Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දන්නා අපේ රටේ නොදන්නා තැන් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලගල්ල කන්දේ වගතුග

ශ්‍රී ලංකාවේ උඩරට දුම්රියක දකුණුපස අසුනක ගමන් කරන අයකුට පොල්ගහවෙල පසු වූ විට අලගෙඩියක හෝ මොල්ලියක හැඩයේ සිරසකින් යුතු උස් කඳුවැටියක් දක්නට ලැබේ. මෙම කඳුවැටිය රඹුක්කන දුම්රියපළට වඩාත් සමීපව දිස්වේ. එහෙත්, මුහුදු මට්ටමින් මීටර් 1100 (අඩි 3586) ක් උසැති මුදුණිකින් යුතු මෙම කඳුවැටියෙන් තුනෙන් එකකට ආසන්න උසක් දක්වා උඩරට යන ගමනේ දී දුම්රියට ඉහළ නගින්නට සිදුවන බව යමකුට සිතා ගන්නට පවා අසීරු කරුණකි.

මෙම කන්ද අප බොහෝ දෙනෙකු අසා ඇති අලගල්ල කන්ද ය. උඩටර දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රියපළට ඔබ්බෙන් යටිවල්දෙණිය දුම්රිය නැවතුම්පළ හමුවේ. එම දුම්රිය මගෙහි අංක 5 දරන බිංගෙය හමුවන්නේ ඉන්පසුවය. ප්‍රදේශවාසීහු ඊට හේන්පොළ බිංගෙය නැතහොත් කදුරාගෙඩිය බිංගෙය යයි කියති. උඩරට දුම්රිය මාර්ගයේ 91 වන කිලෝ මීටර් කණුව එම බිංගෙයෙහි පියැස්ස අද්දරම දැකිය හැක. මීටර් 218 (අඩි 710) ක දිගකින් යුතු වංගු සහිත මෙම බිංගෙය අලකන්ද කන්දේ පාදමෙහි පිහිටා ඇත. කන්දේ නිරිතදිග බෑවුමේ ඇති හරස් කැපුමක් බඳු දුම්රිය මග ඔස්සේ උඩරට දුම්රිය අලගල්ල කන්ද තරණය කරන්නේ එතැන් සිටය. දුම්රිය අලගල්ල කන්ද නැගීම අරඹන ස්ථානයේ උස මුහුදු මට්ටමින් මීටර් 245 (අඩි 800ක්) පමණ වෙයි.

අන් දිනවල කෙසේ වෙතත් සෑම වසරකම පෙබරවාරි 04 දාට පමණක් දහස් ගණන් ප්‍රදේශවාසීහු මෙම අලගල්ල කඳුවැටිය තරණය කරති. ඒ අපූරු හේතුවක් මතය. එනම් නිදහස භුක්ති විඳිනු පිණිසය. එහෙත් 1948 පෙබරවාරි 04 දා අපට ලැබුණු ජාතික නිදහස අලගල්ල නැගීමෙන් භුක්ති විඳීමට ලැබෙනුයේ කෙසේ දැයි මට නම් සිතාගත නොහැක. අඩුම ගණනේ ඒ මත නිදහස් උත්සවයක්වත් නොපවත්වන ඔවුහු කන්දට නැග කා, බී විනෝද වී ආපසු පහළ බසිති.

මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටි අලගල්ල කඳුවැටිය මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක භූමි ප්‍රදේශ වසාගෙන පැතිර ඇත. ඒ මහනුවරින් යටිනුවර සහ හතරලියද්දත්, කෑගල්ලෙන් මාවනැල්ල සහ රඹුක්කනත් වශයෙනි. ඉහත සඳහන් ප්‍රදේශවලින් සහ පිට ප්‍රදේශවලින් සෑම වසරකම පෙබරවාරි හතර වනදාට අලගල්ල කන්ද තරණය කරන පිරිස පන්දහසක් පමණ වෙතැයි කියනු ලැබේ. ඔවුන්ගෙන් වැඩි පිරිස තරුණ තරුණියන් බව ද දැනගන්නට ඇත. අලුයම හිරු උදාවත් සමග කඳු නැගීම අරඹන ඔවුන් යළි පහළට බසිනුයේ රාත්‍රී අඳුරත් සමගිනි. එමෙන්ම ඒ අතුරින් කොටසක් කූඩාරම් සහ ගිනිමැල ගසා එදින රාත්‍රියත් කන්දේම ගත කරති.

ජාතික නිදහස් දිනයේ නිදහස භුක්ති විඳිනු පිණිස එදින අලුයම සිට ප්‍රදේශවාසීන් අලගල්ල තරණය කරන මාර්ග හයක් පමණ තිබේ. ඒවා අතරිනුදු ප්‍රධාන මාර්ග දෙකකි. ඒ කෑගලු දිස්ත්‍රික්කයට අයත් ඉහළ කෝට්ටේ හරහා අලගල්ලවත්ත මාර්ගය සහ මහනුවර දිස්ත්‍රික්කයට අයත් මැණික්දිවෙල පොත්තපිටිය හරහා වන පාරවල් පහ, ගල්තුන මාර්ගයයි. මේ අතරින් පොත්තපිටිය මාර්ගය ඔස්සේ අලගල්ල මුදුනට පිවිසීමට අඩි එක්දහස් හත්සියයකට වැඩි උසක් තරණය කළ යුතුය. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කන්ද තරණය කිරීමේ දී අඩි දෙදෙහස් පන්සියයක පමණ උසක් ඉහළ නැගිය යුතු වෙයි.

උඩරට දුම්රිය මාර්ගය අලගල්ල ගිරි ශිඛරයට වඩාත්ම සමීප වන්නේ අගනුවර සිට කිලෝ මීටර් 94.4 දුරින් පිහිටා ඇති ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අද්දරිනි. අලගල්ල කඳු බෑවුමේ පිහිටා ඇති එහි උස මුහුදු මට්ටමින් මීටර් 322.17 (අඩි 1050) කි.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අලගල්ල කන්දේ නිරිතදිග පිහිටි ප්‍රපාතාකාර බෑවුමේ පිහිටීම ද විශේෂත්වයකි. ඒ හේතුවෙන් කිසිම දිනයෙක එම දුම්රිය ස්ථානය වෙත මෝටර් රථයකින්, ත්‍රීරෝද රථයකින් තබා පා පැදියකින්වත් යා නොහැක. ඉහළ කෝට්ටේ ගම්මානය පිහිටා ඇත්තේ දුම්රියපළින් අඩි 500 ක් පමණ පහළිනි. ඒ අනුව එහි සිට දුම්රියපළ හරහා අලගල්ල කන්දේ මුදුනට ඇති උස අඩි තුන්දහසකි. එය නල්ලතන්නියේ සිට ශ්‍රී පාද පද්මයට ඇති උසට සමානය.

අලගල්ලේ උසම ශිඛරය ප්‍රදේශවාසීන් වෙතින් නම ලබා ඇත්තේ කොඩිගල යනුවෙනි. ඉංග්‍රීසි පාලන සමයේ අප රට මිනුම්ගත කිරීමේ දී ඒ සඳහා ආධාරක මිනුම් කොඩියක් සවි කොට තිබීම නිසා ඊට ඒ නම පටබැඳී තිබේ. කොඩිගල හෙවත් අලගල්ල මුදුනට නැගීමට ස්වභාවික කපොලු දෙකකි. ඉන් ප්‍රධාන කපොල්ල සිංහ කට යනුවෙනි. ඒ කපොල්ල සිංහයකුගේ මුවක හැඩයෙන් යුතු යැයි ගැමියෝ කියති. පර්වතයේ ස්වභාය අනුව එම කපොලුවලට බැහැරින් එහි ශිඛරය වෙත පිවිසිය නොහැක. ඒ අලගල්ල පර්වතයේ ඇති බෑවුමෙහි ශීඝ්‍රතාවය නිසාය.

ජාතික නිදහස් දිනයේ අලගල්ල කන්දට නගින දහස් ගණන් ජනයා එහි මුදුනේ සිට කටුසු කොන්ද හෙවත් රූටන ගල පසු කොට ඊට කිලෝ මීටර් එකහමාරක පමණ නිරිතදිගින් පිහිටි පූජාගලට පිවිසීමට ද අමතක නොකරති. එම ශිඛරය මත මෑත අතීතයේ කොටන ලද ශ්‍රී පාද ලාංඡනයක් දැකිය හැක.

එහෙත් පූජා ගල මත දී සිදු කෙරෙන පුද පූජාවක් ගැන නම් අසන්නට නැත. ඒ කෙසේ හෝ මෙම අලගල්ලේ කඳු මුදුනේ හෙවත් කොඩිගලේ සිට අප රටේ සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වලින් සෑහෙන කොටසක් නිරාබාධිතව දැකබලාගත හැක. ඒ බව අප හා කීයේ මෙම පා ගමනේ දී අපට හමු වූ මැණික්දිවෙල, පොත්තපිටියේ සරත් දිසානායක මහතාය. එමෙන්ම මිහිඳුමින් තොර පෙබරවාරියේ අලගල්ල කඳු මුදුනේ සිට හන්තාන කන්ද, අම්බුළුවාව, බතලේගල, උතුවන්කන්ද මාතලේ රත්තොට කඳු, නකල්ස් සහ දොළොස්බාගේ කඳු සේම කුරුණෑගල, මාවනැල්ල, වරකාපොළ ඇතුළු තවත් නගර කිහිපයක් පියවි නෙතින් දැක බලාගත හැකි බව ද ඔහු කීය. මෙම අලගල්ල ශිඛරයේ සිට සහ පූජාගල මුදුනේ සිට බලන අයකුට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා දුම්රිය පහත ප්‍රපාතයේ තුරුලිය අතරින් රතු පැහැති පණුවකු මෙන් සෙමින් ඇදී යනු තැනින් තැනින් දක්නට ලැබේ. ඊට අමතරව අලගල්ල කන්දෙන් නික්මෙන දුම්රිය ඒ ආසන්නයේ ඇති මොටන කන්ද හරහා ගමන් කරන අයුරු ද අලගල්ල කඳු මුදුන්වලට කදිමට පෙනෙයි

මෑතකදී ඉදිකරන ලද අලගල්ල චෙෙත්‍ය රාජයාණන්

[QUOTE="saradiyel_uk, post: 21151074, member: 283034"] [SIZE="6"]අලගල්ල කන්දේ වගතුග [IMG]http://www.rapidadventures.lk/images/package5/package5_main.png[/IMG] ශ්‍රී ලංකාවේ උඩරට දුම්රියක දකුණුපස අසුනක ගමන් කරන අයකුට පොල්ගහවෙල පසු වූ විට අලගෙඩියක හෝ මොල්ලියක හැඩයේ සිරසකින් යුතු උස් කඳුවැටියක් දක්නට ලැබේ. මෙම කඳුවැටිය රඹුක්කන දුම්රියපළට වඩාත් සමීපව දිස්වේ. එහෙත්, මුහුදු මට්ටමින් මීටර් 1100 (අඩි 3586) ක් උසැති මුදුණිකින් යුතු මෙම කඳුවැටියෙන් තුනෙන් එකකට ආසන්න උසක් දක්වා උඩරට යන ගමනේ දී දුම්රියට ඉහළ නගින්නට සිදුවන බව යමකුට සිතා ගන්නට පවා අසීරු කරුණකි. මෙම කන්ද අප බොහෝ දෙනෙකු අසා ඇති අලගල්ල කන්ද ය. උඩටර දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රියපළට ඔබ්බෙන් යටිවල්දෙණිය දුම්රිය නැවතුම්පළ හමුවේ. එම දුම්රිය මගෙහි අංක 5 දරන බිංගෙය හමුවන්නේ ඉන්පසුවය. ප්‍රදේශවාසීහු ඊට හේන්පොළ බිංගෙය නැතහොත් කදුරාගෙඩිය බිංගෙය යයි කියති. උඩරට දුම්රිය මාර්ගයේ 91 වන කිලෝ මීටර් කණුව එම බිංගෙයෙහි පියැස්ස අද්දරම දැකිය හැක. මීටර් 218 (අඩි 710) ක දිගකින් යුතු වංගු සහිත මෙම බිංගෙය අලකන්ද කන්දේ පාදමෙහි පිහිටා ඇත. කන්දේ නිරිතදිග බෑවුමේ ඇති හරස් කැපුමක් බඳු දුම්රිය මග ඔස්සේ උඩරට දුම්රිය අලගල්ල කන්ද තරණය කරන්නේ එතැන් සිටය. දුම්රිය අලගල්ල කන්ද නැගීම අරඹන ස්ථානයේ උස මුහුදු මට්ටමින් මීටර් 245 (අඩි 800ක්) පමණ වෙයි. [IMG]http://www.rapidadventures.lk/images/package5/package5_main.png[/IMG] අන් දිනවල කෙසේ වෙතත් සෑම වසරකම පෙබරවාරි 04 දාට පමණක් දහස් ගණන් ප්‍රදේශවාසීහු මෙම අලගල්ල කඳුවැටිය තරණය කරති. ඒ අපූරු හේතුවක් මතය. එනම් නිදහස භුක්ති විඳිනු පිණිසය. එහෙත් 1948 පෙබරවාරි 04 දා අපට ලැබුණු ජාතික නිදහස අලගල්ල නැගීමෙන් භුක්ති විඳීමට ලැබෙනුයේ කෙසේ දැයි මට නම් සිතාගත නොහැක. අඩුම ගණනේ ඒ මත නිදහස් උත්සවයක්වත් නොපවත්වන ඔවුහු කන්දට නැග කා, බී විනෝද වී ආපසු පහළ බසිති. [IMG]http://trips.lakdasun.org/wp/wp-content/uploads/2016/02/image33-300x200.jpeg[/IMG] මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටි අලගල්ල කඳුවැටිය මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක භූමි ප්‍රදේශ වසාගෙන පැතිර ඇත. ඒ මහනුවරින් යටිනුවර සහ හතරලියද්දත්, කෑගල්ලෙන් මාවනැල්ල සහ රඹුක්කනත් වශයෙනි. ඉහත සඳහන් ප්‍රදේශවලින් සහ පිට ප්‍රදේශවලින් සෑම වසරකම පෙබරවාරි හතර වනදාට අලගල්ල කන්ද තරණය කරන පිරිස පන්දහසක් පමණ වෙතැයි කියනු ලැබේ. ඔවුන්ගෙන් වැඩි පිරිස තරුණ තරුණියන් බව ද දැනගන්නට ඇත. අලුයම හිරු උදාවත් සමග කඳු නැගීම අරඹන ඔවුන් යළි පහළට බසිනුයේ රාත්‍රී අඳුරත් සමගිනි. එමෙන්ම ඒ අතුරින් කොටසක් කූඩාරම් සහ ගිනිමැල ගසා එදින රාත්‍රියත් කන්දේම ගත කරති. [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/06/6d/1f/51/camping-at-summit.jpg[/IMG] ජාතික නිදහස් දිනයේ නිදහස භුක්ති විඳිනු පිණිස එදින අලුයම සිට ප්‍රදේශවාසීන් අලගල්ල තරණය කරන මාර්ග හයක් පමණ තිබේ. ඒවා අතරිනුදු ප්‍රධාන මාර්ග දෙකකි. ඒ කෑගලු දිස්ත්‍රික්කයට අයත් ඉහළ කෝට්ටේ හරහා අලගල්ලවත්ත මාර්ගය සහ මහනුවර දිස්ත්‍රික්කයට අයත් මැණික්දිවෙල පොත්තපිටිය හරහා වන පාරවල් පහ, ගල්තුන මාර්ගයයි. මේ අතරින් පොත්තපිටිය මාර්ගය ඔස්සේ අලගල්ල මුදුනට පිවිසීමට අඩි එක්දහස් හත්සියයකට වැඩි උසක් තරණය කළ යුතුය. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කන්ද තරණය කිරීමේ දී අඩි දෙදෙහස් පන්සියයක පමණ උසක් ඉහළ නැගිය යුතු වෙයි. [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/0b/ed/81/34/stair-case.jpg[/IMG] උඩරට දුම්රිය මාර්ගය අලගල්ල ගිරි ශිඛරයට වඩාත්ම සමීප වන්නේ අගනුවර සිට කිලෝ මීටර් 94.4 දුරින් පිහිටා ඇති ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අද්දරිනි. අලගල්ල කඳු බෑවුමේ පිහිටා ඇති එහි උස මුහුදු මට්ටමින් මීටර් 322.17 (අඩි 1050) කි. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අලගල්ල කන්දේ නිරිතදිග පිහිටි ප්‍රපාතාකාර බෑවුමේ පිහිටීම ද විශේෂත්වයකි. ඒ හේතුවෙන් කිසිම දිනයෙක එම දුම්රිය ස්ථානය වෙත මෝටර් රථයකින්, ත්‍රීරෝද රථයකින් තබා පා පැදියකින්වත් යා නොහැක. ඉහළ කෝට්ටේ ගම්මානය පිහිටා ඇත්තේ දුම්රියපළින් අඩි 500 ක් පමණ පහළිනි. ඒ අනුව එහි සිට දුම්රියපළ හරහා අලගල්ල කන්දේ මුදුනට ඇති උස අඩි තුන්දහසකි. එය නල්ලතන්නියේ සිට ශ්‍රී පාද පද්මයට ඇති උසට සමානය. [IMG]http://www.fastnews.lk/english/wp-content/uploads/2016/05/1traaa.jpg[/IMG] අලගල්ලේ උසම ශිඛරය ප්‍රදේශවාසීන් වෙතින් නම ලබා ඇත්තේ කොඩිගල යනුවෙනි. ඉංග්‍රීසි පාලන සමයේ අප රට මිනුම්ගත කිරීමේ දී ඒ සඳහා ආධාරක මිනුම් කොඩියක් සවි කොට තිබීම නිසා ඊට ඒ නම පටබැඳී තිබේ. කොඩිගල හෙවත් අලගල්ල මුදුනට නැගීමට ස්වභාවික කපොලු දෙකකි. ඉන් ප්‍රධාන කපොල්ල සිංහ කට යනුවෙනි. ඒ කපොල්ල සිංහයකුගේ මුවක හැඩයෙන් යුතු යැයි ගැමියෝ කියති. පර්වතයේ ස්වභාය අනුව එම කපොලුවලට බැහැරින් එහි ශිඛරය වෙත පිවිසිය නොහැක. ඒ අලගල්ල පර්වතයේ ඇති බෑවුමෙහි ශීඝ්‍රතාවය නිසාය. ජාතික නිදහස් දිනයේ අලගල්ල කන්දට නගින දහස් ගණන් ජනයා එහි මුදුනේ සිට කටුසු කොන්ද හෙවත් රූටන ගල පසු කොට ඊට කිලෝ මීටර් එකහමාරක පමණ නිරිතදිගින් පිහිටි පූජාගලට පිවිසීමට ද අමතක නොකරති. එම ශිඛරය මත මෑත අතීතයේ කොටන ලද ශ්‍රී පාද ලාංඡනයක් දැකිය හැක. [IMG]http://mw2.google.com/mw-panoramio/photos/medium/98126709.jpg[/IMG] එහෙත් පූජා ගල මත දී සිදු කෙරෙන පුද පූජාවක් ගැන නම් අසන්නට නැත. ඒ කෙසේ හෝ මෙම අලගල්ලේ කඳු මුදුනේ හෙවත් කොඩිගලේ සිට අප රටේ සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වලින් සෑහෙන කොටසක් නිරාබාධිතව දැකබලාගත හැක. ඒ බව අප හා කීයේ මෙම පා ගමනේ දී අපට හමු වූ මැණික්දිවෙල, පොත්තපිටියේ සරත් දිසානායක මහතාය. එමෙන්ම මිහිඳුමින් තොර පෙබරවාරියේ අලගල්ල කඳු මුදුනේ සිට හන්තාන කන්ද, අම්බුළුවාව, බතලේගල, උතුවන්කන්ද මාතලේ රත්තොට කඳු, නකල්ස් සහ දොළොස්බාගේ කඳු සේම කුරුණෑගල, මාවනැල්ල, වරකාපොළ ඇතුළු තවත් නගර කිහිපයක් පියවි නෙතින් දැක බලාගත හැකි බව ද ඔහු කීය. මෙම අලගල්ල ශිඛරයේ සිට සහ පූජාගල මුදුනේ සිට බලන අයකුට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා දුම්රිය පහත ප්‍රපාතයේ තුරුලිය අතරින් රතු පැහැති පණුවකු මෙන් සෙමින් ඇදී යනු තැනින් තැනින් දක්නට ලැබේ. ඊට අමතරව අලගල්ල කන්දෙන් නික්මෙන දුම්රිය ඒ ආසන්නයේ ඇති මොටන කන්ද හරහා ගමන් කරන අයුරු ද අලගල්ල කඳු මුදුන්වලට කදිමට පෙනෙයි [IMG]http://www.rapidadventures.lk/images/package5/package5_image6.png[/IMG] මෑතකදී ඉදිකරන ලද අලගල්ල චෙෙත්‍ය රාජයාණන් [IMG]https://i.ytimg.com/vi/RgjGwrmGHZ0/hqdefault.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom