ඔබට, පෙර භවය අත හැර මවු කුසක ගර්භාෂයේ දස මසක් සිටින්නට සිදු විය. එයද අත හැර මෙළොව බිහි වන්නට සිදු විය. උපත ලබා මවු කිරි විතරක්ම ආහාරය විය. එයද අතහරින්නට සිදු විය.
ළමා විය අත් හැර තරුණ වන්නට සිදු විය. තරුණ විය, මැදි විය, මහළු විය මෙන්ම නැවතත් මේ භවයද අත් හරින්නට ද සිදු වේ.
දානය රැස්කර ගතහොත් ඔබ නුවණැත්තෙකි. සීලය, කාමයන්ගෙන් වෙන් වීම, ස්කන්ධ ධාතු ආයතනාදිය ගැන දැන ගන්නා ප්‍රඥ්ඥාව, වීර්‍යය, ඉවසීම, සත්‍යවාදී බව, අධිෂ්ඨානය , මෛත්‍රීය, උපේක්ෂාව යන පාරමිතා තුන් ආකාරයටම රැස්කරගත හොත් නුවණැති ඔබේ බෝධිපාක්ෂික ධර්ම තිස් හත නම් හේතු සම්පත් වැඩේ.
නිවන් දකින්නට සියළුම අකුසල් අත් හැරිය යුතුම ය. සියළුම කෙළෙස් නැසිය යුතුම ය. එහෙත් කුසල් අත් හැරීම නොකළ යුතු ය. කුසල් වැඩිය යුතු ය. රැස් කළ යුතු ය. මේ නාමරූපයෝ හට ගන්නේ හේතූන්ගෙන් පමණී.
හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වක් වන නාම රූප ධර්ම, අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන් පානා තෙක් අනෙකුත් හේතු අතර කුසල කර්මජ හේතුවෙන් සංසාර ගත ඇත්තන්ගේ ත්‍රිහේතුක හේතුසම්පත් මුහුකුරා යා යුතු ය.
නුවණැත්තෝ කුසල් වඩත්වා
------ Post added on Jul 31, 2023 at 2:25 AM