Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
දෑසක කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]107043[/ATTACH]

රැජිනී මුහන්දිරම් අපේ ආයතන ප්‍රධානී තනතුරට පත්ව පැමිණෙන බව ඇසූ කාර්යාල සගයන් අතරින් නැගුණේ මිශ්‍ර ප්‍රතිචාරය. ඉතා ඍජු, දක්ෂ නිලධාරිනියක වූ ඈ යටතේ ආයතනය දියුණු වනු ඇති බව පිරිසක් පැවසූවත් වැඩි දෙනාගේ මතය වූයේ සේවකයන්ට ඇය හා වැඩ කිරීම ලෙහෙසි නොවන බවය. ඇය යටතේ වෙනත් කාර්යාලයක මාස කිහිපයක් වැය කර ඇති මට එක්වරම සිතුණේ දෙසැම්බරයේ ගැනීමට සිටිනා විදේශ නිවාඩු දින දහය හිටපු ප්‍රධානියා ලවා කළින්ම අනුමත කරවාගෙන තිබීම වාසනාවක් බවය. ඇගෙන් කෙටි නිවාඩුවක් හෝ ලබාගැනීම කළුණික සෙවීමකි.

ඉතා ධනවත්, වංශවත් පවුලක සාමාජිකාවක වන ඇයට සාමාන්‍ය මිනිසුන්ගේ දුක් කම්කටළු තේරුණේ නැත. “මිනිස්සු කසාද බදිනවා, ළමයි හම්බවෙනවා, ළමයි ලෙඩ වෙනවා, අම්මලා වයසට යනවා, ඕවා කාටත් පොදුයි. ඒවා රස්සාවට බාධාවක් කරගන්න බෑ” යන්න ඇගේ තේමා පාඨය විය. නමුත් ඇය නමටම ඔබින අයුරින් රැජිනක වැනි රුවකින්ද පෞර්ෂයකින්ද යුතු ගැහැණියකි. ඇගේ කතාවද ඇදුම්ද චර්යාවන්ද උසස් කාන්තාවක නම් මේ යැයි කියා පාන දේය.කෙසේ හෝ ඇය වැඩ භාරගැනීමෙන් පසු ටික දිනකින්ම මාද එහි සේවය කරන බව දැනගත් අතර හරියට වැඩක් කරන්නට දන්නා කෙනෙකු ලෙස ඇය හදුන්වන මට ඇගේ පුද්ගලික ලේකම් චරිතය ඉබේම පැවරිණි. ඇය බොහෝ අවස්ථාවල රැස්වීම් ආදියට සහභාගී වීම නිසා නිල කාමරයේ නොසිටි නමුත් වාර්තා සැදීම, ලිපි ගොනු සකස් කිරීම, දුරකථන පණිවිඩ ලබාගැනීම ආදියට මට එහි රැදී සිටීම අනිවාර්ය විය. සම වියේ මිතුරු මිතුරියන් රැසක් සිටිනා මානව සබදතා කාමරයේ විනෝදය මැද රැදී සිටි මට සභාපති කාමරයේ තනිව රැදී වැඩ කිරීම දැඩි දඩුවමක් වුවත් කරන්නට දෙයක් තිබුණේ නැත.

දිනක් මම පහළ මහලේ සිට ඉහළට යාමට සෝපානයට නැග්ගෙමි. එහි සිටියේ තවත් තරුණයෙකු පමණි. බාච්චු ටී ෂර්ටයකින් හා දණහිසට දිග කළිසමකින් සැරසී සිටි ඔහු හෑන්ඩ් ෆ්‍රී කට්ටලයක් කනේ ගසාගෙන සිටියේය. ඇස් කොනින් බැලූ මට පෙනුණේ ඔහු සාමාන්‍යයෙන් නොදැකිය හැකි තරම් කඩවසම් පෙනුමකින් යුතු බවය. අඩි හයක් පමණ උසැති ආරෝහ පරිණාහ දේහයකින් යුතු ඔහුගේ ඇත්දළ පැහැ ඡවි වර්ණය තද කළු කෙසින් වඩාත් ඔපවත් විය. විදුලි සෝපානයේ අංක ඔබන පුවරුවට ආසන්නයේ සිටි මට “තර්ඩ් ෆ්ලෝ ”යැයි පවසන විට මම ඔහුගේ දෑස දැක ගත්තෙමි. දිගු කළු ඇසි පියෙන් වටවූ ඒ තරම් සොදුරු දෑසක් තවත් තැනක දුටු බව මට මතක නැත.

තව අඩ පැයකින් පමණ මම සභාපති කාමරයට යන විට ඔහු එහි කොනේ සාකච්ඡා මේසයේ වාඩිවී ලැප් ටොප් පරිගණකයකට එබීගෙන සිටියේය.

“කුමලි දැකලා නෑ නේද මගේ පුතා. සිමා එක්සෑම් ළගයිනේ. ගෙදර ඉද්දි මුකුත් වැඩක් කරන්නෑ. ඉතිං මම මෙහෙ ගෙන්න ගත්තා.” ලිපි ගොනුවකට එබී සිටි රැජිනි මහත්මිය කීවේ යන්තම් හිස ඔසවමිනි.

ඇගේ සැමියා ක්‍රියාන්විතයේ මියගිය බ්‍රිගේඩියර්වරයකු බවත් ඉන්නේ එක පුතකු පමණක් බවත් මා දැන සිටියෙමි. ඉන්පසු බොහෝ දිනවල ඔහු අපේ කාර්යාලයට ආවේය. ඒ තම නිල ඇදුම වූ කොට කලිසම හා ටී ෂර්ටයෙනි. අම්මා ජේලර්වරියක මෙන් සේවකයන් පාලනය කරන අතරේ පුතා රස්තියාදුකාරයකු මෙන් ඇගේ සේවා ස්ථානයට ඒමේ වරද ඇයට නොතේරුණාදැයි මා දන්නේ නැත.

“පිස්සුද මන්දා බං. ඔෆිස් එකකට එන විදිහක් තියෙනවනේ. අර අම්මාගේ තැනත් නැතිවෙනවානේ. පොලේ යනවා වගේ එනවා මෙතන”

දිනක් මේ ගැන කතා කරමින් පැමිණීමේ ලේඛනය අත්සන් කරමින් සිටි මම කීවේ මට පිටුපසින් සිටි නදීටය. ඇයගෙන් පිළිතුරු ලෙස ලැබුණේ මගේ ඇළයට ලැබුණු තද වැලමිටි පහරකි.”ඌයි” කියා හැරුණු මා දුටුවේ අප පිටිපසින් සෝපානයට ගොඩවීමට සිටි ඔහුය. පොලව පළාගෙන යන්නට සිතුණත් මම අහක බලාගෙන සිටියෙමි.

නමුත් ඊළග දිනයේ ඔහු ආවේ අලු පැහැ ලිනන් දිගු කලිසමකින් හා සුදු ෂර්ටයකින් සැරසීය. ලිපි රැසක් අත්සන් කරගැනීමට සභාපති කාමරයට ගිය මා දුටු විට ඔහු බැලුවේ අනුමැතියක් ඉල්වන කුඩා දරුවකු මෙනි. නොදැනුවත්වම මට සිනා ගියේය.

ඒ සොදුරු මුහුණද මිතුරු සිනාවකින් එළිය වැටුණු අතර එදායින් පසු හැමදාම ඔහු පැමිණෙියේ ඉතා පිළිවෙළින් යුතු ඇදුම් හැදගෙනය.

බොහෝ දිනවල මා යන විට ඔහු වැඩය. නැත්නම් කල්පනාවේය. නමුත් සෑම විටම කනේ ගසාගත් හෑන්ඩ් ෆ්‍රී කට්ටලය එසේම තිබිණී.

රැජිනිගේ කාර්යාල ඵලදායිතා වැඩසටහන සදහා ලිපිගොනු සැකසීමට මා යන විට ඇය ඇමතිතුමා හමුවට ගොසිනි.

ඔහු දැඩි සෙම්ප්රතිශ්යාවකින් පෙලෙන බව මට සිතුනේ නාසය උඩට අදින අන්දමිනි. සභාපති කාමරයේ වායු සමීකරණය ඉතා ශීතය. සාමාන්‍යයෙන් උණුවන සිතක් ඇති මට සතකුවත් දුක් විදිනු බලා ඉන්නට නොහැක. වායු සමීකරණය නිවා ජනේල ඇරි මම තේ කාමරයට ගොස් සමහන් පැකට්ටුවක් සදාගෙන විත් ඔහුට දුන්නෙමි.

“තැන්ක් යූ. අමාරුවෙන් හිටියේ’

“මට හිතුණා. බෙහෙත් ගත්තේ නැද්ද?.”

“ගත්තා බොන්න බැරි උනා උදේ”

“එහා පැත්තේ ටී රූම් එකේ උණු වතුර තියෙනවා. උණු වතුරම බොන්න”

අපේ කාර්යාලයේ නසරාණියන් ඔහු හැදින්වූයේ “පුතා” ලෙසය.

“බලපන් පුතා ඉන්නවද කියලා”, “අන්න අර පුතාටත් බිස්කට් එකක් දීලා වරෙන්” යනුවෙන් එම නම ලියාපදිංචි වී තිබිණි. නමුත් කිසිවකු ඔහු හා සුහද කතාබහට ගියේ නැත.

සභාපතිතුමියගේ පුතා ලෙස අප දුරකින් තබා සිටි ඔහු හිත හොද කොල්ලකු බව ඔප්පු වූයේ මේ අතර සිදුවූ දෙයකිනි.

රැජිනි මැඩම් කාර්යාල වේලාවේ පවත්වන සාද, හවුලේ බත් මුල් කෑම ආදියට තරයේ විරුද්ධය. මේ නිසා ඇය පැමිණි පසු අපේ විනෝදය අවම මට්ටමක පැවතිණි. දින තුනක කාලයකට ඇය වෙනත් ආයතනයක වැඩ මුළුවක් මෙහෙයවීමට යන බව දැනගන්නට ලැබීමත් සමග කල් දැමූ සියළු කර්තව්‍යයන් එම දින තුනේදී කර ගැනීමට ඒකමතිකව තීරණය විය.

ගණකාධිකාරි අමිලගේ උපන් දිනය සැමරීමට පොට් බිරියානි ඇණවුම් කෙරුණේ දෙවන දිනයේය. විශාල මැටි හට්ටි සතරක් කාර්යාල මේස මත තබා අපි රැස් කකා කමින් සිටියෙමි. එදින දිනුකටද දහවල් ආහාරය ගෙන්වන්නට එපා යැයි පවසා ඔහුටද බත් පිගානක් බෙදා කාමරයට ගෙන ගොස් දීමට අමිල කටයුතු කර තිබිණි.

බිරියානි හට්ටිවල පතුල පෙනෙන්නට ඔන්න මෙන්න තිබියදී දිනුක අපේ කාමරයට ආවේය.

‘අම්මා ඩොකියුමන්ට් එකක් ගන්න හදිසියේ එනවා කියලා මට කෝල් කළා’

ඔහු කීවේ එපමණකි.

වහා වහා බිරියානි ටික ගිලගත් අපි මේස තිබූ පරිදි සකසා හට්ටිද තේ කාමරයේ මේසය යට හැංගුවේ විනාඩි දෙක තුනක් ඇතුළතය. සුළි සුළගක් මෙන් රැජිනි මැඩම් පැමිණෙන විට ඉතිරිව තිබුණේ ඉමිහිරි කුළුබඩු සුවද පමණි.

තම මවගේ හැටි හොදින් දන්නා ඔහු අප බේරාගැනීමට පැවසූ පණිවිඩය බොහෝ දෙනාගේ අගය කිරීමට ලක්විය. ඔහුද කාර්යාල සගයකු තරමට සමීපව සැළකීමට බොහෝ දෙනා ඉන් පසු පෙළඹුණු බව කීම බොරුවක් නොවේ.

රැජිනිගේ පැරණි කාර්යාලක සේවිකාවක් වෙනත් වැඩකට අපේ කාර්යාලයට පැමිනියේ ඔය අතරය.

“අප්පා මැඩම්ගේ මහත්තයා නැති වෙද්දි පුතාට අවුරුදු තුනනේ. මල වගේ තමයි ඉතිං හදාගත්තේ. බස් එකක වත් ගිහින් නැතුව ඇති ඔය ළමයා තාම. ප්‍රයිවට් කැම්පස් එකකට යැව්වා. ඒකෙදි කෙල්ලක් යාලු වෙලා. මැඩම් ඒකට අකමැති වෙලා ජරමර කරලා මේ කොල්ලා පැනඩෝල් බීලනේ. බේරගන්න පුලුවන් කියලවත් හිතුවේ නෑ. ඒකෙන් මැඩම් හැබැයි ටිකක් මට්ටු උනා. පුතා අවුරුද්දක් විතර මැඩම් එකක් කතා කරලාම නෑ. තාම මැඩම් බයයි ගෙදර තනියම තියන්න. වැඩකාරයෝ විතරනේ ඉන්නේ. දවල්ට ඒකයි ඔෆිස් ගෙන්න ගන්නවා ඇත්තේ.”

“අප්පෝ රැජිනි මැඩම්ගේ ලේලි වෙනවට නං වඩා හොද ඇති ගලක් බැදගෙන මූදෙ පනිනවා. ලේලිගේ ඔලුවේ කෙස් ගස් ටිකත් ඉන්වෙන්ට්‍රි දාලා උන් දෙන්නාගේ රූම් එකටත් සීසී ටීවී හයි කරයි” රැජිනි මැඩම් පැමිණ මාසයක් ඇතුළත පිටවීමේ දොරටු අසල ආරක්ෂක කැමරා සවි කළ බැවින් සාප්පු සවාරි, දෙමාපිය රැස්වීම් ආදි ගමන් රැසකට තිත තැබිණි. ඇය ඒවාට කිසිදු බුරුලක් දුන්නේ නැත.

ගැහැණු අපේ සිත් අසරණයන්ට පිහිට වීමට ස්වභාවයෙන්ම සැකසී තිබේ. මගේ සිත තුළ ඔහු ගැන මහා කම්පාවක් ඇතිවූයේ එදා දැනගත් දේ සමගය.

ඵලදායිතාව යටතේ ලිපි ගොනු සෑදීමේදී කිසිදු ලිපිගොනුවක් කාමරයෙන් පිටත නොගෙන ආ යුතු බව රැජිනිගේ තීරණයයි. මම සිතින් බනිමින් ඇගේ කාමරයට වී දවස තිස්සේ ලිපි ගොනු සකසන්නට පටන් ගතිමි. බොහෝ විට දිනුක, ඒ ඔහුගේ නමයි, කාමරයේ රැදී සිටි බැවින් මට මුලදී වැඩ කිරීම දැඩි අපහසුවක් විය. නමුත් සතියක් පමණ යද්දි කිසිදු ගණනකට නැතිව වැඩ කරන්ට මම හුරු වීමි.

දිනක් මිතුරියක පිටතට ගොස් පැමිණෙද්දී මට ගෙනැවිත් දුන් රටකජු ටිකක් කුඩා බදුනකට දමා හැන්දක්ද සමග ඔහුගේ අසලින් තැබුවෙමි.

“තැන්කූ යූ” දිනුක මුහන්දිරම්ගේ අවිහිංසක සිනහව මා ආසන්නව දැක්කේ අප මිතුරන් වීම ඇරඹුණේද එදාය. ඔහු මට වඩා වසර තුනක් පමණ බාල බව මා සිතා තිබිණි. නමුත් මම ඔහුට මල්ලි කීමට හෝ නම කීමට නොපෙළඹුණේ රැජිනි මැඩම් පිළිබදව සිතාය.

එයින් පසු කතා බහ කරමින් වැඩ කරන්නට අපි පුරුදු වීමු.

දිනුක මුලදී ඉතා නිහඩ විය. එය ඔහුගේ සියදිවි නසාගැනීමේ ප්රයත්නයෙන් පසු වූවක් යැයි මට සිතුණේ ටිකෙන් ටික ඔහු ඉතා විවෘත ලෙස කතා බහ කරන්නට පටන් ගැනීම නිසාය.

දැඩි පාලනයක් කරන මව හා සේවකයන් සමග තනිව වාසය කරන ඔහුට තම සිතැගි පවසන්නට කෙනෙකු නැති බව මට පැහැදිලි විය.

මගේ අයියලාද ඔවුන්ගේ මිතුරකු ලෙස පැමිණ පසුව මගේ සැමියා වූ නවීන්ද මගේ පාසල් මිතුරෝද පහළ මධ්‍යම පන්තියේ ඉපිද තමන්ට නොලැබුණු බොහෝ දේ වෙනුවෙන් ජීවිතය හා සටන් කරන්නට සැරසී සිටින්නෝය. ඔවුන්ගේ පොදු සිහින අතර ණයක් වී බයිසිකලයක්, ත්‍රී වීලරයක්, කාරයක් ගැනීම, නිවසක් සෑදීම, සහෝදරියන් විවාහ කරදීම ආදිය විය. නවීන් අපේ විවාහයටද පෙර කොරියානු භාෂා විභාගය ලියා විදේශගත වූයේද මේ සිහින වලින් කිහිපයක් සැබෑ කරගැනීමටය.

ධනයෙන් ආඪ්‍ය වූ පරම්පරාවක උපත ලැබූ දිනුකට ඒ කිසිත් ගැටළු නොවේ. ඔහුගේ සිහින ඊට වඩා විචිත්‍ර විය. සංචාරය, සංගීතය ආදිය ඔහුට ඉටුකරගැනීමට අවශ්‍ය වූ අරමුණු අතර විය.

කොළඹ නගරයේ බස් රියක තදබදවී සැමදාම ගමන් කරන්නෙකු ටික දිනකට නුවර එළියේ සුව පහසු රියක යද්දී දැනෙන හැගීමට සමාන හැගීමක් මට දිනුක හා කතා බහෙන් ලැබිණි. මට කිසිදාක විදින්නට නොලැබෙන කුවේර දිවියක පැතිකඩක් ඔහු තුළින් දිස්වුණු අතර මම එයින් වසගයට පත්ව සිටියෙමි. සැප ජීවිතයේ ප්‍රතිඵල ලෙසින් දෝ ඔහුගේ චර්යාවන්ද ඉතා සෞම්‍ය විය. මම මහා ආහ්ලාදයකින් ඒ සෞම්‍ය බව විදිමින් සිටියෙමි.

දිනක් සදුදාද නිවාඩු සති අන්තයක මගේ බෝඩිම් මිතුරිය ශ්‍රීපාදයේ යන්නට සැරසුණාය.

“හරි කම්මැලි මේ වීක් එන්ඩ් එක. යොහානි සිරීපාදේ යනවනේ. මම තනියම බෝඩිමේ"

“ඔයාට ලැප්ටොප් එකක් තියද?’

“ඔව් ඔෆිස් එකේ එක ගෙදර ගෙනියනවනේ.”

ඊළග දිනයේ උදෑසන රැජිනි මැඩම් රැස්වීමකට පිටත් වූ විගස ඔහු නැගිට මා වෙත ආවේ පෙන් ඩ්රයිවයක් අතැතිවය.

“මේකෙ ලස්සන ෆිල්ම් ටිකක් ඇති. වීක් එන්ඩ් එකේ බලන්න”

එදා රෑ ඇග සෝදා ඇදට වූ මම ඔහුගේ චිත්‍රපට ලැයිස්තුව බැලුවෙමි.

A walk to remember, My Sassy Girl, The Notebook, Me before you, The Lakehouse ආදී මා නොබැලූ චිත්‍රපට බොහොමයක් එහි විය. බොහෝ ඒවා මා බැලුයේ කදුලු අතරිනි.

නවීන් කොරියාවට යාමට පෙර අප පෙම් කරන කාලයේ පවා අපිට නිදහස් ජීවිතයක් තිබුණේ නැත.යන්තම් කරදඩු උස් වූ දින සිට රැකියාවේ නිරතව පවුලට සවියක් වීමට අප දෙදෙනාටම සිදුව තිබිණි. අප එක්ව ගත කර ඇති දින ගණන මතකින් කිව හැකි තරම්ය. ආදරයේ ලස්සන ඔහු හා විදීමට මට ඉඩ ලැබී නැත. ඔහු මා රැක බලාගත්තද කවි කතා කියන ආදරයකට සිනා වන කෙනෙකි. මෙවැනි රොමෑන්තික ආදරයක් විදීමට මට ඉඩ ලැබී නැත. කදුලු වැටුණේ ඒ සියල්ල හා මා නොදන්නා යම් දෙයක් හේතුවෙනි.

[QUOTE="sanjeewa.per85, post: 25984533, member: 575931"] [CENTER][ATTACH type="full"]107043[/ATTACH] [/CENTER] රැජිනී මුහන්දිරම් අපේ ආයතන ප්‍රධානී තනතුරට පත්ව පැමිණෙන බව ඇසූ කාර්යාල සගයන් අතරින් නැගුණේ මිශ්‍ර ප්‍රතිචාරය. ඉතා ඍජු, දක්ෂ නිලධාරිනියක වූ ඈ යටතේ ආයතනය දියුණු වනු ඇති බව පිරිසක් පැවසූවත් වැඩි දෙනාගේ මතය වූයේ සේවකයන්ට ඇය හා වැඩ කිරීම ලෙහෙසි නොවන බවය. ඇය යටතේ වෙනත් කාර්යාලයක මාස කිහිපයක් වැය කර ඇති මට එක්වරම සිතුණේ දෙසැම්බරයේ ගැනීමට සිටිනා විදේශ නිවාඩු දින දහය හිටපු ප්‍රධානියා ලවා කළින්ම අනුමත කරවාගෙන තිබීම වාසනාවක් බවය. ඇගෙන් කෙටි නිවාඩුවක් හෝ ලබාගැනීම කළුණික සෙවීමකි. ඉතා ධනවත්, වංශවත් පවුලක සාමාජිකාවක වන ඇයට සාමාන්‍ය මිනිසුන්ගේ දුක් කම්කටළු තේරුණේ නැත. “මිනිස්සු කසාද බදිනවා, ළමයි හම්බවෙනවා, ළමයි ලෙඩ වෙනවා, අම්මලා වයසට යනවා, ඕවා කාටත් පොදුයි. ඒවා රස්සාවට බාධාවක් කරගන්න බෑ” යන්න ඇගේ තේමා පාඨය විය. නමුත් ඇය නමටම ඔබින අයුරින් රැජිනක වැනි රුවකින්ද පෞර්ෂයකින්ද යුතු ගැහැණියකි. ඇගේ කතාවද ඇදුම්ද චර්යාවන්ද උසස් කාන්තාවක නම් මේ යැයි කියා පාන දේය.කෙසේ හෝ ඇය වැඩ භාරගැනීමෙන් පසු ටික දිනකින්ම මාද එහි සේවය කරන බව දැනගත් අතර හරියට වැඩක් කරන්නට දන්නා කෙනෙකු ලෙස ඇය හදුන්වන මට ඇගේ පුද්ගලික ලේකම් චරිතය ඉබේම පැවරිණි. ඇය බොහෝ අවස්ථාවල රැස්වීම් ආදියට සහභාගී වීම නිසා නිල කාමරයේ නොසිටි නමුත් වාර්තා සැදීම, ලිපි ගොනු සකස් කිරීම, දුරකථන පණිවිඩ ලබාගැනීම ආදියට මට එහි රැදී සිටීම අනිවාර්ය විය. සම වියේ මිතුරු මිතුරියන් රැසක් සිටිනා මානව සබදතා කාමරයේ විනෝදය මැද රැදී සිටි මට සභාපති කාමරයේ තනිව රැදී වැඩ කිරීම දැඩි දඩුවමක් වුවත් කරන්නට දෙයක් තිබුණේ නැත. --------------------------------------- දිනක් මම පහළ මහලේ සිට ඉහළට යාමට සෝපානයට නැග්ගෙමි. එහි සිටියේ තවත් තරුණයෙකු පමණි. බාච්චු ටී ෂර්ටයකින් හා දණහිසට දිග කළිසමකින් සැරසී සිටි ඔහු හෑන්ඩ් ෆ්‍රී කට්ටලයක් කනේ ගසාගෙන සිටියේය. ඇස් කොනින් බැලූ මට පෙනුණේ ඔහු සාමාන්‍යයෙන් නොදැකිය හැකි තරම් කඩවසම් පෙනුමකින් යුතු බවය. අඩි හයක් පමණ උසැති ආරෝහ පරිණාහ දේහයකින් යුතු ඔහුගේ ඇත්දළ පැහැ ඡවි වර්ණය තද කළු කෙසින් වඩාත් ඔපවත් විය. විදුලි සෝපානයේ අංක ඔබන පුවරුවට ආසන්නයේ සිටි මට “තර්ඩ් ෆ්ලෝ ”යැයි පවසන විට මම ඔහුගේ දෑස දැක ගත්තෙමි. දිගු කළු ඇසි පියෙන් වටවූ ඒ තරම් සොදුරු දෑසක් තවත් තැනක දුටු බව මට මතක නැත. -------------------------------------------------------- තව අඩ පැයකින් පමණ මම සභාපති කාමරයට යන විට ඔහු එහි කොනේ සාකච්ඡා මේසයේ වාඩිවී ලැප් ටොප් පරිගණකයකට එබීගෙන සිටියේය. “කුමලි දැකලා නෑ නේද මගේ පුතා. සිමා එක්සෑම් ළගයිනේ. ගෙදර ඉද්දි මුකුත් වැඩක් කරන්නෑ. ඉතිං මම මෙහෙ ගෙන්න ගත්තා.” ලිපි ගොනුවකට එබී සිටි රැජිනි මහත්මිය කීවේ යන්තම් හිස ඔසවමිනි. ඇගේ සැමියා ක්‍රියාන්විතයේ මියගිය බ්‍රිගේඩියර්වරයකු බවත් ඉන්නේ එක පුතකු පමණක් බවත් මා දැන සිටියෙමි. ඉන්පසු බොහෝ දිනවල ඔහු අපේ කාර්යාලයට ආවේය. ඒ තම නිල ඇදුම වූ කොට කලිසම හා ටී ෂර්ටයෙනි. අම්මා ජේලර්වරියක මෙන් සේවකයන් පාලනය කරන අතරේ පුතා රස්තියාදුකාරයකු මෙන් ඇගේ සේවා ස්ථානයට ඒමේ වරද ඇයට නොතේරුණාදැයි මා දන්නේ නැත. ----------------------------- “පිස්සුද මන්දා බං. ඔෆිස් එකකට එන විදිහක් තියෙනවනේ. අර අම්මාගේ තැනත් නැතිවෙනවානේ. පොලේ යනවා වගේ එනවා මෙතන” දිනක් මේ ගැන කතා කරමින් පැමිණීමේ ලේඛනය අත්සන් කරමින් සිටි මම කීවේ මට පිටුපසින් සිටි නදීටය. ඇයගෙන් පිළිතුරු ලෙස ලැබුණේ මගේ ඇළයට ලැබුණු තද වැලමිටි පහරකි.”ඌයි” කියා හැරුණු මා දුටුවේ අප පිටිපසින් සෝපානයට ගොඩවීමට සිටි ඔහුය. පොලව පළාගෙන යන්නට සිතුණත් මම අහක බලාගෙන සිටියෙමි. නමුත් ඊළග දිනයේ ඔහු ආවේ අලු පැහැ ලිනන් දිගු කලිසමකින් හා සුදු ෂර්ටයකින් සැරසීය. ලිපි රැසක් අත්සන් කරගැනීමට සභාපති කාමරයට ගිය මා දුටු විට ඔහු බැලුවේ අනුමැතියක් ඉල්වන කුඩා දරුවකු මෙනි. නොදැනුවත්වම මට සිනා ගියේය. ඒ සොදුරු මුහුණද මිතුරු සිනාවකින් එළිය වැටුණු අතර එදායින් පසු හැමදාම ඔහු පැමිණෙියේ ඉතා පිළිවෙළින් යුතු ඇදුම් හැදගෙනය. ------------------------------------------ බොහෝ දිනවල මා යන විට ඔහු වැඩය. නැත්නම් කල්පනාවේය. නමුත් සෑම විටම කනේ ගසාගත් හෑන්ඩ් ෆ්‍රී කට්ටලය එසේම තිබිණී. රැජිනිගේ කාර්යාල ඵලදායිතා වැඩසටහන සදහා ලිපිගොනු සැකසීමට මා යන විට ඇය ඇමතිතුමා හමුවට ගොසිනි. ඔහු දැඩි සෙම්ප්රතිශ්යාවකින් පෙලෙන බව මට සිතුනේ නාසය උඩට අදින අන්දමිනි. සභාපති කාමරයේ වායු සමීකරණය ඉතා ශීතය. සාමාන්‍යයෙන් උණුවන සිතක් ඇති මට සතකුවත් දුක් විදිනු බලා ඉන්නට නොහැක. වායු සමීකරණය නිවා ජනේල ඇරි මම තේ කාමරයට ගොස් සමහන් පැකට්ටුවක් සදාගෙන විත් ඔහුට දුන්නෙමි. “තැන්ක් යූ. අමාරුවෙන් හිටියේ’ “මට හිතුණා. බෙහෙත් ගත්තේ නැද්ද?.” “ගත්තා බොන්න බැරි උනා උදේ” “එහා පැත්තේ ටී රූම් එකේ උණු වතුර තියෙනවා. උණු වතුරම බොන්න” ------------------------------------- අපේ කාර්යාලයේ නසරාණියන් ඔහු හැදින්වූයේ “පුතා” ලෙසය. “බලපන් පුතා ඉන්නවද කියලා”, “අන්න අර පුතාටත් බිස්කට් එකක් දීලා වරෙන්” යනුවෙන් එම නම ලියාපදිංචි වී තිබිණි. නමුත් කිසිවකු ඔහු හා සුහද කතාබහට ගියේ නැත. සභාපතිතුමියගේ පුතා ලෙස අප දුරකින් තබා සිටි ඔහු හිත හොද කොල්ලකු බව ඔප්පු වූයේ මේ අතර සිදුවූ දෙයකිනි. රැජිනි මැඩම් කාර්යාල වේලාවේ පවත්වන සාද, හවුලේ බත් මුල් කෑම ආදියට තරයේ විරුද්ධය. මේ නිසා ඇය පැමිණි පසු අපේ විනෝදය අවම මට්ටමක පැවතිණි. දින තුනක කාලයකට ඇය වෙනත් ආයතනයක වැඩ මුළුවක් මෙහෙයවීමට යන බව දැනගන්නට ලැබීමත් සමග කල් දැමූ සියළු කර්තව්‍යයන් එම දින තුනේදී කර ගැනීමට ඒකමතිකව තීරණය විය. ගණකාධිකාරි අමිලගේ උපන් දිනය සැමරීමට පොට් බිරියානි ඇණවුම් කෙරුණේ දෙවන දිනයේය. විශාල මැටි හට්ටි සතරක් කාර්යාල මේස මත තබා අපි රැස් කකා කමින් සිටියෙමි. එදින දිනුකටද දහවල් ආහාරය ගෙන්වන්නට එපා යැයි පවසා ඔහුටද බත් පිගානක් බෙදා කාමරයට ගෙන ගොස් දීමට අමිල කටයුතු කර තිබිණි. බිරියානි හට්ටිවල පතුල පෙනෙන්නට ඔන්න මෙන්න තිබියදී දිනුක අපේ කාමරයට ආවේය. ‘අම්මා ඩොකියුමන්ට් එකක් ගන්න හදිසියේ එනවා කියලා මට කෝල් කළා’ ඔහු කීවේ එපමණකි. වහා වහා බිරියානි ටික ගිලගත් අපි මේස තිබූ පරිදි සකසා හට්ටිද තේ කාමරයේ මේසය යට හැංගුවේ විනාඩි දෙක තුනක් ඇතුළතය. සුළි සුළගක් මෙන් රැජිනි මැඩම් පැමිණෙන විට ඉතිරිව තිබුණේ ඉමිහිරි කුළුබඩු සුවද පමණි. තම මවගේ හැටි හොදින් දන්නා ඔහු අප බේරාගැනීමට පැවසූ පණිවිඩය බොහෝ දෙනාගේ අගය කිරීමට ලක්විය. ඔහුද කාර්යාල සගයකු තරමට සමීපව සැළකීමට බොහෝ දෙනා ඉන් පසු පෙළඹුණු බව කීම බොරුවක් නොවේ. ----------------------------------------------------------------------------------------------------------------- රැජිනිගේ පැරණි කාර්යාලක සේවිකාවක් වෙනත් වැඩකට අපේ කාර්යාලයට පැමිනියේ ඔය අතරය. “අප්පා මැඩම්ගේ මහත්තයා නැති වෙද්දි පුතාට අවුරුදු තුනනේ. මල වගේ තමයි ඉතිං හදාගත්තේ. බස් එකක වත් ගිහින් නැතුව ඇති ඔය ළමයා තාම. ප්‍රයිවට් කැම්පස් එකකට යැව්වා. ඒකෙදි කෙල්ලක් යාලු වෙලා. මැඩම් ඒකට අකමැති වෙලා ජරමර කරලා මේ කොල්ලා පැනඩෝල් බීලනේ. බේරගන්න පුලුවන් කියලවත් හිතුවේ නෑ. ඒකෙන් මැඩම් හැබැයි ටිකක් මට්ටු උනා. පුතා අවුරුද්දක් විතර මැඩම් එකක් කතා කරලාම නෑ. තාම මැඩම් බයයි ගෙදර තනියම තියන්න. වැඩකාරයෝ විතරනේ ඉන්නේ. දවල්ට ඒකයි ඔෆිස් ගෙන්න ගන්නවා ඇත්තේ.” “අප්පෝ රැජිනි මැඩම්ගේ ලේලි වෙනවට නං වඩා හොද ඇති ගලක් බැදගෙන මූදෙ පනිනවා. ලේලිගේ ඔලුවේ කෙස් ගස් ටිකත් ඉන්වෙන්ට්‍රි දාලා උන් දෙන්නාගේ රූම් එකටත් සීසී ටීවී හයි කරයි” රැජිනි මැඩම් පැමිණ මාසයක් ඇතුළත පිටවීමේ දොරටු අසල ආරක්ෂක කැමරා සවි කළ බැවින් සාප්පු සවාරි, දෙමාපිය රැස්වීම් ආදි ගමන් රැසකට තිත තැබිණි. ඇය ඒවාට කිසිදු බුරුලක් දුන්නේ නැත. ගැහැණු අපේ සිත් අසරණයන්ට පිහිට වීමට ස්වභාවයෙන්ම සැකසී තිබේ. මගේ සිත තුළ ඔහු ගැන මහා කම්පාවක් ඇතිවූයේ එදා දැනගත් දේ සමගය. ------------------------------------ ඵලදායිතාව යටතේ ලිපි ගොනු සෑදීමේදී කිසිදු ලිපිගොනුවක් කාමරයෙන් පිටත නොගෙන ආ යුතු බව රැජිනිගේ තීරණයයි. මම සිතින් බනිමින් ඇගේ කාමරයට වී දවස තිස්සේ ලිපි ගොනු සකසන්නට පටන් ගතිමි. බොහෝ විට දිනුක, ඒ ඔහුගේ නමයි, කාමරයේ රැදී සිටි බැවින් මට මුලදී වැඩ කිරීම දැඩි අපහසුවක් විය. නමුත් සතියක් පමණ යද්දි කිසිදු ගණනකට නැතිව වැඩ කරන්ට මම හුරු වීමි. දිනක් මිතුරියක පිටතට ගොස් පැමිණෙද්දී මට ගෙනැවිත් දුන් රටකජු ටිකක් කුඩා බදුනකට දමා හැන්දක්ද සමග ඔහුගේ අසලින් තැබුවෙමි. “තැන්කූ යූ” දිනුක මුහන්දිරම්ගේ අවිහිංසක සිනහව මා ආසන්නව දැක්කේ අප මිතුරන් වීම ඇරඹුණේද එදාය. ඔහු මට වඩා වසර තුනක් පමණ බාල බව මා සිතා තිබිණි. නමුත් මම ඔහුට මල්ලි කීමට හෝ නම කීමට නොපෙළඹුණේ රැජිනි මැඩම් පිළිබදව සිතාය. --------------------------------- එයින් පසු කතා බහ කරමින් වැඩ කරන්නට අපි පුරුදු වීමු. දිනුක මුලදී ඉතා නිහඩ විය. එය ඔහුගේ සියදිවි නසාගැනීමේ ප්රයත්නයෙන් පසු වූවක් යැයි මට සිතුණේ ටිකෙන් ටික ඔහු ඉතා විවෘත ලෙස කතා බහ කරන්නට පටන් ගැනීම නිසාය. දැඩි පාලනයක් කරන මව හා සේවකයන් සමග තනිව වාසය කරන ඔහුට තම සිතැගි පවසන්නට කෙනෙකු නැති බව මට පැහැදිලි විය. මගේ අයියලාද ඔවුන්ගේ මිතුරකු ලෙස පැමිණ පසුව මගේ සැමියා වූ නවීන්ද මගේ පාසල් මිතුරෝද පහළ මධ්‍යම පන්තියේ ඉපිද තමන්ට නොලැබුණු බොහෝ දේ වෙනුවෙන් ජීවිතය හා සටන් කරන්නට සැරසී සිටින්නෝය. ඔවුන්ගේ පොදු සිහින අතර ණයක් වී බයිසිකලයක්, ත්‍රී වීලරයක්, කාරයක් ගැනීම, නිවසක් සෑදීම, සහෝදරියන් විවාහ කරදීම ආදිය විය. නවීන් අපේ විවාහයටද පෙර කොරියානු භාෂා විභාගය ලියා විදේශගත වූයේද මේ සිහින වලින් කිහිපයක් සැබෑ කරගැනීමටය. ධනයෙන් ආඪ්‍ය වූ පරම්පරාවක උපත ලැබූ දිනුකට ඒ කිසිත් ගැටළු නොවේ. ඔහුගේ සිහින ඊට වඩා විචිත්‍ර විය. සංචාරය, සංගීතය ආදිය ඔහුට ඉටුකරගැනීමට අවශ්‍ය වූ අරමුණු අතර විය. කොළඹ නගරයේ බස් රියක තදබදවී සැමදාම ගමන් කරන්නෙකු ටික දිනකට නුවර එළියේ සුව පහසු රියක යද්දී දැනෙන හැගීමට සමාන හැගීමක් මට දිනුක හා කතා බහෙන් ලැබිණි. මට කිසිදාක විදින්නට නොලැබෙන කුවේර දිවියක පැතිකඩක් ඔහු තුළින් දිස්වුණු අතර මම එයින් වසගයට පත්ව සිටියෙමි. සැප ජීවිතයේ ප්‍රතිඵල ලෙසින් දෝ ඔහුගේ චර්යාවන්ද ඉතා සෞම්‍ය විය. මම මහා ආහ්ලාදයකින් ඒ සෞම්‍ය බව විදිමින් සිටියෙමි. -------------------------------------- දිනක් සදුදාද නිවාඩු සති අන්තයක මගේ බෝඩිම් මිතුරිය ශ්‍රීපාදයේ යන්නට සැරසුණාය. “හරි කම්මැලි මේ වීක් එන්ඩ් එක. යොහානි සිරීපාදේ යනවනේ. මම තනියම බෝඩිමේ" “ඔයාට ලැප්ටොප් එකක් තියද?’ “ඔව් ඔෆිස් එකේ එක ගෙදර ගෙනියනවනේ.” ඊළග දිනයේ උදෑසන රැජිනි මැඩම් රැස්වීමකට පිටත් වූ විගස ඔහු නැගිට මා වෙත ආවේ පෙන් ඩ්රයිවයක් අතැතිවය. “මේකෙ ලස්සන ෆිල්ම් ටිකක් ඇති. වීක් එන්ඩ් එකේ බලන්න” එදා රෑ ඇග සෝදා ඇදට වූ මම ඔහුගේ චිත්‍රපට ලැයිස්තුව බැලුවෙමි. A walk to remember, My Sassy Girl, The Notebook, Me before you, The Lakehouse ආදී මා නොබැලූ චිත්‍රපට බොහොමයක් එහි විය. බොහෝ ඒවා මා බැලුයේ කදුලු අතරිනි. නවීන් කොරියාවට යාමට පෙර අප පෙම් කරන කාලයේ පවා අපිට නිදහස් ජීවිතයක් තිබුණේ නැත.යන්තම් කරදඩු උස් වූ දින සිට රැකියාවේ නිරතව පවුලට සවියක් වීමට අප දෙදෙනාටම සිදුව තිබිණි. අප එක්ව ගත කර ඇති දින ගණන මතකින් කිව හැකි තරම්ය. ආදරයේ ලස්සන ඔහු හා විදීමට මට ඉඩ ලැබී නැත. ඔහු මා රැක බලාගත්තද කවි කතා කියන ආදරයකට සිනා වන කෙනෙකි. මෙවැනි රොමෑන්තික ආදරයක් විදීමට මට ඉඩ ලැබී නැත. කදුලු වැටුණේ ඒ සියල්ල හා මා නොදන්නා යම් දෙයක් හේතුවෙනි. ---------------------------------------------------- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom