ගොඩබිමේදී මෙන් මෙම පරිගණකවලට නිතර හානි සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝකයේ පවතින වෙනත් දත්ත ගබඩා සමග සංසන්දනය කිරීමේදී මෙය ඉතා කුඩා ගබඩාවකි. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක සර්වර්ස් දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කළ හැකිය.

2015 වර්ෂයේදී මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් මෙවැනි මධ්‍යස්ථානයක් මාස පහක කාලයක් දිය යට තැන්පත් කර පරීක්ෂණ පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දත්ත ගබඩා කළ පරිගණක සහිත තවත් සිලින්ඩර පහක් දියයට තැන්පත් කර දින 90 කින් දත්ත ගබඩා මධ්‍යස්ථානයක් පිහිටුවීම සමාගමේ බලාපොරොත්තුව වේ. නමුත් ගොඩබිමේදී එවැනි ගබඩාවක් තැනීමට වසර ගණනාවක් ගත විය හැකිය.

ඕක්නි මුහුදු ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථානය තැන්පත් කිරීමේ මෙහෙයුමට අධික මුදලක් වැයවී ඇති අතර එය බහු ජාතික සබඳතාවල ප්‍රතිඵලයක්aa ලෙස හැඳින්විය හැකිය.

සිලින්ඩරය ඉදිකර එයට පරිගණක ඇතුළු කර ඇත්තේ ප්‍රංශ නැව් නිෂ්පාදන සමාගමක් විසිනි. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය දියඹ සහ ගොඩබිම සම්බන්ධ කරන කේබල් සපයමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබේ.

යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානයේ විශේෂඥ නිර්දේශවලට අනුව මයික්රෝසොµaට් සමාගම සිය මෙහෙයුමට ඕක්නි දූපත් වටා මුහුදු ප්‍රදේශ තෝරා ගෙන ඇත.

ඕක්නි දූපත්වල සුළං බලාගාර පිහිටුවා තිබේ. එමෙන්ම, යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය වසර 14 ක කාලයක සිට මුහුදු රළ බලශක්තිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ මධ්‍යස්ථානයක් ඕක්නි වෙරළේ පවත්වාගෙන යයි.

දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමේ වේගවත් ව්‍යාපෘති හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකි බවට අදහස් පළ වෙමින් පවතී.

නමුත් ටෙක් යූ.කේ. බ්‍රිතාන්‍ය සමාගමේ එක් අංශයක් නියෝජනය කරන එමා µ්රයර් පවසන්නේ මෙම භීතිය අතිශයෝක්තියක් බවය.

"බලශක්තිය පරිහරණය සුළු ප්‍රමාණයකින් වැඩි කර විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කිරීමට අපට හැකිවී තිබෙනවා." යනුවෙන් ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්. මෙම කර්මාන්තය අඛණ්ඩව ව්‍යාප්ත වන බැවින් ඉදිරියේදී නොයෙකුත් අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇතැයිද ඇය පැවසුවාය.

"මයික්‍රෝසොෆ්ට් ආයතනය මේ ගැන වෙනස් ආකාරයට සිතන එක ගැන ඇත්තෙන්ම සතුටට කාරණයක්."

දත්ත මධ්‍යස්ථාන මුහුදු පතුලේ හෝ මුහුද ආසන්නයේ ස්ථානගත කිරීම ඉතා යහපත් අදහසක් බව එමා µ්රයර් තවදුරටත් පැවසීය.

"ලෝකයේ ජනගහනයෙන් 50% ක් ජීවත් වන්නේ වෙරළ තීරයට ආසන්නයේ," ඇය පැවසුවාය.

වසර 30 කට ආසන්න කාලයක් පුරා දත්ත මධ්‍යස්ථාන උපදේශකයකු ලෙස සේවය කරන මහාචාර්ය ඉයන් බිටර්ලින් පැවසුවේ දියයට දත්ත ගබඩා පිහිටුවීමෙන් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවය.

"අවසානයේදී ඉතිරි වන්නේ ඉතා උණුසුම් මුහුදක් සහ විශාල මත්ස්‍යයන් පමණයි" ඔහු පැවසීය.

යුරෝපයේ දත්ත මධ්‍යස්ථානවලින් 90% ක් ලන්ඩන් හා මැඩ්රිඩ් වැනි විශාල නගරවල පිsහිsටා තිබේ.

මයික්රෝසොµaට් ආයතනයේ බෙන් කට්ලර් අවධාරණය කරන්නේ දත්ත ගබඩාවෙන් ඇතිවන උෂ්ණත්වයේ බලපෑම අවම වනු ඇති බවය.

මෙය "විකාර අදහසක්" ලෙස බොහෝ දෙනා සිතිය හැකි නොවේ දැයි බෙන් කට්ලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේය." මෙය යථාර්ථයක් බවට පත් විය හැකි විකාර අත්හදා බැලීමක්," බවය.

"මෙය දැනට පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. අනාගතයේදී එය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දත්ත මධ්‍යස්ථාන ගැන අප විවිධ පර්යේෂණ සිදු කරනවා." යෑයි ඔහු තවදුරටත් පැවසීය.

ඉදිරි වසර පහ තුළ නැටික් ජන කණ්ඩායම මෙම දිය යට දත්ත මධ්‍යස්ථානය අධීක්ෂණය කරනු ඇත. එය අනාගතයට ලැබෙන සංඥවක් විය හැකිය. නැතහොත් එහි වෙසෙන මත්ස්‍යයන්ට සංචාරක ආකර්ෂණයක් විය හැකිය.

[QUOTE="slx, post: 23291755, member: 511494"] [b]දත්ත ගබඩාව මුහුදු පත්ලේ[/b] [SIZE="5"][COLOR="Blue"][CENTER]මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විශ්මයජනක මෙහෙයුමක්; දත්ත ගබඩාව මුහුදු පත්ලේ සඟවයි[/CENTER][/COLOR][/SIZE] [YOUTUBE]L2oJw1a_qEM[/YOUTUBE] බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ. සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය. මෙම ව්‍යාපෘතිය 'නැටික් ව්‍යාපෘතිය' ලෙස නම් කර තිබේ. දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය. ස්කොට්ලන්තයේ ඕක්නි දුපත් ආශ්රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්රදේශයකි. පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ. "ගොඩබිමට වඩා ජලයේදී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා" යෑයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය. "මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මළකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මළකඩ කෑම දත්ත ගබඩාවල බහුලව මතුවෙන ප්‍රශ්නයක්" ඔහු තවදුරටත් පැවසුවේය. ක්‍රියා විරහිත වූ පරිගණක අලුත්වැඩියා කිරීමට නොහැකි වුවත්, ගොඩබිමේදී මෙන් මෙම පරිගණකවලට නිතර හානි සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝකයේ පවතින වෙනත් දත්ත ගබඩා සමග සංසන්දනය කිරීමේදී මෙය ඉතා කුඩා ගබඩාවකි. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක සර්වර්ස් දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කළ හැකිය. 2015 වර්ෂයේදී මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් මෙවැනි මධ්‍යස්ථානයක් මාස පහක කාලයක් දිය යට තැන්පත් කර පරීක්ෂණ පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දත්ත ගබඩා කළ පරිගණක සහිත තවත් සිලින්ඩර පහක් දියයට තැන්පත් කර දින 90 කින් දත්ත ගබඩා මධ්‍යස්ථානයක් පිහිටුවීම සමාගමේ බලාපොරොත්තුව වේ. නමුත් ගොඩබිමේදී එවැනි ගබඩාවක් තැනීමට වසර ගණනාවක් ගත විය හැකිය. ඕක්නි මුහුදු ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථානය තැන්පත් කිරීමේ මෙහෙයුමට අධික මුදලක් වැයවී ඇති අතර එය බහු ජාතික සබඳතාවල ප්‍රතිඵලයක්aa ලෙස හැඳින්විය හැකිය. සිලින්ඩරය ඉදිකර එයට පරිගණක ඇතුළු කර ඇත්තේ ප්‍රංශ නැව් නිෂ්පාදන සමාගමක් විසිනි. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය දියඹ සහ ගොඩබිම සම්බන්ධ කරන කේබල් සපයමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබේ. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානයේ විශේෂඥ නිර්දේශවලට අනුව මයික්රෝසොµaට් සමාගම සිය මෙහෙයුමට ඕක්නි දූපත් වටා මුහුදු ප්‍රදේශ තෝරා ගෙන ඇත. ඕක්නි දූපත්වල සුළං බලාගාර පිහිටුවා තිබේ. එමෙන්ම, යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය වසර 14 ක කාලයක සිට මුහුදු රළ බලශක්තිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ මධ්‍යස්ථානයක් ඕක්නි වෙරළේ පවත්වාගෙන යයි. දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමේ වේගවත් ව්‍යාපෘති හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකි බවට අදහස් පළ වෙමින් පවතී. නමුත් ටෙක් යූ.කේ. බ්‍රිතාන්‍ය සමාගමේ එක් අංශයක් නියෝජනය කරන එමා µ්රයර් පවසන්නේ මෙම භීතිය අතිශයෝක්තියක් බවය. "බලශක්තිය පරිහරණය සුළු ප්‍රමාණයකින් වැඩි කර විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කිරීමට අපට හැකිවී තිබෙනවා." යනුවෙන් ඇය සඳහන් කළාය. කෙසේ වෙතත්. මෙම කර්මාන්තය අඛණ්ඩව ව්‍යාප්ත වන බැවින් ඉදිරියේදී නොයෙකුත් අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇතැයිද ඇය පැවසුවාය. "මයික්‍රෝසොෆ්ට් ආයතනය මේ ගැන වෙනස් ආකාරයට සිතන එක ගැන ඇත්තෙන්ම සතුටට කාරණයක්." දත්ත මධ්‍යස්ථාන මුහුදු පතුලේ හෝ මුහුද ආසන්නයේ ස්ථානගත කිරීම ඉතා යහපත් අදහසක් බව එමා µ්රයර් තවදුරටත් පැවසීය. "ලෝකයේ ජනගහනයෙන් 50% ක් ජීවත් වන්නේ වෙරළ තීරයට ආසන්නයේ," ඇය පැවසුවාය. වසර 30 කට ආසන්න කාලයක් පුරා දත්ත මධ්‍යස්ථාන උපදේශකයකු ලෙස සේවය කරන මහාචාර්ය ඉයන් බිටර්ලින් පැවසුවේ දියයට දත්ත ගබඩා පිහිටුවීමෙන් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවය. "අවසානයේදී ඉතිරි වන්නේ ඉතා උණුසුම් මුහුදක් සහ විශාල මත්ස්‍යයන් පමණයි" ඔහු පැවසීය. යුරෝපයේ දත්ත මධ්‍යස්ථානවලින් 90% ක් ලන්ඩන් හා මැඩ්රිඩ් වැනි විශාල නගරවල පිsහිsටා තිබේ. මයික්රෝසොµaට් ආයතනයේ බෙන් කට්ලර් අවධාරණය කරන්නේ දත්ත ගබඩාවෙන් ඇතිවන උෂ්ණත්වයේ බලපෑම අවම වනු ඇති බවය. මෙය "විකාර අදහසක්" ලෙස බොහෝ දෙනා සිතිය හැකි නොවේ දැයි බෙන් කට්ලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේය." මෙය යථාර්ථයක් බවට පත් විය හැකි විකාර අත්හදා බැලීමක්," බවය. "මෙය දැනට පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. අනාගතයේදී එය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දත්ත මධ්‍යස්ථාන ගැන අප විවිධ පර්යේෂණ සිදු කරනවා." යෑයි ඔහු තවදුරටත් පැවසීය. ඉදිරි වසර පහ තුළ නැටික් ජන කණ්ඩායම මෙම දිය යට දත්ත මධ්‍යස්ථානය අධීක්ෂණය කරනු ඇත. එය අනාගතයට ලැබෙන සංඥවක් විය හැකිය. නැතහොත් එහි වෙසෙන මත්ස්‍යයන්ට සංචාරක ආකර්ෂණයක් විය හැකිය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom