දික්කසාද ගැහැණිය සමාජ අසම්මතියක්ද?

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    දික්කසාද ගැහැණිය සමාජ අසම්මතියක්ද?

    141.jpg


    දික්කසාදය කියලා කියන්නේ අද කාලේ හැටියට නම් එතරම් ගනන් ගතයුතු දෙයක් නොවෙයි. මොකද විවාහය තරමටම දික්කසාදයත් මේ වනවිට සාමාන්‍ය කාරණයක් බවට පත් වෙලා. අපේ රටේ කලා ශිල්පීන්ගේ විවාහ ජීවිත දෙස බැලීමේදී ඒ කාරණය මනාව ඔප්පු වෙනවා. වසර ගණනනාවක් ආදරය කරලා විවාහ වුණත් ඇතැම් අයගේ විවාහ ජීවිත පවතත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ වසර දෙක තුනක් පමණයි. මේ විවාහවලට වගේම දික්කසාදවලටත් මාධ්‍යවලින් ලොකු ප්‍රචාරණයක් ලැබෙනවා. ඉතිං මෙවැනි සිද්ධීන් ඉතාමත් ඉක්මනින්ම සමාජ ගත වෙනවා. මොකද ඔවුන් ජනප්‍රිය පුද්ගලයන් නිසා. ඒ වගේම තමයි අප්‍රසිද්ධියේ දික්කසාදවන සමාන්‍ය මිනිසුන්ගේ විවාහ ජීවිත කොයිතරම් නම් ඇතිද. හැබැයි මේ හැම දික්කසාදයකටම සාධාරණ හෝ අසාධාරණ හේතුවක් තිබෙනවාමයි. ඔබ මේ කොයි තත්වයේ සිටියත් දික්කසාද පිරිමියෙකුට කොහොම වුණත් දික්කසාද වුණු ගැහැණියෙක්ට සමාජය තුළින් එල්ලවන පීඩනය ඉතාමත් දරුණුයි. ඒබව පසුගිය කාලයේ දික්කසාද වූ ඇතැම් නිළියන්ගේ ජීවිත දෙස බැලීමේදී ඔබට තේරුම් ගන්න පුළුවන්.ඉතිං ඔබ නිළියක් වුවත් ඔබ සාමාන්‍ය ගැහැණියක් වුවත් මේ තීරණය ගැනීමට යම් දිනක සිදු වුවහොත් ඔබටත් එම පීඩනය දරා ගැනීමට සිදු වෙනවාමයි.

    දික්කසාද ගැහැණියට සමාජ අසම්මතියක සේ සැලකීම අපේ සමාජ ක්‍රමය තුළ අතීතයේ සිටම දකින්නට ලැබෙන දෙයක්. නමුත් ඇත්තටම දික්කසාද වෙන එක වැරදි දෙයක්ද? අපි කතාවටත් කියනවනේ “එකට ඉන්න බැරි නම් අයින් වෙන එක හොඳයි” කියලා. එහෙනම් ඇයි වෙන් වුණාට පස්සේ ඔවුන්ගේ ජීවිතවලට මේ හැටි ගරහන්නේ.

    අපි කොච්චර ආදරය කරලා විවාහ වුණත් නොගැලපීම් කියන දේවල් අපි හැමෝගෙම ජීවිතවල තිබෙනවා. ඒ වගේ සමහර දේවල් කොයිතරම් ගලපගෙන ජීවත් වෙන්න උත්සාහ කළත් ඒ අවස්ථාවන් අපෙන් මගහැරිලා යන්නේ ඉඹේටම වගේ. අපි හැමෝටම කියන්න ලේසි විවාහය කියලා කියන්නේ නොගැලපෙන තැන් ගලපගෙන එකිනෙකාගේ අවබෝධයෙන් සහ විශ්වාසයෙන් ඉදිරියට යා යුතු ගමනක් කියලා. නමුත් ඒ තත්වෙටත් පත් වෙන්න පුළුවන් බොහොම ටික දෙනාටයි. අපි කොච්චර උත්සාහ කළත් කවදාවත්ම නිවැරදි කර ගන්න බැරි වැරදි අපි හැමෝගාවම තියෙනවා. අන්න ඒ දේවල් එකිනෙකාට දරා ගන්න බැරි වුණු තැන්වලදී තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. සමහර පවුල් තුළ ස්වාමියා බේබද්දකු සේ හැසිරෙනවා. බිරිඳට දරුවන්ට යක්ෂයන්ට වගේ වඳ දෙවා. එවැනි තත්වයක් පවතින කාන්තාවක්‍ට දික්කාසද වීමට අවසර තිබුණත් ඇය එම තීරණය ගතහොත් ඇයට සමාජය තුළ ජීවත්වීමට අවශ්‍ය කරන මානසික පරිසය අපි විවිධ සමාජ සම්මුතීන්ගෙන් අහුරා දමලා තියෙන්නේ. ඒනිසා අපි දික්කසාදය කියන දේ තවමත් පිළි ගන්න කැමති නැහැ. යම් කෙනෙක් එම තීරණය ගත්තත් එය පළි ගන්න කව්රුත් කැමති වෙන්නෙත් නැහැ.

    අපි හැමෝම ආදරය කරන්න පටන් ගන්නේ සැලැස්මක් ඇතුව නෙමෙයි. ඉතිං අපි කොච්චර ආදරය කරලා විවාහ වුණත් ආදරය කියනදේ විවාහයකින් පුසුව වුවුද තවත් කෙනෙකු කෙරේ අපේ හිත්වල ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඒ කෙනා විවාහ කර ගැනීමට පර විවාහයෙන් දික්කසාදවීමට තිරණය කිරීම පිළිකුලෙන් හෙළා දැකිය යුතු කාරණාවක් නොවේ. එවැනි සම්බන්ධතා සමාජය විසින් අනියම් ඇසුර ලෙස අර්ථගන්වනවා. විවාහ වී සිටියදීත් තවත් කෙනෙකුට ආදරය කිරීම සමාජය සම්මත යැයි පිළි ගන්නේ නැහැ. එය නිවැරදි දෙයක් ලෙස පිළි ගන්නත් බැහැ. එවැනි අවස්ථාවලදී තමන් තමන්ගේ තත්වය තේරුම් ගන්න ඕන විදිහ, තමා තමාට සීමාවන් පණවා ගතයුතු ආදරය පිළිබඳව, අසම්මත ඇසුරුවල පළවිපාකයන් ගැන ඕනෑ තරම් ලිපි පලවී ඇති. නමුත් ඔය කියන සමාජ ධර්මතාවලට එකඟව බලහත්කාරයෙන් කෙනෙකු තවත් කෙනෙකු ළඟ රඳවා තබා ගැනීමට උත්සාහ දැරීම පල රහිත ක්‍රියාවක්. මින් මා අදහස් කරන්නේ සමාජය විසින් අනියම් සම්බන්ධතා යැයි අර්ථ ගන්වා ඇති ඒ මානුෂීය බන්ධනය සාධාරණි‍යකරණය කිරීම නොවේ.

    එවැනි සම්බන්ධතාවයක් අනියම්ද සමාජ සම්මත යන්න කියන එක විග්‍රහ කරන්නේ ඔබ ඒ දෙස බලන කෝණයයි. එනම් විවාහ වී සිටියද තවත් කෙනෙකුට ආදරයක් ඇතිවීම ඉතාමත් සාමාන්‍ය සහා සරල කාරණයක්. එය ඉහත කී සමාජ සම්මතයන් , සිරිවිරිත්, කුලධර්ම හෝ ආගම්වාදීව යමින් විග්‍රහ කර බැලුවහොත් ඔබ එයට අසම්මත යැයි යන නම තියාවී. නමුත් ඔබ එහි මානූෂීය තත්වය සලකා බැලුවහොත් කිසිදිනක එයට අසම්මත යැයි නොපවසාවී. දෙනෙකු අතර සිය කැමැත්තෙන් ඇතිවන බැඳීමකට අසම්මත යැයි පැවසීම සාධාරණ නොවේ. බටහිර රටවල මේ තත්වය සහමුලින්ම වෙනස්ය. ඔවුන් තුළ ආසියාතික කලාපයේ රටවලවලමෙන් යල් පැණ ගිය සමාජ සම්මතයන් නොමැත. ඔවුන් මානූෂීය වශයෙන් බොහෝ නිදහස්ය. මෙලෙස කතා කිරීමේදී අපේ සමහර මිනිසුන් කියන්නේ සුද්දට සංස්කෘතයක් කියලා දෙයක් නැති වුණාට අපිට සංස්කෘතයක් කියලා දෙයක් තියෙනවා කියලයි. එහෙමත් නැතිනම් ඒ සුද්දගේ සංස්කෘතිය මේ අපේ සංස්කෘතිය කියලයි. නමුත් ඇත්තම කාරණය නම් මේ කුමන සංස්කෘතියක අයිති වුවද අපි හැමෝම මිනිස්සු යන්නයි.ඉතිං අශාවන් අවශ්‍යතායන් මේ කුමන සංස්කෘතයක වුව ජීවත්වන්නන්ට පොදු වූ කාරණයක්.

    එම නිසා විවාහ වී සිටියදී තවත් කෙනෙකුට ආදරයක් ඇතිවී ඔහුව හා ඇයව විවාහ කර ගැනීමට දික්කසාදයක් සිදු කර ගැනීම සහමුලින්ම වරදක් සේ දැකීම සාධාරණ නැහැ.. එය බොහොම සාදාරණීය වූ චේතනාවක් කියලයි මට නම් හිතෙන්නේ. මොකද ගතින් තව කෙනෙක් එක් බැදිලා සිතින් තව කෙනෙක් එක්ක බැඳිලා සදා කාලිකවම ජීවත් වෙනවඩා වඩා ඔය තීරණය ඉතාමත් යහපත්. නැති නම් දෙනොටම සිදුවන්නේ අසාධාරණයක්. එහෙම තැන්වල තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. අන්තිමට යන කෙනා කෙහොමත් යනවා. නමුත් වැරදි තේරුම් ගැනීමකින් හා කේතියක් හිතේ දරා ගෙන. ඒ නිසා හැංගි හොරා පෙම් කරනවට වඩා නීත්‍යානුකූලව වෙන්වෙලා තමාට අවශ්‍ය කරන කෙනො විවාහ කර ගැනීමට අපි හැමෝටම නිදහසක් තිබිය යුතුයි. ඒ සඳහා සමාජ පරිසරය තුළ නිදහසක් තිබිය යුතයි. වල් වැදීගිය සමාජ සම්මුතීන් තුළ නම් මෙවැනි කාරණාවක් පදනම් කරගෙන දික්කසාද වීම පහත්ම තත්වයෙහිලා සලකනවා. එයට අවශ්‍ය කරන මානසික නිදහස තිබුණත් අපේ රටවල්වල නම් ගැහැණියක් එවැනි තීරණයක් ගැනීම තුළම ඇයට “බඩුව” යන සංකේත නාමය දී සමාජයෙන් අතුගාලම දානවා. එය අසාධාරණ බව දැන දැනම තවදුරටත් එවැනි පහත් මානසික මට්ටම්වලට සිරවී සිටිම කාගේ අණුවන කමක්දැයි ඔබම තේරුම් ගත යුතුයි.

    එම නිසා මේ කුමක කාරණයකට වුව විවාහ වූ දෙදෙනෙකු දික්කසාද වීම අප සමාජ මාතෘකාවක් කර නොගත යුතුයි. ඔබ කොරම් ඉවසගෙන හිටියත් ඔබට ඉන්නම බැරි නම්, ඔබ අසතුටෙන්නම් ඔබ ඔබට අවැසි තීරණය ගන්න. දික්කසාදය කියන තීරණය මත ඔබේ දරුවන් ඒ මේ අත දෝළනය වේවී. එහිදී දරුවන්ට ඔබ විසින් සිදු කරන අසාධාරණයට ඔබ සාධාරණව වගකීමට වග බලා ගන්න. කසාද ජීවිතය තුළ සේම දික්කසාද ජීවිතය තුළත් ඔබට ඉටු කිරීමට වගකීම් හා යුතුකම් කොටසක් පවතිනවා. ඒ දේවල් නිසි ලෙස ඉටු කිරීමට බැඳී සිටිමින් ඔබ ඔබට අවැසි තීරණය ගන්න. මානසික පීඩා විදින ඔබ ඉදිරියේ ලෝකයාගේ අපහාස උපහාස ඔබ අදාළ කර නොගන්න.

    මේ කිව්වේ දික්කසාදයක් සිදුවෙන්න තියෙන ආසන්නතම හේතු දෙකක් තුනක් විතරයි. මෙය කියනව ඔබ ඇතැම් විට මෙයට දොස් නගාවී. නමුත් හදවතින් සේම බුද්ධියෙනුත් දික් කසාදය යන්න දික් කර බැලුවොතින් ඔබටත් මේ දේවල් අඩු වැඩි වශයෙන් තේරුම් යාවී. එවිට දිනක ඔබටත් දික්කසාදය නම් වූ තීරණය ගැනීමට සිදු වුවහොත් ඒ සඳහා අවැසි මානසික නිදහස සේම සමාජීය නිදහසත් යම් තාක් දුරකට හෝ නිර්මාණය වී තිබේවී. නමුත් අපේ ප්‍රාර්ථනය නම් ඔබේ විවාහය සදාකල්හීම පවතීවා යන්නයි.


    උපුටා ගැනීමකි
    https://bit.ly/2QYcmI6
     
    • Like
    Reactions: erozan and dina84

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මෙතන සදහන් කරලා නැත්තේ ළමයි ගැන. හුගක් දෙනෙක් ළමයි නිසා තමයි දිකක්සද්ද නොවී කොහොමහරි ජීවිතේ ගෙනියන්නේ
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මෙතන සදහන් කරලා නැත්තේ ළමයි ගැන. හුගක් දෙනෙක් ළමයි නිසා තමයි දිකක්සද්ද නොවී කොහොමහරි ජීවිතේ ගෙනියන්නේ

    සමජෙ හුග දෙනෙක් පට්ට විදිහට love කරල බැන්ද ගමන් දික්කසාද වෙනවා..ලෝකෙටම පෙන්න wedding එක අරන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දික්කසාද වෙන්ඩ 1000ක් හේතු තිබ්බත් එකට ජීවත් වෙන්ඩ 1 හේතුවක් තියෙනවානම් ආන්න ඒ 1 හේතුව නිසා පවුල් ජීවිතය ගෙනියන එකයි වැදගත් වෙන්නෙ...
     
    • Like
    Reactions: ulta

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මෙතන සදහන් කරලා නැත්තේ ළමයි ගැන. හුගක් දෙනෙක් ළමයි නිසා තමයි දිකක්සද්ද නොවී කොහොමහරි ජීවිතේ ගෙනියන්නේ

    :yes::yes::yes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දික්කසාද වෙන්ඩ 1000ක් හේතු තිබ්බත් එකට ජීවත් වෙන්ඩ 1 හේතුවක් තියෙනවානම් ආන්න ඒ 1 හේතුව නිසා පවුල් ජීවිතය ගෙනියන එකයි වැදගත් වෙන්නෙ...

    e mona karumayakda yako :rofl::rofl:
     
    • Like
    Reactions: ulta