Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දයාබර_නාදන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාබර නාදන්

සුදු පැහැයට හිම පියලි වැටෙන අයුරු මා ජනේලයට මුහුණ තබා නැරඹුවෙමි. මාගේ ජීවිතය අඩකින් ගරා වැටී තිබේ. ඒ මන්ද කියා එක එල්ලයේ කිව නොහැකි නමුත් වස්තු භංගත්වයකට, වියෝග කාංසාවකට මුහුණ දුන් කෙනෙකු මෙන් මගේ සිත නලංගුවකින් පිරී තිබේ. මා සතුටින් සිටි කාලයක්වත් මට මතක් නොවේ.

මා සතුටින් සිටි කාලය කියා හැඳින්විය හැක්කේ පාසල් ගිය කාලයයි. යාපනයේ උණුසුම් හිරු රැස් පහස විඳිමින් දූවිලි අවුස්සමින් පාසල අවසන් වී ගෙවල් බලා එන අයුරු මට සිහිපත් වේ. ශාන්තිනී, ලාක්ෂා, රාධා, මනෝහරී සහ මම අනෙකුත් කෙල්ලන් සමග විහිළු කරමින් උස් හඞින් කතා කරමින් ගියෙමු. කොහොඹ ගස් පේළිය අසළදී නාදන් අප පසු කරගෙන ගියේ බිම බලා ගෙනය.

"බිම බලාගෙන යන්නේ පොළවේ මැණික් තියනව කියල හිතාගෙනද?" අප අතරින් කටකාරිය වූ රාධා ඇසුවාය.

සිප්පි මල්ල සිමෙන්ති පොළව මත අතඇරියාක් මෙන් කෙල්ලෝ රොත්ත සිනාසුණෝය. නාදන් කිසිවක් නොකියා අඩිය ඉක්මන් කළේය. මම සිනහසුණේ යන්තමටය. නාදන් ගේ උසැති කය, කළු කොණ්ඩය, දෙඋරිස් රිද්මයට පද්දවමින් යන තාලය දෙස මම ඇල්මකින් යුතුව බලා සිටියෙමි. ඔහුගේ අහිංසක දෙනෙත් සහ මඳ සිනහව මට මැවී පෙනුණි.

ලාක්ෂා අප පසුකර යන නාදන් දෙස බලා "අම්බට්ටන්" (කරණවෑමියා) කියා මඳක් උස් හඞින් කීවාය. අපගේ කණ්ඩායමේ ධනවත්ම කුලවත්ම සහ නපුරුම තැනැත්තිය වූයේ ලාක්ෂාය. එය අැසුනු නාදන් මඳක් පසුපස බලා තව දුරටත් අඩිය ඉක්මන් කළේය. මම කෝපයෙන් යුතුව ලාක්ෂාට රැව්වෙමි. ඉන්පසු නිවෙස් වලට යන තෙක් අප නිහඞව ගමන් කලෙමු. ලාක්ෂාගේ කුරිරු වචනය අපගේ සතුට වියළා දමන ලදි.

පසුදින පාසල් පැමිණි නාදන් අපගේ කෙල්ලන් කණ්ඩායමට බොහෝ ඈත් වී හිඳගත්තේය. නාදන් ඉගෙනීමේ දක්ෂයෙකු වූ නමුත් ගුරුවරු වැඩි අවධානය යොමු කලේ අවිශිෂ්ටතාව උත්පත්තියේ සිට හිස දරා සිටි ලාක්ෂා වෙතටය.

මා දෙනෙත් නාදන් වෙත යොමු කළෙමි. පාසලේදී මගේ දෙනෙත් නාදන් වෙත යොමු වූ සෑම අවස්ථාවකම ඔහු මනෝඥ ලෙස මදෙස මොහොතක් බලා බිම බලා ගත්තේය. එවිට විශ්වය මොහොතකට නැවතී අප දෙදෙනා ගොළු වී යන බවක් මට දැනෙයි.

අප්පාට අවශ්‍ය කළේ මාව යාපනයෙන් ගලවා ගෙන කොළඹ කාන්තා විද්‍යාලයට හෝ බිෂොප් විද්‍යාලයට ඇතුළත් කරවන්නටය. එහෙත් අම්මා සිංහලයන් අතර වාසය අප්‍රිය කළාය. "සිංහලයෝ මෘගයෝ" මේ ඇය නිතර කී වදනකි. එහෙත් අප්පාගේ ව්‍යාපාර තිබුණේ කොළඹය. අම්මා සිංහලයන් මෘගව්යාධයන් කීවත් අප්පා එය සිනහවකින් බැහැර කරන්නට පුරුදුව සිටියේය. පීරිස් අංකල්, අල්විස් අංකල් අප්පාට සොහොයුරන් බඳුය. ඔවුනුත් මෘගයන් ද? ගිජුලිහිණියන් මෙන් අප්පාගේ ලේ ඥාතීන් ඔහුගේ මුදල් සූරාගෙන ඔහුව පිටමං කරද්දී අප්පාගේ පිහිටට ආවේ පීරිස් අංකල් සහ අල්විස් අංකල් වෙති.

අම්මා නිතර කී වැකිය ඇයට සනාත වූයේ 1983 දීය. අප්පාගේ ව්‍යාපාර සමතළා කරමින් ඔහුගේ ගොඩනැගිල්ල සහ වාහන අග්නි දෙවියාට පූජා කරමින් අවිගත් මෘගයන් ඔහු පසුපස එළවාගෙන ආහ. මන්නා පහරක් නළලට වැදී ඔහු බිම වැටුණු වහාම මෘගයන් ඔහුගේ ශරීරය මතට භූමිතෙල් වත් කළහ. මොහොතකින් ජීවමාන ගිනි පන්දමක් වීමට ඉරණම් ලැබූ අප්පාව ගලවා ගන්නා ලද්දේ අප්පාගේ ගොඩනැගිල්ල තිබූ පාරේ විසූ කිසිවෙකු ඇයි හොඳයියක්වත් නොපැවැත්වූ දාමරිකයෙකි. ඔහු කඩුවක් ගෙන පිරිස මැදට පැන ඔවුන් පළවා හැර අප්පාව ඔහුගේ ටකරන් ගෘහයට ගෙන යන ලදි. පසුව අල්විස් අංකල් ඔහුගේ බෑනා කෙනකු වූ කැප්ටන් සිගේරාගේ හමුදා ජීප් රථයෙන් පැමිණ සුරක්ෂිතව අප්පා කදිරේෂන් කෝවිලේ අනාථ කඳවුරට භාර දෙන ලදි. නමුත් අල්විස් අංකල් සහ පීරිස් අංකල් දිනපතා කෑමබීම රැගෙන ඔහුව බලන්නට පැමිණි බව අප්පා පසුව කීවේය.

ඒ දිනවල අප සිටියේ ඇඬූ කඳුලෙනි. අප්පා ඉන් සති කීපයකට පසුව යාපනයට පැමිණියේය. ඔහු කෘශ වී අසාමන්‍ය ලෙස බියගත් විලාසයක් පෙන්වීය. වෙනදා සිනහසෙන විහිළු තහළු කරන පියෙකු වෙනුවට මා දුටුවේ මිය ගිය ආත්මයකි.

දස වසරකදී සිදුවිය හැකි සිදුවීම් ඉන්පසු මාස කිහිපයක් තුළදී සිදු විය. අම්මාගේ පෙරැත්තය නිසා අප මුළු පවුලම සරණාගතයන් ලෙස එංගලන්තයට ගියෙමු. නාදන් සහ අප පන්තියේ සිටි තවත් පිරිමි ළමුන් පස් දෙනෙකු එල්ටීටීඊ සංවිධානයට බැඳී පුහුණුවීම් සඳහා ඉන්දියාවට ගිය බව මට පසුව ආරංචි විය. කොල්ලන් විසින් විමුක්ති අරගලයක් අරඹා තිබෙන බවට තොරතුරු ලැබිණි.

යාපනයේදී ඉහළ මධ්‍යම පංතිකයන් වූ අප එංගලන්තයේදී කම්කරු පන්තියට ඇද වැටුණි. අප්පා කිසිදු උද්යෝගයක් නැති ජීවත් වෙන මළ මිනියක් බවට පත් වී මුළු කාලයම ඇඳේ ගත කළේය. යාපනයේදී කෝවිලට යාමට හැර නිවසින් පිට අඩියක්වත් නොතැබූ මුළු දහවල් කාලයේදී වටිනා ඉන්දියානු සාරි අැඳ සිටුවරියක විලසින් සිටි අම්මා පවුලේ බර කරට ගෙන කම්කරු කාන්තාවක් මෙන් හිසේ මෆ්ලරයක් ඔතාගෙන බෙක්ස්ලිහි ප්ලාස්ටික් කර්මාන්තශාලාවක වැඩට ගියාය. මම කිංස්ෆෝර්ඩ් ප්‍රජා පාසලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබුවෙමි. ගිණුම්කරණය හදාරා ඉක්මනින් රැකියාවක් ගෙන පවුලේ බර අඩකින් හෝ දැරීම මගේ අපේක්ෂාව විය.

මෙලෙස කාන්සිය මුසු වසර කීපයක් ගෙවී ගියේය. ධනවත් යුදෙව් ව්‍යාපාරිකයෙකුගේ කාර්යාලයක රැකියාවක් ලබා ගැනීමට මට හැකි වීම භාග්‍යකි. ඒ නිසා අම්මා වැඩ කලේ සති අන්තයේ පමණි. සති අන්තයේ ඇතැම් දිනවල මම මහලුව කෘෂව ගිය අප්පා සමඟ නිවස අසල පිහිටි උද්‍යානයකට යාමට පුරුදුව සිටියෙමි. ඒ ඇවිදින විට මට නිතර නාදන්ව මතක් විය.

මේ රටේ ඉංග්‍රීසීන්, ජර්මානුන්, ඉතාලි ජාතිකයන්, ඩෙනිෂ් ජාතිකයන්, යුදෙව්වන්, අරාබීන්, අප්‍රිකානු ජාතිකයින් යනාදී ජාතීන් බොහොමයක් වසති. ඔවුන් එකට කති බොති රැකියාවන් කරති. යම් යම් ප්‍රශ්න ඇතිමුත් දමිළයන් සහ සිංහලයන් මෙන් එකිනෙකා සමඟ සතුරුව කා කොටා නොගනිති.

උතුරේ අප ජීවත් වූයේ තල් කොළ, පොල් අතු වලින් වැටවල් ගසා සිංහලයන් ගේ සුළඟින් ද ඈත්වය. කොළඹ ජීවත් වූවද මේ ජාතීන් දෙක එකිනෙකාට ආගන්තුකයන් වෙති. ඒ මන්ද? මගේ කාර්යාලයේ සේවය කරන පිරිස ජාතීන් දහයකට පමණ අයත් වෙති. අප ජාතියෙන්, සංස්කෘතියෙන්, හමේ පැහැයෙන් වෙනස් වූවත් එකට සහයෝගයෙන් වැඩ කරමු. එහෙත් ලංකාවේදී මේ තත්වය නැත්තේ මන්දැයි මට සමහරක් විට කල්පනා වේ. සිංහලයන් මෙන්ම දෙමළුන් වන අපද නවීන ලෝකයට ආගන්තුක වූ ගෝත්‍රිකයෝ නොවේද?

ඉන්දියාවේ සරණාගත කඳවුරක වාසය කරන රාධා ගෙන් මට ලිපියක් ලැබුණේය. අපගේ පන්තියේ ළමුන් සුළඟට අසුවූ කඩදාසි කැබලි මෙන් සීසීකඩ විසිරී ගොසිනි. නාදන් විමුක්ති භට නායකයෙකි. ඔහු අපට වෙනම රටක් ලබා දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සිංහල හමුදාව සමඟ සටන් කරන බව රාධා ලියා තිබුණාය. කොල්ලන්ගේ නිල අැඳුමින් සැරසුනු අවියක් අත දරා සිටින නාදන්ව මට මැවී පෙනුනි. අවිය ගොරහැඩි නමුත් ඔහුගේ දයබර දෙනෙත් මට පෙනේ.

රාධා ලියා තිබුණ පරිදි ලාක්ෂා ගේ පියා හමුදාවට ඔත්තු දීම නිසා කොල්ලන් විසින් වෙඩි තබා මළකඳ පහන් කණුවක එල්ලා තිබේ. ඔවුන් ගේ දේපල සංවිධානය විසින් පවරාගෙන ඇත. දැනට කොල්ලන්ගේ එක් ප්‍රාදේශිය මූලස්ථානයක් වන්නේ ලාක්ෂා ගේ පවුල විසූ සුවිසල් ගෘහයයි. නාදන් එහි තම කාර්යාලය පිහිටුවා ගෙන තිබේ. ලාක්ෂා ඇතුළු ඇයගේ පවුලේ ඉතිරි වූ සාමාජිකයන් බටහිර ජර්මනියේ ජීවත් වෙති.

අප අතර සිටි නිහඞම චරිතය වූ ශාන්තිනී නිදහසේ කිරිල්ලියකි. ඇය එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයට බැඳී තිබේ. අපගේ කෙල්ලන් මේ නිදහසේ කිරිල්ලියට බොහොසේ ඉරිසියා කරන බවත් ඔවුන් ද නිදහසේ කිරිල්ලියන් වීමට උත්සහ කරන බවටත් රාධා වැඩිදුරටත් ලියා තිබුණාය.

ඇත්තෙන්ම මමද ශාන්තිනීට ඉරිසියා කරමි. මේ කාන්සි ජනක ජීවිතයෙන් මිදී නිදහසේ කිරිල්ලියක් වී අවියක් ගෙන අපගේ ජනතාව වෙනුවෙන් සටන් කිරීමට මම කැමැත්තෙමි. නැතහොත් අපගේ පාසලේ උසස් පන්තියක සිටි ගෝපාලන් මෙන් බෝම්බයක් බැඳ සිංහල හමුදා කඳවුරකට පැන හෝ අප්පා ගේ ගොඩනැගිල්ල තිබූ කොළඹ ප්‍රදේශයේ ජනයා ගැවසෙන අවස්ථාවක බෝම්බය පුපුරුවාගෙන මිය යන්නට මම කැමැත්තෙමි. එවිට මගේ පින්තූරයට මල් මාලා පළඳවා මගේ නාමය දමිළ විරුවරියක ලෙස හුවා දක්වනු ඇත.

අපගේ කොල්ලන් කෙල්ලන් අවි අතට ගෙන අපගේ නායක ප්රභාකරන් ගේ සෙවනැල්ල යට වෙනම රටක් සඳහා සටන් වදින විට මා ලන්ඩනයට වී කෝපි බොමින් හැම්බර්ගර් කමින් අලසව කාර්යාලයේ කොළ පුරවමින් සිටින්නෙමි. මට ද සටන් පෙරමුණට යාමට අවශ්‍යතාව තිබේ.

මම මාගේ මේ ආශාව මුලින්ම කියුවේ සෑම මසකම සංවිධානයට මුදල් එකතු කරන කෝකිලන්ටය. ඔහු මඳක් තරබාරු ශක්තිමත් තරුණයෙකි. මාසිකව ගෙවන මුදල් ප්‍රමාණයට වඩා තව වැඩිපුර පවුම් පණහක් ඔහුට මම දුන්නෙමි.

"සහෝදරිය අපිත් එක්ක මෙහෙ වැඩ වලට සහභාගි වෙන්න. ඔයාගේ ඉංග්‍රීසිත් හොඳයි, නිකම් මොකද යාපනේට ගිහිල්ලා නාස්ති වෙන්නේ" කෝකිලන් මට ඔහුගේ කාඩ්පත දුන්නේය.

නිදහසේ කිරිල්ලියක් බවට පත් වීමේ මගේ අශාව තේරුම් ගත් අම්මා මට ඉක්මනින් කසාදයක් ලෑස්ති කළාය. මට නාදන් මතක් වී ගියෙන් මම දෑස් වසා ගත්තෙමි. අපගේ සටන ජයගත් පසු මම නාදන් ගේ මනාලිය වෙමි. සතුරාගෙන් මුදාගත් අපේ භූමියේදී ප්රභාකරන් ගේ ආශිර්වාදය මැද අප කසාද බඳිමු. අපට ලැබෙන පළමු දරුවා ප්‍රභා ලෙස නම් කරමු.

මා මේ දකින්නේ සිහිනයක් ද! අම්බට්ටන් කුලයේ නාදන් සමඟ සරණ යාමට අම්මා කිසිදින මට අවසර නොදෙනු ඇත. ඒ දිනවල අප්පා පීරිස් අංකල් ගේ පුතා ගැන කියමින් මට විහිළු කිරීමට පුරුදුව සිටියේය. පීරිස් අංකල් ගේ පුතා රජිත මගේ වයසේය. ඔහු දැන් එයා ලංකා ගුවන් සේවයේ ගුවන් නියමුවෙකි. ඔහු නිතර ලන්ඩනයේ වෙසෙන තම සොහොයුරිය හමු වීමට යන බව පීරිස් අංකල් ලියා තිබේ.

පීරිස් අංකල් නිතරම අප්පාට ලියුම් එවූ නමුත් ඔහු ඒ ලියුම් කියවූයේ උදාසීන ගතියකිනි. කිසිදින කිසිවෙකුට ඔහු ලිපියක්වත් නොලිව්වේය.

මට රජිත මතක් වේ. අප කුඩා කාලයේ එකට සෙල්ලම් කළෙමු. ඒ කාලයේ පීරිස් අංකල්ලා යාපනේ ආහ. අප නිවාඩුවට ඔවුන් ජීවත් වූ කොළඹ නිවසට ගියෙමු. නමුත් අම්මා සවස් වන විට වැල්ලවත්තේ වෙසෙන පංචනායගම් ඇන්ටීලාගේ ගෙදර රාත්‍රීය ගත කිරීමට යා යුතු බව අප්පාට මතක් කිරීමට අමතක නොකරන්නීය. පංචනායගම් ඇන්ටී ඇයගේ පාසල් මිතුරියකි.

අම්මා රජිත සිංහල නිසා එයට ද විරුද්ධ වනු නියතය. නමුත් ඇය මට කුලවත් දමිළ මනාලයන් සෙව්වාය. අම්මාගේ මැදිහත් වීමෙන් වෙල්ලාල කුලයේ අළුත් බෙන්ස් රථයක් හිමි මධ්‍යම ලන්ඩනයේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරන ශ්‍රී ධරන් හෙවත් ශ්‍රී මගේ මනාලයා ලෙස යෝජනා වූ අතර දෙපාර්ශවයේම එකඟතාවයෙන් අපගේ මඟුල සිදු විය.

අපගේ හින්දු මඟුල් ගෙදරදී ශ්‍රී ගේ ඥාතීන් මෙන්ම අපගේ ඥාතිහුද මම ශ්‍රී ගේ බිරිඳ වීම මගේ පෙර වාසනවක් බව කීහ. කුලවත් ධනවත් බටහිර ජීවත් වන දමිළ මනාලයෙකුගේ වටිනාකම මිල නොකළැකි දෙයකි. එහෙත් ඒ අනර්ඝ කුලවත් ධනවත් බටහිර ජීවත් වන දමිළ මනාලයා මධු ලෝලියෙකු බවත් බිරියට අමානුෂික ලෙස පහර දෙන නරුමයෙකු බවත් වටහා ගන්නා විට මා පරක්කු වී හමාරය.

මම ශ්‍රී සමඟ තෙවසරක් පමණ ජීවත් වූ නමුත් ඒ කාලය තුළදී ලද ගැහැට අප්‍රමාණය. බීමතින් ඔහු මා දූෂණය කළේය. බඳ පටියෙන් මට නිර්දය ලෙස පහර දුන්නේය. පොලිසියට එක දුරකතන අැමතුමක් දී මට ඔහුව කුරුස ගසේ ගැසීමට හැකියාව තිබුණද දෙමාපියන් ගේ ගරුත්වය, පවුලේ ගරුත්වය සලකා ඒ විසඳුම් මම බැහැර කළෙමි. ඒ අතරවාරයේ ඔහු සුදු පෙම්වතියක් ද සොයා ගත්තේය. ඒ අවසරයෙන් මම ශ්‍රී ගේ ලෝකයෙන් මිදී දෙමාපියන් සමඟ වාසයට පැමිණියෙමි.

ශ්‍රීගේ ලෝකයෙන් මිදී මම ඇතුල් වූයේ අපගේ දමිළ අරගල ලෝකයටය. මම විරෝධතා රැළි වලට සහභාගී වූයෙමි. හැකි තරම් මුදල් උපයා උතුරේ කොල්ලන් වෙත යැවූවෙමි. ගතින් මට යුදයට එක් වීමට නොහැකි වූවද මම සිතින් අපගේ නිදහසේ කිරිල්ලියන් සමඟ එක් වී සටන් කළෙමි.

අපගේ සටන වසර ගණනක් පුරාවට දිග්ගැස්සී යාම අපගේ බලාපොරොත්තු බොඳ කරන්නක් විය. සෑම වසරකම මේ අන්තිම සටනට කියා කෝකිලන් මුදල් එකතු කළ ද අපගේ අරගලයේ අවසානයක් මට නොපෙනේ. ඒ අතර උතුරේ පාසලේ පහ හය වසර වල ඉගෙනුම ලබන සිසුන් ද බලහත්කාරයෙන් යුද්දයට බඳවා ගන්නා බව අපගේ පවුලේ හිතවතෙකු වූ නීතීඥ රාජසිංහම් කීවේය. නොදරුවන් යුද්දයට යැවීම මගේ සිත සසල කළේය.

අරගලය ගැන අම්මාගේ හේතු දැක්වීම් සරල මෙන්ම කොරොස් වූවාය. සිංහලයන් මෘගයින් බවත් අප ඔවුන් ගෙන් මිදිය යුතු බවත් කීවාය. එහෙත් කොල්ලන් ගේ සටන ඇය දුටුවේ අඩු කුලයේ කරයර්, නලවර්, පරයර්, මල්ලර්, තුරුම්බාර් එවුන් විසින් වෙල්ලාලයන් පාගා කරන අරගලයක් ලෙසටය. කරයර්, නලවර්, පරයර්, මල්ලර්, තුරුම්බාර් එවුන් සටන් කර මුදා ගන්නා අපගේ දේශයේ පාලනය භාර ගත යුත්තේ වෙල්ලාලයන් බව ඇය පුන පුනා කීවාය.

දිනක් හදිසියේ කෝකිලන් මා හමු වීමට නිවසට පැමිණියේය. සිංහල හමුදාව විසින් විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් කොල්ලන්ට ආයුධ හිඟයක් ඇත්වී තිබෙන බවත් කෝකිලන් කීවේය. එදින සවස හදිසි රැස්වීමක් සඳහා ඔහු ධනවත් දමිළ ව්‍යාපාරිකයන් මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුට ආරාධනා කොට තිබුණි. එම රැස්වීම පවත්වන ලද්දේ තරු පහේ හෝටලයකය. කෝකිලන් දමිළ බසින් කරන ලද කතාව බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් තිදෙනා සඳහා මම ඉංග්‍රිසියට පරිවර්තනය කළෙමි.

කෝකිලන් උපන් කථිකයෙකි. ඔහු ඉතා හැඟීම්බර දේශනයක් කළ අතර ඔහුගේ කතාව පරිවර්තනය කළ මගේ දෙනෙත් වලද කඳුළු ඉනුවේය. අවසානයේදී අපගේ අරගලයේ ලන්ඩනයේ නියෝජිත කෝකිලන්ව සියළුම දෙනා විසින් වැළඳගත් අතර ධනවත් දමිළ ව්‍යාපාරිකයන් චෙක් පත් එවෙලේම ලියා ඔහුට දුන්නෝය. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කිසිදු මුල්‍යමය ආධාරයක් නොකළ අතර එක් මන්ත්‍රීවරයෙකු ඔහුගේ ලබන චන්ද ව්‍යාපාරයට කොතරම් මුදලක් ලබා දිය හැකිදැයි විචාලේය.

රැස්වීම අවසානයේදී කෝකිලන් මා කැටුව ඔහුගේ කාර්යාලයට ගියේ ලැබුණු මුදල් ආධාර ප්‍රමාණය ගනන් කිරීමටය. එදින කාර්යාලයේ කිසිවෙකු නොසිටියේය. කාර්යාලයට ගිය වහාම ඔහු මා විසින් කළ උපකාරය පැසසුවේය.

"සහෝදරියගේ වාසනාව තමයි අපේ ව්‍යාපාරයට අද ලැබුණේ. වෙනදා සල්ලි නොදෙන ලෝබ කන්දයියා හිටන් සල්ලි දුන්නා. මම සහෝදරිය ගැන තලවර්ට කියලයි තියෙන්නේ. සහෝදරිය අපේ අරගලයේ සුවඳ හමන පුෂ්පයක්."

මෙසේ කියන ගමන් කෝකිලන් මගේ මුව අසලට ඔහුගේ දෙතොල් ලං කොට මාව සිප ගැනීමට තැත් කළේය. විදුලි සැරයක් වැදුනාක් මෙන් මම ඔහුව පසෙකට තල්ලු කළෙමි. ඔහු තල්ලු වී ගියද යළි මා තදින් බදාගත්තේය.

සහෝදරිය කලබල වෙන්න එපා ඔහු කීවේය.

"මම සහෝදරියක් ද මාව අත ඇරපන් වනචරයා" මම ඔහුව සූරා දමමින් ඔහුගේ ග්රහණයෙන් මිදීමට තැත් කළෙමි. නමුත් මගේ උත්සහය අසර්ථක විය. කෝකිලන් කාර්යාලයේ කාපට් එක මත මාව පෙරළා ගත්තේය. ඔහුගේ අත් මගේ පියයුරු වෙත යයි. මම උපරිම ශක්තිය යොදා ඔහුව තල්ලු කළෙමි. එහෙත් මේ මස් පර්වතය මා තදින් බදාගත් අතර මට හුස්ම ගැනීමට පවා අපහසු විය.

ඔහුගේ දාඩිය වැකුණු මුහුණ මගේ කම්මුල් වල ඇතිල්ලේ. එම අවස්ථාවේදී මම ඔහුගේ වම් කම්මුල තදින් සැපුයෙමි. මගේ කටට ලුණු රසැති ලේ දැනුණි. කෝකිලන් ගේ වම් කම්මුලෙන් කෑල්ලක් මගේ මුවේ විය. ඒ වේදනාව නිසා ඔහු ග්‍රහණය බුරුල් කළේය. ඒ අවසරයෙන් මා ඔහුගෙන් මිදී නැගිට අමාරුවෙන් කාර්යාලයේ දොර ඇර දිව ගියෙමි. මහ පාරට දුවගත් මම ටැක්සියකට කතා කළෙමි.

මට කිසිවක් කල්පනා වන්නේ නැත. කෝකිලන් මාව දූෂණය කිරීමට තැත් කළේය. මට ගෙදර යාමටද සිහියක් නැත. ටැක්සිය බ්රේන්ට්වුඩ් ප්‍රදේශය පසු කරමින් සිටි අතර ඒ ආසන්නයේ ඇති පබ් එකකට මා ගෙනයන ලෙස ටැක්සි රියදුරාට කීවෙමි.

පබ් එකට ගොඩ වැදුනු මා බ්‍රැන්ඩි වීදුරුවක් බීවෙමි. මෙහි සිටින්නේ සුද්දන් පමණි. දමිළයන් හෝ සිංහලයන් නැත. මට සුරක්ෂිත භාවයක් දැනේ.

මීළඟට කළ යුත්තේ කුමක් ද කියා මම කල්පනා කළෙමි. මට කෝකිලන්ට එදිරිව පොලිසියට යා නොහැක. එසේ කලහොත් ඔහු මා සිංහල ආණ්ඩුව විසින් ඔත්තු බැලීම සඳහා සංවිධානය තුළට රිංගවන ලද ඔත්තුකාරියක් කියා අපගේ ප්‍රජාව අතර පතුරවනු ඇත. ඉන්පසු කොල්ලන් දම්මවා මා ඇතුළු මගේ මුළු පවුලම ඝාතනය කරනු ඇත.

මට අසරණ බවක් දැනේ. ජීවිතයේ ප්‍රථම වතාවට මට අප විසින් පෝෂණය කරන ලද කොටි සංවිධානයේ ගොරතර බව දැනේ. සිංහල හමුදාව මෙන්ම කොටින් ද කුරිරුය. මේ කුරිරු ගති නොමැති මේ බීමහලේ සිටින සුද්දන් සිටින්නේ කොපමණ ප්‍රීතියෙන්ද සැහැල්ලුවෙන්ද! ජීවිතයේ අරමුණ ව්‍යාපාරයක්, අරගලයක් වෙනුවෙන් මිනී මැරීමද? නැතහොත් මිය යාමද? අපට මේ සුද්දන් මෙන් ජීවිතය වින්දනය කළ නොහැක්කේ මන්ද?

මම මගේ දිනපොත පෙරළුවෙමි. එහි රජිතගේ සොහොයුරියගේ ලන්ඩනයේ නිවසේ දුරකථන අංකය තිබෙ. මෙම අංකය පීරිස් අංකල් අපට එවා බෝහෝ කල් ය. නමුත් අප කිසිවෙකු එම අංකයට කතා කොට නැත.

මම පබ් එකේ ඇති පොදු දුරකතනය වෙත ගියෙමි. මම වෙව්ලන ඇඟිලිතුඩු වලින් එම අංක කැරකුවෙමි. රජිතගේ සොහොයුරිය, පීරිස් අංකල්ගේ දුව අන්ජලී මට මුණ ගැසෙන්නේ එදිනය. කෲර මිනිසුන් ගෙන් වසන් වී සිටීමට අන්ජලී මට උපකාර වූවාය.

මාස දෙකකට පමණ පසු මට කෝකිලන් ගේ පැරණි සගයෙකු වූ කරුණාකරන් සෙවන් සිස්ටර්ස් උමං හලේදී හදිසියේ හමු විය. ඔහු කෝකිලන්ට නොසෑහෙන සේ දොස් කීවේය. සංවිධානයට අධාර ලෙස ලැබුණු මුදල් කෝකිලන් මහා පරිමාණයෙන් ගසා කා තිබේ. මම එයට දැන් පුදුම නොවෙමි. මා විසින් ඔහුගේ කම්මුලේ කෑල්ලක් කඩා ගැනීම ඔහු විස්තර කොට ඇත්තේ සිංහල තරුණයන් පිරිසක් පහර දීම නිසා ඇති වූ තුවාලයක් ලෙසටය.

කාලය ගෙවී ගියේය. මම දැන් ගෙවන්නේ නිහඞ ජීවිතයකි. අප්පා පසුගිය ශීත කාලයේ මිය ගියේය. අප ඔහුගේ අවමගුල සුළුවෙන් කෙළෙමු. අපගේ ඥාති මිත්‍රාදීන් ස්වල්පයකුත් අන්ජලීත් සොහොන් පිට්ටනියට පැමිණ සිටියහ. මූසල අඳුරු සවසක අප අප්පාගෙන් සමු ගත්තෙමු.

උතුරේ යුද තත්වය උග්‍ර වී ඇති බවට ආරංචි ලැබේ. එහෙත් මගේ සිත උකටලී වී තිබේ. අපගේ ඊලාම් දේශයේ කිලිනොච්චිය ද බිඳ වැටී ඇති බව කියමින් නීතීඥ රාජසිංහම් මට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවා තිබේ. ප්රභාකරන් කොටු වී ඇත. එහෙත් ප්රභාකරන් බේරා ගැනීමට කේ.පී. කටයුතු යොදා තිබේ.

මැයි මාසයේ එක් දිනෙක ප්රභාකරන් මියගිය බව කියමින් නීතීඥ රාජසිංහම් දුරකථනයෙන් කතා කොට කීවේය. මම සංවිධානයේ සාමාජිකාවක වූ ටර්නර්ස් හිල්හි වාසය කරන නීතා ඇමතුවෙමි. තලවර් මිය ගොස් නැති බවත් කේ.පී විසින් ඔහුව ගලවා ගෙන එරිත්‍රියාවට ගෙන ගොස් තිබෙන බව නීතා කීවාය. ප්රභාකරන් එරිත්‍රියාවට ගොස් ඇත්තේ සටන්කාමීන් 14,000ක් සමගිනි. ඔවුන් යලිත් විමුක්ති සටන පටන් ගනු ඇත.

අහෝ ඒ කාලය තුළ අප බොරුව මායාව ස්වයං රවටා ගැනීම් තුළ ජීවත් වූයෙමු. අවසානයේ දෙනෙත් අරින විට අප ඉදිරියේ යතාර්ථය දෘශ්‍යමාන විය. ප්‍රභාකරන්ව අමුඩ ගස්වා මඩ වගුරක බහා තිබේ. අවි ගත් කොල්ලන් මළවුන් අතරය. කේ.පී. ඩයස්පෝරාව අසීරුවෙන් එකතු කොට අරගලයට දුන් මුදල් ඔහුගේ නව තලවර්ලාට දී තිබේ.

බටහිර ලෝකයේ ජීවත් වන අප සියළු සැප විඳිමින් වන්නියේ දරුවන් යුද්ධය නම් රකුසාගේ කටට විසි කලෙමු. ඔවුන් විනාශය. නමුත් අප සුරක්ෂිතය.

මට නාදන් සිහි වේ. ඔහු යුද්දයෙන් මිය ගියාද? ආබධිත වූයේද? මම කිසිවක් නොදනිමි.

ප්රභාකරන් ගේ මරණින් පසු කොටි සංවිධානයේ මුදල් එකතු කළ ඒජන්තයන් සංවිධානයේ වෙළඳ ව්‍යාපාර තමන් සන්තකයට ගෙන එක රැයින් සුපිරි ධනවතුන් වූහ. කෝකිලන් වෙළඳ ව්‍යාපාර හත අටක් ඔහුගේ නමට හරවාගෙන තිබේ. මොවුන් විමුක්ති අරගලය ඉතා හොඳින් විකුණාගෙන කෑහ. ඔවුන් අරගලයට කියා තවමත් අපගේ ප්‍රජාවගෙන් මුදල් ඉල්ලති.

අම්මා ඇයගේ මරණයට පෙර යාපනය බලා ගත යුතු බව කීවාය. මහා යුද්ධයෙන් වසර ගනනකට පසු අප ලංකාවට ගියෙමු. අපගේ ජීවිත මෙන් ලංකාව ද වෙනස් වී තිබේ. රජිත සහ ඔහුගේ බිරිඳ අපව සාදරයෙන් පිළිගත්හ. පීරිස් අංකල් හොඳටම මහළුව ගොසිනි. අල්විස් අංකල් පසුගිය වසරේ මිය ගිය බව ඔහු කීවේය. අල්විස් අංකල් ගේ දුව දෙහිවල කෝච්චි බෝම්බයෙන් මිය ගිය පසු අල්විස් අංකල් ද අප්පා මෙන් ආත්මය මිය ගිය අයෙකු මෙන් ජීවත් වී තිබේ. යුද්දය අප සෑම දෙනාම භක්ෂණය කොට තිබෙන බව මට දැන් පෙනී යයි. අප සියළු දෙනාම යුද්දයේ වින්දිතයෝය.

නීතීඥ රාජසිංහම්ගේ සහෝදරයාගේ වෑන් රථයෙන් අප යාපනයට ගියෙමු. යාපනයද වෙනස් වී තිබේ. මේ අප ජීවත් වූ යාපනය නොවේ. ආගන්තුක භූමියකි. ජාතීන් දෙකක් විසින් එකිනෙකා මරාගත් භූමියකි. ලේ ගලා ගිය වධයට පමුණුවන ලද භූමියකි.

මට නිවාඩු ලැබුණේ දෙසතියකටය. එම නිසා අපට නෑ ගමන් යාමට කාලයක් නොතිබිණි. අපගේ මහ ගෙදර සහ ඉඩම් අධි ආරක්ෂිත කලාපය විසින් අත්පත් කරගෙන තිබේ. රටෙන් භාගයක් අත්පත් කර ගැනීමට කළ අරගලය නිමවී ඇත්තේ උතුරේ දුප්පතුන්ට තිබූ ඉඩම් කෑලිත් අහිමි වීමෙනි. අප අම්මාගේ අක්කාගේ නිවෙසේ තාවකාලිකව ලැගුම් ගත්තෙමු.

මට පැරණි මිතුරියන් ගෙන් හමු වූයේ රාධාගේ සොහොයුරිය වූ මින්නා පමණි. රාධා දැන් ජීවත් වන්නේ තමිල්නාඩුවේය. නිදහසේ කිරිල්ලියක වී පියාඹන්නට ගිය ශාන්තිනී යුද කම්පනය නිසා දෙවරක් ගෙල වැළදා ගැනීමට ගොස් තිබේ. ශාන්තිනී තෙලිප්පලායි රෝහලේ තවම ප්‍රතිකාර ගන්නීය. ඇයගේ සිහි කල්පනාව හොඳ නැත.

මනෝහරී ගේ අක්කා ඉන්දීය සාම හමුදාවේ සෙබළුන් දූෂණය කිරීම නිසා ගිනි තබාගෙන දිවි නසාගත් බව මට අසන්නට ලැබුණි. ලැබෙන තොරතුරු බිහිසුණු ඒවාය. යුද්ධයකින් පසු හොඳ ආරංචි බලාපොරොත්තු විය හැකිද?

ලාක්ෂා දැන් ජීවත් වන්නේ කොළඹය. ඇයගේ ළඟ ඥාතියෙකු උතුරේ මහ ඇමති වන ලකුණු තිබේ. මට අම්මාගේ කොරොස් කතාව මතකයට එයි.

මම මින්නාගෙන් නාදන් ගැන ඇසුවෙමි. මින්නාද ඔහු ගැන වැඩි යමක් දැන සිටියේ නැත. ඔහු හිටපු ප්‍රාදේශීය නායකයෙකි. යුද්දයෙන් පසු ඔහු ගැන ආරංචියක් නොමැත. ඔහු මිය යන්නට ඇතැයි සිතා මගේ සිත සොවින් බරවී යයි. එදින සවස අප යාපනයෙන් පිටත් වූයෙමු.

වෑන් රථයේ රියැදුරා කන්කසන්තුරේ වැසියෙකි. යුද්ද කාලයේ සිදුවූ දේවල් ඇසින් දැක්කාක් මෙන් හෙතෙම පුරාජේරු සහිතව විස්තර කරන්නට විය. ඔහු නොනවත්වා කියන විස්තර කථනය අපට ඇතැම් විට කරච්චලයක් ද විය. ඒ කිසිවක් ගණනකටවත් නොගෙන ඔහු විස්තර ප්‍රචාරය කලේය. අම්මා නිදිකිරා වැටුණාය. මම යළි කාලයකින් දැක ගැනීමට ඉඩ නොලැබෙන පරිසරය නරඹමින් සිටියෙමි.

නාවක්කුලි දුම්රිය මාර්ගයට ආසන්න වනවාත් සමඟම ඔහු හදිසියේ වැන් රථයේ බ්රේක් ගසා පාර හරහා ගිය අයෙකුට දිගට හරහට බනින්නට විය.

"අරූ අර යන කාලකණ්නියා තමයි මෙහෙ ඉස්කෝල වලට පැනලා ළමයි යුද්දයට අරගෙන ගියේ. ළමයි එකෙක්වත් පණ පිටින් ආවේ නැහැ. ඌ නම් පුනරුථාපනය වෙලා ආවා"

මම පාර හරහා නොන්ඩි ගසමින් යන මිනිසා දෙස බැළුවෙමි. මුරුගා දෙවියන්ට ඔප්පු වෙන්න ඒ නාදන් ය. ඔහු බොහෝ සෙයින් මහළුව ගොසිනි. කොන්ඩය ඉදිලාය. යුදයෙන් ලත් තුවාලයක් නිසාදෝ ඔහු නොන්ඩි ගසයි.

මම එක හෙයින්ම ව්‍යාකූලත්වයට පත් වූයෙමි. මට කෑගසීමට අවශ්‍ය විය. වෑන් රථයෙන් බැස නාදන් කරා දිව යන්නට අවශ්‍ය විය. මේ මිනිසාට බනින්න එපා යැයි කීමට අවශ්‍ය විය. එහෙත් මම කම්පනය නිසා දෝ මුවින් කිසිවක් නොදොඩා නාදන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටියෙමි.

වෑන් රථයේ රියැදුරා නාදන්ට නායි (බල්ලා) කියා පරිභව කලේය. එවිට නාදන් රියැදුරා දෙස බැලීය. මම ඒ අවස්ථාවේ නාදන් ගේ දෙනෙත් දුටුවෙමි. ඔහුගේ දෙනෙත් වල තිබූ අවිහිංසක බව දැන් නැත. 1983 ප්‍රහාරයෙන් පසුව අප්පාගේ දෙනෙත් වල තිබූ හිස් බව නාදන් ගේ දෙනෙත් වලින් මා දුටුවෙමි. එය දුටු මගේ දෙනෙත් වලට කඳුළු උණා නාදන් ගේ රූපය බොඳ කළේය. විශ්වය මොහොතක් නැවතිණි.

රියැදුරා නාදන් දෙසට කෙළ පහරක් ගසා යළිත් වාහනය ඉදිරියට ධාවනය කරන කළේය. මම කඳුළු අතරින් සෙමෙන් සෙමෙන් කුඩා වී යන නාදන් ගේ රූප කාය දෙස බලා සිටියෙමි.

Dr. Ruwan M. Jayathunga | රුවන් එම්. ජයතුංග

[QUOTE="Anti BBS, post: 18224605, member: 525431"] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/KATH/Dayabara-Nadan-Sinhala-Short-Story-DRMJ.jpg[/IMG] [SIZE=6]දයාබර නාදන් [/SIZE] [SIZE=3]සුදු පැහැයට හිම පියලි වැටෙන අයුරු මා ජනේලයට මුහුණ තබා නැරඹුවෙමි. මාගේ ජීවිතය අඩකින් ගරා වැටී තිබේ. ඒ මන්ද කියා එක එල්ලයේ කිව නොහැකි නමුත් වස්තු භංගත්වයකට, වියෝග කාංසාවකට මුහුණ දුන් කෙනෙකු මෙන් මගේ සිත නලංගුවකින් පිරී තිබේ. මා සතුටින් සිටි කාලයක්වත් මට මතක් නොවේ. මා සතුටින් සිටි කාලය කියා හැඳින්විය හැක්කේ පාසල් ගිය කාලයයි. යාපනයේ උණුසුම් හිරු රැස් පහස විඳිමින් දූවිලි අවුස්සමින් පාසල අවසන් වී ගෙවල් බලා එන අයුරු මට සිහිපත් වේ. ශාන්තිනී, ලාක්ෂා, රාධා, මනෝහරී සහ මම අනෙකුත් කෙල්ලන් සමග විහිළු කරමින් උස් හඞින් කතා කරමින් ගියෙමු. කොහොඹ ගස් පේළිය අසළදී නාදන් අප පසු කරගෙන ගියේ බිම බලා ගෙනය. [B]"බිම බලාගෙන යන්නේ පොළවේ මැණික් තියනව කියල හිතාගෙනද?"[/B] අප අතරින් කටකාරිය වූ රාධා ඇසුවාය. සිප්පි මල්ල සිමෙන්ති පොළව මත අතඇරියාක් මෙන් කෙල්ලෝ රොත්ත සිනාසුණෝය. නාදන් කිසිවක් නොකියා අඩිය ඉක්මන් කළේය. මම සිනහසුණේ යන්තමටය. නාදන් ගේ උසැති කය, කළු කොණ්ඩය, දෙඋරිස් රිද්මයට පද්දවමින් යන තාලය දෙස මම ඇල්මකින් යුතුව බලා සිටියෙමි. ඔහුගේ අහිංසක දෙනෙත් සහ මඳ සිනහව මට මැවී පෙනුණි. ලාක්ෂා අප පසුකර යන නාදන් දෙස බලා [B]"අම්බට්ටන්"[/B] (කරණවෑමියා) කියා මඳක් උස් හඞින් කීවාය. අපගේ කණ්ඩායමේ ධනවත්ම කුලවත්ම සහ නපුරුම තැනැත්තිය වූයේ ලාක්ෂාය. එය අැසුනු නාදන් මඳක් පසුපස බලා තව දුරටත් අඩිය ඉක්මන් කළේය. මම කෝපයෙන් යුතුව ලාක්ෂාට රැව්වෙමි. ඉන්පසු නිවෙස් වලට යන තෙක් අප නිහඞව ගමන් කලෙමු. ලාක්ෂාගේ කුරිරු වචනය අපගේ සතුට වියළා දමන ලදි. පසුදින පාසල් පැමිණි නාදන් අපගේ කෙල්ලන් කණ්ඩායමට බොහෝ ඈත් වී හිඳගත්තේය. නාදන් ඉගෙනීමේ දක්ෂයෙකු වූ නමුත් ගුරුවරු වැඩි අවධානය යොමු කලේ අවිශිෂ්ටතාව උත්පත්තියේ සිට හිස දරා සිටි ලාක්ෂා වෙතටය. මා දෙනෙත් නාදන් වෙත යොමු කළෙමි. පාසලේදී මගේ දෙනෙත් නාදන් වෙත යොමු වූ සෑම අවස්ථාවකම ඔහු මනෝඥ ලෙස මදෙස මොහොතක් බලා බිම බලා ගත්තේය. එවිට විශ්වය මොහොතකට නැවතී අප දෙදෙනා ගොළු වී යන බවක් මට දැනෙයි. අප්පාට අවශ්‍ය කළේ මාව යාපනයෙන් ගලවා ගෙන කොළඹ කාන්තා විද්‍යාලයට හෝ බිෂොප් විද්‍යාලයට ඇතුළත් කරවන්නටය. එහෙත් අම්මා සිංහලයන් අතර වාසය අප්‍රිය කළාය. [B]"සිංහලයෝ මෘගයෝ"[/B] මේ ඇය නිතර කී වදනකි. එහෙත් අප්පාගේ ව්‍යාපාර තිබුණේ කොළඹය. අම්මා සිංහලයන් මෘගව්යාධයන් කීවත් අප්පා එය සිනහවකින් බැහැර කරන්නට පුරුදුව සිටියේය. පීරිස් අංකල්, අල්විස් අංකල් අප්පාට සොහොයුරන් බඳුය. ඔවුනුත් මෘගයන් ද? ගිජුලිහිණියන් මෙන් අප්පාගේ ලේ ඥාතීන් ඔහුගේ මුදල් සූරාගෙන ඔහුව පිටමං කරද්දී අප්පාගේ පිහිටට ආවේ පීරිස් අංකල් සහ අල්විස් අංකල් වෙති. අම්මා නිතර කී වැකිය ඇයට සනාත වූයේ 1983 දීය. අප්පාගේ ව්‍යාපාර සමතළා කරමින් ඔහුගේ ගොඩනැගිල්ල සහ වාහන අග්නි දෙවියාට පූජා කරමින් අවිගත් මෘගයන් ඔහු පසුපස එළවාගෙන ආහ. මන්නා පහරක් නළලට වැදී ඔහු බිම වැටුණු වහාම මෘගයන් ඔහුගේ ශරීරය මතට භූමිතෙල් වත් කළහ. මොහොතකින් ජීවමාන ගිනි පන්දමක් වීමට ඉරණම් ලැබූ අප්පාව ගලවා ගන්නා ලද්දේ අප්පාගේ ගොඩනැගිල්ල තිබූ පාරේ විසූ කිසිවෙකු ඇයි හොඳයියක්වත් නොපැවැත්වූ දාමරිකයෙකි. ඔහු කඩුවක් ගෙන පිරිස මැදට පැන ඔවුන් පළවා හැර අප්පාව ඔහුගේ ටකරන් ගෘහයට ගෙන යන ලදි. පසුව අල්විස් අංකල් ඔහුගේ බෑනා කෙනකු වූ කැප්ටන් සිගේරාගේ හමුදා ජීප් රථයෙන් පැමිණ සුරක්ෂිතව අප්පා කදිරේෂන් කෝවිලේ අනාථ කඳවුරට භාර දෙන ලදි. නමුත් අල්විස් අංකල් සහ පීරිස් අංකල් දිනපතා කෑමබීම රැගෙන ඔහුව බලන්නට පැමිණි බව අප්පා පසුව කීවේය. ඒ දිනවල අප සිටියේ ඇඬූ කඳුලෙනි. අප්පා ඉන් සති කීපයකට පසුව යාපනයට පැමිණියේය. ඔහු කෘශ වී අසාමන්‍ය ලෙස බියගත් විලාසයක් පෙන්වීය. වෙනදා සිනහසෙන විහිළු තහළු කරන පියෙකු වෙනුවට මා දුටුවේ මිය ගිය ආත්මයකි. දස වසරකදී සිදුවිය හැකි සිදුවීම් ඉන්පසු මාස කිහිපයක් තුළදී සිදු විය. අම්මාගේ පෙරැත්තය නිසා අප මුළු පවුලම සරණාගතයන් ලෙස එංගලන්තයට ගියෙමු. නාදන් සහ අප පන්තියේ සිටි තවත් පිරිමි ළමුන් පස් දෙනෙකු එල්ටීටීඊ සංවිධානයට බැඳී පුහුණුවීම් සඳහා ඉන්දියාවට ගිය බව මට පසුව ආරංචි විය. කොල්ලන් විසින් විමුක්ති අරගලයක් අරඹා තිබෙන බවට තොරතුරු ලැබිණි. යාපනයේදී ඉහළ මධ්‍යම පංතිකයන් වූ අප එංගලන්තයේදී කම්කරු පන්තියට ඇද වැටුණි. අප්පා කිසිදු උද්යෝගයක් නැති ජීවත් වෙන මළ මිනියක් බවට පත් වී මුළු කාලයම ඇඳේ ගත කළේය. යාපනයේදී කෝවිලට යාමට හැර නිවසින් පිට අඩියක්වත් නොතැබූ මුළු දහවල් කාලයේදී වටිනා ඉන්දියානු සාරි අැඳ සිටුවරියක විලසින් සිටි අම්මා පවුලේ බර කරට ගෙන කම්කරු කාන්තාවක් මෙන් හිසේ මෆ්ලරයක් ඔතාගෙන බෙක්ස්ලිහි ප්ලාස්ටික් කර්මාන්තශාලාවක වැඩට ගියාය. මම කිංස්ෆෝර්ඩ් ප්‍රජා පාසලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබුවෙමි. ගිණුම්කරණය හදාරා ඉක්මනින් රැකියාවක් ගෙන පවුලේ බර අඩකින් හෝ දැරීම මගේ අපේක්ෂාව විය. මෙලෙස කාන්සිය මුසු වසර කීපයක් ගෙවී ගියේය. ධනවත් යුදෙව් ව්‍යාපාරිකයෙකුගේ කාර්යාලයක රැකියාවක් ලබා ගැනීමට මට හැකි වීම භාග්‍යකි. ඒ නිසා අම්මා වැඩ කලේ සති අන්තයේ පමණි. සති අන්තයේ ඇතැම් දිනවල මම මහලුව කෘෂව ගිය අප්පා සමඟ නිවස අසල පිහිටි උද්‍යානයකට යාමට පුරුදුව සිටියෙමි. ඒ ඇවිදින විට මට නිතර නාදන්ව මතක් විය. මේ රටේ ඉංග්‍රීසීන්, ජර්මානුන්, ඉතාලි ජාතිකයන්, ඩෙනිෂ් ජාතිකයන්, යුදෙව්වන්, අරාබීන්, අප්‍රිකානු ජාතිකයින් යනාදී ජාතීන් බොහොමයක් වසති. ඔවුන් එකට කති බොති රැකියාවන් කරති. යම් යම් ප්‍රශ්න ඇතිමුත් දමිළයන් සහ සිංහලයන් මෙන් එකිනෙකා සමඟ සතුරුව කා කොටා නොගනිති. උතුරේ අප ජීවත් වූයේ තල් කොළ, පොල් අතු වලින් වැටවල් ගසා සිංහලයන් ගේ සුළඟින් ද ඈත්වය. කොළඹ ජීවත් වූවද මේ ජාතීන් දෙක එකිනෙකාට ආගන්තුකයන් වෙති. ඒ මන්ද? මගේ කාර්යාලයේ සේවය කරන පිරිස ජාතීන් දහයකට පමණ අයත් වෙති. අප ජාතියෙන්, සංස්කෘතියෙන්, හමේ පැහැයෙන් වෙනස් වූවත් එකට සහයෝගයෙන් වැඩ කරමු. එහෙත් ලංකාවේදී මේ තත්වය නැත්තේ මන්දැයි මට සමහරක් විට කල්පනා වේ. සිංහලයන් මෙන්ම දෙමළුන් වන අපද නවීන ලෝකයට ආගන්තුක වූ ගෝත්‍රිකයෝ නොවේද? ඉන්දියාවේ සරණාගත කඳවුරක වාසය කරන රාධා ගෙන් මට ලිපියක් ලැබුණේය. අපගේ පන්තියේ ළමුන් සුළඟට අසුවූ කඩදාසි කැබලි මෙන් සීසීකඩ විසිරී ගොසිනි. නාදන් විමුක්ති භට නායකයෙකි. ඔහු අපට වෙනම රටක් ලබා දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සිංහල හමුදාව සමඟ සටන් කරන බව රාධා ලියා තිබුණාය. කොල්ලන්ගේ නිල අැඳුමින් සැරසුනු අවියක් අත දරා සිටින නාදන්ව මට මැවී පෙනුනි. අවිය ගොරහැඩි නමුත් ඔහුගේ දයබර දෙනෙත් මට පෙනේ. රාධා ලියා තිබුණ පරිදි ලාක්ෂා ගේ පියා හමුදාවට ඔත්තු දීම නිසා කොල්ලන් විසින් වෙඩි තබා මළකඳ පහන් කණුවක එල්ලා තිබේ. ඔවුන් ගේ දේපල සංවිධානය විසින් පවරාගෙන ඇත. දැනට කොල්ලන්ගේ එක් ප්‍රාදේශිය මූලස්ථානයක් වන්නේ ලාක්ෂා ගේ පවුල විසූ සුවිසල් ගෘහයයි. නාදන් එහි තම කාර්යාලය පිහිටුවා ගෙන තිබේ. ලාක්ෂා ඇතුළු ඇයගේ පවුලේ ඉතිරි වූ සාමාජිකයන් බටහිර ජර්මනියේ ජීවත් වෙති. අප අතර සිටි නිහඞම චරිතය වූ ශාන්තිනී නිදහසේ කිරිල්ලියකි. ඇය එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයට බැඳී තිබේ. අපගේ කෙල්ලන් මේ නිදහසේ කිරිල්ලියට බොහොසේ ඉරිසියා කරන බවත් ඔවුන් ද නිදහසේ කිරිල්ලියන් වීමට උත්සහ කරන බවටත් රාධා වැඩිදුරටත් ලියා තිබුණාය. ඇත්තෙන්ම මමද ශාන්තිනීට ඉරිසියා කරමි. මේ කාන්සි ජනක ජීවිතයෙන් මිදී නිදහසේ කිරිල්ලියක් වී අවියක් ගෙන අපගේ ජනතාව වෙනුවෙන් සටන් කිරීමට මම කැමැත්තෙමි. නැතහොත් අපගේ පාසලේ උසස් පන්තියක සිටි ගෝපාලන් මෙන් බෝම්බයක් බැඳ සිංහල හමුදා කඳවුරකට පැන හෝ අප්පා ගේ ගොඩනැගිල්ල තිබූ කොළඹ ප්‍රදේශයේ ජනයා ගැවසෙන අවස්ථාවක බෝම්බය පුපුරුවාගෙන මිය යන්නට මම කැමැත්තෙමි. එවිට මගේ පින්තූරයට මල් මාලා පළඳවා මගේ නාමය දමිළ විරුවරියක ලෙස හුවා දක්වනු ඇත. අපගේ කොල්ලන් කෙල්ලන් අවි අතට ගෙන අපගේ නායක ප්රභාකරන් ගේ සෙවනැල්ල යට වෙනම රටක් සඳහා සටන් වදින විට මා ලන්ඩනයට වී කෝපි බොමින් හැම්බර්ගර් කමින් අලසව කාර්යාලයේ කොළ පුරවමින් සිටින්නෙමි. මට ද සටන් පෙරමුණට යාමට අවශ්‍යතාව තිබේ. මම මාගේ මේ ආශාව මුලින්ම කියුවේ සෑම මසකම සංවිධානයට මුදල් එකතු කරන කෝකිලන්ටය. ඔහු මඳක් තරබාරු ශක්තිමත් තරුණයෙකි. මාසිකව ගෙවන මුදල් ප්‍රමාණයට වඩා තව වැඩිපුර පවුම් පණහක් ඔහුට මම දුන්නෙමි. [B]"සහෝදරිය අපිත් එක්ක මෙහෙ වැඩ වලට සහභාගි වෙන්න. ඔයාගේ ඉංග්‍රීසිත් හොඳයි, නිකම් මොකද යාපනේට ගිහිල්ලා නාස්ති වෙන්නේ"[/B] කෝකිලන් මට ඔහුගේ කාඩ්පත දුන්නේය. නිදහසේ කිරිල්ලියක් බවට පත් වීමේ මගේ අශාව තේරුම් ගත් අම්මා මට ඉක්මනින් කසාදයක් ලෑස්ති කළාය. මට නාදන් මතක් වී ගියෙන් මම දෑස් වසා ගත්තෙමි. අපගේ සටන ජයගත් පසු මම නාදන් ගේ මනාලිය වෙමි. සතුරාගෙන් මුදාගත් අපේ භූමියේදී ප්රභාකරන් ගේ ආශිර්වාදය මැද අප කසාද බඳිමු. අපට ලැබෙන පළමු දරුවා ප්‍රභා ලෙස නම් කරමු. මා මේ දකින්නේ සිහිනයක් ද! අම්බට්ටන් කුලයේ නාදන් සමඟ සරණ යාමට අම්මා කිසිදින මට අවසර නොදෙනු ඇත. ඒ දිනවල අප්පා පීරිස් අංකල් ගේ පුතා ගැන කියමින් මට විහිළු කිරීමට පුරුදුව සිටියේය. පීරිස් අංකල් ගේ පුතා රජිත මගේ වයසේය. ඔහු දැන් එයා ලංකා ගුවන් සේවයේ ගුවන් නියමුවෙකි. ඔහු නිතර ලන්ඩනයේ වෙසෙන තම සොහොයුරිය හමු වීමට යන බව පීරිස් අංකල් ලියා තිබේ. පීරිස් අංකල් නිතරම අප්පාට ලියුම් එවූ නමුත් ඔහු ඒ ලියුම් කියවූයේ උදාසීන ගතියකිනි. කිසිදින කිසිවෙකුට ඔහු ලිපියක්වත් නොලිව්වේය. මට රජිත මතක් වේ. අප කුඩා කාලයේ එකට සෙල්ලම් කළෙමු. ඒ කාලයේ පීරිස් අංකල්ලා යාපනේ ආහ. අප නිවාඩුවට ඔවුන් ජීවත් වූ කොළඹ නිවසට ගියෙමු. නමුත් අම්මා සවස් වන විට වැල්ලවත්තේ වෙසෙන පංචනායගම් ඇන්ටීලාගේ ගෙදර රාත්‍රීය ගත කිරීමට යා යුතු බව අප්පාට මතක් කිරීමට අමතක නොකරන්නීය. පංචනායගම් ඇන්ටී ඇයගේ පාසල් මිතුරියකි. අම්මා රජිත සිංහල නිසා එයට ද විරුද්ධ වනු නියතය. නමුත් ඇය මට කුලවත් දමිළ මනාලයන් සෙව්වාය. අම්මාගේ මැදිහත් වීමෙන් වෙල්ලාල කුලයේ අළුත් බෙන්ස් රථයක් හිමි මධ්‍යම ලන්ඩනයේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරන ශ්‍රී ධරන් හෙවත් ශ්‍රී මගේ මනාලයා ලෙස යෝජනා වූ අතර දෙපාර්ශවයේම එකඟතාවයෙන් අපගේ මඟුල සිදු විය. අපගේ හින්දු මඟුල් ගෙදරදී ශ්‍රී ගේ ඥාතීන් මෙන්ම අපගේ ඥාතිහුද මම ශ්‍රී ගේ බිරිඳ වීම මගේ පෙර වාසනවක් බව කීහ. කුලවත් ධනවත් බටහිර ජීවත් වන දමිළ මනාලයෙකුගේ වටිනාකම මිල නොකළැකි දෙයකි. එහෙත් ඒ අනර්ඝ කුලවත් ධනවත් බටහිර ජීවත් වන දමිළ මනාලයා මධු ලෝලියෙකු බවත් බිරියට අමානුෂික ලෙස පහර දෙන නරුමයෙකු බවත් වටහා ගන්නා විට මා පරක්කු වී හමාරය. මම ශ්‍රී සමඟ තෙවසරක් පමණ ජීවත් වූ නමුත් ඒ කාලය තුළදී ලද ගැහැට අප්‍රමාණය. බීමතින් ඔහු මා දූෂණය කළේය. බඳ පටියෙන් මට නිර්දය ලෙස පහර දුන්නේය. පොලිසියට එක දුරකතන අැමතුමක් දී මට ඔහුව කුරුස ගසේ ගැසීමට හැකියාව තිබුණද දෙමාපියන් ගේ ගරුත්වය, පවුලේ ගරුත්වය සලකා ඒ විසඳුම් මම බැහැර කළෙමි. ඒ අතරවාරයේ ඔහු සුදු පෙම්වතියක් ද සොයා ගත්තේය. ඒ අවසරයෙන් මම ශ්‍රී ගේ ලෝකයෙන් මිදී දෙමාපියන් සමඟ වාසයට පැමිණියෙමි. ශ්‍රීගේ ලෝකයෙන් මිදී මම ඇතුල් වූයේ අපගේ දමිළ අරගල ලෝකයටය. මම විරෝධතා රැළි වලට සහභාගී වූයෙමි. හැකි තරම් මුදල් උපයා උතුරේ කොල්ලන් වෙත යැවූවෙමි. ගතින් මට යුදයට එක් වීමට නොහැකි වූවද මම සිතින් අපගේ නිදහසේ කිරිල්ලියන් සමඟ එක් වී සටන් කළෙමි. අපගේ සටන වසර ගණනක් පුරාවට දිග්ගැස්සී යාම අපගේ බලාපොරොත්තු බොඳ කරන්නක් විය. සෑම වසරකම මේ අන්තිම සටනට කියා කෝකිලන් මුදල් එකතු කළ ද අපගේ අරගලයේ අවසානයක් මට නොපෙනේ. ඒ අතර උතුරේ පාසලේ පහ හය වසර වල ඉගෙනුම ලබන සිසුන් ද බලහත්කාරයෙන් යුද්දයට බඳවා ගන්නා බව අපගේ පවුලේ හිතවතෙකු වූ නීතීඥ රාජසිංහම් කීවේය. නොදරුවන් යුද්දයට යැවීම මගේ සිත සසල කළේය. අරගලය ගැන අම්මාගේ හේතු දැක්වීම් සරල මෙන්ම කොරොස් වූවාය. සිංහලයන් මෘගයින් බවත් අප ඔවුන් ගෙන් මිදිය යුතු බවත් කීවාය. එහෙත් කොල්ලන් ගේ සටන ඇය දුටුවේ අඩු කුලයේ කරයර්, නලවර්, පරයර්, මල්ලර්, තුරුම්බාර් එවුන් විසින් වෙල්ලාලයන් පාගා කරන අරගලයක් ලෙසටය. කරයර්, නලවර්, පරයර්, මල්ලර්, තුරුම්බාර් එවුන් සටන් කර මුදා ගන්නා අපගේ දේශයේ පාලනය භාර ගත යුත්තේ වෙල්ලාලයන් බව ඇය පුන පුනා කීවාය. දිනක් හදිසියේ කෝකිලන් මා හමු වීමට නිවසට පැමිණියේය. සිංහල හමුදාව විසින් විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් කොල්ලන්ට ආයුධ හිඟයක් ඇත්වී තිබෙන බවත් කෝකිලන් කීවේය. එදින සවස හදිසි රැස්වීමක් සඳහා ඔහු ධනවත් දමිළ ව්‍යාපාරිකයන් මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුට ආරාධනා කොට තිබුණි. එම රැස්වීම පවත්වන ලද්දේ තරු පහේ හෝටලයකය. කෝකිලන් දමිළ බසින් කරන ලද කතාව බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් තිදෙනා සඳහා මම ඉංග්‍රිසියට පරිවර්තනය කළෙමි. කෝකිලන් උපන් කථිකයෙකි. ඔහු ඉතා හැඟීම්බර දේශනයක් කළ අතර ඔහුගේ කතාව පරිවර්තනය කළ මගේ දෙනෙත් වලද කඳුළු ඉනුවේය. අවසානයේදී අපගේ අරගලයේ ලන්ඩනයේ නියෝජිත කෝකිලන්ව සියළුම දෙනා විසින් වැළඳගත් අතර ධනවත් දමිළ ව්‍යාපාරිකයන් චෙක් පත් එවෙලේම ලියා ඔහුට දුන්නෝය. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කිසිදු මුල්‍යමය ආධාරයක් නොකළ අතර එක් මන්ත්‍රීවරයෙකු ඔහුගේ ලබන චන්ද ව්‍යාපාරයට කොතරම් මුදලක් ලබා දිය හැකිදැයි විචාලේය. රැස්වීම අවසානයේදී කෝකිලන් මා කැටුව ඔහුගේ කාර්යාලයට ගියේ ලැබුණු මුදල් ආධාර ප්‍රමාණය ගනන් කිරීමටය. එදින කාර්යාලයේ කිසිවෙකු නොසිටියේය. කාර්යාලයට ගිය වහාම ඔහු මා විසින් කළ උපකාරය පැසසුවේය. [B]"සහෝදරියගේ වාසනාව තමයි අපේ ව්‍යාපාරයට අද ලැබුණේ. වෙනදා සල්ලි නොදෙන ලෝබ කන්දයියා හිටන් සල්ලි දුන්නා. මම සහෝදරිය ගැන තලවර්ට කියලයි තියෙන්නේ. සහෝදරිය අපේ අරගලයේ සුවඳ හමන පුෂ්පයක්."[/B] මෙසේ කියන ගමන් කෝකිලන් මගේ මුව අසලට ඔහුගේ දෙතොල් ලං කොට මාව සිප ගැනීමට තැත් කළේය. විදුලි සැරයක් වැදුනාක් මෙන් මම ඔහුව පසෙකට තල්ලු කළෙමි. ඔහු තල්ලු වී ගියද යළි මා තදින් බදාගත්තේය. සහෝදරිය කලබල වෙන්න එපා ඔහු කීවේය. [B]"මම සහෝදරියක් ද මාව අත ඇරපන් වනචරයා"[/B] මම ඔහුව සූරා දමමින් ඔහුගේ ග්රහණයෙන් මිදීමට තැත් කළෙමි. නමුත් මගේ උත්සහය අසර්ථක විය. කෝකිලන් කාර්යාලයේ කාපට් එක මත මාව පෙරළා ගත්තේය. ඔහුගේ අත් මගේ පියයුරු වෙත යයි. මම උපරිම ශක්තිය යොදා ඔහුව තල්ලු කළෙමි. එහෙත් මේ මස් පර්වතය මා තදින් බදාගත් අතර මට හුස්ම ගැනීමට පවා අපහසු විය. ඔහුගේ දාඩිය වැකුණු මුහුණ මගේ කම්මුල් වල ඇතිල්ලේ. එම අවස්ථාවේදී මම ඔහුගේ වම් කම්මුල තදින් සැපුයෙමි. මගේ කටට ලුණු රසැති ලේ දැනුණි. කෝකිලන් ගේ වම් කම්මුලෙන් කෑල්ලක් මගේ මුවේ විය. ඒ වේදනාව නිසා ඔහු ග්‍රහණය බුරුල් කළේය. ඒ අවසරයෙන් මා ඔහුගෙන් මිදී නැගිට අමාරුවෙන් කාර්යාලයේ දොර ඇර දිව ගියෙමි. මහ පාරට දුවගත් මම ටැක්සියකට කතා කළෙමි. මට කිසිවක් කල්පනා වන්නේ නැත. කෝකිලන් මාව දූෂණය කිරීමට තැත් කළේය. මට ගෙදර යාමටද සිහියක් නැත. ටැක්සිය බ්රේන්ට්වුඩ් ප්‍රදේශය පසු කරමින් සිටි අතර ඒ ආසන්නයේ ඇති පබ් එකකට මා ගෙනයන ලෙස ටැක්සි රියදුරාට කීවෙමි. පබ් එකට ගොඩ වැදුනු මා බ්‍රැන්ඩි වීදුරුවක් බීවෙමි. මෙහි සිටින්නේ සුද්දන් පමණි. දමිළයන් හෝ සිංහලයන් නැත. මට සුරක්ෂිත භාවයක් දැනේ. මීළඟට කළ යුත්තේ කුමක් ද කියා මම කල්පනා කළෙමි. මට කෝකිලන්ට එදිරිව පොලිසියට යා නොහැක. එසේ කලහොත් ඔහු මා සිංහල ආණ්ඩුව විසින් ඔත්තු බැලීම සඳහා සංවිධානය තුළට රිංගවන ලද ඔත්තුකාරියක් කියා අපගේ ප්‍රජාව අතර පතුරවනු ඇත. ඉන්පසු කොල්ලන් දම්මවා මා ඇතුළු මගේ මුළු පවුලම ඝාතනය කරනු ඇත. මට අසරණ බවක් දැනේ. ජීවිතයේ ප්‍රථම වතාවට මට අප විසින් පෝෂණය කරන ලද කොටි සංවිධානයේ ගොරතර බව දැනේ. සිංහල හමුදාව මෙන්ම කොටින් ද කුරිරුය. මේ කුරිරු ගති නොමැති මේ බීමහලේ සිටින සුද්දන් සිටින්නේ කොපමණ ප්‍රීතියෙන්ද සැහැල්ලුවෙන්ද! ජීවිතයේ අරමුණ ව්‍යාපාරයක්, අරගලයක් වෙනුවෙන් මිනී මැරීමද? නැතහොත් මිය යාමද? අපට මේ සුද්දන් මෙන් ජීවිතය වින්දනය කළ නොහැක්කේ මන්ද? මම මගේ දිනපොත පෙරළුවෙමි. එහි රජිතගේ සොහොයුරියගේ ලන්ඩනයේ නිවසේ දුරකථන අංකය තිබෙ. මෙම අංකය පීරිස් අංකල් අපට එවා බෝහෝ කල් ය. නමුත් අප කිසිවෙකු එම අංකයට කතා කොට නැත. මම පබ් එකේ ඇති පොදු දුරකතනය වෙත ගියෙමි. මම වෙව්ලන ඇඟිලිතුඩු වලින් එම අංක කැරකුවෙමි. රජිතගේ සොහොයුරිය, පීරිස් අංකල්ගේ දුව අන්ජලී මට මුණ ගැසෙන්නේ එදිනය. කෲර මිනිසුන් ගෙන් වසන් වී සිටීමට අන්ජලී මට උපකාර වූවාය. මාස දෙකකට පමණ පසු මට කෝකිලන් ගේ පැරණි සගයෙකු වූ කරුණාකරන් සෙවන් සිස්ටර්ස් උමං හලේදී හදිසියේ හමු විය. ඔහු කෝකිලන්ට නොසෑහෙන සේ දොස් කීවේය. සංවිධානයට අධාර ලෙස ලැබුණු මුදල් කෝකිලන් මහා පරිමාණයෙන් ගසා කා තිබේ. මම එයට දැන් පුදුම නොවෙමි. මා විසින් ඔහුගේ කම්මුලේ කෑල්ලක් කඩා ගැනීම ඔහු විස්තර කොට ඇත්තේ සිංහල තරුණයන් පිරිසක් පහර දීම නිසා ඇති වූ තුවාලයක් ලෙසටය. කාලය ගෙවී ගියේය. මම දැන් ගෙවන්නේ නිහඞ ජීවිතයකි. අප්පා පසුගිය ශීත කාලයේ මිය ගියේය. අප ඔහුගේ අවමගුල සුළුවෙන් කෙළෙමු. අපගේ ඥාති මිත්‍රාදීන් ස්වල්පයකුත් අන්ජලීත් සොහොන් පිට්ටනියට පැමිණ සිටියහ. මූසල අඳුරු සවසක අප අප්පාගෙන් සමු ගත්තෙමු. උතුරේ යුද තත්වය උග්‍ර වී ඇති බවට ආරංචි ලැබේ. එහෙත් මගේ සිත උකටලී වී තිබේ. අපගේ ඊලාම් දේශයේ කිලිනොච්චිය ද බිඳ වැටී ඇති බව කියමින් නීතීඥ රාජසිංහම් මට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවා තිබේ. ප්රභාකරන් කොටු වී ඇත. එහෙත් ප්රභාකරන් බේරා ගැනීමට කේ.පී. කටයුතු යොදා තිබේ. මැයි මාසයේ එක් දිනෙක ප්රභාකරන් මියගිය බව කියමින් නීතීඥ රාජසිංහම් දුරකථනයෙන් කතා කොට කීවේය. මම සංවිධානයේ සාමාජිකාවක වූ ටර්නර්ස් හිල්හි වාසය කරන නීතා ඇමතුවෙමි. තලවර් මිය ගොස් නැති බවත් කේ.පී විසින් ඔහුව ගලවා ගෙන එරිත්‍රියාවට ගෙන ගොස් තිබෙන බව නීතා කීවාය. ප්රභාකරන් එරිත්‍රියාවට ගොස් ඇත්තේ සටන්කාමීන් 14,000ක් සමගිනි. ඔවුන් යලිත් විමුක්ති සටන පටන් ගනු ඇත. අහෝ ඒ කාලය තුළ අප බොරුව මායාව ස්වයං රවටා ගැනීම් තුළ ජීවත් වූයෙමු. අවසානයේ දෙනෙත් අරින විට අප ඉදිරියේ යතාර්ථය දෘශ්‍යමාන විය. ප්‍රභාකරන්ව අමුඩ ගස්වා මඩ වගුරක බහා තිබේ. අවි ගත් කොල්ලන් මළවුන් අතරය. කේ.පී. ඩයස්පෝරාව අසීරුවෙන් එකතු කොට අරගලයට දුන් මුදල් ඔහුගේ නව තලවර්ලාට දී තිබේ. බටහිර ලෝකයේ ජීවත් වන අප සියළු සැප විඳිමින් වන්නියේ දරුවන් යුද්ධය නම් රකුසාගේ කටට විසි කලෙමු. ඔවුන් විනාශය. නමුත් අප සුරක්ෂිතය. මට නාදන් සිහි වේ. ඔහු යුද්දයෙන් මිය ගියාද? ආබධිත වූයේද? මම කිසිවක් නොදනිමි. ප්රභාකරන් ගේ මරණින් පසු කොටි සංවිධානයේ මුදල් එකතු කළ ඒජන්තයන් සංවිධානයේ වෙළඳ ව්‍යාපාර තමන් සන්තකයට ගෙන එක රැයින් සුපිරි ධනවතුන් වූහ. කෝකිලන් වෙළඳ ව්‍යාපාර හත අටක් ඔහුගේ නමට හරවාගෙන තිබේ. මොවුන් විමුක්ති අරගලය ඉතා හොඳින් විකුණාගෙන කෑහ. ඔවුන් අරගලයට කියා තවමත් අපගේ ප්‍රජාවගෙන් මුදල් ඉල්ලති. අම්මා ඇයගේ මරණයට පෙර යාපනය බලා ගත යුතු බව කීවාය. මහා යුද්ධයෙන් වසර ගනනකට පසු අප ලංකාවට ගියෙමු. අපගේ ජීවිත මෙන් ලංකාව ද වෙනස් වී තිබේ. රජිත සහ ඔහුගේ බිරිඳ අපව සාදරයෙන් පිළිගත්හ. පීරිස් අංකල් හොඳටම මහළුව ගොසිනි. අල්විස් අංකල් පසුගිය වසරේ මිය ගිය බව ඔහු කීවේය. අල්විස් අංකල් ගේ දුව දෙහිවල කෝච්චි බෝම්බයෙන් මිය ගිය පසු අල්විස් අංකල් ද අප්පා මෙන් ආත්මය මිය ගිය අයෙකු මෙන් ජීවත් වී තිබේ. යුද්දය අප සෑම දෙනාම භක්ෂණය කොට තිබෙන බව මට දැන් පෙනී යයි. අප සියළු දෙනාම යුද්දයේ වින්දිතයෝය. නීතීඥ රාජසිංහම්ගේ සහෝදරයාගේ වෑන් රථයෙන් අප යාපනයට ගියෙමු. යාපනයද වෙනස් වී තිබේ. මේ අප ජීවත් වූ යාපනය නොවේ. ආගන්තුක භූමියකි. ජාතීන් දෙකක් විසින් එකිනෙකා මරාගත් භූමියකි. ලේ ගලා ගිය වධයට පමුණුවන ලද භූමියකි. මට නිවාඩු ලැබුණේ දෙසතියකටය. එම නිසා අපට නෑ ගමන් යාමට කාලයක් නොතිබිණි. අපගේ මහ ගෙදර සහ ඉඩම් අධි ආරක්ෂිත කලාපය විසින් අත්පත් කරගෙන තිබේ. රටෙන් භාගයක් අත්පත් කර ගැනීමට කළ අරගලය නිමවී ඇත්තේ උතුරේ දුප්පතුන්ට තිබූ ඉඩම් කෑලිත් අහිමි වීමෙනි. අප අම්මාගේ අක්කාගේ නිවෙසේ තාවකාලිකව ලැගුම් ගත්තෙමු. මට පැරණි මිතුරියන් ගෙන් හමු වූයේ රාධාගේ සොහොයුරිය වූ මින්නා පමණි. රාධා දැන් ජීවත් වන්නේ තමිල්නාඩුවේය. නිදහසේ කිරිල්ලියක වී පියාඹන්නට ගිය ශාන්තිනී යුද කම්පනය නිසා දෙවරක් ගෙල වැළදා ගැනීමට ගොස් තිබේ. ශාන්තිනී තෙලිප්පලායි රෝහලේ තවම ප්‍රතිකාර ගන්නීය. ඇයගේ සිහි කල්පනාව හොඳ නැත. මනෝහරී ගේ අක්කා ඉන්දීය සාම හමුදාවේ සෙබළුන් දූෂණය කිරීම නිසා ගිනි තබාගෙන දිවි නසාගත් බව මට අසන්නට ලැබුණි. ලැබෙන තොරතුරු බිහිසුණු ඒවාය. යුද්ධයකින් පසු හොඳ ආරංචි බලාපොරොත්තු විය හැකිද? ලාක්ෂා දැන් ජීවත් වන්නේ කොළඹය. ඇයගේ ළඟ ඥාතියෙකු උතුරේ මහ ඇමති වන ලකුණු තිබේ. මට අම්මාගේ කොරොස් කතාව මතකයට එයි. මම මින්නාගෙන් නාදන් ගැන ඇසුවෙමි. මින්නාද ඔහු ගැන වැඩි යමක් දැන සිටියේ නැත. ඔහු හිටපු ප්‍රාදේශීය නායකයෙකි. යුද්දයෙන් පසු ඔහු ගැන ආරංචියක් නොමැත. ඔහු මිය යන්නට ඇතැයි සිතා මගේ සිත සොවින් බරවී යයි. එදින සවස අප යාපනයෙන් පිටත් වූයෙමු. වෑන් රථයේ රියැදුරා කන්කසන්තුරේ වැසියෙකි. යුද්ද කාලයේ සිදුවූ දේවල් ඇසින් දැක්කාක් මෙන් හෙතෙම පුරාජේරු සහිතව විස්තර කරන්නට විය. ඔහු නොනවත්වා කියන විස්තර කථනය අපට ඇතැම් විට කරච්චලයක් ද විය. ඒ කිසිවක් ගණනකටවත් නොගෙන ඔහු විස්තර ප්‍රචාරය කලේය. අම්මා නිදිකිරා වැටුණාය. මම යළි කාලයකින් දැක ගැනීමට ඉඩ නොලැබෙන පරිසරය නරඹමින් සිටියෙමි. නාවක්කුලි දුම්රිය මාර්ගයට ආසන්න වනවාත් සමඟම ඔහු හදිසියේ වැන් රථයේ බ්රේක් ගසා පාර හරහා ගිය අයෙකුට දිගට හරහට බනින්නට විය. [B]"අරූ අර යන කාලකණ්නියා තමයි මෙහෙ ඉස්කෝල වලට පැනලා ළමයි යුද්දයට අරගෙන ගියේ. ළමයි එකෙක්වත් පණ පිටින් ආවේ නැහැ. ඌ නම් පුනරුථාපනය වෙලා ආවා"[/B] මම පාර හරහා නොන්ඩි ගසමින් යන මිනිසා දෙස බැළුවෙමි. මුරුගා දෙවියන්ට ඔප්පු වෙන්න ඒ නාදන් ය. ඔහු බොහෝ සෙයින් මහළුව ගොසිනි. කොන්ඩය ඉදිලාය. යුදයෙන් ලත් තුවාලයක් නිසාදෝ ඔහු නොන්ඩි ගසයි. මම එක හෙයින්ම ව්‍යාකූලත්වයට පත් වූයෙමි. මට කෑගසීමට අවශ්‍ය විය. වෑන් රථයෙන් බැස නාදන් කරා දිව යන්නට අවශ්‍ය විය. මේ මිනිසාට බනින්න එපා යැයි කීමට අවශ්‍ය විය. එහෙත් මම කම්පනය නිසා දෝ මුවින් කිසිවක් නොදොඩා නාදන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටියෙමි. වෑන් රථයේ රියැදුරා නාදන්ට [I]නායි[/I] (බල්ලා) කියා පරිභව කලේය. එවිට නාදන් රියැදුරා දෙස බැලීය. මම ඒ අවස්ථාවේ නාදන් ගේ දෙනෙත් දුටුවෙමි. ඔහුගේ දෙනෙත් වල තිබූ අවිහිංසක බව දැන් නැත. 1983 ප්‍රහාරයෙන් පසුව අප්පාගේ දෙනෙත් වල තිබූ හිස් බව නාදන් ගේ දෙනෙත් වලින් මා දුටුවෙමි. එය දුටු මගේ දෙනෙත් වලට කඳුළු උණා නාදන් ගේ රූපය බොඳ කළේය. විශ්වය මොහොතක් නැවතිණි. රියැදුරා නාදන් දෙසට කෙළ පහරක් ගසා යළිත් වාහනය ඉදිරියට ධාවනය කරන කළේය. මම කඳුළු අතරින් සෙමෙන් සෙමෙන් කුඩා වී යන නාදන් ගේ රූප කාය දෙස බලා සිටියෙමි.[/SIZE] [SIZE=3][COLOR=#000000]Dr. Ruwan M. Jayathunga | රුවන් එම්. ජයතුංග[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom