දැන් ඇන්දුන කාලය ඉවරයි

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් ඇන්දුන කාලය ඉවරයි




    මුහුණු ‍පොතේ අපරාධ සෙවීමට විශේෂ ඒකකයක්

    අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.
    අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්‍රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය අපරාධකරුවන්ට තවත් අපරාධ කිරීමට අනුබල දීමක් වන අතර එවන් ක්‍රියා මැඩපැවැත්වීමට මෙම ඒකකය පිහිටුවා තිබේ.
    පරිගණක ඇසුරෙන් සිදුකෙරෙන අපරාධ, වංචනික ක්‍රියා, ලිංගික අපයෝජනයන්, හිරිහැර ආදිය සම්බන්ධයෙන් (Cyber crime) නමැති මෙම ඒකකයට ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දිය හැකි බව ‍පොලිස් මූලස්ථානය පවසයි.
    කාන්තා ‍පොලිස් අධිකාරි ආර්.ඒ. දර්ශිකා කුමාරි මහත්මිය යටතේ පවතින මෙම ඒකකයට 011-2326979 යන දුරකථන අංකය ඔස්සේ සෘජුවද 011-2320141 යන දිගුව ඔස්සේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයට සම්බන්ධ වී මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර නැතහොත් ළඟම පිහිටි ‍පොලිස් ස්ථානය වෙත පැමිණිලි යොමු කරන ලෙස ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවැසීය.


    ශානිකා මාධවී පීරිස්

    දැන් එළකිරි එකෙත් ඔන්න බොරු/මුලාව වපුරලා හමාරයි. ඒ නිසා පරිස්සමෙන් කියන කරන දෙයක් කරපල්ලා.
     
    Last edited: