දයා ගෲප් ලිමිටඩ්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් මෙලෙස දැනුම් දී ඇත.
    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (104,229,342) මුදලක් අයකර ගැනීමේ අරමුණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරීමකට තීන්දු කර තිබේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342) මුදලින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා ඉතිරිය අය කරගැනීමේ අරමුණින් 2022 නොවැම්බර් 10 ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ.
    දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ප්‍රසිද්ධ දැන්වීමේ පළ කර තිබේ.

    1749911179312.jpeg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,715
    113
    Kandy
    මේ යකාටත් සල්ලි නැද්ද :angry:
    සාමනය මිනිහෙක් නයක් ගත්තම එකට ඩොකියුමන්ට් ඇපේට මොකක් හරි තියලා තමා නය ගන්න වෙන්නේ.මුන් වගේ හොර හැත්ත කරන්නේ බිලියන ගනන් නය ගන්නවා බැංකු වලින් පස්සෙ ගෙවන්න විදිහක් නෑ බැන්න්ක් කරප්ට් උනා කියලා බොල් නයට කපා හරිනවා.හරියට ජවාන් ෆිල්ම් එකේ පෙන්නන්නවා වගේ
     

    Similar threads