Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දාස මුදලාලිගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මවගෙන් ඉල්ලා ගත් රු.දහයෙන් මහා සිටුවරයකු වූ දාස මුදලාලි

යස ඉසුරු සම්පත්, ඉහළ පෙළපතක උරුමය දෑතේ මිට මොළවාගෙන මෙළොව එළිය දැකීමට සියලු දෙනාටම හැකිවන්නේ නැත. මෙරට සමහර පාලකයන්, වියතුන්, දාර්ශනිකයන් පමණක් නොව වාණිජ ලෝකයේ හිණිපෙත්තටම නැඟි බොහෝ දෙනෙකුගේ ජන්මය අගහිඟකමින්, කටුකොහොළින් පිරුණු දුෂ්කර එකකි. මේ අතරින් ව්‍යාපාරික ලෝකයේ නම් දැරූ බොහෝ දෙනෙක් අතීත ගමන් මඟ දුක්බර , රළු කටුකබව පිළිබඳ සටහන් තබන්නේය. පදිකවේදිකාවෙන්, පා පැදියෙන් හෝ පා ගමනින් ඇවිද වාණිජ්‍යයේ සිප්හලින් “අ” යනු කියවුවෝය.

අභාවප්‍රාප්ත දේශබන්දු එස්. ඩී. ගුණදාස මැතිතුමාට (දාස මුදලාලි) ඇත්තේ ද එවැනි අතීත කතාවකි. පදිකවේදිකාවේ කපුරුබෝල, මේස් බැනියම් අලෙවිකරමින් දිවිගමන ජයගත් දිරිය මිනිසකුගේ සටහනකි. ව්‍යාපාර ක්ෂේත්රයේ පමණක් නොව මෙරට ප්‍රභූ පෙළපතක රාජ්‍ය නායිකා වූ සිරිමාවෝ මැතිනියට පවා උපදෙස් සැපයීම වැනි උසස් තලයකට පැමිණීම දෛවෝපගත කතා පුවතකි.

දිවිමඟ වසර 83කට ආසන්න කාලයක් ආයු විඳ පසුගිය දිනක දිවංගත වූ “දාස මුදලාලි” අපට සුවිශේෂ පුද්ගලයෙකි. ඊට හේතුව ඔහුගේ ජීවිතයෙන් උකහාගත හැකි අපේ ජීවිතයට සමීපකර ගත හැකි වටිනා කියන බොහෝ දේ ඔහුගේ අතීත සිහිවටන පුරා විසිරී තිබෙන නිසාය.

දාස මුදලාලි පිළිබඳව මුල්ම සටහන හමුවන්නේ 1931 වර්ෂයේ සැප්තැම්බර් 05 දිනය. දෙවිනුවර තලල්ල ප්‍රදේශයේ ගැමි පවුලක් සයවෙනි දරුවා ලෙසිනි. ඒ වනවිට ද අගහිඟකමින් පිරුණු දෙමාපියන්ට මෙම බිලිඳු කටහඬ ඇසුනේ මොළොව ජීවත්වීම පිළිබඳ සංඥාවක් ලෙස පමණි. එහෙත් පසු කලෙක ව්‍යාපාරික ලෝකයේ රැව් පිළිරැව් දෙන ඔහුගේ හඬ පිළිබඳව හැඟීමක් එකල කිසිවෙකුට හෝ ඇතිවන්නට ඇතැයි සිතීමට නොහැකිය.

ඔහුගේ අතීත සිහිවටන අතර ඉතා සංවේදී සිදුවීමක් වන්නේ සිව්වැනි ශ්‍රේණියේ දී පාසල් අධ්‍යාපනය අහිමි වීමයි. පාසලේ දී ඇති වූ යම් හිත් අමනාපකමක් හේතුවෙන් ඔහුට පාසල තවදුරටත් ඉතා කරදරකාරී තැනක් ලෙස හැඟී ඇත. මුලදී ගන්දර විද්‍යාලයටත් පසුව මරදාන මහා විද්‍යාලයටත් ඇතුළු වුව ද පාසල් ජීවිතයේ සිව් වසරකට වැඩි කාලයක් ගත කිරීමට ඔහුට හැකියාව ලැබී නැත.

ගුණදාස නම් වූ පුංචි කොලුපැටියාට තිබුණේ කුඩා සිරුරකි. එහෙත් ඔහුට විශාල හදවතක් තිබිණි. ඒ තරමටම නොසැලෙන ආත්ම ෙධෙර්යයක් ද තිබිණි. මවගෙන් ඉල්ලාගත් රුපියල් දහයක මුදලකින් ඔහු ජීවිතය පටත් ගන්නට සැලසුම් කළේය. එකල රුපියල් දහයක මුදලට ඉහළ වටිනාකමක් තිබිණි. පුංචි ගුණදාසට එය මහමෙරක් විය. ඔහු ආරම්භ කරන ව්‍යාපාරය ගැන සිතමින් සිහින දකින්නට විය.

ගුණදාස කොළඹට පැමිණියේ පාසල් අධ්‍යාපනය පිළිබඳ කැමැත්තෙන් නොවේ. එම කාලයේ මරදානේ චීන ව්‍යාපාරිකයන්ගේ රෙදි සාප්පු කිහිපයක ගුණදාසගේ වැඩිමල් සොහෝයුරෝ සේවය කර ඇත. එම පරිසරයට ඇති කැමැත්ත නිසාම ඔහු කොළඹට පැමිණ ඇත.

අනුන් යටතේ සේවය කරනවාට වඩා සුළුවෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට සිතූ ගුණදාස මව දුන් මුදලින් කපුරුබෝල සහ මේස් බැනියම් කිහිපයක් මිලදී ගත්තේය. පදික වේදිකාවේද, කොළඹ මුඩුක්කු නිවාසවලද ගනුදෙනුකරුවන් සොයා දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කළේය.

වට්ටියක් හිසමත තබාගෙන ගෙයින් ගෙට ඇවිද ගිය ඔහුගේ ගමන අත් කරත්තය දක්වා වෙනස්වීමට වැඩි කලක් ගත නොවීය. වසර දහයක කුඩා කොලු ගැටයෙක් වුව ද ඔහුගේ සිතේ ගතේ ධෛර්යයේ වැඩිවීමක් මිස අඩුපාඩුවක් නම් ඇති නොවීය.

වසරින් වසර ගෙවී ගියේ ඔහුගේ ජීවිතයේ දියුණුව පිළිබඳව නව පරිච්ඡේද එක්කරමිණි. වසර දහයක් ඇතුළත ඇඟලුම් ආනයන ව්‍යාපාරිකයෙක් වීමට තරම් ඔහුගේ උත්සාහය මල්පල ගැන්වී තිබිණි. ඔරලෝසු ආනයනය ද ඔහුගේ ව්‍යාපාරවල තවත් අංගයක් විය.

1958 වර්ෂය වන විට ගුණදාස ජීවන ගමනේ 28 වසරක් ගෙවා දමා තිබිණි. ව්‍යාපාරවල පමණක් නිරතවෙමින් එයින් වෙහෙසව සිටි ඔහු තනිකඩ ජීවිතයේ ද හෙම්බත්ව සිටියේය. තමාට හොඳින් ගැළපෙන තරුණියක සමඟ විවාහ දිවියට ඇතුළත් වී ඉදිරි ජීවිතය සරු කරගන්නට ඔහු සිහින මැව්වේය. ඒ අනුව 1958 මැයි මාසයේ ඔහු සිය සිහිනය සැබෑ කරමින් සිරිමතී එදිරිසිංහ නම් යුවතිය සමඟ සරණ බන්ධනයට ඇතුල්විය. ව්‍යාපාර ජීවිතය මෙන්ම ඔහුගේ විවාහ දිවිය ද සරුවිය. කාලයත් සමඟ ඔවුන් දරුවන් 10 දෙනෙකුගේ මවුපියන් වූහ.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමියා වන්නේ ද ගුණදාස මුදලාලිය. ගුණදාස වෙනුවට ඔහුගේ නම ‘දාස’ ලෙසත් ඔහුගේ ඇඟලුම් ඩියුරෝ නමින් ද ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේය. ඩියුරෝ මදුරු දැල්වලට අදටත් වෙළෙඳපොළේ ඇත්තේ කීර්තිමත් නාමයකි. බොරුල්ලෙන් ඇරැඹි එම ව්‍යාපාර සමූහය දෙමටගොඩින් කැලණිය දළුගම දක්වා ව්‍යාප්තව ගියේය. දාස මුදලාලි යන නම පැවසූ සැණින් ඩියුරෝ නාමයත් දාස මුදලාලි සමඟ ඈඳුණු දේශපාලන සබඳතා පිළිබඳවත් රටේ බොහෝ දෙනෙකුට රහසක් නොවේ.

1970 -77 කාලයේ මෙරට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දාස මුදලාලි සමඟ ඉතා කිට්ටු දේශපාලන සබඳතාවයක් පැවතිණි. රජය සම්බන්ධ සමහර තීන්දු තීරණ ගැනීමේ දී පවා ඔහුගේ මතය පිළිබඳ ඇහුම්කන් දීමට එතුමිය අමතක කළේ නැත. එවකට පැවති රාජ්‍ය ප්‍රතිපත්ති අතර දේශීය කර්මාන්ත ඉහළ මට්ටමකට ගෙන ඒමට විවිධ ක්‍රියාමාර්ග ගැනිණි. ආනයන භාණ්ඩ සීමා කිරීම ද ඊට සමඟාමීව සිදුකෙරිණි. මෙම වෙළෙඳ ප්‍රතිපත්තිය නිසා ‘දාස මුදලාලිට’ අත්වූයේ විශාල සෙතකි. ඔහුගේ ව්‍යාපාර කෙතරම් ව්‍යාප්තව ගියේ දැයි පැවසුවහොත් වෙළෙඳ පොළ සැපයුම අබිබවා ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි වී තිබිණි.

හැත්තෑ හතට පෙර මෙරට දේශීය කර්මාන්තයේ පුනර්ජීවනය සමඟ ව්‍යාපාර ක්ෂේත්රයේ අංක එකේ ස්ථානය “දාස ව්‍යාපාර” හිමි කර ගත්තේය. ඒ වනවිට ඔහුගේ ව්‍යාපාර විවිධ අංශ අතරේ ද පැතිරි ගියේය. ඇඟලුම්, මැණික්, හෝටල්, ප්‍රවාහන හා කෘෂිකර්මාන්තය ආදී සියලුම අංශ ඔහුට සෞභාග්‍ය උදා කර දුන්නේය.

මෙරටට නව අත්දැකීමක් වූ “සුපර්මාකට්” වෙළෙඳාම් ක්රමයේ පුරෝගාමියා වූයේ ද ඔහුය. බොරැල්ල මං සන්ධියේ ඉදි වූ “දාස” වෙෙළඳ සංකීර්ණය මෙරට බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ ස්ථානයකි. විශාල තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකොට එහි ව්‍යාපාර ආරම්භය එම යුගයේ ජීවත් වූවන් සැලැකුවේ සුරංගනා කතා සැබෑ වීමක් ලෙසය.

හැත්තෑ හතෙන් පසු මෙරට ඇති වූ විවෘත ආර්ථිකයෙන් “දාස”ව්‍යාපාරවලට බොහෝ බලපෑම් එල්ල විය. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා දේශිය කර්මාන්තවලට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමට සිදුවිය. එසේ - එම යුගයේ දාස මුදලාලිට එල්ල වූ දේශපාලනික බලපෑම්ද අඩුවක් නොවීය. ඔහුගේ ව්‍යාපාර විශාල ලෙස රජයට පවරා ගැනීම මෙන්ම ව්‍යාපාර කඩා දැමීමට එදා රජය වක්‍රව ක්‍රියා කළේය.

එමඟින් ඔහුට පහරදීමට උත්සාහ කළ ද ඉන් පහර වැදුණේ දේශීය රෙදි පිළි කර්මාන්තයට බව ඒ මහතා මීට කලකට පෙර ප්‍රකාශ කර තිබුණි. “ලද විදිහට පුද” යැයි කියමනක් අපේ ව්‍යවහාරයේ පැවතිය ද ඔහු පිදුවේ ලද පමණින් නොවේ. සිංහල බෞද්ධයකු ලෙස ඒ මහතා බෞද්ධාගම නඟා සිටුවීමට විශාල මෙහෙවරක් කළ දානපතියෙකි.

සැප්තැම්බර් 05 දාට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් බුද්ධගයාවේ ආගමික වතාවත් සිදු කිරීම ද ඒ මහතා නොපිරිහෙළා ඉටු කළ යුතුකමක් වේ. එහිදී ලක්ෂ පහකට පිරිසකට ආහාර සැපයීම ඔහුට මහත් සොම්නසක් ගෙන දෙන කරුණක් විය.

ජීවිතය අනිත්‍ය බව පසක් කරමින් දාස මුදලාලි මහතා අප අතරින් සමුගත්තේය. එසේ සමුගත්ත ද ඔහුගේ නාමය සදා අමරණීය බව සටහන් තබන්නට අවශ්‍ය නැත.

සටහන

ලක්ෂ්මී වික්‍රමසිංහ

[QUOTE="dynamite1234, post: 21863198, member: 502516"] [SIZE="4"][B][U]මවගෙන් ඉල්ලා ගත් රු.දහයෙන් මහා සිටුවරයකු වූ දාස මුදලාලි[/U][/B] යස ඉසුරු සම්පත්, ඉහළ පෙළපතක උරුමය දෑතේ මිට මොළවාගෙන මෙළොව එළිය දැකීමට සියලු දෙනාටම හැකිවන්නේ නැත. මෙරට සමහර පාලකයන්, වියතුන්, දාර්ශනිකයන් පමණක් නොව වාණිජ ලෝකයේ හිණිපෙත්තටම නැඟි බොහෝ දෙනෙකුගේ ජන්මය අගහිඟකමින්, කටුකොහොළින් පිරුණු දුෂ්කර එකකි. මේ අතරින් ව්‍යාපාරික ලෝකයේ නම් දැරූ බොහෝ දෙනෙක් අතීත ගමන් මඟ දුක්බර , රළු කටුකබව පිළිබඳ සටහන් තබන්නේය. පදිකවේදිකාවෙන්, පා පැදියෙන් හෝ පා ගමනින් ඇවිද වාණිජ්‍යයේ සිප්හලින් “අ” යනු කියවුවෝය. අභාවප්‍රාප්ත දේශබන්දු එස්. ඩී. ගුණදාස මැතිතුමාට (දාස මුදලාලි) ඇත්තේ ද එවැනි අතීත කතාවකි. පදිකවේදිකාවේ කපුරුබෝල, මේස් බැනියම් අලෙවිකරමින් දිවිගමන ජයගත් දිරිය මිනිසකුගේ සටහනකි. ව්‍යාපාර ක්ෂේත්රයේ පමණක් නොව මෙරට ප්‍රභූ පෙළපතක රාජ්‍ය නායිකා වූ සිරිමාවෝ මැතිනියට පවා උපදෙස් සැපයීම වැනි උසස් තලයකට පැමිණීම දෛවෝපගත කතා පුවතකි. දිවිමඟ වසර 83කට ආසන්න කාලයක් ආයු විඳ පසුගිය දිනක දිවංගත වූ “දාස මුදලාලි” අපට සුවිශේෂ පුද්ගලයෙකි. ඊට හේතුව ඔහුගේ ජීවිතයෙන් උකහාගත හැකි අපේ ජීවිතයට සමීපකර ගත හැකි වටිනා කියන බොහෝ දේ ඔහුගේ අතීත සිහිවටන පුරා විසිරී තිබෙන නිසාය. දාස මුදලාලි පිළිබඳව මුල්ම සටහන හමුවන්නේ 1931 වර්ෂයේ සැප්තැම්බර් 05 දිනය. දෙවිනුවර තලල්ල ප්‍රදේශයේ ගැමි පවුලක් සයවෙනි දරුවා ලෙසිනි. ඒ වනවිට ද අගහිඟකමින් පිරුණු දෙමාපියන්ට මෙම බිලිඳු කටහඬ ඇසුනේ මොළොව ජීවත්වීම පිළිබඳ සංඥාවක් ලෙස පමණි. එහෙත් පසු කලෙක ව්‍යාපාරික ලෝකයේ රැව් පිළිරැව් දෙන ඔහුගේ හඬ පිළිබඳව හැඟීමක් එකල කිසිවෙකුට හෝ ඇතිවන්නට ඇතැයි සිතීමට නොහැකිය. ඔහුගේ අතීත සිහිවටන අතර ඉතා සංවේදී සිදුවීමක් වන්නේ සිව්වැනි ශ්‍රේණියේ දී පාසල් අධ්‍යාපනය අහිමි වීමයි. පාසලේ දී ඇති වූ යම් හිත් අමනාපකමක් හේතුවෙන් ඔහුට පාසල තවදුරටත් ඉතා කරදරකාරී තැනක් ලෙස හැඟී ඇත. මුලදී ගන්දර විද්‍යාලයටත් පසුව මරදාන මහා විද්‍යාලයටත් ඇතුළු වුව ද පාසල් ජීවිතයේ සිව් වසරකට වැඩි කාලයක් ගත කිරීමට ඔහුට හැකියාව ලැබී නැත. ගුණදාස නම් වූ පුංචි කොලුපැටියාට තිබුණේ කුඩා සිරුරකි. එහෙත් ඔහුට විශාල හදවතක් තිබිණි. ඒ තරමටම නොසැලෙන ආත්ම ෙධෙර්යයක් ද තිබිණි. මවගෙන් ඉල්ලාගත් රුපියල් දහයක මුදලකින් ඔහු ජීවිතය පටත් ගන්නට සැලසුම් කළේය. එකල රුපියල් දහයක මුදලට ඉහළ වටිනාකමක් තිබිණි. පුංචි ගුණදාසට එය මහමෙරක් විය. ඔහු ආරම්භ කරන ව්‍යාපාරය ගැන සිතමින් සිහින දකින්නට විය. ගුණදාස කොළඹට පැමිණියේ පාසල් අධ්‍යාපනය පිළිබඳ කැමැත්තෙන් නොවේ. එම කාලයේ මරදානේ චීන ව්‍යාපාරිකයන්ගේ රෙදි සාප්පු කිහිපයක ගුණදාසගේ වැඩිමල් සොහෝයුරෝ සේවය කර ඇත. එම පරිසරයට ඇති කැමැත්ත නිසාම ඔහු කොළඹට පැමිණ ඇත. අනුන් යටතේ සේවය කරනවාට වඩා සුළුවෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට සිතූ ගුණදාස මව දුන් මුදලින් කපුරුබෝල සහ මේස් බැනියම් කිහිපයක් මිලදී ගත්තේය. පදික වේදිකාවේද, කොළඹ මුඩුක්කු නිවාසවලද ගනුදෙනුකරුවන් සොයා දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කළේය. වට්ටියක් හිසමත තබාගෙන ගෙයින් ගෙට ඇවිද ගිය ඔහුගේ ගමන අත් කරත්තය දක්වා වෙනස්වීමට වැඩි කලක් ගත නොවීය. වසර දහයක කුඩා කොලු ගැටයෙක් වුව ද ඔහුගේ සිතේ ගතේ ධෛර්යයේ වැඩිවීමක් මිස අඩුපාඩුවක් නම් ඇති නොවීය. වසරින් වසර ගෙවී ගියේ ඔහුගේ ජීවිතයේ දියුණුව පිළිබඳව නව පරිච්ඡේද එක්කරමිණි. වසර දහයක් ඇතුළත ඇඟලුම් ආනයන ව්‍යාපාරිකයෙක් වීමට තරම් ඔහුගේ උත්සාහය මල්පල ගැන්වී තිබිණි. ඔරලෝසු ආනයනය ද ඔහුගේ ව්‍යාපාරවල තවත් අංගයක් විය. 1958 වර්ෂය වන විට ගුණදාස ජීවන ගමනේ 28 වසරක් ගෙවා දමා තිබිණි. ව්‍යාපාරවල පමණක් නිරතවෙමින් එයින් වෙහෙසව සිටි ඔහු තනිකඩ ජීවිතයේ ද හෙම්බත්ව සිටියේය. තමාට හොඳින් ගැළපෙන තරුණියක සමඟ විවාහ දිවියට ඇතුළත් වී ඉදිරි ජීවිතය සරු කරගන්නට ඔහු සිහින මැව්වේය. ඒ අනුව 1958 මැයි මාසයේ ඔහු සිය සිහිනය සැබෑ කරමින් සිරිමතී එදිරිසිංහ නම් යුවතිය සමඟ සරණ බන්ධනයට ඇතුල්විය. ව්‍යාපාර ජීවිතය මෙන්ම ඔහුගේ විවාහ දිවිය ද සරුවිය. කාලයත් සමඟ ඔවුන් දරුවන් 10 දෙනෙකුගේ මවුපියන් වූහ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමියා වන්නේ ද ගුණදාස මුදලාලිය. ගුණදාස වෙනුවට ඔහුගේ නම ‘දාස’ ලෙසත් ඔහුගේ ඇඟලුම් ඩියුරෝ නමින් ද ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේය. ඩියුරෝ මදුරු දැල්වලට අදටත් වෙළෙඳපොළේ ඇත්තේ කීර්තිමත් නාමයකි. බොරුල්ලෙන් ඇරැඹි එම ව්‍යාපාර සමූහය දෙමටගොඩින් කැලණිය දළුගම දක්වා ව්‍යාප්තව ගියේය. දාස මුදලාලි යන නම පැවසූ සැණින් ඩියුරෝ නාමයත් දාස මුදලාලි සමඟ ඈඳුණු දේශපාලන සබඳතා පිළිබඳවත් රටේ බොහෝ දෙනෙකුට රහසක් නොවේ. 1970 -77 කාලයේ මෙරට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දාස මුදලාලි සමඟ ඉතා කිට්ටු දේශපාලන සබඳතාවයක් පැවතිණි. රජය සම්බන්ධ සමහර තීන්දු තීරණ ගැනීමේ දී පවා ඔහුගේ මතය පිළිබඳ ඇහුම්කන් දීමට එතුමිය අමතක කළේ නැත. එවකට පැවති රාජ්‍ය ප්‍රතිපත්ති අතර දේශීය කර්මාන්ත ඉහළ මට්ටමකට ගෙන ඒමට විවිධ ක්‍රියාමාර්ග ගැනිණි. ආනයන භාණ්ඩ සීමා කිරීම ද ඊට සමඟාමීව සිදුකෙරිණි. මෙම වෙළෙඳ ප්‍රතිපත්තිය නිසා ‘දාස මුදලාලිට’ අත්වූයේ විශාල සෙතකි. ඔහුගේ ව්‍යාපාර කෙතරම් ව්‍යාප්තව ගියේ දැයි පැවසුවහොත් වෙළෙඳ පොළ සැපයුම අබිබවා ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි වී තිබිණි. හැත්තෑ හතට පෙර මෙරට දේශීය කර්මාන්තයේ පුනර්ජීවනය සමඟ ව්‍යාපාර ක්ෂේත්රයේ අංක එකේ ස්ථානය “දාස ව්‍යාපාර” හිමි කර ගත්තේය. ඒ වනවිට ඔහුගේ ව්‍යාපාර විවිධ අංශ අතරේ ද පැතිරි ගියේය. ඇඟලුම්, මැණික්, හෝටල්, ප්‍රවාහන හා කෘෂිකර්මාන්තය ආදී සියලුම අංශ ඔහුට සෞභාග්‍ය උදා කර දුන්නේය. මෙරටට නව අත්දැකීමක් වූ “සුපර්මාකට්” වෙළෙඳාම් ක්රමයේ පුරෝගාමියා වූයේ ද ඔහුය. බොරැල්ල මං සන්ධියේ ඉදි වූ “දාස” වෙෙළඳ සංකීර්ණය මෙරට බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ ස්ථානයකි. විශාල තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකොට එහි ව්‍යාපාර ආරම්භය එම යුගයේ ජීවත් වූවන් සැලැකුවේ සුරංගනා කතා සැබෑ වීමක් ලෙසය. හැත්තෑ හතෙන් පසු මෙරට ඇති වූ විවෘත ආර්ථිකයෙන් “දාස”ව්‍යාපාරවලට බොහෝ බලපෑම් එල්ල විය. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා දේශිය කර්මාන්තවලට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමට සිදුවිය. එසේ - එම යුගයේ දාස මුදලාලිට එල්ල වූ දේශපාලනික බලපෑම්ද අඩුවක් නොවීය. ඔහුගේ ව්‍යාපාර විශාල ලෙස රජයට පවරා ගැනීම මෙන්ම ව්‍යාපාර කඩා දැමීමට එදා රජය වක්‍රව ක්‍රියා කළේය. එමඟින් ඔහුට පහරදීමට උත්සාහ කළ ද ඉන් පහර වැදුණේ දේශීය රෙදි පිළි කර්මාන්තයට බව ඒ මහතා මීට කලකට පෙර ප්‍රකාශ කර තිබුණි. “ලද විදිහට පුද” යැයි කියමනක් අපේ ව්‍යවහාරයේ පැවතිය ද ඔහු පිදුවේ ලද පමණින් නොවේ. සිංහල බෞද්ධයකු ලෙස ඒ මහතා බෞද්ධාගම නඟා සිටුවීමට විශාල මෙහෙවරක් කළ දානපතියෙකි. සැප්තැම්බර් 05 දාට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් බුද්ධගයාවේ ආගමික වතාවත් සිදු කිරීම ද ඒ මහතා නොපිරිහෙළා ඉටු කළ යුතුකමක් වේ. එහිදී ලක්ෂ පහකට පිරිසකට ආහාර සැපයීම ඔහුට මහත් සොම්නසක් ගෙන දෙන කරුණක් විය. ජීවිතය අනිත්‍ය බව පසක් කරමින් දාස මුදලාලි මහතා අප අතරින් සමුගත්තේය. එසේ සමුගත්ත ද ඔහුගේ නාමය සදා අමරණීය බව සටහන් තබන්නට අවශ්‍ය නැත. සටහන ලක්ෂ්මී වික්‍රමසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom