Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දන්න කුමාරිගෙ නොදන්න නොම්මරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- දන්න කුමාරිගෙ නොදන්න නොම්මරේ -

දවස ගානෙ කෝච්චියේ යන එන අපි කෝච්චි ටික අඳුනන්නේ ඒවාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දාපු නමකින් (යාල් දේවී, පොඩි මැණිකේ, මුතු කුමාරි) නැත්තම් මිනිස්සු විසින් හදාගත්ත නමකින් (කැලෑ කුමාරි, සියනෑ කුමාරි, තොප්පිය) එහෙමත් නැත්තම් ඒවා යන තැන අනුව මිනිස්සු පුරුදු වෙලා තියන නමකින් (මහව කෝච්චිය, බංගෙ, රඹුක්කන, හික්කඩුව) වුනාට දුම්රිය මෙහෙයුම් කටයුතු වලදී මේ හැම කෝච්චියක්ම හඳුනාගන්න ඒවාට නිශ්චිත වුන අංකයක් තියනවා.

දුම්රිය අංකය කියලයි ඒකට කියන්නේ.

දුම්රිය අංකය හැදිලා තියෙන්නේ ඉලක්කම් 4ක එකතුවකින්. උදාහරණ විදියට කොළඹ ඉඳලා බදුල්ලට යන දෙනුවර මැණිකේ දුම්රිය 1001, මාතර යන රුහුණු කුමාරි දුම්රිය 8058, මහව යන කාර්යයාල දුම්රිය 4470 වගේ ඒවා ගන්න පුලුවන්.

මේකෙදි තියන පලවෙනි ඉලක්කමෙන් සාමාන්‍යයෙන් කියවෙන්නේ අදාල දුම්රිය යන මාර්ගයට අදාල මාර්ග අංකය. ඒ මාර්ග අංක යෙදෙන්නේ මේ විදියට

1 - කොළඹ ඉඳල බදුල්ලට යනකල් තියන ප්‍රධාන මාර්ගය

2 - පේරාදෙණිය හංදිය ඉඳල මහනුවර හරහා මාතලේ යන මාතලේ මාර්ගය

3 - රාගම හන්දිය ඉඳලා මීගමුව,හලාවත, පුත්තලම හරහා නූර්නගර් වලට යනකල් මගී ප්‍රවාහනය සිදු වෙන පුත්තලම් මාර්ගය

4 - පොල්ගහවෙල හන්දිය ඉඳලා යාපනය, කන්කසන්තුරේ දක්වා තියන උතුරු මාර්ගය

5 - මැදවච්චිය හංදිය ඉඳලා තලේමන්නාරම් තොට දක්වා යන මන්නාරම් මාර්ගය

6 - මහව හන්දිය ඉඳලා පොළොන්නරුව හරහා මඩකලපුව යන මඩකලපුව මාර්ගය

7 - ගල්ඔය හන්දිය ඉඳලා ත්‍රිකුණාමලයට යන ත්‍රිකුණාමලය මාර්ගය

8 - කොළඹ ඉඳලා ගාල්ල,මාතර සහ බෙලිඅත්ත දක්වා යන මුහුදුබඩ මාර්ගය

9 - කොළඹ ඉඳලා අවිස්සාවේල්ල දක්වා යන කැලණිවැලි මාර්ගය

මිහින්තලේ හංදිය ඉඳලා මිහින්තලේට යන මාර්ගය වෙනම මාර්ගයක් විදියට නොසලකා උතුරු මාර්ගයේම දිගුවක් විදියටයි සලකලා තියෙන්නේ. ඒ වගේම මහනුවරට අදාල මාර්ගයේ අංකය 2 වුනත් කොළඹ හා නුවර අතර ධාවනය වන දුම්රියයන් වලට යොදාගෙන තියෙන්නේ නම් අංක 1 විදියටයි. මේ දෙකටම හේතුවක් නම් හොයාගන්න බැරි වුනා.

මේ විදියට ගත්තම ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියකට අදාල දුම්රිය අංකයේ පළවෙනි ඉලක්කම වෙන්නේ 1. ඒ විදියටම උතුරු මාර්ගයේ නම් 4, කැලණි වැලි මාර්ගයේ නම් 9 විදියට තමයි යොදා ගන්නේ.

ඊළඟට දෙවෙනි ඉලක්කම. මේක 0 කියල තියනවනම් ඒක දුරගමන් සේවා සීඝ්‍රගාමී දුම්රියක් නැත්තම් නගරාන්තර දුම්රියක්. ඒ එක්කම එන ඊලඟ ඉලක්කම් දෙක දුම්රිය හඳුන්වන්න යොදාගන්න ඉලක්කම් දෙකක්. ඒ ඉලක්කම් දෙක යොදනකොට ගොඩක් දුරට එකම දුම්රියේ දෙපසට ධාවනය වන දුම්රියයන්ට අනුයාත අංක දීලා තියනවා. අපි ගත්තොත් කොළඹ කොටුව ඉඳල මඩකලපුව යන මීනගයාට අදාල අංකය 6079 වෙනකොට මඩකලපුව ඉඳල කොළඹ එන මීනගයාගේ අංකය වෙන්නේ 6080. ඒ වගේම කොළඹ ඉඳලා කන්කසන්තුරේ යන ශ්‍රී දේවීගේ අංකය 4003 වෙනකොට ආපහු එන ශ්‍රීදේවීගේ අංකය වෙන්නේ 4004. ඒ වගේම කොළඹ ඉඳලා බදුල්ල යන තැපැල් දුම්රිය 1045 වෙනකොට බදුල්ලෙන් කොළඹ එන තැපැල් දුම්රියට අදාළ වෙන්නේ 1046 කියන අංකය. මේකෙදි හැම වෙලේම වගේ ඉහලට ධාවනය වෙන දුම්රියට ඔත්තේ අංකයකුත් පහලට ධාවනය වෙන දුම්රියට ඉරට්ටේ අංකයකුත් විදියටයි මේ අංකය සකස් වෙලා තියෙන්නේ. ඒ විදියට මේ දුර ගමන් සේවා සීඝ්‍රගාමී ඒවටයි නගරාන්තර දුම්රිය වලටයි අංකය යෙදෙනකොට අනිත් දුම්රියයන් වලට තියෙන්නෙ වෙනමම කතාවක්.

ඒකෙදි දුම්රිය අංකයට අදාළ දෙවනි ඉලක්කම 1,2,3,4 කියන ඒවයින් එකක් නම් ඒකෙන් කියවෙන්නේ මේ දුම්රිය ඉහලට ගමන් කරන දුම්රියක් කියන එකයි. දෙවනි ඉලක්කම 5,6,7,8 වලින් එකක් නම් ඒ දුම්රිය පහළට ගමන් කරන එකක්. ඒ අතරිනුත් 1 යෙදෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉහලට යන දුම්රියකට වගේම 5 යෙදෙන්නේ ප්‍රධාන මාර්ගයේ පහළට ගමන් කරන දුම්රියක්. එහෙනම් දැන් පැහැදිලි වෙනවා ප්‍රධාන මාර්ගයේ ඉහලට යන දුම්රිය අංකයක මුල් ඉලක්කම් දෙක 11 වෙන අතරම ප්‍රධාන මාර්ගයේ පහලට යන දුම්රියක නම් මුල් ඉලක්කම් දෙක 15 වෙනවා. අනෙක් ඉලක්කම් දෙක දුම්රිය ගමන් වාරයට අදාලව යොදාගෙන තියන ඉලක්කම් දෙකක්. මේ දෙකට උදාහරණයක් ගත්තොත් මහනුවර ඉඳල බදුල්ල දක්වා යන මිශ්‍ර දුම්රියේ අංකය 1126 වෙනකොට බදුල්ල ඉඳලා මහනුවර එන මිශ්‍ර දුම්රියේ අංකය වෙන්නේ 1596. තවත් උදාහරණයක් ගත්තොත් රඹුක්කනින් පෙ.ව.07.25ට කොළඹ කොටුව දක්වා එන දුම්රියේ අංකය 1536 වෙනකොට කොළඹ කොටුවෙන් රාත්‍රී 11.00ට රඹුක්කනට පිටත් වෙන දුම්රියේ අංකය 1194 විදියට යෙදෙනවා.

ඒ විදියෙම දෙයක් තමයි මුහුදුබඩ මාර්ගයෙත් සිද්ධ වෙන්නේ. ඉහලට යන දුම්රියක නම් 3 දෙවනි ඉලක්කම වෙන අතරේ පහලට යන දුම්රියක දෙවනි ඉලක්කම වෙන්නේ 7. ඒ කියන්නේ මේ මාර්ගයේ ඉහල දුම්රියක නම් මුල් අංක දෙක වෙන්නේ 83 වගේම පහල දුම්රියක නම් 87 වෙනවා. උදාහරණයක් ගන්නවා නම් මරදාන ඉඳල ගාල්ලට යන තැපැල් දුම්රියේ අංකය 8775 වෙන අතරේ ගාල්ල ඉඳලා මරදාන එන තැපැල් දුම්රියට 8311 අංකය ලැබිලා තියනවා.

අපි හිතමු දුම්රිය අංකයක දෙවනි ඉලක්කම 2 කියලා. එහෙනම් මේ දුම්රිය මාතලේ මාර්ගයේ නැත්තම් කැලණි වැලි මාර්ගයේ ඉහලට යන දුම්රියක්. මේ දෙකෙන් මේක යන්නේ මොන පාරෙද කියලා අපි දැනටමත් දන්නවා පලවෙනි ඉලක්කමෙන්. (මාතලේ මාර්ගයේ නම් 2 , කැලණි වැලි නම් 9) ඊට පස්සෙ ඊලග ඉලක්කම් දෙකෙන් හැදෙන 00-99 දක්වා කොටස අගට එකතු කරලා දුම්රිය අංකය හැදෙනවා. මේකෙදිත් 00-99 ත් අතර අංක වලින් මුල් කොටසේ අංක මාතලේ මාර්ගයටත්, පසුව යෙදෙන අංක කැලණිවැලි මාර්ගයටත් වෙන් වෙලා තියනවා. උදාහරණයක් විදියට මාතලේ මාර්ගයේ ඉහලට යන දුම්රියකට අංක 2243 යෙදෙනකොට කැලණි වැලි මාර්ගයේ ඉහලට යන දුම්රියකට අංක 9271 යෙදෙනවා. මේ මාර්ග දෙකේම පහලට යන දුම්රියකත් මේ හා සමානම දෙයක් වෙනකොට අංකයේ දෙවනි ඉලක්කම විදියට යෙදෙන්නේ 6 ඉලක්කම. උදාහරණයක් විදියට කැලණි වැලි මාර්ගයේ පහලට යන දුම්රියක් අංක 9646 හිමිකරගන්නකොට මාතලේ මාර්ගයේ පහලට එන දුම්රියකට අංක 2633 ලැබෙනවා.

මේ හා සමානම සිදුවීමක් තමයි අනෙක් මාර්ග වලදීත් වෙන්නේ. ඒ කියන්නේ පුත්තලම්, මන්නාරම්, උතුරු, ත්‍රිකුණාමල සහ මඩකලපු මාර්ගවල. මේ මාර්ග වල ඉහලට යන දුම්රියක අංකයේ දෙවනි ඉලක්කම 4 වෙනකොට කලින් වගේම ඉතුරු ඉලක්කම් දෙකට ගන්න 00-99 වලින් මුල්ම අංක ටික පුත්තලම් මාර්ගයටත්, ඊලඟට මන්නාරම් මාර්ගයටත්, ඊලඟට උතුරු මාර්ගයටත්, ඉන්පසුව මඩකලපුව මාර්ගයට හා අවසානයට ත්‍රිකුණාමල මාර්ගයටත් වෙන් වෙනවා. උදාහරණ විදියට පිළිවෙලින් 3404(කොළඹ කොටුව-නූර්නගර්), 5445 (මැදවච්චිය-තලේමන්නාරම්තොට), 4470(කොළඹ කොටුව-මහව හන්දිය), 6479(මහව හංදිය-මඩකලපුව), 7491(ගල්ඔය හංදිය-ත්‍රිකුණාමලය) දුම්රිය අංක ගන්න පුලුවන්. මේ විදියටම මේ මාර්ග වල පහලට යන දුම්රියක නම් අංකයේ දෙවනි ඉලක්කම 8 වෙනකොට ඊලඟ ඉලක්කම් දෙක ගන්න 00-99 අතර කොටසින් මුලින්ම පුත්තලම් මාර්ගයටත් (3800), ඊලඟට මන්නාරම මාර්ගයත්(5846), ඊට පස්සේ පිළිවෙලින් උතුරු(4857), ත්‍රිකුණාමල(7886), මඩකලපුව(6891) කියන මාර්ග වලටත් වෙන් වෙනවා.

- Copied from Railway Dream -

[QUOTE="Walter White, post: 25539906, member: 573363"] - දන්න කුමාරිගෙ නොදන්න නොම්මරේ - දවස ගානෙ කෝච්චියේ යන එන අපි කෝච්චි ටික අඳුනන්නේ ඒවාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දාපු නමකින් (යාල් දේවී, පොඩි මැණිකේ, මුතු කුමාරි) නැත්තම් මිනිස්සු විසින් හදාගත්ත නමකින් (කැලෑ කුමාරි, සියනෑ කුමාරි, තොප්පිය) එහෙමත් නැත්තම් ඒවා යන තැන අනුව මිනිස්සු පුරුදු වෙලා තියන නමකින් (මහව කෝච්චිය, බංගෙ, රඹුක්කන, හික්කඩුව) වුනාට දුම්රිය මෙහෙයුම් කටයුතු වලදී මේ හැම කෝච්චියක්ම හඳුනාගන්න ඒවාට නිශ්චිත වුන අංකයක් තියනවා. දුම්රිය අංකය කියලයි ඒකට කියන්නේ. දුම්රිය අංකය හැදිලා තියෙන්නේ ඉලක්කම් 4ක එකතුවකින්. උදාහරණ විදියට කොළඹ ඉඳලා බදුල්ලට යන දෙනුවර මැණිකේ දුම්රිය 1001, මාතර යන රුහුණු කුමාරි දුම්රිය 8058, මහව යන කාර්යයාල දුම්රිය 4470 වගේ ඒවා ගන්න පුලුවන්. මේකෙදි තියන පලවෙනි ඉලක්කමෙන් සාමාන්‍යයෙන් කියවෙන්නේ අදාල දුම්රිය යන මාර්ගයට අදාල මාර්ග අංකය. ඒ මාර්ග අංක යෙදෙන්නේ මේ විදියට 1 - කොළඹ ඉඳල බදුල්ලට යනකල් තියන ප්‍රධාන මාර්ගය 2 - පේරාදෙණිය හංදිය ඉඳල මහනුවර හරහා මාතලේ යන මාතලේ මාර්ගය 3 - රාගම හන්දිය ඉඳලා මීගමුව,හලාවත, පුත්තලම හරහා නූර්නගර් වලට යනකල් මගී ප්‍රවාහනය සිදු වෙන පුත්තලම් මාර්ගය 4 - පොල්ගහවෙල හන්දිය ඉඳලා යාපනය, කන්කසන්තුරේ දක්වා තියන උතුරු මාර්ගය 5 - මැදවච්චිය හංදිය ඉඳලා තලේමන්නාරම් තොට දක්වා යන මන්නාරම් මාර්ගය 6 - මහව හන්දිය ඉඳලා පොළොන්නරුව හරහා මඩකලපුව යන මඩකලපුව මාර්ගය 7 - ගල්ඔය හන්දිය ඉඳලා ත්‍රිකුණාමලයට යන ත්‍රිකුණාමලය මාර්ගය 8 - කොළඹ ඉඳලා ගාල්ල,මාතර සහ බෙලිඅත්ත දක්වා යන මුහුදුබඩ මාර්ගය 9 - කොළඹ ඉඳලා අවිස්සාවේල්ල දක්වා යන කැලණිවැලි මාර්ගය මිහින්තලේ හංදිය ඉඳලා මිහින්තලේට යන මාර්ගය වෙනම මාර්ගයක් විදියට නොසලකා උතුරු මාර්ගයේම දිගුවක් විදියටයි සලකලා තියෙන්නේ. ඒ වගේම මහනුවරට අදාල මාර්ගයේ අංකය 2 වුනත් කොළඹ හා නුවර අතර ධාවනය වන දුම්රියයන් වලට යොදාගෙන තියෙන්නේ නම් අංක 1 විදියටයි. මේ දෙකටම හේතුවක් නම් හොයාගන්න බැරි වුනා. මේ විදියට ගත්තම ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියකට අදාල දුම්රිය අංකයේ පළවෙනි ඉලක්කම වෙන්නේ 1. ඒ විදියටම උතුරු මාර්ගයේ නම් 4, කැලණි වැලි මාර්ගයේ නම් 9 විදියට තමයි යොදා ගන්නේ. ඊළඟට දෙවෙනි ඉලක්කම. මේක 0 කියල තියනවනම් ඒක දුරගමන් සේවා සීඝ්‍රගාමී දුම්රියක් නැත්තම් නගරාන්තර දුම්රියක්. ඒ එක්කම එන ඊලඟ ඉලක්කම් දෙක දුම්රිය හඳුන්වන්න යොදාගන්න ඉලක්කම් දෙකක්. ඒ ඉලක්කම් දෙක යොදනකොට ගොඩක් දුරට එකම දුම්රියේ දෙපසට ධාවනය වන දුම්රියයන්ට අනුයාත අංක දීලා තියනවා. අපි ගත්තොත් කොළඹ කොටුව ඉඳල මඩකලපුව යන මීනගයාට අදාල අංකය 6079 වෙනකොට මඩකලපුව ඉඳල කොළඹ එන මීනගයාගේ අංකය වෙන්නේ 6080. ඒ වගේම කොළඹ ඉඳලා කන්කසන්තුරේ යන ශ්‍රී දේවීගේ අංකය 4003 වෙනකොට ආපහු එන ශ්‍රීදේවීගේ අංකය වෙන්නේ 4004. ඒ වගේම කොළඹ ඉඳලා බදුල්ල යන තැපැල් දුම්රිය 1045 වෙනකොට බදුල්ලෙන් කොළඹ එන තැපැල් දුම්රියට අදාළ වෙන්නේ 1046 කියන අංකය. මේකෙදි හැම වෙලේම වගේ ඉහලට ධාවනය වෙන දුම්රියට ඔත්තේ අංකයකුත් පහලට ධාවනය වෙන දුම්රියට ඉරට්ටේ අංකයකුත් විදියටයි මේ අංකය සකස් වෙලා තියෙන්නේ. ඒ විදියට මේ දුර ගමන් සේවා සීඝ්‍රගාමී ඒවටයි නගරාන්තර දුම්රිය වලටයි අංකය යෙදෙනකොට අනිත් දුම්රියයන් වලට තියෙන්නෙ වෙනමම කතාවක්. ඒකෙදි දුම්රිය අංකයට අදාළ දෙවනි ඉලක්කම 1,2,3,4 කියන ඒවයින් එකක් නම් ඒකෙන් කියවෙන්නේ මේ දුම්රිය ඉහලට ගමන් කරන දුම්රියක් කියන එකයි. දෙවනි ඉලක්කම 5,6,7,8 වලින් එකක් නම් ඒ දුම්රිය පහළට ගමන් කරන එකක්. ඒ අතරිනුත් 1 යෙදෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉහලට යන දුම්රියකට වගේම 5 යෙදෙන්නේ ප්‍රධාන මාර්ගයේ පහළට ගමන් කරන දුම්රියක්. එහෙනම් දැන් පැහැදිලි වෙනවා ප්‍රධාන මාර්ගයේ ඉහලට යන දුම්රිය අංකයක මුල් ඉලක්කම් දෙක 11 වෙන අතරම ප්‍රධාන මාර්ගයේ පහලට යන දුම්රියක නම් මුල් ඉලක්කම් දෙක 15 වෙනවා. අනෙක් ඉලක්කම් දෙක දුම්රිය ගමන් වාරයට අදාලව යොදාගෙන තියන ඉලක්කම් දෙකක්. මේ දෙකට උදාහරණයක් ගත්තොත් මහනුවර ඉඳල බදුල්ල දක්වා යන මිශ්‍ර දුම්රියේ අංකය 1126 වෙනකොට බදුල්ල ඉඳලා මහනුවර එන මිශ්‍ර දුම්රියේ අංකය වෙන්නේ 1596. තවත් උදාහරණයක් ගත්තොත් රඹුක්කනින් පෙ.ව.07.25ට කොළඹ කොටුව දක්වා එන දුම්රියේ අංකය 1536 වෙනකොට කොළඹ කොටුවෙන් රාත්‍රී 11.00ට රඹුක්කනට පිටත් වෙන දුම්රියේ අංකය 1194 විදියට යෙදෙනවා. ඒ විදියෙම දෙයක් තමයි මුහුදුබඩ මාර්ගයෙත් සිද්ධ වෙන්නේ. ඉහලට යන දුම්රියක නම් 3 දෙවනි ඉලක්කම වෙන අතරේ පහලට යන දුම්රියක දෙවනි ඉලක්කම වෙන්නේ 7. ඒ කියන්නේ මේ මාර්ගයේ ඉහල දුම්රියක නම් මුල් අංක දෙක වෙන්නේ 83 වගේම පහල දුම්රියක නම් 87 වෙනවා. උදාහරණයක් ගන්නවා නම් මරදාන ඉඳල ගාල්ලට යන තැපැල් දුම්රියේ අංකය 8775 වෙන අතරේ ගාල්ල ඉඳලා මරදාන එන තැපැල් දුම්රියට 8311 අංකය ලැබිලා තියනවා. අපි හිතමු දුම්රිය අංකයක දෙවනි ඉලක්කම 2 කියලා. එහෙනම් මේ දුම්රිය මාතලේ මාර්ගයේ නැත්තම් කැලණි වැලි මාර්ගයේ ඉහලට යන දුම්රියක්. මේ දෙකෙන් මේක යන්නේ මොන පාරෙද කියලා අපි දැනටමත් දන්නවා පලවෙනි ඉලක්කමෙන්. (මාතලේ මාර්ගයේ නම් 2 , කැලණි වැලි නම් 9) ඊට පස්සෙ ඊලග ඉලක්කම් දෙකෙන් හැදෙන 00-99 දක්වා කොටස අගට එකතු කරලා දුම්රිය අංකය හැදෙනවා. මේකෙදිත් 00-99 ත් අතර අංක වලින් මුල් කොටසේ අංක මාතලේ මාර්ගයටත්, පසුව යෙදෙන අංක කැලණිවැලි මාර්ගයටත් වෙන් වෙලා තියනවා. උදාහරණයක් විදියට මාතලේ මාර්ගයේ ඉහලට යන දුම්රියකට අංක 2243 යෙදෙනකොට කැලණි වැලි මාර්ගයේ ඉහලට යන දුම්රියකට අංක 9271 යෙදෙනවා. මේ මාර්ග දෙකේම පහලට යන දුම්රියකත් මේ හා සමානම දෙයක් වෙනකොට අංකයේ දෙවනි ඉලක්කම විදියට යෙදෙන්නේ 6 ඉලක්කම. උදාහරණයක් විදියට කැලණි වැලි මාර්ගයේ පහලට යන දුම්රියක් අංක 9646 හිමිකරගන්නකොට මාතලේ මාර්ගයේ පහලට එන දුම්රියකට අංක 2633 ලැබෙනවා. මේ හා සමානම සිදුවීමක් තමයි අනෙක් මාර්ග වලදීත් වෙන්නේ. ඒ කියන්නේ පුත්තලම්, මන්නාරම්, උතුරු, ත්‍රිකුණාමල සහ මඩකලපු මාර්ගවල. මේ මාර්ග වල ඉහලට යන දුම්රියක අංකයේ දෙවනි ඉලක්කම 4 වෙනකොට කලින් වගේම ඉතුරු ඉලක්කම් දෙකට ගන්න 00-99 වලින් මුල්ම අංක ටික පුත්තලම් මාර්ගයටත්, ඊලඟට මන්නාරම් මාර්ගයටත්, ඊලඟට උතුරු මාර්ගයටත්, ඉන්පසුව මඩකලපුව මාර්ගයට හා අවසානයට ත්‍රිකුණාමල මාර්ගයටත් වෙන් වෙනවා. උදාහරණ විදියට පිළිවෙලින් 3404(කොළඹ කොටුව-නූර්නගර්), 5445 (මැදවච්චිය-තලේමන්නාරම්තොට), 4470(කොළඹ කොටුව-මහව හන්දිය), 6479(මහව හංදිය-මඩකලපුව), 7491(ගල්ඔය හංදිය-ත්‍රිකුණාමලය) දුම්රිය අංක ගන්න පුලුවන්. මේ විදියටම මේ මාර්ග වල පහලට යන දුම්රියක නම් අංකයේ දෙවනි ඉලක්කම 8 වෙනකොට ඊලඟ ඉලක්කම් දෙක ගන්න 00-99 අතර කොටසින් මුලින්ම පුත්තලම් මාර්ගයටත් (3800), ඊලඟට මන්නාරම මාර්ගයත්(5846), ඊට පස්සේ පිළිවෙලින් උතුරු(4857), ත්‍රිකුණාමල(7886), මඩකලපුව(6891) කියන මාර්ග වලටත් වෙන් වෙනවා. - Copied from Railway Dream - [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom