Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් රූම්ස් යන්නත් බයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් රූම්ස් යන්නත් බයයි

පසුගිය ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරකයින් සිනමන් ග්‍රෑන්ඩ්, ෂැංග්‍රිලා, කිංස්බරි හෝටල වලට අමතරව 4 වැනි හෝටලය ලෙස ටාජ් සමුද්‍රා හෝටලයද ඉලක්ක කර තිබුණ නමුත් එය අසාර්ථකවීමෙන් එම පිපිරුම සිදුනොවූ බවත් මේ වනවිට වාර්තාවී තිබෙනවා.

ටාජ් සමුද්‍රා පුපුරුවාගැනීමට යෙදවූ අබ්දුල් ලතීෆ් ජමිල් නමැත්තා උදේ කරන්න ගිය කටයුත්ත වැරදීමෙන් පසු දහවල් ත්‍රීරෝද රථයකින් දෙහිවලට පැමිණ නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ නැවතී දෙහිවලදී දේවස්ථානයක් පුපුරුවන්නට ක්ෂණික සැලසුමක් සකස් කර සෝදිසියක් කර තිබෙන නමුත් එයද වැරදී යාමෙන් පසු ලැගුම්හලට නැවත පැමිණ කාමරයේදී දිවිනසාගෙන තිබෙන බවත් මේ වනවිට වාර්තා වනවා.

කිසිදු අරමුණකින් තොරව පුපුරවන ලද බෝම්බයක් ලෙස දෙහිවල සත්ත්වෝද්‍යානය අසල පිහිටි මෙම කුඩා ලැගුම්හලේ කාමරයක් තුළදී සිදු කරගත් මරාගෙන මැරෙන බෝම්බය නිසා අහක සිටි පෙම් යුවළක්ද මරුමුවට පත්වූ අතර ලැගුම් හළම විනාශ වුණා.

සියදිවි නසාගත් පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු හා එම ලැගුම්හලේ හිමිකරු සපයන ලද තොරතුරු සහ ඔහු මුලින් නැවතී සිටි ටාජ් සමුද්‍රා හෝටලයේ දත්ත අනුව සැකකරු ගැන වැඩිදුර තොරතුරු රැසක් මේවනවිට අනාවරණයවී තිබෙනවා.

මහනුවර, වෙල්ලම්බඩ ලිපිනයේ පදිංචිව සිටි අබ්දුල් හලීෆ් ජමිල් මොහොමඩ් නම් ඔහුට පාස්පෝට් 2 ක් තිබී ඇති අතර ගම්පොළ ප්‍රදේශයේ මූලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

ඔහු ගුවන් යානා ඉංජිනේරු උපාධිය ලබාගෙන ඇත්තේ 2006-2007 කාලයේදී එංගලන්තයේ කිංස්ටන් සරසවියේදීය. පසුව 2009 ඔහු මැලේසියාවේ හා සිංගප්පූරුවේ ගිය බවට පාස්පෝට් මගින් තොරතුරු හෙළිව ඇති අතර ඔහු ගැන වැඩිදුර සෙවීමේදී මැලේසියාව හරහා ඕස්ට්‍රෙලියාවට ගිය බවත් එහිදී පශ්චාත් උපාධියක් හදාරා ඇති බවත් හෙලිව ඇති බව ආරක්ෂක අංශ පවසනවා.

මෙල්බන් නුවර Swinburne සරසවියේ අධ්‍යාපනය හදාරන අතර මුස්ලිම් අන්තවාදීන් ඇසුරු කර තිබෙන අතර ඔහු ඉන්පසු වෙනස් චරිතයක් වූ බවත් ඔහුගේ සොයුරියක විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා පවසා තිබුණා.

“දිග රැවුලක් වවා ගත් ඔහු මනුස්සකමක් නැති මනුස්සයෙක් බවට පත් වුණා.. ඔහු හැමවිටම කල්පනා කරකර සිටි අතර කිසි කෙනෙකු සමඟ හිනාවුණේ නැහැ..ඔහු කුඩා කාලයේ සංගීතයට හරි ලැදි කෙනෙක්. මට හිතාගන්න බෑ ඔහු මේ වගේ තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා..

මේ ව්‍යසනය සිදු කරන්න කලින්, ඔහු ඔහුගේ දරුවන් සමඟවත් සුහද ලෙස කතා කළේ නැහැ. අඩුම තරමේ ළමයින්ට සංගීතෙටවත් සවන් දෙන්න ඉඩ දුන් නැහැ. ඔහු අමුතුම මනුස්සයෙක් බවටයි පත් වෙලා හිටියේ. මේ සියල්ල සිදු වුණේ ඕස්ට්‍රේලියාවේ ගිහින් ආවට පස්සේ. මම නිතරම ඔහුට එරෙහිව කතා කළා. හැබැයි ඔහු කතාව පටන් ගත්තේ ආගම මුලට දාලා… ඔහු අපේ මහගෙදරත් වික්කා. විටින් විට දේපල විකුණමින් නැවත මිලදී ලබා ගැනීමත් ඔහු සිදු කළා.” යනුවෙන් ඔහුගේ නැගණීය පවසා තිබෙනවා.

21 වැනිදා උදේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගන්නා සැලසුම ඇතිව ඔහු ඊට පෙර දිනයේ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් මිලට ගෙන ඇතුළුවී තිබෙන බව මේ වනවිට වාර්තාවී ඇති අතර පසුදින උදේ ටාජ් සමුද්‍රා අවන්හලට ඇතුළුවී බොම්බය පුපුරුවාගන්නට උත්සාහ කළත් එය තාක්ෂණිය හේතුවක් මත පුපුරා ගොස් නැති බවක් පොලිසිය අනුමාන කරනවා.

තවත් වාර්තාවකින් පැවසුනේ එදින අවන්හලේ සෙනග අවම වීම නිසා ඔහු සැලසුම වෙනස් කළ බවකි. කෙසේ වෙතත් රටපුරා තැන තැන බෝම්බ පිපිරෙද්දී ඔහුගේ බෝම්බය නිසි වේලාවට පිපුරුනේ නැත.

පසුව ඔහු කාමරයෙන් බෝම්බයට මල්ලට අසුරාගෙන පිටත්වී සිය විශාල ගමන් මල්ල සමග එළියට යන අතර ඔහු ගමන් මල්ල සමග සෝපානයේ බසිද්දී ලබාගත් ඡායාරූපයක්ද හමුවී තිබෙනවා.

විනාඩි කිහිපයක් පමණ ලැගුම්හලේ කාමරයේ ගතකර ඇති ජමිල් බෝම්බය සහිත ගමන්මල්ල එම කාමරයේ තබා පා ගමනින් දෙහිවල කතෝලික දේවස්ථානය ආසන්නයට ගමන් කර ඇති බවට පොලිසියට සාක්ෂි හමුව ඇත. ඔහු බොම්බය නැතිව ඇඳුම් මාරු කරගෙන ඇවිද යන අයුරු සීසීටීවී පටිගත වීමක් හමුව තිබුණා.

ඒ අයුරින් අවස්ථා දෙකකදී ඒ අවට සැරිසරා ඇති අතර ටිකකින් නැවත ලැගුම් හළට යාමෙන් පසු කාමරය තුළදී පුපුරුවා ගැනීම කර තිබුණා.

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ පුද්ගලයින් සමග සමීප ගනුදෙනුවක් පවත්වා ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ව ගුවන් ගමන් සේවා වලින් ඔවුන් ඉවත්කර ඇති අතර තවත් ගුවන් සේවයට සම්බන්ධ සිව් දෙනෙකු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වනවා.

[QUOTE="lovez, post: 24423498, member: 511040"] [b]දැන් රූම්ස් යන්නත් බයයි[/b] පසුගිය ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරකයින් සිනමන් ග්‍රෑන්ඩ්, ෂැංග්‍රිලා, කිංස්බරි හෝටල වලට අමතරව 4 වැනි හෝටලය ලෙස ටාජ් සමුද්‍රා හෝටලයද ඉලක්ක කර තිබුණ නමුත් එය අසාර්ථකවීමෙන් එම පිපිරුම සිදුනොවූ බවත් මේ වනවිට වාර්තාවී තිබෙනවා. ටාජ් සමුද්‍රා පුපුරුවාගැනීමට යෙදවූ අබ්දුල් ලතීෆ් ජමිල් නමැත්තා උදේ කරන්න ගිය කටයුත්ත වැරදීමෙන් පසු දහවල් ත්‍රීරෝද රථයකින් දෙහිවලට පැමිණ නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ නැවතී දෙහිවලදී දේවස්ථානයක් පුපුරුවන්නට ක්ෂණික සැලසුමක් සකස් කර සෝදිසියක් කර තිබෙන නමුත් එයද වැරදී යාමෙන් පසු ලැගුම්හලට නැවත පැමිණ කාමරයේදී දිවිනසාගෙන තිබෙන බවත් මේ වනවිට වාර්තා වනවා. [COLOR="Red"]කිසිදු අරමුණකින් තොරව පුපුරවන ලද බෝම්බයක් ලෙස දෙහිවල සත්ත්වෝද්‍යානය අසල පිහිටි මෙම කුඩා ලැගුම්හලේ කාමරයක් තුළදී සිදු කරගත් මරාගෙන මැරෙන බෝම්බය නිසා අහක සිටි පෙම් යුවළක්ද මරුමුවට පත්වූ අතර ලැගුම් හළම විනාශ වුණා. [/COLOR] සියදිවි නසාගත් පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු හා එම ලැගුම්හලේ හිමිකරු සපයන ලද තොරතුරු සහ ඔහු මුලින් නැවතී සිටි ටාජ් සමුද්‍රා හෝටලයේ දත්ත අනුව සැකකරු ගැන වැඩිදුර තොරතුරු රැසක් මේවනවිට අනාවරණයවී තිබෙනවා. මහනුවර, වෙල්ලම්බඩ ලිපිනයේ පදිංචිව සිටි අබ්දුල් හලීෆ් ජමිල් මොහොමඩ් නම් ඔහුට පාස්පෝට් 2 ක් තිබී ඇති අතර ගම්පොළ ප්‍රදේශයේ මූලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා. ඔහු ගුවන් යානා ඉංජිනේරු උපාධිය ලබාගෙන ඇත්තේ 2006-2007 කාලයේදී එංගලන්තයේ කිංස්ටන් සරසවියේදීය. පසුව 2009 ඔහු මැලේසියාවේ හා සිංගප්පූරුවේ ගිය බවට පාස්පෝට් මගින් තොරතුරු හෙළිව ඇති අතර ඔහු ගැන වැඩිදුර සෙවීමේදී මැලේසියාව හරහා ඕස්ට්‍රෙලියාවට ගිය බවත් එහිදී පශ්චාත් උපාධියක් හදාරා ඇති බවත් හෙලිව ඇති බව ආරක්ෂක අංශ පවසනවා. මෙල්බන් නුවර Swinburne සරසවියේ අධ්‍යාපනය හදාරන අතර මුස්ලිම් අන්තවාදීන් ඇසුරු කර තිබෙන අතර ඔහු ඉන්පසු වෙනස් චරිතයක් වූ බවත් ඔහුගේ සොයුරියක විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා පවසා තිබුණා. “දිග රැවුලක් වවා ගත් ඔහු මනුස්සකමක් නැති මනුස්සයෙක් බවට පත් වුණා.. ඔහු හැමවිටම කල්පනා කරකර සිටි අතර කිසි කෙනෙකු සමඟ හිනාවුණේ නැහැ..ඔහු කුඩා කාලයේ සංගීතයට හරි ලැදි කෙනෙක්. මට හිතාගන්න බෑ ඔහු මේ වගේ තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා.. මේ ව්‍යසනය සිදු කරන්න කලින්, ඔහු ඔහුගේ දරුවන් සමඟවත් සුහද ලෙස කතා කළේ නැහැ. අඩුම තරමේ ළමයින්ට සංගීතෙටවත් සවන් දෙන්න ඉඩ දුන් නැහැ. ඔහු අමුතුම මනුස්සයෙක් බවටයි පත් වෙලා හිටියේ. මේ සියල්ල සිදු වුණේ ඕස්ට්‍රේලියාවේ ගිහින් ආවට පස්සේ. මම නිතරම ඔහුට එරෙහිව කතා කළා. හැබැයි ඔහු කතාව පටන් ගත්තේ ආගම මුලට දාලා… ඔහු අපේ මහගෙදරත් වික්කා. විටින් විට දේපල විකුණමින් නැවත මිලදී ලබා ගැනීමත් ඔහු සිදු කළා.” යනුවෙන් ඔහුගේ නැගණීය පවසා තිබෙනවා. 21 වැනිදා උදේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගන්නා සැලසුම ඇතිව ඔහු ඊට පෙර දිනයේ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් මිලට ගෙන ඇතුළුවී තිබෙන බව මේ වනවිට වාර්තාවී ඇති අතර පසුදින උදේ ටාජ් සමුද්‍රා අවන්හලට ඇතුළුවී බොම්බය පුපුරුවාගන්නට උත්සාහ කළත් එය තාක්ෂණිය හේතුවක් මත පුපුරා ගොස් නැති බවක් පොලිසිය අනුමාන කරනවා. තවත් වාර්තාවකින් පැවසුනේ එදින අවන්හලේ සෙනග අවම වීම නිසා ඔහු සැලසුම වෙනස් කළ බවකි. කෙසේ වෙතත් රටපුරා තැන තැන බෝම්බ පිපිරෙද්දී ඔහුගේ බෝම්බය නිසි වේලාවට පිපුරුනේ නැත. පසුව ඔහු කාමරයෙන් බෝම්බයට මල්ලට අසුරාගෙන පිටත්වී සිය විශාල ගමන් මල්ල සමග එළියට යන අතර ඔහු ගමන් මල්ල සමග සෝපානයේ බසිද්දී ලබාගත් ඡායාරූපයක්ද හමුවී තිබෙනවා. විනාඩි කිහිපයක් පමණ ලැගුම්හලේ කාමරයේ ගතකර ඇති ජමිල් බෝම්බය සහිත ගමන්මල්ල එම කාමරයේ තබා පා ගමනින් දෙහිවල කතෝලික දේවස්ථානය ආසන්නයට ගමන් කර ඇති බවට පොලිසියට සාක්ෂි හමුව ඇත. ඔහු බොම්බය නැතිව ඇඳුම් මාරු කරගෙන ඇවිද යන අයුරු සීසීටීවී පටිගත වීමක් හමුව තිබුණා. ඒ අයුරින් අවස්ථා දෙකකදී ඒ අවට සැරිසරා ඇති අතර ටිකකින් නැවත ලැගුම් හළට යාමෙන් පසු කාමරය තුළදී පුපුරුවා ගැනීම කර තිබුණා. පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ පුද්ගලයින් සමග සමීප ගනුදෙනුවක් පවත්වා ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන්ව ගුවන් ගමන් සේවා වලින් ඔවුන් ඉවත්කර ඇති අතර තවත් ගුවන් සේවයට සම්බන්ධ සිව් දෙනෙකු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom