දානයේ අනුහස්
ලෝකයෙහි මිනිසුන් සතුටු වන ආකාර දෙකකි. ඉන් පළමුවැන්න යමක් තමන් සතු කරගෙන සතුටු වීමයි. දෙවැන්න තමන් සතු දෙයක් අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කොට සතුටු වීමයි.
මින් පළමු වැනි ආකාරයට සතුටු වීමට තිරිසන් සතෙකුට පවා හැකියාව තිබේ. නමුත් තමන් සතු දෙයක් අන්‍යයන්ගේ යහපත පිණිස පරිත්‍යාග කොට සතුටු වීමට සියලු සත්ත්වයනටම නොහැකිය. එය කළ හැක්කේ පරිත්‍යාගශීලී හදවතක් ඇත්තෙකුටම පමණි.
තමන් සතු දෙයක් තමන්ගේ අයිතිය අත්හැර වෙන කෙනෙකුට පරිත්‍යාග කිරීම දානයයි.
එම දානය,
1. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය සහ
2. පූජා බුද්ධියෙන් දෙන දානය යනුවෙන්
ආකාර දෙකකි.
මෙහි අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය යනු යම් කිසිවක් අවශ්‍ය තැනකට, අඩුපාඩු තිබෙන තැනැත්තෙකුට, උපකාරයක් කිරීමේ අදහසින් සිදුකරන පරිත්‍යාගයයි.
පූජා බුද්ධියෙන් සිදුකරන දානය නම් පූජාවයි. සීල, සමාධි, ප්‍රඥා යන ගුණයන්ගෙන් තමනට වඩා උසස් උත්තමයෙකු පිදීම මෙයින් අදහස් වේ.
මේ කුමන ආකාරයක දානයක් හෝ වේවා, එය අසත්පුරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක්ම විය යුතුයි. අසත්පුරුෂ දානය මහත්ඵල නොවන අතර සත්පුරුෂ දානය ඉතාමත් මහත්ඵල වේ.
ඒ පිළිබඳව තොරතුරු සත්පුරුෂ දාන සූත්‍රයේ දී විග්‍රහ කොට තිබේ.
ඒ මෙසේයි.
" පඤ්චිමානි භික්ඛවෙ සප්පුරිසදානානි. කතමානි පඤ්ච: සද්ධාය දානං දෙති, සක්කච්චං දානං දෙති, කාලෙන දානං දෙති, අනග්ගහිතචිත්තො දානං දෙති, අත්තානං ච පරං ච අනුපහච්ච දානං දෙති"
"මහණෙනි, සත්පුරුෂ දාන පසකි. කවර පසක්ද යත්:
1. ශ්‍රද්ධාවෙන් දන් දෙයි.
2. සකසා දන් දෙයි.
3. නිසි කල්හි දන් දෙයි.
4. දෙන දේ සිතින් අල්වා නොගෙන නැතිව
(මුත්තචාගීව) දන් දෙයි.
5. තමාව ද අනුන්ව ද නො පෙළා (ගුණ නොමකා)
දන් දෙයි.
යහපත් සිතින් දානමය පුණ්‍යකර්මයන් සිදු කිරීමෙන් උපනූපන් භවයන්හි භවභෝග උපභෝග පරිභෝග සම්පත් ඇතිව ඉපදීම ස්වභාවයයි. එනම් දානය පරිත්‍යාගය නිසා ධනවත්ව ආඪ්‍යව උපත ලැබීම සිදුවේ.
නමුත් සත්පුරුෂ දාන ආකාරයෙන් දන් දීම තුළින් ධනවත් වීමට අමතරව අතිරේක ආනිශංසයෙනුත් ලැබෙන බව එම සූත්‍රයේ විස්තර කොට තිබේ.
ශ්‍රද්ධාවෙන් දානය පූජා කිරීම යනු ඉතා පැහැදුණු සිතෙන් කර්මය, කර්මඵල විශ්වාසයෙන් යුක්තව ප්‍රසන්නව එම දානය පූජා කිරීමයි.
.
.
.
.
.
#travelsrilanka
#traval #picture #worldplace
#travaling #ceylon #beauty #lifestyle
#Photographer #photograph
#Srilanka #vacation #tourism #travelphotography #beautiful #nature #travelblogger #mountains #instagood #tour #love #famous
#photos #photo #adventure
#srilankatravel #travelsrilanka
#ඇතුගල_page #සිනා_සාගරය_the_fun_group
-Credit to reespective owner