දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,293
    8,429
    113




    පොලිස් නිලධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලීසිය පවසනවා.

    අලුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

    දෙපිරිසක් අතර ආරවුලක් පවතින බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් සිටියදී සැකකරු යකඩ පොල්ලක් රැගෙන නිලධාරීන්ට පහරදීමට උත්සහ කර ඇති බවත්, එහිදී එක් නිලධාරියෙකු අත රැඳි රිවෝල්වරයකින් වෙඩි තබා ඇති බව සඳහන් වනවා.

    ආරවුල පාලනය කළ පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසුවා.

    අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.