දැවැන්ත ඡන්ද මංකොල්ලය වසා ගන්න ආණ්ඩුව අස&#3501

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැවැන්ත ඡන්ද මංකොල්ලය වසා ගන්න ආණ්ඩුව අස&#3501

    උතුරේ ආණ්ඩුව විසින් සිදු කළ දැවැන්ත ඡන්ද මංකොල්ලය වසා ගැනීම සඳහා ආණ්ඩුව විසින්ම අසත්‍ය පුවත් මවන බවත්, එයට නොරැවටී උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමට සියලු දෙනා එක් වන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත.
    උතු‍රේ මැතිවරණ නිරීක්ෂණය සඳහා ඡන්දපොළ නියෝජිතයින් සමඟ ගමන් ගත් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට වව්නියාවෙන් ඔබ්බට ගමන් කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන් ඉඩ ලබා දී නොමැත. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේදී වත්මන් ආණ්ඩුවට ඉතා පක්ෂග්‍රාහීව කටයුතු කළ හමුදා නිලධාරීයෙකු ලෙසින් ප්‍රසිද්ධ මේජර් කමල් ගුණරත්න මූලිකත්වය ගෙන ඇත.
    කෙසේ වෙතත් ජ.වි.පෙ. මන්ත්‍රීවරයා කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුණු බවත්, එය ආණ්ඩුවේ මහා පරිමාන ඡන්ද මංකොල්ලය වසා ගැනීම වෙනුවෙන් මවන ලද පුවතක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසා නිතුක් කළ නිවේදනය මෙසේය.

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා අත්අඩංගුවට ගත් බවට පැතිර යන පුවත නිවැරදි කිරීම

    හමුදාවෙන් පැන ගිය පිරිසක් සමඟ විජිත හේරත් සහෝදරයා වව්නියාවේදී අත්අඩංගුවට පත් වූ බවට ආණ්ඩුව විසින් ප්‍රවෘත්තියක් නිර්මාණය කර තිබේ. ආණ්ඩුවට සම්බන්ධ පුවත් සේවාවන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා මෙම පුවත දිගින් දිගටම ප්‍රචාරය කරමින් තිබේ. නමුත් එම ප්‍රවෘත්තිය අසත්‍ය බව ප්‍රකාශ කර සිටින අතර, මේ පිළිබඳ නිවැරදි කිරීමක් සිදු කරන ලෙසද ඉල්ලා සිටිමු.

    කිලිනොච්චියේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්දපොළ නියෝජිතයන් 40 දෙනෙක් ද සමඟ ජනාධිපති අපේක්ෂක චන්න සුගත්සිරි ගමගේ මහතා සහ විජිත හේරත් සහෝදරයා අද අළුයම කිලිනොච්චිය බලා පිටත් විය. නමුත් ඉරට්ටපෙරියකුලම්හිදී හමුදාව එම පිරිසේ ගමනට බාධා ඇති කළේය. අනතුරුව එම පිරිස වව්නියාව පොලිසියට ගොස් පිටත්වීම සඳහා අනුමැතිය ලබා ගැනීමට උත්සහ කළ අතර, එහිදීද බාධාකිරීම් රාශියත් ඇති විය.

    ඡන්ද විමසීම උදේ 7 ට ඇරඹුණු අතර උදේ 10 වන තුරුම ඡන්දපොළ නියෝජිතයන්ගේ පැමිණීම වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළේය. කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැති අතර, විජිත හේරත් සහෝදරයා ඇතුළු පිරිස මේ වන විට කිලිනොච්චියේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟා වෙමින් සිටී.

    කිලිනොච්චියේ ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්දපොළ නියෝජිතයන් ඇතුළුවීම වලක්වා මහා පරිමාන ඡන්ද දූෂණයකට ආණ්ඩුව උත්සහ කළ අතර, එය වසා ගැනීම සඳහා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ බොරු ප්‍රචාරයන්ද කිරීමේ පහත් උත්සහයක නිරත විය. මෙය ඉතා දැඩිම හෙළා දකින අපි ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම උතුරු පළාතේ ජනතාවට ප්‍රජානත්ත්‍රවාදී අයිතිය ලබා දීම සඳහාත් පෙරට එන මෙන් සමස්ථ ශ්‍රී ලාංකේය ජනතාව‍‍ගෙන් ඉල්ලා සිටිමු.

    මාධ්‍ය ඒකකය,
    ජනතා විමුක්ති පෙරමුණ.
    2010.01.26
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63

    Pala JVP ponnyo yanna:angry::angry::angry: