Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දළදාව වසර 43ක් රැකගත් දෙල්ගමුව විහාරයට ගිය#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදාව වසර 43ක් රැකගත් දෙල්ගමුව විහාරයට ගිය&#35

අපේ අරමුණ වුනේ කුඩා කාලයේ අපි අසා තිබුණ වගේම අපේ මතකයේ කොතනක හෝ හොඳින් රැඳී ඇති ස්ථානයක් හොයාගෙන යාම සඳහාය. මෝටර් බයිසිකලය පැයට කිලෝමීටර 50 ක විතර වේගයෙන් ඇහැළියගොඩ නගරය පැත්තේ ඉඳගෙන පරකඩුව පහුකරගෙන කුරුවිට නගරය පැත්තට ගමන් කරමින් තිබුණි.

මගේ ගමන් සහකාරිය වුනේ ජීවන සහකාරියමවීම නිසා ඒ ගමන වඩාත් තෘප්තිදායක විය. අපි ගමන් කරමින් තිබුණ ලංකා ඉතිහාසයේ සහ බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානය ගැන මගේ මතකයේ තිබුණේ අසා දැනගත් (විශේෂයෙන්ම තාත්තාගේ ඉතිහාසය සම්බන්ධ දැනුවත් කිරීම් නිසා) කරුණු කාරණා කිහිපයක් පමණි.

ඒත් මගේ ගමන් සහකාරිය පුංචි කාලේ ඉස්කෝලෙන් ඒ ස්ථානයට ඇවිත් තිබුණත් ඒ සම්බන්ධව තිබුණේ ඉතා නොපැහැදිලි මතකයකි. ඒ නිසාම මේ ගමන අපිට ඉතාම වැදගත් වගේම කුතුහලය දනවන ගමනක් වීම වැලැක්වීමට නොහැකි විය. අපේ ඉලක්කය වුනේ සීතාවක රාජ්‍ය සමයේ වසර 43ක කාලයක් බුදු රජාණන් වහන්සේගේ දන්ත දාතූන් වහන්සේ කුරහන් ගල් කරඬුවක් තුල සුරක්ෂා කරගත් ඒ අසිරිමත් දෙල්ගමු විහාරයයි.

කුරුවිට නගරයට කිලෝමීටර 3ක් පමණ මෙපිටින් රත්නපුර- අවිස්සාවේල්ල මාර්ගයේ රත්නපුර දෙසට යන විට දකුණු අත පැත්තට ඇත් විහාර නාමපුවරුව රඳවා ඇති මාර්ගය ඔස්සේ මීටර් 500ක පමණ දුරක් ගමන්කරන විට ඓතිහාසික දෙල්ගමු විහාරයට අපේ දර්ශන පථයට හසුවිය. අප සැබෑ ලෙසින්ම පැමිණ තිබුණේ විහාරයේ සංඝාවාසය දෙසට පිවිසෙන මාර්ගය ඔස්සේය. ඒ වනවිටත් විහාරයේ අලුත්වැඩියා කටයුතු වල නිරතවී සිටි කම්කරු මහත්වරුන් දෙදෙනෙකුගෙන් මේ දෙල්ගමුව විහාරයම බව සනාථ කරගත්තෙමු. මෝටර් බයිසිකලය විහාරය අසල නවතා විහාරය තුලට පිවිසෙන පඩිපෙල වෙත ගමන් කරද්දී අප දෙසට පැමිණියේ මල් වට්ටි විකුණමින් සිටින මවක්ය. ඒ දසුනෙන් අවබෝධ වුනේ මෙතැන වන්දනාකරුවන් සහ බැතිමතුන් වැඩිපුර ගැවසෙන තැනක් බවය.

“මාතලේ පැත්තෙන් බස් දෙකක් ඇවිත් ගියා විතරයි මහත්තයෝ..දැනුත් එහා පැත්තේ ඉස්කෝලේ ළමයි වගයක් ඇවිත් ඉන්නේ බස් එකක..“

මල් වට්ටියක් මිලට ගනිද්දී ඉතා සෙනෙහසින් යුතු සිනාවක් පාමින් දෙල්ගමු විහාරය අසල ගම්මානයක ජීවත්වන කාටවත් හෝ කරදරයක් නැති ධාර්මික වෙළඳාමකින් කීයක් හෝ උපයාගෙන ජීවිතය ගෙවන ඒ අම්මා අප සමගින් පැවසූයේ දෙල්ගමු විහාරය අදටත් අප්රසිද්ධව, හුදෙකලාව තිබෙන තැනක් නොවන බව පෙන්වා දෙන්නටය.

විහාරයට ඇතුලුවන තැනම පිහිටා ඇති චෛත්‍ය රාජයා මීට වසර සීයකට මෙපිටින් කර ඇති නිර්මාණයක් බව බැලූ බැල්මට පෙනෙන්ට ඇත. දෙල්ගමු විහාරයේ ඓතිහාසික නිර්මාණයන් පෘතුගීසින්ගේ මහා විනාශයට අසුවී අතීතයේ වැලි තලාවෙන් වැලලී ගිය බව පසුව අපට දැනගන්නට ලැබුණි. විහාරස්ථානය සම්බන්ධ අතීත පුවත සහ එහි ඇති කුරහන් ගල් කරඬුවේ ඉතිහාස කතාව සැකෙවින් දැක්විය හැක්කේ මෙසේය.

ක්‍රි.ව 1375 දී කුරුණෑගල රාජධානියේ බිඳවැටීම සමග කෝට්ටේ රාජධානියට දළදා වහන්සේ රැගෙනවිත එහි දළදා මන්දිරයක් ඉදිකර (වර්තමාන ඇතුල් කෝට්ටේ මාලිගාව පාර අතීතයේ පැරකුම්බා පිරිවණ සහ කෝට්ටේ රාජකීය මල් උයන අතර මැද) දළදා වහන්සේ රැකගන්නට පස්වැනි බුවනෙකබාහු රජතුමා කටයුතු කරන අතර 1505 වර්ෂයේ ලංකාවට ගොඩබසින් පෘතුගීසීන් 1509 දී කෝට්ටේ රජකල සයවැනි විජයබාහු රජු මරාදමා කෝට්ටේ අරාජික කරද්දී ඔහුගේ පුත්‍රයන් තිදෙනා (සුප්‍රසිද්ධ විජයබා කොල්ලය කතා පුවතේ) ගෙන් හත්වැනි බුවනෙකබාහු කෝට්ටේ රාජ්‍යත්වය ලබාගන්නා අතර, රයිගම් බණ්ඩාර පස්වලල්ලේ කොරළය (පසුව රයිගම් කෝරළය බවට පත්වූ අද හොරණ,බණ්ඩාරගම ප්‍රදේශයද) ද, මායාදුන්නේ සීතාවක ද (වර්තමානයේ පාදුක්කේ සිට අවිස්සාවේල්ල, සබරගමු කඳුවැටිය දක්වා සීමාව) රාජ්‍ය තුනකට බෙදා පාලනය කරන ලදි.

එහිදී බුවනෙකබාහුගෙන් පසු කෝට්ටේ රජ බවට පත්වෙන සුප්‍රසිද්ධ දොන් ජුවන් ධර්මපාල යටතේ දළදා වහන්සේට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව කෝට්ටේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ වූ කීරවැල්ලේ නිලමේ අවබෝධකරගන ක්‍රි.ව 1549 දී දළදා වහන්සේ වෙනුවට ඇත් දළෙන් අනුරුවක් සාදවා එය දළදා මාලිගාවේ රඳවා දළදා වහන්සේ තමන්ගේ පිහියේ කොපුවේ රඳවාගෙන කෝට්ටේ රාජධානියෙන් පිටවී ඇත. කීරවැල්ලේ නිලමේ නොදැන සිටියද ඒ වනවිටත් දළදා වහන්සේ තමන් යටතට ගෙන පුළුස්සා දැමීමේ කුමන්ත්‍රණයක් පෘතුගීසීන් ක්‍රියාත්මක කරමින් තිබී ඇත. එවැනි වටපිටාවක දළදා වහන්සේගේ ආරක්ෂාව සහතික කල හැක්කේ ගැටුම් අඩු සහ රාජ්‍යත්වය සම්බන්ධයෙන් ඒ වනවිට වැඩි බලයක් ඉසිලූ සීතාවක රාජ්‍ය පාලකයා වන මායාදුන්නේ වෙත පැමිණි කීරවැල්ලේ නිලමේ ඔහුට දළදා වහන්සේ බාරදී ඇත.

ඉතිහාසයට අනුව ඒ පිළිබඳව නොදත් පෘතුගීසීන් ධර්මපාල රජු බියගන්වා දළදා වහන්සේ විනාශ කිරීමට උත්සහ කරන විට අනුරුවක් බව නොදැන දළදා වහන්සේ රැගෙන යාපනයට පලායාමට උත්සහ කල වීදිය බණ්ඩාර පෘතුගීසීන්ට හසුවී ඝාතනයට ලක්වූ බවත් එහිදී දළදා වහන්සේ ගිනි තබා දූවිලි බවට පත්කල බවත් සඳහන් වේ. (කොට්රින්ටන් නම් සෙනෙවියාගේ වාර්තාවට අනුව, එහෙත් හාර්වේ නම් පුද්ගලයාගේ History of Burma කෘතියේ සඳහන් වන්නෙ 1552 වර්ෂයේ ගෝවේට ගෙන ගිය දළදා වහන්සේ එහිදී විනාශකර දැමූ බවයි, ඔවුන්ගේ මතය වන්නේ එය සත්‍ය දළදා වහන්සේ බවත් වර්තමානයේ ලංකාව තුල සත්‍ය දළදා වහන්සේ නමක් නොමැති බවයි)

එදා කීරවැල්ලේ නිලමේ විසින් ගත් තීරණය නොවන්නට අද වනවිට ලංකාවට දළදා වහන්සේ අහිමිවන්නට තිබූ බව එයින් අවබෝධකරගත හැකිය. සීතාවකට ගෙනගිය දළදා වහන්සේ මායාදුන්නේ රජුවිසින් ඉතාම භක්තියෙන් යුතුව පිළිගෙන සීතාවක රාජධානියේ ප්‍රකට විහාරයක්ව එවකට පැවති දෙල්ගමු විහාරය (එවකට සපරගමු විහාරය හෙවත් “ලබුජගාම විහාරය“) වෙත බාරදුන්නේ එවකට රටේ පැවති වාතාවරණය අනුව දළදා වහන්සේ දළදා ගෙයක තබා තැබීම ආරක්ෂාවට තර්ජයනයක් බැවින්ය. මන්ද ඒ වනවිටත් සීතාවකට පෘතුගීසි තර්ජන එල්ලවෙමින් පැවති නිසාය. එහිදී දෙල්ගමු විහාරයේ විහාරාධිපති හිමියන්වූ මහින්දාලංකාර පණ්ඩිත හිමියන් රජුගේ උපදෙස් පරිදි කීරවැල්ලේ නිලමේ සමග එක්ව විහාරගෙයක් කරවා එහි බුදු පිළිමය පිටුපස විශාල කුරහන් ගලක් කරවා ඒ තුල සැක නොසිතෙන පරිද්දෙන් දළදා වහන්සේ සඟවා තැබූ බවයි.

ඉතිහාස පුවතද දැනගෙන දෙල්ගමු විහාර මළුවේ රැඳී සිටි අප ඉදිරියෙන් දිස්වූයේ අද දවසේ එකී කුරහන් ගල් කරඬුව තැන්පත් කර ඇති විශේෂ විහාරගෙයයි. එහි ඉදිරිපස පුවරුවක සඳහන් කර තිබුණේ “අද මහනුවර වැඩවසන දළදා වහන්සේ එහි වැඩම කරවන තෙක් වසර 43 ක කාලයක් (1549-1592) පෘතුගීසීන් ඇතුළු පරසතුරන්ගෙන් ආරක්ෂා කිරීම උදෙසා රැකවරණය සැපයූ පූජනීය කුරහන් ගල් කරඬුව මෙහි තැන්පත් කර ඇති“ බවයි. එය එහි පැමිණෙන ලොකු කුඩා ඕනෑම කෙනෙක්ගේ හිතට එම ස්ථානය සම්බන්ධයෙන් විශාල ගෞරවයක් සහ හැඟීමක් දනවන්නා වූ තොරතුරකි. එය අපටද එලෙසින්ම දැනෙන්නට විය.

ඒ හැඟීමද හිතේ තබාගෙන විහාරගෙයට පිවිසෙන විට ආරක්ෂිත වීදුරු ආවරණයක තබා පූජනීය ලෙස ගෞරවයට පාත්රකර ඇති ඒ උතුම් ඓතිහාසික උරුමය අපට දක්නට ලැබුණි. නිරායාසයෙන්ම දෑත් එක්ව නළලට නැගෙන්නේ එහි ඇති අභිමානය මුසු පූජනීයත්වය නිසාවෙන්මය.ෙවසර 43 ක් තිස්සේ දළදා වහන්සේට රැකවරණය දුන්, දළදා වහන්සේගේ ස්පර්ශය ලත් මේ උතුම් වස්තුව අජීවී වූවත් කෙතරම් පින්කර ඇති යමක්ද යන්න අපට සිතාගත නොහැකිවිය. ඒ අත්දැකීම ලබන්නට ඔබ දෙල්ගමු වෙහෙරට යා යුතුමය. ඉතාම ගෞරවනීයව තැන්පත්කර ඇති කුරහන් ගල් කරඬුව නැරඹූ අපි ඉන් පිටව නව විහාර ගෙය දෙසට පැමිණියහ. දෙල්ගමු වෙහෙරට අහිමිව ඇති ඉපැරණි විභූතිය නැවත ලඟාකර ගැනීමට වෙහෙසවී ඇති බව පෙනෙන්නට ඇත.

16 වැනි සියවසේ අගභාගයේ මායාදුන්නේ ඇවෑමෙන් සීතාවක රජවෙන සීතාවක රාජසිංහ රජු බෞද්ධ විරෝධියෙක් බවට පත්ව කටයුතු කරද්දී පවා ඔහු දෙල්ගමු වෙහෙරට නිසිලෙස පුද සත්කාර කර ඇති අතර කිසිවිටක දළදා වහන්සේ ඉන් පිටතට ගැනීමට උත්සහ කර නැත. සීතාවක රාජධානිය බිඳවැටී පෘතුගීසීන් අතට පත්වෙද්දී ලංකාවේ අවසන් රාජධානිය වූ මහනුවර දෙවැනි විමලධර්මසූරිය රජු පෘතුගීසීන්ගේ උපකාරයෙන් රාජ්‍යත්වයට පත්වූවද ඔහු රාජ්‍යත්වය උදෙසා මහනුවර දළදා මන්දිරයක් ඉදිකර 1593 දී දළදා වහන්සේ දෙල්ගමු විහාරයේ සිට අද පවතින දළදා මාලිගාව වෙත වැඩම කරවා ඇත. ඉන්පසු දෙල්ගමු විහාරයේ අභාග්‍යසම්පන්න කාලය උදාවන අතර පෘතුගීසීන් එම විහාරය විනාශ කර එතැනි ඔවුන්ගේ කඳවුරක්ද පිහිටුවාගෙන ඇත. අද පවතින දෙල්ගමු විහාරය තුල ඇත්තේ ඉපැරණි විහාරයේ නටඹුන් ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් වන්නට හේතුවී ඇත්තේ ඒ නිසාය. කුරහන් ගල් කරඬුවද ආරක්ෂාවී ඇත්තේ ඒ ප්‍රදේශයේ ඉපැරණි ප්රභූවරයෙක් එය ආරක්ෂාකරගත් නිසා බව දැනගන්නට ලැබුණි.

අපි විහාරගෙයින් පිටතට පැමිණ බෝ මළුවේ මදක් විඩා නිව්වෙමු. දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකර ඇති සිරිපතුලේ ආකෘතිය සහ කෞතුක වස්තු ප්‍රදර්ශනාගාරයද නැරඹිය යුතු ස්ථානයකි. දෙල්ගමුව විහාරය වනාහි මෙරට ඉතිහාසය ඉගනගැනීමට රුචි ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම ස්ථානයකි. එවැනි තැනක් හුදෙක් නැරඹීමෙන් පමණක් නොව ඒ පිළිබඳ හදාරමින් නැරඹීමෙන් ලද්දා වූ ආත්ම තෘප්තියද පෙරටු කරගෙන මම සහ මගේ ජීවන ගමන් සහකාරිය නැවත සපරගමු මාර්ගය දෙසට පිටත්ව ආවෙමු.

www.her.lk

[QUOTE="wijaindu, post: 23066798, member: 421102"] [b]දළදාව වසර 43ක් රැකගත් දෙල්ගමුව විහාරයට ගිය#[/b] [SIZE="4"]අපේ අරමුණ වුනේ කුඩා කාලයේ අපි අසා තිබුණ වගේම අපේ මතකයේ කොතනක හෝ හොඳින් රැඳී ඇති ස්ථානයක් හොයාගෙන යාම සඳහාය. මෝටර් බයිසිකලය පැයට කිලෝමීටර 50 ක විතර වේගයෙන් ඇහැළියගොඩ නගරය පැත්තේ ඉඳගෙන පරකඩුව පහුකරගෙන කුරුවිට නගරය පැත්තට ගමන් කරමින් තිබුණි. මගේ ගමන් සහකාරිය වුනේ ජීවන සහකාරියමවීම නිසා ඒ ගමන වඩාත් තෘප්තිදායක විය. අපි ගමන් කරමින් තිබුණ ලංකා ඉතිහාසයේ සහ බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානය ගැන මගේ මතකයේ තිබුණේ අසා දැනගත් (විශේෂයෙන්ම තාත්තාගේ ඉතිහාසය සම්බන්ධ දැනුවත් කිරීම් නිසා) කරුණු කාරණා කිහිපයක් පමණි. ඒත් මගේ ගමන් සහකාරිය පුංචි කාලේ ඉස්කෝලෙන් ඒ ස්ථානයට ඇවිත් තිබුණත් ඒ සම්බන්ධව තිබුණේ ඉතා නොපැහැදිලි මතකයකි. ඒ නිසාම මේ ගමන අපිට ඉතාම වැදගත් වගේම කුතුහලය දනවන ගමනක් වීම වැලැක්වීමට නොහැකි විය. අපේ ඉලක්කය වුනේ සීතාවක රාජ්‍ය සමයේ වසර 43ක කාලයක් බුදු රජාණන් වහන්සේගේ දන්ත දාතූන් වහන්සේ කුරහන් ගල් කරඬුවක් තුල සුරක්ෂා කරගත් ඒ අසිරිමත් දෙල්ගමු විහාරයයි. කුරුවිට නගරයට කිලෝමීටර 3ක් පමණ මෙපිටින් රත්නපුර- අවිස්සාවේල්ල මාර්ගයේ රත්නපුර දෙසට යන විට දකුණු අත පැත්තට ඇත් විහාර නාමපුවරුව රඳවා ඇති මාර්ගය ඔස්සේ මීටර් 500ක පමණ දුරක් ගමන්කරන විට ඓතිහාසික දෙල්ගමු විහාරයට අපේ දර්ශන පථයට හසුවිය. අප සැබෑ ලෙසින්ම පැමිණ තිබුණේ විහාරයේ සංඝාවාසය දෙසට පිවිසෙන මාර්ගය ඔස්සේය. ඒ වනවිටත් විහාරයේ අලුත්වැඩියා කටයුතු වල නිරතවී සිටි කම්කරු මහත්වරුන් දෙදෙනෙකුගෙන් මේ දෙල්ගමුව විහාරයම බව සනාථ කරගත්තෙමු. මෝටර් බයිසිකලය විහාරය අසල නවතා විහාරය තුලට පිවිසෙන පඩිපෙල වෙත ගමන් කරද්දී අප දෙසට පැමිණියේ මල් වට්ටි විකුණමින් සිටින මවක්ය. ඒ දසුනෙන් අවබෝධ වුනේ මෙතැන වන්දනාකරුවන් සහ බැතිමතුන් වැඩිපුර ගැවසෙන තැනක් බවය. “මාතලේ පැත්තෙන් බස් දෙකක් ඇවිත් ගියා විතරයි මහත්තයෝ..දැනුත් එහා පැත්තේ ඉස්කෝලේ ළමයි වගයක් ඇවිත් ඉන්නේ බස් එකක..“ මල් වට්ටියක් මිලට ගනිද්දී ඉතා සෙනෙහසින් යුතු සිනාවක් පාමින් දෙල්ගමු විහාරය අසල ගම්මානයක ජීවත්වන කාටවත් හෝ කරදරයක් නැති ධාර්මික වෙළඳාමකින් කීයක් හෝ උපයාගෙන ජීවිතය ගෙවන ඒ අම්මා අප සමගින් පැවසූයේ දෙල්ගමු විහාරය අදටත් අප්රසිද්ධව, හුදෙකලාව තිබෙන තැනක් නොවන බව පෙන්වා දෙන්නටය. විහාරයට ඇතුලුවන තැනම පිහිටා ඇති චෛත්‍ය රාජයා මීට වසර සීයකට මෙපිටින් කර ඇති නිර්මාණයක් බව බැලූ බැල්මට පෙනෙන්ට ඇත. දෙල්ගමු විහාරයේ ඓතිහාසික නිර්මාණයන් පෘතුගීසින්ගේ මහා විනාශයට අසුවී අතීතයේ වැලි තලාවෙන් වැලලී ගිය බව පසුව අපට දැනගන්නට ලැබුණි. විහාරස්ථානය සම්බන්ධ අතීත පුවත සහ එහි ඇති කුරහන් ගල් කරඬුවේ ඉතිහාස කතාව සැකෙවින් දැක්විය හැක්කේ මෙසේය. ක්‍රි.ව 1375 දී කුරුණෑගල රාජධානියේ බිඳවැටීම සමග කෝට්ටේ රාජධානියට දළදා වහන්සේ රැගෙනවිත එහි දළදා මන්දිරයක් ඉදිකර (වර්තමාන ඇතුල් කෝට්ටේ මාලිගාව පාර අතීතයේ පැරකුම්බා පිරිවණ සහ කෝට්ටේ රාජකීය මල් උයන අතර මැද) දළදා වහන්සේ රැකගන්නට පස්වැනි බුවනෙකබාහු රජතුමා කටයුතු කරන අතර 1505 වර්ෂයේ ලංකාවට ගොඩබසින් පෘතුගීසීන් 1509 දී කෝට්ටේ රජකල සයවැනි විජයබාහු රජු මරාදමා කෝට්ටේ අරාජික කරද්දී ඔහුගේ පුත්‍රයන් තිදෙනා (සුප්‍රසිද්ධ විජයබා කොල්ලය කතා පුවතේ) ගෙන් හත්වැනි බුවනෙකබාහු කෝට්ටේ රාජ්‍යත්වය ලබාගන්නා අතර, රයිගම් බණ්ඩාර පස්වලල්ලේ කොරළය (පසුව රයිගම් කෝරළය බවට පත්වූ අද හොරණ,බණ්ඩාරගම ප්‍රදේශයද) ද, මායාදුන්නේ සීතාවක ද (වර්තමානයේ පාදුක්කේ සිට අවිස්සාවේල්ල, සබරගමු කඳුවැටිය දක්වා සීමාව) රාජ්‍ය තුනකට බෙදා පාලනය කරන ලදි. එහිදී බුවනෙකබාහුගෙන් පසු කෝට්ටේ රජ බවට පත්වෙන සුප්‍රසිද්ධ දොන් ජුවන් ධර්මපාල යටතේ දළදා වහන්සේට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව කෝට්ටේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ වූ කීරවැල්ලේ නිලමේ අවබෝධකරගන ක්‍රි.ව 1549 දී දළදා වහන්සේ වෙනුවට ඇත් දළෙන් අනුරුවක් සාදවා එය දළදා මාලිගාවේ රඳවා දළදා වහන්සේ තමන්ගේ පිහියේ කොපුවේ රඳවාගෙන කෝට්ටේ රාජධානියෙන් පිටවී ඇත. කීරවැල්ලේ නිලමේ නොදැන සිටියද ඒ වනවිටත් දළදා වහන්සේ තමන් යටතට ගෙන පුළුස්සා දැමීමේ කුමන්ත්‍රණයක් පෘතුගීසීන් ක්‍රියාත්මක කරමින් තිබී ඇත. එවැනි වටපිටාවක දළදා වහන්සේගේ ආරක්ෂාව සහතික කල හැක්කේ ගැටුම් අඩු සහ රාජ්‍යත්වය සම්බන්ධයෙන් ඒ වනවිට වැඩි බලයක් ඉසිලූ සීතාවක රාජ්‍ය පාලකයා වන මායාදුන්නේ වෙත පැමිණි කීරවැල්ලේ නිලමේ ඔහුට දළදා වහන්සේ බාරදී ඇත. ඉතිහාසයට අනුව ඒ පිළිබඳව නොදත් පෘතුගීසීන් ධර්මපාල රජු බියගන්වා දළදා වහන්සේ විනාශ කිරීමට උත්සහ කරන විට අනුරුවක් බව නොදැන දළදා වහන්සේ රැගෙන යාපනයට පලායාමට උත්සහ කල වීදිය බණ්ඩාර පෘතුගීසීන්ට හසුවී ඝාතනයට ලක්වූ බවත් එහිදී දළදා වහන්සේ ගිනි තබා දූවිලි බවට පත්කල බවත් සඳහන් වේ. (කොට්රින්ටන් නම් සෙනෙවියාගේ වාර්තාවට අනුව, එහෙත් හාර්වේ නම් පුද්ගලයාගේ History of Burma කෘතියේ සඳහන් වන්නෙ 1552 වර්ෂයේ ගෝවේට ගෙන ගිය දළදා වහන්සේ එහිදී විනාශකර දැමූ බවයි, ඔවුන්ගේ මතය වන්නේ එය සත්‍ය දළදා වහන්සේ බවත් වර්තමානයේ ලංකාව තුල සත්‍ය දළදා වහන්සේ නමක් නොමැති බවයි) එදා කීරවැල්ලේ නිලමේ විසින් ගත් තීරණය නොවන්නට අද වනවිට ලංකාවට දළදා වහන්සේ අහිමිවන්නට තිබූ බව එයින් අවබෝධකරගත හැකිය. සීතාවකට ගෙනගිය දළදා වහන්සේ මායාදුන්නේ රජුවිසින් ඉතාම භක්තියෙන් යුතුව පිළිගෙන සීතාවක රාජධානියේ ප්‍රකට විහාරයක්ව එවකට පැවති දෙල්ගමු විහාරය (එවකට සපරගමු විහාරය හෙවත් “ලබුජගාම විහාරය“) වෙත බාරදුන්නේ එවකට රටේ පැවති වාතාවරණය අනුව දළදා වහන්සේ දළදා ගෙයක තබා තැබීම ආරක්ෂාවට තර්ජයනයක් බැවින්ය. මන්ද ඒ වනවිටත් සීතාවකට පෘතුගීසි තර්ජන එල්ලවෙමින් පැවති නිසාය. එහිදී දෙල්ගමු විහාරයේ විහාරාධිපති හිමියන්වූ මහින්දාලංකාර පණ්ඩිත හිමියන් රජුගේ උපදෙස් පරිදි කීරවැල්ලේ නිලමේ සමග එක්ව විහාරගෙයක් කරවා එහි බුදු පිළිමය පිටුපස විශාල කුරහන් ගලක් කරවා ඒ තුල සැක නොසිතෙන පරිද්දෙන් දළදා වහන්සේ සඟවා තැබූ බවයි. ඉතිහාස පුවතද දැනගෙන දෙල්ගමු විහාර මළුවේ රැඳී සිටි අප ඉදිරියෙන් දිස්වූයේ අද දවසේ එකී කුරහන් ගල් කරඬුව තැන්පත් කර ඇති විශේෂ විහාරගෙයයි. එහි ඉදිරිපස පුවරුවක සඳහන් කර තිබුණේ “අද මහනුවර වැඩවසන දළදා වහන්සේ එහි වැඩම කරවන තෙක් වසර 43 ක කාලයක් (1549-1592) පෘතුගීසීන් ඇතුළු පරසතුරන්ගෙන් ආරක්ෂා කිරීම උදෙසා රැකවරණය සැපයූ පූජනීය කුරහන් ගල් කරඬුව මෙහි තැන්පත් කර ඇති“ බවයි. එය එහි පැමිණෙන ලොකු කුඩා ඕනෑම කෙනෙක්ගේ හිතට එම ස්ථානය සම්බන්ධයෙන් විශාල ගෞරවයක් සහ හැඟීමක් දනවන්නා වූ තොරතුරකි. එය අපටද එලෙසින්ම දැනෙන්නට විය. ඒ හැඟීමද හිතේ තබාගෙන විහාරගෙයට පිවිසෙන විට ආරක්ෂිත වීදුරු ආවරණයක තබා පූජනීය ලෙස ගෞරවයට පාත්රකර ඇති ඒ උතුම් ඓතිහාසික උරුමය අපට දක්නට ලැබුණි. නිරායාසයෙන්ම දෑත් එක්ව නළලට නැගෙන්නේ එහි ඇති අභිමානය මුසු පූජනීයත්වය නිසාවෙන්මය.ෙවසර 43 ක් තිස්සේ දළදා වහන්සේට රැකවරණය දුන්, දළදා වහන්සේගේ ස්පර්ශය ලත් මේ උතුම් වස්තුව අජීවී වූවත් කෙතරම් පින්කර ඇති යමක්ද යන්න අපට සිතාගත නොහැකිවිය. ඒ අත්දැකීම ලබන්නට ඔබ දෙල්ගමු වෙහෙරට යා යුතුමය. ඉතාම ගෞරවනීයව තැන්පත්කර ඇති කුරහන් ගල් කරඬුව නැරඹූ අපි ඉන් පිටව නව විහාර ගෙය දෙසට පැමිණියහ. දෙල්ගමු වෙහෙරට අහිමිව ඇති ඉපැරණි විභූතිය නැවත ලඟාකර ගැනීමට වෙහෙසවී ඇති බව පෙනෙන්නට ඇත. 16 වැනි සියවසේ අගභාගයේ මායාදුන්නේ ඇවෑමෙන් සීතාවක රජවෙන සීතාවක රාජසිංහ රජු බෞද්ධ විරෝධියෙක් බවට පත්ව කටයුතු කරද්දී පවා ඔහු දෙල්ගමු වෙහෙරට නිසිලෙස පුද සත්කාර කර ඇති අතර කිසිවිටක දළදා වහන්සේ ඉන් පිටතට ගැනීමට උත්සහ කර නැත. සීතාවක රාජධානිය බිඳවැටී පෘතුගීසීන් අතට පත්වෙද්දී ලංකාවේ අවසන් රාජධානිය වූ මහනුවර දෙවැනි විමලධර්මසූරිය රජු පෘතුගීසීන්ගේ උපකාරයෙන් රාජ්‍යත්වයට පත්වූවද ඔහු රාජ්‍යත්වය උදෙසා මහනුවර දළදා මන්දිරයක් ඉදිකර 1593 දී දළදා වහන්සේ දෙල්ගමු විහාරයේ සිට අද පවතින දළදා මාලිගාව වෙත වැඩම කරවා ඇත. ඉන්පසු දෙල්ගමු විහාරයේ අභාග්‍යසම්පන්න කාලය උදාවන අතර පෘතුගීසීන් එම විහාරය විනාශ කර එතැනි ඔවුන්ගේ කඳවුරක්ද පිහිටුවාගෙන ඇත. අද පවතින දෙල්ගමු විහාරය තුල ඇත්තේ ඉපැරණි විහාරයේ නටඹුන් ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් වන්නට හේතුවී ඇත්තේ ඒ නිසාය. කුරහන් ගල් කරඬුවද ආරක්ෂාවී ඇත්තේ ඒ ප්‍රදේශයේ ඉපැරණි ප්රභූවරයෙක් එය ආරක්ෂාකරගත් නිසා බව දැනගන්නට ලැබුණි. අපි විහාරගෙයින් පිටතට පැමිණ බෝ මළුවේ මදක් විඩා නිව්වෙමු. දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකර ඇති සිරිපතුලේ ආකෘතිය සහ කෞතුක වස්තු ප්‍රදර්ශනාගාරයද නැරඹිය යුතු ස්ථානයකි. දෙල්ගමුව විහාරය වනාහි මෙරට ඉතිහාසය ඉගනගැනීමට රුචි ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම ස්ථානයකි. එවැනි තැනක් හුදෙක් නැරඹීමෙන් පමණක් නොව ඒ පිළිබඳ හදාරමින් නැරඹීමෙන් ලද්දා වූ ආත්ම තෘප්තියද පෙරටු කරගෙන මම සහ මගේ ජීවන ගමන් සහකාරිය නැවත සපරගමු මාර්ගය දෙසට පිටත්ව ආවෙමු. [url]www.her.lk[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom