Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දස අකුසල් හා ඒවායේ විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

------------------ත්‍රිභෙදය-----------------

සියලු අකුසල් කායික, වාචසික, මානසික යැයි කොටස් තුනකට බෙදේ. කායික යනු කයින් කරනු අකුසලි. වාචසික යනු වචනයෙන් කරන අකුසලි. මානසික යනුසිතින් පමණක් කරන අකුසලි.

කයින් කරන (කායික) අකුසල් නම් – ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තුන යි.

වචනයෙන් කරන අකුසල් නම් – මුසාවාද, පිසුනවාචා, පරුෂා වචන, සම්ඵ ප්‍රලාප යන සතර යි.

සිතින් ම කරන අකුසල් නම් – අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන තුන යි.

සාවධාතා භෙදය

අල්ප සාවද්‍යා යනු ස්වල්ප දුක් විපාක දෙන කර්ම යි. මහා සාවද්‍ය යනු මහත් දුක් විපාක දෙන කර්මයි.

-----------බුද්ධ භක්තිය------------

ප්‍රාණඝාතයෙහි වනාහි කුඩා ම සතුන් මැරීම අල්ප සාවද්‍ය වේ. වඩ වඩා ලොකු සතුන් මැරීම වඩ වඩා මහා සාවද්‍ය වේ. එයට කරුණු නම් කුඩා සතුන් මැරීමට යෙදෙන ප්‍රයෝගය, ගන්නා උත්සාහය ස්වල්ප වීමත්, මහත් සතුන් මැරීමට යොදන ප්‍රයෝගය, ගන්නා උත්සාහය මහත් වීමත් ය.

එක සමාන සතුන් අතුරෙහි ද, ගුණයෙන් වැඩි සතා මැරීම මහා සාවද්‍ය වේ. ගුණයෙන් අඩු සතා මැරීම අල්ප සාවද්‍ය වේ.

තිරිසන් සතුන් මැරීමට වඩා මිනිසුන් මැරීම මහාසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි බවත්, මැරීමට කරන ප්‍රයෝගයේ මහත් බවත් එයට කරුණු යි. ගුණ හීන මිනිසුන් මැරීමට වඩා මහ ගුණවත් මිනිසුන් මැරීම මහාසාවද්‍ය යි. ගුණයෙන් මහත් බැවිනි.

මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු රජුන් ගේ ඇඟේ ලේ සෙලැවීම යන මේවා අන් හැමටම වඩා දරුණු වූ ආනන්තර්ය අකුසල් කොටසට අයත් දෑය.

ආනන්තර්ය අකුශල යනු වෙන කොතරම් පින් කළත් ඒවායේ ශක්තියෙන් වසා ලිය නොහැකි මෙයින් මැරෙනු සමග ම ඒකාන්තයෙන් අවීචි මහා නිරයට පමුණුවා ලන අකුසල් ය. අනත්තර හෙවත් මී ළඟ ම අත් බව්හි විපාක දෙනුයේ ආනන්තර්ය යි.

ගුණයෙන් අඩු සතුන් මැරීමේ අකුසලය ඇතැම් විට මහ කුසල් කිරීමෙන් මැඩ පවත්වා, විපාක දීමට ඉඩ නො දෙන්නට පිළිවන.

අදත්තාදානයේ අල්ඵ සාවද්‍ය මහා මහා සාවද්‍ය බව වනුයේ සොරා ගන්නා බඩු වේ වටිනා නො වටිනා කමේ හැටියටත් වස්තු හිමියන් ගේ ගුණවත් බවේ අඩු වැඩි කමේ හැටියටත්ය.

සාමාන්‍ය කෙනෙකු සතු නො වටිනා දැයක් ගැන්මට වඩා එ බඳු ම කෙනෙකු සතු වටිනා දෙයක් සොරා ගැන් ම මහා සාවද්‍ය වේ. එහෙත් ගුණයෙන් වැඩි කෙනෙකු ගේ නො වටිනා බඩුවක් වුවත් ගුණ අඩු කෙනෙකු ගේ වටිනා බඩුවක් ගැන්මට වඩා මහා සාවද්‍ය වේ. එහි ද සොරා ගැන්මට කරන උපක්‍රමයේ කුදු මහත් බැවිනුත් කර්මයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව මැන්න යුතු ය.

නො දැහැමි ධනවතකු ගේ දැයක් ගැන්මට වඩා අහිංසක දිළින්දකු ගේ දැයක් ගැන් ම ද මහාසාවද්‍ය වේ. ගනු ලබන බඩුවේ වටිනාකම ද, වස්තු හිමියාගේ ගුණ ප්‍රමාණය ද, සොරා ගැනීමෙහි උපක්‍රම ප්‍රමාණය ද යන තුන ම බලා අල්පසාවද්‍ය බව හා මහාසාවද්‍ය බව නිශ්චය කළ යුතුයි.

කාමමිථ්‍යාචාරයෙහි – ගුණ හීන ස්ත්‍රියක කෙරෙහි කාමයෙහි වරදවා හැසිරීමට වඩා ශීලාදි ගුණවලින් වඩා දියුනු වූ ස්ක්‍රියක වැරැදි සේ සේවනය කිරීම මහාසාවද්‍ය වේ. තවද නෑකමේ හැටි හැටියට ද නගුන් නැන්දැණියන් මවුන් හා කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම් ක්‍රමයෙන් වඩ වඩා මහාසාවද්‍ය වේ. ගුරුවරයා ගේ භාර්යාව, මෑණියන්, බ්‍රහ්මචාර්යාව රක්නා ස්ත්‍රීන් හා කාම සේවනය එක් සමාන සේ මහාසාවද්‍ය වේ.

සුරාපානයේ අල්ප මහා සාවද්‍යතා මෙසේ ය. - කෑම කන විට ආහාරයේ අවයවයක් වශයෙන් හෝ සිහි මුළා නො වන පමණට හෝ මත් පැන් බීම අල්ප සාවද්‍ය වේ. මත් වීම වැඩි වැඩි වූ පමණට ද, එයින් කරන දරුණු ක්රියාවේ වැඩි වැඩි පමණට ද වඩ වඩා මහා සාවද්‍ය වේ.

මුසාවාදයෙහි වනාහි ඒ බොරුවෙන් වන, එය පිළිගන්නවුනට වන හානියේ වන අඩු වැඩි කමේ පමණට අල්පසාවද්‍ය හෝ මහා සාවද්‍ය බව වේ.

තමා සතු, ඇති දැයක් නො දෙන අදහසින් නැතැයි කීම අල්ප සාවද්‍ය යි. අනුනට අලාභ කරනු පිණිස බොරු කීම මහාසාවද්‍ය යි.

නාන්නට ගොස් පොකුණෙහි දිය සිඳී තිබෙනු දැක අවුත් සිනා සෙන අදහසින් සෙස්සනට අද ළිඳ උතුරා යෙතැ යි කියන සේ වූ බොරු අල්පසාවද්‍ය යි. සිල්වත් ගුණවත් අයට කවට කම් වශයෙන් වුව ද නැති දෙයක් නගා කීම මහාසාවද්‍ය වේ.

පිසුන වාචායෙහි (කේලාම් කීමෙහි) කේලාම් අසා බිඳෙන පුද්ගලයා ගුණ අඩු කෙනෙක් වී නම් අල්පසාවද්‍ය වේ. ගුණ වැඩි කෙනෙක් නම් ගුණ පමණට ඒ කේලම මහා සාවද්‍ය වේ.

පරුෂ වචනයෙහි ඇනුම් බැනුම් අසන්නා ගුණයෙන් අඩු වූ පමණට ඒ කර්මය අල්පසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි වූ පමණට මහාසාවද්‍ය වේ.

සම්ඵ ප්‍රලාපය මද වශයෙන් දෙඩීම අල්පසාවද්‍ය වේ. වඩ වඩා දෙඩීමෙන් මහා සාවද්‍ය වේ.

අභිධ්‍යායෙහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය බව ඉහත අදත්තාදානයට කී පරිදිම ය.

ව්‍යාපාදයෙහි අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව ඉහත පරුෂ වචනයට කී පරිදි ම ය.

මිත්‍යාදෘෂ්ටියෙහි නියත මිථ්‍යාදෘෂ්ටියක වීම මහා සාවද්‍ය වේ. අනියත මිථ්‍යාදෘෂ්ටියක බව අල්පසාවද්‍ය වේ.

---------------විපාක----------------

ප්රතිසන්ධි විපාක, ප්රවෘත්ති විපාක යැයි විපාක දෙවැදෑරුම්. යම් තැනැක ඉපැදැවීම ප්රතිසන්ධි විපාක නම්. උපන් පසු දෙන විපාක ප්රවෘත්ති විපාක නම්.

---------------කර්ම කර්මපථ---------------

උඩ කී ඒ ඒ අකුසල් අංග සම්පූර්ණ ව කැරුණේ කර්මපථ වේ. (හෙවත් අපායවල උපදවා දුක් දීමට සමත් වේ) එ සේ අංග සම්පූර්ණ නො වූයේ කර්ම මාත්‍ර ම වේ. එයින් ප්රවෘත්ති විපාක (උපන් පසු යම් යම් දුක් හිරිහැර) දෙවෙයි.

-----------------අනුන් ලවා කැරැවීම---------------

ඉහත කී අකුසල් අනුන් ලවා කැරැවීමේ දී, අණ ලත් පරිදි ම කිසි අඩුවක් නැති ව ම එය කරන්නවුනට ද අණ කළ අයට ද යන දෙපක්ෂයට ම එක සේ අකුසල් සිදු වේ. කී සැටියෙන් වෙන් ව කළොත් අණ ලැබූ තැනැත්තාට (එය අංග සම්පූර්ණ කර්මයක් වී නම්) අකුසල කර්මපථ වේ. අණ කළාහට කර්ම මාත්‍ර ම වේ.

-------------------අකුසල් මුල්----------------------

ලෝභය, ද්වේෂය (තරහව) මෝහය (ඇති තතු නො දැන්මය) යන තුන් දෙන අකුසල් වල මුල්‍ය.

ප්‍රාණඝාතය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුත් සිතින්කැරේ. එසේ නම්, මස් ලොබින් සතුන් මැරීම ලෝභ – මූලික නොවේ ද ? නොවේ.

සතා කෙරේ ලෝභය තිබේ නම් ඌ මැරිය නො හැක්ක. සතාගේ ජීවිතයට විරුද්ධ බැවින් ම එය නසයි. ඔහු ලෝභ කරනුයේ උගේ මසට ය. මෙ සේ නම් මස් ලොබින් සතුන් මැරීම කෙසේ වන්නක් ද ? එය මස් ලොබ සහිත සිත් මුලින් සැදි සැදී අවුත් එයින් රුකුල් ලැබ හටගත් ද්වේෂ සහිත සිතින් කරනකර්මයෙකි. මෙයට ලෝභ ප්‍රත්‍යය ද්වේෂ මූලික සිතින් කැරෙන්නෙකැ යි කිය යුතු යි’ මෙ බඳු තැන ද්වේෂ මූලික යැ යි මෝහය හැම අකුසලෙකම ඇති එකක් බැවින් එය එකක් පාසා නො කීවාට වරදෙක් නැත.

අදත්තාදානය ලෝභ - මෝහ දෙක මුල් වද, ද්වේෂ මෝහ දෙක මුල්ව ද උප දී.

කාමමිථ්‍යාචාරය ලෝභ - මෝහ යන දෙ මුලක් ඇති එකෙකි.

මුසාවාදය වස්තුලෝභාදියෙන් බොරු කීමේ දී ලෝභ - මෝහ යන දෙ මුලෙකින් යුක්ත ද, අනුනට ක්‍රෝධයෙන් බොරු චෝදනා නැංවීම ආදියේ දී ද්වේෂ මෝහ යන දෙ මුලින් යුක්ත ද වේ.

පිසුන වාචාවත් සම්ඵප්‍රලාපයත් දෙක ද මුසාවාදය සේ ම විටෙක ලෝභ මෝහ යන දෙ මුලින් ද විටෙක ද්වේෂ මෝහ යන දෙ මුලින් ද ඇති වේ.

පරුෂ වචනය ද්වේෂ මෝහ යන දෙ මුලින් ඇති වේ.

අභිධ්‍යාව ත් මිථ්‍යාදෘෂ්ටිය ත් ලෝභ මෝහ යන දෙ මුලින් යුක්ත වෙති.

ව්‍යාපාදය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුක්ත ය.

ඉහතින් විස්තර කැරුණු දස අකුසලින් වෙන්වීම දස කුසල් නම්.

------------------------කුසල්----------------------

දස පින් කිරිය වත් පිරීම කුසල් සිතින්ම කැරෙන්නක් බැවින් එය ද කුසල් කම් නමින් සලකති.

පින් කිරිය වත් නම් – දාන සීල භාවනා අපචායන චෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදනා ධම්මදෙසනා ධම්මසවණ දිට්ඨුජුකම්ම යන දශය යි. මේවා කිරීමට ;හ්තු වන කුසල් මුල් තුනෙකි. ඒ අලෝභ අද්වේෂ අමෝහ යන තිදෙන ය. කුසල හේතු යැ යි ද මුනට බැවහැර වේ. ලෝභයට කෙළින් ම විරුද්ධ වූ ස්වභාවය අලෝභය යැ යි ද, දත යුතු ප්‍රාණඝාතාදී අකුසලින් වැළකීමේ දී එනම් - ශීලාදී පින් දහම් වැඩීමේ දී මේ කුසල් මුල් ඇති වේ.

කුසල් කිරීමේ දී සමහර විට අලෝභ අද්වේෂ අමෝහ යන තුන් කුසල් මුල් ම සිතේ ඇති වේ. එ බඳු සිතින් කරන කුසල් ත්‍රිමූලික හෝ ත්‍රිහේතුක කුසල් නම් වේ. කුසල් කරන සමහර විටෙක කුසල් මුල් අතුරෙන් අලෝභ අද්වේෂ දෙක පමණක් ඇතිව කරත්, එසේ වූ කුසල් විමූලක හෝ ද්විහේතුක කුසල් නම් වේ.

[QUOTE="asliyanage, post: 27974684, member: 8764"] ------------------ත්‍රිභෙදය----------------- සියලු අකුසල් කායික, වාචසික, මානසික යැයි කොටස් තුනකට බෙදේ. කායික යනු කයින් කරනු අකුසලි. වාචසික යනු වචනයෙන් කරන අකුසලි. මානසික යනුසිතින් පමණක් කරන අකුසලි. කයින් කරන (කායික) අකුසල් නම් – ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තුන යි. වචනයෙන් කරන අකුසල් නම් – මුසාවාද, පිසුනවාචා, පරුෂා වචන, සම්ඵ ප්‍රලාප යන සතර යි. සිතින් ම කරන අකුසල් නම් – අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන තුන යි. සාවධාතා භෙදය අල්ප සාවද්‍යා යනු ස්වල්ප දුක් විපාක දෙන කර්ම යි. මහා සාවද්‍ය යනු මහත් දුක් විපාක දෙන කර්මයි. -----------බුද්ධ භක්තිය------------ ප්‍රාණඝාතයෙහි වනාහි කුඩා ම සතුන් මැරීම අල්ප සාවද්‍ය වේ. වඩ වඩා ලොකු සතුන් මැරීම වඩ වඩා මහා සාවද්‍ය වේ. එයට කරුණු නම් කුඩා සතුන් මැරීමට යෙදෙන ප්‍රයෝගය, ගන්නා උත්සාහය ස්වල්ප වීමත්, මහත් සතුන් මැරීමට යොදන ප්‍රයෝගය, ගන්නා උත්සාහය මහත් වීමත් ය. එක සමාන සතුන් අතුරෙහි ද, ගුණයෙන් වැඩි සතා මැරීම මහා සාවද්‍ය වේ. ගුණයෙන් අඩු සතා මැරීම අල්ප සාවද්‍ය වේ. තිරිසන් සතුන් මැරීමට වඩා මිනිසුන් මැරීම මහාසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි බවත්, මැරීමට කරන ප්‍රයෝගයේ මහත් බවත් එයට කරුණු යි. ගුණ හීන මිනිසුන් මැරීමට වඩා මහ ගුණවත් මිනිසුන් මැරීම මහාසාවද්‍ය යි. ගුණයෙන් මහත් බැවිනි. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු රජුන් ගේ ඇඟේ ලේ සෙලැවීම යන මේවා අන් හැමටම වඩා දරුණු වූ ආනන්තර්ය අකුසල් කොටසට අයත් දෑය. ආනන්තර්ය අකුශල යනු වෙන කොතරම් පින් කළත් ඒවායේ ශක්තියෙන් වසා ලිය නොහැකි මෙයින් මැරෙනු සමග ම ඒකාන්තයෙන් අවීචි මහා නිරයට පමුණුවා ලන අකුසල් ය. අනත්තර හෙවත් මී ළඟ ම අත් බව්හි විපාක දෙනුයේ ආනන්තර්ය යි. ගුණයෙන් අඩු සතුන් මැරීමේ අකුසලය ඇතැම් විට මහ කුසල් කිරීමෙන් මැඩ පවත්වා, විපාක දීමට ඉඩ නො දෙන්නට පිළිවන. අදත්තාදානයේ අල්ඵ සාවද්‍ය මහා මහා සාවද්‍ය බව වනුයේ සොරා ගන්නා බඩු වේ වටිනා නො වටිනා කමේ හැටියටත් වස්තු හිමියන් ගේ ගුණවත් බවේ අඩු වැඩි කමේ හැටියටත්ය. සාමාන්‍ය කෙනෙකු සතු නො වටිනා දැයක් ගැන්මට වඩා එ බඳු ම කෙනෙකු සතු වටිනා දෙයක් සොරා ගැන් ම මහා සාවද්‍ය වේ. එහෙත් ගුණයෙන් වැඩි කෙනෙකු ගේ නො වටිනා බඩුවක් වුවත් ගුණ අඩු කෙනෙකු ගේ වටිනා බඩුවක් ගැන්මට වඩා මහා සාවද්‍ය වේ. එහි ද සොරා ගැන්මට කරන උපක්‍රමයේ කුදු මහත් බැවිනුත් කර්මයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව මැන්න යුතු ය. නො දැහැමි ධනවතකු ගේ දැයක් ගැන්මට වඩා අහිංසක දිළින්දකු ගේ දැයක් ගැන් ම ද මහාසාවද්‍ය වේ. ගනු ලබන බඩුවේ වටිනාකම ද, වස්තු හිමියාගේ ගුණ ප්‍රමාණය ද, සොරා ගැනීමෙහි උපක්‍රම ප්‍රමාණය ද යන තුන ම බලා අල්පසාවද්‍ය බව හා මහාසාවද්‍ය බව නිශ්චය කළ යුතුයි. කාමමිථ්‍යාචාරයෙහි – ගුණ හීන ස්ත්‍රියක කෙරෙහි කාමයෙහි වරදවා හැසිරීමට වඩා ශීලාදි ගුණවලින් වඩා දියුනු වූ ස්ක්‍රියක වැරැදි සේ සේවනය කිරීම මහාසාවද්‍ය වේ. තවද නෑකමේ හැටි හැටියට ද නගුන් නැන්දැණියන් මවුන් හා කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම් ක්‍රමයෙන් වඩ වඩා මහාසාවද්‍ය වේ. ගුරුවරයා ගේ භාර්යාව, මෑණියන්, බ්‍රහ්මචාර්යාව රක්නා ස්ත්‍රීන් හා කාම සේවනය එක් සමාන සේ මහාසාවද්‍ය වේ. සුරාපානයේ අල්ප මහා සාවද්‍යතා මෙසේ ය. - කෑම කන විට ආහාරයේ අවයවයක් වශයෙන් හෝ සිහි මුළා නො වන පමණට හෝ මත් පැන් බීම අල්ප සාවද්‍ය වේ. මත් වීම වැඩි වැඩි වූ පමණට ද, එයින් කරන දරුණු ක්රියාවේ වැඩි වැඩි පමණට ද වඩ වඩා මහා සාවද්‍ය වේ. මුසාවාදයෙහි වනාහි ඒ බොරුවෙන් වන, එය පිළිගන්නවුනට වන හානියේ වන අඩු වැඩි කමේ පමණට අල්පසාවද්‍ය හෝ මහා සාවද්‍ය බව වේ. තමා සතු, ඇති දැයක් නො දෙන අදහසින් නැතැයි කීම අල්ප සාවද්‍ය යි. අනුනට අලාභ කරනු පිණිස බොරු කීම මහාසාවද්‍ය යි. නාන්නට ගොස් පොකුණෙහි දිය සිඳී තිබෙනු දැක අවුත් සිනා සෙන අදහසින් සෙස්සනට අද ළිඳ උතුරා යෙතැ යි කියන සේ වූ බොරු අල්පසාවද්‍ය යි. සිල්වත් ගුණවත් අයට කවට කම් වශයෙන් වුව ද නැති දෙයක් නගා කීම මහාසාවද්‍ය වේ. පිසුන වාචායෙහි (කේලාම් කීමෙහි) කේලාම් අසා බිඳෙන පුද්ගලයා ගුණ අඩු කෙනෙක් වී නම් අල්පසාවද්‍ය වේ. ගුණ වැඩි කෙනෙක් නම් ගුණ පමණට ඒ කේලම මහා සාවද්‍ය වේ. පරුෂ වචනයෙහි ඇනුම් බැනුම් අසන්නා ගුණයෙන් අඩු වූ පමණට ඒ කර්මය අල්පසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි වූ පමණට මහාසාවද්‍ය වේ. සම්ඵ ප්‍රලාපය මද වශයෙන් දෙඩීම අල්පසාවද්‍ය වේ. වඩ වඩා දෙඩීමෙන් මහා සාවද්‍ය වේ. අභිධ්‍යායෙහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය බව ඉහත අදත්තාදානයට කී පරිදිම ය. ව්‍යාපාදයෙහි අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව ඉහත පරුෂ වචනයට කී පරිදි ම ය. මිත්‍යාදෘෂ්ටියෙහි නියත මිථ්‍යාදෘෂ්ටියක වීම මහා සාවද්‍ය වේ. අනියත මිථ්‍යාදෘෂ්ටියක බව අල්පසාවද්‍ය වේ. ---------------විපාක---------------- ප්රතිසන්ධි විපාක, ප්රවෘත්ති විපාක යැයි විපාක දෙවැදෑරුම්. යම් තැනැක ඉපැදැවීම ප්රතිසන්ධි විපාක නම්. උපන් පසු දෙන විපාක ප්රවෘත්ති විපාක නම්. ---------------කර්ම කර්මපථ--------------- උඩ කී ඒ ඒ අකුසල් අංග සම්පූර්ණ ව කැරුණේ කර්මපථ වේ. (හෙවත් අපායවල උපදවා දුක් දීමට සමත් වේ) එ සේ අංග සම්පූර්ණ නො වූයේ කර්ම මාත්‍ර ම වේ. එයින් ප්රවෘත්ති විපාක (උපන් පසු යම් යම් දුක් හිරිහැර) දෙවෙයි. -----------------අනුන් ලවා කැරැවීම--------------- ඉහත කී අකුසල් අනුන් ලවා කැරැවීමේ දී, අණ ලත් පරිදි ම කිසි අඩුවක් නැති ව ම එය කරන්නවුනට ද අණ කළ අයට ද යන දෙපක්ෂයට ම එක සේ අකුසල් සිදු වේ. කී සැටියෙන් වෙන් ව කළොත් අණ ලැබූ තැනැත්තාට (එය අංග සම්පූර්ණ කර්මයක් වී නම්) අකුසල කර්මපථ වේ. අණ කළාහට කර්ම මාත්‍ර ම වේ. -------------------අකුසල් මුල්---------------------- ලෝභය, ද්වේෂය (තරහව) මෝහය (ඇති තතු නො දැන්මය) යන තුන් දෙන අකුසල් වල මුල්‍ය. ප්‍රාණඝාතය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුත් සිතින්කැරේ. එසේ නම්, මස් ලොබින් සතුන් මැරීම ලෝභ – මූලික නොවේ ද ? නොවේ. සතා කෙරේ ලෝභය තිබේ නම් ඌ මැරිය නො හැක්ක. සතාගේ ජීවිතයට විරුද්ධ බැවින් ම එය නසයි. ඔහු ලෝභ කරනුයේ උගේ මසට ය. මෙ සේ නම් මස් ලොබින් සතුන් මැරීම කෙසේ වන්නක් ද ? එය මස් ලොබ සහිත සිත් මුලින් සැදි සැදී අවුත් එයින් රුකුල් ලැබ හටගත් ද්වේෂ සහිත සිතින් කරනකර්මයෙකි. මෙයට ලෝභ ප්‍රත්‍යය ද්වේෂ මූලික සිතින් කැරෙන්නෙකැ යි කිය යුතු යි’ මෙ බඳු තැන ද්වේෂ මූලික යැ යි මෝහය හැම අකුසලෙකම ඇති එකක් බැවින් එය එකක් පාසා නො කීවාට වරදෙක් නැත. අදත්තාදානය ලෝභ - මෝහ දෙක මුල් වද, ද්වේෂ මෝහ දෙක මුල්ව ද උප දී. කාමමිථ්‍යාචාරය ලෝභ - මෝහ යන දෙ මුලක් ඇති එකෙකි. මුසාවාදය වස්තුලෝභාදියෙන් බොරු කීමේ දී ලෝභ - මෝහ යන දෙ මුලෙකින් යුක්ත ද, අනුනට ක්‍රෝධයෙන් බොරු චෝදනා නැංවීම ආදියේ දී ද්වේෂ මෝහ යන දෙ මුලින් යුක්ත ද වේ. පිසුන වාචාවත් සම්ඵප්‍රලාපයත් දෙක ද මුසාවාදය සේ ම විටෙක ලෝභ මෝහ යන දෙ මුලින් ද විටෙක ද්වේෂ මෝහ යන දෙ මුලින් ද ඇති වේ. පරුෂ වචනය ද්වේෂ මෝහ යන දෙ මුලින් ඇති වේ. අභිධ්‍යාව ත් මිථ්‍යාදෘෂ්ටිය ත් ලෝභ මෝහ යන දෙ මුලින් යුක්ත වෙති. ව්‍යාපාදය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුක්ත ය. ඉහතින් විස්තර කැරුණු දස අකුසලින් වෙන්වීම දස කුසල් නම්. ------------------------කුසල්---------------------- දස පින් කිරිය වත් පිරීම කුසල් සිතින්ම කැරෙන්නක් බැවින් එය ද කුසල් කම් නමින් සලකති. පින් කිරිය වත් නම් – දාන සීල භාවනා අපචායන චෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදනා ධම්මදෙසනා ධම්මසවණ දිට්ඨුජුකම්ම යන දශය යි. මේවා කිරීමට ;හ්තු වන කුසල් මුල් තුනෙකි. ඒ අලෝභ අද්වේෂ අමෝහ යන තිදෙන ය. කුසල හේතු යැ යි ද මුනට බැවහැර වේ. ලෝභයට කෙළින් ම විරුද්ධ වූ ස්වභාවය අලෝභය යැ යි ද, දත යුතු ප්‍රාණඝාතාදී අකුසලින් වැළකීමේ දී එනම් - ශීලාදී පින් දහම් වැඩීමේ දී මේ කුසල් මුල් ඇති වේ. කුසල් කිරීමේ දී සමහර විට අලෝභ අද්වේෂ අමෝහ යන තුන් කුසල් මුල් ම සිතේ ඇති වේ. එ බඳු සිතින් කරන කුසල් ත්‍රිමූලික හෝ ත්‍රිහේතුක කුසල් නම් වේ. කුසල් කරන සමහර විටෙක කුසල් මුල් අතුරෙන් අලෝභ අද්වේෂ දෙක පමණක් ඇතිව කරත්, එසේ වූ කුසල් විමූලක හෝ ද්විහේතුක කුසල් නම් වේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom