Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දත් මැදීම ඔබට කරදරයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත් මැදීම ඔබට කරදරයක්ද ?

දත් මැදීම ඔබට කරදරයක්ද ?

ඔබට මතක ඇති ඔබ අවසාන වරට අයිස් ක්‍රීම් එකක් රස විදපු දිනය. අයිස් ක්‍රීම් ටිකක් කටට ගන්නකොටම දත් වල ඇතිවුන ඇඟකිලිපොලා යන වේදනාව නිසා ඉතාමත් අපහසුවෙන් අයිස් ක්‍රීම් ටික ගිලගත්ත ආකාරයත් මතක ඇති. සමහරවිට මෙහෙම වෙන්නට හේතුවත් ඔබ දන්නවා ඇති. ඔබේ දත් ගැන ඔබ සැබවින්ම සැලකිලිමත්ද?

ඉහත ආකාරයේ සිදුවීමකට ඔබ මුහුණ දී ඇත්නම් ඔබේ දත් පිළිබඳව ඔබ නොසැලකිලිමත් වීම ආරම්භ කොට ඇත්තේ අද ඊයේ නොවෙයි. දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කොට, හඳුනාගන්න අවස්ථාව වන විටත් ඔබේ දතෙහි සැලකියයුතු ප්‍රමාණයක් දිරාපත්වී තිබීමට ඉඩ තිබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී දත් පණුවෝ කෑම ලෙස හැදින්වූවත් ඇත්තටම මෙයට වගකිව යුත්තෝ පණුවන් නම් නොවෙයි. එහෙනම් කවුද?

ඔබ දන්නවා ඇති ඔබේ මුඛයේ බැක්ටීරියා සියගණනක් පමණ වෙසෙන බව. නමුත් මොවුන් අතුරින් බැක්ටීරියාවන් දෙයාකාරයක් හැරුණු කොට අනෙක් සියල්ලම අපට හිතකර බැක්ටීරියාවන්. කැමතිද දැනගන්න මේ දෙයාකාරයේ බැක්ටීරියාවන් කවුද කියලා ? Streptococcus mutans හා Lactobacilli ලෙස හැඳින්වෙන මෙම බැක්ටීරියාවන් තමයි ඔබේ දත්වල ඇතිවන කුහරවලට සැබෑම වගකිවයුත්තෝ. මොවුන් ඔබේ මුඛයේ ඉතිරි වී පවතින කාබෝහයිඩ්රේට හා සංශුද්ධ සීනි කොටස් ,දත්වල එනමලයට හානිකර වන අම්ලයන් බවට පත් කරනවා.

ඔබ නියමිත අවස්ථාවන්හිදී ඔබේ දත් මැද පිරිසුදු නොකළහොත්, ඔබේ මුඛයේ ඉතිරිවන කුඩා ආහාර හා සීනි කොටස් මගින් එහි සිටින බැක්ටීරියාවන් හට තවදුරටත් වර්ධනය වීමට කදිම නවාතැනක් සකසනවා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැක්ටීරියා, තම ගහනයේ සීඝ්‍ර වැඩිකිරීමක් සිදු කරගනු ලබනවා. මෙතැනින් තමයි ඔබේ දත් වල කුහර ඇතිවීමට මග පෑදෙන්නේ.

ක්‍රමයෙන් බැක්ටීරියා සංඛ්‍යාව ඉහළ යන විට ඉහත ක්‍රියාවලිය බහුලව සිදු වන අතර ඇතිවන ආම්ලිකතාවය නිසා ඔබේ දත් වල එනමල තවදුරත් දිරායනවා. ක්‍රමයෙන් දතෙහි එනමලය දිරාගිය පසු දතෙහි සිදුරක් ඇති වෙනවා ( මෙය සිදු වීමට මාස කිහිපයක සිට අවුරුද්දක පමණ කාලයක් ගත වේ ) . මේ තරම් දුරක් ආපසු තමයි ඔබට දතේ කුහරයක් තිබෙන බව දැනෙන්නට පටන් ගන්නේ.නමුත් මේ වෙනකොට ඔබේ දත සිසිල් හා උණුසුම් ආහාරවලට තරමක් සංවේදී වීමටත් සමහර ආහාර සපන විට වේදනාවක් ගෙන දෙන තත්වයටත් පත් වී තිබීමට ඉඩ තිබෙනවා.

මෙවැනි තත්වයකට පත් වූ දතක් තවදුරටත් ප්‍රතිකාරයකින් තොරව පැවතියහොත් යම් කාලයක් ඇතුලත එය මුළුමනින්ම දිරාපත්වී යනවා.එනම් එනමලයට හානි වූ පසුව ක්‍රමයෙන් ඊට ඇතුලතින් පවතින ස්තරය වන දන්තීනය තෙක්ද කුහරය පැතිරී යනවා.දන්තීනය තෙක් කුහරය පැතිරුණු පසුව එය ක්‍රමයෙන් දතෙහි සම්බන්ධක පටක හා රුධිර වාහිනී අඩංගු වන කල්ක කුහරය වෙත ගමන් කරනවා . කල්ක කුහරයත් දිරාපත් වූ පසුව නම් ඔබේ දත ඔබට අහිමිවීමට ඉතාමත් ආසන්නයි .

නමුත් ඔබේ දත් ගැන ඔබ සැලකිලිමත් නිසා ඔබේ දතෙහි පවතින කුහරයක් මෙතරම් අභාග්‍යසම්පන්න අවස්ථාවකට පත්වීමට පෙර ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවී නිසි ප්‍රතිකාර ගනු නොඅනුමානයි. නමුත් ඔබ වඩාත් කැමති ඇති වෛද්‍යවරයෙකු හමුවට නොයාම දතක පවතින කුහරයකට ප්‍රතිකාර ගැනීමට.

අපි කලින් සඳහන් කළා දතක කුහරයක් ඇතිවීමේ මූල්ම පියවර වන්නේ, දතෙහි පිටතම ස්තරය සෑදී පවතින කැල්සියම් හා ෆොස්ෆේට් ස්ඵටික, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතිවන ආම්ලික බව නිසා ඛාදනයට ලක්වීම බව. මෙසේ හානිවුනු එනමලය නිසා දතෙහි මතුපිට සුදු පැහැති තිත් ඇති වෙනවා .මෙවන් අවස්ථාවකදී ඔබට වෛද්‍යවරයෙකුගේ පිහිට වෙනුවට ෆ්ලෝරයිඩ් වල පිහිට පතන්නට පුළුවන්.

බොහෝ විට දන්ත වෛද්‍යවරුන් විසින් දන්ත කුහර ඇතිවීම වැලැක්වීම සඳහා ෆ්ලොරයිඩ් යොදා ගන්නවා. ෆ්ලෝරයිඩ් මගින්, දිරාපත් වීම ආරම්භ වූ ,එනම් සුදු පැහැ ලප ඇති වීම ආරම්භ වූ දතක ,ඉවත් වූ ඛනිජ කොටස් ප්‍රතිස්ථාපනය කරනු ලබනවා . නමුත් එනමලය සිදුරුවීමට තරම් හානි සිදුව තිබුණහොත්, ෆ්ලෝරයිඩ් වලට එය සවිමත් කිරීමට මිස දිරාපත් වී ගිය කොටස් ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාවක් නැහැ.

-- ඔබේ එනමලයේ කුහරයක් සෑදී ඇත්නම් ඔබට එය වඩාත් දරුණු අවස්ථාවකට පත්වීම වැලක්වීමට සිදු කල හැක්කේ දන්ත වෛද්‍යවරයෙකු හමු වී එය නියමිත ලෙස පුරවා ගැනීමයි. කොහොමද මේ පිරවීමක් සිදු කරනු ලබන්නේ ?

මෙහිදී සිදු කරනුයේ පළමුවෙන්ම දත නිර්වින්දනය කොට ඉන්පසුව කුහරය තුලින් සිදුරු කොට එය පිරිසිදු කිරීමයි . ඉන්පසුව කුහරය zinc oxide හෝ වෙනත් මිශ්‍රිත රෙසින වලින් ආස්තරණය කොට පිරවීම සඳහා සකස්කරනු ලබනවා. අවසාන වශයෙන් පිරවීම සඳහා භාවිත කරන ද්‍රව්‍ය යොදා ,මෙය පුරවා දතට සම්බන්ධ කරනු ලබනවා . සාමාන්‍යයෙන් දතක සිදුකරන ලද පිරවීමක් වසර දොළහක් පමණ පවතිනවා.

ඒ මොනවා වුනත් කරන්නට තිබෙන හොඳම දේ තමයි කුහර ඇතිවෙන්නට ඉඩ නොදී තම දත් දෙපෙළ ආරක්ෂා කර ගැනීම. මේ සදහා ප්‍රධාන ආහාර වේල් වලින් අනතුරුව දත් නියමිත පරිදි මැද පිරිසිදු කිරීම , පැණිරස රස ආහාර ගැනීම හැකි තාක් අඩු කර ගැනීම මෙන්ම , නියමිත ලෙස දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී ඔබේ දත් පරීක්ෂා කරවා ගැනීමද ඉතාමත් වැදගත්. ඔබට දත් මැදීම කරදරයක් වන්නට පුළුවන්, නමුත් දත් නොමැද සිටීම ඊටත් වඩා කරදරයක් වන බව හොදින් මතක තබා ගන්න.

සැකසුම: දිනේශි තලකිරියාව

[QUOTE="Lewke, post: 17955498, member: 510552"] [b]දත් මැදීම ඔබට කරදරයක්ද ?[/b] [CENTER][SIZE="4"][B]දත් මැදීම ඔබට කරදරයක්ද ? [/B][/SIZE][/CENTER] [SIZE="3"]ඔබට මතක ඇති ඔබ අවසාන වරට අයිස් ක්‍රීම් එකක් රස විදපු දිනය. අයිස් ක්‍රීම් ටිකක් කටට ගන්නකොටම දත් වල ඇතිවුන ඇඟකිලිපොලා යන වේදනාව නිසා ඉතාමත් අපහසුවෙන් අයිස් ක්‍රීම් ටික ගිලගත්ත ආකාරයත් මතක ඇති. සමහරවිට මෙහෙම වෙන්නට හේතුවත් ඔබ දන්නවා ඇති. ඔබේ දත් ගැන ඔබ සැබවින්ම සැලකිලිමත්ද? ඉහත ආකාරයේ සිදුවීමකට ඔබ මුහුණ දී ඇත්නම් ඔබේ දත් පිළිබඳව ඔබ නොසැලකිලිමත් වීම ආරම්භ කොට ඇත්තේ අද ඊයේ නොවෙයි. දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කොට, හඳුනාගන්න අවස්ථාව වන විටත් ඔබේ දතෙහි සැලකියයුතු ප්‍රමාණයක් දිරාපත්වී තිබීමට ඉඩ තිබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී දත් පණුවෝ කෑම ලෙස හැදින්වූවත් ඇත්තටම මෙයට වගකිව යුත්තෝ පණුවන් නම් නොවෙයි. එහෙනම් කවුද? [CENTER][IMG]http://2.bp.blogspot.com/-wQ6ZIs4cW5g/VBF21TgXj_I/AAAAAAAAAVo/l75OassPTpo/s1600/tooth-decay.jpg[/IMG][/CENTER] ඔබ දන්නවා ඇති ඔබේ මුඛයේ බැක්ටීරියා සියගණනක් පමණ වෙසෙන බව. නමුත් මොවුන් අතුරින් බැක්ටීරියාවන් දෙයාකාරයක් හැරුණු කොට අනෙක් සියල්ලම අපට හිතකර බැක්ටීරියාවන්. කැමතිද දැනගන්න මේ දෙයාකාරයේ බැක්ටීරියාවන් කවුද කියලා ? Streptococcus mutans හා Lactobacilli ලෙස හැඳින්වෙන මෙම බැක්ටීරියාවන් තමයි ඔබේ දත්වල ඇතිවන කුහරවලට සැබෑම වගකිවයුත්තෝ. මොවුන් ඔබේ මුඛයේ ඉතිරි වී පවතින කාබෝහයිඩ්රේට හා සංශුද්ධ සීනි කොටස් ,දත්වල එනමලයට හානිකර වන අම්ලයන් බවට පත් කරනවා. ඔබ නියමිත අවස්ථාවන්හිදී ඔබේ දත් මැද පිරිසුදු නොකළහොත්, ඔබේ මුඛයේ ඉතිරිවන කුඩා ආහාර හා සීනි කොටස් මගින් එහි සිටින බැක්ටීරියාවන් හට තවදුරටත් වර්ධනය වීමට කදිම නවාතැනක් සකසනවා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැක්ටීරියා, තම ගහනයේ සීඝ්‍ර වැඩිකිරීමක් සිදු කරගනු ලබනවා. මෙතැනින් තමයි ඔබේ දත් වල කුහර ඇතිවීමට මග පෑදෙන්නේ. ක්‍රමයෙන් බැක්ටීරියා සංඛ්‍යාව ඉහළ යන විට ඉහත ක්‍රියාවලිය බහුලව සිදු වන අතර ඇතිවන ආම්ලිකතාවය නිසා ඔබේ දත් වල එනමල තවදුරත් දිරායනවා. ක්‍රමයෙන් දතෙහි එනමලය දිරාගිය පසු දතෙහි සිදුරක් ඇති වෙනවා ( මෙය සිදු වීමට මාස කිහිපයක සිට අවුරුද්දක පමණ කාලයක් ගත වේ ) . මේ තරම් දුරක් ආපසු තමයි ඔබට දතේ කුහරයක් තිබෙන බව දැනෙන්නට පටන් ගන්නේ.නමුත් මේ වෙනකොට ඔබේ දත සිසිල් හා උණුසුම් ආහාරවලට තරමක් සංවේදී වීමටත් සමහර ආහාර සපන විට වේදනාවක් ගෙන දෙන තත්වයටත් පත් වී තිබීමට ඉඩ තිබෙනවා. [CENTER][IMG]http://2.bp.blogspot.com/-QXcRXQyInJE/VBF3AQhjZ6I/AAAAAAAAAVw/WIpZVSFZM1o/s1600/ei_0420.gif[/IMG][/CENTER] මෙවැනි තත්වයකට පත් වූ දතක් තවදුරටත් ප්‍රතිකාරයකින් තොරව පැවතියහොත් යම් කාලයක් ඇතුලත එය මුළුමනින්ම දිරාපත්වී යනවා.එනම් එනමලයට හානි වූ පසුව ක්‍රමයෙන් ඊට ඇතුලතින් පවතින ස්තරය වන දන්තීනය තෙක්ද කුහරය පැතිරී යනවා.දන්තීනය තෙක් කුහරය පැතිරුණු පසුව එය ක්‍රමයෙන් දතෙහි සම්බන්ධක පටක හා රුධිර වාහිනී අඩංගු වන කල්ක කුහරය වෙත ගමන් කරනවා . කල්ක කුහරයත් දිරාපත් වූ පසුව නම් ඔබේ දත ඔබට අහිමිවීමට ඉතාමත් ආසන්නයි . [CENTER][IMG]http://3.bp.blogspot.com/-7slvYcbiytU/VBF3Q-jbcGI/AAAAAAAAAV4/YJvz0JbDGH8/s1600/Stages-of-tooth-decay.jpg[/IMG][/CENTER] නමුත් ඔබේ දත් ගැන ඔබ සැලකිලිමත් නිසා ඔබේ දතෙහි පවතින කුහරයක් මෙතරම් අභාග්‍යසම්පන්න අවස්ථාවකට පත්වීමට පෙර ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවී නිසි ප්‍රතිකාර ගනු නොඅනුමානයි. නමුත් ඔබ වඩාත් කැමති ඇති වෛද්‍යවරයෙකු හමුවට නොයාම දතක පවතින කුහරයකට ප්‍රතිකාර ගැනීමට. අපි කලින් සඳහන් කළා දතක කුහරයක් ඇතිවීමේ මූල්ම පියවර වන්නේ, දතෙහි පිටතම ස්තරය සෑදී පවතින කැල්සියම් හා ෆොස්ෆේට් ස්ඵටික, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතිවන ආම්ලික බව නිසා ඛාදනයට ලක්වීම බව. මෙසේ හානිවුනු එනමලය නිසා දතෙහි මතුපිට සුදු පැහැති තිත් ඇති වෙනවා .මෙවන් අවස්ථාවකදී ඔබට වෛද්‍යවරයෙකුගේ පිහිට වෙනුවට ෆ්ලෝරයිඩ් වල පිහිට පතන්නට පුළුවන්. බොහෝ විට දන්ත වෛද්‍යවරුන් විසින් දන්ත කුහර ඇතිවීම වැලැක්වීම සඳහා ෆ්ලොරයිඩ් යොදා ගන්නවා. ෆ්ලෝරයිඩ් මගින්, දිරාපත් වීම ආරම්භ වූ ,එනම් සුදු පැහැ ලප ඇති වීම ආරම්භ වූ දතක ,ඉවත් වූ ඛනිජ කොටස් ප්‍රතිස්ථාපනය කරනු ලබනවා . නමුත් එනමලය සිදුරුවීමට තරම් හානි සිදුව තිබුණහොත්, ෆ්ලෝරයිඩ් වලට එය සවිමත් කිරීමට මිස දිරාපත් වී ගිය කොටස් ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාවක් නැහැ. [CENTER][IMG]http://2.bp.blogspot.com/-67u8_OtWXRE/VBF3e0Y7BBI/AAAAAAAAAWA/ZDx6BHym5Cw/s1600/images.jpgtooth.jpg[/IMG][/CENTER] -- ඔබේ එනමලයේ කුහරයක් සෑදී ඇත්නම් ඔබට එය වඩාත් දරුණු අවස්ථාවකට පත්වීම වැලක්වීමට සිදු කල හැක්කේ දන්ත වෛද්‍යවරයෙකු හමු වී එය නියමිත ලෙස පුරවා ගැනීමයි. කොහොමද මේ පිරවීමක් සිදු කරනු ලබන්නේ ? මෙහිදී සිදු කරනුයේ පළමුවෙන්ම දත නිර්වින්දනය කොට ඉන්පසුව කුහරය තුලින් සිදුරු කොට එය පිරිසිදු කිරීමයි . ඉන්පසුව කුහරය zinc oxide හෝ වෙනත් මිශ්‍රිත රෙසින වලින් ආස්තරණය කොට පිරවීම සඳහා සකස්කරනු ලබනවා. අවසාන වශයෙන් පිරවීම සඳහා භාවිත කරන ද්‍රව්‍ය යොදා ,මෙය පුරවා දතට සම්බන්ධ කරනු ලබනවා . සාමාන්‍යයෙන් දතක සිදුකරන ලද පිරවීමක් වසර දොළහක් පමණ පවතිනවා. ඒ මොනවා වුනත් කරන්නට තිබෙන හොඳම දේ තමයි කුහර ඇතිවෙන්නට ඉඩ නොදී තම දත් දෙපෙළ ආරක්ෂා කර ගැනීම. මේ සදහා ප්‍රධාන ආහාර වේල් වලින් අනතුරුව දත් නියමිත පරිදි මැද පිරිසිදු කිරීම , පැණිරස රස ආහාර ගැනීම හැකි තාක් අඩු කර ගැනීම මෙන්ම , නියමිත ලෙස දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී ඔබේ දත් පරීක්ෂා කරවා ගැනීමද ඉතාමත් වැදගත්. ඔබට දත් මැදීම කරදරයක් වන්නට පුළුවන්, නමුත් දත් නොමැද සිටීම ඊටත් වඩා කරදරයක් වන බව හොදින් මතක තබා ගන්න.[/SIZE] [RIGHT]සැකසුම: දිනේශි තලකිරියාව[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom