Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
දෑසක කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස දෙකක් ගතවිය. මා කාර්යාලට ගියේ වෙනදාට වඩා ආසාවෙනි. මගේ ඇදුම් වෙනදාට වඩා ලස්සන කරගැනීමට මට වුවමනා වූ අතර උදෑසන කාර්යාලයට යාමට පෙර ඩෙවිඩ් ග්‍රෑම් සෙන්ටර් වෙතින් කඩචෝරු ගැනීම මගේ නව පුරුද්දක් බවට පත්විය.

මගේ සිත පිළිගැනීමට අකමැති වුවත් මේ වෙනසට හේතුව වූයේ දිනුක මුහන්දිරම්ය. ඔහුද මට ඉතා ප්‍රිය කළ බව මම දැන සිටියෙමි. රන් කූඩුවක සැපට හැදුණු කුරුල්ලකු වන ඔහුට සමීප අය ඉතා අඩු වන්නට ඇත. මේ තරම් කෙටි කලකින් ඔහු මට එතරම් සමීප වන්නට ඇත්තේ එහෙයිනි.

දැන් ඔහු පෙර තරම් නිහඩ නැත. තමන් තවමත් විෂාදයට ප්‍රතිකාර ගන්නා බව ඔහු පැවසුවේද සාමාන්‍ය කතාබහක් අතරතුරදීය. මා ඒ ගැන හෝ ඔහුට අහිමි වූ පෙම්වතිය ගැන කතා නොකරන්නට පරිස්සම් වීමි.

ගීත, චිත්‍රපට, පොත්, මිතුරන්, සිහින, අරමුණු අපේ නිමක් නැති කතා වලට හේතු විය.

නමුත් කුමක් හෝ හේතුවකට මගේ විවාහය හෝ විදේශගත සැමියා ගැන කතා නොකළ බව අද සිතන්නේ පසු තැවිල්ලෙනි. ඔහුගේ සමීප බව අඩුවේ යැයි මගේ යටි සිතේ සැකයක් හේතුවෙන් මා එසේ නොකියන්නට ඇත. ගැහැණු සිත ඇතැම් විට ගැහැණු අපටම වටහා ගත නොහැකිය.

තම තුරුණු පුතා තවත් තරුණියක හා සැළකිය යුතු කාලයක් සුහදව තනිව ගෙවන බව රැජිනි මැඩම් නොතැකුවේ මන්දැයි මට ඒ කාලයේ බොහෝ විට සිතිණි. නමුත් ඇය මා දුටුවේ විවාහක, සාමාන්‍ය පෙනුමක් ඇති ලිපිකාරියක ලෙස මිස තරුණියක ලෙස නොවන බව මට ඒ සැනින්ම සිහිවිණි.

බෝඩිමේ සමන් පිච්ච වැලෙන් මල් ගෙනගොස් කාර්යාලයේ පිවිසුම අසල ඇති බුදුරුවට තැබීම මගේ පුරුද්දකි. මල් කිහිපයක් ගෙන ගොස් මගේ කාර්යාල මේසය මත තබාගන්නේ දවසම ඒ මිහිරි සුවදේ රැදී වැඩ කළ හැකි බැවිනි.

දිනක් දිනුක ඔහුගේ පරිගණකයේ තිරයේ ඡායාරූපය වෙනස් කර ඇති බව මම දුටුවෙමි. එහි වූයේ සුදු මල් කිහිපයක් දිගු කරගෙන ඉන්නා යුවතියකගේ අතකි.

“ළමයා දියුණු වෙලා නේ. මල් ගන්නද යන්නේ” මා ඇසුවේ විහිළුවටය.

“හැමදාම මල් ගෙනාවට තාම මට දුන්නේ නෑ. දෙනකම් මම බලාගෙන ඉන්නේ අත් දෙකෙන්ම ගන්න” නොසිතූ පිළිතුරෙන් ගොලුවූ මට කතා කරගත හැකි වූයේ නැත. මම මද වෙලාවක් නිහඩව සිට වෙනත් කතාවක් පටන් ගත්තෙමි.

නමුත් දින ගණනාවක් යන තුරු තනිවූ වේලාවල ඒ දෙබස සිහි කර රස විදි බව අද සිහි කරන්නේ මහා දුකකිනි.

කොරියාවේ සිටින නවීන් නිවාඩුවට මාසයකට ලංකාවට පැමිණීමට පෙර අප දෙදෙනා තායිලන්තයේ සංචාරයට සැළසුම් කළේ වසර මුල සිටය. මා දෙසැම්බරයේ නිවාඩු දැම්මේ එහෙයිනි.

මා නිවාඩු යෑමට ආසන්නයේ දිනුකගේ සිමා විභාග පැවැත්වුණු බැවින් ඔහු කාර්යාලයට ආවේ නැත. මම නිවාඩු ගැන කියන්නට ඔහු එනතුරු බලා සිටියෙමි.

හදිසියේ ඔහු කාර්යාලයට පැමිණීයේ මම නිවාඩු දින කිහිපයට මගේ වැඩ භාර දෙන නයෝමි සමග රැජිනි මැඩම්ගේ කාමරයේ සිටියදීය.

“කුමලි ඔක්කොම පාස්වර්ඩ් මටත් දීලා යන්න.”

“හරි මැඩම්.”

“කුමලිගේ හස්බන්ඩ් දැන් අවුරුදු කීයක්ද කොරියා?

අප සිටිනා නිසා මවගේ මේසයට අසලට නෑවිත් රැදී සිටි දිනුක තිගැස්සෙනු ඇස් කොනින් මට පෙනුණි.

“අවුරුදු හතරයි මැඩම්” මම පිළිතුරු දුන්නේ හඩ නොනගාය.

“දැන් සෙට්ල් වෙන්න හිතන්න කුමලි. මැරි කරලා වැඩිය දෙපැත්තේ ඉන්න එපා. තාම ඔයාලා තරුණ ළමයිනේ. අනවශ්‍ය ප්‍රශ්න එනවා ඔහොම ඈත් වෙලා ඉන්න ගියාම.”

මම ගල් වී තිබූ මුව මදක් විහිදා සිනහවක් පෑවේද දිනුක නැවත හැරී කාමරයෙන් පිටවූයේද එකටය.

“අනේ මේ ළමයගේ වැඩ නම්. මේ ආවා කියන්නෙත් නෑ ගියා. විනාඩි දහයක් ඉන්න කියන්න කුමලි ගිහින් මාත් දැන් එනවා කියලා.”

ඔහු පසු පස ගිය මම පඩිපෙලේ අත් වැටෙන් එබෙද්දී ඔහු සිටියේ පහළ මාලයේය.

“මැඩම් ඉන්න කිව්වා ටිකක්.”

හැරී වේගයෙන් පඩි බැසීමට පෙර ඔහු ඉහළ බැලුවෙන් ඔහුගේ මුහුණේ වූ කැළඹීමද දෑසේ කෙටී තිබූ වේදනාවද මට හොදින් පෙනිණි.

“ඉන්න” මා කියද්දීද ඔහු නොපෙනී ගොස් අවසන්ය.

මම නැවත කාමරයට ගොස් ඔහු ගිය බව පැවසීමි. මගේ සිත තිබුණේ බෙහෙවින් කැළඹීය. මා බොරු කළ බව දිනුක සිතන්නට ඇත. ඔහු එය කෙසේ භාර ගත්තාදැයි මට දැනගන්නට ඉඩක් තිබුණේ නැත.

එදා රෑ ගුවන් ගමනට බඩු අස් කරද්දීද ලොකු අයියා පැමිණ මා ගුවන් තොටුපළට කැදවා යද්දීද මා සිටියේ සිත් තැවුලෙනි. වසර මුල සිට ආසාවෙන් බලා සිටි ගමන නවතා ලංකාවට වී ඉන්නට ඇත්නම් යැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ.

ගුවන් යානයේදී පවා මගේ සිත මහා බරකින් පිරී තිබිණි. තරු පිරි අහස පෙනෙන කවුලුවක් ආසන්නයේ හිදගත් මම බොහෝ වෙලා ඈත බලා සිටියෙමි. යානය ගුවන් ගත වන විටද ඈත් වන මව්බිම සමග සිහියට නැගුණේ දිනුකය.

නින්ද නොයන බැවින් මම පොරෝනයද පොරවා චිත්‍රපට බලන්නට පටන් ගතිමි. පාසල් කාලයේ මගේ ප්‍රියතම චිත්‍රපටයක් වූ වීර් සාරා එහි විය.

සාරා වීර් හා ගත කරන කාලයේදී තමන් විවාහ ගිවිස ගෙන ඇති බව ඔහුට නොකියයි. ඔහු එය දැනගන්නේ ඇය කැදවා යාමට ඇගේ පෙම්වතා දුම්රියපළට පැමිණි විටය. එය නොකීමෙන් ඇය විශාල වරදක් කළ බව වීර් කියන විට මට දිනුක සිහි විය.

අදෝනාවක් වැනි “දෝ පල් රුකා” ගීතය ඇරඹීමට පෙර මම තිරය නිවා දැම්මෙමි.

උසස් පෙළ සිංහල පොතේ පිටුපස පිටුවේ මේ ගීතයේ තේරුම මා ලියා තිබූ බව මට සිහිවූයේ එවිටය.

“මොහොතකට අපේ සිහින කරත්ත එකිනෙක පසුකරගියා පමණයි.

දැන් ඔබ කොහේද මම කොහේද

අපේ හදවත් කතා කළේ මොහොතකට පමණයි

ඉන්පසු ඔබ ඔතැන මම මෙතැන”

ස්වර්ණභූමි ගුවන් කොටුපලේ මා පිළිගැනීමට සිටි නවීන්ගේ දෑතට මැදිවූ පසු මට හැඩුම නවත්වාගත නොහැකි විය. ගුවන් තොටුපලේ බොහෝ දෙනා නැවතී අප දෙස බලා සිටියේද ඡායාරූප ගත්තේද පෙම්වතුන් යුවළක් සෑහෙන දිනකින් හමුවූ බව සිතමින් විය යුතුය. තරයේ මා වැළදගෙන බොහෝ වෙලාවක් සිටි නවීන් මා සනසන්නට බොහෝ දේ කීවේය. නමුත් මගේ හැඩුමට සැබෑ හේතුව කුමක්දැයි ඔහු දැනසිටියේ නැත.

අපේ හෝටලය තිබුනේ බැංකොක් නුවර සාප්පු සංකීර්ණවලට ආසන්නයේමය. අශ්ව කරත්ත වැනි ටැක්සි රථ වල යමින් යම් යම් දේ මිලට ගමින්, මාර්ගය අයිනේ කඩවලින් කමින් අපි නිවාඩුව ගෙවා දැම්මෙමු. දින දෙකක් බැංකොක් නුවරින් පිටත පන්සල් ආදිය බලන්නට වෙන් විය.

සැනකෙළි ස්වරූපයයෙන් දින ගත වුවත් මේ කාලය පුරාවට මගේ සිත මහා කළුවකින් වැසී තිබිණි. මට කාර්යාල මිතුරන් අමතා අසන්නට දෙයක් තිබුණේ නැත.

ආපසු ඒමට දින දෙකක් තබා අපි නෑයින මිතුරන්ට තෑගි තෝරන්නට උත්සුක වූවෙමු. මිතුරියන්ට තෑගි ගත් පසු දිනුකටද යම් සුළු දෙයක් ගත යුතු බව මම නවීන්ට කීවෙමි.

“අපෝ ඌට පොඩි දෙයක් අරන් දීලා බෑ. මම ඩියුටි ෆ්‍රී එකෙන් චිවාස් රීගල් බෝතලයක් අරං දෙන්නම්. පහුගිය කාලේ මම කනක් ඇහිලා හිටියේ ඌ හින්දනේ. නැත්නම් ඔය කතා ඔක්කොම රෑට ෆෝන් එකෙන් මම අහන්න එපැයි” මා හා දිනුක හොද මිතුරන් ව සිටි බව දැන සිටි නවීන් කීවේ සිනාසෙමිනි.

“යන්න අනේ”

කෙසේ හෝ ඔහුට ලස්සන තේ කෝප්පයක්ද රැජනි මැඩම්ට වැඩ දැමූ කණ්නාඩියක්ද ගෙන මම අසුරා ගත්තේ මිතුරියන්ට ගත් පසුම්බිද සමගය.

ලංකාවට ගිය දින උදයේ මට රැකියාවට යන්නට තිබිණි. මා සූදානම් වූයේද පිටත් වූයේද චකිතයෙනි. දිනුක පැමිණියහොත් සාමාන්‍ය පරිදි කතා කරන්නටද ඔහු අමනාපයෙන් නම් කිසිත් නොකියා ඈත්ව සිටින්නටද මම තීරණය කර සිටියෙමි.

රැජිනි මැඩම්ගේ උපදෙස් පරිදි අපේ කාර්යාලයේ දැන්වීම් පුවරුව ගසා ඇත්තේ අත්සන් කරන ලේඛණය තබා ඇති ස්ථානයේමය.

නම අත්සන් කරන අතරතුර මම පුරුද්දට මෙන් නව දැන්වීම් ඇත්දැයි නිකමට බැලුවෙමි. රතු පැහැ පුවරුවේ සුදු පැහැයෙන් දිළුණේ එක් දැන්වීමක් පමණි.

“මගේ ආදරණීය පුත්‍රයා වන දිනුක මුහන්දිරම්ගේ අවමංගල්‍යයට සහභාගී වූ, ශෝක පණිවිඩ එවූ සියළු කාර්යාල සගයන්ට මගේ ස්තුතිය පිරිනමමි-රැජිනි මුහන්දිරම්”

[උපුටාගැනීමකි] [සියළු අයිතීන් රචකයා සතුය]

Facebook Link

[QUOTE="sanjeewa.per85, post: 25984534, member: 575931"] මාස දෙකක් ගතවිය. මා කාර්යාලට ගියේ වෙනදාට වඩා ආසාවෙනි. මගේ ඇදුම් වෙනදාට වඩා ලස්සන කරගැනීමට මට වුවමනා වූ අතර උදෑසන කාර්යාලයට යාමට පෙර ඩෙවිඩ් ග්‍රෑම් සෙන්ටර් වෙතින් කඩචෝරු ගැනීම මගේ නව පුරුද්දක් බවට පත්විය. මගේ සිත පිළිගැනීමට අකමැති වුවත් මේ වෙනසට හේතුව වූයේ දිනුක මුහන්දිරම්ය. ඔහුද මට ඉතා ප්‍රිය කළ බව මම දැන සිටියෙමි. රන් කූඩුවක සැපට හැදුණු කුරුල්ලකු වන ඔහුට සමීප අය ඉතා අඩු වන්නට ඇත. මේ තරම් කෙටි කලකින් ඔහු මට එතරම් සමීප වන්නට ඇත්තේ එහෙයිනි. දැන් ඔහු පෙර තරම් නිහඩ නැත. තමන් තවමත් විෂාදයට ප්‍රතිකාර ගන්නා බව ඔහු පැවසුවේද සාමාන්‍ය කතාබහක් අතරතුරදීය. මා ඒ ගැන හෝ ඔහුට අහිමි වූ පෙම්වතිය ගැන කතා නොකරන්නට පරිස්සම් වීමි. ගීත, චිත්‍රපට, පොත්, මිතුරන්, සිහින, අරමුණු අපේ නිමක් නැති කතා වලට හේතු විය. නමුත් කුමක් හෝ හේතුවකට මගේ විවාහය හෝ විදේශගත සැමියා ගැන කතා නොකළ බව අද සිතන්නේ පසු තැවිල්ලෙනි. ඔහුගේ සමීප බව අඩුවේ යැයි මගේ යටි සිතේ සැකයක් හේතුවෙන් මා එසේ නොකියන්නට ඇත. ගැහැණු සිත ඇතැම් විට ගැහැණු අපටම වටහා ගත නොහැකිය. ----------------------------------------- තම තුරුණු පුතා තවත් තරුණියක හා සැළකිය යුතු කාලයක් සුහදව තනිව ගෙවන බව රැජිනි මැඩම් නොතැකුවේ මන්දැයි මට ඒ කාලයේ බොහෝ විට සිතිණි. නමුත් ඇය මා දුටුවේ විවාහක, සාමාන්‍ය පෙනුමක් ඇති ලිපිකාරියක ලෙස මිස තරුණියක ලෙස නොවන බව මට ඒ සැනින්ම සිහිවිණි. ----------------------------- බෝඩිමේ සමන් පිච්ච වැලෙන් මල් ගෙනගොස් කාර්යාලයේ පිවිසුම අසල ඇති බුදුරුවට තැබීම මගේ පුරුද්දකි. මල් කිහිපයක් ගෙන ගොස් මගේ කාර්යාල මේසය මත තබාගන්නේ දවසම ඒ මිහිරි සුවදේ රැදී වැඩ කළ හැකි බැවිනි. දිනක් දිනුක ඔහුගේ පරිගණකයේ තිරයේ ඡායාරූපය වෙනස් කර ඇති බව මම දුටුවෙමි. එහි වූයේ සුදු මල් කිහිපයක් දිගු කරගෙන ඉන්නා යුවතියකගේ අතකි. “ළමයා දියුණු වෙලා නේ. මල් ගන්නද යන්නේ” මා ඇසුවේ විහිළුවටය. “හැමදාම මල් ගෙනාවට තාම මට දුන්නේ නෑ. දෙනකම් මම බලාගෙන ඉන්නේ අත් දෙකෙන්ම ගන්න” නොසිතූ පිළිතුරෙන් ගොලුවූ මට කතා කරගත හැකි වූයේ නැත. මම මද වෙලාවක් නිහඩව සිට වෙනත් කතාවක් පටන් ගත්තෙමි. නමුත් දින ගණනාවක් යන තුරු තනිවූ වේලාවල ඒ දෙබස සිහි කර රස විදි බව අද සිහි කරන්නේ මහා දුකකිනි. -------------------------------------------------- කොරියාවේ සිටින නවීන් නිවාඩුවට මාසයකට ලංකාවට පැමිණීමට පෙර අප දෙදෙනා තායිලන්තයේ සංචාරයට සැළසුම් කළේ වසර මුල සිටය. මා දෙසැම්බරයේ නිවාඩු දැම්මේ එහෙයිනි. මා නිවාඩු යෑමට ආසන්නයේ දිනුකගේ සිමා විභාග පැවැත්වුණු බැවින් ඔහු කාර්යාලයට ආවේ නැත. මම නිවාඩු ගැන කියන්නට ඔහු එනතුරු බලා සිටියෙමි. හදිසියේ ඔහු කාර්යාලයට පැමිණීයේ මම නිවාඩු දින කිහිපයට මගේ වැඩ භාර දෙන නයෝමි සමග රැජිනි මැඩම්ගේ කාමරයේ සිටියදීය. “කුමලි ඔක්කොම පාස්වර්ඩ් මටත් දීලා යන්න.” “හරි මැඩම්.” “කුමලිගේ හස්බන්ඩ් දැන් අවුරුදු කීයක්ද කොරියා? අප සිටිනා නිසා මවගේ මේසයට අසලට නෑවිත් රැදී සිටි දිනුක තිගැස්සෙනු ඇස් කොනින් මට පෙනුණි. “අවුරුදු හතරයි මැඩම්” මම පිළිතුරු දුන්නේ හඩ නොනගාය. “දැන් සෙට්ල් වෙන්න හිතන්න කුමලි. මැරි කරලා වැඩිය දෙපැත්තේ ඉන්න එපා. තාම ඔයාලා තරුණ ළමයිනේ. අනවශ්‍ය ප්‍රශ්න එනවා ඔහොම ඈත් වෙලා ඉන්න ගියාම.” මම ගල් වී තිබූ මුව මදක් විහිදා සිනහවක් පෑවේද දිනුක නැවත හැරී කාමරයෙන් පිටවූයේද එකටය. “අනේ මේ ළමයගේ වැඩ නම්. මේ ආවා කියන්නෙත් නෑ ගියා. විනාඩි දහයක් ඉන්න කියන්න කුමලි ගිහින් මාත් දැන් එනවා කියලා.” ඔහු පසු පස ගිය මම පඩිපෙලේ අත් වැටෙන් එබෙද්දී ඔහු සිටියේ පහළ මාලයේය. “මැඩම් ඉන්න කිව්වා ටිකක්.” හැරී වේගයෙන් පඩි බැසීමට පෙර ඔහු ඉහළ බැලුවෙන් ඔහුගේ මුහුණේ වූ කැළඹීමද දෑසේ කෙටී තිබූ වේදනාවද මට හොදින් පෙනිණි. “ඉන්න” මා කියද්දීද ඔහු නොපෙනී ගොස් අවසන්ය. මම නැවත කාමරයට ගොස් ඔහු ගිය බව පැවසීමි. මගේ සිත තිබුණේ බෙහෙවින් කැළඹීය. මා බොරු කළ බව දිනුක සිතන්නට ඇත. ඔහු එය කෙසේ භාර ගත්තාදැයි මට දැනගන්නට ඉඩක් තිබුණේ නැත. ------------------------------------------------------- එදා රෑ ගුවන් ගමනට බඩු අස් කරද්දීද ලොකු අයියා පැමිණ මා ගුවන් තොටුපළට කැදවා යද්දීද මා සිටියේ සිත් තැවුලෙනි. වසර මුල සිට ආසාවෙන් බලා සිටි ගමන නවතා ලංකාවට වී ඉන්නට ඇත්නම් යැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. ගුවන් යානයේදී පවා මගේ සිත මහා බරකින් පිරී තිබිණි. තරු පිරි අහස පෙනෙන කවුලුවක් ආසන්නයේ හිදගත් මම බොහෝ වෙලා ඈත බලා සිටියෙමි. යානය ගුවන් ගත වන විටද ඈත් වන මව්බිම සමග සිහියට නැගුණේ දිනුකය. නින්ද නොයන බැවින් මම පොරෝනයද පොරවා චිත්‍රපට බලන්නට පටන් ගතිමි. පාසල් කාලයේ මගේ ප්‍රියතම චිත්‍රපටයක් වූ වීර් සාරා එහි විය. සාරා වීර් හා ගත කරන කාලයේදී තමන් විවාහ ගිවිස ගෙන ඇති බව ඔහුට නොකියයි. ඔහු එය දැනගන්නේ ඇය කැදවා යාමට ඇගේ පෙම්වතා දුම්රියපළට පැමිණි විටය. එය නොකීමෙන් ඇය විශාල වරදක් කළ බව වීර් කියන විට මට දිනුක සිහි විය. අදෝනාවක් වැනි “දෝ පල් රුකා” ගීතය ඇරඹීමට පෙර මම තිරය නිවා දැම්මෙමි. උසස් පෙළ සිංහල පොතේ පිටුපස පිටුවේ මේ ගීතයේ තේරුම මා ලියා තිබූ බව මට සිහිවූයේ එවිටය. “මොහොතකට අපේ සිහින කරත්ත එකිනෙක පසුකරගියා පමණයි. දැන් ඔබ කොහේද මම කොහේද අපේ හදවත් කතා කළේ මොහොතකට පමණයි ඉන්පසු ඔබ ඔතැන මම මෙතැන” -------------------------------------------------------- ස්වර්ණභූමි ගුවන් කොටුපලේ මා පිළිගැනීමට සිටි නවීන්ගේ දෑතට මැදිවූ පසු මට හැඩුම නවත්වාගත නොහැකි විය. ගුවන් තොටුපලේ බොහෝ දෙනා නැවතී අප දෙස බලා සිටියේද ඡායාරූප ගත්තේද පෙම්වතුන් යුවළක් සෑහෙන දිනකින් හමුවූ බව සිතමින් විය යුතුය. තරයේ මා වැළදගෙන බොහෝ වෙලාවක් සිටි නවීන් මා සනසන්නට බොහෝ දේ කීවේය. නමුත් මගේ හැඩුමට සැබෑ හේතුව කුමක්දැයි ඔහු දැනසිටියේ නැත. අපේ හෝටලය තිබුනේ බැංකොක් නුවර සාප්පු සංකීර්ණවලට ආසන්නයේමය. අශ්ව කරත්ත වැනි ටැක්සි රථ වල යමින් යම් යම් දේ මිලට ගමින්, මාර්ගය අයිනේ කඩවලින් කමින් අපි නිවාඩුව ගෙවා දැම්මෙමු. දින දෙකක් බැංකොක් නුවරින් පිටත පන්සල් ආදිය බලන්නට වෙන් විය. සැනකෙළි ස්වරූපයයෙන් දින ගත වුවත් මේ කාලය පුරාවට මගේ සිත මහා කළුවකින් වැසී තිබිණි. මට කාර්යාල මිතුරන් අමතා අසන්නට දෙයක් තිබුණේ නැත. -------------------------------------------------------------- ආපසු ඒමට දින දෙකක් තබා අපි නෑයින මිතුරන්ට තෑගි තෝරන්නට උත්සුක වූවෙමු. මිතුරියන්ට තෑගි ගත් පසු දිනුකටද යම් සුළු දෙයක් ගත යුතු බව මම නවීන්ට කීවෙමි. “අපෝ ඌට පොඩි දෙයක් අරන් දීලා බෑ. මම ඩියුටි ෆ්‍රී එකෙන් චිවාස් රීගල් බෝතලයක් අරං දෙන්නම්. පහුගිය කාලේ මම කනක් ඇහිලා හිටියේ ඌ හින්දනේ. නැත්නම් ඔය කතා ඔක්කොම රෑට ෆෝන් එකෙන් මම අහන්න එපැයි” මා හා දිනුක හොද මිතුරන් ව සිටි බව දැන සිටි නවීන් කීවේ සිනාසෙමිනි. “යන්න අනේ” කෙසේ හෝ ඔහුට ලස්සන තේ කෝප්පයක්ද රැජනි මැඩම්ට වැඩ දැමූ කණ්නාඩියක්ද ගෙන මම අසුරා ගත්තේ මිතුරියන්ට ගත් පසුම්බිද සමගය. ---------------------------------------- ලංකාවට ගිය දින උදයේ මට රැකියාවට යන්නට තිබිණි. මා සූදානම් වූයේද පිටත් වූයේද චකිතයෙනි. දිනුක පැමිණියහොත් සාමාන්‍ය පරිදි කතා කරන්නටද ඔහු අමනාපයෙන් නම් කිසිත් නොකියා ඈත්ව සිටින්නටද මම තීරණය කර සිටියෙමි. රැජිනි මැඩම්ගේ උපදෙස් පරිදි අපේ කාර්යාලයේ දැන්වීම් පුවරුව ගසා ඇත්තේ අත්සන් කරන ලේඛණය තබා ඇති ස්ථානයේමය. නම අත්සන් කරන අතරතුර මම පුරුද්දට මෙන් නව දැන්වීම් ඇත්දැයි නිකමට බැලුවෙමි. රතු පැහැ පුවරුවේ සුදු පැහැයෙන් දිළුණේ එක් දැන්වීමක් පමණි. “මගේ ආදරණීය පුත්‍රයා වන දිනුක මුහන්දිරම්ගේ අවමංගල්‍යයට සහභාගී වූ, ශෝක පණිවිඩ එවූ සියළු කාර්යාල සගයන්ට මගේ ස්තුතිය පිරිනමමි-රැජිනි මුහන්දිරම්” [උපුටාගැනීමකි] [සියළු අයිතීන් රචකයා සතුය] [URL='https://www.facebook.com/groups/atampahiya/permalink/4768658293206919']Facebook Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom