Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවන්ගේ කකුල් බකල් වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවන්ගේ කකුල් බකල් වීම

දරුවන්ගේ කකුල් බකල් වීම

කුඩා දරුවන්ට ඇතිවන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි රෝගී තත්ත්වයක් වශයෙන් කකුල් බකල් වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගී තත්ත්වය, ජිනු වේරම් (genu varum) ලෙස හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදුකළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වීම වැදගත්ය.

බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය උපතේදීම දැකිය හැකිය. එහෙත් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වූ පසු ස්වාභාවිකවම මෙම තත්ත්වය මගහැරී යනු දැකිය හැකිය. එහෙයින් වෛද්‍ය මතය වන්නේ දරුවන්ගේ මෙම බකල් ස්වභාවයට අවුරුදු දෙකක් යනතුරු ප්‍රතිකාර නොකළ යුතුය යන්නයි. එහෙත් වර්තමානයේ මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී මීට මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර කළයුතු බව පෙනෙයි.

දරුවන් වර්ධනයවත්ම ඔවුන්ගේ මාංශ පේශී හා අස්ථි ඝන වීම හේතුවෙන් පසුව ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහා දැඩි ආයාසයක් දැරිය යුතුය. එහෙයින් දරුවන්ට ඇති වූ මෙවැනි රෝග හඳුනාගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසු වේ. පාදවල ඇතිවන බකල් තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ දරුවන්ගේ ස්වෝත්සහයෙන් නැගී සිටීමට ප්‍රථමයෙන් දෙමාපියන් විසින් දරුවන් නැගිටුවා තැබීමට උත්සාහ දැරීමයි. එහිදී ස්වාභාවිකව සිදුවිය යුතු මෙම ක්‍රියාව ආයාසයෙන් සිදුවීම නිසා පාදවල මෙම බකලතාව ඇතිවේ. එමෙන්ම මේ තත්ත්වය අධික බරින් යුක්ත දරුවන්ගෙන්ද දිස්වේ. බොහෝ විට කුඩා අවධියේදී නිසි ප්‍රමාණයට වඩා බර වැඩි දරුවන්ගේ බර, පාදවලට දරා ගැනීමට අපහසු වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. මීට අමතරව ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශිවල දුර්වලතා ආදී තත්ත්වයන්ද මේ සඳහා හේතුවේ. එමෙන්ම යම් දරුවකු නිසි වයසට පෙර සිටගන්නා අවස්ථාවලදී මෙන්ම දරුවන් ඇවිද්දවීමේ උපකරණවල ආනැර - යෙදවීම නිසාද මෙවැනි බකල තත්ත්වයක් ඇතිවිය හැකිය. එමෙන්ම එරිකට්ස් නම් වූ රෝගී තත්ත්වය නිසා ද මෙම පාද බකලතාව හෙවත් ජිනු වේරම් (ටැබම ඩ්රමප) රෝගය ඇතිවේ.

පාද බකලතාව හෙවත් ජිනු වේරම් රෝගය නිවැරැදි කර ගැනීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර යොදාගත හැකිය.

මෙම රෝගය සඳහා ප්‍රතිකාර සිදුකිරීමට පෙර මූලික වශයෙන් දරුවාට එරිකට්ස් නම් වූ රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පිළිබඳව සනාථ කරගත යුතුය. එමෙන්ම දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් නිසා මෙම තත්ත්වය ඇතිවී දැයි යන්න සොයා බැලිය යුතුය. බොහෝ විට සීරම් කැල්සියම් මට්ටම මෙහිදී බලපායි. එහෙයින් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර ඒ තත්ත්වයට මූලික හේතුව සොයා බැලීම වැදගත් වේ. මෙම ප්‍රතිකාර සිදුකිරීමේදී පේශි ශක්තිමත් කිරීම පිළිබඳව මූලික අවධානය යොමුකෙරේ. එහිදී විශේෂයෙන්ම පාදයේ පේශි ශක්තිමත් කිරීමට කටයුතු කරයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථිවලට යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි.

මෙම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා භෞතචිකිත්සක ප්රතිකර්මවලට අදාළ වන ව්‍යායාම කළ හැකිය. ඒ සඳහා කළ හැකි ව්‍යායාම කිහිපයක් හඳුනාගත හැකිය. එනම් ග්‍රෑම් 100 ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වලලු කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස්වීම මේ සඳහා සිදුකළ හැකි එක් ප්‍රතිකර්මයකි.

මෙහිදී පාදයේ මාංශ පේශි ශක්තිමත් වේ. මෙමඟින් අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථා තත්ත්වයට පත්වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදුකිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග්‍රෑම් 50 කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය. ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථා තත්ත්වයට පත්වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතියට ග්‍රෑම් 50 ක පමණ ප්‍රමාණවලින් වැඩිකිරීම කළ යුතුය.

එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වේ. එහිදීද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ.

ට්රයිසිකල් පැදවීමට යොමුකිරීම, තරප්පු නැගීම ආදියද මෙහිදී සිදුකළ හැකි තවත් ව්‍යායාම කිහිපයකි. එමෙන්ම මෙම තත්ත්වයේදී දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඩ් ස්ප්ලින්ට් (Murmaid Splint) හෝ මිඩියල් ස්ප්ලින්ට් (Medial Splint) යෙදීම කළ හැකිය. දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදුකළ හැකි අතර මෙය පැය 5 ක් 6 ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය. යම් හෙයකින් පතුරු බැඳීමේදී තද වැඩි වුවහොත් රුධිර ගමනාගමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැවී සීතල වී ඉදිමිය හැකිය. එහෙයින් එලෙස පතුරු බඳින ලද අවස්ථාවලදී දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්වේ. එවැනි තත්ත්වයක් දුටු වහාම පතුරු ලිහිල් කිරීම කළ යුතුය.

දරුවාගේ ආබාධය යහපත් තත්ත්වයට පත්වී ඇති බව නිවසේදීම මැනගත හැකි ක්‍රමයක් නම් දරුවාගේ වළලුකර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර දුර ප්‍රතිකාර කරන අතරතුර මැනීමය. ප්‍රතිකාර කිරීමේදී දරුවාගේ දණහිස් අතර පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩුවී ඇත්නම් දරුවා යථා තත්ත්වයට පත්ව ඇති බව නිගමනය කළ හැකිය.

මෙම තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීම සඳහා මෙම අවවාද මතක තබා ගැනීම වැදගත් විය හැකිය. බෙහෝ අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම උඩය. එහෙයින් තම දරුවා ස්වෝත්සහයෙන් නැගිටිනතුරු දරුවා නැගිටුවා තැබීමට උත්සාහ නොකළ යුතුය.

එමෙන්ම අධික ස්ථුලතාව ඇති නොවන ලෙස දරුවාගේ බර පාලනය කිරීමට දෙමාපියන් කටයුතු කළ යුතුය. දරුවා නිසි කලට පෙර ඇවිද්දවීමේ උපකරණවල (උaකනැරි) යෙදවීම නොකළ යුතුය.

කොළඹ රිඡ්වේ ආර්යා රෝහලේ,

ප්‍රධාන භෞතචිකිත්සක,

ආචාර්ය ජාලිය උඩුවැල්ල

Divaina

[QUOTE="Sam Rock, post: 23231885, member: 527616"] [b]දරුවන්ගේ කකුල් බකල් වීම[/b] [SIZE="5"][B]දරුවන්ගේ කකුල් බකල් වීම [/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/--KUoHGKEigg/VIMfQ0HHSkI/AAAAAAAACes/UTcLHVCFWkY/s1600/knee%2Bvarus.jpg[/IMG] [SIZE="4"]කුඩා දරුවන්ට ඇතිවන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි රෝගී තත්ත්වයක් වශයෙන් කකුල් බකල් වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගී තත්ත්වය, ජිනු වේරම් (genu varum) ලෙස හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදුකළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වීම වැදගත්ය. බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය උපතේදීම දැකිය හැකිය. එහෙත් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වූ පසු ස්වාභාවිකවම මෙම තත්ත්වය මගහැරී යනු දැකිය හැකිය. එහෙයින් වෛද්‍ය මතය වන්නේ දරුවන්ගේ මෙම බකල් ස්වභාවයට අවුරුදු දෙකක් යනතුරු ප්‍රතිකාර නොකළ යුතුය යන්නයි. එහෙත් වර්තමානයේ මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී මීට මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර කළයුතු බව පෙනෙයි. දරුවන් වර්ධනයවත්ම ඔවුන්ගේ මාංශ පේශී හා අස්ථි ඝන වීම හේතුවෙන් පසුව ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහා දැඩි ආයාසයක් දැරිය යුතුය. එහෙයින් දරුවන්ට ඇති වූ මෙවැනි රෝග හඳුනාගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසු වේ. පාදවල ඇතිවන බකල් තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ දරුවන්ගේ ස්වෝත්සහයෙන් නැගී සිටීමට ප්‍රථමයෙන් දෙමාපියන් විසින් දරුවන් නැගිටුවා තැබීමට උත්සාහ දැරීමයි. එහිදී ස්වාභාවිකව සිදුවිය යුතු මෙම ක්‍රියාව ආයාසයෙන් සිදුවීම නිසා පාදවල මෙම බකලතාව ඇතිවේ. එමෙන්ම මේ තත්ත්වය අධික බරින් යුක්ත දරුවන්ගෙන්ද දිස්වේ. බොහෝ විට කුඩා අවධියේදී නිසි ප්‍රමාණයට වඩා බර වැඩි දරුවන්ගේ බර, පාදවලට දරා ගැනීමට අපහසු වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. මීට අමතරව ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශිවල දුර්වලතා ආදී තත්ත්වයන්ද මේ සඳහා හේතුවේ. එමෙන්ම යම් දරුවකු නිසි වයසට පෙර සිටගන්නා අවස්ථාවලදී මෙන්ම දරුවන් ඇවිද්දවීමේ උපකරණවල ආනැර - යෙදවීම නිසාද මෙවැනි බකල තත්ත්වයක් ඇතිවිය හැකිය. එමෙන්ම එරිකට්ස් නම් වූ රෝගී තත්ත්වය නිසා ද මෙම පාද බකලතාව හෙවත් ජිනු වේරම් (ටැබම ඩ්රමප) රෝගය ඇතිවේ. පාද බකලතාව හෙවත් ජිනු වේරම් රෝගය නිවැරැදි කර ගැනීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර යොදාගත හැකිය. මෙම රෝගය සඳහා ප්‍රතිකාර සිදුකිරීමට පෙර මූලික වශයෙන් දරුවාට එරිකට්ස් නම් වූ රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පිළිබඳව සනාථ කරගත යුතුය. එමෙන්ම දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් නිසා මෙම තත්ත්වය ඇතිවී දැයි යන්න සොයා බැලිය යුතුය. බොහෝ විට සීරම් කැල්සියම් මට්ටම මෙහිදී බලපායි. එහෙයින් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර ඒ තත්ත්වයට මූලික හේතුව සොයා බැලීම වැදගත් වේ. මෙම ප්‍රතිකාර සිදුකිරීමේදී පේශි ශක්තිමත් කිරීම පිළිබඳව මූලික අවධානය යොමුකෙරේ. එහිදී විශේෂයෙන්ම පාදයේ පේශි ශක්තිමත් කිරීමට කටයුතු කරයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථිවලට යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි. මෙම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා භෞතචිකිත්සක ප්රතිකර්මවලට අදාළ වන ව්‍යායාම කළ හැකිය. ඒ සඳහා කළ හැකි ව්‍යායාම කිහිපයක් හඳුනාගත හැකිය. එනම් ග්‍රෑම් 100 ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වලලු කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස්වීම මේ සඳහා සිදුකළ හැකි එක් ප්‍රතිකර්මයකි. මෙහිදී පාදයේ මාංශ පේශි ශක්තිමත් වේ. මෙමඟින් අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථා තත්ත්වයට පත්වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදුකිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග්‍රෑම් 50 කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය. ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථා තත්ත්වයට පත්වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතියට ග්‍රෑම් 50 ක පමණ ප්‍රමාණවලින් වැඩිකිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වේ. එහිදීද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ. ට්රයිසිකල් පැදවීමට යොමුකිරීම, තරප්පු නැගීම ආදියද මෙහිදී සිදුකළ හැකි තවත් ව්‍යායාම කිහිපයකි. එමෙන්ම මෙම තත්ත්වයේදී දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඩ් ස්ප්ලින්ට් (Murmaid Splint) හෝ මිඩියල් ස්ප්ලින්ට් (Medial Splint) යෙදීම කළ හැකිය. දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදුකළ හැකි අතර මෙය පැය 5 ක් 6 ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය. යම් හෙයකින් පතුරු බැඳීමේදී තද වැඩි වුවහොත් රුධිර ගමනාගමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැවී සීතල වී ඉදිමිය හැකිය. එහෙයින් එලෙස පතුරු බඳින ලද අවස්ථාවලදී දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්වේ. එවැනි තත්ත්වයක් දුටු වහාම පතුරු ලිහිල් කිරීම කළ යුතුය. දරුවාගේ ආබාධය යහපත් තත්ත්වයට පත්වී ඇති බව නිවසේදීම මැනගත හැකි ක්‍රමයක් නම් දරුවාගේ වළලුකර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර දුර ප්‍රතිකාර කරන අතරතුර මැනීමය. ප්‍රතිකාර කිරීමේදී දරුවාගේ දණහිස් අතර පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩුවී ඇත්නම් දරුවා යථා තත්ත්වයට පත්ව ඇති බව නිගමනය කළ හැකිය. මෙම තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීම සඳහා මෙම අවවාද මතක තබා ගැනීම වැදගත් විය හැකිය. බෙහෝ අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම උඩය. එහෙයින් තම දරුවා ස්වෝත්සහයෙන් නැගිටිනතුරු දරුවා නැගිටුවා තැබීමට උත්සාහ නොකළ යුතුය. එමෙන්ම අධික ස්ථුලතාව ඇති නොවන ලෙස දරුවාගේ බර පාලනය කිරීමට දෙමාපියන් කටයුතු කළ යුතුය. දරුවා නිසි කලට පෙර ඇවිද්දවීමේ උපකරණවල (උaකනැරි) යෙදවීම නොකළ යුතුය. කොළඹ රිඡ්වේ ආර්යා රෝහලේ, ප්‍රධාන භෞතචිකිත්සක, ආචාර්ය ජාලිය උඩුවැල්ල Divaina [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom