Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැවැන්ත එන්නත් වංචාවක් හෙළිවෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ.

ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි. එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක පිරිවැය සැපයුම්කරුගෙන් අයකරගත යුතු වුවද ඒවා අයකර ගෙන නොතිබු බවද වාර්තාවේ දැක්වෙයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාව අනුව හෘද රෝගීන් සඳහා ලබාදෙන මිලිලීටර් 5 බැගින් වූ Dopamine (ඩොපමින්) එන්නත් 120,000ක් මිලදී ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය ජාත්‍යන්තර තරගකාරී ක්‍රමයට ලංසු කැඳවා තිබු අතර එහිදී තෝරාගත් සැපයුම්කරුවෙකුගෙන් එක් එන්නතක් රුපියල් 33.43 බැගින් මිලදී ගැනීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව එන්නත් 120,000ක් මිලදී ගැනීම සඳහා මුළු පිරිවැය ලෙස රුපියල් 4,011,600ක් වෙන්කර ඇති බව වාර්තාවේ සඳහන් වෙයි. කෙසේවෙතත් එම ඇනවුම ප්‍රමාදවීම හේතුවෙන් එක එන්නතක් රුපියල් 940 ක් වශයෙන් මිලිලීටර් 5 බැගින් වූ Dopamine එන්නත් 12,994ක් ප්‍රධාන සැපයුම්කරුගේ දේශීය නියෝජිතයාගෙන් මිලදී ගෙන ඇති බවද දැක් වෙයි.

එමෙන්ම තවත් එන්නත් 14,995ක් වෙනත් සැපයුම්කරුවෙකුගෙන් මිලදී ගෙන ඇති අතර සමස්ත මිලදී ගැනීම සඳහා වැයකර ඇති මුදල රු.26,309,660කි. ඒ අනුව, ප්‍රධාන ඇනවුමේ මිල හා දේශීය වෙළෙඳපොළේ මිල අතර වෙනස 2,712 % ක් වුවද ඒ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා ප්‍රසම්පාදන කමිටුවේ අවධානය යොමුකර නොතිබු බව එහි සඳහන් වෙයි.

කෙසේවෙතත් ප්‍රසම්පාදන කොන්දේසිවලට අනුව සැපයුම්කරුගේ වරදකින් සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවු අතිරේක පිරිවැය වන රු. 23,231,048 ක මුදල ප්‍රධාන සැපයුම්කරුගෙන් අයකර ගෙන නොතිබු බවද වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම එම සාම්පල නැව්ගත කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුමත කරන ඉන්දියානු පර්යේෂණාගාරයක් වෙතින් පරීක්ෂා කළයුතු බවට වන කොන්දේසිය වෙනුවට සංස්ථාවේ පර්යේෂණාගාරය වෙතින් සාම්පල පරීක්ෂා කළයුතු බවට ප්‍රධාන සැපයුම්කරු වෙත දන්වා තිබුණ ද ඒ සඳහා සැපයුම්කරු අකමැත්ත ප්‍රකාශ කර තිබීම පිළිබඳව නොසලකා ඇනවුම ප්රදානය කර ඇති බවද සඳහන්ය.

එමෙන්ම දේශීය වෙළෙඳපොලෙන් මිලදී ගත් එන්නත් වෛද්‍ය සැපයීම් අංශය වෙත සපයන විට අවම වශයෙන් මාස 12ක ජීව කාලයක් සහිත වියයුතු වුවද එන්නත් 1,200ක ජීව කාලය ලෙස සඳහන්ව ඇත්තේ මාස 10ක් පමණ බවද වාර්තාවේ දැක්වෙයි.

මේ අතර වකුගඩු රෝගීන් වෙත ලබාදෙන Epoetin 1000IU (ඉපොයින්) එන්නත් 7,000ක් කඩිනමින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය යුතු බවට දන්වමින් එම එන්නත් මිලදී ගැනීමට රුපියල් 44,640,750ක් වැයකර ඇති බවද හෙළිවී ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ ඒ බව සඳහන් වෙයි. මෙම ප්‍රසම්පාදනය සති 8කින් නිම කළ යුතු වුවද එය නිම කිරීම සඳහා වසර 2කට ආසන්න කාලයක් ගතවී ඇති අතර මේ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමෙන් එම එන්නත් 7,000 මිලදී ගැනීමට අමතර රුපියල් 1,179,757ක මුදලක් ගෙවීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

2018 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල විසින් මෙම එන්නත් තොගයෙන් ඒකක 3,000ක් සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබුණත් 2020 ජූලි 6 වනදා වනවිටත් එම රෝහල් විසින් එකඳු එන්නතක් වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාගෙන නොමැත.

ඒ අනුව එම එන්නත් ඇස්තමේන්තු කර නොතිබු රෝහල් 10ක් වෙත ඒකක 1,388ක් බෙදා තිබුණද 2020 ජූලි 16 දින වනවිට තවත් එන්නත් 5,612ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ ඉතිරිව තිබූ බව සඳහන්ය. ඒ අනුව Epoetin නම් මෙම ඖෂධය කඩිනමින් සැපයීමට ක්‍රියා කර ඇත්තේ එහි කිසිදු හදිසි අවශ්‍යතාවයක් නොතිබූ පසුබිමක බවද වාර්තාවේ දැක්වෙයි.(උපුටාගැනීමක්)

Source : https://gagana.lk/article/vaccine-froude-sri-lanka-1673094861

[QUOTE="Sallaalaemathi, post: 28494564, member: 580725"] වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ. ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි. එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක පිරිවැය සැපයුම්කරුගෙන් අයකරගත යුතු වුවද ඒවා අයකර ගෙන නොතිබු බවද වාර්තාවේ දැක්වෙයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාව අනුව හෘද රෝගීන් සඳහා ලබාදෙන මිලිලීටර් 5 බැගින් වූ Dopamine (ඩොපමින්) එන්නත් 120,000ක් මිලදී ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය ජාත්‍යන්තර තරගකාරී ක්‍රමයට ලංසු කැඳවා තිබු අතර එහිදී තෝරාගත් සැපයුම්කරුවෙකුගෙන් එක් එන්නතක් රුපියල් 33.43 බැගින් මිලදී ගැනීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව එන්නත් 120,000ක් මිලදී ගැනීම සඳහා මුළු පිරිවැය ලෙස රුපියල් 4,011,600ක් වෙන්කර ඇති බව වාර්තාවේ සඳහන් වෙයි. කෙසේවෙතත් එම ඇනවුම ප්‍රමාදවීම හේතුවෙන් එක එන්නතක් රුපියල් 940 ක් වශයෙන් මිලිලීටර් 5 බැගින් වූ Dopamine එන්නත් 12,994ක් ප්‍රධාන සැපයුම්කරුගේ දේශීය නියෝජිතයාගෙන් මිලදී ගෙන ඇති බවද දැක් වෙයි. එමෙන්ම තවත් එන්නත් 14,995ක් වෙනත් සැපයුම්කරුවෙකුගෙන් මිලදී ගෙන ඇති අතර සමස්ත මිලදී ගැනීම සඳහා වැයකර ඇති මුදල රු.26,309,660කි. ඒ අනුව, ප්‍රධාන ඇනවුමේ මිල හා දේශීය වෙළෙඳපොළේ මිල අතර වෙනස 2,712 % ක් වුවද ඒ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා ප්‍රසම්පාදන කමිටුවේ අවධානය යොමුකර නොතිබු බව එහි සඳහන් වෙයි. කෙසේවෙතත් ප්‍රසම්පාදන කොන්දේසිවලට අනුව සැපයුම්කරුගේ වරදකින් සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවු අතිරේක පිරිවැය වන රු. 23,231,048 ක මුදල ප්‍රධාන සැපයුම්කරුගෙන් අයකර ගෙන නොතිබු බවද වාර්තාවේ දැක්වෙයි. එමෙන්ම එම සාම්පල නැව්ගත කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුමත කරන ඉන්දියානු පර්යේෂණාගාරයක් වෙතින් පරීක්ෂා කළයුතු බවට වන කොන්දේසිය වෙනුවට සංස්ථාවේ පර්යේෂණාගාරය වෙතින් සාම්පල පරීක්ෂා කළයුතු බවට ප්‍රධාන සැපයුම්කරු වෙත දන්වා තිබුණ ද ඒ සඳහා සැපයුම්කරු අකමැත්ත ප්‍රකාශ කර තිබීම පිළිබඳව නොසලකා ඇනවුම ප්රදානය කර ඇති බවද සඳහන්ය. එමෙන්ම දේශීය වෙළෙඳපොලෙන් මිලදී ගත් එන්නත් වෛද්‍ය සැපයීම් අංශය වෙත සපයන විට අවම වශයෙන් මාස 12ක ජීව කාලයක් සහිත වියයුතු වුවද එන්නත් 1,200ක ජීව කාලය ලෙස සඳහන්ව ඇත්තේ මාස 10ක් පමණ බවද වාර්තාවේ දැක්වෙයි. මේ අතර වකුගඩු රෝගීන් වෙත ලබාදෙන Epoetin 1000IU (ඉපොයින්) එන්නත් 7,000ක් කඩිනමින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය යුතු බවට දන්වමින් එම එන්නත් මිලදී ගැනීමට රුපියල් 44,640,750ක් වැයකර ඇති බවද හෙළිවී ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ ඒ බව සඳහන් වෙයි. මෙම ප්‍රසම්පාදනය සති 8කින් නිම කළ යුතු වුවද එය නිම කිරීම සඳහා වසර 2කට ආසන්න කාලයක් ගතවී ඇති අතර මේ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමෙන් එම එන්නත් 7,000 මිලදී ගැනීමට අමතර රුපියල් 1,179,757ක මුදලක් ගෙවීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි. 2018 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල විසින් මෙම එන්නත් තොගයෙන් ඒකක 3,000ක් සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබුණත් 2020 ජූලි 6 වනදා වනවිටත් එම රෝහල් විසින් එකඳු එන්නතක් වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාගෙන නොමැත. ඒ අනුව එම එන්නත් ඇස්තමේන්තු කර නොතිබු රෝහල් 10ක් වෙත ඒකක 1,388ක් බෙදා තිබුණද 2020 ජූලි 16 දින වනවිට තවත් එන්නත් 5,612ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ ඉතිරිව තිබූ බව සඳහන්ය. ඒ අනුව Epoetin නම් මෙම ඖෂධය කඩිනමින් සැපයීමට ක්‍රියා කර ඇත්තේ එහි කිසිදු හදිසි අවශ්‍යතාවයක් නොතිබූ පසුබිමක බවද වාර්තාවේ දැක්වෙයි.(උපුටාගැනීමක්) Source : [URL]https://gagana.lk/article/vaccine-froude-sri-lanka-1673094861[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom